• -20%
    (0)

    යලි උපන්නී – yali upanni

    “ඔයාලට දැන් ඉතින් කුරුණෑගලට මාරුවක් ලැබුණු හින්දා කොහේවත් යන්ට ඕනෑ නෑ. මල්පිටියේ පල්ලිය ළඟ මගේ අක්කර කාලක විතර ඉඩම් කෑල්ලක් තියෙනවා. ඒකේ ගෙයක් හදාගෙන පදිංචි වෙන්ට ” ඒ වුණාට මහම්මේ අපි නං කල්පනා කෙරුවේ. අලව්ව – නාරම්මල පාරේ ඔයාලා ළඟින්ම පදිංචි වුණොත් හොඳයි කියලයි. මොකද දන්නවද? අපේ මහත්තයා බැංකුවේ කරන රස්සාවේ හැටියට එයාට මුළු දිස්ත්‍රික්කය පුරාම ශාඛා වලට යන්ට වෙනවා. එහෙම වුණාම ළමයි දෙන්නටයි මටයි කරදරයක් නැතුව ඉන්ඩ පුළුවන් වෙන්ට එපායැ ” අනේ මන් දන්නෙ නෑ. ඔයාලට කැමැත්තක් කරගන්ට දුවේ. මට ඉතිං ඔය කොයි දේපළ තිබ්බත් වැඩක් නෑනේ. මං කාට කියලා ඕවා දෙන්නද? මං මැරිලා යනකොට අරගෙන යන්ටයැ ” ” පරම්පරාවක් පහව යයි. තවත් පරම්පරාවක් බිහි වෙයි. එහෙත් පොළොව සඳහටම පවතී ” කියා ජේසුස් වහන්සේ සොලමන් රජ්ජුරුවන්ට දෙවැනි සියවසේ දී පැවසුවේ ද මේ න්‍යාය ධර්මයට අනුව විය යුතුය. |

    Original price was: Rs. 650.00.Current price is: Rs. 520.00.
  • -20%
    (0)

    හැටේ දශකයේ අපූරු මිනිස්සු – Hete dashakaye apuru minissu

    බැලුමත් බේරා ගෙන ජලයත් හිස් කළ යුතුයැයි මට සිතුණි. මා කාමිනී පිලිබදව කටයුතු කළ යුත්තේ ද එලෙසය. නොඑසේ වුවහොත් බැලුම පුපුරා ජලය ද විසිරි ගොස් හානියක් වන්නා සේ කොයි සමොහොතක හෝ මා ව්‍යසනයට පත් වන්නට පුළුවන. කාමනි පිළිබඳව මා තුළ ඇති අදහස පැවසිය හැකි එකම පුද්ගලයා චරිත සේනය. ඔහු මට හිතවත්ය. වාහනයක් ඉතා වේගයෙන් අප පසු කර ගෙන ගියේය. එයින් එක දිගටම නිකුත් වුණු නළා හඬත්, ඇවිස්සුණු දුවිල්ලත් අපට අපහසුවක් ගෙන දුන්නේය. මේ සැරේ යුනිව සිටි එක්සෑම් එකේ තත්වේ කොහොම සිටීද චරිතෙ ? “ඔයා අහන්නේ විභාගෙට කොයි විදිහෙ ප්‍රශ්න එයි කියලද ? ඔව්. ඔව්. අපි නම් දැන් සිලබස් සේරම කවර් කරලයි ඉන්නේ. ඒ වුණාට සිලබස් එකෙන් පිට ප්‍රශ්නත් අහයි ද දන්නෑ නේද? එහෙම කරන්ට බෑ සේකර. ඒවා විභාග ආචාර ධර්ම වලට පටහැනියි. නීති විරෝධීයි. එහෙම දෙයක් සිද්ධ වුණොත් විභාග දෙපාර්තමේන්තුවට විරුද්ධව නීති මඟින් කටයුතු කරන්ටත් පුළුවන්. ඒක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. ඔහුගේ පැහැදිලි කිරීමෙන් පසු මම සතුටට පත් වුණෙමි. එතෙක් මා හිතා සිටියේ අප විභාගයෙන් අසමත් කොට විශ්ව විද්‍යාලයට තෝරා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කර ගැනීමට විභාග දෙපාර්තමේන්තුව සටකපට වැඩ පිළිවෙලක් අනුගමනය කරනවා ඇතැයි කියාය.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 400.00.
  • -20%
    (0)

    අසූවේ දශකයේ ප්‍රේම කතාවක් – Asuwe dashakaye prema kathawak

    “මෙහෙට ආපු මුල් දවසෙම මට හිතුනා මීට කලින් සාලිය කෙහෙදි හරි දැකලා නියෙනවා කියලා.”

    මේ සංසාරේ කොහෙදි හරි අපි දෙන්නා මුණගැහිලා ඇති මාලා, සංසාර ගමනේදී අනන්ත අප්‍රමාණ වාරයක් මවක් ලෙසත්, බිරිඳක් ලෙසත් මිනිසුන්ට ගැහැණුන් හමුවෙනවා කියලා විශ්වාසයක් තියෙනවනෙ. ” “අනේ මං දන්නෙ නෑ, සමහර විට එහෙම වෙන්ඩ ඇති. ඒ කොහොම වුනත් හැන්දෑවට ගෙදර ගිය වෙලාවේ ඉඳලා මට ඔයාව මතක් වෙනවා සාලිය, හවස ගෙදර ගිය වෙලාවෙ ඉඳල පහුවදා කන්තෝරුවට එනකම්ම මං ඉන්නේ හරිම කම්මැලිකමෙන්, කතා කරන්ඩවත් කෙනෙක් අපේ බෝඩිමේ නෑනේ සාලිය, එහෙම පාළුවේ කාන්සියේ ඉන්නකොට මට නිතර නිතර ඔයාව මතක් වෙනවා.” ” ඔයාට කතා කරන්ඩවත් බෝඩිමේ කෙනෙක් නැත්නම් යමු අපේ බෝඩිමට “ඔයාට පිස්සු!” පිස්සු නොවෙයි. මං කියන්නෙ ඔයාට දැනෙන පාලුව මටත් දැනෙනව මාලා. මගෙ ජීවිතේටම කා ගැනවත් ඇති නොවුණු විදියෙ ආදරයක් මට ඔයා ගැන හිතෙනව. මං දන්නෙ නෑ ඒක ඇති වුනෙ කොහොමද කියල.” මා එසේ කියද්දී ඇගේ දෙනෙත කඳුලින් පිරී ගියේය. ඒවා සතුටු කඳුළු විය යුතු යැයි මට සිතුණි. කෙසේ නමුත් ඇය ඒ කඳුළු මගෙන් වසන් කරන්නට උත්සාහ කළාය. ඉස්සර නිතරම ප්‍රමාද වී කාර්යාලයට යන්නට පුරුදු වී සිටි මම මේ සුන්දර කාන්තාව නිසා දැන් නියමිත වේලාවටත් කලින් එහි යන්නෙමි. හවස ඇගෙන් වෙන්ව කාර්යාලයෙන් පිටව යන්නෙත් නොගොස් බැරි නිසාය. හදවතේ ගැඹුරුම තැනින් මතු වු ආදරයේ පණිවුඩය මගේ දෙනෙතින් ඇය වෙත යොමු වුණේය.

    Original price was: Rs. 450.00.Current price is: Rs. 360.00.
  • -20%
    (0)

    ජාතිවාදී සහෝදරයෙක් – jathiwadi sahodarayek

    අවලස්සන මිනිස්සු. එයාල අහිංසකයි.

    සීතා ගැන මට ඉමහත් දුකක් ඇති විය. ඇගේ ස්වරූපයේ මිනිසුන් වෙනුවෙන් ඇය දරන මතයට අනුකම්පා කළ යුතුය.

    ඒක ඇත්ත සීතා.” “ඒක ඇත්ත කියලා, මයා කියන්නෙ මං කියපු නිසානෙ. එහෙම නැතුව ඔයාට එහෙම දෙයක් හිතුනෙ නෑනෙ.” මම නිහඬ වුණෙමි. ඇය පැවසුවේ ඇත්තකි. මා ඇගේ අදහසට එකඟවූවා මිස කැත මුහුණක් ඇති ගැහැණු ලස්සන වැඩ කරන බව පිළිගන්නට මට උවමනාවක් නැත. මගේ පරමාර්ථය වූයේ අහිංසක ඇගේ හිත නොතැලීමය.

    ” සිරිදාස දන්නවද අත පය හොඳට තියෙන අයට වඩා අන්දයින්ටයි, ගොළුවන්ටයි පැහැදිලි ඉවක් තියෙනව කියලා.’ ” ඔව් මං අහල තියෙනවා.” ඇස් අන්ද කෙනෙක් එක්ක කතා කරපු කෙනෙක් නැවතත් දීර්ඝ කාලෙකට පස්සේ කතා කළොත් අන්ධය අහනව මේ අහවලා නේද කියලා. ඒ තරමට ඔහුට කටහඬ මතකයි.” “ඒ වගේම කලින් ගමන් කරපු තැනකින් නැවත යනකොට අහනව මේ අහවල් තැන නේද කියලා. ඒක ආශ්චර්යක්.” ඇත්තටම ආබාධිතයන් ගැන මෙතරම් විස්තරාත්මක කරුණු මා දැන නොසිටි අතර ඒ පිළිබඳ සීතාගේ දැනුම හා අවබෝධය ගැන පුදුම වුණෙමි. ඇය ආබාධිතයෙක් නොවන මුත් විරූපි මුහුණක් ඇත්තියකි. එහෙයින් ඒ පිළිබඳව ඇය සමඟ කතා කිරීම ඈට වේදනාවක් වනු ඇතැයි මට සිතුණි.

    Original price was: Rs. 650.00.Current price is: Rs. 520.00.
  • -15%
    (0)

    I.D

    මුළු ගමම එය දැන ගත්තේ ඇසළ පසළොස්වක පෝය දා උදෑසන අටයි දහයටය. අස්සජි නායක ස්වාමීන් වහන්සේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් උපාසික උපාසිකාවන් පංච ශීලයේ පිහිටුවා එදින ධර්ම දේශනාවට නියමිත බණ පදය කියන්නට සූදානම් වුවා පමණි. පන්සලේ ඇබිත්ත කොලුවාගේ උස් හඬ ධර්ම ශාලාවේ ඈත කෙළවරින් උන්වහන්සේට ඇසුණේය. ‘විමලරත්න මහත්තය මරල දාල. මුල්ම බණ පදය කියන විට අස්සජි ස්වාමීන් වහන්සේට එය පැහැදිලිව ඇසුණේ නැත. ඒ නිසා උන්වහන්සේ අප්පමාදෝ අමත පදං’ යනුවෙන් වදාරා ඊළඟට පමාදෝ මච්චුනෝ පදං’ යැයි දේශනා කළේ සැකයෙන් යුතුවය. එහෙත් පන්සලේ ඇබිත්ත කොලුවා අර වචන කීපය ධර්ම ශාලාවේ ඈත සිටි කෙනෙකුට උස් හඬින් පවසන විට උන්වහන්සේ අප්පමත්තා නමීයන්ති’ වෙනුවට මොකද්ද සරත් කිව්වේ’ යැයි ප්‍රශ්න කළහ. එවිට තුන්වෙනි වරටත් ඇබිත්ත කොලුවා අර වචන කීපය කෑ ගසා පවසන හඬ ධර්ම ශාලාවේ කෙළවරින් ඇසිණි. ඒ සමඟ විමලරත්න මහත්තය මරල දාල ?’ යැයි මයික්‍රෆෝනය දෙදරවමින් උන්වහන්සේගේ හඬ රැව් පිළිරැව් නැඟුණේ යේ පමත්තා යථා මතා’ නම් හතරවන බණ පදයට පෙරය.

    Original price was: Rs. 1,650.00.Current price is: Rs. 1,402.50.
  • -20%
    (0)

    සුර අසුර යාමය – sura asura yamaya

    අහසේ නැඟෙනහිර අන්තයෙන් නැඟි සඳ පාළුවට ගිය හොරණ – කළුතර පාරේ තම දුබල රැස් දහර අතුරා තිබුණේ අතරින් පතරය. පාර දෙසට නැමුණු අතු ඉති සඳ එළියට පාර මුවා කිරීමේ වරද ගැන වගේ වගක් නැතුව ඔහේ බලාගෙන සිටියේය. සිරිතක් ලෙසින් හැමදාම රෑට පාළු පාර සිය නිදි යහන බවට පත් කර ගන්නා වියපත් සුනඛයාටද ඒ ගැන හැඟීමක් තිබුණේ නැත. පාර අඩ අඳුරේ පැවැතීම ඔහුගේ නින්දට ඇප උපකාර කරන සත්කාර සේවාවක් බව මේ සුනඛ තෙමේ දැන සිටියේය. ස්වකීය පරපුරේ චිරාගත සම්ප්‍රදාය අනුව අපේක්ෂිත නිදියහන් සීමාව වටා තෙවරක් පැදකුණු කළ සුනඛයා අනතුරුව පාර මැද වකුටු සෙයියාවෙන් වැතිර ගත්තේය. තනිකම ශීතලය. තනිකමේ ශීතල අද වෙනදාටත් වඩා දැඩිව ඔහුට දැනේ. ඔහු සිත සංකාවෙන් බරය. ඇස අගින් ගිලිහුණු කඳුළු බිඳුවක් ඔහුගේ වියපත් කම්මුල මතින් ගලා හැලුණේය.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.
  • -10%
    (0)

    අකුරු – Akuru

    එයාගේ නම ගිලියන්. ගිලියන් අවුරුදු හතක පොඩි දැරියක්.

    මේ දැරිවිට එක තැනක එක විදිහකට ඉන්න බෑ විනාඩි පහක්. අපේ භාෂාවෙන් කිව්වොත් පුදුම ගායක් තියෙන්නේ. ගිලියන් ඉස්කෝලෙ යන්නෙ නිවෙස කිට්ටුව තියන පිළිගත් පාසැලකට. තමන්ගේ පංතියේදිත් හැම විනාඩි හතර පහකටම සැරයක් ගිලියන් තමන්ගේ පුටුවෙන් නැගිටිනවා…. ඉස්සරහට යනවා…. ආපහු එනවා…… ඇඹරෙනවා…. අතපය දික්කරනවා. පංතියේ ගුරුවරිය කොයි තරම් කිව්වත් අහන්නෙ නෑ. මේක පංතියේ හැමෝටම කරදරයක් වෙනවා. ගුරුවරු හැමදාම අවවාද කරනවා…. පහදල දෙනවා… දඬුවම් දෙනවා…. පංතියෙන් එළියට දානවා… දණ ගහල තියෙනවා. කිසි දෙයක් හරි යන්නෙ නැහැ. සමහර ගුරුවරු කරුණාවන්ත වෙනවා වැඩි වැඩියෙන්. තෑගි… චොකලට් වගේ දේවල් දෙනවා… ඒත් කිසි දෙයක් නිවැරදි වෙන බවක් පේන්නෙ නෑ. සමහර අවස්ථාවල පන්තියේ ගුරුවරු මේ දැරිවිව්ව විදුහල්පති ළඟට එක්කන් යනවා……..ගෙදර අම්ම තාත්ත එක්ක කතා බහ කරනවා. මේ හැසිරීම ගැන දැනුම තියන උපදේශකයන් ගෙන්නල උපදෙස් ගන්නවා….. ඒත් විසඳුමක් නෑ. හැම අවස්ථාවකම ගුරුවරු දෙන උපදෙස් ගිලියන් ඔළුව වනල පිළිගත්තත්, ඒ එකක්වත් තේරුම් ගත් බවක් පේන්න නැහැ. ඒ මදිවට මේ පුංචි එකී ගෙදර ගිහාම ගෙදරින් දඬුවම් විඳිනවා….චාරයක් නෑ… එක තැනක ඉන්න බෑ… ගෙදර හැමෝටම මදි පුංචි කමක් කියලා.

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.
  • -10%
    (0)

    නාදුනන ඇමතුම – Nadunana amathuma

    ඇය උදුරා ගත්තාය. ඇමැන්ඩා මෙන්ම නෙළි ද එය විසන්සි කිරීමට උත්සාහ කළද ඇයට ද එය කල නොහැකි විය. ඇමැන්ඩා පැවසූයේ සත්‍යයකි. එය විසන්ධි කිරීම කළ නොහැක.

    “අන්න සර් එනවා…”

    ඔවුන්ට ඉදිරි පේළියේ සිටි ඔවුන්ගේ තවත් එක් මිතුරියක් වූ රුබී කෑගැසුවේ අනතුරු ඇඟවීමටයි. දුරකථන භාවිතා කිරීම සපුරා තහනම් කර තිබෙනා පන්තියක් තුළ, තම නීතිගරුක මිතුරිය; ඇමැන්ඩා, ඇගේ දුරකථනය විසන්ධි නොකර තබාගෙන සිටීම රුබිට ද ගෙන ආවේ පුදුමයකි. නීරස ගණිත ගැටලුව පසෙකලා ඇය තම පූර්ණ අවධානය වේගයෙන් ඔවුන් දෙසට පැමිණෙන ගුරුවරයාටත්, දුරකථනය විසන්ධි කර ගැනීම සඳහා තවමත් ඔට්ටු වන තම යෙහෙළියන්ටත් යොමු කළාය. දීර්ඝ අඩි තබමින් ළඟාවෙන ගුරුවරයා දකිත්ම අද තම යෙහෙළියන්ගේ අවසානය බව රුබි තීරණය කළාය. ඇය මෙන්ම මුළු පන්තියම සිතුවේ එලෙසයි. තම ගුරුවරයා වන පාකර් මහතා මෙවැනි වරදකට කිසිවිටෙකත් සමාව නොදේ. අඩුම තරමේ ඔහුගේ දේශනාවක් අතරතුර කෙඳිරීම හෝ ඔහු නුරුස්සයි.

    Original price was: Rs. 625.00.Current price is: Rs. 562.50.
  • -20%
    (0)

    ශ්වේත කළුවර – Shewatha kaluwara

    සරු..නැගිටින්න සරු … මට මෙහෙම කරන්න ඔයාට බෑ.

    දෙයියන්ගෙ නාමෙන් නැගිටින්න, සරු – සරු…

    නිදි යහනේ උඩුබැලි අතට හැරී සිටින සරෝජ් දෙනෙත් පියාගෙනම හඬ තළයි. ඔහුගේ නළල රැලි වී දෙපස තැනින් තැන ඩා බිඳු මතු වී ඇත. දෑත් දෙපා දරදඬු තරගනිමින් ඔහු කෑගසන්නේ උගුරෙනි. කෙතරම් කෑගැසුවද තම හඬ පිටතට නොයන බවක් සරෝජ හට දැනේ. මුව ගොළු වී ඇති සෙයති. හඬද දුර්වලය. මුවින් හඬක් පිට නොවන වග දැනගත් හේ වඩාත් හඬ නගා කෑගසන්නට උත්සාහ කළේය. සුදු පැහැති රෝහල් ඇඳ මත උඩුබැලිව නිදා සිටියේ ඔහු මුළු හදින්ම පෙම් කළ තරුණියයි. ඇගේ ගෙල පාමුල හරහට වූ කැපුම් තුවාලයකි. ඒ දෙනෙත් තදින් පියවී ඇති අතර ගෙල මුල වූ තුවාලයෙන් ගලා ආ රුධිරයෙන් කොට්ටය තෙතබරිත කරවා ඇත. සරෝජ් ඇය වැලඳ ගත්තේ ඇගේ සිරුර තම පුළුල් ළයට තදින් තෙරපා ගනිමිනි. නමුදු ඕදැය් නොහැරියාය.

    Original price was: Rs. 990.00.Current price is: Rs. 792.00.
  • -10%
    (0)

    තීහාතා

    මේ අපේ ආදර කතාවේ අවසානයේ ආරම්භයයි.

    “ඔයා මට ආදරේ නම් මට යන්න දෙන්න

    ගීත් නින්දෙන් නැගිට හරි බරි ගසා එරමිණිය ගොතාගෙන මා අසලින් වාඩි ගත් දිව්‍යා, මියුරු ස්වරයෙන් කුරිරු උදාන ගීයක් ගැයුවා. උදේ පාන්දර නින්දෙන් නැගිටුවා කණට ගැහුවා වගෙයි මට දැනුණේ. ඈ ඊයේ රෑ නවතපු තැණින් පටන් ගෙන. ඔයාට නැති වෙලාවට ඉන්නයි, පුළුවන් වුණාම යන්නයි මම අනාථ නිවාසයක් කියලා හිතුවද? ” තරහව ප්‍රකාශ කිරීම ඵල රහිත බැව් දත් නමුත් නිශ්ඵල දේ හෝ ඵලදායි වෙතැයි සිතන තත්ත්වයකට පත්වෙලා උන්නේ මම. “ඔයා අනාථ නිවාසයක් නෙවෙයි හිර ගෙදරක්. ඔයාගේ කුඩුව ඇතුළේ මට සතුට ආරක්ෂාව ඇති කියල ඔයා හිතනවා. එහෙම නෑ. ඔයා මට සැලකුවෙත් හිරකාරයෙකුට වගේ ” දිව්‍යාං අපේ මාළිගාවට ප්‍රහාරයක් දියත් කර එය සුණු විසුණු කර දමා එහි රජ වෙලා උන්නු මාව අනාථ කර දැම්මා. දිව්‍යා එදා ගේට්ටුවෙන් ඇතුළු වුණේ නම් යුද්දෙකට එනව වගේ ‍නෙවෙයි. මුව පුරා ආදරබර හිනාවක් පුරෝගෙන. වෙනදට කෙළින්ම කාමරේට එතනින් නාන කාමරේට, ඊළඟට බල්ලා ගාවට ගිහින් අවසානෙට මා ගාවට එන මගේ අපූරු පෙම්වතිය. එදා දොරෙන් ඇතුළු වී සාලයෙන් වාඩි වුණේ හැමදාම කරන පුරුද්දට වගේ. මම දන්නවා ඇය තකහනියක්ම ආවේ ඇයි කියලා.

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,215.00.
  • (0)

    අදෘෂ්‍යමාන

    “අදවත් ඔයාට බෑනෙ ඕකෙන් ටිකක් අයින් වෙලා ඉන්න…

    මට නම් දැන් එපා වෙලා තියෙන්නෙ ……

    සිතට නැග ආ නොරිස්සුම වචන බවට පෙරලා, ජෙරාඩ්ට ඒ වචන වලින්ම දමා ගැසූ ඉනෝකා කාමරයෙන් පිට වෙන්නට දොර හැරියාය. ජෙරාඩ් කළේ ඇය දෙස බලා යන්තමින් සිනා සී නැවතත් ලැප්ටොප් පරිගණකය දෙසට නෙත් යොමා ගැනීමය. ජෙරාඩ්ගේ හැටි එහෙමය. ඉනෝකා විහිළුවකට කියන දෙයකත්, තරහවෙන් බණින බැණුමකත් ඔහුට ලොකු වෙනසක් නැත. ඒ කෝකටත් ඔහු දක්වන ප්‍රතිචාරය එකකි. ඒ. ඉනෝකා කියන සියල්ල සිනාවකින් බාරගෙන, නිහඬව සිටීම පමණකි. ඔහුගේ ඒ සන්සුන් ප්‍රතිචාරය, ඉනෝකාගේ කෝපය තවත් වැඩි කරවන්නකි. පෙරටත් වඩා කේන්තියෙන්, ඉනෝකා කාමරයෙන් පිටවූයේ මහ හඬක් නැගෙන සේ දොරත් වසාගෙනමය. එළිමහන සීතලය. ඉවසන්නට බැරි තරම් සීතලය. ඉනෝකාට මේ සීතල නුහුරුය.

    Rs. 550.00
  • -10%
    (0)

    බිෂෝප් -Bishop

    දෙවනුව මම මගේ අම්මා, අප්පච්චි, අයියා සහ අක්කාට විශේෂයෙන් ස්තුති කළ යතුයි. ගෙදර අයගේ ශක්තිය සහ රැකවරණය මේ පොතට වගේම මගේ ජීවිතයටත් විශාල පිටුවහලක් වුණා. එසේම ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ සියලුම වසරවල මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට හදවතින්ම ස්තූති වන්ත වෙනවා. ඔවුන්ගේ අගය කිරීම්, ඔවුන් ලබා දුන් ධෛර්ය මා හට දැවැන්ත ශක්තියක් වුණා. එසේම මිලින්ද සාලිය, මහේෂ් නිලංග, හංසි කොමදී, හර්ෂණ නදීප යන මගේ ආදරණීය හිතවතුන් විශේෂයෙන් සිහිපත් කළ යුතුය. ඔවුන් සියලු දෙනාම මේ කතාව අවසාන අදියරට රැගෙන ඒමට විශාල උපකාරයක් සිදු කළ ආකාරය මා හට සැමදා සිහිපත් වනු ඇත. තවද මේ වෙනුවෙන් අලුත් අදහස් සහ තොරතුරු ලබා දුන් ප්‍රගීත් සුපුන් නාලින්ද, ලසන්ත ගිහාන් සහ හෂාන් චින්තක යන මගේ ප්‍රාණ සම මිතුරන් තිදෙනාටද මාගේ ගෞරවය සහ ස්තූතිය ලබාදීමට කැමතියි.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 720.00.
  • -10%
    (0)

    නිදුක්ඛා – nidukka

    කොළඹට ඇද හැලෙන්නේ හදිසි වැසි ය. ‍ඉක්මන් වැසි ය. කලබලකාරි වැසි ය. කල්තියා දැනුම් නොදෙන වැසි ය. ගිණිගහන අව්වේ කඩි මුඩියේ කොළඹ පුරා නොයෙක් දේ වල නියැලී ඉන්නා මිනිසුන්ට ඒ කඩිමුඩිය අඩියෙන් දෙකෙන් ඉවර කරවන හදිසියේම ඇද වැටෙන වැහි දියට සාප කරන්නෝ ද ආල කරන්නෝ ද අඩු නැතුව සිටිති. කලිසම් කමීස පිළිවෙළකට ඇඳි යෞවනයෙක් තම අතින් හිස ආවරණය කරගෙ සෙවණක් සොයනායුරු දැකි සදෙව්නාට ඉබේම සිනහවක් පහළ විය. සිනහවත් සමඟින්ම පිස්සෙක් කියා ද සිතුනි. නමුත් ඇයගේ සිනහවත් සිතුවිල්ලත් වියැකී යන්නට ගත වූයේ බෙරේ වැවට ඉහළ අහසේ ඇඳී මැකී ගිය අකුණු රේඛාවකටත් වඩා සැනෙකිනි. ඈ වෙත කොතැන සිට කී දෙනෙකුගේ ඇස් බැල්මන් යා වී ඇද්දැයි ඇය නොදත්තාය. හුස්මක් ගෙන තත්ත්පර තුනක් පමණ ළය මත නවත්වා ගෙන සිටි ඈ හුස්ම හඬක් පිට නොවන්නට සෙමින් පිට කළාය. සුඛෝපභෝගි සීතල නුවර – කොළඹ බස් රථයේ ටින්ටඩ් වීදුරුවකින් පිටත බලා උන් සදෙව්නා එක් දිනකටවත් මේ කලබලකාරී වටපිටාවෙන් මිදී යන්නට ලැබුණු සතුට සැහැල්ලුවක් කොට ගෙන අත්විඳ ගන්නටත් පැකිළුණාය.

    Original price was: Rs. 1,590.00.Current price is: Rs. 1,431.00.
  • -10%
    (0)

    බැද්දේගම

    මහා මුහුදටත් කඳු වැටි වලටත් අතර පහත රට තැනිතලා ප්‍රදේශයක පිහිටි ගමකි බැද්දේගම. ඒ අවටින් වුයේ ඝන කැලෑවකි. මෙසේ, කැලෑවට- බැද්දට – මැදිවී සිටි හෙයින් ඒ ගමට බැද්දේගම යන නම ඉබේ ම ඇති වුවකි. මහ මුහුදක් සේ පෙනුණු ගම වටා පිහිටි වන රොද නිසා ඈත උතුරෙන් වූ කඳු වැටි උස් වූ පවුරු බිතක සිරිය ඉඳුරා පළ කෙළේ ය. උණුසුම් වාතය ද උතුරු, නැගෙනහිර, දූවිලි ද වියළී පොඩි වී ගිය දඬු පත් ද පිසගෙන ආ වන හඳ ගම පුරා පැතිර සිටියේ ය. හැම දෙසින් ම දකුණු, බස්නාහිර යන සිව් දෙසින්ම – ඈත නිල්වන් කඳු වැටිය දක්වා ද මෑත මහ මුහුද දක්වා ද පැතිර ගිය මහ වනයෙහි ම ය ගමෙහි මුල හා අග ද වූයේ. ගම වනයෙන්ම පටන් ගැනී වනයෙන් ම කෙළවර වූයේ ය. වනය, ගම වට කරගෙන. ගමට ඉහළින් ද වැඩෙමින් ගම තද බද කරගෙන සිටියේය. ගෙ මිදුල් හා එළි මහන් තැන් අකුල් කර ගෙන මැටි ගෙවල් මිරිකා ගෙන මං පෙත් අවුරා ගෙන වනය හාත්පසින් ම වැඩුණේ ය. ගම සම්පුර්ණයෙන් වනබත් වීම වළක්වා ගත හැකි වුයේ අවුරුදු පතා කැති පොරෝ වලින් පහර දී පහත් කර දැමීමෙනි. එය ගම වටා පිහිටි ජිවමාන ප්‍රාකාරයකි .

    Original price was: Rs. 675.00.Current price is: Rs. 607.50.
  • -10%
    (0)

    ශ්වේත රථ – Shewtha ratha

    එහෙනම් පුතා ඇතුළට යන්න. මම එක්ක යන්න එන්නම්… මොකද බැරි…? හොඳ ළමයි ඉගෙන ගන්න ඕනි. “නැ… මට පැණි මුරුක්කු ඕනි… ඊයෙත් අරන් දුන්නේ…? “ඉතිං ඊයෙන් ඉගෙන ගත්තේ…? අම්මා ගේ මුවගට හිනාවක් නැගුණි. මෙහෙම කටකාර පුංචි දඩබ්බරයෙකු ගෙන් අම්මා කෙසේ නම් බේරෙන්නද? අදත් ඔහු පෙර පාසලේ හිඳ ඉගෙනුම ලබනු දැකීමට නම්, මේ අල්ලස ලබා දිය යුතුව ඇත. අයියේ….දෙන්නකෝ ඔය පැණි මුරුක්කුවක්. බේරුමක් නෑ නේ ද? මං ආයෙත් කඩේට පැණි මුරුක්කු ගේන්නෙ නෑ…” “සීයා කියන්නෙ බොරු….සීයා ඒම කරන්නෙ නෑ…. සීයා මට ආදරෙයි නේ…” මුරුක්කුව අතට ගත් පොඩි එකා කීවේ උඩ පනිමින්ය. ඔක් කොමලගේ හුරතලය නිසා තමයි මේ…..

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,620.00.
  • -20%
    (0)

    ගම්භාරේ -Gambare

    තම ඇඳුම් කැඩුම් ටික බහාලූ කොට්ට උරය අතට ගත් ඕ සෙමෙන් සෙමෙන් කාමරයේ ජනේලය වෙත පැමිණියාය. කවදත් මුළු ගෙදරම ජනෙල් දොරවල් අගුළුලන රූප සීලි එදා හිතාමතාම තම කාමරයේ ජනේලයේ අගුළු දැම්මේ නැත. ඒ මේ මැදියමේ විවෘත කර තම ඉරණම් ගමන යන්නට ඇය කල් තබා ම තීරණය කර සිටි නිසාය. සෙමෙන් ජනේලය විවෘත කර ඇය සීරුවෙන් ජනෙල් පඩියට නැඟ ගත්තාය. දෑතට බර දී බිමට රූරා වැටුන රූප සීලී හාත්පස විමසිල්ලෙන් බැලුවා ය. එහෙත් සන කළුවර විනා කිසිවක් ඇගේ ඇසට හමුවූයේ නැත. “සවරියෙල් අයියා ඇවිත් නැද්ද? ඇය තමාටම කියා ගත්තාය. මිදුලේ කොනක වූ ඇට්ටේරියා පඳුර ළඟ ඇන තබාගෙන සිටි සවරයෙල් නැඟී සිටියේ කළුවරෙන් මතු වූ යෝධයකු ලෙසිනි. අඩියට දෙකට රූප සීලී වෙත පැමිණි ඔහු ඇගේ අතින් අල්ලා ගත්තාය. හා හෝ බෑ නොකී රූපසීලී ඉබේම සවරියෙල් පසු පස ඇදුණාය.

    Original price was: Rs. 400.00.Current price is: Rs. 320.00.
  • -10%
    (0)

    කුරුලු හදවත – Kurulu hadawatha

    දෙවැනි සැරේ විභාගෙ ප්‍රතිඵල ඇවිල්ලා කියල ආරංචි උනාම සුදු කලිසමයි කමිසෙයි දඩිබිඩියෙ ඇඳ ගත්ත දිනසිරි ඉස්කෝලෙට බයිසිකලේ පැද්දා. මේ නිල ඇඳුම නිසාද ඒ නිල ඇඳුම් ඇඳ ගත්ත අය ඉන්න ඉස්කෝලෙ නිසාද ලැබෙන නිදහස අදින් අවසන් වන බවක් ඔහුගෙ හිතේ පිරිලා. ඔහු හරි. විභාග දෙපාර්තන මේන්තුවත් හරි. ඔහු එවරත් අසමත්. තමන් අසමත් වීම දරා ගන්නට සමත් යැයි හිතාගෙන ප්‍රතිඵල බලන්න ගියත් අසමත් බව තමන්ම හිතා ගන්නව වගේ නෙමේ කවුරු හරි තමන් අසමත් බව කොළේක මුද්‍රණය කරල තැපෑලෙන් එව්වම දැනෙන හැඟීම. කල්පනාවෙන් බරව ගෙදර එන අතරෙ ඔහුට මතක් උනේ ඔහුගේ යාළුවන්ට ගිය අවුරුද්දෙත් මතක් උන දේ. ඒ තමයි හමුදාව. අසමත් කොල්ලන්ට තමන් සමත්කම් ඇති කොල්ලො කියල පෙන්නන්න තියෙන හොඳම අවස්ථාව: හමුදාව. විභාග දෙපාර්තනමේන්තුවයි හමුදාවයි අතර රහස් ගිවිසුමක් තියෙනවා වගේ දෙපාර්තමේන්තුව අසමත් කරන අය හමුදාවට බඳවාගෙන ඔවුන්ගේ සමත්කම් මතු කරලා පෙන්නනවා. දින සිරිත් හිතුවා ඒකම තමයි විසඳුම කියලා. ඔහු බයිසිකලේ වැල්ලව තැපැල් කන්තෝරුව පැත්තට හැරෙව්වෙ දිග ලියුම් කවරෙකුයි මුද්දරේකුයි ගන්න.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.
  • -10%
    (0)

    හතුරු හිතක් – Hathuru hithak

    අම්මා මෙන් හැම කාන්තාවක් ම පතිවතත්ය. කුසුම් මෙන් හැම යුවතියක් ම කන්‍යාවක් ය. සියලු වනිතාවෝ සීතාවෝ ය. ඔව්හු පවිත්‍රය. නොකලැල් ය. නොකිලිටි ය. එක් වයසක දී පොදුවේ ගැහැනිය පිළිබඳ මාගේ දර්ශනය වූයේ එයයි. ලෝකය හා ජීවිතය ගැන සිතන්නටත් කිසියම් අවබෝධයක් ලබන්නටත් පටන් ගත් අවදියේ මා ඇය දෙස බලන්නට පුරුදු වුයේ එබඳු ඇසකිනි. මගේ මේ මතය සැකයට භාජනය වන ආකාරයකින් ස්ත්‍රිය ගැන සිතන්නට තුඩු දුන් සිද්ධියක දී හෝ ප්‍රවෘත්තියක දී හෝ මම අතිශයින් සසල විමි. එහි දී සැබෑ ජීවිතය ය ප්‍රබන්ධයක් යයි වෙනසක් නොවුණා තරමි. නව කතාවක් නාට්‍යයක් හෝ චිත්‍රපටියක් වැනි කලාත්මක නිර්මාණයක වුව ද ස්ත්‍රියක වරදක අසුවන්නට යන තැන දී මම දැඩි ලෙස නොසන්සුන් වීමි. ඇය අන්තිමට නිරුද්‍රිත වුණා නම් මට ඇති වූ සැනසීම ඉමහත්. ඉදින් යම් ලෙසකින් ඇය පාපයට ගොදුරු වුණු කල මම වේදනාවකට මෙන්ම කලකිරීමකට ද පත් වීමි. අතවරයකට පත් යුවතියක ගැන පොත පතකින් හෝ කියවන කල මා තුළ ලොකු බියක් – මේ විපත ම තවත් කෙනෙකුටත් වීමට ඉඩ ඇද්දැයි අනියත බියක් – පහළ විය. මා බිය වූයේ කවරකු සඳහා දසි මම නොදත්තෙමි. ඕ මා දැන සිටි කිසියම් තැනැත්තියක් නොවුවා ය. ආරක්ෂා කර ගත යුතු යැයි මා විසින් සිතන ලද අදෘශ්‍යමාන අජිවමාන යුවතිය මුළු ස්ත්‍රී වර්ගයාගේම සංකේතයක් සංකල්පයක් පමණි. ළමා වියේ සීමාවන් පසු කරන අපි එක් අවධියක දී ලෝකය හා ජීවිතය ගැන සිතන්නට මෙන් ම කතා කරන්නට ද පටන් ගනිමු. වැඩිහිටි ලෝකයේ අභ්‍යන්තරය පිළිබඳව ඉවක් විනා අවබෝධයක් නොවුණු ඒ නො මේරූ සිතින් අප ගැහැනිය දෙස බැලුවේ ඇය ගැන අප විසින් කලින් ඇති කර ගන්නා ලද ආකල්පයන් පදනම් කරගෙනය.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.
  • -20%
    (0)

    අසීමා – Aseema

    කබායේ සාක්කුවලට දෑත් ඔබාගෙන ආත්ම විශ්වාසයෙන් බිම බලාගෙන සිටිය ඇය වටපිට නොබලාම රථයට ඇතුළු වුණා. අසුන් ගත් සැණින් මුහුණ ආවරණය කරලා තියෙන කළු පාට සළුව ඉවත් කරද්දී රථයේ ඉන්න හැමෝම ඇය දිහා බැලුවා. මනබන්දනීය සුවඳකින් සහ මනස්කාන්ත ආලෝකයෙන් රථය පිරිලා. නිවි නිවී දැල්වෙන්වෙන පාට පාට නියෝන් ආලෝක රටාවන් සුව පහසු අසුන්වල වාඩි වෙලා ඉන්න නන්නාඳුනන්නන්ගේ සිරුරු වර්ණවත් කළා. ඇය ඔවුන්ට සිනාවක් පෑවත්, ඒ සිනහව ඔවුන්ට පෙනුණේ නෑ. ඔවුන් කුතුහලයෙන් ඇය දිහා බලාගෙන ඉන්නවා වගේ ඇයට පෙනුණා. පැළඳගෙන ඉන්න වෙස් මුහුණු නිසා මුහුණේ හැඟීම් සහ දැනීම් නොපෙනුණත් සියලු දෙනාම සැබැවින්ම සිනා වෙන්න ඇති කියලා ඇය විශ්වාස කළා. මේ ලිමෝසින් රථය යන්නේ කොහෙටද කියලා කාටවත් කිසිම අවබෝධයක් තිබුණේ නෑ. ක්‍රම ක්‍රමයෙන් දැල්වෙන ගින්නක් වගේ හැමෝම තුළ වර්ධනය වුණේ අමුතු කුතුහලයක්. වෙස් මුහුණු පැළඳ ගත්ත තරබාරු පිරිමින් දෙන්නෙක්, වයසක කාන්තාවක් සහ තවත් තරුණ කාන්තාවක් ඇතුළේ වාඩි වෙලා හිටියා.

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,000.00.
  • -20%
    (0)

    චක්‍රවර්ති – Chakrawarthi

    මඳින් මඳ හැමු සුළං කෝඩයේ දැවටුණු සිහින් හිම කැටිති ජනෙල් වීදුරු වල ගැටෙද්දී නැඟුණු සිරි සිරි හඬ කාමරය පුරා හීන් හඬින් විහිද යමින් තිබූ නන්දා මාලනීගේ මියුරු ගී රාවය යටපත් කරමින් පැතිරෙමින් තිබුණි. ආරතීට ඒ කිසිවක් ඇසුණේ නැත. ඇය සිටියේ පරිගණක තිරයට මුහුණ ඔබාගත් ගමන් මය. ඉරිදා සිතුමිණ හි ශාස්ත්‍රීය අතිරේකයෙහි පිටුවක් පුරා පළව තිබූ ඒ ලිපිය ඒ වන විට තුන් හතර වතාවක් ම නැවත නැවත කියවා තිබූ ඈ කිසියම් ප්‍රබෝධයක්. විස්මයක්, කුතුහලයක් සහ තිගැස්මක් සහිත නොසන්සුන් කමකින් පෙළෙමින් සිටියා ය. පරිගණක තිරයෙන් නැවත නැවත කියවීම අපහසු වූ හෙයින් අන්තර් ජාලයෙන් බාගත කළ ඒ පුවත්පත් පිටුවේ මුද්‍රිත පිටපතත් සිය කුඩා ප්‍රින්ටරයෙන් ලබාගත් ඇය එය කියවමින් ම යාබද ව ඇති පැන්ට්‍රිය වෙත ගොස් යහමින් කිම් දැමූ තවත් කෝපි බඳුනක් සාදා ගත්තාය. අවධාරණ කියවීමක දී කෝපි මඟින් ලැබෙන උත්තේජනය ප්‍රාණවත් ය. එය තොල ගාමින්, ඇවිදිමින්. හිඳ ගනිමින්, නැවත නැවත කියවමින්, ඒ ලිපිය සමඟ තම මතකයන් ගළපමින් ඈ අතීතයේ කිමිදෙන්නට වූවාය. හිමාංකයට ආසන්න උෂ්ණත්වයක වූ ඒ දෙසැම්බරයේ උදෑසන සීතල ද යටපත් කරමින් නැවුම් උණුසුමක් ඇයට දැනෙමින් තිබිණි.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.
  • -10%
    (0)

    ප්‍රේමානිශංස – Premanishansa

    අවලෝකිතේශ්වර බෝසතුන්ගේ අභය මුද්‍රාවෙන් පෙනී සිටින ලෝකඩ පිළිමය පොත් රාක්කයේ ඉහළ මාලයේ අවකාශයට යම් අරුතක් පුරවමින් එහි හරි මැද වැඩ සිටී. ඒ බරැති පිළිමය යට විභූති පැකට්ටුවකි. ඒ දෙකම දෙවාරයකට ඒවා පවත්නා තැන්හි තැන්පත් කළේ මා නො වේ. ශ්‍යාමිය. ශ්‍යාම් කුමාරස්වාමිය. මවිසින් මගේ කර ගැනීම සඳහා නැවත නාම ගැන්වුණු නිරූය. අවලෝකිතේශ්වර පිළිමය කෞතුක වස්තුවකි. නිරූ මා සමඟ ජීවත්වන තාක් කල් එහි කාල වකවානු නො වීම සන්න යැයි ඈ මට සොඳුරු නියෝගයක් කළාය. එය සිය භක්තිය නම් ප්‍රාණය කැවූ තමා සතු වටිනා ම අජීවී වස්තුව යයි ඇය පැවසූ බව මගේ මතකයේ ගලේ කෙටූ ඉරක් මෙන් රැඳී පවතී. පුරා වස්තු විකුණන කඩයක විකිණෙන්නට නියමිතව වැඩ සිටි උන්වහන්සේ ශත වර්ෂාධික කාලයක් පැරණි බව නම් කිව හැකිය. ඒ වන විටත් නීතියට අනුව පුරා වස්තු රටින් පිටමං කිරීම මිස, පුරා වස්තු මිලදී ගැනීම, විකිණීම හෝ තමා සන්තකයේ තබා ගැනීම ශ්‍රී ලංකාවේ බලපවත්නා නීතියට අනුව වරදක් නොවන බව ඇයත් මමත් දැන සිටියෙමු.

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,215.00.
  • -20%
    (0)

    කැලණිවැලි Express – Kelaniweli express

    කොළඹ කොටුව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය තව ස්වල්ප වේලාවකින් පළවෙනි වේදිකාවට ළඟා වනවා ඇත. එම දුම්රිය නවත්වන්නේ කොට්ටාව, පන්නිපිටිය, මහරගම, උඩහමුල්ල නුගේගොඩ, නාරාහේන්පිට, කොටාරෝඩ්, බේස්ලයින්, මරදාන යන දුම්රිය ස්ථානවල පමණි.” කෝච්චි වලට පණ තියෙනවා. කෝච්චියේ එන්ජිමට, පෙට්ටිවලට හුස්ම ගන්න පුළුවන්. අපි හොඳට කන්දීගෙන හිටියොත් ඒ හුස්ම ගන්න සද්දය විතරක් නෙමෙයි නාඩි වැටෙනවත් ඇහෙනවා. ඒක ඒ තරම් සජීවී සහ සංවේදී දෙයක්. මේ කෝච්චියේ පෙට්ටි එකකට එකක් සම්බන්ධ වෙන්නේ නහර වැල්වලින්. ඒ නහර ඇතුළෙ තමයි ලේ දුවන්නේ. පෙට්ටිය උඩින් හම් තට්ටුවක් තියෙනවා. ඒ හම එක එක පාටයි. එතකොට ඒ හමට වැහිලා ඊට යටින් තියෙන මස්වලින් තමයි කෝච්චි පෙට්ටියක් සම්පූර්ණ වෙන්නේ. මස් වලට යටින් තව ඇටකටු එහෙමත් තියෙනවා. එහෙම බලනකොට කෝච්චියක් කියලා කියන්නේ සුවිසල් ජීවියෙකුටයි.

    Original price was: Rs. 850.00.Current price is: Rs. 680.00.
  • -20%
    (0)

    අරාජිකයෙක් ඇවිත් – Arajikayek awith

    2022 වර්ෂයේ මාර්තු මාසයේ රසල්ගේ උපන් දිනයට ඔහුගේ මිතුරිය වූ චමරිගෙන් යුවාල් නෝහා හරාරිගේ ‘සේපියන්ස්’ පොත තෑගී ලැබුණ අතර එය ඔහු නොසිතූ අපූරු තෑග්ගක් විය. රසල් තමාගේ ප්‍රියතම විෂය වූ පුරාවිද්‍යාව පොතකටත් වඩා ආශාවෙන් සහ කැමැත්තෙන් සේපියන්ස් වෙත බැඳුණ අතර සේපියස්ද ඔහුව ග්‍රහණයට හසු කරගෙන සිටියේය. මහා පිපිරුමේදී පදාර්ථ, ශක්තිය, කාලය සහ අවකාශය ඇති වීම පිළිබඳ කතාව භෞතික විද්‍යාව ලෙසත්, පරමාණු සහ අණුවල අන්තර් ක්‍රියාකාරිත්වය පිළිබඳ කතාව රසායන විද්‍යාව ලෙසත්, පසුකාලීනව ජීවය ඇති වීම පිළිබඳ කතාව ජීව විද්‍යාව ලෙසත්, එමෙන්ම හෝමෝ සේපියන්ස් ඇති වීමේ දා සිට ගලා ආ මානව සංස්කෘතිමය කතන්දරය ඉතිහාසය ලෙසත් යනුවෙන් පොත ආරම්භයේදීම විවරණයක යෙදෙන යුවාල් නෝහා හරාරි, ක්‍රමිකව පෘථිවියේ රිද්මය තුළ කියවන්නා සමාධිගත කරන අයුරු රසල්ගේ සිත් ගත්තේය.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -10%
    (0)

    පැණී වළලු 3- Peni walalu 3

    විසාල පිට්ටනියේ අග්ගිස්සට වෙන්න පිට්ටනියට මූණ දාලා තියෙන පැවිලියන් එකේ වම් කෙළවරට වෙන්න උඩට නගින්න පඩි හත අටක් තියෙයි. පඩිපෙළ දිගේ උසටත් දිගටත් යකඩ බට ගහල තියෙයි. ටකරං වහලෙන් වැටෙන වතුර වැටෙන නොවැටෙන ගාණට තියෙන මේ බට උඩ පස්සට වෙන්න පස්ස බර කරලා සමබර කරගෙන අපිත් ඉතිං තෙමිච්ච කුකුළො වගේ ඔළුවෙනුත් තෙත බරි වෙච්ච ඇඳුම් වලිනුත් වතුර බේරි බේරි සට සට ගගා වෙවුල වෙවුලා වාඩි වෙලා වැස්ස දිහා බලාගෙන ඉන්නවා. එහෙම බලන් ඉන්න අතරේ එක එක්කෙනාට ඇඟිල්ල දික්කර කර හිනා වෙනවා. ඇයි හිනාවෙන්නෙ කියල කවුරුවත් දන්නෙ නෑ. මහ හයියෙන් හිනා වෙනවා. වැස්ස පෙනේරයකින් පිටි හලනව වගේ සැර කර කර බාල කර කර අහසෙන් වතුර වත් කරනවා. තණකොළ වැහිලා වතුර පිරිල ඒ වතුර වැවක වගේ රැලි නටවනවා. බටේ උඩින් පැනල කොට කලිසම ඇඳන් ඉන්න ගමන්ම උඩට උණ්ඩි කරල වතුර මිරිකපු කරුණාරත්න ටී ෂර්ට් එක ඔළුවෙන් ගලෝල ඒකෙන් වතුර මිරිකලා ආපහු අඳින්නෙ නැතුව ඔළුවෙ බැඳගත්තා. අපි හැමෝම එහෙම කරා. ඊට පස්සේ එයා “අපි සින්දුවක් කියමු. මොකද්ද කියන්නේ. මේක කියමු. මාගේ පැලෙ අඳුර මකන්න… හිතෙනවා මනාලියක් ගෙනෙන්න……’ කියලා එයාම කියලා එයාම සින්දුවකුත් පටන් ගත්තා. අපි හැමෝමත් ඒක කියන්න පටන් ගත්තා. මං ටොෆි කන්න සාක්කුවේ දාගෙන ආපු රුපියලේ කාසිය සාක්කුවට අත දාලා අමාරුවෙන් හොයාගෙන ඒකෙන් අර යකඩ බටේට තල තල සින්දුව කියන්න ගත්තා. යකඩ බටේට කාසි වලින් තලන සද්දෙන් වැස්සෙ සද්දෙත් ටකරං වහපු පැවිලියන් වහලට වතුර වැටෙන සද්දෙත් හින්දා සින්දුව ඇහෙන්නෙ නෑ, ඒ පාර හැමෝම අඩි හප්ප හප්ප යටි ගිරියෙන් අහසට ඇහෙන්න තරම් හයියෙන් සින්දුව කියනවා. මාගේ පැලෙ අඳුර මකන්න හිතෙනවා

    Original price was: Rs. 1,950.00.Current price is: Rs. 1,755.00.
  • -20%
    (0)

    අපේ ආදර කතාව – Ape adara kathawa

    මාතෘකාව

    අත්‍යවශ්‍යම කියවීම.

    අනුමාතෘකාව

    අකැමැති මිනිස්සු අත් හරින කැමැති, මිනිස්සු වැළඳ ගන්නා ” සිතීමේ ක්‍රමය” ගැන.

    ඔයාලට හොඳ වැටහීමක් ඇති ආදර ගනුදෙනු කිරීම් ගැන. ආදර ගනුදෙනු වල දී විශ්වාසවන්තකම ඉතා වැදගත් සාධකයක්. ඒ කියන්නේ සාමාන්‍ය ගනුදෙනුවල දී මිනිස් ගැටලු වලට කිසිම තැනක් නැහැ. හැබැයි ආදර ගනුදෙනුවල දී විශ්වාසවන්තකමට මාර තැනක් තියෙනවා. ධනේශ්වර නිෂ්පාදන මාදිලිය තුළ වුණත් මනස ක්‍රියා කිරීමේ එක්තරා සීමාවක් තමයි විශ්වාසවන්තකම. සාමාන්‍ය ගනුදෙනුවක දී භෞතික සාධක නිර්මාණය කරන්නේ එක්කෝ විකාර වලින්. නැත්නම් ගූඪත්වය විසින්. හැබැයි සතියට අඩුම වශයෙන් පැයක්වත් ආදර මිනිස් ඇසුරක් තියෙනව නම් කිව්ව සාධකය වෙනස් වෙනවා.

    අන්න ඒ හින්ද මං මෙහෙම කියන්න කැමැතියි.

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
  • -10%
    (0)

    අප්පච්චි ඇවිත් – Appachchi awith

    මගේ සම්පූර්ණ නම මේස්ත්‍රීගේ හිල්වා ගුණවර්ධන. වයස අවුරුදු 48 යි. මම විවාහකයි. විවාහ වෙලා ඉන්නෙ කිත්සිරි ගුණවර්ධන සමඟ. එයා හෙලීස් එකේ වැඩ පරික්ෂකවරයෙක්. ඔව්. අපට දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒ අය දැන් ලොකුයි. මිය ගොස් සිටින සුමාලි මගේ මිතුරියක්. නැහැ. එහෙම කුඩා කාලෙ ඉඳලා තියෙන මිතුරුකමක් නොවෙයි. ඒ අය අපේ අසල්වැසියෝ. ඒ අය ඔය ගෙදරට ඇවිත් දැන් අවුරුදු 12ක් විතර ඇති. ඒ කාලෙ ඉඳලාම අපි මිතුරුයි. සුමාලි වැඩ කළේ බැංකුවෙ. නිස්සංක සේනාධිර කියන්නෙ එයාගෙ ස්වාමි පුරුෂයා තමයි. ඔහු පරිපාලන සේවයේ විධායක නිලධාරියෙක් කියලා දන්නවා. සුමුදු තමයි ඔවුන්ගේ එකම දුව. ඇයට මම හිතන්නේ අවුරුදු 10ක් විතර ඇති. ඇය ඉගෙන ගන්නේ විශාකාවේ. නැහැ. එහෙම ඒ දෙන්න අතර ආරවුල් තිබුණේ නැහැ. සුමාලි කියන්නේ හරි අහිංසක ළමයෙක්. මම හිතන්නෙ නැහැ

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.
  • -10%
    (0)

    මළවුන්ගේ අවුරුදු දා – Malawunge avurudu da

    මගේ මේ කතාව අසා නිම කළ විට මා කෙබඳු කෙනෙකු ලෙස ඔබට හැඟී යා දැයි නොදනිමි. මගේ හදවත ඇති සැටියෙන් දුටුවේ මා කළ කී දේ සියල්ලක්ම දැන සිටි මා පියාණන් පමණි. දෙවෙන්දොරා සං වුව ද මැනවින් මා වටහා ගත්තේ ද කියා මට සැක සිතේ. ඔහු මගේ හදවත දුටුවේ නම් මා මෙසේ හුදකලාව දමා යන්නේ නැත. යළිත් මා වෙත නොඑන්ට යන්නේ නැත. මා දැන් බලා සිටින්නේ මළවුන්ගේ අවුරුදු දා පැමිණෙන තෙක් ය. එදා මා පියාණෝ පෙරළා මොලොවට එති. මේ වර ඔහු රඳවා ගත නොහැකි නම් මම ඔහු කැටුව යන්ට සැරසෙන්නෙමි. නකජිමා සොහොනට ඇතුල්වන්ට මා තුළ වූ ආසාව මම මේ වර සන්සිඳුවා ගන්නෙමි. එපමණකි. මට දැන් ශේෂ වී ඇත්තේ. මා දෙවෙන්දොරා සංට සෑම අනේක වාරයක් කියා යැවුවේ නොපමාව එන්ට කියාය. එහෙත් ඔහු නොආවේ ය. දැන් මා පතමින් සිටින්නේ මළවුන්ගේ අවුරුදු දා නොපමාව පැමිණේවා කියාය. මළවුන්ගේ අවුරුදු දා මගේ ආසා නුසුන් කොට එන බව මම දනිමි. මළවුන්ගේ අවුරුදු දා නොපමාව පැමිණෙතො ම පියාණන් මට නො පමාව හමු විය හැකිය. ඉක්මනින්ම නැවත එතොත් මළවුන්ගේ අවුරුදු දා මටත් නැවත එන්ට ඇහැකි මළගිය ඇත්තන් කැටුව ම මා ක්‍රියා කළ සැටි වැරදිදැයි එවිටම පියාණන්ගෙන් මට ඇසිය හැකි ය. ඔහු හොඳ කෙනෙකු බව මම දනිමි. දෙවෙන්දොරා සං ද මේ වග නිතර කියයි.

    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.
  • -10%
    (0)

    ඩුඕ – Duo

    බුද්ධිට තිබුණේ නැත්තෙ බුද්ධිය චිතරයි. සද්දෙ ඕසෙට. පෙනුම රියනට, හේ කෙතෙක් බුද්ධිමත්දැයි කියත හොත් තුනේ පංතියේදී කොළුවෙකුට ඔලුව පැලෙන්න තඩි බා, දැනගනින් බජාර් එකේ මගේ නම චුට්ටේ කියා තර්ජනය කළා. එකලත් තරමක වලස් පැටියෙක් තරම් විශාල වුණත් එදා ඉඳන් බුද්ධි හුරතලේට ‘චුට්ටේ’ වුණා. එයා කොච්චර හුරතල් පැටියෙක් වුණා ද කිව්වොත් ඒ නිසාම අනෙක් හුරුබුහුටි ළපටියෝ ඇස් රතු කරගෙනම හිටියේ. මේ බෝල බබා ඔරලෝසුවේ කටුවටත් වඩා වේගයෙන් කැරකී අලි බබෙක් වුණා. නමින් චුට්ටේ වුණාට, චුට්ටෙගේ කිසිම දෙයක් චුට්ටියට තිබුණෙත් නෑ. අවලස්සන තරබාරු ශරීර කුඩුවකට උරුම කියපු චුට්ටෙට තිබුණේ ඔළුවත් කඳත් විතරයි. මේ දෙක සම්බන්ධ කළ බෙල්ලක් නම් පෙනුණේ නෑ. උසින් අඩි හයක් විතර වුණු ඔහු පළල අඩු දොරකින් ඇතුළු වුණේ අමාරුවෙන්. කිසිම ලස්සනක් නොතිබුණු ඔහුගේ මුහුණේ ඇස් දෙක කුඩායි. හීනියි. චුට්ටේ කතා කරන කොට ඌරෙක් වගේ ගෙරෙව්වා. කතා කරලා ඉවර වුණාමත් ඒ ඌරු සද්දේ ආවා. චුට්ටෙගේ අම්ම නම් කිවුවේ කොල්ලට හොඳටම සෙම’ කියල. පොඩි අලි පැටියෙක් ගිලපු තරමට බඩ ගෙඩියක් තිබුණු චුට්ටේ, කවදාවත් රූපවාහිනියෙන් නිතර ප්‍රචාරණය කළ බාල ප්ලාස්ටික් පුටුවල නම් වාඩි වුණේ නෑ. විකල්ප සංකල්ප බවට පත් කර එක උඩ තවෙකක් දමා පුටු ඩබල් කර ඉඳ ගත්තා. පුටු ඩබලත් සමගම හිට ගත්තා. චුට්ටේ පාර දිගේ ඇවිදගෙන එද්දී මිනිස්සුන් වැඩි දෙනෙක් අයින් වෙලා ඉඩ දුන්නා. එක්කෝ බයට.

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,215.00.
  • -10%
    (0)

    ලන්තැරුම් එළිය – Lantherum Eliya

    වෙනදා හැමදාමත් විනාඩි පහෙන් ගෙදරට යන පාර අද කොච්චර දුර ද ? මහ පාර ළඟ ඉඳන් ගෙදරට කොච්චර වේගයෙන් දිව්වත් තව ගේ ළඟට ආවේ නෑ. දැන් නම් මට හොඳට ම හනි කෙළ ගිලගනත් බැරි තරමට ම. ” සයිමන් අයියගේ දුව නේද අර යන්නෙ?” ඩිංගිරි මා මගේ මිදුලට වෙලා කමලා නැන්දයි, සුමනා නැන්දයි කතා වෙනවා මට ඇහෙනවා. හැමදාමත් ගමේ කවුරු මුණට මුලිච්චි වුණත් හිනාවෙලා කතා කරන මං, අද නැවතීමක් නැතිව ම ගෙදරට දුවන්නේ මගේ සතුට අම්මට කියන තෙක් ඉවසිල්ලක් නැති නිසාවෙනි. ” පුතේ ඔයා මේ පාර විභාගේ ලිව්වා නේද?” ” කොහොමද ළමයෝ ප්‍රතිඵල ?” ” මම පාස් නැන්දේ.”

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.
  • -20%
    (0)

    ගන්දර කළපුව- Gandara kalapuwa

    වැහිබර සවසක, කළුතර ගාලු පාර අද්දර ගඟසිරි හෝටලයට අමුත්තෙකු ගොඩ වැදුණේය. හෝටලය තුළ වැහි අඳුරේ හිඳ සිටි කීප දෙනා මේ අමුත්තා ගැන කිසි වගක් නැතිව තම තමන්ගේ මේස මත වූ මාළු පාන්, පැටිස්. කලට, සීනි බනිස් හෝ කේක් කමින්, තේ බොමින් වල්පල් දෙඩූහ. එක් මේසයක් අසල තනිවම හිඳ සිටි උපසේන, යන්තම් හිස ඔසවා බලා අමුත්තා ගැන වගක් නැතිව තම කාරියේ යෙදුණේය. අමුත්තා උස මහත අයෙකු බවත්, තද පැහැ දිග කබායක් වැනි ඇඳුමක් ඇඳ සිටි බවත් පමණක් උපසේනගේ මනසේ යන්තම් සනිටුහන් විය. එහෙත් මොහොතකින් ඒ සේයාව මතකයේ මැවි මැකී ගොස්, උපසේන යළිත් තම කෙටි ලිපියට සිත යොමු කළේය. මගේ ෆෝන් එකේ චාජ් ඉවරයි. මේ හදිසියෙ කෙටියෙන් ලියන්නෙ. බොස් මාව නව ටිකකින් පික් කරනවා අපයින්මන්ට් එකට කතරගම යන්න.

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -10%
    (0)

    සංචරණී – Sancharanee

    දන්නවද, මේ ලෝකෙ තියෙන ලස්සනම අකුරු තුන ආදරේලු….

    ඒත්… ඔයා දන්නවද

    ඒ අකුරු තුනට වඩා ලස්සන දේවල් තව කොච්චර ලෝකෙ තියෙනවද කියලා?

    ඒවා දකින්න හැමෝටම බැහැ.

    හැබැයි දන්නවද,

    ඒ ලස්සන ගැවුණ ගෑවුණ හැම තැනකම ආදරෙත් මුහු වෙලා තියෙනවා.

    අන්න ඒකයි ආදරේ හරි ලස්සනයි කියන්නෙ.

    ලස්සන තැන්වල ආදරේ රැඳෙනවා…

    ආදරේ ඇතුළෙ ලස්සන දකිනවා…

    අන්න ඒකයි අකුරු තුනකට පණ දෙන රහස !

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.
  • -10%
    (0)

    යුවතියකගේ ප්‍රේමයක – Yuwathiyakage premaya

    වේලාව මධ්‍යම රාත්‍රී දොළහ පහුවෙන්න ඔන්න මෙත්ත කියලා. වෙනදා නම් දවස තිස්සෙම එක එක කන් කරවල්වලින් පිරිලා තියන නගරෙන් ඒ ඝෝෂාව ටිකක් තුනී වෙන වේලාව. ඒත් එදා ඒකට විවේක ගන්න ඉඩකඩක් තිබුණේ නැහැ. ඒ නිදහස් සමරු ප්‍රදර්ශන කුටි නරඹන්න දස දෙසින් ඇදී ආව යාන වාහන වලින් මිනිසුන්ගෙන් නගරේ පිරි තිබුණ හන්දා. නගරේ විතරක් නෙමේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙක් එදා තිබුණේ කාලෙකින් දකින්න නොලැඛෙන තරමේ ජනාකීර්ණ බවක්. මගී ජනයා එහාට යනවා මෙහාට යනවා ඉවරයක් නැහැ. යාන වාහන ඇති උදවිය ඒවයේ නැගලා අනිත් අයට පේන්ඩ බොහොම උජාරුවට ” රුස්” ගාලා ඉගිල්ලිලා ගියත් යාන්තම් එදාවේල පිරිමහගන්න සාමාන්‍ය ජනයාට ජනතා සන්තකේ පිහිට ඇර වෙන පිහිටක් තිබුණේ නැහැ. වැඩි දෙනෙක් දුර බැහැර ඉඳලා ඇවිත් තිබුණේ අතේ මිටේ යහමින් කාසි පනම් තිබුණ හන්දා නෙමේ. දරු මල්ලන්ගේ කන් කරවිට්ටලෙන් බේරෙන්න බැරිම හන්දයි. නගරේ තියෙන අනේකවත් අරුමෝසම් බඩු දැකලා ඒවා තමන් සන්තක කරාගන්න ළමා ළපටි වුන් කරපු කන් කෙදිරි ගැමි ඇහෙන නැහෙන ගානට වැඩිහිටියෝ හිටියේ එවුන්ට තිබුණ අනාදරය නිසා නම් නෙමේ.

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.