-
සැතපෙන තොටුපළ – Sathapena thotupala
Original price was: Rs. 400.00.Rs. 360.00Current price is: Rs. 360.00.කවදාවත් හිතුවේ නෑ, මම මැරුණ කෙනෙකුට මේ තරම් ආදරය කරයි කියලා. ඇත්තටම මගේ ජීවිතේ මට ආදරෙත් එක්කවක්, මරණයත් එක්කවත් ප්‍රශ්නයක් තිබුණේ නෑ. මට ප්‍රශ්නයක් තිබුණේ ජීවිතේ ගැන. මිනිස්සු ඇයි මැරෙන්නේ? මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. ඇත්තටම ඇයි මිනිස්සු ජීවත් වෙන්නේ? මගේ ප්‍රන්නේ තිබුණේ එතැන. ඒ වුණාට මට කවදාවත් මැරෙන්න හිත හදාගන්න බැරි වුණා. මිනිස්සු මැරුණාම හරිම සාමකාමියි. මට එයාව මුණගැහුණේ එයා මැරිලා ඉන්නකොට ඒත්; එයා මාත් එක්ක ජීවත් වුණා. දැන් එයා මැරිලා. ඒත් මම තාමත් එයාත් එක්ක ජීවත් වෙනවා. ඇත්තටම ඒක අහම්බයක්. මට ඕන වුණේ නෑ ගෑණු නාන දිහා හොරෙන් බලන් ඉන්න. මොකක් දෝ කරුමෙකට එදා මම දන්නෙත් නැතිව මම දැක්කා, උන් නානවා. ඒ වුණාට ඊට කලින් මම ගෑණු නානවා ඕන තරම් දැකලා තියෙනවා. ඒ මම උන් නාන දිහා හොරෙන් බලන් ඉඳලා නෙවෙයි. මම හිටියා කියලා ගාණක් නෑ උන් උන්ගේ පාඩුවේ නෑවා. මම මගේ පාඩුවේ බලන් හිටියා. එදා වෙනසකට වුණේ මම උන් නාන දිහා හොරෙන් බලන් ඉඳපු එක විතරයි. එදා මට දැනුණේ කුතුහලයක්ම විතරයි. වෙන කිසිම විදියේ හැඟීමක් මට දැනුණේ නෑ. එදා මම හොරෙන් බැලුවා කියලා රෙද්ද උස්සන් ආපු ගෑණු වෙනදාට රෙද්ද උස්සන් මම ඉන්න තැනම ඕන තරම් නාලා තියෙනවා.
-
හැටේ දශකයේ අපූරු මිනිස්සු – Hete dashakaye apuru minissu
Original price was: Rs. 500.00.Rs. 400.00Current price is: Rs. 400.00.බැලුමත් බේරා ගෙන ජලයත් හිස් කළ යුතුයැයි මට සිතුණි. මා කාමිනී පිලිබදව කටයුතු කළ යුත්තේ ද එලෙසය. නොඑසේ වුවහොත් බැලුම පුපුරා ජලය ද විසිරි ගොස් හානියක් වන්නා සේ කොයි සමොහොතක හෝ මා ව්‍යසනයට පත් වන්නට පුළුවන. කාමනි පිළිබඳව මා තුළ ඇති අදහස පැවසිය හැකි එකම පුද්ගලයා චරිත සේනය. ඔහු මට හිතවත්ය. වාහනයක් ඉතා වේගයෙන් අප පසු කර ගෙන ගියේය. එයින් එක දිගටම නිකුත් වුණු නළා හඬත්, ඇවිස්සුණු දුවිල්ලත් අපට අපහසුවක් ගෙන දුන්නේය. මේ සැරේ යුනිව සිටි එක්සෑම් එකේ තත්වේ කොහොම සිටීද චරිතෙ ? “ඔයා අහන්නේ විභාගෙට කොයි විදිහෙ ප්‍රශ්න එයි කියලද ? ඔව්. ඔව්. අපි නම් දැන් සිලබස් සේරම කවර් කරලයි ඉන්නේ. ඒ වුණාට සිලබස් එකෙන් පිට ප්‍රශ්නත් අහයි ද දන්නෑ නේද? එහෙම කරන්ට බෑ සේකර. ඒවා විභාග ආචාර ධර්ම වලට පටහැනියි. නීති විරෝධීයි. එහෙම දෙයක් සිද්ධ වුණොත් විභාග දෙපාර්තමේන්තුවට විරුද්ධව නීති මඟින් කටයුතු කරන්ටත් පුළුවන්. ඒක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. ඔහුගේ පැහැදිලි කිරීමෙන් පසු මම සතුටට පත් වුණෙමි. එතෙක් මා හිතා සිටියේ අප විභාගයෙන් අසමත් කොට විශ්ව විද්‍යාලයට තෝරා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කර ගැනීමට විභාග දෙපාර්තමේන්තුව සටකපට වැඩ පිළිවෙලක් අනුගමනය කරනවා ඇතැයි කියාය.
-
ඈ – The SPA Women
Original price was: Rs. 550.00.Rs. 440.00Current price is: Rs. 440.00.වසර දොළහකට අධික කාලයක් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙකු ලෙස ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය තුලත්, වසර අටක පමණ කාලයක් ජනමාධ්‍ය පාඨමාලා දේශකයකු ලෙස උපකාරක පෘති වලත්, වසර පහකට ආසන්න කාලයක් පුද්ගල සංවර්ධන දේශකයකු ලෙස පාසැල්, වැඩබිම්, ඇඟළුම් කම්හල්, නොවන සහ ක්‍රීඩා සමාජ වලත් ගැවසී ඇත්තෙමි. ඒ ඒ තැන් වලදී, ඒ ඒ කාල වලදී. මා වෙත මුණ ගැසුණු ගැහැණු පිරිමි සහ ළමුන්ගේ බොහෝ ජීවිත කතා, මා වෙත පවසා ඇතුවාසේම ඇතැම් කතා මගේ බලවත් ඉල්ලීම මත, ඔවුන් මා හා පවසා ඇත. පළමු වසර පහ පමණක් මා මගේම පවුල තුළ ආදරය විඳිමින් ජීවත් වුවද, ඉතිරි මුළු කාලයම මෙම සමාජය සමඟ ගැටෙමින් ගත කළ බැවින්, පෙර කී අස්වාභාවික මරණය ලොවෙහි සියලු දේ කෙරෙහි බලපවත්වමින් තිබෙන බව දිනෙන් දින තහවුරු වන විට, ඒ පිළිබඳව කම්පා නොවී සිටිය නොහැක. වගකිව යුතු මිනිසෙකු ලෙස, ඒවා දෙස, ඔහේ බලන් සිටීමේ හැකියාවක්ද නොමැත. දිවා රෑ වෙහෙසෙමින් පුද්ගල සංවර්ධන ක්ෂේත්‍රය තුළම නිරත වුවද, පසුදා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී සිදුවන්නේ හදවත පාරවන දේ කියවීමටයි. මෙම කෙටි නවකතාව තුළද කියැවෙන්නේ. අස්වාභාවික මරණයක් කරා යමින් සිටි ගැහැණියකගේ කතාවකි. මෙය නවකතාවක් වුවද, මෙහි කියැවෙන්නේ, ඔබ, මා. අප අවට සිදු වෙමින් පවතින අස්වාභාවික මරණයේ කතාවේ එක් පැති කඩකි. එබැවින් මෙම කෙටි නවකතාව කියවා. පොතේ ගුණ දොස් ගැන කියනවාටත් වඩා, ඔබ අවට සිදුවෙමින් පවතින දේ කෙරෙහි ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න ගැන සිතනවා නම්, එය මගේ මෙම ලියැවිල්ලේ අරමුණයි. මා වෘත්තීය මට්ටමේ
-
අවි- Avi
Original price was: Rs. 550.00.Rs. 440.00Current price is: Rs. 440.00.ජීවිතය කියන්නෙත් හරියට පොතක් වගේ දවසෙන් දවස අපි ඒ පොත කියවනවා. අලුත් අත්දැකීම් ලබනව විතරක් නෙවෙයි හුඟක් දේවල් ඉගෙන ගන්නවා. සමහරු තමන්ගෙ ජීවිත පොත බොහොම කැමැත්තෙන් කියවනවා. ඒත්, තවත් අය මේ පොත කියවන්නේ බොහොම අකමැත්තෙන්. නොකියවා බැරිකමට. කැමැත්තෙන් කරන ඕනම දේක ඇති ශක්තියට වඩා අකමැත්තෙන් කරන දේවල්වල වේදනාව දහස් ගුණයකින් වැඩියි. ඒත්, එහෙමයි කියල ඒ දේවල් කාටවත් ඕන විදියට අතාරින්න පුළුවන් කමකුත් නෑ. හැබැයි. ඒ අකමැති දේවල් වෙනස්ම ආරකට හරවලා ඒවා අපි කැමතිම දේවල් බවට පත් කර ගන්නත් හැකියාව තියෙනව. ඊට පස්සෙ අපි කැමතිම දේවල් බවට පත්වෙන්නෙ කලින් අපි අකමැතියි කියල අතාරින්න හිතාගෙන හිටිය දේවල්. මේ කතාවත් අන්න ඒ වගේ එකක්. සර් ආවෙ මං වෙනුවෙන්මයි. ඒක මට විශ්වාසයි. ඇත්තමයි ඒක අහඹු සිදුවීමක් වෙන්න බෑ ‘ එතුමා මට මුණ ගැහුණ දවසෙ මම එහෙම කිවුවා. ඒක මම කිවුවේ අතිශයෝක්තියෙන් නෙවෙයි. අවංකවම මගේ හිතට දැනුණ නිසා. එදා ඉඳන් තමයි දවසෙන් දවසම මගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තෙ. ඉතින්, මට මතක් වුණා බුදුන් දවස බොහෝ පුද්ගලයන්ට නිවන් දකින්න තරම් පින් බලයක් තිබුණ කතා පුවත් ගැන. තමන්ට ගැළපෙන කර්මස්ථානයත් ඒ අය අවටම තිබුණ. උදාහරණයක් විදියට ගත්තොත්, චුල්ලපන්ථක කුමාරයාට සත්‍ය වටහා ගන්න
-
වැලි කතරේ සංග්‍රාමය – Weli kathare sangramaya
Original price was: Rs. 560.00.Rs. 444.00Current price is: Rs. 444.00.අහස පුරා විසිරුණු තාරකාවල දීප්තිය ක්‍රමයෙන් මැකී ගොස්, නැගෙනහිරින් විහිදෙන්ට වූ නව දිනයක අරුණැල්ලෙන් පුළුල් වැලි කතර නැහැවෙන්ට විය. නොබෝ වේලාවකින් පෙරදිග ආකාශය ලා රත් පැහැයටත් ඉනික්බිති රන් පැහැයටත් හැරුණේ ය. ඈතට විහිදුණු වැලි කඳුත්, මෑතින් පිහිටි කුඩා ක්ෂේම භූමියත් හැරුණු කොට අන් කිසිත් පෙනෙන්ට නොවී ය. පරිසරය වසාගත් ගුප්ත නිහැඩියාව බිඳළමින් අහස් යාත්‍රාවක හඬ ඈතින් ඇසෙන්නට වී නොබෝ වේලාවකින් ඉංග්‍රීසි V අකුරේ හැඩයට ගමන් ගන්නා ස්පිට්හයිර් ගුවන් යානා සයක් ඊසාන දිග ක්ෂිතිජයෙන් මතු වූයේය. පෙරටුව පැමිණි යානයේ නියමු කුටියෙහි හිඳ සිටි * ප්‍රබල තුවක්කු යුගලයකින් සමන්විත බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් සටන් යානයකි. දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී භාවිතා කරන ලදී.
-
සතුරු කදවුර – Sathuru kandawura
Original price was: Rs. 560.00.Rs. 504.00Current price is: Rs. 504.00.න්තමින් පමණක් දර්ශනය වූ නැගෙනහිර ක්ෂිතිජය මුළුමනින් මැකී ගොස් කළු පැහැති වලා රැසක් ඉහළ අහසේ රැස්වන්ට වූයේ ය. වියනක් මෙන් සැදුණු මෙකී වලා ගැබේ අඳුරු වර්ණය හා සම්මිශ්‍ර ව පහත මුහුදේ දිය මඩ පැහැයට හැරිණ. අන්ධකාරය ක්‍රමයෙන් අවට පරිසරය වසා පැතිරෙන්ට වීය. ස්වකීය වැන්ඩල් වර්ගයේ මුහුදු ගුවන් යානයේ සිට, පිටත හටගත් මේ විපර්යාසයන් කැළඹුණු දෙනෙතින් නිරීක්ෂණය කළ බිගල්ස් ඇස් ආවරණය ඔසවමින් යාබද අසුනේ හිඳ සිටි තම සගයා දෙස බැලුවේය. අහසේ පෙනුම ඒ තරම් හොඳ නැහැ” ” ඔව් ” යි ඇල්ගි ලේසි හෙවත් බිගල්ස්ගේ සගයා හිස සැළීය.
-
රහස් දූතයා – Rahas duthaya
Original price was: Rs. 560.00.Rs. 504.00Current price is: Rs. 504.00.බිහිසුණු යෝජනාවක් හිඳ සිටි තැනින් නැගිටගත් ඇල්ගර්නන් ලේසි අලස ලෙස දැත කලිසම් සාක්කු තුළ රුවාගෙන ගිනි උදුනට පිටු පා සිට ගත්තේ ය. ඉක්බිති විඩාපත් මුහුණින් යුතු ව තරමක් ඈතින් හිඳ සිටි ජින්ජර් වෙත දැඩි බැල්මක් හෙළමින් ” මේ මිනිහ කොහේ ගිහින්ද? ” යි නුරුස්නා ස්වරයෙන් විචාළේ ය. ” ඔය ප්‍රශ්න ආයෙත් ඇහුවොත් අතට හසුවුණු දේකින් තමුසෙගෙ මූණට දමලා ගහනවා” යි ජින් ජර් කෝපයෙන් ගුගුළේ ය. ”මම කොහොමද ඒක දන්නෙ?” ” දවල් කෑමට එන්ට මිනිහ පොරොන්දු වුණා නොවැ. ” අර අළුත් චිත්‍රපටිය බලන්ට යන්ට එනවා ය කියලා මටත් සහතික වුණා. දැන් තුනත් පහුවෙලා. බැරි පොරොන්දු දෙන හාදයෙක් නොවෙයි ඔය බිගල්ස්. මොකකට හරි මැදි වෙන්ට ඇති.
-
ජාතිවාදී සහෝදරයෙක් – jathiwadi sahodarayek
Original price was: Rs. 650.00.Rs. 520.00Current price is: Rs. 520.00.අවලස්සන මිනිස්සු. එයාල අහිංසකයි.
සීතා ගැන මට ඉමහත් දුකක් ඇති විය. ඇගේ ස්වරූපයේ මිනිසුන් වෙනුවෙන් ඇය දරන මතයට අනුකම්පා කළ යුතුය.
ඒක ඇත්ත සීතා.” “ඒක ඇත්ත කියලා, මයා කියන්නෙ මං කියපු නිසානෙ. එහෙම නැතුව ඔයාට එහෙම දෙයක් හිතුනෙ නෑනෙ.” මම නිහඬ වුණෙමි. ඇය පැවසුවේ ඇත්තකි. මා ඇගේ අදහසට එකඟවූවා මිස කැත මුහුණක් ඇති ගැහැණු ලස්සන වැඩ කරන බව පිළිගන්නට මට උවමනාවක් නැත. මගේ පරමාර්ථය වූයේ අහිංසක ඇගේ හිත නොතැලීමය.
” සිරිදාස දන්නවද අත පය හොඳට තියෙන අයට වඩා අන්දයින්ටයි, ගොළුවන්ටයි පැහැදිලි ඉවක් තියෙනව කියලා.’ ” ඔව් මං අහල තියෙනවා.” ඇස් අන්ද කෙනෙක් එක්ක කතා කරපු කෙනෙක් නැවතත් දීර්ඝ කාලෙකට පස්සේ කතා කළොත් අන්ධය අහනව මේ අහවලා නේද කියලා. ඒ තරමට ඔහුට කටහඬ මතකයි.” “ඒ වගේම කලින් ගමන් කරපු තැනකින් නැවත යනකොට අහනව මේ අහවල් තැන නේද කියලා. ඒක ආශ්චර්යක්.” ඇත්තටම ආබාධිතයන් ගැන මෙතරම් විස්තරාත්මක කරුණු මා දැන නොසිටි අතර ඒ පිළිබඳ සීතාගේ දැනුම හා අවබෝධය ගැන පුදුම වුණෙමි. ඇය ආබාධිතයෙක් නොවන මුත් විරූපි මුහුණක් ඇත්තියකි. එහෙයින් ඒ පිළිබඳව ඇය සමඟ කතා කිරීම ඈට වේදනාවක් වනු ඇතැයි මට සිතුණි.
-
සුදු වැද්දා 3 – අපරාජිතයා – Sudu wedda 3
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.වියරු මුහුද මැද මාරක සටනක … රුවල් නැවේ තුඹ ගසට පිට දී වාඩිවී සිටි හෑන්ස්ගේ ගෝ කාකූල මුහුණ දෙස එඩ්මන්ට වරින් වර හොරැහින් බැලුවේය. තම මිත්‍රයා ශෝක වන්නේ කුමක් අරභයාද යන්න වටහා ගන්නට තරම් හැකියාවක් එඩ්මන්ට් සතුවිය. බොහෝ කාලයක් ලක් දෙරණේ මහ වන මැද සතා සිව්පාවුන් හා වැදි ජනතාව සමග ජීවත් වූ හෑන්ස්ට ඒ සියල්ලන්ගෙන් වෙන්වී ආපසු සිය රටට යාමට සිදුවීම වාවාගත නොහැක්කක් බව එඩ්මන්ට් හොඳ හැටි දැන සිටියේය. ඒ නිසා ඔහු හැන්ස්ට බාධා නොකර යාත්‍රාවේ ඉදිරි පසට ගමන් කළේය. මුහුදේ ජලකඳ කපාගෙන යාත්‍රාව ඉදිරියට ඇදී ගියේ මන්දගාමීවය. එහෙත් ටිකින් ටික සුළං පහරේ වේගය වැඩි වෙත්ම යාත්‍රාවේ වේගයද වැඩිවන්නට විය. නැව් බඳේ හැපී විසිරුණු සුදු පැහැති රළ රැළි අව්රශ්මියට දිළිසුණේ මුතු කැට පරිද්දෙනි. කරදිය සිය හමා ආ ලුණු මිශ්‍ර සුළං රැළිවලට හෑගේ කෙහෙරැළි ඒ මේ අත නැටුවේය. මේ වන විට ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහමුලින්ම ඔවුන්ගේ දර්ශන පථයෙන් ඈත් වී තිබිණ. හෑන්ස් දිගු සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගත්තේ යළි කවදා මේ සුන්දර දිවයින දකින්නට ලැබේදැයි සිතමිනි. මහ බැද්දේ ගල් රුකුලක රති සමග ගත කළ ඒ ජීවිතය කෙතරම් සොඳුරු දැයි ඔහුට සිතෙන්නට විය.
-
නදීතෙර කුංචනාදය – Nadeethera kunchanadaya
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.ශ්‍රී ලංකාවේ වන ගහනයේ සතා ගහකොළ ගැනත්, ගිරි කඳුරු ගැනත්, ඒවායින් ප්‍රාණ වායුව ලබන වනවාසී ගැමියා ගැනත් සිංහල පාඨකයාට කියවන්නට ලැබුණේ සුද්දන් විසින් ඉංගිරිසියෙන් ලියන ලදුව පසුව සිංහලයට පෙරළුණු පොත්වලිනි. ලෙනාඩ් වුල්ෆ්, ජෝන් ස්ටීල්, ආර්. එල්. ස්පිට්ල් ආදීන් දුටු වන අසිරිය පරිවර්තකයන්ගේ මැදිහත් වීමෙන් සිංහලයට පැමිණිය ද පාඨකයා ඒවා පිළිගත්තේ උණුසුම් ලෙසකිනි. එහෙත් ඊට වැඩි ආශ්චර්යයක් සිංහල පාඨකයාට ලබා දීමට සමත් වූයේ – වඩාත් ලෙන්ගතු පිළිගැනුමකට ලක් වූයේ සිංහලයේ ප්‍රථම වන විත්ති සාහිත්‍ය කානිය වූ “දිගාමඩුල්ලේ ආශ්චර්යය යයි කීම ඉහත ලේඛකයනට කරන මදිපුංචි කමක් නොවේ. ඉංගිරිසින්ගේ පමණක් අවධානයට ලක් වූ වනය හා වනවාසී ගැමියා ලේඛනයට මූලාශ්‍ර කරගෙන සිංහලයේ වනවිත්ති සාහිත්‍යයේ පුරෝගාමියා වීමේ භාග්‍ය හිමිකර ගත්තේ “මායා රංජන් නැමැත්තෙකි. 1948 දී දිගාමඬුල්ලේ පාසලක ගුරුවරයකු වශයෙන් සේවයට ගිය වේයන්ගොඩ මහානාම රාජපක්ෂ මහතා දිගාමඩුල්ලේ ගැමියන් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනයක යෙදුණේය. දස වසරක් පමණ දකුණු වැව්ගම් පත්තුවේ වාසය කළ හෙතෙම දිගාමඬුලු ගැමියකු තරමට ජනතාවට බද්ද වූයේය. ගැමි දරුවනට අකුරු කරවමින්. ගැමියන් සමග හේන් කරමින්, දඩයමේ යමින් ලැබූ අත්දැකීම් ඇසුරින් ඔහු ලියූ දිගාමඬුල්ලේ ආශ්චයය (1957) නම් අගනා ග්‍රන්ථය “මායා රංජන්’ නමින් සිංහල සාහිත්‍ය වංශ කථාවට එක් වූවේය. කැළෑබද ගැමියන් ගේ හෘදය ස්පන්දනයේ රිද්මය කැටි වී ඇත්තේ ඔවුන්ගේ සජීවී බස්වහර තුළය. ඔවුන්ගේ ගැමි සුවඳ වහනය වෙන්නේ පාරම්පරික සිරිත් විරිත් හා ඇවතුම් පැවතුම් තුළය. වනයට මෙන්ම සිංහල ගැමියනට ද ආගන්තුක වූ ඉංගිරිසි
-
මම ගමේ ගම මගේ – Mama game gama mage
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.කොස් බෙනයේ සිටින දොළ පිදේනි දී යකා පන්නමු පොඩි නැන්දා තාත්තාගේ ඥාති සහෝදරියකි. පිලකින් සහ විශාල ඉස්තෝප්පුවකින් ඉදිරි පස ද, සාලය සහ කාමරය පසු පස කුස්සිය ද ඇති එම නිවෙස ගමෙහි පොදු නිවෙස්හි සැලැස්ම ගත්ත ද එම නිවෙසට තව එබඳුම නිවෙසක් ඈඳා ඇත. එම නිවෙස් දෙකෙහි අක්කා සහ නංගී ජිවත් වූ අතර ඒ දෙදෙනා ම විවාහ වී සිටියහ. පොඩි නැන්දාගේ සාලයෙහි බක්කි කරත්තය නිතරම විරාජමානව සිටිය ද එය වස්සකු බැඳ පාරේ ගිය දිනයක් මට මතක නැත. එම නිවෙස පසු පස විශාල කොස් ගසක් විය. පරම්පරා ගණනක් පරණ එම කොස් ගසෙහි වූ විශාල බෙනය කිසිසේත්ම අමතක කළ නොහැක. කොලු කෙල්ලන් කොපමණ සෙල්ලම් කළත් එම කොස් ගස අසලට නම් අහම්බෙන්වත් යාමට දැක්වූයේ බියකි. එම ගස අසලට කාන්තාවක් කොසයක් කැඩීමට ගියත් තනියෙන් ගියේ නැත. තවකකු සමග යාමට පුරුදු වී සිටි අතර කෙනෙකු නැතිනම් ඒ මොහොතෙහි පාරෙ යන කෙනෙකු හෝ සමග යාමට පුරුදු වී සිටියාය. එම ගස සහ බෙනය එතරම් ගුප්ත වුවකි. මාටින් මහප්පා දින දෙක තුනකට පෙර නැන්දලාගේ නිවෙසට පැමිණි විට අප නිවෙසට ද පැමිණියේ ය. එය ඔහුගේ සිරිතකි. නංගීට සනීප නැහැ. තොවිලයක් කරන්නයි හදන්නේ.
-
යුවතියකගේ ප්‍රේමයක – Yuwathiyakage premaya
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.වේලාව මධ්‍යම රාත්‍රී දොළහ පහුවෙන්න ඔන්න මෙත්ත කියලා. වෙනදා නම් දවස තිස්සෙම එක එක කන් කරවල්වලින් පිරිලා තියන නගරෙන් ඒ ඝෝෂාව ටිකක් තුනී වෙන වේලාව. ඒත් එදා ඒකට විවේක ගන්න ඉඩකඩක් තිබුණේ නැහැ. ඒ නිදහස් සමරු ප්‍රදර්ශන කුටි නරඹන්න දස දෙසින් ඇදී ආව යාන වාහන වලින් මිනිසුන්ගෙන් නගරේ පිරි තිබුණ හන්දා. නගරේ විතරක් නෙමේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙක් එදා තිබුණේ කාලෙකින් දකින්න නොලැඛෙන තරමේ ජනාකීර්ණ බවක්. මගී ජනයා එහාට යනවා මෙහාට යනවා ඉවරයක් නැහැ. යාන වාහන ඇති උදවිය ඒවයේ නැගලා අනිත් අයට පේන්ඩ බොහොම උජාරුවට ” රුස්” ගාලා ඉගිල්ලිලා ගියත් යාන්තම් එදාවේල පිරිමහගන්න සාමාන්‍ය ජනයාට ජනතා සන්තකේ පිහිට ඇර වෙන පිහිටක් තිබුණේ නැහැ. වැඩි දෙනෙක් දුර බැහැර ඉඳලා ඇවිත් තිබුණේ අතේ මිටේ යහමින් කාසි පනම් තිබුණ හන්දා නෙමේ. දරු මල්ලන්ගේ කන් කරවිට්ටලෙන් බේරෙන්න බැරිම හන්දයි. නගරේ තියෙන අනේකවත් අරුමෝසම් බඩු දැකලා ඒවා තමන් සන්තක කරාගන්න ළමා ළපටි වුන් කරපු කන් කෙදිරි ගැමි ඇහෙන නැහෙන ගානට වැඩිහිටියෝ හිටියේ එවුන්ට තිබුණ අනාදරය නිසා නම් නෙමේ.
-
අදෘෂ්‍යමාන
Rs. 550.00“අදවත් ඔයාට බෑනෙ ඕකෙන් ටිකක් අයින් වෙලා ඉන්න…
මට නම් දැන් එපා වෙලා තියෙන්නෙ ……
සිතට නැග ආ නොරිස්සුම වචන බවට පෙරලා, ජෙරාඩ්ට ඒ වචන වලින්ම දමා ගැසූ ඉනෝකා කාමරයෙන් පිට වෙන්නට දොර හැරියාය. ජෙරාඩ් කළේ ඇය දෙස බලා යන්තමින් සිනා සී නැවතත් ලැප්ටොප් පරිගණකය දෙසට නෙත් යොමා ගැනීමය. ජෙරාඩ්ගේ හැටි එහෙමය. ඉනෝකා විහිළුවකට කියන දෙයකත්, තරහවෙන් බණින බැණුමකත් ඔහුට ලොකු වෙනසක් නැත. ඒ කෝකටත් ඔහු දක්වන ප්‍රතිචාරය එකකි. ඒ. ඉනෝකා කියන සියල්ල සිනාවකින් බාරගෙන, නිහඬව සිටීම පමණකි. ඔහුගේ ඒ සන්සුන් ප්‍රතිචාරය, ඉනෝකාගේ කෝපය තවත් වැඩි කරවන්නකි. පෙරටත් වඩා කේන්තියෙන්, ඉනෝකා කාමරයෙන් පිටවූයේ මහ හඬක් නැගෙන සේ දොරත් වසාගෙනමය. එළිමහන සීතලය. ඉවසන්නට බැරි තරම් සීතලය. ඉනෝකාට මේ සීතල නුහුරුය.
-
නාදුනන ඇමතුම – Nadunana amathuma
Original price was: Rs. 625.00.Rs. 562.50Current price is: Rs. 562.50.ඇය උදුරා ගත්තාය. ඇමැන්ඩා මෙන්ම නෙළි ද එය විසන්සි කිරීමට උත්සාහ කළද ඇයට ද එය කල නොහැකි විය. ඇමැන්ඩා පැවසූයේ සත්‍යයකි. එය විසන්ධි කිරීම කළ නොහැක.
“අන්න සර් එනවා…”
ඔවුන්ට ඉදිරි පේළියේ සිටි ඔවුන්ගේ තවත් එක් මිතුරියක් වූ රුබී කෑගැසුවේ අනතුරු ඇඟවීමටයි. දුරකථන භාවිතා කිරීම සපුරා තහනම් කර තිබෙනා පන්තියක් තුළ, තම නීතිගරුක මිතුරිය; ඇමැන්ඩා, ඇගේ දුරකථනය විසන්ධි නොකර තබාගෙන සිටීම රුබිට ද ගෙන ආවේ පුදුමයකි. නීරස ගණිත ගැටලුව පසෙකලා ඇය තම පූර්ණ අවධානය වේගයෙන් ඔවුන් දෙසට පැමිණෙන ගුරුවරයාටත්, දුරකථනය විසන්ධි කර ගැනීම සඳහා තවමත් ඔට්ටු වන තම යෙහෙළියන්ටත් යොමු කළාය. දීර්ඝ අඩි තබමින් ළඟාවෙන ගුරුවරයා දකිත්ම අද තම යෙහෙළියන්ගේ අවසානය බව රුබි තීරණය කළාය. ඇය මෙන්ම මුළු පන්තියම සිතුවේ එලෙසයි. තම ගුරුවරයා වන පාකර් මහතා මෙවැනි වරදකට කිසිවිටෙකත් සමාව නොදේ. අඩුම තරමේ ඔහුගේ දේශනාවක් අතරතුර කෙඳිරීම හෝ ඔහු නුරුස්සයි.
-
දෙහි – Dehi
Original price was: Rs. 645.00.Rs. 580.00Current price is: Rs. 580.00.වැව් ඉහත්තෑවෙන් එන වැහි කුණාටුව දුටු සමන්මලී පය ඉක්මන් කළාය. හෝ හඬ නඟමින් ගසාගෙන පැමිණි මුරු ගසන් වරුසාව වැව් කණ්ඩිය පසු කළේ සමන්මලීට වඩා ඉස්සර වෙමිනි. බොරළු කැට වැනි වැහි බිඳු වැටීමෙන් ඉහළ නගින දූවිලි පුසුඹ ඉව කළ සමන්මලී හැල්මේ දුවන්නට වූවා ය. තෙමුණත් කමක් නැත. ඒත් තමන් අතේ වු කරදහි මල්ල නොතෙමි රැක ගන්න තිබුණොත් ඇතැයි සමන්මලී සිතුවාය. මොරසූරන වැසි දියෙන් තෙත බත් වූ සමන්මලී තුළ වැස්ස ගැන අබමල් රේණුවක තරම් වත් කෝපයක් ඇති නොවුණි. සමන් මලීට පමණක් නොව. ඒ මේ පළාතේ කවරෙකුට වුවද පොදු වූ හැඟුමෙකි. වැහි කාලය එළැඹෙන තෙක් අහසට නෙත් යොමා ගෙන සිටින, අඩියට දිය සිදී ගත් වැව් පතුළ, කරවී කේඩෑරි වී දුඹුරු පැහැය තවරා ගත් ගහකොළ තරමටම මේ ගම්වල මිනිස්සු වැස්ස අපේක්ෂා කළෝය. පැලට ගොඩ වෙන විට සමන්මලීගේ ඉහින් කනින් දිය බේරෙයි. අක්කේ මොනවයි මට කන්න ගෙනාවේ….?” බාලයා සමන්මලී අසල දැවටුණාය. සව් බොරෝ වගයක් ඇති…….නංගිටත් දීලා කන්න….” දිය බේරෙන ඇඳුම් උනා දැමු සමන්මලී සායම් දිය වී පැල්ලම් මතු වුණු පරණ චිත්ත ගවොම ඇඳ ගත්තාය.
-
අප්පච්චි ඇවිත් – Appachchi awith
Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00.මගේ සම්පූර්ණ නම මේස්ත්‍රීගේ හිල්වා ගුණවර්ධන. වයස අවුරුදු 48 යි. මම විවාහකයි. විවාහ වෙලා ඉන්නෙ කිත්සිරි ගුණවර්ධන සමඟ. එයා හෙලීස් එකේ වැඩ පරික්ෂකවරයෙක්. ඔව්. අපට දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒ අය දැන් ලොකුයි. මිය ගොස් සිටින සුමාලි මගේ මිතුරියක්. නැහැ. එහෙම කුඩා කාලෙ ඉඳලා තියෙන මිතුරුකමක් නොවෙයි. ඒ අය අපේ අසල්වැසියෝ. ඒ අය ඔය ගෙදරට ඇවිත් දැන් අවුරුදු 12ක් විතර ඇති. ඒ කාලෙ ඉඳලාම අපි මිතුරුයි. සුමාලි වැඩ කළේ බැංකුවෙ. නිස්සංක සේනාධිර කියන්නෙ එයාගෙ ස්වාමි පුරුෂයා තමයි. ඔහු පරිපාලන සේවයේ විධායක නිලධාරියෙක් කියලා දන්නවා. සුමුදු තමයි ඔවුන්ගේ එකම දුව. ඇයට මම හිතන්නේ අවුරුදු 10ක් විතර ඇති. ඇය ඉගෙන ගන්නේ විශාකාවේ. නැහැ. එහෙම ඒ දෙන්න අතර ආරවුල් තිබුණේ නැහැ. සුමාලි කියන්නේ හරි අහිංසක ළමයෙක්. මම හිතන්නෙ නැහැ
































