-
ආකාස පාලුව – Akasa paluwa
Original price was: Rs. 1,150.00.Rs. 1,035.00Current price is: Rs. 1,035.00.කල්පනාවේ ගැඹුරක ගිලී උන් තරින්දා මැද කාමරයෙහි තිර රෙද්ද මඳක් ඇත් කර බලා සිටියේ තනි අතින් බෝල කුඩුවේ එල්ලී හිඳින ළා නිල් පැහැති රේන්ද පටියකින් අත් කටත්, කර වටත් හැඩ කළ සුදු පැහැ රෑ ඇඳුම දෙසය. එය එතැන සුපිළිවෙළට එල්ලා අල්මාරියෙහි වූ අත් බෑගයත්, කණ්ණාඩි මේස ලාච්චුවෙහි වූ අත් ඔරලෝසුවත්, පටි දෙකේ රන්පා ජෝඩුවත්, කළු කුඩයත් රැගෙන එක්වරම ඒ අතුරුදන් වීම සිදු වූයේ මැදියමද, අලුයමද කියාය. හැඳගෙන යන්නට ඇත්තේ කුමක්දැයි නිශ්චය කර ගැනීමට තමාම ඇද බලනු ලැබූ ඇඳුම් ගුළි කර ඔබා ඇති දොර දෙකම හැර දැමූ අල්මාරිය. බිත්තියට හේත්තු වී හිඳින්නේ නිදහසේ අත් පා විදා උන් උස මහත අපිළිවෙළ ගැහැනියක මෙනි. පරඬැලක් සේ එහා මෙහා ඇවිදිමින් අහේතුකව බැණ වදින හඬක් ගෙයි කොයි මුල්ලකින් හෝ යළි මතු වෙනවා නම් යන සිතිවිල්ල ඇගේ උගුර සිර කරන්නට විය. ආලින්දයේ බිත්ති මුල්ලට කර තැබූ කනප්පුව මත තබා ඇති දුරකතනය අතට ගත් ඈ දෙගිඩියාවෙන් මෙන් අංක මත ඇඟිලි තෙරපන්නට වූවාය.
-
අසීමා – Aseema
Original price was: Rs. 1,250.00.Rs. 1,000.00Current price is: Rs. 1,000.00.කබායේ සාක්කුවලට දෑත් ඔබාගෙන ආත්ම විශ්වාසයෙන් බිම බලාගෙන සිටිය ඇය වටපිට නොබලාම රථයට ඇතුළු වුණා. අසුන් ගත් සැණින් මුහුණ ආවරණය කරලා තියෙන කළු පාට සළුව ඉවත් කරද්දී රථයේ ඉන්න හැමෝම ඇය දිහා බැලුවා. මනබන්දනීය සුවඳකින් සහ මනස්කාන්ත ආලෝකයෙන් රථය පිරිලා. නිවි නිවී දැල්වෙන්වෙන පාට පාට නියෝන් ආලෝක රටාවන් සුව පහසු අසුන්වල වාඩි වෙලා ඉන්න නන්නාඳුනන්නන්ගේ සිරුරු වර්ණවත් කළා. ඇය ඔවුන්ට සිනාවක් පෑවත්, ඒ සිනහව ඔවුන්ට පෙනුණේ නෑ. ඔවුන් කුතුහලයෙන් ඇය දිහා බලාගෙන ඉන්නවා වගේ ඇයට පෙනුණා. පැළඳගෙන ඉන්න වෙස් මුහුණු නිසා මුහුණේ හැඟීම් සහ දැනීම් නොපෙනුණත් සියලු දෙනාම සැබැවින්ම සිනා වෙන්න ඇති කියලා ඇය විශ්වාස කළා. මේ ලිමෝසින් රථය යන්නේ කොහෙටද කියලා කාටවත් කිසිම අවබෝධයක් තිබුණේ නෑ. ක්‍රම ක්‍රමයෙන් දැල්වෙන ගින්නක් වගේ හැමෝම තුළ වර්ධනය වුණේ අමුතු කුතුහලයක්. වෙස් මුහුණු පැළඳ ගත්ත තරබාරු පිරිමින් දෙන්නෙක්, වයසක කාන්තාවක් සහ තවත් තරුණ කාන්තාවක් ඇතුළේ වාඩි වෙලා හිටියා.
-
බිසෝ උරුමය – Biso Urumaya
Original price was: Rs. 1,250.00.Rs. 1,000.00Current price is: Rs. 1,000.00.වජ‍්‍රය නම්වූ සුන්දර ගිරි රාජධානියේ මහරජුට දාව දාසියක කුසින් උපන් මායා කුමරිය ඇගේ උපතින් දෙවන දින සිට රාජකීය වෙදනාගේ කෲර වෛද්‍ය පරීක්ෂණයක ජීවී මෙවලම වන්නේ පිය රජුගේම අවසරයෙනි. අනාගතයේ එන්නාවූ යුද්ධයකදී ජීව අවියක් වන්නට නියම කර රති කාම කලාවන්හි නිපුණ කරවමින් අභිරූපී ඈ උස්මහත් කරනුයේ සතුරු රජුගේ දිවි තොර කිරීම වෙනුවෙන්මය. වජ‍්‍රයේ මහ රජුගේ අතිජාත දියණී යැයි මුසා දොඩමින් ඈ සතුරු රජු වෙත බිසෝ කොට යැවීම පසුපස ඇත්තේ වසර ගණනාවක රාජ්‍ය තාන්ත‍්‍රික කුමන්ත‍්‍රණයකි. අධිරාජ බෑණනු වූ වර්ධාර මහරජු සුරූපී කුමරි වෙසින් තමුන් වෙත එළැඹෙන මරණය දෝත පා පිළිගනීද?
ජීව අවියක නොකියවා, අත් හැර දැමූ හදවත ඔහු කියවා ගනීද?
මරණයම මිස ජීවිතය බෙදා හදාගන්නට විෂ කන්‍යාවකට හැකි වේද?
බිසෝ උරුමය- වජ‍්‍රයේ ගිරි ශිඛර අතරේත්, වර්ධාරයේ දිව්‍යමය ගංධාරයේත් ජීවත්වූ නන්විධ ස්ත‍්‍රීන්, පුරුෂයින් හා අර්ධ ස්ත‍්‍රී- පුරුෂයින්ගේ ජීවන චරිත අතරේ දිගහැරෙන අපූර්ව කතාපුවතකි. -
රාවණ් ලියෝ – Ravan Leo
Original price was: Rs. 1,100.00.Rs. 990.00Current price is: Rs. 990.00.“රාවණ්” ප්‍රධානියාගේ තියුණු දෑස් එක එල්ලේම නවකයා වෙත එල්ල විය. ඒ හඬ ගොරෝසුය. බැල්ම නවකයාගේ සර්වාංගයම විනිවිද යන්නක් විය. ඔහු තත්පර කිහිපයක් තම ආධුනිකයාව අධ්‍යයනය කරමින් සිටියේය. ” තමුන්ගේ නම් රාවණ්. එහෙමද ? තමා ඉදිරියේ සිටින නවකයාගේ පෞද්ගලික ලිපි ගොනුවේ කවරය දෙස බලමින් ප්‍රධානියා නැවතත් විමසුවේය. රාවණ් ලියෝ.” නවකයා පිළිතුරු දුන්නේය. “උපන් ගම.. ? ” “ලග්ගල, සර්.” ලග්ගල. ප්‍රධානියා ප්‍රතිරාවය කළේය. එම හඬෙහි සියුම් උපහාසයක් ගැබ් වී තිබිණි. “ලංකාගල, ලක්ගල, යක්ගල, එහෙමත් නැත්නම් ලක්පුර, ලංකාපුර, යක්පුර…” ඔහුගේ වචන හිස් අවකාශයේ දෝංකාර දුන්නේය.
-
මයිසීලියම – Mycelium
Original price was: Rs. 1,100.00.Rs. 990.00Current price is: Rs. 990.00.ජෙසිකාගේ දකුණු කනේ වැදී රොකට්ටුව බිම වැටුණි. ඇය පැලඳ සිටි සුදු පැහැති රවුම් කරා බුව තවමත් සෙලවෙමින් තිබුණි. නමුත් ඒ පිළිබඳ නොතැකු ඇය බිම වැටී තිබුණු කඩදාසි රොකට්ටුව දෙස බලා සිටියාය. එය අතට ගත් ඇය පන්තිය පුරා දෙනෙත් යවමින් එහි අයිතිකරු සොයන්නට වූවාය. ගත වූයේ තත්පර කිහිපයකි. කඩදාසි රොකට්ටුව විසි කළ දරුවා දෙසට අත් දිගු කරමින් අනෙක් දරුවෝ සිනාසෙන්නට වූහ. ඇය ඔහු දෙසට නෙත් යොමු කළා පමණි, දරුවා ඇගේ මුහුණේ වූ කෝපය දැක බිම බලා ගත්තේය. තත්පර කිහිපයකින් ඔහු හෙමින් සීරුවේ නැවතත් ඇය දෙස බැලුවේය. එවරද බියට පත් වූ ඔහු නැවතත් බිම බලා ගත්තේය. ජෙසිකා මුහුණේ ව්‍යාජ කෝපයක් මවා ගත්තේ ඔහු කළ වැරැද්ද පිළිබඳ පෙන්වා දීමේ අරමුණින් යුතුවය. නමුත් ඔහුගේ බියමුසු මුහුණ දුටු ඇගේ මුවට සිහින් සිනහවක් නැගුණේ ඉබේටමය. බිම තිබුණු රොකට්ටුව අහුලා ගත් ජෙසිකාට එය දිග හැර බැලීමේ ළදරු ආසාවක් ඇති විය. ඇගේ මුවට නැඟි සිනහව දෙගුණ තෙගුණ වුයේ දිග හරින ලද කඩදාසියෙහි සඳහන් වූ දෙය දැකීමෙනි.
-
සිතේ කෙටණූ දේවනගර – Sithe ketunu devanagara
Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.මතුපිට එකතු ව ඇති කඩිත්තක දිය නළියනවා සේ පෙනෙන තරමට දැඩි අව් රැසින් උණුහුම් වූ මාර්ගය ඔස්සේ ඈතින් ඇදි එන කුඩා වැන් රියෙකි. වනයේ දී නම් දිය නළියනවා සේ පෙනෙන හෙයින් මේ සැබෑ වතුර යැයි රැවැටී එහි වෙසෙන පිපාසිත මුවන් එය කරා දුව එතැයි පැවැසේ. එහෙත් මුවන් සමීප වන විට ඒ දිය තව තව ඈතට යේ. එහි ඇති මායාව එයයි. එය මායා – දියෙකි. වෑන් රියට ඉහළින් උස් අහස් කුස වටා රවුම් ගසන උකුස්සකු ඇයට පෙනේ. විහිදාගත් තම තටු නොසලා රවුමේ යන ඌ ඉහළට ඉහළට යයි. මායා දිය නොහොත් මිරිඟුව ඇති වනුයේත් උකුස්සාට පාවී ඉහළට යාමට වායු ප්‍රවාහය තනනුයේත් දහවල පොළොව රත් වී ඉහළට නැගෙන සංවහන වායු දහරායි. ඉහළට නැඟෙන වායු වැල් හඳුනාගෙන ඒ ආධාරයෙන් තටු නොගසා නොවෙහෙසී ඉහළට නැඟීමේ නුවණ උකුස්සා පරිණාමයෙන් ලත් වාසියෙකි. එහෙත් මුවා දිය මායාවට රැවැටී ඒ කරා යෑමෙන් මුදවා ගැනීමේ නුවණ ලබා දීමට පරිණාමයට නොහැකි විය. වෑන් රිය නතර කළ විට දරුවෙක් රියෙන් බැස්සේ ය. ඒ හාම බැසගත් කාන්තාවක – බස් රියදුරුගේ බිරින්දෑ – පාරෙන් මෙපිටට පුතු සමඟ විත් යුහු යුහු ව ආපසු ගියාය. දරුවා තම එක් අතක් පද්දමින් ගේට්ටුව කරා ඒ. ගේට්ටුවෙන් ඇතුළත නා නා තරමේ අනේක ගස් ගහන ගෙවත්තේ අඳුරු ගොම්මනේ ඇති උස් සොල්දර ගෙයක පහත මාලයේ ජනේලයෙන් ඇය බලාගෙන සිටින්නීය.
-
මෙලඩි – Melody
Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.සිහළ සුළඟක් හමා ගියේය. ඔව්. ඒ දෙසැම්බර් මාසයේ තවත් එක් සීතල දවසකි. නමුත් වෙනදාට නැති උණුසුමකින් එය පිරි තිබුණේ නිමාවීමට යන වසරට ආශිර්වාද කිරීමට විය යුතුය. මේ මොහොතේ නගරයේ උණුසුම වැඩිම ස්ථානය වූයේ ශ්‍රවණාගාරයයි. එයට හේතුව වූයේ වසරේ දැවැන්තම ප්‍රසංගය ඇරඹීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණක් වීමයි. බොහෝ දෙනෙක් වසරක් පුරා බලා සිටියේ මේ වෙනුවෙය. නිවැරදිවම කිවහොත් වසර ගණනාවක්ම කුඩා දැරියන් දෙදෙනෙක්ද ඒ වෙනුවෙන් සැදී පැහැදි බලා සිටියේ ශ්‍රවණාගාරයේ සුවිසල් දොර කොයි මොහොතේ විවර කරයිද කියා ඇඟිලි ගනිමිනි. නමුත් තම ප්‍රවේශ පත්‍ර වල විශාල අකුරින් මුද්‍රණය කර තිබූ සරල අකුරු කිහිපය ඔවුන්ට සැබෑම අභිරහසක් විය. ” ඇයි මේකට මෙලඩ් කියලා නම දාල තියෙන්නේ?” එක් වරම සොෆී තම මිතුරියගෙන් ඇසුවාය. නමුත් ඇයට සාර්ථක පිළිතුරක් ලැබුණේ නැත. ඇගේ යෙහෙළිය දෙවුර සැලුවේ ඇයට ද ඒ පිළිබඳව හරි අවබෝධයක් නොමැති බව පැවසීමටයි. ඔවුන් මේ පැමිණ සිටියේ වසරේ දැවැන්තම වාද්‍ය ප්‍රසංගය නැරඹීම සඳහා බව පැවසීමට අටුවා ටීකා අවශ්‍ය නැත. හුදෙක්ම මෙය වසරේ දැවැන්තම ප්‍රසංගය පමණක් නොව ජනප්‍රියම ප්‍රසංග යද විය. සුප්‍රකට සංගීතඥයෙකුගේ සංගීත ජීවිතයේ දශකයේ කඩ ඉම සනිටුහන් කිරීම උදෙසා පවත්වනු ලබන මෙය ඉතා දුර්ලභ ප්‍රසංගයක් වූ නිසාමදෝ ටිකට් පත් විකිණී අවසන් වූයේ මීට මාස ගණනකටම පෙරාතුවයි. ඒ තරමටම සුවිශේෂී වූ මෙම ප්‍රසංගයට මෙලඹී වැනි සරල නාමයක් ලබා දීම තරමක් පැටලිලි සහගතය. අවුරුදු දාහතරක සොෆිට හා ඊවිට නම් එය කොහෙත්ම තේරුම් ගත නොහැකි විය.
-
සූරිය කුසුම – Sooriya kusuma
Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.ගිම්හාන රාත්‍රියේ මහ මඟ දෙපස විසල් තුරු මුදුන් අතරින් ගලා ආ මලානික සඳ පළිය තාර පාර මත අක්‍රමවත් රටාවන් විසුරුවා දමා තිබිණි. හාත්පස පැතිර ගිය අඳුර සමඟ සිහින් මීදුම් දුමාරයක් ද මිශ්‍ර වී ඇත. දිවාකල සැව හිරු රැසින් උණුසුමට තිබූ පරිසරය බටහිර දෙසින් හමන සිහිළැල් වා රැලි දැවටීමෙන් සෙමෙන් නිවෙමින් පවතී. පාර දෙපස දුරින් තැනින් තැන පිහිටා තිබූ වීදි පහන් වලින් ද ආලෝකය විහිදුණෙ යාන්තමිනි. ඉඳ හිට අතරින් පතර නැඟෙන බල්ලන්ගේ බිරුම් හඬත්. නිශාචර පක්ෂීන්ගේ සහ රැහැයියන්ගේ හඬත් පාළු මුසල නැගීමත් ඇති කළා මිස, ඇගේ සිතට බියක් නම් ගෙන දුන්නේම නැත. ඇය අඳුර මැදින් ඉදිරියටම යමින් සිටින්නීය. ඒ වන විටත් ඇය කිලෝමීටරයක පමණ මඟ ගෙවා දමා තිබුණාය. අතර මඟදි කිසිවෙකු හෝ ඇයට මුණ ගැසුණේ ද නැත. මධ්‍යම රාත්‍රියට ආසන්න හෙයින් අසල්වැසියන් නින්දේ පසුවනවා විය යුතුය. ඉඳ හිට වාහනයක් දෙකක් හමුවුණ ද ඒ හැම මොහොතකම ඇයට මුවාවෙන්නට සුදුසු තැනක් ලැබිණි. සිය ගැහැනුකම යටපත් කරමින් සිතට නැඟුණ මහා ආත්ම ශක්තිය පිළිබඳව ඇයට ද ඇත්තේ පුදුමයකි. ඇ තුළ සිටි අඳුරට සහ තනිකමට බිය යුවතිය එකවරම එඩිතර එකියක වී සිටින්නීය. සියලු බාදක බැමි පවුරු සිඳ බිඳ දමමින් ඉදිරියටම යාහැකි අමුතු ජවයකින් මුළු සිරුරම උණුසුම් වී තිබේ.















