-
(0)
මැයි මාර ප්‍රසංගය – Mai Maara Prasangaya
මං අපේ ගමේ ගෙදර ඉස්තෝප්පුවේ බැම්ම උඩ තියාගෙන, සමිධ අයියා සහ ඔබ හිතේ තියාගෙන ගොඩනගපු කතාව ලියාගෙන ගියා. සති ගාණක් තිස්සේ කතාව ලියල ලියලා දවසක් රෑ කෑම කන්න ගෙයින් එළියෙ තිබුණු කුස්සියට ගියා. කුස්සියේ ඉඳගෙන බත් කකා ඉද්දි මිදුල පැත්තෙන් විශාල එළියක් දැක්කා. මං හිතුවා හුළු අත්තක් පත්තු කරගෙන කවුරු හරි ගෙදරට එනවා කියලා. ඒත් හීනෙකින් වගේ යටි හිත දෙබෑ කරගෙන ආපු සැකයක් හින්දා දුවගෙන ආවා බැම්ම ළඟට. වැඩේ හරි හුළඟට ලාම්පුව පෙර ලියපු කොළ ටික උඩට. සේරම පිච්චිලා තිබුණා. මං ඉතින් පහුවදා වෙනකම්ම ඇඬුවා. එතකොට ඉතින් මගෙ වයස දහනවයයිනේ.
Rs. 700.00Original price was: Rs. 700.00.Rs. 560.00Current price is: Rs. 560.00. -
(0)
මන්දෝදරී – Mandodari
ඒ සමඟ ඇයට ඇති වූ කේන්තිය කෙතරම්ද යත් ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය. ගෑනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නෑ..’ ඇය එසේ කීවේ ඔහු ඇස් පියා ඒ වේදනාව විඳින අතරය.
ඉන්පසුව යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා මෙසේද කීවාය.
ඒ පළිගන්න මිනිස්සුන්ගේ පපුව උඩම තමා ගෑනු ඔලුව තියාගන්නත් කැමති.!’
පෙර ඇණවුම් කළ හැක
අගෝස්තු 15 වන දින නිකුත් වේ.
නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක…Rs. 1,650.00Original price was: Rs. 1,650.00.Rs. 1,403.00Current price is: Rs. 1,403.00. -
(0)
නිල් කට්රොල් – Nil Katarol
මින් වසර එක්දහස් පන්සියයකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැගූ කාශ්‍යපගේ කතාව පමණක් නොවේ.
එසේම උත්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලීගේ කතාව පමණක් ද නොවේ. මෙය ඔබ මා දන්නා වූ හා
නොදන්නා වූ ගුප්ත සිත්තරෙකුගේ ද අද්භූත ආදර කතාවයි.Rs. 1,650.00Original price was: Rs. 1,650.00.Rs. 1,485.00Current price is: Rs. 1,485.00. -
(0)
ලෝවීනා – loveena
“මට උඹ ගැන කැක්කුමක් නැත්නම් තවත් වදවෙන් නැතුව උඹ කැමැති මිනිහෙක් එක්ක පලයං ….
තම නැන්දම්මාගේ මුණ දිහා එක දිගට ටික වේලාවක් බලා සිටි කිරි අන්තිමට ඇයට කීවේ තව කල්පයක් කල් ගෙවුණත් සසිරා හැර වෙන කිසිම මිනිහෙකු සමඟ තමා නිදාගන්නට යන්නේ නැති බවය.
කන්යාවියක් විදිහට මැරුණත් මං එයත් එක්කම ඉන්නවා…. මේ විදිහට ඇගේ කන්යා භාවයට කිසි හානියක් නොවී තවත් වසර කීපයක් ගත වුණේය. හිටි අඩියේ ඇය අසනීප වුණේ ඔය අතරය. සැබැවින්ම එය අරුම පුදුම අසනීපයක් විය.Rs. 1,650.00Original price was: Rs. 1,650.00.Rs. 1,485.00Current price is: Rs. 1,485.00. -
(0)
ලක්ෂි – Lakshi
මේ පිපෙන අලුත් සේපාලිකා මල් වගේම
පරවුණ සේපාලිකාවන් සාක්ෂි දරයි
මගේ මේ ආදරය…
සමහර සේපාලිකා මල් කියනවා මට ඇහෙනවා
ලක්ෂි මඳ හිනාවක් මවමින් මෙන්න මෙහෙම,
“ඔයාගේ ආදරේ එයාට මේ අපි වගේ කියලා”
මහා රෑ පිපිලා
මහා පාන්දරම කඩා හැලෙනවා වගේලු
මං මතක් කරා ලක්ෂි
කඩා හැලෙන සේපාලිකා මල්
කඩා හැලුණු පළියට පර වුණේ නෑ කියා…
හරියට මගේ ආදරේ වගේ
ඔයා ළඟ ප්‍රතික්ෂේප වීම් කොතරම් වුණත්
ඒ ආදරේ කඩා හැලුනත් පර වී නෑ…මං ඔයාට අසීමාන්තිකව ආදරෙයි ආදරියේ…
– වරුන් –
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00. -
(0)
ඇහැළ මලට දම් පාටක්
“පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”
පුස්තකාල උද්යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක
දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
“The tree of Paramee…!”
“මම පාරමී?”
“ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා
ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
“ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”
“කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු
ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
“ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.
අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
“ඇයි ඒ?”
“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 1,080.00Current price is: Rs. 1,080.00. -
(0)
සෙංකොට්ටං
තමාට තිබුණේ බබා හේනයා යැයි නොකියා බබා සිඤ්ඤෝ වැනි නමක් කියන්නට ය. එහෙත් මුසා පැවසීම නොහොබිනා කටයුත්තකැයි ඔහු බුදු බණේ අසා තිබුණේය. ඒ නමුත් නමෙන් බාගයක් හරි ය. එහෙත් නමෙන් අඩක් මුසාවක් බව තමාගේ සිත දනී: දැන දැන මුසාවක් කී විට එය සිතට වදයක් වනු ඇත. ඒ වදකාර සිති වල්ලට වඩා මේ කනගාටුව හොඳ ය. අර ආඩම්බරකාර මිනිසුන් කෙසේ ක්‍රියා කළ ද බුදු හාමුදුරුවන් ඇත්ත විස්තරය දන්නවා ඇත. – ඔහු කල්පනා කළේ ය. එසේ ම අඩු කුලවල මිනිසුන්ට, අඩු කුලවල අසරණ වූ දරුවන්ට බුදු හාමුදුරුවන් ඕනෑ තරම් උදව් පදව් කර තිබේ.
ආතේ. සෙංකොට්ට ඉවරයි නේද?” කුඩා බබා හේනයා ඇසුවේ එකවර යමක් මතක් වීමෙනි.
” කඩ මණ්ඩිය පහු වුණා නේ පැවෝ… පරණ ඒවා ගෙදර ඇති නේ. ඒවා ගමු…”
ඔවුහු යළිත් කරබාගෙන ම රිදීවිට දෙසට ගමන් කරන්නට වූහ.Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 720.00Current price is: Rs. 720.00. -
(0)
දිස්පරයු – Disparue
ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ නවතම කෘතිය #දිස්පර්යු 12. 12. 12 ට වසර පහකට පසුව නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම යළිත් පරීක්ෂණයක……
2019 වසරේ ජුනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය.
තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදහ්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය නොදී, ඒ අයුරින් අතුරුදන් විය.
තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද? දින දෙකක් පුරාවට දිගහැරෙන,
තාදී සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානි. නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම තාදි සමරසිංහ අබ‍්‍රහස කෙසේ විසඳහු ඇත්ද?Rs. 1,750.00Original price was: Rs. 1,750.00.Rs. 1,575.00Current price is: Rs. 1,575.00. -
(0)
සාරි ඇඳපු පිරිමි – Sari Andapu Pirimi
මා ගෙවන මේ විචිත්‍ර ජීවිතය අහසින් කඩා වැටුණු එකක් නෙවෙයි. මේ ආනන්දනීය තත්ත්වයට එසවෙන්නට මා විඳි දුක්ඛ දෝමනස්සයන් ලියන්නට මාගලක් තිබුණත් මදි. පුංචි කාලේ අපෝ දුක් විඳලා තියෙනවා. මැතිණිගේ ආණ්ඩුව කාලේ පාන් පෝලිම්වල ලගින කොට මට එකොළහයි. ගමේ පංසලට ගියේ නම්පොත, සකස්කඩ, බුද්ධගජ්ජේ වනපොත් කරන්ඩ. ඒ වුණාට ටික කලක් ගත වෙන කොටයි තේරුණේ, මම මෛථුන්‍ය විනය කර්මයක පැටලී ඇති වග. එතකොට මට දහතුනයි. ඒ චීවරධාරියාට හැට හතරයි.
ඔය කියන හැත්තෑ ගණන්වල ඒක අකරතැබ්බයක්, අපචාරයක්, ළමා අයිතිවාසිකම් උල්ලංඝණයක් කියලා මං දැනං හිටියේ නැහැ. එහෙම දැනුම් තේරුම් තියෙන අය අපේ ගමේ හිටියෙත් නැහැ. අහල ගං හතක හිටියද කියලත් සැකයි. මං දැනං හිටිය එකම සත්‍ය ඒක රහසක් කියලා විතරයි. කෙළ හොල්ලලා තිබ්බොත් නහයෙන් කටිං ලේ දාලා, පපුව හත් කඩකට පැලිලා, එවේලේම පොළොව පලාගෙන නිරයට යන දිට්ඨ ධම්මවේදනීය පාපකර්මයක් කියලා විතරයි.
අවුරුදු දහතුනක පොඩි කොල්ලෙක් කොහෙද එහෙම තීරණාත්මක රහසක් රකින්නේ. පවුලේ කවුරු හරි දැනගත්තා නං සහසුද්දෙන්ම වැරදිකාරයා වෙන්නේ මම. ඒ කාලේ එහෙම තමයි. දැන් කියලා වැඩි වෙනසක් ඇත්තෙත් නැහැනේ. ඉතිං මං අපේ වත්ත පහළින් ගලාගිය මහවැලි ගඟේ ගල්පර අතරේ. ගේ ඉස්සරහ ශාන්ත ජෝන් පල්ලියේ අල්තාරය පිටිපස්සේ, රේල් පාරට එපිටින් වහලවෙල කැරකෝප්පුවේ රූස්ස ගස් අතරේ තනිවී මගේ කථාව මට ම කියාගත්තා.
Rs. 700.00Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00. -
(0)
12.12.12
ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන්නෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේය. ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේ ය. බැලූ බැල්මට එය පරිපූර්ණ මිනීමැරුමකි. කිසිඳු සැක සටහනක් නොමැත.
මිනී මරුවා පලපුරුදු අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයෙන් බැලූහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසඳා ගත යුතුය. එහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාවක ඔවුහු පැටලී සිටියහ.Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00. -
(0)
11 / ELEVEN
මෙය අද්භූත, ඔබ කිසිසේත්ම විශ්වාස නොකරන කරුණුවලින් පිරි ඇත්තා වූත්, විශ්මයජනක කතන්දරයකි. දිනෙක ඔබ මෙය කියවද්දි මා ජීවතුන් අතර නොසිටියහොත්, මතක තබා ගන්න මේ ලියන්නා වූ සියලුම දැ මා විසින් මුහුණ දුන්නා වූත්, දැසින්ම දුටුවා වූත් සත්‍ය කරුණු ය.
මේ කරුණු සහ සිදුවීම්වල ඇති අතිශය ගුප්ත බව නිසා ඔබේ මනස විටින් විට මෙම ප්‍රශ්නය අසනු ඇත.
මේ සියල්ලම ඇත්තක්ද? එවිට මා යළිත් පවසමි.
“මේ සියල්ලම මා මුහුණ දුන්නා වුත් දැසින්ම දුටුවා වුත් සත්‍ය කරුණු ය.”
දෛවයේ කුමන හෝ අභාග්‍යකට මේවා ඒ ආකාරයෙන්ම සිදුවී ඇත.
Rs. 1,300.00Original price was: Rs. 1,300.00.Rs. 1,040.00Current price is: Rs. 1,040.00. -
(0)
මාණික්කාවත
“උඹලගේ පඳුරු ගැනිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා… විසේසෙන් කෙල්ලේ උඹ බලවතියක්.ආසාවල් ඇති වෙනවා තමයි. ඒ් උණාට සිහි කල්පනාවට ගනිං,ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලාම ගොයම හොදට පැහෙන කල් ඉන්න ඔ්නි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ .ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු ඒක්කාසු කොරගන්නේ.ඊට කලියෙං කුඹුරට පැනලා දැඟලුවාම මොකෑවෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වෙළේ ඒබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒ්කෙන් පිහදාගෙන ගෙදර යන්න ඇහැකි.හැබැයි උක්කුං කෙල්ලේ,උඹට ඒ්ක ඒහෙම කොරන්න බෑ…
Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 720.00Current price is: Rs. 720.00. -
(0)
අමාවක හස – Amawaka hasa
ඉතින් දකින්න ඕන කරපු දේ… මං ඇස් ඇරපු වෙලේඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙනහඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈතබලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ….මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිතිවෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකටආසාවෙන් හිර වෙලා.“මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්දඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට… මං අඬන්නදහිනාවෙන් පවිත්ර?”“ඒ දෙකම එපා”“එහෙනම්?”“මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ”Rs. 2,100.00Original price was: Rs. 2,100.00.Rs. 1,680.00Current price is: Rs. 1,680.00. -
(0)
හදවත් වරක් 2 අහම්බයකින් මිස අපි… හමු නොවෙමු කිසිදා යලී
මම ඇතුළුව අපි ගොඩ දෙනෙක්ගෙ ජිවිත වෙනස් වෙන්නෙ එක පාරටම නෙවෙයි. හැම පුංචි වෙනස්කමක්ම වෙන්නෙ බොහොම හිමීට. එතකොට අපිට ඒක දැනෙන්නෙ නෑ. අපේ ජීවිතේ නොහිතුවම විදිහට වෙනස් වෙලා!’ කියලා තේරෙද්දි වෙන්න ඕනෙ විලම් බැසිය වෙලා ඉවරයි.
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00. -
(0)
රෝජා – ROJA
මිනිස්සු… දුබලයන්ව ඉපදෙන්නාහ. මිනිස්සු… ජීවිතයේ යම් යම් යුගවල විවිධ හේතු කාරණාවන් නිසාවෙන් දුබලයන්ව ජීවිතය රැකගන්නාහ. නමුත්… අප කිසිවෙකුටත් දුබලයන්ව මිය යන්නට අයිතියක් නැත. අපි නැඟිටිය යුතුය! අපි හිනැහිය යුතුමය!
Rs. 1,500.00Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00. -
(0)
වස්සාන සිහිනය
ප්‍රේමයේ නිදහස හෙවත්
ස්වයංවරයට එරෙහි ව
පවතින ආර්ථික කොන්දේසි
ප්‍රශ්න කිරීමක් මෙන් ම
ප්‍රේමයෙන් ආතුරවීම උදෙසා
මිනිසා තුළ වන
මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද
‘වස්සාන සිහිනය’ තුළ දැකිය හැකි ය.
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00. -
(0)
හදවත්වරක්
ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්.අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් තියනවා.
මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනංකල්පිතයි. ඔබත් දන්නා,මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත් කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා.
හදවත්වරක්
ඔබේ, මගේ, අපේ කතා වලින් එකක්.
එන්න, අපි අපේ හිත් කියවමු. මොහොතකට හරි අනිත් කෙනා හිතන්නෙ කොහොමද කියලා විමසන්න නතර වෙමු. අපිට එතකොට පුලුවන් වෙයි අපේම මිනිස් පවුලට අදට වඩා බිඳක් හරි හෙට කාරුණික වෙන්න.
තවත් හදවතක් ගැහෙන රිද්මය තව වරක් කියවන්න
හදවත්වරක් දෙවන කොටසකුත් තියනවා.
Rs. 1,500.00Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00. -
(0)
ත්‍රිත්ව
“ජීවිතය කියන්නේ රහස් ගොඩක් හංඟගෙන ජීවත් වෙලා මැරිලා යන එක නෙමේයි ලුසී. මගේ ජීවිතයේ රහස් නැහැ. තියෙන හැම රහසක්ම හෙළි කරන්න පුළුවන්. මම ලෙස්බියන්. මේ කතාව කියන්න කලින් මම ලුසීගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ එහෙම කාන්තාවකගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තවත් එවැනි ම කාන්තාවකට විතරක් නිසා”
“මට ඒ ගැන හරියට ම පිළිතුරක් දෙන්න බැහැ මිස් යශෝධා.”
ඇය එසේ කියත් ම යශෝධා එකපිට එක දමා සිටි ඇයගේ දෙපා වෙන් කර ගත්තා ය. ඒවා පොළොවට සමාන්තරව තබා මඳක් මෑත් කර ඉඳ ගත්තා ය. ඇයගේ දෙපා අතරින් පෙනෙන ඇය ඇඳ සිටි සුදු පැහැ පෑන්ටිය දෙස බැලු ලුසීගේ දෙනෙත් තුළ දිලිසීමක් ඇති විය. කොළ පැහැ දෙනෙතට සුර්ය කාන්තිය වැටීමේ දී ඇති වෙන දිලිසීම මෙන් ඒවා දිලිසුනෙන් යශෝධා ඒ දෙනෙත් දෙස එක එල්ලේ ම මොහොතක් බලා සිටියා ය. ඉන් පසු තම දෙපා යළිත් එකපිට එක දමා ගත් ඇය තවමත් සියුම් සිනහවකින් මෙසේ පැවසුවා ය.
“මිසිස් ලුසී. මේක ටිකක් අමුතු කතාවක්.”
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00. -
(0)
ක්ලියෝපැට්රා එයා තමයි රැජින – Cleopatra Eya Thamai
ක්ලියෝපැට්රා භාෂා අංශයට ඇතුළු උනා.
එයාට දැනුනා පැපයිරස් කොළවල සුවඳ, සීතල පොළොව. භාෂා තුනකින් කැටයම්කර තිබුණු විසල් ආරුක්කුව පාමුල එයා නැවතුනා.
අහා මේන්න ඉන්නවා අපේ පාරාවෝගේ දූ කුමරිය.”
ක්ලියෝපැට්රා පොඩි කාලෙ ඉදන්ම අකැමැති උනා එයාට පාරාවෝගේ දුව, එහෙමත් නැතිනම් දොළොස්වැනි ටොලමිගෙ දුව කියල කියනවට එයා කැමති උනේ එයාට ක්ලියෝපැට්රා කියල කියනවට.Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,280.00Current price is: Rs. 1,280.00. -
(0)
චිත්‍රාල් – Chitral
හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුනු මිනිසුන් පවා
ශාරීරිකව එතරම් නොගැලපෙන අවස්ථා බොහෝය.
ශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත්
හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත.
ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පෑහෙන්නෝ
හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව
ඔවුන්ට වෙන් වන්නට සිදුවනා තෙක් ඔවුහුමවත් නොදන්නෝය.Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00. -
(0)By : Paulo Coeiho
මිනිත්තු එකොළහේ කතන්දරේ
මට ලෝකයට අනුව චූදිතයෙකු වෙන්නත් සතුට හොයාගෙන අවදානම් ගමනක යෙදෙන්නත් පුලුවන්.ඒ සියල්ල මම ජීවිතය දකින විදිය ගැන ගැටලුවක් විතරයි. මරියා බ්‍රසීලයේ ඇතුළු ගමක ඉපදුණු, නිළියක් වෙන්න ජීනීවාවලට ආපු රූමත්, බුද්ධිමත් තරුණ ගැහැනියක්. ආදරය හා ජීවිතයේ ගුප්ත ස්වාභාවයන් තුළින් අභ්‍යන්තරයෙන් පැන නැඟෙන ආලෝකය හොයාගෙන යන, අවදානම් සහගත ගමනේදි ආදරය වෙනුවට ලිංගිකත්වය මුණගැසුණොත් කුමක් වේවිද? ජීවිතය සොයා යෑමේදී, ආදරය ලිංගිකත්වය හා ආත්මීය අර්බුද හා ගැටෙමින් ඇය තුළින් ඇයවම මතු කර ගැනීමට කෙරෙන නිර්භීත ගවේෂයක කතාවයි. මිනිත්තු එකොළහේ කතාන්දරේ.’සන්තියාගෝ නම් සැරිසරන්නා’ කෘතියෙන් කෘතියෙන් කීර්තියට පත් පාවුලෝ කොයියෝගේ, ලිංගිකත්වය විෂයය කරගත් කතා පුවතක් සහිත අලංකාරමය භාෂා රීතියක් රැගත් නවකතාවයි.මිනිත්තු එකොළහේ කතාන්දරේ.
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 1,080.00Current price is: Rs. 1,080.00. -
(0)
දෙවැනි ගැහැනිය
පැරිස් නගරය වසන්තයට සැරසෙන එක් මනරම් සැඳෑවක, සුමිත්‍රා නානායක්කාර තම නිවසට ඇතුළු වුණු විට, ජීවිතය විනාශ කර දමන්නට සමත් වදන් දෙකක් ඇයට ඇසුණි.
“මම යනවා.. ” ඇගේ සැමියා කීවේය.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ් අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි.ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධීරාජ්‍යයක සැරිසරයි; .ගමන් බිමන් යයි; දවස ගත කරයි; ඇයත් සමඟ නින්දට යයි.
ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.
තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකියි.
අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.
මේ, ඒ කතාවයි…
Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00. -
(0)
සංචරණී – Sancharanee
දන්නවද, මේ ලෝකෙ තියෙන ලස්සනම අකුරු තුන ආදරේලු….
ඒත්… ඔයා දන්නවද
ඒ අකුරු තුනට වඩා ලස්සන දේවල් තව කොච්චර ලෝකෙ තියෙනවද කියලා?
ඒවා දකින්න හැමෝටම බැහැ.
හැබැයි දන්නවද,
ඒ ලස්සන ගැවුණ ගෑවුණ හැම තැනකම ආදරෙත් මුහු වෙලා තියෙනවා.
අන්න ඒකයි ආදරේ හරි ලස්සනයි කියන්නෙ.
ලස්සන තැන්වල ආදරේ රැඳෙනවා…
ආදරේ ඇතුළෙ ලස්සන දකිනවා…
අන්න ඒකයි අකුරු තුනකට පණ දෙන රහස !
Rs. 700.00Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00. -
(0)
අම්මා – AMMA (උපුල් ශාන්ත සන්නස්ගලසන්නස්ගල)
අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුවඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලාඋපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේපිරිමි කළලයක් වෙලා උපදින්න ඕනඑතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්නමං අම්මා වගේ ගෑනියෙක් වෙලාඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්නඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්නරත්තරං අම්මේ!’Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,280.00Current price is: Rs. 1,280.00. -
(0)
සිම්පල් සයිමන්
ඉපදුනේ හැට දෙකේ. පේරාදෙනියේ වළේ සිංහබාහු බලනකොට මට අටයි. හැත්තෑ එකේ කැරැල්ල ගැන ප්‍රවෘත්ති අහන්න, අපි අල්ලපු ගෙදර රේඩියෝව ළඟ ඇන තියා ගත්තේ, පන්සලේ බණ මඩුවට ගොඩවෙච්ච සැදැහැවත් පිරිසක් වාගේ. ඒක කටකාර අම්මණ්ඩි කෙනෙක් වාගේ විශාල වෑල්ව් රේඩියෝවක්.
“ වේලාව සවස හයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති…” කියලා ඇහෙන කොටම අපි කට ඉස්සර කරලා නිවේදකයාගේ නම කියනවා. මගේ ප්‍රියතම ප්‍රවෘත්ති නිවේදකයා වුණේ සිරිල් රාජපක්ෂ මහත්තයා. ඒ කාලේ, අපි නොදන්න නිවේදකයෙක් ගුවන් විදුලියේ හිටියේ නැති ගානයි. අපි ඒ තරමටම ගුවන් විදුලියට සමීපයි. වැඩ සටහන් නිෂ්පාදකයින් අතරින් මගේ සිත් ගත්තේ එච්.එම්. ගුණසේකර, මඩවල එස්. රත්තනායක, අමරදාස ගුණවර්ධන, රවිලාල් විමලධර්ම වාගේ නිවිච්ච වැඩිහිටියෝ.
සෑම අගෝස්තු මාසයකම, පළවෙනි කුඹල් පෙරහැරේ ඉඳලා අවසාන රන්දෝලිය වෙන කල් හැම පෙරහැරක්ම අතනෑර බැලුවා. මගේ මිතුරෝ පෙරහැරේ අලි ගණන් කරද්දි, මං හැකි සෑම බෙර පදයක්ම කටපාඩම් කරගත්තා.
————————————————————————–
සිම්පල් සයිමන්
කතෘ – විෂ්ණු වාසුRs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 800.00Current price is: Rs. 800.00. -
(0)
බත්තලංගුණ්ඩුව – Baththalangunduwa
කල්පිටි කළපු දියවර මත හිරු රැස් වෑස්සෙයි. ළා හිරු රැසින් තෙමී අවදි වී ඇඟමැළි කඩා ගත් කළපුව සරැලි නංවයි. සිහින් සරැලි එකෙකු පසුපස එකෙකු ලුහුබඳී. අඩුලුහුඬුකම් නැති රිද්මය චලනයකි. කෙළි දෙළෙනි.
හිමි දිරියටත් නොදන්වා දවස අවදි වූවා වැන්න.
වයඹදිග සතර දිග් භාගයට උදෑසන උදා වුව අහස මඳඳුරු ය.
Rs. 980.00Original price was: Rs. 980.00.Rs. 882.00Current price is: Rs. 882.00. -
(0)
කළු – Kalu
‘පුංචි නෝනා’ යනුවෙන් නිරන්තරයෙන් රැව් පිළිරැව් දෙන හඬට අවනත වූ කලෙක මෙන් මම තවත් වරක් හිස ඔසවා ඔහු දෙස බැලීමට තීරණය කළෙමි. යන්තමින් හිස ඔසවනවාත් සමඟ ම මා දකිනා දර්ශනය පිළිබඳව මට විශ්වාසයක් නොවූ තැන මම තවත් හොඳින් ම දැක ගැනීම සඳහා දෑස් ඒ වෙත නාභිගත කළෙමි. ඒත් සමඟ ම දුටු දසුන මාගේ මුළු සිරුර ම සලිත කරවමින්, රෝමෝද්ගමනය කිරීමට සමත්ව තිබුණි. මාගේ මුව දහඩියෙන් තෙමී යද්දී, කෙළ සිඳී යමින් මුළු සිරුර ම ගිනියම් සළුවක එතුණාක් වැනි හැඟීමක් දැනෙන්නට විය.
Rs. 1,250.00Original price was: Rs. 1,250.00.Rs. 1,000.00Current price is: Rs. 1,000.00. -
(0)
විෂ් – Wish
මූසල මීදුම මුළු පරිසරයම වෙළාගෙන තිබුණි. සුදු හා කළු වස්ත්ර හැඳගත් ගැහැනු හා පිරිමි මීදුම් කළුවර අතරින් සුවිසල් මැඳුරින් පිටතට පියමං කළේ දේහය රැගත් වාහනය පිටුපසිනි. මීදුම මැදින් ගලනා සීතල සුළං ධාරාව කියා පෑවේ සොඳුරු යෞවනයකුගේ වියෝව පරිසරයටද දරාගත නොහැකි බවය. වසර ගණනාවක් පුරා සිදු වූ සියලු හැලහැප්පීම් හා රහස් දරාගෙන සුවිසල් මන්දිරයටද නිසලව බලා සිටිනවා හැර කරන්නට වෙනත් යමක් නොතිබුණි. ඒ සුවිසල් මැඳුරේ බිත්තිවලට කතා කළ හැකි නම්, මෙතෙක් කාලයක් පුරාවට වූ මහා ඛේදවාචක නොබියව ලොවට පවසනු ඇත. එහෙත් ඒ වන විට සියල්ල සිදු වී හමාරය
Rs. 1,100.00Original price was: Rs. 1,100.00.Rs. 880.00Current price is: Rs. 880.00. -
(0)
පෝ – PO
තානායම අවුරුද්දකට කලින් සම්පුර්ණයෙන්ම වහලා දැම්මා,”“කවුද සිරිමෙවන්? ““ඕකේ අයිතිකාරයා. ඉස්සර හින්නළුවේ හිටිය කෙරුම්කාරයෙක්. මිනිහගේ තමයි ඔය තානායමත්”” මොනවටද මිනිහව ඇල්ලුවේ ”“කැලෑවේ ජාවාරම් කරනවා කියලා”“මොන ජාවාරම්ද?”“කුඩු, ඒත් ඒක නෙමේ ඇත්ත කතාව. මිනිහා කුඩු ජාවාරම් කරන්න ඇති, ඒ එක්කම ඊට වඩා ලොකු ජාවාරමක් මිනිහා කළා “Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00. -
(0)
කාසාවකණ්ඨක සිල් බිදුනු පැමිණිල්ලක් – Kasawantaka Sil Bidunu Pemanillak
Rs. 950.00Original price was: Rs. 950.00.Rs. 760.00Current price is: Rs. 760.00. -
(0)
රෝස පාට හීන
ප්රේමය නම් ප්රේමයමයි. ඒක නියම්ද? අනියම්ද? කියන දේ අදාළ නෑ. මගේ දැක්ම අනුව මෙහෙම ප්රේමෙක පැටලෙන වුන් පව්. ඒකට හේතුව තමයි, හොයන දේ නොලැබීම, සතුට තාවකාලික බව දැන දැනත් දුක දෝතින් තුරුලු කර ගැනීම, ආදර රසයට ඇති වුණ කෑදරකම. ඒ නිසා ඒ අය පැටලෙනව මේ පඹ ගාලෙ. මෙහෙම දාර්ශනික වදන් දෙන අපිත් මේ ආදරයේ වින්දිතයො වෙන්න පුළුවන් කියල අමතක කරන්නත් හොඳ නෑ. ආදරය ඒ තරම්ම භයානකයි. ඒක කොතන, කොහොම, කා සමග ඇති වෙනවාද කියල කල් තියා සැලසුම් කරන්න බැ..
Rs. 750.00Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00. -
(0)
ගෝහාර්
කූඩා දරුවෙකුගේ ජීවිතය වටා ගෙතී ඇති අතිශයින් භයංකාර වූද කුතුහලාත්මක වූද මෙම වෘත්තාන්තය ඔබට ලිවීමට මත්තෙන් මේ කතාවට මා අරෝපණය වූ ආකාරය ගැන පාඨක ඔබ දැනගත යුතුය. දිනක් තම ළගම මිතුරියකව මුණ ගැසීමට ගොස් නිවසට ආ මාගේ බිරිද දැඩි වික්ෂිප්ත භාවයකින් යුක්තව ඇදෙහි වැතිර සිටියාය. ඇයගේ මුහුණ සුදුමැලි වී ඇත, ඇය කුමක් හෝ පසුතැවිල්ලකින් සිටිනු ඇතැයි සිතු මා ඇය වෙතට ළංව එයට හේතුව විමසා සිටියෙමි. ඇය තියුණු බැල්මකින් මා දෙස බැලූවාය. ඇයගේ එකදු බැල්මෙන් ඇය මට පවසන්නට යන්නේ විශිෂ්ටතම කතාවක් යැයි මා දැන ගත්තෙමි. මා මෙතෙක් ලියු සෑම කතාවක්ම මගේ බිරිද විසින්ම මා හට කියු අපූරුතම සිදුවීම් බැවින් මෙයත් එ ආකාරයෙම එකක් විය යුතුයැයි සිතු මා එය දැනගනු රිසියෙන් ඈ දෙස බලා සිටියෙමි. ඇය මා හට ගෝහා\ර් නමින් ඔබ විසින් කියවන මෙම කතාව පැවසුවේ එවිටය. ඇයගේ හොදම මිතුරියක වන රිප්සිමේ නමින් හදුන්වන තැනැත්තියගේ දරුවෙකුගේ ජීවිතයේ සිදුවුනු සහා තවමත් සිදුවෙමින් පවතින අතිශයින්ම අත්භූත, ජුගුප්සාජනක සහ කුතුහලාත්ම සිදුවීම් වලින් යුත් මේ කතාව ඔබේ කියවීම උදෙසා මා මෙසේ ලියා පලකරමි. පාඨක ඔබේ රසවින්දනය ත්‍රිව කරනු වස් මෙහි සමහර සිදුවීම් ප්‍රබන්ධයක් කොට මා නිර්මාණය කරමි. එහෙත් ඔබ මෙය දැන ගත යුතුය. මෙය සත්ය සිදුවීම් දාමයක් මූලාශ්‍ර කොට ගෙන නිර්මාණය කල වෘත්තාන්තයකි. ගෝහා සේම ගෝර් ද තවමත් ඔහු නොවුන් අතර ජීවත්වෙයි. ගෝහාර් කතාවේ පසුතලයට රටවල් දෙකක් තේමා වී ඇත. එකක් නම් මෙහි ප්‍රධාන පසුතලය ලෙස සකැස්වී ඇති අර්මේනියාවයි. එය නැගෙනහිර යුරෝපයේ හිතාමත්ම කුඩා සහා සුන්දර රටකි. මෙහි ගුස්තා කතාවට පසුතලය වන්නේ අර්මේනියාවේ වැනඞ්සෝර් නමින් හදුන්වන අතීශයින්ම සුන්දරවූ කදුවලල්ලකින් වැසුනු විශාල නගරයකි. ශීත කාලයට මෙම කදු මුලූමනින්ම හිමෙන් වැසී යන අතර එය අති රමනීය චමත්කාරයක් උසුලයි. මෙහි තුන්වන පසුතලය වන්නේ ස්විස්ටර්ලන්තයයි.
– මුතුමුදලිගේ නිශ්ශංක –Rs. 1,300.00Original price was: Rs. 1,300.00.Rs. 1,040.00Current price is: Rs. 1,040.00.
-
අමාවක හස – Amawaka hasa
Original price was: Rs. 2,100.00.Rs. 1,680.00Current price is: Rs. 1,680.00.ඉතින් දකින්න ඕන කරපු දේ… මං ඇස් ඇරපු වෙලේඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙනහඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈතබලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ….මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිතිවෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකටආසාවෙන් හිර වෙලා.“මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්දඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට… මං අඬන්නදහිනාවෙන් පවිත්ර?”“ඒ දෙකම එපා”“එහෙනම්?”“මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ” -
සිම්පල් සයිමන්
Original price was: Rs. 1,000.00.Rs. 800.00Current price is: Rs. 800.00.ඉපදුනේ හැට දෙකේ. පේරාදෙනියේ වළේ සිංහබාහු බලනකොට මට අටයි. හැත්තෑ එකේ කැරැල්ල ගැන ප්‍රවෘත්ති අහන්න, අපි අල්ලපු ගෙදර රේඩියෝව ළඟ ඇන තියා ගත්තේ, පන්සලේ බණ මඩුවට ගොඩවෙච්ච සැදැහැවත් පිරිසක් වාගේ. ඒක කටකාර අම්මණ්ඩි කෙනෙක් වාගේ විශාල වෑල්ව් රේඩියෝවක්.
“ වේලාව සවස හයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති…” කියලා ඇහෙන කොටම අපි කට ඉස්සර කරලා නිවේදකයාගේ නම කියනවා. මගේ ප්‍රියතම ප්‍රවෘත්ති නිවේදකයා වුණේ සිරිල් රාජපක්ෂ මහත්තයා. ඒ කාලේ, අපි නොදන්න නිවේදකයෙක් ගුවන් විදුලියේ හිටියේ නැති ගානයි. අපි ඒ තරමටම ගුවන් විදුලියට සමීපයි. වැඩ සටහන් නිෂ්පාදකයින් අතරින් මගේ සිත් ගත්තේ එච්.එම්. ගුණසේකර, මඩවල එස්. රත්තනායක, අමරදාස ගුණවර්ධන, රවිලාල් විමලධර්ම වාගේ නිවිච්ච වැඩිහිටියෝ.
සෑම අගෝස්තු මාසයකම, පළවෙනි කුඹල් පෙරහැරේ ඉඳලා අවසාන රන්දෝලිය වෙන කල් හැම පෙරහැරක්ම අතනෑර බැලුවා. මගේ මිතුරෝ පෙරහැරේ අලි ගණන් කරද්දි, මං හැකි සෑම බෙර පදයක්ම කටපාඩම් කරගත්තා.
————————————————————————–
සිම්පල් සයිමන්
කතෘ – විෂ්ණු වාසු


































