• -10%
    (0)

    සිල්වර් ටිප්ස් – Silver tips

    රාත්‍රියේ පූර්වභාගයේ වැසි වැටුණේ සෙමිනි. එය මංගල යුවළකට පිංතුර සැමරුමකට කදිම මෘදු වැස්සකි. මනා ආලෝකය පාලනයකින්, විශිෂ්ට ගණයේ පිංතූර නිර්මාණය කර ගත හැකි කුඩා බිඳු සහිත වැස්සකි. මනමාලිය කළඹ අහසට විසි කරනා විට මල් සිඹින දිය බිඳු පවා පැහැදිලිව ඡායා රූගත කළ හැකි වැස්සකි. කොටින් ම මල් වැස්සකි. එහෙත් මධ්‍යම රාත්‍රිය වන විටදී වැසි බිඳු ක්‍රමයෙන් ප්‍රසාරණය වී මල් කළඹකට ඔරොත්තු නොදෙනා තත්වයට පත්වෙමින් තිබිණ. අවට පරිසරයේ නැගී සිටි රූස්ස ගහ කොළට පවා ඒ දෙන රිදුම ඉවසිය නොහැකිව බොහෝ වේලාවක් මුගුරකින් තැළුම් කන්නා සේ වේදනාවෙන්, එහෙත් නොබිණූ මුවින් නිදි වර්ජිතව සිටින්නට හිත හදාගෙන සිටියේය. වරින් වර පිපුරුණු අකුණු, උස්ම තුරු හිස් මත පතිත වී, ගස් බඳ බිහිසුණු විදුලි වෙලීමකට ලක්කොට මුදුන් මුල ඔස්සේ දිය බරිත පොළොව පුපුරවා, කිමිදී, අතුරුදහන් වෙමින් තිබුණේය. හිරි වැටී ගිය තම සිරුර නිරුපද්‍රිතද යන්න රූස්ස ගහ කොළට සොයා බලන්නට උපකාරී වූයේ ක්ෂණයකින් ඇති වී නැති වී යන විදුලි එළියයි. ඔව්… එය මුරු ගසන් වර්ෂාවයි. රාත්‍රියේ පශ්චිම භාගය වන විට පුපුරා හැලුණු අහස, ක්‍රමයෙන් ශාන්ත වෙමින් සිටියේය. අකුණු හඬ ඈතින් ඈතට යමින් නුස් පොකුණු කන්දෙන් එපිට සිට දුර්වල අලෝක ධාරා එල්ල කරමින් සිටියි. හෙණ හඬ ඇසෙන්නේ ඇතින් දුම්රියක් කන්දක් නගින හඬ සිහිගන්වමිනි. පරිසරය සන්සුන් වුවද, නොකඩවා දිය උරා බිව් හෙයින්ද, අවශේෂ කුඩා ඇළ මාර්ග වලින් සහ කාණු වලින් සපැමිණි ජල ධාරාවන් නිසාද කුඩා වැල් ඔයට තම ඉවුරු වල උසත් සිරුරේ පළලත් පාලනය කර ගැනීමට දැඩි සටනක නියුක්ත වන්නට සිදුව තිබිණි. බොහෝ වැසි කාලවලදී ඔය, එවැනි හැලහැප්පීම්වලට මුහුණ දෙයි. එහෙත් ගඟකට කිසි දිනෙක ඉවුරක් කඩා බිඳ දමනවා මිස උස්ව නගාලන්නට නොහැකිය. ගොඩ කර ගන්නවා මිසක පතුල හාරා ගැඹුර වැඩි කර ගැනීමට නොහැකිය. උස්ව නැගුණු ජල කඳ නිසා ගම්මානයේ සියලුම බොක්කු, කුඩා පාලම් සහ ඒ දඬු ගෑවී නොගෑවී යන්නට තරම්

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.
  • -10%
    (0)

    සී+ C+

    අද හවසට ලෙක්චර්ස් ඉවර වෙලා කලම්බු සිටි සෙන්ටර් යමුද? මට ඇඳුමක් ගන්න? ” දිල් බබළන දෙනෙතින් ප්‍රශ්න දෙකක් යොමු කළා. ” ඒ පාර මොකාටද එන්න හදන්නේ?” පිළිතුර විදියටත් මටත් තිබුණේ නාහා ඉන්න බැරි ප්‍රශ්නයක්. ඇගේ මුහුණේ දීප්තිය මොහොතකට අතුරුදහන් වී යළි දැල්වුණා. දිල්ට සුපිරිසාප්පු සංකීර්ණ ඇල්ජික්. මාක්ස් ආගම අබිං කිව්වේ කෙසේද, එලෙසම දිල්ට ඉහළ පන්තියේ අරුමෝසම් සාප්පු සවාරි අරහං. කොළඹ පැමිණි පසු ඇය විශ්ව විද්‍යාලයට අයත් කොළඹ හතේ ශිෂ්‍ය නේවාසිකාගාරයක නවාතැන් ගත් මුත්, ඇඳුම් ගත්තේ මහරගම පමුණුවේ තොග රෙදි මධ්‍යස්ථාන වලින්. අන්තිමට බොම්බෙ ස්වීට් කඩේකින් ෆලූඩා දෙකක් බොන්න සල්ලිත් ඉතිරි කරගන්නවා. අනතුරුව මහරගම මංගල මාවතේ පිහිටි අපගේ නිවසට දෙන්නත් එක්ක පයින්ම යනවා. ටුක් ටුක් එකක යෑම සඳහා මගේ මුදල් පවා වියදම් කිරීම පාප කර්මයක් කියලයි ඈ හිතු වේ. මුදල් යහමින් අතේ තිබුණොත් දිල් මා සමග බම්බලපිටියේ හවුස් ඔෆ් ෆැෂන් රෙදි සාප්පුවට ගාටනවා. එදාට ඈ ගාව මුදල් ඉතිරි නොවුණොත් මං ගානේ අරන් දෙනවා කෙටි කෑමක්. හැබැයි ඒකට දිග කතාවක් අහගන්න වෙනවා. ” අයියෝ ෆැබ් කඩේ හරි ගණන්. අපිට පෙරේරා ගාවට යන්න තිබුණේ ” ඈ කණගාටු වෙනවා.

    Original price was: Rs. 1,490.00.Current price is: Rs. 1,341.00.
  • -10%
    (0)

    සුදු වැද්දා 3 – අපරාජිතයා – Sudu wedda 3

    වියරු මුහුද මැද මාරක සටනක … රුවල් නැවේ තුඹ ගසට පිට දී වාඩිවී සිටි හෑන්ස්ගේ ගෝ කාකූල මුහුණ දෙස එඩ්මන්ට වරින් වර හොරැහින් බැලුවේය. තම මිත්‍රයා ශෝක වන්නේ කුමක් අරභයාද යන්න වටහා ගන්නට තරම් හැකියාවක් එඩ්මන්ට් සතුවිය. බොහෝ කාලයක් ලක් දෙරණේ මහ වන මැද සතා සිව්පාවුන් හා වැදි ජනතාව සමග ජීවත් වූ හෑන්ස්ට ඒ සියල්ලන්ගෙන් වෙන්වී ආපසු සිය රටට යාමට සිදුවීම වාවාගත නොහැක්කක් බව එඩ්මන්ට් හොඳ හැටි දැන සිටියේය. ඒ නිසා ඔහු හැන්ස්ට බාධා නොකර යාත්‍රාවේ ඉදිරි පසට ගමන් කළේය. මුහුදේ ජලකඳ කපාගෙන යාත්‍රාව ඉදිරියට ඇදී ගියේ මන්දගාමීවය. එහෙත් ටිකින් ටික සුළං පහරේ වේගය වැඩි වෙත්ම යාත්‍රාවේ වේගයද වැඩිවන්නට විය. නැව් බඳේ හැපී විසිරුණු සුදු පැහැති රළ රැළි අව්රශ්මියට දිළිසුණේ මුතු කැට පරිද්දෙනි. කරදිය සිය හමා ආ ලුණු මිශ්‍ර සුළං රැළිවලට හෑගේ කෙහෙරැළි ඒ මේ අත නැටුවේය. මේ වන විට ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහමුලින්ම ඔවුන්ගේ දර්ශන පථයෙන් ඈත් වී තිබිණ. හෑන්ස් දිගු සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගත්තේ යළි කවදා මේ සුන්දර දිවයින දකින්නට ලැබේදැයි සිතමිනි. මහ බැද්දේ ගල් රුකුලක රති සමග ගත කළ ඒ ජීවිතය කෙතරම් සොඳුරු දැයි ඔහුට සිතෙන්නට විය.

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -20%
    (0)

    සුද්දීලාගේ කතාව

    රොමියෙල් අයියාර්සී කාරයෙකි. සුද්දි සිදාදියෙන් ගමට ආ ගැහැනියෙකි. සිරිමෙවන් මුදලාලි පහත රටින් පැමිණ වෙළඳ ව්‍යාපාරයක් අරඹයි. නිදන් රකිනා බහිරවයෙකු මෙන් අරච්චිල තම පරවේණි ආරක්ෂා කරගෙන සිටී. පාර්ලිමේන්තුවේ සිට අඳ ගොවි පනත සැඩ සුළඟක් මෙන් ගම දිහාට හමා ආ විට මේ දෙතුන් දෙනා මාරාන්තික කායික මානසික අරගලයකට පැටලෙති. ඔවුන්ට මද සහනයක් ලැබෙන්නේ උතුරා යන කාම තෘෂ්ණාවෙන් තෙත්වුණු සුද්දිගේ පහසින් පමණි. මෙය ආර්ථික සමාජ විවරණයකි. මානසික විග්‍රහයකි. රහස් පරීක්‍ෂක කතාවකි. නිරෝගී දැවැන්ත පුරුෂයින්ගේ හා ගැහැණුන්ගේ කාම අරගලය පිළිබඳ ලිංගික විද්‍යාත්මක රචනාවකි.

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,080.00.
  • -20%
    (0)

    සුර අසුර යාමය – sura asura yamaya

    අහසේ නැඟෙනහිර අන්තයෙන් නැඟි සඳ පාළුවට ගිය හොරණ – කළුතර පාරේ තම දුබල රැස් දහර අතුරා තිබුණේ අතරින් පතරය. පාර දෙසට නැමුණු අතු ඉති සඳ එළියට පාර මුවා කිරීමේ වරද ගැන වගේ වගක් නැතුව ඔහේ බලාගෙන සිටියේය. සිරිතක් ලෙසින් හැමදාම රෑට පාළු පාර සිය නිදි යහන බවට පත් කර ගන්නා වියපත් සුනඛයාටද ඒ ගැන හැඟීමක් තිබුණේ නැත. පාර අඩ අඳුරේ පැවැතීම ඔහුගේ නින්දට ඇප උපකාර කරන සත්කාර සේවාවක් බව මේ සුනඛ තෙමේ දැන සිටියේය. ස්වකීය පරපුරේ චිරාගත සම්ප්‍රදාය අනුව අපේක්ෂිත නිදියහන් සීමාව වටා තෙවරක් පැදකුණු කළ සුනඛයා අනතුරුව පාර මැද වකුටු සෙයියාවෙන් වැතිර ගත්තේය. තනිකම ශීතලය. තනිකමේ ශීතල අද වෙනදාටත් වඩා දැඩිව ඔහුට දැනේ. ඔහු සිත සංකාවෙන් බරය. ඇස අගින් ගිලිහුණු කඳුළු බිඳුවක් ඔහුගේ වියපත් කම්මුල මතින් ගලා හැලුණේය.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.
  • -20%
    (0)

    සුසුමක් අද්දර – Susumak Addara

    “මොකද
    තමුසෙ හොරගල් අහුලනවද?”
    ඇගෙන් උත්තරයක් තිබුණෙ නෑ. ඇය කලේ
    සුසුම් පිට කරපු එක.
    “ඇයි පාරට ආවෙ? මං ඉන්නවද බලන්නද…..?”
    ඒ ප්රශ්නයටවත් ඇගේ ළඟ උත්තරයක්
    නැති හැඩයි. ඔහු ඇයව තමන්ගෙ
    පැත්තට කේන්තියෙන් හරවගත්තා.
    “කතා කරනවා….”
    “ගේ…ට් එක ලොක් කර…..න්න”
    “ඇත්තට….? තමුසෙ වෙනදත් ගේට් එක
    ලොක් කරන්නේ මෙහෙමද? ගේට්ටුව
    ඇරලා, පාර දෙපැත්ත බලලා,කොණ්ඩෙ මේ
    රෝස පඳුරෙ පටලවගෙන….. එහෙමද?
    “අනේ…… යන්න දෙන්නකෝ…..”
    “බෑ…. යන්න දෙන් නෑ.. ආවා නම් එළිවෙනකම් මාත්
    එක්ක මෙහෙම ඉන්නවා අද.”
    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -20%
    (0)

    සූරිය කුසුම – Sooriya kusuma

    ගිම්හාන රාත්‍රියේ මහ මඟ දෙපස විසල් තුරු මුදුන් අතරින් ගලා ආ මලානික සඳ පළිය තාර පාර මත අක්‍රමවත් රටාවන් විසුරුවා දමා තිබිණි. හාත්පස පැතිර ගිය අඳුර සමඟ සිහින් මීදුම් දුමාරයක් ද මිශ්‍ර වී ඇත. දිවාකල සැව හිරු රැසින් උණුසුමට තිබූ පරිසරය බටහිර දෙසින් හමන සිහිළැල් වා රැලි දැවටීමෙන් සෙමෙන් නිවෙමින් පවතී. පාර දෙපස දුරින් තැනින් තැන පිහිටා තිබූ වීදි පහන් වලින් ද ආලෝකය විහිදුණෙ යාන්තමිනි. ඉඳ හිට අතරින් පතර නැඟෙන බල්ලන්ගේ බිරුම් හඬත්. නිශාචර පක්ෂීන්ගේ සහ රැහැයියන්ගේ හඬත් පාළු මුසල නැගීමත් ඇති කළා මිස, ඇගේ සිතට බියක් නම් ගෙන දුන්නේම නැත. ඇය අඳුර මැදින් ඉදිරියටම යමින් සිටින්නීය. ඒ වන විටත් ඇය කිලෝමීටරයක පමණ මඟ ගෙවා දමා තිබුණාය. අතර මඟදි කිසිවෙකු හෝ ඇයට මුණ ගැසුණේ ද නැත. මධ්‍යම රාත්‍රියට ආසන්න හෙයින් අසල්වැසියන් නින්දේ පසුවනවා විය යුතුය. ඉඳ හිට වාහනයක් දෙකක් හමුවුණ ද ඒ හැම මොහොතකම ඇයට මුවාවෙන්නට සුදුසු තැනක් ලැබිණි. සිය ගැහැනුකම යටපත් කරමින් සිතට නැඟුණ මහා ආත්ම ශක්තිය පිළිබඳව ඇයට ද ඇත්තේ පුදුමයකි. ඇ තුළ සිටි අඳුරට සහ තනිකමට බිය යුවතිය එකවරම එඩිතර එකියක වී සිටින්නීය. සියලු බාදක බැමි පවුරු සිඳ බිඳ දමමින් ඉදිරියටම යාහැකි අමුතු ජවයකින් මුළු සිරුරම උණුසුම් වී තිබේ.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    සෙංකොට්ටං

    තමාට තිබුණේ බබා හේනයා යැයි නොකියා බබා සිඤ්ඤෝ වැනි නමක් කියන්නට ය. එහෙත් මුසා පැවසීම නොහොබිනා කටයුත්තකැයි ඔහු බුදු බණේ අසා තිබුණේය. ඒ නමුත් නමෙන් බාගයක් හරි ය. එහෙත් නමෙන් අඩක් මුසාවක් බව තමාගේ සිත දනී: දැන දැන මුසාවක් කී විට එය සිතට වදයක් වනු ඇත. ඒ වදකාර සිති වල්ලට වඩා මේ කනගාටුව හොඳ ය. අර ආඩම්බරකාර මිනිසුන් කෙසේ ක්‍රියා කළ ද බුදු හාමුදුරුවන් ඇත්ත විස්තරය දන්නවා ඇත. – ඔහු කල්පනා කළේ ය. එසේ ම අඩු කුලවල මිනිසුන්ට, අඩු කුලවල අසරණ වූ දරුවන්ට බුදු හාමුදුරුවන් ඕනෑ තරම් උදව් පදව් කර තිබේ.
    ආතේ. සෙංකොට්ට ඉවරයි නේද?” කුඩා බබා හේනයා ඇසුවේ එකවර යමක් මතක් වීමෙනි.
    ” කඩ මණ්ඩිය පහු වුණා නේ පැවෝ… පරණ ඒවා ගෙදර ඇති නේ. ඒවා ගමු…”
    ඔවුහු යළිත් කරබාගෙන ම රිදීවිට දෙසට ගමන් කරන්නට වූහ.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -20%
    (0)

    ස්වප්නේෂ්වර – Swapneshwara

    සුන්දරමානගේ අඩි දික් විය. දිගු අඩි හෙමින් හෙමින් පින්න වැටුණු පඳුරු මත තැබූ පය එස වූ විට ඊට සමාන ව තැළී ගිය තණකොළ මත පාද සලකුණු, එක පේළියට දිස් වෙමින් තිබුණි. එය හෙමින් සේ ගිය ඉක්මන් ගමනක් විය. පාද මාරු වුණේ වේගයෙනි. උරහිසකින් රුරා හැලුණු රෙදි පොට ඔහු ගසා දමා යළිත් උර මත රඳවා ගත්තේය. තමන් එළි බැස්සේ කළු කහ එළිය වැටෙන ජාමයේ ය. තවමත් තමන් පසු කරන්නේ පෙරදා රැයේ සිහිනයෙන් කී මග විස්තරය යි. ඔහුට දියකව හමු විය. ඉන් එතෙර වෙද්දී තෙමුණු සරමේ වාටිය වියළී ගොසිනි. තවත් දුරක් යද්දී පොල් ඉරටු පෙනෙන යාමයේ ළා හිරු රැස් රුස්ස ගස් අතරින් ඔහු කරා ගලා ආවේ ය. රූස්ස නැගි ගස් අතරින් ඔහු අහස බැලි ය. හිරු ආලෝකයෙන් අලංකාර වෙමින් සිටී. දුර ඈතින් වැටෙන හිරු එළිය ගසක අතු අතර රැඳුණු පිනි බිඳුවලට දිලිසෙන හැටි කියා දෙමින් තිබුණේය. නැඩ දඬු ලේනෙක් අත්තකින් අත්තකට පැන්නේ පහළින් දිගු අඩි තබමින් යන සුන්දර මානයන්ට බියෙනි. අතු එකින් එක සෙලවී ගියේ ය. අතුවල රැඳුණු පිනි බිඳු මුතු වැස්සක් සේ පහළින් යන සුන්දරමානගේ හිස මතට වැටෙමින් තිබුණි. ඔහු හිස ගසා දැමුවේ ය. දිගු කෙස් වල්ල වටයක් කැරකැවිණි. කැරකුණු කෙස් මත රැඳුණු පිනි ඔහුට පෙරින් විසි වී ගියේ ය. ඔහු එය දුටුවේ පිනි මත පතිත හිරු එළියෙන් දිලිසී යද්දීය.

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -20%
    (0)

    ස්වර්ණරාගය – Swarnaragaya

    ඉහිරුණු සිතුවිලි කැබලි කාමරය පුරා එහේ මෙහේ සැරිසරයි. ඉන් බරැති සිතුවිලි කැබලි පපුවට ළංව තද කරමින් වේදනා ගෙන දෙයි. තාරකා මට හමුවුණු මුල්ම දින එවන් බරැති සිතුවිලි කැබැල්ලක් තිබී මට හමු විය. මා එම සිතුවිලි කැබැල්ල ගෙන එහි තියුණු තුඩ මාගේ පපුවට තබා තදකර ගතිමි. වසර ගණනාවක අතීතයක් දිගේ මම නුගේගොඩ පුස්තකාලය වෙත ඇවිද යන්නට වීමි. ඇය අහිංසක සුන්දර සිනාවකින් මුව සරසාගෙන බලා සිටිය දී මට හමු විය. බරැති සිතුවිලි කැබැල්ල හදවත සිදුරු කොට එහි පදාසයක් කඩා දැමීය. මාතලේ දිස්ත්‍රික්කයේ කඳු වලින් වටවුණු සුන්දර ගම්මානයක ගුරු දෙමව්පිය යුවළකගේ එකම දරුවා මෙන්ම, එකම බලාපොරොත්තුවද වූ ඈ වැනි අහිංසකාවියක් මා වැන්නෙකු ඇගේ පෙම්වතා, අනාගත සහකරුවා ලෙස තෝරා ගත්තේ මන්දැයි මට තවමත් සිතාගත නොහැකිය. එය ඇයගේ වැරැදි තේරීමක් බව මට මේ මොහොතේ හැඟෙන්නා සේම ඇයට ද හැඟෙනු ඇත. නමුත් ඇය කිසිදු මොහොතක බැල්මකින් හෝ මා හට එය දැනෙන්නට ඉඩ දී නැත. එය එසේ වූව ද ඇගේ අහිංසක මුහුණ දකින සෑම මොහොතක දීම මාගේ හෘද සාක්ෂිය තියුණු කටුවකින් හදවතට අනිමින් එය මට මතක් කර දෙයි.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -10%
    (0)

    හතුරු හිතක් – Hathuru hithak

    අම්මා මෙන් හැම කාන්තාවක් ම පතිවතත්ය. කුසුම් මෙන් හැම යුවතියක් ම කන්‍යාවක් ය. සියලු වනිතාවෝ සීතාවෝ ය. ඔව්හු පවිත්‍රය. නොකලැල් ය. නොකිලිටි ය. එක් වයසක දී පොදුවේ ගැහැනිය පිළිබඳ මාගේ දර්ශනය වූයේ එයයි. ලෝකය හා ජීවිතය ගැන සිතන්නටත් කිසියම් අවබෝධයක් ලබන්නටත් පටන් ගත් අවදියේ මා ඇය දෙස බලන්නට පුරුදු වුයේ එබඳු ඇසකිනි. මගේ මේ මතය සැකයට භාජනය වන ආකාරයකින් ස්ත්‍රිය ගැන සිතන්නට තුඩු දුන් සිද්ධියක දී හෝ ප්‍රවෘත්තියක දී හෝ මම අතිශයින් සසල විමි. එහි දී සැබෑ ජීවිතය ය ප්‍රබන්ධයක් යයි වෙනසක් නොවුණා තරමි. නව කතාවක් නාට්‍යයක් හෝ චිත්‍රපටියක් වැනි කලාත්මක නිර්මාණයක වුව ද ස්ත්‍රියක වරදක අසුවන්නට යන තැන දී මම දැඩි ලෙස නොසන්සුන් වීමි. ඇය අන්තිමට නිරුද්‍රිත වුණා නම් මට ඇති වූ සැනසීම ඉමහත්. ඉදින් යම් ලෙසකින් ඇය පාපයට ගොදුරු වුණු කල මම වේදනාවකට මෙන්ම කලකිරීමකට ද පත් වීමි. අතවරයකට පත් යුවතියක ගැන පොත පතකින් හෝ කියවන කල මා තුළ ලොකු බියක් – මේ විපත ම තවත් කෙනෙකුටත් වීමට ඉඩ ඇද්දැයි අනියත බියක් – පහළ විය. මා බිය වූයේ කවරකු සඳහා දසි මම නොදත්තෙමි. ඕ මා දැන සිටි කිසියම් තැනැත්තියක් නොවුවා ය. ආරක්ෂා කර ගත යුතු යැයි මා විසින් සිතන ලද අදෘශ්‍යමාන අජිවමාන යුවතිය මුළු ස්ත්‍රී වර්ගයාගේම සංකේතයක් සංකල්පයක් පමණි. ළමා වියේ සීමාවන් පසු කරන අපි එක් අවධියක දී ලෝකය හා ජීවිතය ගැන සිතන්නට මෙන් ම කතා කරන්නට ද පටන් ගනිමු. වැඩිහිටි ලෝකයේ අභ්‍යන්තරය පිළිබඳව ඉවක් විනා අවබෝධයක් නොවුණු ඒ නො මේරූ සිතින් අප ගැහැනිය දෙස බැලුවේ ඇය ගැන අප විසින් කලින් ඇති කර ගන්නා ලද ආකල්පයන් පදනම් කරගෙනය.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.
  • -20%
    (0)

    හදවත් වරක් 2 අහම්බයකින් මිස අපි… හමු නොවෙමු කිසිදා යලී

    මම ඇතුළුව අපි ගොඩ දෙනෙක්ගෙ ජිවිත වෙනස් වෙන්නෙ එක පාරටම නෙවෙයි. හැම පුංචි වෙනස්කමක්ම වෙන්නෙ බොහොම හිමීට. එතකොට අපිට ඒක දැනෙන්නෙ නෑ. අපේ ජීවිතේ නොහිතුවම විදිහට වෙනස් වෙලා!’ කියලා තේරෙද්දි වෙන්න ඕනෙ විලම් බැසිය වෙලා ඉවරයි.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    හදවත්වරක්

    ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්.අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් තියනවා.

    මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනංකල්පිතයි. ඔබත් දන්නා,මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත් කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා.

    හදවත්වරක්

    ඔබේ, මගේ, අපේ කතා වලින් එකක්.

    එන්න, අපි අපේ හිත් කියවමු. මොහොතකට හරි අනිත් කෙනා හිතන්නෙ කොහොමද කියලා විමසන්න නතර වෙමු. අපිට එතකොට පුලුවන් වෙයි අපේම මිනිස් පවුලට අදට වඩා බිඳක් හරි හෙට කාරුණික වෙන්න.

    තවත් හදවතක් ගැහෙන රිද්මය තව වරක් කියවන්න

    හදවත්වරක් දෙවන කොටසකුත් තියනවා.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -20%
    (0)

    හසරැල් ගංගා – Hasarel ganga

    ඒත් මගේ කටින් වචන ටික පිට වුණාට පස්සෙ ගංගා මගෙන් අඩු තරමේ ඇයි…?’ කියලාවත් ඇහුවේ නෑ. එතකොට ඊළඟට මම කියන්නෙ මොනවද, කරන්න ඕනෙ මොකක්ද කියලා මට හිතාගන්න බැරුව ගියා. මගේ වචන වලට පස්සේ මුළු ලෝකෙම නිහඬ වුණා වගේ මට දැනුණා. එළියේ හුළං හමන හඬ පවා ගොඩ කාලෙකට පස්සෙ මට ඇහුණා. සමහර විට ආපු කම්පනේට එයා මැරුණද දන්නේ නෑ.. කියලා නිහඬතාවය දරා ගන්න බැරි තැන මම හිතුවා. එතකොට නම් මට බය හිතුණා. ඒත් ඉතින් එහෙම මැරුණා නම් වැටෙන සද්දයක් හරි ඇහෙන්න එපෑ! හිට ගෙනම මැරුණ මිනිස්සු ගැන මම අහලා නෑ. තවත් ටික වෙලාවක් බිමම බලාගෙන හිටි මම එයා දිහා බලන්න හිත හදාගත්තේ එයාගෙන් කිසිම විදිහක ප්‍රතිචාරයක් නැති තැන. එහෙම බලද්දි ඇරලා තියෙන ජනේලයෙන් එපිට දුර ඈත බලන් ඉන්න ගංගාව මට පෙනුණා. ඒ දර්ශනේ චිත්‍රයක් වගේ කියලා මට හිතුණා. ඉස්සරම දවසක. පළවෙනි වතාවට කාසා ඇකඩමියෙදී ගංගා මගේ චිත්‍රයකට වාඩි වෙච්ච මුල්ම වතාවෙත් මට එයාව පෙනුණේ මේ විදිහටමයි. එදත් එයා ජනේලෙකින් එළිය බලාගෙන හිටියා. එදත් එයා ඇඳන් හිටියේ කහ පාට සැටින් නයිටියක්. එදත් එයාගෙ උරහිසේ තියෙන තුවාල කැළැල මගේ ඇස් පහුරු ගෑවා. එදායි මෙදායි අතර අපේ ජීවිත කොච්චර වෙනස් වෙලාද?” කියලා ගංගා දිහා බලාගෙනම මම කල්පනා කරා. කල්පනා කරද්දි මට හිතුණා අතීතයට දුවලා ගිහින් ජීවිතේ පරණ සිද්ධි මකලා දාලා එන්න. ඒත් එහෙම අතීතෙට දුවලා යනවා නම් කොච්චර නම් අතීතෙකට දුවලා යන්නද? (2020 මැයි 15 – සිකුරාදා) රෑ හරිම කළුවරයි. අමාවක වෙන්න ඇති, හඳ පළුවක්වත් අහසේ තිබුණේ නෑ. ඒක නිසාම වෙන කවදටත් වඩා තාරකා හොඳට පෙනුණා.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -20%
    (0)

    හැටේ දශකයේ අපූරු මිනිස්සු – Hete dashakaye apuru minissu

    බැලුමත් බේරා ගෙන ජලයත් හිස් කළ යුතුයැයි මට සිතුණි. මා කාමිනී පිලිබදව කටයුතු කළ යුත්තේ ද එලෙසය. නොඑසේ වුවහොත් බැලුම පුපුරා ජලය ද විසිරි ගොස් හානියක් වන්නා සේ කොයි සමොහොතක හෝ මා ව්‍යසනයට පත් වන්නට පුළුවන. කාමනි පිළිබඳව මා තුළ ඇති අදහස පැවසිය හැකි එකම පුද්ගලයා චරිත සේනය. ඔහු මට හිතවත්ය. වාහනයක් ඉතා වේගයෙන් අප පසු කර ගෙන ගියේය. එයින් එක දිගටම නිකුත් වුණු නළා හඬත්, ඇවිස්සුණු දුවිල්ලත් අපට අපහසුවක් ගෙන දුන්නේය. මේ සැරේ යුනිව සිටි එක්සෑම් එකේ තත්වේ කොහොම සිටීද චරිතෙ ? “ඔයා අහන්නේ විභාගෙට කොයි විදිහෙ ප්‍රශ්න එයි කියලද ? ඔව්. ඔව්. අපි නම් දැන් සිලබස් සේරම කවර් කරලයි ඉන්නේ. ඒ වුණාට සිලබස් එකෙන් පිට ප්‍රශ්නත් අහයි ද දන්නෑ නේද? එහෙම කරන්ට බෑ සේකර. ඒවා විභාග ආචාර ධර්ම වලට පටහැනියි. නීති විරෝධීයි. එහෙම දෙයක් සිද්ධ වුණොත් විභාග දෙපාර්තමේන්තුවට විරුද්ධව නීති මඟින් කටයුතු කරන්ටත් පුළුවන්. ඒක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. ඔහුගේ පැහැදිලි කිරීමෙන් පසු මම සතුටට පත් වුණෙමි. එතෙක් මා හිතා සිටියේ අප විභාගයෙන් අසමත් කොට විශ්ව විද්‍යාලයට තෝරා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කර ගැනීමට විභාග දෙපාර්තමේන්තුව සටකපට වැඩ පිළිවෙලක් අනුගමනය කරනවා ඇතැයි කියාය.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 400.00.
  • -20%
    (0)

    හියුෆන්ට් ප්‍රේමේ

    ෂයිලා නැගිට්ටා. නැගිටල පැත්තක තිබ්බ වානේ අඩිකෝදුව අරං එයා ඇඳල හිටිය බ්ලවුස් එකේ පහළ වාටියේ ඉඳන්, බාබර සන්සෝනි සරමෙ ගැටේ දක්වා නිරාවරණය වෙලා තිබ්බ බඩ මැන්නා!

    ”බලන්න…. බඩ අඟල් 9 යි පෙන්නේ… මගේ උස අඩි පහයි… එතකොට මගේ ඇඟෙන් අඩි හතරයි අඟල් තුනක්ම වැහිල… ප්‍රසන්ටේජ් එකක් හැටියට ගත්තොත්….” ගැනී ළඟ තිබ්බ කැල්කියුටරේට කෙටුව…

    ”…දළ වශයෙන් මගේ ඇඟෙන් සීයට අසූ හතරක් වැහිල… සීයට දාසයයි ඕපන්…!  එතකොට මොකක්ද ප්‍රශ්නෙ?”

    ”හරි… හරි… ඒක මගෙන් අහන්න එපා… මම කැමතියි ඔයා ඔහොම නෙවෙයි, ඔයිටත් අඩුවෙන් ඇඳං එනවනං…” ෂානා කිව්ව.

    ”ඌ විතරක් නෙවෙයි.. අපිත් කැමතියි… ” පැත්තක හිටිය යසිරුවා හොම්බ දැම්ම…!

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
  • -20%
    (0)

    හිරිකඩ – Hirikada

    මඳ අඳුර මුසු වූ අරුණෝදය තවමත් අලුත් දවස පිළිගන්නට නොකමැත්තෙන් මෙනි. අතහැර දැමුණු වෙල් යායේ ගෙවුණු රාත්‍රියේ පන් ගස් අතර නිදි සුව විදි කුරුලු බටිත්තෝ නිදි ගැට කඩමින් ඇහැරෙත් දී වෙල් යායේ කෙළවරකට වන්නට පිහිටි දේවිකාගේ කුඩා නිවස වෙල්යාය මත වියන් බැඳි සිහින් මීදුම අතරින් ඡායාවක් මෙන් ඈතට පෙනෙයි. නිවසේ වහලයෙන් පිට වන දුම් රොටු උදෑසන හිස් අහස් කුස සිපගනිත්දී දේවිකා ළිපගිනි අවුළවමින් ළිප අසලටම වී ඒ දෙස බලා බර කල්පනාවකය. උන්දැට උන දේ හොංකවිසියක්වත් මට හිතාගන්න බෑ. හරියට හොරු අරන් ගියා වගේ. ගමේ එකාල මොන තරම් කතන්දර කීවත් මයෙ හිත නම් කියන්නෙම තිස්සට කිසිම ආන්තරාවක් නෑ කියලයි. කවදහරි දවසක තිස්ස මේ වැට කඩුල්ල පැනල ගෙට ගොඩවදිනව කියල මට සහතිකයි. ඒත් එතකන් අපි ජිවත් වෙන්න එපැයි. ඒ හින්දයි හොඳට හිතල අද මේ තීරණය ගත්තෙ..ළිප් ගල් තුනට හිර වී ඇති වතුර කේතලය යහමින් පැසෙත් දී ඒ වගක්වත් නොදත් දේවිකා මොහොතින් කල්පනාවෙන් මිදුණෙ අසල පැදුරේ වකුටු වී නිදා සිටි හිච්චාගේ සිහින් කෙඳිරිල්ලටය. දේවිකා මොහොතින් හිස හරවා බලා උඩු කය වසාලූ මල් වැටුණු චිත්ත රෙද්ද යළි කර වටා දමා ගනිමින් මෙතෙක් හිඳ උන් ළිප අසලින් නැගිට හිච්චා නිදා සිටිනා පැදුර අසලට සමීප වූවාය.

    Original price was: Rs. 1,850.00.Current price is: Rs. 1,480.00.
  • -20%
    (0)

    හුන්නාකඩවර – Hunnakadawara

    ඒරොප්පෙන් ආ සුදු හම ඇත්තෝ සියවස් දෙක තුනක් තිස්සේ අප වනචාරීන් බවත්, මිථ්‍යා දෘෂ්ටිකයන් බවත් කියා දුන් හ. ඒ අනුව අටානූවක් සිතුම් පැතුම් ද නවානූවක් චාරිත්‍ර වාරිත්‍ර ද අපට බෝ කළෝ ය.

    දොරකඩ කුල්ල පේ කර එක ගෙයි කෑම ආදි නිදහසේ විවාහයේ රස බැලුවා වූ ගැමියාට තන මඬල නිරාවරණය කරගෙන ජීවත් වීමත්, තට්ටම් පෙනෙන්නට අමුඩය ගසාගෙන අව්වේ වැඩ කිරීමත් ලජ්ජාවක් සේ පෙන්නා දෙන්නට වූ හ.

    අනේ! කාලේ වනේ වාසේ!

    අපට ම්ලේච්ඡ යැ යි කියූ ඒරොප්පේ ඇත්තෝ දැන් එරමිණියා ගොතාගෙන චිත්ත පරිශුද්ධිය පතා බෝ සෙවණේ හිඳ බවුන් වඩති. මේවායේ අස්කොන්
    පීරා ඇත්ත තෝරාබේරා දීම අතිශය දුෂ්කර වටපිටාවක, සියවස් ගණනක් පාගා දැමූ දෙලොව වැඩ සදන දැනුම, ආකල්ප, ඥානය, ‘හුන්නාකඩවරේ’ දී ශකිල අපට සොයා පාදා දෙන්නේ ය. අලියා මතු නො ව අලියා ගේ වලිගයෙන් වැටෙන කෙන්දත් මනා ශක්තිමත් ඔසුවක් ලෙස පැරැණියන් සැලැකූ බව ඔහු වටහා දෙන්නේ ය.

    වෙද හෙද කම් කර තමන් සුවපත් කරන ‘හුන්නාකඩවරේ’ වෙද මහත්තයාට “අනේ උඹට බුදු බව අත් වේ වා” යි ගැමියෝ ප්‍රාර්ථනා කරති. ජාතික ලෙඩා සුවපත් කරන්නට, වළලා දැමූ ඥානය සොයා පාදා දෙන ශකිලටත්, “අනේ උඹට බුදු බව අත් වේ වා” යි කවර දා හෝ අසන්නට ලැබෙනු ඇත.

    මහින්ද ඉලේපෙරුම

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
  • -20%
    (0)

    හූ ඒට් මයි ඇපල් – Who ate my apple

    අල්පොන්සු දවස් කීපයක පටන් ඔහුගේ ඇස අග්ගිස්සෙහි මතුව තිබූ ගෙඩියක් හේතුවෙන් හටගත් වේදනාව දැනෙමින් ඔහුගේ හිස කෙළින් අතට හරවා ගනිමින් වේදනාව මග හරවා ගැනීමට උත්සාහ කරමින්, වේදනාව දැනෙන කොටස අතින් අතගාමින් ගෙඩිය ලොකු වී ඇත්දැයි බලමින් සෙමින් සෙමින් නින්දෙන් අවදි විය. අවදි වී විනාඩි කීපයක් එලෙසම එකම ඉරියව්වෙන් ඉඳ පසුව ඇඳෙන් බැස බිත්ති ඔරලෝසුව දෙස බැලූ අල්පොන්සු, ඔහු වැඩට යාම සඳහා සාමාන්‍යයෙන් අවදි වන වෙලාව පසු වී විනාඩි විස්සක් පමණ ගත වී ඇති බව දැක කලබල වී තම දුරකථනයේ සීනුව නොඇසුණේ ඇයිදැයි පරික්ශා කිරීමට ඇඳ අසල වූ කුඩා පෝටිකෝව මත වූ දුරකථනය අතට ගත් විට එය ක්‍රියා විරහිත වී ඇති බව දැක වහාම චාජරය ගෙන මේසය අසල වූ ස්විචයට සම්බන්ධ කොට රාක්කයේ වූ තුවාය ගෙන කල බලයෙන් වැසිකිළිය දෙසට ගමන් කිරීම සඳහා සිය කාමරයේ දොර විවර කළේය. අල්පොන්සු වැසිකිළිය දෙසට ඇවිද යමින් වෙනදා කුස්සිය දෙසින් සාලයට වැටෙනා ආලෝකය නොවීම පිළිබඳව ආතතියෙන් සිය මවද අද තවම අවදී වී නැති බවත්,

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    ෆස්ට් ක්ලාස් – First class

    මගේ අම්මා මට නේත්‍රා’ කියල නම් තිබ්බෙ මං ඉපදෙන්න තියා තමන්ට දරුවෙක් ගැන හිතන්නවත් පුළුවන් වයසකදී නෙවෙයි කියල. එයා කාලෙකට ඉහත දී දවසක් මා එක්ක කිව්ව මට මේ දැන් වගේ මතකයි. අම්මා පරම්පරාවෙන් ධනවත් පවුලක දෙටු දියණිය වෙලා යෞවනයේ දීම පරම්පරාවට පිටුපෑවත්, එයාට ඕන වෙලා තිබුණෙ මොනවද කියල එයා දන්නෙ නෑ කියලයි මගේ හිත දැන් කියන්නෙ. වෙච්චි දේවල් වලට වඩා කරගත්තු දේවල් ගැහැනියකට ඕන තරම් තියෙන්න පුළුවන්. එහෙම කියලා අම්මා කවදාකවත් පිළිවෙතින් පිට පැන්න ගැහැනියක් නෙවෙයි. පාරමිතාවක් පුරන දෙවඟනක් වගේ මගේ අම්මා මාව දෝතට ගන්න ඇති. ඇයගේ අතැගිලිවල පහස අදටත් එහෙමමයි. අද ඇයගේ දෙනෙතින් වැගිරෙන කාන්තිය, මා මෙලොව දුටු පළමු දා ඈ නෙත් තුළින් වැගිරුණ කාන්තියම වෙන්න ඇති. අද, දැන් ඇය තුළ කැලතෙන හැඟුම් සමුදායේ ඛර එදාත් එහෙම ම වෙන්න ඇති. ඒ මනඃකල්පිත කල්පනාවන්, මා සිත තුළ ඇති කරන විශ්වාසයේ පදනමයි. ලෝකය ආදරයෙන් සහ සාදරයෙන් මාව පිළිනොගත්තත්, මං මේ ලෝකයට ආවේ අනෙක් හැමෝම වගේ අඬාගෙන තමයි. ඒ හැඬීම අම්මාට ජීවත් වීමේ පුදුම ආසාවක් ඇති කරවන්න ඇති. ඒත් එදා මෙදා තුර අම්මගේ හැඬීම් ඉස්සරහ මං දියවෙලා යන්නේ ක්ෂණයෙන් කිව්වොත් එය නිවැරදිය.

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.