• -10%
    (0)

    සිකුරාජධී – Sikurajadhi

    ඉතින් මිස්ලා … කොහොමද ? වාඩිවෙන්ට වාඩි වෙන්නන්ට.. විදුහල්පතිතුමා තමන්ගේ මෙසෙ ඉස්සරහ තිබ්බ පුටු දෙක කෙල්ලො දෙන්නට පෙන්නුවා. තාරුකා මේසෙට ළං කරල තිබබ බර ලී පුටුව හෙමින් සැරේ අදින්න හදන කොටත් රේෂානි “බරා ස්!” ගාල තමන්ගේ පුටුව ඇදල ඉවරයි! ඒ සද්දෙට ප්‍රින්සිපල් විතරක් නෙවේ. ඇතුළට එන ගමන් හිටිය කාකාසත් ගැස්සිලා ගියා. “!” තාරුකාගෙ තරවටු කටහඩ රහසින් ඇහෙන කොට තමයි රේෂානිට සිද්ධිය තේරුණේ. හරිම අසරණ ගිනාවක් මුණට ගත්ත රේෂානි ප්‍රින්සිපල් දිහා බැලුවා. ප්‍රින් සිපලුත් අමුතුවට මුණ හදාගෙන ඊෂානි දිහා බලාගෙන හිටියා. අනේ සොරි සර්……..ෆ්ලෝ එකේ වැලිද කොහෙද….. පුටුව අදින කොට එකයි සද්දෙ ආවෙ. අතුගාල නැද්ද මන්දා… තාරුකා හෙමින් සැරේ මුණ බිමට නවාගෙන නළල අතගාගත්තා! ඒ ගමන්ම ආයෙම රහසින් වගේම ටිකක් තදින් “රේ…!” කියල කිව්වා. ප්‍රින්සිපල්ගේ ඇස් ලොකු වුණා. ඒ එක්කම ලොකු වුණ ඇස් දෙක ගියෙ කාකාසගේ පැත්තට. ඒ පාර නම් ඇස් ලොකු වුණේ කාකාසගේ ! ම – මම උදේ අතුගැවනෙ සර්. මම ආව ගමන් කරන්නෙ ඔෆිස් එක අස් කරන එකනේ…” ඒත් ඉතින් ප්‍රින්සිපල් නම් කළේ කාකාසගෙ දිහා බලාගෙන හිටපු එක ! *ඇයි? * විනාඩි යයි තප්පර පහකට විතර පස්සෙ ප්‍රින්සිපල් කාකාසගෙන් ඇහුවා. ඈ..! ඇයි අහන්නෙ සර්, ඉතින් ඔෆිස් එක අස්පස් කරල අතුගාන්ට එපායැ!”

    Original price was: Rs. 950.00.Current price is: Rs. 855.00.
  • -20%
    (0)

    අදිසි නදිය

    කලකට ඉහත පොළොව යට ඉදිකළ ‘රහසිගක නගරයෙහි විසි දහසක් පමණ ජනකායත් අප්රකටව විසූහ. එය ඔවුන්ධම, ආවේණික උප සංස්කෘතියක් ගොඩනැංවිය. එහි පුරෝගාමීන් වූයේ, නගර පාලනයට විරුද්ධව කැරැරැල්ලක් ගසා ඉන් පයයි පත් පිරිසකි. ඒ බොහෝ දුරාතීකයෙහිය. ඔවුන්ගෙන් පවතින්නන් කලින් කලට, නගරය මතුපිටත්, යටත් එවක් වූහ. හිරු එළියෙන් ඔවුහු විදුලිය නිපදවා ගහ අභ්යන්තර ගංගාධාරයෙහි ධmo 50 එළවළු වගා කළහ. මිරිදිය මත්ස්ය වර්ග ද ගණනාවක්ම ගංගාවෙහි විසූහ. එහෙත්, සියල්ල කොපිට පෙරළෙන්නට සටන් ගත්තේ, බිමල් වසංගතය ආරම්භ වීමත් සමගිනි. පසු කාලයක එය දියකිඳුයි වසංගතය බවට වර්ධනය.වී.සොළොව මතුපිටට ද පැතිරුණේය. පොළොව යට ජනගහනයෙන් තුනෙන් එකම ඉන් විය ගියහ. වර්තමානය වන විට ඉසිරිව සිටින්නේ සිය ගණනකි. ඔවුන්ගෙන් ද වැඩි දෙනා වසරේ වැඩි කලක් ගත කරන්නේ පොළොව මතුපිටමය. තවදුරටත් පොළොව යට ජීවිතයම තෝරා ගත්තෙකු වී නම් ඒ ආරක්ෂක හේතූන් නිසා හෝ නගරවාසී දිවියෙන් රිදී පරණ සංස්කෘතිය තුළම පැවැරීමට ඇති ඇල්ම නිසා හෝ විය හැකිය. නුත්යාගයකුට එය ගුප්ත ජීවන ක්රමයක් ලෙස ද පෙනී යාට ඉඩ ඇත.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -20%
    (0)

    සුසුමක් අද්දර – Susumak Addara

    “මොකද
    තමුසෙ හොරගල් අහුලනවද?”
    ඇගෙන් උත්තරයක් තිබුණෙ නෑ. ඇය කලේ
    සුසුම් පිට කරපු එක.
    “ඇයි පාරට ආවෙ? මං ඉන්නවද බලන්නද…..?”
    ඒ ප්රශ්නයටවත් ඇගේ ළඟ උත්තරයක්
    නැති හැඩයි. ඔහු ඇයව තමන්ගෙ
    පැත්තට කේන්තියෙන් හරවගත්තා.
    “කතා කරනවා….”
    “ගේ…ට් එක ලොක් කර…..න්න”
    “ඇත්තට….? තමුසෙ වෙනදත් ගේට් එක
    ලොක් කරන්නේ මෙහෙමද? ගේට්ටුව
    ඇරලා, පාර දෙපැත්ත බලලා,කොණ්ඩෙ මේ
    රෝස පඳුරෙ පටලවගෙන….. එහෙමද?
    “අනේ…… යන්න දෙන්නකෝ…..”
    “බෑ…. යන්න දෙන් නෑ.. ආවා නම් එළිවෙනකම් මාත්
    එක්ක මෙහෙම ඉන්නවා අද.”
    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -20%
    (0)

    නා ගස උඩ – Na Gasa Uda

    වැවේ අනිත් කෙළවරේ තවමත් මාළුන්ට මාන බලන කොකෙක් දිහා මම බලාගෙන හිටියා.
    ඌ එක එල්ලේම වැවේ මාළු දිහා බලාගෙන ඉන්නවා. තව තැනක දියකාවෙක් එකපාරටම වතුර යටට ගිහින් ඊට ටික දුරකින් මතු වෙලා අහසට පියාඹගෙන ගිය හැටි මට මහා පුදුමයක් වුණා. දියකාවට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න පුළුවන් වුණාට, අම්මට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න බැරිව ගියා. එකපාරටම අම්මා ජබු ගහන සද්දෙ වැඩි වුණා. ඒ සද්දෙට මාළුන්ට මාන බල බල හිටිය කොකත් කලබල වෙලා ඉගිල්ලිලා ගියා. තාත්තා අම්මව බේරගන්න වැවට පැන්නට, දෙන්නා තරගෙට වගේ මුළු වැවටම ඇහෙන්න ජබු ගැහුවා. ඒ ජබු සද්දෙත් ටිකෙන් ටික නැති වෙලා ගියා. ඒත් මගේ හිත ඇතුළෙ තවමත් ඒ සද්දෙ දෝංකාර දෙනවා.

    ආයෙ කවදාවත් තාත්තාවත් අම්මාවත් වැවෙන් ගොඩට ආවේ නැහැ. එයාලා වැව ඇතුළෙම
    මාව දාලා හැංගිලා ගියා. එයාලා එනකම් මං එදා හුඟක් වෙලා බලන් හිටියා. රෑ සීතල එන්න එන්නම වැඩි වෙනකොට, වැව දිහෑන් අමුතු අමුතු සද්ද ඇහෙනකොට එදා මම තට්ට තනියම ඉඳන් කෑගහලා ඇඬුවා. වැවේ එහාට මෙහාට පීනන මාළුන්ට ඇහෙන්න මම ඇඬුවා. වැව් දියේ හැංගිලා ගිය අම්මටයි තාත්තටයි ඇහෙන්නම මම කෑගහලා ඇඬුවා. ඒත් කවුරුවත් ආවෙ නැහැ… එදා මගේ ඇස්වලින් බිමට වැටුණු කඳුළු ඒ වැවේ වතුරට එකතු වෙලා මුළු වැවම මාත් එක්ක
    එකට අඬන්න ඇති කියලා මම අදටත් හිතනවා.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -20%
    (0)

    විෂ් – Wish

    මූසල මීදුම මුළු පරිසරයම වෙළාගෙන තිබුණි. සුදු හා කළු වස්ත්ර හැඳගත් ගැහැනු හා පිරිමි මීදුම් කළුවර අතරින් සුවිසල් මැඳුරින් පිටතට පියමං කළේ දේහය රැගත් වාහනය පිටුපසිනි. මීදුම මැදින් ගලනා සීතල සුළං ධාරාව කියා පෑවේ සොඳුරු යෞවනයකුගේ වියෝව පරිසරයටද දරාගත නොහැකි බවය. වසර ගණනාවක් පුරා සිදු වූ සියලු හැලහැප්පීම් හා රහස් දරාගෙන සුවිසල් මන්දිරයටද නිසලව බලා සිටිනවා හැර කරන්නට වෙනත් යමක් නොතිබුණි. ඒ සුවිසල් මැඳුරේ බිත්තිවලට කතා කළ හැකි නම්, මෙතෙක් කාලයක් පුරාවට වූ මහා ඛේදවාචක නොබියව ලොවට පවසනු ඇත. එහෙත් ඒ වන විට සියල්ල සිදු වී හමාරය

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -20%
    (0)

    අපරාජිත ජිවිතයක් – Aparajitha jiwithayak

    සර්වජයා දුම්රියකට නැගුණේ දෙවැනි වතාවටය. මුල් වරට දුම්රියක ගොස් දැන් බොහෝ කල් ගත වී ඇත. ඇයගේ සැමියා වූ හරිහර බරණැස සිට ගමට පැමිණ පවුල් ජීවිතය ඇරඹු මුල් දිනවල ඔවුහු යුගල කිශෝර් දේවලයට දුම්රියෙන් ගියහ. ඇය හැම දුම්රිය පොළකදීම නගින බසින මිනිසුන් දෙස සතුටින් බලා සිටියාය. එක් එක් ආකාරයේ ඇඳුම් පැළඳුම්ලාගත්, විවිධාකාර මුහුණුවරවල් ඇති කාන්තාවන් ඇයගේ විශේෂ අවධානයට යොමු විය. ජගන්නාථපුර නැවතුම් පොළේදී අග්ගලා විකුණනු දුටු ඇය අපුට කතා කළාය. * අපු අග්ගලා කන්න ආසයි නේද? අරන් දෙන්නද?” දුම්රිය පොළේ ටෙලිග්‍රාෆ් කම්බියක් මත කුරුල්ලෙක් පැද්දෙමින් සිටියේය. අපු එබි එබී ඌ දෙස බැලීය.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -20%
    (0)

    ගෑනු දෙන්නෙක්- Genu dennek

    මගෙ නම යසෝමා. මං මේ ඉන්නෙ වඳුරාගල රජයෙ ඉස්පිරිතාලෙ. මගෙ එහා ඉන්නවා. මගෙ කුලුඳුල් දරුවා. මීට මාස ගාණකට කලින් බඩ වී පැත්තේ මීට පැය කීපෙකට කලින් හම්බුණ මගෙ කෙල්ල නිදාගෙන දරුවෙක් ඇවිත් කියලා දැනගත්ත වෙලාවේ මට ඕන උනේ ඉපදෙන දරුවා කොල්ලෙක් වෙන්ට. මොකද, මේ ලෝකෙ පිරිමින්ට ජීවත් වෙන්ට පහසුයි කියලා මට හිතිලා තිබ්බා. සමහර විට මං සරි ඇති, සමහර විට වැරදි ඇති. මොක උනත් මට ඕන වෙලා තිබිලට කොල්ලෙක්. ඒත් හැමදාම වගේ මං ඉල්ලපු කිසි දෙයක් හරියට ඉෂ්ට වෙන්නෙ නෑ කියලා තව වතාවක් ඔප්පු කරලා පෙන්නන්ට විදේ මගෙ එහා පැත්තෙන් කහම කහ පාට කෙලි පැටික්කියෙක් පාඩුවේ නිදන් හිටියා. මම ඔළුව උස්සලා ඉස්පිරිතාලෙ කොට බිත්තියෙන් පේන කොරිඩෝව දිහා බැලුවෙ උප්පැන්න කොළේ පුරවන් එන්නත් කියලා එළියට ගිය හේරත් එනවද කියලා. හේරත් කියන්නෙ මගෙ කසාද මනුස්සයා. කසාද කීවට ඒවා කට වචනෙට වෙච්චා මිසක්, කොළවල ලියලා සාක්ෂිකාරයො ඉස්සරහ උන දේවල් නෙවෙයි. එකට ජීවත් වෙන්න කැමති නම් වෙන මිනිස්සුන්ගෙ සාක්ෂි මොකටද කියලයි මං නං හිතුවෙ. කොරිඩෝව දිහා බලන් ඉන්න කොට හේරත් කෙසේ වෙතත් පුංචි අම්මා එනවා නං පෙනුණා. කිරි මැණිකා කියන්නෙ මගෙ පුංචි අම්මා. පුංචි අම්මා කියන්නෙ අම්මගෙ නංගි. මගෙ අම්මගෙ නංගි නෙවෙයි. කිරි මැණිකාගෙ අක්කා වෙච්චි ලොකු මැණිකා ගාවට මාස් අරන් තිබ්බෙ මං මාස හතක වගේ කිරිදරුවෙක් වෙලා උන්නු කාලේ කියලා මට කීවෙත් කිරි මැණිකා පුංචි අම්මම තමා.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -20%
    (0)

    ස්වර්ණරාගය – Swarnaragaya

    ඉහිරුණු සිතුවිලි කැබලි කාමරය පුරා එහේ මෙහේ සැරිසරයි. ඉන් බරැති සිතුවිලි කැබලි පපුවට ළංව තද කරමින් වේදනා ගෙන දෙයි. තාරකා මට හමුවුණු මුල්ම දින එවන් බරැති සිතුවිලි කැබැල්ලක් තිබී මට හමු විය. මා එම සිතුවිලි කැබැල්ල ගෙන එහි තියුණු තුඩ මාගේ පපුවට තබා තදකර ගතිමි. වසර ගණනාවක අතීතයක් දිගේ මම නුගේගොඩ පුස්තකාලය වෙත ඇවිද යන්නට වීමි. ඇය අහිංසක සුන්දර සිනාවකින් මුව සරසාගෙන බලා සිටිය දී මට හමු විය. බරැති සිතුවිලි කැබැල්ල හදවත සිදුරු කොට එහි පදාසයක් කඩා දැමීය. මාතලේ දිස්ත්‍රික්කයේ කඳු වලින් වටවුණු සුන්දර ගම්මානයක ගුරු දෙමව්පිය යුවළකගේ එකම දරුවා මෙන්ම, එකම බලාපොරොත්තුවද වූ ඈ වැනි අහිංසකාවියක් මා වැන්නෙකු ඇගේ පෙම්වතා, අනාගත සහකරුවා ලෙස තෝරා ගත්තේ මන්දැයි මට තවමත් සිතාගත නොහැකිය. එය ඇයගේ වැරැදි තේරීමක් බව මට මේ මොහොතේ හැඟෙන්නා සේම ඇයට ද හැඟෙනු ඇත. නමුත් ඇය කිසිදු මොහොතක බැල්මකින් හෝ මා හට එය දැනෙන්නට ඉඩ දී නැත. එය එසේ වූව ද ඇගේ අහිංසක මුහුණ දකින සෑම මොහොතක දීම මාගේ හෘද සාක්ෂිය තියුණු කටුවකින් හදවතට අනිමින් එය මට මතක් කර දෙයි.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -20%
    (0)

    ධවල පිල්ලි – Dawala pilli

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවී සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර. ත්‍රිකුණාමලය හා පේදුරු තුඩුව අතරින් මුලතිව් වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළෙන් බදාදා රාත්‍රියේ දිවයිනට ඇතුළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සුළි කුණාටුව සමඟ සුළඟේ වේගය පැයට කිලෝමිටර අසූවත් අනුවත් පමණ වන අතර, විටින් විට එය පැයට කිලෝමිටර් 100 දක්වා වැඩි විය හැකි බවත් මෙය ක්‍රම ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කොට මන්නාරම් බොක්ක වෙත, බ්‍රහස්පතින්දා එනම් හෙට දින උදෑසන වන විට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔවුන් වැඩි දුරටත් පැවසූහ. සුළි කුණාටුව නැගෙනහිර වෙරළට ආසන්න වන අවස්ථාවේදී මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටර් එකක් පමණ ඉහළ යා හැකි බවද විශ්වාස කෙරේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මේ හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 80 – 100 ත් දක්වා ඉහළ යා හැකි බවයි.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -10%
    (0)

    බත්තලංගුණ්ඩුව – Baththalangunduwa

    කල්පිටි කළපු දියවර මත හිරු රැස් වෑස්සෙයි. ළා හිරු රැසින් තෙමී අවදි වී ඇඟමැළි කඩා ගත් කළපුව සරැලි නංවයි. සිහින් සරැලි එකෙකු පසුපස එකෙකු ලුහුබඳී. අඩුලුහුඬුකම් නැති රිද්මය චලනයකි. කෙළි දෙළෙනි.

    හිමි දිරියටත් නොදන්වා දවස අවදි වූවා වැන්න.

    වයඹදිග සතර දිග් භාගයට උදෑසන උදා වුව අහස මඳඳුරු ය.

    Original price was: Rs. 980.00.Current price is: Rs. 882.00.
  • -20%
    (0)

    ත්‍රිත්ව

    “ජීවිතය කියන්නේ රහස් ගොඩක් හංඟගෙන ජීවත් වෙලා මැරිලා යන එක නෙමේයි ලුසී. මගේ ජීවිතයේ රහස් නැහැ. තියෙන හැම රහසක්ම හෙළි කරන්න පුළුවන්. මම ලෙස්බියන්. මේ කතාව කියන්න කලින් මම ලුසීගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ එහෙම කාන්තාවකගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තවත් එවැනි ම කාන්තාවකට විතරක් නිසා”

     

    “මට ඒ ගැන හරියට ම පිළිතුරක් දෙන්න බැහැ මිස් යශෝධා.”

     

    ඇය එසේ කියත් ම යශෝධා එකපිට එක දමා සිටි ඇයගේ දෙපා වෙන් කර ගත්තා ය. ඒවා පොළොවට සමාන්තරව තබා මඳක් මෑත් කර ඉඳ ගත්තා ය. ඇයගේ දෙපා අතරින් පෙනෙන ඇය ඇඳ සිටි සුදු පැහැ පෑන්ටිය දෙස බැලු ලුසීගේ දෙනෙත් තුළ දිලිසීමක් ඇති විය. කොළ පැහැ දෙනෙතට සුර්ය කාන්තිය වැටීමේ දී ඇති වෙන දිලිසීම මෙන් ඒවා දිලිසුනෙන් යශෝධා ඒ දෙනෙත් දෙස එක එල්ලේ ම මොහොතක් බලා සිටියා ය. ඉන් පසු තම දෙපා යළිත් එකපිට එක දමා ගත් ඇය තවමත් සියුම් සිනහවකින් මෙසේ පැවසුවා ය.

     

    “මිසිස් ලුසී. මේක ටිකක් අමුතු කතාවක්.”

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    හදවත් වරක් 2 අහම්බයකින් මිස අපි… හමු නොවෙමු කිසිදා යලී

    මම ඇතුළුව අපි ගොඩ දෙනෙක්ගෙ ජිවිත වෙනස් වෙන්නෙ එක පාරටම නෙවෙයි. හැම පුංචි වෙනස්කමක්ම වෙන්නෙ බොහොම හිමීට. එතකොට අපිට ඒක දැනෙන්නෙ නෑ. අපේ ජීවිතේ නොහිතුවම විදිහට වෙනස් වෙලා!’ කියලා තේරෙද්දි වෙන්න ඕනෙ විලම් බැසිය වෙලා ඉවරයි.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    වස්සාන සිහිනය

    ප්‍රේමයේ නිදහස හෙවත්

    ස්වයංවරයට එරෙහි ව

    පවතින ආර්ථික කොන්දේසි

    ප්‍රශ්න කිරීමක් මෙන් ම

    ප්‍රේමයෙන් ආතුරවීම උදෙසා

    මිනිසා තුළ වන

    මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද

    ‘වස්සාන සිහිනය’ තුළ දැකිය හැකි ය.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    සංසාර සක්මන් – Sansara Sakman

    මේ ගෙවීයන්නේ මගේ දිවියේ

    තීරණාත්මක සංක්‍රාන්ති සමයයි. වරෙක,

    දිවියට තදින් පෙම් බැඳි, එහි රසය විඳි

    මගේ හැඟුමන් එකතැනක නතර වී ඇති

    හැඩක් මට දැනේ. නින්දත් නොනින්දත්

    අතර ගෙවී ගිය ඒ රාත්‍රියේ ඒ අමිහිරි

    මතකයන්, මිහිරි මතකයන් පළවාහරිමින්

    මතුව ආවේ මට තව තවත් රිදවමිනි.

    පාන්දරින්ම ඇරඹුණු මහා වරුසාවේ

    තවමත් අඩුවක් නැත. සුළඟද එසේමය.

    සුළඟේ සැරට අවට වූ ගස්වැල් කිරි

    කිරිස් හඬින් ඇඹරෙන හඬ අතරින්

    වැස්සේ හඬ මට පැහැදිලිවම

    ඇසෙන්නට විය. ඒ හඬට මම අසීමිතව

    පෙම් බැන්ඳේ පුංචි සන්දියේ සිටමය.

    වැස්සේ හඬ හා වැස්සක් පිළිබඳව මගේ

    ප්‍රථම මතකය සේතං නයිදෙගෙ

    කරත්තයේ නැඟී රොටවැවේ සිට

    අඹගහවෙළ හංදියට පැමිණි දා බැව් මම

    සිතමි. එහෙත්, ඒ මා පෙම් කළ වැස්සම

    වැටී පිරී ගිය රොට වැව මගේ ජීවිතයට

    මෙතරම් බලපෑමක් ඇතිකරාවි කියා නම්

    මම කිසිදාක නොසිතුවෙමි.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    නිෂ්පත්ති – Nishpaththi

    “කීයක් හරි ඉතුරු කරගනිං… අත් දෙක වනවනා මිනිහෙක් එක්ක ගියදොට උඹටමයි අන්තිමේ කතන්දර අහන්න වෙන්නෙ..” ගෙදර සිටි දින දෙක තුළ අම්මා දහ දොළොස් වතාවකට වඩා මැතුරූ මන්තරය වූයේ එයයි. තිළිණි එය නොදැන සිටියා නොවේ. එහෙත් අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්නට නම් වර්තමානය තුළ ජීවත් විය යුතුය. ජීවිතය විඳිය යුතුය. තිළිණි විශ්වාස කළේ එයයි. එසේම ඇය පිරිමින් සම්බන්ධයෙන් දැක්වූයේ එතරම් යහපත් ආකල්පයක් නොවේ. විශේෂයෙන්ම තමුන් දන්නා ගමේ උදවිය, ඥාතීන්, පවුලේ හිතවතුන් ගත් කළ පිරිමින් යනු හුදු පීඩකයන් පමණකි.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    පෝ – PO

    තානායම අවුරුද්දකට කලින් සම්පුර්ණයෙන්ම වහලා දැම්මා,”
    “කවුද සිරිමෙවන්? “
    “ඕකේ අයිතිකාරයා. ඉස්සර හින්නළුවේ හිටිය කෙරුම්
    කාරයෙක්. මිනිහගේ තමයි ඔය තානායමත්”
    ” මොනවටද මිනිහව ඇල්ලුවේ ”
    “කැලෑවේ ජාවාරම් කරනවා කියලා”
    “මොන ජාවාරම්ද?”
    “කුඩු, ඒත් ඒක නෙමේ ඇත්ත කතාව. මිනිහා කුඩු ජාවාරම් කරන්න ඇති, ඒ එක්කම ඊට වඩා ලොකු ජාවාරමක් මිනිහා කළා “
    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.