• -10%
    (0)

    කන්ද උඩ ගින්දර

    Rs. 1,575.00

    ළැම ගින්න දරාගන්න බැරුවාමයි මයෙ දෙයියෝ තුන් තිස් පැයේ ලැව් ගින්නේ පිච්චෙනවා ගං ඉවුරේ පියවර ලකුණු මැකී යන්නෙ නෑ ගල් බෙයඳේ සිරියහනේ පුසුඹ දැනෙනවා රළු පරළු යෝධ ගල් බෙයඳේ රජ බිසෝ සිරි යහන සසැඳේ ගඟ වැටුණු මලිනි ගෙල බැන්දේ පති පතිනි කුල දහම් වින්දේ හුන්නස්ගිරිය කන්දේ මහතලා මයෙ හුස්ම වින්දේ සෙංකඩගලට දුර වැඩිදෝ මයෙ පියවර දිග මදිදෝ හිමි සඳුනි මයෙ රජුනි පති කුලේ ගින්දරයි තනි යහනේ නින්ද නෑ මයෙ දෙයියෝ…….

  • -20%
    (0)

    කොළපාට ඇස්-May December Romance

    Rs. 1,280.00

    ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්‍රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.

  • -20%
    මගේ කුලුඳුල් පෙම්වතිය
    (0)

    මගේ කුලුඳුල් පෙම්වතිය

    Rs. 1,200.00

    දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්‍රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප්‍රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප්‍රේමය – වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන

    – උපුල් ශාන්ත සන්නස්ගල

  • -15%
    (0)

    ලෝවීනා – loveena

    Rs. 1,403.00

    “මට උඹ ගැන කැක්කුමක් නැත්නම් තවත් වදවෙන් නැතුව උඹ කැමැති මිනිහෙක් එක්ක පලයං ….
    තම නැන්දම්මාගේ මුණ දිහා එක දිගට ටික වේලාවක් බලා සිටි කිරි අන්තිමට ඇයට කීවේ තව කල්පයක් කල් ගෙවුණත් සසිරා හැර වෙන කිසිම මිනිහෙකු සමඟ තමා නිදාගන්නට යන්නේ නැති බවය.
    කන්යාවියක් විදිහට මැරුණත් මං එයත් එක්කම ඉන්නවා…. මේ විදිහට ඇගේ කන්යා භාවයට කිසි හානියක් නොවී තවත් වසර කීපයක් ගත වුණේය. හිටි අඩියේ ඇය අසනීප වුණේ ඔය අතරය. සැබැවින්ම එය අරුම පුදුම අසනීපයක් විය.

  • -20%
    (0)

    වස්සාන සිහිනය

    Rs. 960.00

    ප්‍රේමයේ නිදහස හෙවත්

    ස්වයංවරයට එරෙහි ව

    පවතින ආර්ථික කොන්දේසි

    ප්‍රශ්න කිරීමක් මෙන් ම

    ප්‍රේමයෙන් ආතුරවීම උදෙසා

    මිනිසා තුළ වන

    මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද

    ‘වස්සාන සිහිනය’ තුළ දැකිය හැකි ය.

  • -20%
    (0)

    වීනස්

    Rs. 1,040.00
    “මම උඹත් එක්ක විවාහ වෙනවා කෙල්ලේ, දවසක අපි අපිව පිළිගන්න දෙවි කෙනෙක් ළඟට ගිහින් සුදු පාට මගුල් ගවුමක් ඇඳලා විවාහ වෙමු. ඊට පස්සේ මේ වගේ ලස්සන පළාතක පුංචි ගෙයක් හදාගෙන ජීවත් වෙමු”
    මම සිප ගනිද්දී එයා එක දිගටම කියවන්න ගත්තා. හරියට ඒ සේරම එයා ගොඩක් කාලෙක ඉඳන් හිතාගෙන හිටියා වගේ.
    “ඊට පස්සේ”
    මම ඇහැව්වා.
    “ඊට පස්සේ, අපි දරුවෙක්ව හදාගන්න ගමු”
    “මම කළුයි. ඔයා සුදුයි. ඉතින් මොනවගේ දරුවෙක්වද අපි හදාගන්න ගන්නේ?” “ඔයාගේ පාට… මම කැමතියි උඹේ පාටට, මගේ සමන්තාගේ පාටට”
  • -20%
    (0)

    සුසුමක් අද්දර – Susumak Addara

    Rs. 880.00
    “මොකද
    තමුසෙ හොරගල් අහුලනවද?”
    ඇගෙන් උත්තරයක් තිබුණෙ නෑ. ඇය කලේ
    සුසුම් පිට කරපු එක.
    “ඇයි පාරට ආවෙ? මං ඉන්නවද බලන්නද…..?”
    ඒ ප්රශ්නයටවත් ඇගේ ළඟ උත්තරයක්
    නැති හැඩයි. ඔහු ඇයව තමන්ගෙ
    පැත්තට කේන්තියෙන් හරවගත්තා.
    “කතා කරනවා….”
    “ගේ…ට් එක ලොක් කර…..න්න”
    “ඇත්තට….? තමුසෙ වෙනදත් ගේට් එක
    ලොක් කරන්නේ මෙහෙමද? ගේට්ටුව
    ඇරලා, පාර දෙපැත්ත බලලා,කොණ්ඩෙ මේ
    රෝස පඳුරෙ පටලවගෙන….. එහෙමද?
    “අනේ…… යන්න දෙන්නකෝ…..”
    “බෑ…. යන්න දෙන් නෑ.. ආවා නම් එළිවෙනකම් මාත්
    එක්ක මෙහෙම ඉන්නවා අද.”