-
මයිසීලියම – Mycelium
Original price was: Rs. 1,100.00.Rs. 990.00Current price is: Rs. 990.00.ජෙසිකාගේ දකුණු කනේ වැදී රොකට්ටුව බිම වැටුණි. ඇය පැලඳ සිටි සුදු පැහැති රවුම් කරා බුව තවමත් සෙලවෙමින් තිබුණි. නමුත් ඒ පිළිබඳ නොතැකු ඇය බිම වැටී තිබුණු කඩදාසි රොකට්ටුව දෙස බලා සිටියාය. එය අතට ගත් ඇය පන්තිය පුරා දෙනෙත් යවමින් එහි අයිතිකරු සොයන්නට වූවාය. ගත වූයේ තත්පර කිහිපයකි. කඩදාසි රොකට්ටුව විසි කළ දරුවා දෙසට අත් දිගු කරමින් අනෙක් දරුවෝ සිනාසෙන්නට වූහ. ඇය ඔහු දෙසට නෙත් යොමු කළා පමණි, දරුවා ඇගේ මුහුණේ වූ කෝපය දැක බිම බලා ගත්තේය. තත්පර කිහිපයකින් ඔහු හෙමින් සීරුවේ නැවතත් ඇය දෙස බැලුවේය. එවරද බියට පත් වූ ඔහු නැවතත් බිම බලා ගත්තේය. ජෙසිකා මුහුණේ ව්‍යාජ කෝපයක් මවා ගත්තේ ඔහු කළ වැරැද්ද පිළිබඳ පෙන්වා දීමේ අරමුණින් යුතුවය. නමුත් ඔහුගේ බියමුසු මුහුණ දුටු ඇගේ මුවට සිහින් සිනහවක් නැගුණේ ඉබේටමය. බිම තිබුණු රොකට්ටුව අහුලා ගත් ජෙසිකාට එය දිග හැර බැලීමේ ළදරු ආසාවක් ඇති විය. ඇගේ මුවට නැඟි සිනහව දෙගුණ තෙගුණ වුයේ දිග හරින ලද කඩදාසියෙහි සඳහන් වූ දෙය දැකීමෙනි.
-
අඳුරුම අඳුරු රැය – Anduruma anduru reya
Original price was: Rs. 1,000.00.Rs. 800.00Current price is: Rs. 800.00.ඔහුට රිදුණේ නැත. රිදුණේ සිතටය. එහෙත් යකඩ පොලු පහරවල් වැදුණු තැන් වලින් ගලන ලේ දහර තවමත් ගලා යයි. මුහුණ සිරිලාය. ඇස් ඉඳිමී තිබේ. අත පය ගල් ගැසී ඇතිවාක් මෙනි. ඒවා සොලවන්නට නොහැකි ලෙස හිරි වැටී ඇති බවක් හැඟේ. සමහර විට කැඩී බිඳී ගොස් තිබෙන්නටද පුළුවන. ඔහු අපහසුවෙන් අවට දෙස ඇස් ඇර බැලුවේය. හැම තැනකම ඇත්තේ අඳුර පමණි. එතැනම ඇති අඳුරු බිත්තියේ කුඩා කවුළුවක් තිබේ. එයින් ඈත කොහේ හෝ තැනකින් එන ඉතා මලානික මඳ එළියක් කුටියට වැටේ. එම එළිය එන්නේ කොහි සිටදැයි නිනව්වක් ඔහුට නොවිණි. සමහර විට ඇතක දැල්වෙන කුඩා විදුලි බුබුලකින් එය එනවා ඇත. නැති නම් බිත්තියට පිටත තවත් මෙවැනිම කුටියකින් එය එන්නට පුළුවන. නැති නම් හඳ එළිය ද විය හැකිය. ඔහුට දැඩි පිපාසයක් දැනිණි. බඩගින්නක් නැත. මේ කුටියට තමා රැගෙන පැමිණි කීපදෙනා පිටව ගොස් දැන් බොහෝ වේලාවක් ඉක්ම ගොස් ඇත. ඔවුන් කිසිවෙකු ළඟපාතක ඉන්නා බවක් පෙනෙන්නට නැත. ඔවුන්ගේ පියවර හඬ සෙමෙන් ඈතට ඇදී මැකී ගිය හැටි ඔහුට මතක තිබේ. ඉඳින් අවට ළඟපාතක කිසිවෙකු අතැයි ඔහුට සිතුණේ නැත. එසේ සිටියත් කිසිවෙකු ඔහුට සවන් දෙයිද? කාමරය ඉතා කුඩා පුස් ගඳ ගහන එකකි. පොළොව සීතලය. වවුල් වසුරු පිරී ඇතැයි ඔහුට දැනිණ. පරණ ගෝනි පඩංගුවක් එක
-
නදීතෙර කුංචනාදය – Nadeethera kunchanadaya
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.ශ්‍රී ලංකාවේ වන ගහනයේ සතා ගහකොළ ගැනත්, ගිරි කඳුරු ගැනත්, ඒවායින් ප්‍රාණ වායුව ලබන වනවාසී ගැමියා ගැනත් සිංහල පාඨකයාට කියවන්නට ලැබුණේ සුද්දන් විසින් ඉංගිරිසියෙන් ලියන ලදුව පසුව සිංහලයට පෙරළුණු පොත්වලිනි. ලෙනාඩ් වුල්ෆ්, ජෝන් ස්ටීල්, ආර්. එල්. ස්පිට්ල් ආදීන් දුටු වන අසිරිය පරිවර්තකයන්ගේ මැදිහත් වීමෙන් සිංහලයට පැමිණිය ද පාඨකයා ඒවා පිළිගත්තේ උණුසුම් ලෙසකිනි. එහෙත් ඊට වැඩි ආශ්චර්යයක් සිංහල පාඨකයාට ලබා දීමට සමත් වූයේ – වඩාත් ලෙන්ගතු පිළිගැනුමකට ලක් වූයේ සිංහලයේ ප්‍රථම වන විත්ති සාහිත්‍ය කානිය වූ “දිගාමඩුල්ලේ ආශ්චර්යය යයි කීම ඉහත ලේඛකයනට කරන මදිපුංචි කමක් නොවේ. ඉංගිරිසින්ගේ පමණක් අවධානයට ලක් වූ වනය හා වනවාසී ගැමියා ලේඛනයට මූලාශ්‍ර කරගෙන සිංහලයේ වනවිත්ති සාහිත්‍යයේ පුරෝගාමියා වීමේ භාග්‍ය හිමිකර ගත්තේ “මායා රංජන් නැමැත්තෙකි. 1948 දී දිගාමඬුල්ලේ පාසලක ගුරුවරයකු වශයෙන් සේවයට ගිය වේයන්ගොඩ මහානාම රාජපක්ෂ මහතා දිගාමඩුල්ලේ ගැමියන් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනයක යෙදුණේය. දස වසරක් පමණ දකුණු වැව්ගම් පත්තුවේ වාසය කළ හෙතෙම දිගාමඬුලු ගැමියකු තරමට ජනතාවට බද්ද වූයේය. ගැමි දරුවනට අකුරු කරවමින්. ගැමියන් සමග හේන් කරමින්, දඩයමේ යමින් ලැබූ අත්දැකීම් ඇසුරින් ඔහු ලියූ දිගාමඬුල්ලේ ආශ්චයය (1957) නම් අගනා ග්‍රන්ථය “මායා රංජන්’ නමින් සිංහල සාහිත්‍ය වංශ කථාවට එක් වූවේය. කැළෑබද ගැමියන් ගේ හෘදය ස්පන්දනයේ රිද්මය කැටි වී ඇත්තේ ඔවුන්ගේ සජීවී බස්වහර තුළය. ඔවුන්ගේ ගැමි සුවඳ වහනය වෙන්නේ පාරම්පරික සිරිත් විරිත් හා ඇවතුම් පැවතුම් තුළය. වනයට මෙන්ම සිංහල ගැමියනට ද ආගන්තුක වූ ඉංගිරිසි
-
සිකුරාජධී – Sikurajadhi
Original price was: Rs. 950.00.Rs. 855.00Current price is: Rs. 855.00.ඉතින් මිස්ලා … කොහොමද ? වාඩිවෙන්ට වාඩි වෙන්නන්ට.. විදුහල්පතිතුමා තමන්ගේ මෙසෙ ඉස්සරහ තිබ්බ පුටු දෙක කෙල්ලො දෙන්නට පෙන්නුවා. තාරුකා මේසෙට ළං කරල තිබබ බර ලී පුටුව හෙමින් සැරේ අදින්න හදන කොටත් රේෂානි “බරා ස්!” ගාල තමන්ගේ පුටුව ඇදල ඉවරයි! ඒ සද්දෙට ප්‍රින්සිපල් විතරක් නෙවේ. ඇතුළට එන ගමන් හිටිය කාකාසත් ගැස්සිලා ගියා. “!” තාරුකාගෙ තරවටු කටහඩ රහසින් ඇහෙන කොට තමයි රේෂානිට සිද්ධිය තේරුණේ. හරිම අසරණ ගිනාවක් මුණට ගත්ත රේෂානි ප්‍රින්සිපල් දිහා බැලුවා. ප්‍රින් සිපලුත් අමුතුවට මුණ හදාගෙන ඊෂානි දිහා බලාගෙන හිටියා. අනේ සොරි සර්……..ෆ්ලෝ එකේ වැලිද කොහෙද….. පුටුව අදින කොට එකයි සද්දෙ ආවෙ. අතුගාල නැද්ද මන්දා… තාරුකා හෙමින් සැරේ මුණ බිමට නවාගෙන නළල අතගාගත්තා! ඒ ගමන්ම ආයෙම රහසින් වගේම ටිකක් තදින් “රේ…!” කියල කිව්වා. ප්‍රින්සිපල්ගේ ඇස් ලොකු වුණා. ඒ එක්කම ලොකු වුණ ඇස් දෙක ගියෙ කාකාසගේ පැත්තට. ඒ පාර නම් ඇස් ලොකු වුණේ කාකාසගේ ! ම – මම උදේ අතුගැවනෙ සර්. මම ආව ගමන් කරන්නෙ ඔෆිස් එක අස් කරන එකනේ…” ඒත් ඉතින් ප්‍රින්සිපල් නම් කළේ කාකාසගෙ දිහා බලාගෙන හිටපු එක ! *ඇයි? * විනාඩි යයි තප්පර පහකට විතර පස්සෙ ප්‍රින්සිපල් කාකාසගෙන් ඇහුවා. ඈ..! ඇයි අහන්නෙ සර්, ඉතින් ඔෆිස් එක අස්පස් කරල අතුගාන්ට එපායැ!”
-
දමරඣ – Damarajha
Original price was: Rs. 1,800.00.Rs. 1,620.00Current price is: Rs. 1,620.00.ගලා යන දිය රළක මෙන් උස් පනත් වීම සහිත වූ රටාවකට මුහුදු ලිහිණින් නෞකාවේ කුඹ ගස අන්තයේ ගෑවී නොගෑවී පියඹා ගොඩබිම දෙසින් හමා ආ සුළං ධාරා විඳ දරාගනිමින්, ඒවාට ප්‍රතිරෝධයට දක්වමිනි. ලිහිණින් රංචුවේ පුරෝගාමී ලිහිණියා රටාවේ ඊ හිසක් වන් තුඩ පියඹා ගියෙන් අන් පක්ෂීන්ට තිබුණේ ඌ ලුහුබැඳීම ම පමණකි. හිරු අතාංගගත වීමට හෝරා කීපයක් තිබුණෙන් ලිහිණින් ඇදෙන්නේ උන්ගේ කැදලි කරා විය නොහැක. සයුරු රළ අතරින් ඔබ මොබ හිස් ඔසවා තිබූ ගල් පර නොසැලකිය හැකි තරමේ වූ බැවින් මුහුදෙන් වෙන් වූ කදිම තටාකයක් වන කොටසකින් සුසැදි ගොඩබිම දෙසට ලිහිණින්ගේ පියා සැරිය යොමු වුයේ කුසට තවත් යමක් එකතු කර ගැනීමේ අභිලාෂය පෙරදැරිවය. ඒ ගෝකණ නතිත්ථය යි. ජම්බුද්වීපය ආශ්‍රිත සාගර කලාපයේ නාවුක වෙළහෙළඳාමේ ප්‍රබල කාරියක් ඉටු කරනා ගෝ කණ්නයේ චිරප්‍රසිද්ධ වරාය යි. මුදු ලිහිණින් රෑන පියඹා ගොස් දැවමය නෞකා තට්ටුවක් මත ගිමන් හරින්නට වූයේ තව මොහොතකින් වරායෙන් ඉවත දමන අබලි ද්‍රව්‍යයක හෝ ධීවරයන්ගේ අපද්‍රව්‍ය වල ඇති යමක් තම රාත්‍රී භෝජනයට ගෙන, වරාය ඉස්මත්තේ ඇති ගල් පරවල ඇති කැදලිවල සිටිනා තමන්ගේ පැටවුන්ට ද ඉන් කොටසක් රැගෙන යාමේ බලාපොරොත්තු ඇතිවය. සැලකිය යුතු තරමේ විශාල වරායේ නෞකා රාශියක් ගාල් කර තිබුණෙන් එහි පිරි ඇති කරදිය පරිමාව පිළිබඳ ඉහළ ප්‍රදීපාගාරයේ සිට බලනෙකුට සිතාගත නොහැකි ය. අ
-
සදහස[දමරඣ 2] – Sandahasa
Original price was: Rs. 2,200.00.Rs. 1,980.00Current price is: Rs. 1,980.00.බොහෝ මුරුණ්ඩ ‘ වාංශික මිනිසුන් නම් රජුගේ නුගුණ කියමින්, ඔහුට සාප කරමින් සිටි සමයකි මේ. තම වංශය නසා රජ බවට පත් වූ ක්ෂත්‍රිය ග්‍රාමණේය වාංශිකයෝ දැන් මේ දඹදිව වයඹදිග සත්‍ය පුත්‍ර මණ්ඩලය නම් වූ මේ දේශය සෑම තැනකම පැතිර සිටිති. උතුරු දිගින් පැමිණෙන්නා වූ පාර්සිවරුන්ගේ සේනාංකයන්ට මුහුණ දීමට තරම් පුණ්ඩු සේනා ශක්තිමත් නොවුවත්, සිංහල රජුගේ පාර්සි මිත්‍ර සබඳතා නිසා එහි යම් සහනදායක බවක් වෙතැයි මුරුණ්ඩ සහ ග්‍රාමණේය දෙවාංශිකයෝම සිතා සිටියහ. එමෙන්ම යවන දේශයේ මහා අලිසන්දර රාජයාට පවා සිංහල රජු හිතවත්කම් පෑවේය. එබැවිනි ඔහු තම පියාණන්ගෙන් උරුම වූ සින්ධු දේශය හැර දමා මුරුණ්ඩ වාංශික සක්කයින්ගේ මේ දේශය තම අණසකට යටත් කරගත්තේ. අසරුවා කෙමෙන් කෙමෙන් මේ ගමන් ගන්නේ වර්තමානයේ සිංහල රජුගේ මාළිගය වූත්, මීට කලකට ඉහත දී පණ්ඩු නම් සක්ක ගෝත්‍රයේ මුරුණ්ඩ වාංශික රජුට අයත්ව තිබූත් සුවිසල් ප්‍රාසාදය දෙසට දිවෙනා අගනුවර ප්‍රධාන වීදිය වෙතටය. අනෙකුත් පරිවාර වීදි තරමට ජනාකීර්ණ නොවූ මේ වීදියේ වැඩි වශයෙන් ගැවසුණේ රාජකීයයන් සහ සෙබළ ජනයාය. කඩපිල් සහ යාචකාදීන්ගෙන් තොර වූ මෙම මහා විදිය කළු ගලින් බැඳ නිමවා තිබුණේ නිතරම ඒ මේ අතට යනෙනා අශ්ව රථ, අසරුවන් ආදීන්ගේ පහසුව තකාය. මඟ දෙපස වැඩිමනත් පැවතියේද රාජකීයයන්ගේ කිසියම් රාජකාරි කටයුතු සඳහා යොදාගනු ලැබුණා වූ කාර්යාල වර්ගයේ ගොඩනැගිලීම පමණි. දළ පිළි පොරවාගත් අසරුවා රැගත් කාළ වර්ණ අසු මහා වීදියට අවතීර්ණ වූ පසුව ඌට ඒකාකාරි ගමනක යෙදීමට අවසර ලැබිණි. අසරුවා එතෙක් වේලා සිදු කළ ප්‍රවේශම් සහිත අසු හැසිරවීම අවසන් කර ඌට නිදහසේ ඉදිරියට ගමන් කිරීමට ඉඩ ලබා දී තිබිණි. ඒ වෙනුවට ඔහු සිදු කළේ පරීක්ෂාකාරී අන්දමින් වටපිටාවේ වූ ගොඩනැගිලි ආදිය දෙස බැලීමයි.
-
සූරිය කුසුම – Sooriya kusuma
Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.ගිම්හාන රාත්‍රියේ මහ මඟ දෙපස විසල් තුරු මුදුන් අතරින් ගලා ආ මලානික සඳ පළිය තාර පාර මත අක්‍රමවත් රටාවන් විසුරුවා දමා තිබිණි. හාත්පස පැතිර ගිය අඳුර සමඟ සිහින් මීදුම් දුමාරයක් ද මිශ්‍ර වී ඇත. දිවාකල සැව හිරු රැසින් උණුසුමට තිබූ පරිසරය බටහිර දෙසින් හමන සිහිළැල් වා රැලි දැවටීමෙන් සෙමෙන් නිවෙමින් පවතී. පාර දෙපස දුරින් තැනින් තැන පිහිටා තිබූ වීදි පහන් වලින් ද ආලෝකය විහිදුණෙ යාන්තමිනි. ඉඳ හිට අතරින් පතර නැඟෙන බල්ලන්ගේ බිරුම් හඬත්. නිශාචර පක්ෂීන්ගේ සහ රැහැයියන්ගේ හඬත් පාළු මුසල නැගීමත් ඇති කළා මිස, ඇගේ සිතට බියක් නම් ගෙන දුන්නේම නැත. ඇය අඳුර මැදින් ඉදිරියටම යමින් සිටින්නීය. ඒ වන විටත් ඇය කිලෝමීටරයක පමණ මඟ ගෙවා දමා තිබුණාය. අතර මඟදි කිසිවෙකු හෝ ඇයට මුණ ගැසුණේ ද නැත. මධ්‍යම රාත්‍රියට ආසන්න හෙයින් අසල්වැසියන් නින්දේ පසුවනවා විය යුතුය. ඉඳ හිට වාහනයක් දෙකක් හමුවුණ ද ඒ හැම මොහොතකම ඇයට මුවාවෙන්නට සුදුසු තැනක් ලැබිණි. සිය ගැහැනුකම යටපත් කරමින් සිතට නැඟුණ මහා ආත්ම ශක්තිය පිළිබඳව ඇයට ද ඇත්තේ පුදුමයකි. ඇ තුළ සිටි අඳුරට සහ තනිකමට බිය යුවතිය එකවරම එඩිතර එකියක වී සිටින්නීය. සියලු බාදක බැමි පවුරු සිඳ බිඳ දමමින් ඉදිරියටම යාහැකි අමුතු ජවයකින් මුළු සිරුරම උණුසුම් වී තිබේ.
-
නේත්‍රා- Nethra
Original price was: Rs. 1,800.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00.මං කියන හැම දෙයක්ම විශ්වාස කරන්න – නේත්‍රා. මං මහ පොළොව වගේ ඔයාගේ දුක දරා ගන්නම්. ඔයා දන්නවද? ඔය ඇස් දෙකෙන් ඉහිරෙන්නෙ මල් සුවඳ. ඔහොම බලද්දි මට දැනෙන්නේ තාරකා රංචුවක් නිලි වැස්සට පෙඟිලා මගේ ආත්මය ඇතුළෙ සැරිසරනවා වාගේ. ඔයා අහිංසකයි. සඳ වගේ අහිංසකයි. ඉස්කෝලේ යන කාලේ මට ඔයාව ලැබුණ නම්….. ඒත් මං පිං කරලා නෑ. එහෙම වුණා නම් මං කොළඹ අතෑරලා නුවරට එනවා. ඔයාලගේ ගෙවල් ළඟ තියෙන ඔලිඳ ඇළට පැනලා ඔය සඳ මුණට පැන් ඉහිනවා. දෙණියේ අන්දර දෙවටෙදි නැවතිලා සුදු ගවුමෙ තුත්තිරි ගලවනවා. ඔය පොඩි ටිකිරි පාවල බොරළු ඇනෙන්න නොදී මගේ ඇඟට වාරු කරගන්නවා. ආදරේ හැටි එහෙම තමයි… ඇයි මං විශ්වාස කරන්නෙ නැත්තේ? මගේ පපුව විවර කරන්න පුළුවන් නම්, මං එයාට පෙන්නනවා. ඔයා හින්ද මගේ පපුව ආදරෙන් පිරිලා තියෙන හැටි. එහෙනම් මං දන්නවා, ඔයා මාව සිප ගන්නවා දහස් වතාවක්… ඇයි මට පිස්සෙක් වගේ කියවන්න දිලා බිම බලාගෙන ඉන්නේ…. කියන්න.. එක වතාවක් කියන්න. මං ඔයාට ආදරෙයි විශ්ව කියලා… ඔහු එක දිගටම කියාගෙන යයි. බැහැ මම තරයේ කීවෙමි. මම බෙහෙවින් බිය වීමි. තිගැස්සුණෙමි. ජීවිතයට බලාපොරොත්තු දෙන්නේ කොහොමද? මම හඬා
-
අවි- Avi
Original price was: Rs. 550.00.Rs. 440.00Current price is: Rs. 440.00.ජීවිතය කියන්නෙත් හරියට පොතක් වගේ දවසෙන් දවස අපි ඒ පොත කියවනවා. අලුත් අත්දැකීම් ලබනව විතරක් නෙවෙයි හුඟක් දේවල් ඉගෙන ගන්නවා. සමහරු තමන්ගෙ ජීවිත පොත බොහොම කැමැත්තෙන් කියවනවා. ඒත්, තවත් අය මේ පොත කියවන්නේ බොහොම අකමැත්තෙන්. නොකියවා බැරිකමට. කැමැත්තෙන් කරන ඕනම දේක ඇති ශක්තියට වඩා අකමැත්තෙන් කරන දේවල්වල වේදනාව දහස් ගුණයකින් වැඩියි. ඒත්, එහෙමයි කියල ඒ දේවල් කාටවත් ඕන විදියට අතාරින්න පුළුවන් කමකුත් නෑ. හැබැයි. ඒ අකමැති දේවල් වෙනස්ම ආරකට හරවලා ඒවා අපි කැමතිම දේවල් බවට පත් කර ගන්නත් හැකියාව තියෙනව. ඊට පස්සෙ අපි කැමතිම දේවල් බවට පත්වෙන්නෙ කලින් අපි අකමැතියි කියල අතාරින්න හිතාගෙන හිටිය දේවල්. මේ කතාවත් අන්න ඒ වගේ එකක්. සර් ආවෙ මං වෙනුවෙන්මයි. ඒක මට විශ්වාසයි. ඇත්තමයි ඒක අහඹු සිදුවීමක් වෙන්න බෑ ‘ එතුමා මට මුණ ගැහුණ දවසෙ මම එහෙම කිවුවා. ඒක මම කිවුවේ අතිශයෝක්තියෙන් නෙවෙයි. අවංකවම මගේ හිතට දැනුණ නිසා. එදා ඉඳන් තමයි දවසෙන් දවසම මගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තෙ. ඉතින්, මට මතක් වුණා බුදුන් දවස බොහෝ පුද්ගලයන්ට නිවන් දකින්න තරම් පින් බලයක් තිබුණ කතා පුවත් ගැන. තමන්ට ගැළපෙන කර්මස්ථානයත් ඒ අය අවටම තිබුණ. උදාහරණයක් විදියට ගත්තොත්, චුල්ලපන්ථක කුමාරයාට සත්‍ය වටහා ගන්න
-
ඈ – The SPA Women
Original price was: Rs. 550.00.Rs. 440.00Current price is: Rs. 440.00.වසර දොළහකට අධික කාලයක් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙකු ලෙස ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය තුලත්, වසර අටක පමණ කාලයක් ජනමාධ්‍ය පාඨමාලා දේශකයකු ලෙස උපකාරක පෘති වලත්, වසර පහකට ආසන්න කාලයක් පුද්ගල සංවර්ධන දේශකයකු ලෙස පාසැල්, වැඩබිම්, ඇඟළුම් කම්හල්, නොවන සහ ක්‍රීඩා සමාජ වලත් ගැවසී ඇත්තෙමි. ඒ ඒ තැන් වලදී, ඒ ඒ කාල වලදී. මා වෙත මුණ ගැසුණු ගැහැණු පිරිමි සහ ළමුන්ගේ බොහෝ ජීවිත කතා, මා වෙත පවසා ඇතුවාසේම ඇතැම් කතා මගේ බලවත් ඉල්ලීම මත, ඔවුන් මා හා පවසා ඇත. පළමු වසර පහ පමණක් මා මගේම පවුල තුළ ආදරය විඳිමින් ජීවත් වුවද, ඉතිරි මුළු කාලයම මෙම සමාජය සමඟ ගැටෙමින් ගත කළ බැවින්, පෙර කී අස්වාභාවික මරණය ලොවෙහි සියලු දේ කෙරෙහි බලපවත්වමින් තිබෙන බව දිනෙන් දින තහවුරු වන විට, ඒ පිළිබඳව කම්පා නොවී සිටිය නොහැක. වගකිව යුතු මිනිසෙකු ලෙස, ඒවා දෙස, ඔහේ බලන් සිටීමේ හැකියාවක්ද නොමැත. දිවා රෑ වෙහෙසෙමින් පුද්ගල සංවර්ධන ක්ෂේත්‍රය තුළම නිරත වුවද, පසුදා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී සිදුවන්නේ හදවත පාරවන දේ කියවීමටයි. මෙම කෙටි නවකතාව තුළද කියැවෙන්නේ. අස්වාභාවික මරණයක් කරා යමින් සිටි ගැහැණියකගේ කතාවකි. මෙය නවකතාවක් වුවද, මෙහි කියැවෙන්නේ, ඔබ, මා. අප අවට සිදු වෙමින් පවතින අස්වාභාවික මරණයේ කතාවේ එක් පැති කඩකි. එබැවින් මෙම කෙටි නවකතාව කියවා. පොතේ ගුණ දොස් ගැන කියනවාටත් වඩා, ඔබ අවට සිදුවෙමින් පවතින දේ කෙරෙහි ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න ගැන සිතනවා නම්, එය මගේ මෙම ලියැවිල්ලේ අරමුණයි. මා වෘත්තීය මට්ටමේ















