-
වන්නි වනේ දඩ හදවත – Wanni wane dhada hadawatha
Original price was: Rs. 400.00.Rs. 320.00Current price is: Rs. 320.00.තෙරක් නොපෙනෙන මහා සාගරයේ නිල්වන් ජල තලාව සේ පෙනෙන මහා වන වියනේ ඈත කෙළවරින් හිරු සැඟව ආකාශයේ තැවරී තිබූළා රන් පැහැය ද මැකී යන තෙක් දැහැනකට සමවැදුණාක් මෙන් හිටිපියේම සිටි තවුස් තෙම එදෙස බලා උන්නේය. ඔහුගේ හිතට කිසිදු දෝමනස්සයක් හෝ සාංකාකුල බවක් නොදැනිණ. අඳුර, රාත්‍රිය, හෙට නැවත ආලෝකය. තවත් උදෑසනක්. එදවස ද ගෙවී නැවතත් අන්ධකාරය. ස්වභාව ධර්මයේ නියමය එයයි. තවුසාණෝ ඉතා සෙමින් සේම පරිස්සමින් තමා බොහෝ වේලාවක් තිස්සේ රැඳී සිටි එම ගල් තැල්ල මතින් ඉවත් වෙන්නට වූහ. එය මේ මහා කළුගල් කන්දේ එක් පසෙකින් පිටතට නෙරා ගිය විශාල ගල් තැල්ලකි. දැවැන්ත ගසක කඳක කුරුල්ලන්ට වසා සිටිය හැකි ඉතා ගත ශක්තිමත් හත්තක් හැදුණා සේය. දහවල් කාලයේ දී භාවනා කිරීමට එය යෝග්‍ය තැනක් වුවත්, රාත්‍රී කාලයේ දී එහි රැඳී සිටිය නොහැකිය. මිනිසෙකු වුව පරඬලා පතක් මෙන් ගසාගෙන යා හැකි තරමට දැඩි වේගවත් සුළං ප්‍රවාහයක් එම ගල් තැල්ල හරහා හඬ දීගෙන හමායන බැවිනි. මිනිස් අතක රැඳි ගල් කටුවකින් හා මිටියකින් අනන්ත වූ වෙහෙසක් දරා එම මහා ගල් කන්දේ බඳ වටා ගල් තැල්ලට ළඟාවිය හැකි සේ මේ පටු අඩිපාර කැපුවා වැනිය.
-
අමරණීයයන්ගේ කුසලානය – Percy jackson and the olympians,the chalice of the gods
Original price was: Rs. 1,350.00.Rs. 1,215.00Current price is: Rs. 1,215.00.දීප්තිමත් පැත්ත ගැන කිව්වොත්. එහි පිහිනුම් කණ්ඩායමක් වාගේම ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාකයකුත් තිබෙනවා. (ඇයි කියලා නම් කිසිම අදහසක් නෑ) ඉතිං මගේ සුළු පියා. පෝල් බලොෆිස් හිතුවේ ඒක මට හොඳටම ගැළපෙනවා කියලයි. මම උත්සාහ කරලා බලන බවට ඔහුට පොරොන්දු වුණා. ඒ වාගේම මම මගේ පෙම්වතිය, ඇනබෙත්ටත් පොරොන්දුවක් වුණා. සැලැසුම වුණේ මම නියම වේලාවට සමත්වෙන්න, එතකොට දෙන්නාටම එකට විශ්ව විද්‍යාලයට යන්න පුළුවන්. මට එයාගේ බලාපොරොත්තු සුන් කරන්න අවශ්‍ය නෑ. මං නැතුව ඇය තනිවම කැලිෆෝනියාවට යනවා කියන කාරණයම මාව රැ නින්දෙන් අවදි කරලා තිබ්බා… කලින් පාසලේ රෝහල පවත්වාගෙන ගියා යයි සිතිය හැකි තැනක තිබූ පරිපාලන කාර්යාලය මං හොයාගත්තා. මං ඒක නිගමනය කළේ බිත්තියේ තිබ්බ, උණකට්ටක් කටේ ගහගත්ත දම්පාට දුක්බර පෙනුමක් තිබ්බ ගෙම්බෙකුගේ චිත්‍රයකින්. ”ජැක්සන් මහත්මයා ! එන්න ඇතුළට! ” උපදේශකවරිය මේසය වටෙන් ආවේ මට අතට අත දෙන්න සුදාන මෙන්. එතකොට තමයි එයා තේරුම් ගත්තේ මගේ අත් දෙකේ රාත්තල් හයදායක විතර අච්චු පොත් තිබෙන බව. “අනේ. ඔය ටික ඔය කොහෙන් හරි තියන්න.” ඇය පැවසූ අතර, “කරුණාකරලා, වාඩි වෙන්න.” කීවා. ඇය මට අතින් සන් කරලා පෙන්නුවේ අඩියක් පමණ උස නිල් පාට පුටුවක්. ඒක මට සැහෙන්න පොඩියි. මං ඒකේ වාඩි වුණාම මං ඇයගේ ඩෙස්කුව උඩ තිබ්බ ජොලි රෑචර් බෝතලය ඇස් මට්ටමේ. ” ඉතිං!” උපදේශකවරිය ඇගේ සුවපහසු පෙනුමැති, වැඩිහිටි ප්‍රමාණයේ පුටුවේ ඉඳගෙන මා දිහාට දීප්තිමත් සිනාවක් පෑවා. ඇගේ බෝතල් අඩි කන්නාඩි අස්සෙන් එයාගේ ඇස් දෙක පීනනවා වාගේ පෙන්නුවා. ඇගේ අළු පැහැ හිසකේ පේළි පේළි ලෙස කැරලි කොට තිබුණ ආකාරය මට සිහිපත් කළේ බෙල්ලන් අභිනක්. ” කොහොමද? ඔයා මෙතනට හැඩ ගැසෙමින්ද ඉන්නේ?” 2. වෙළෙඳ සන්නාමයක් සෝඩා බීම, සීනි බෝල, ජෙලි ටොපි වැනි ළමයින් කැමති කැම බීම සන්නාමයක්,
-
ලස්සන වසිලිස්සා – LASSANA WASILISSA
Original price was: Rs. 1,400.00.Rs. 1,260.00Current price is: Rs. 1,260.00.එකෝමත් එක රටක, බොහොම ඉස්සර කාලේ, එක පුංචි ගෙදරක මහල්ලෙකුයි මැහැලියකුයි හිටියා. මේ දෙදෙනාට හිටියෙ එකම එක දුවක් විතරයි. එයාගෙ නම වසිලිස්සා. ඒ ගොල්ලො බොහොම හොඳට ජීවත් වුණා. හිටි හැටියේම ඒ ගොල්ලන්ට විපතක් සිදු වුණා. වසිලිස්සාගේ මහලු මව අසනීප වුණා. ඇගේ මරණය ළං වුණා. අම්මා වසිලීස්සාට කතා කරලා, ඈට බෝනික්කකු දීලා මෙහෙම කීවා.” අනේ හොඳ දුවේ, මේ බෝනික්කාව කාටවත්ම පෙන්වන්නේ නැතිව පරිස්සම් කර ගනින්. නුඹට විපතක් සිදු වුණොත්, බෝනික්කාට කෑම ටිකක් දීලා උපදෙස් ලබා ගනින්. එයා නුඹට පිහිට වේවි. “අම්මා වසිලීස්සාව සිප ගත්තා. ඊට පස්සේ ඈ මළා.වසිලිස්සාගේ මහලු පියා ටික කලක් දුක් වුණා. පසුව ඔහු වෙනත් ගෑනියක විවාහ කර ගත්තා. තාත්තා හිතුවේ ඈ හොඳ කෙනෙකු හැටියටයි. එහෙත් ඈ නපුරුයි. වසිලිස්සාව කුඩම්මාට භාර දුන්නා.කුඩම්මාට දූවරු දෙදෙනෙක් හිටියා. මේ දෙදෙනා නපුරුයි. මෝඩයි, දඟකාරයි. කුඩම්මා ඇගේ දූවරුන්ට ආදරය කළා. උන්ව හුරතල් කළා. ඈ වසිලිස්සාට නිතරම බණින්නට වුණා. වසිලීස්සාගේ ජීවිතය දුකින් පිරුණා. කුඩම්මයි ඇගේ දූවරු දෙදෙනයි හැම තිස්සේම වසිලීස්සාට නපුරු හිතින් බණිනවා. වැඩ ගොඩක් භාර දෙනවා. එහෙම කළේ මොකටද කියලා දන්නවද? … -
අතුරුදහන් යුවතියෝ – athurudahan yuwathiyo
Original price was: Rs. 1,750.00.Rs. 1,575.00Current price is: Rs. 1,575.00.ඔහු තවදරටත් මංමුළා කිරීමටත්, ඔහු ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කළ තැනැත්තා ගැන මතකයෙන් තව තවත් ඈත් කරවීමටත් සමත් විය. තමා ඇමතුම් ලබාගන්නේ කවුරුන් වෙතදැයි ඔහු දැන සිටියත් අපි ඇමතුමට පිළිතුරු ලබා දෙන මොහොත වනවිට ඔහුගේ මතකයෙන් අප පිලිහී යයි. ඉන්පසු අපගේ හඬ ඔහුට නිදහස් වා තලයේ රැදුණු නොහඳුන හඬක් පමණත්ම වේ. මම ලිපිය දිග හැරියෙමි. සටහන් පොතසින් රළු ලෙස ඉරාගත් තනිරූල් කොළයක ඔහුගේ අත්අකුරු රුල් වලින් පිටකට යන පරිදි වම්පසට බරව ලියා තිබුණේ ලියා තැබීමට අවැසි වූ දැ සිය මතකයෙන් ගිලිහී යාමට මත්තෙන් කොළයේ සටහන් කිරීමට තරගයක යෙදුණාක් පරිද්දෙනි. එහි කිසිදු සුබ පැතුමක් නොවීය. ලිපියේ නිමාවක් පවා නොවීය. වෙවුලන අතක ලිපිය රඳවාගත් මම යළිත් ඩැනියෙල්ව ඇමතීමි. ඔයාගේ පණිවුඩය ලැබුණා.’ මම පැවසීමි. ‘මම ගෙදර එනවා. මට කියන්න මොකක්ද සිද්ධවෙන්නෙ කියලා.
-
සත් සුමිතුරන් සහ සුනඛ මංකොල්ලය – Sath sumithuran saha sunaka mankollaya
Original price was: Rs. 550.00.Rs. 445.00Current price is: Rs. 445.00.තමාගේ සැකය නිවැරදි බැව් කොලින්ට වැටහිණ. මේ තරම් කාලයක් බල්ලන් සොරකම් කළේ මේ මිනිසා ම විය යුතු ය. ඔහු මේ මොහොතේ රැගෙන යන්නේ ද එසේ සොරකම් කළ බල්ලෙකු බව නිසැක ය. පෙනුමේ හැටියට නම් බල්ලා විශාල වටිනාකමකින් යුතු එකතු විය යුතු ය.
-
සත් සුමිතුරන් සහ හිත හොද බ්‍ර්වුනි – Sath sumithuran saha hitha honda bruni
Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.Fun For Secret Seven Enid Blyton – හිත හොඳ බවුනි -අඳුරු සෙවණැලි අතර සැඟවෙමින් ඇය ඉස්තාලය දෙසට ඇවිද ගියාය. මේ වන විට අශ්වයන් වෙතින් දිස් වූයේ මහත් කලබලකාරී බවකි. ඔවුන්ගේ බියපත් හඬ ඇගේ දෙසවන් අතර බියකරු ලෙස රැව් දුන්නේය. තවත් මොහොතකින් අශ්වයන්ගේ ඝෝෂාව අභිබවා කිසියම් දෙදෙනෙකු බහින් බස් වන හඬ ඇයට ඇසුණේ ය. ට්‍රොලීගේ කට හඬ ද විටින් විට ශ්‍රවණය විය.
-
විලියම් සහ කිරි සුදු පූසා – William saha kiri sudu poosa
Original price was: Rs. 670.00.Rs. 603.00Current price is: Rs. 603.00.තමන්ට මොන තරම් දක්ෂකම් තියෙනව ද කියලා විලියම් දවසක් කල්පනා කෙරුවා. මේ දේවල් ගැන කල්පනා කරමින් සිටිද්දී තමයි එයාට නාට්‍යයක් කරන්න ඕනෑ කියන අදහස හිතට ආවේ. කවුරුවත් කරපු නැති විදිහේ නාට්‍ය පිටපතක් ලියලා නාට්‍යය රඟ දක්වන්නත් විලියම් වැඩි වෙලාවක් යන්න ඉස්සර වෙලා තීරණය කෙරුවා. ඇත්තම කියනවා නම් මේ අදහස විලියම් ගේ හිතට ඇවිල්ලා ගොඩාක් දවසක් වෙනවා. ගමේ ආධුනික නාට්‍ය වේදින්ගේ සංගමයේ සහභාගිත්වය ඇතිව මේ දවස් ස්වල අපූරු නාට්‍යයක් රඟ දැක් වෙනවා කියලා විලියම් දන්නවා. මේ නාට්‍යය මොන තරම් අපූරු ද කියනවා නම් ගමේ හැම දෙනාම ඒ ගැන නිතරම කථා කෙරුවා. විලියම්ට ඕනෑ වෙලා තියෙන්නේ මේ හැම එකකටම වඩා අපූරු නාට්‍යයක් නිපදවන්නයි. ගමේ තියෙන නාට්‍යයේ අන්තිම දවසේ එය බලන්න යන්නත් විලියම් අමතක කෙරුවේ නෑ. තමන් ගේ නාට්‍යයට ඇවැසි වස්තු බීජයක් ගැන හොයා බලන්නත් එක්කයි විලියම් ඒ ගමන ගියේ. එයා නාට්‍යය පෙන්වන වේදිකාව පිටු පස පැත්තේ විපරම් කරමින් බලාගෙන හිටියා. හැබැයි වැඩි වෙලාවක් යන්න
-
විලියම් සහ මැයි රජ්ජුරුවෝ – William saha mai rajjuruwo
Original price was: Rs. 680.00.Rs. 612.00Current price is: Rs. 612.00.මැයි රජ්ජුරුවෝ මේ දවස් වල විලියම් ගේ හිතට දැනෙන්නේ පුදුමාකාර විදිනේ කම්මැලිකමක්. එයා ඉස්කෝලේ යන්නෙත් හරිම උදාසීන විදිහට. පාඩම් කරන්න, පාඩම් වලින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න වුණත් විලියම් ටිකක් වත් කැමැති නෑ. ඇත්තටම මේ වගේ උදාසීන කමක් විලියම් ට දනෙන්න පටන්ගත්තේ එයාව අළුත් පාසලකට යවන්න අම්මයි තාත්තයි තීරණය කරපු දවසේ ඉඳලයි. විලියම් මෙච්චර දවසක් ගියේ පිරිමි ළමයින් විතරක් ඉගෙන ගන්න ඉස්කෝලෙකට. හැබැයි ගැහැණු ළමයිනුයි. පිරිමි ළමයිනුයි එකට ඉගෙන ගන්න මිශ්‍ර ඉස්කෝලෙකට ගියොත් විලියම් ගේ මුරණ්ඩුකම් අඩු වෙයි කියලා හිතපු අම්මයි, තාත්තයි දෙන්නා එයාව මිශ්‍ර ඉස්කෝලෙකට ඇතුළු කෙරුවා. තමන්ට හුරු පුරුදු ඉස්කෝලේ නැතිව වෙන ඉස්කෝලෙකට ආපු නිසා විලියම් ගේ හිතට මහා පාළුවක් වගේම පුදුමාකාර විදිහේ උදාසීන කමකුත් දැනෙනවා. අදත් ඒ වගේ දවසක්. විලියම් පුටුවක් උඩ වාඩි වෙලා දවල් හීනයක් දැක දැක ඉන්න කොට පංති භාර ගුරුතුමිය වන ඩිහර්ස්ට් මෙන විය ඇවිත් පංතියේ ළමයින් ට කථා කෙරුවා. ඩිහර්ස්ට් මෙනවිය කථා කරන්නේ බොහෝම සාමාන්‍ය විදිහට ඒ නිසා විලියම් ඇයට පුංචි කැමැත්තක් දක්වනවා.
-
විලියම් කන් දෙක නැති අමුත්තා – William kan deka nathi amuththa
Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00.විලියම් උදෙන්ම නැගිටලා ඇනුමක් ඇරියා. ඊට පස් – සේ ඇස් දෙක පොඩි කරන ගමන් වටපිට බැලුවා. අද නත්තල් දවස කියලා එයාට මතක් වුණේ ඒ වෙලාවෙදියි. අවුරුද්දේ මාස දොළහක් ගෙවිලා ගිහිං ප්‍රීතිමත් ම දවසක් උදාවෙලා, නත්තල් දවස එනකම් විලියම් බලාගෙන හිටියේ හරිම නොඉවසිල්ලෙන්. නත්තල් තෑගි ලැබෙන, නත්තල් කළුකුමා කෑම මේසෙට එන, රතිඤ්ඤා පත්තු කරන්නට ලැබෙන මේ වගේ ප්‍රීතිමත් දවසක් වත්තම් හැමදෙනාම ආසාවෙන් බලාගෙන ඉන්නවා. විලියමුත් එහෙමයි. හැබැයි විලියම් ට සතුටු හිතෙන්නේ ඒ නිසාම තෙමෙයි. නත්තල් නිවාඩුවට එයාගේ පවුලේ නෑදෑයෝ ගොඩාක් විලියම් ගේ ගෙදර එනවා. ඒ අයට ජීවිතේටම මතක හිටින විදිහේ විහිළුවක් කරන්න අවස්ථාවක් ලැබෙන නිසා තමයි විලියම් නම් නත්තල් දවසට වැඩියෙන්ම කැමැති. ඇඳෙන් නැගිට ගත්තු විලියම් නිදන කාමරය පුරාම වීම සිලිමත් විදිහට බැලුවා. නිදා ගන්න ඇඳට එහා පැත්තේ බිත්තියේ ලොකු පෝස්ටරයක් එල්ලල්ලා තියෙනවා. මීට ඉස්සර නම් කවදාවත් මේ වගේ පෝස්ටරයක් තමන්ගේ කාමරයේ තිබුණ බවක් විලියම් ට මතක නෑ. ඒ හින්දා විලියම් පුදුමයෙන් වගේ පෝස්ටරය දිහා බලාගෙන හිටියා අවිවේකි දවස තමයි සතුටුම දවස ‘ කියන වචන පෙළ පෝස්ටරයේ ලොකුවට ලියලා
-
විලියම් – William
Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00.එදා උදෑසන විලියම් ගේ නැන්දා හිටියේ ගොඩාක් සතුටෙන් ලිපියත් තැපැල් කිරීම සහ කඩේට ගොස් පාර්සල් කිහිපයක් රැගෙන ඒම වෙනුවෙන් සිලිමක සන්තෝෂමෙකුත් නැන්දගෙන් විලියම් ට ලැබුනා විලියම්. ආ මෙන්න ඔයාට සිලිමත් මේකෙන් රස කැවිලි මොනව හරි ගන්න නැතිනම් ගිහිං චිත්‍ර පටියක් බලන්න සිලිමේ කාසිය විලියම් අතට දෙන ගමන් නැන්දා හිනා වෙමින්ම කීවා ඊට පස්සේ තමයි මේ හැම දෙයක්ම සිද්ධ විලියම් සෙමෙන් සෙමෙන් පාර දිගේ ඇවිදගෙන යන්න පටන් ගත්තා පිලිමේ කාසිය එයාගේ අතේ හිරවෙලා තිබුණා ඒ වගේම විවිධාකාර සිතිවිලි රැසකුත් ඔහුගේ හිත පුරා හොල්මන් කරනවා ඇත්ත වශයෙන්ම කුඩා ළමයෙකුට සිලිමක් කියන්නේ ගොවාත් ලොකු මුදලක් එය පැන්ස හයක් පමණ වටිනවා. ඒ වගේ මුදලකින් ගොඩාක් දේවල් කරන්න පුළුවන් මුලින්ම රස කැවිලි ටිකත් මිලදි ගන්න ඕනෑ කියලා විලියම් කල්පනා කළා නගරයේ තියෙන රස කැවිලි හල් ගැන ඔහුට තියෙන්නේ පුදුමාකාර දැනුමක් නිවසේ සිට සැතැපුම් දෙකක් දුර යනකම් තියෙන සැම රස කැවිලි අළෙවි සැලකින්ම විලියම් නිතර නිතර මිලදී ගන්නවා.
-
විලියම් සහ නිවුන් සහෝදරයෝ – William saha niwun sahodarayo
Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.අවුල් කරනවද කියලයි විලියම් මේ දවස්වල කල්පනා කරන්නේ. විශේෂයෙන්ම මිනිසුන්ට සෑදෙන පැපොල වගේ රෝග නිසා සිද්ධ වෙන කරදර ගැන එයා දිගින් දිගටම කල්පනා කරනවා. විලියම් ට නම් පැපොල රෝගය පෙනෙන්නේ ජෙලි, ක්‍රීම් සහ කුකුල් මස් වගේ කිසිම ගැලපීමක් නැති දෙයක් විදිහටයි. පැපොල රෝගය මුලින්ම හැදුණේ විලියම් ට. ඒ රෝගය සනිප වෙන්න මාසයක් විතර ගතවුණත් විලියම් ඒකට සෑහෙන කැමැත්තකින් තමයි හිටියේ. ඒ කාලය පුරාම ඉගෙන ගන්න දේවල් ගැන කාගෙන්වත් කරදරයක් ඇතිවුණේ නෑ. මාසයක් විතර ගතවෙලා විලියම් ට පැපොල රෝගය හොඳටම සුව වුණා. හැබැයි එයාට තවමත් මහන්සි පාටයි. ඒ නිසා පාසැලේ පොත් පත් පාඩම් වලින් ටිකක් විතර ඈත් වෙලා දවස් කිහිපයක් නිදහසේ ගත කිරීමේ අවස්ථාවක් විලියම් ට ලබා දෙන්නත් අම්මා කැමැත්ත පළ කෙරුවා. මේ වගේ අහම්බෙන් ලැබෙන විවේක කාලයකින් උපරිම ප්‍රයෝජනය ගන්න හැටි විලියම් හොඳට දන්නවා. කවුරු හරි කෙනෙක් ඒ වගේ දෙයක් වලක්වන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නෑ.
-
විලියම් සහ රසකැවිලි සාප්පුව – William saha rasakewili sappuwa
Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00.රාක්ක වල තියෙන බෝතල් විවිධ වර්ගයේ රස කැවිලි වලින් පිරිලා ඇති හැටි විලියම්ට පෙනෙනවා. වැඩි වෙලාවක් යන්නට පෙර බටර් බෝල වර්ගයේ රස කැවිල්ලක් විලියම්ගේ මුවට ඇතුල් වුණා. ඊට පස්සෙ ඔහු අතට ගත්තෙ අන්නාසිවලින් සාදා ඇති ෆයිනැපල් ක්‍රිස් රස කැවිල්ලක්. ඉක්මණින්ම ඒ කැවිලි තොගයත් ඉවර වුණා.
-
හකල්බරිගේ හපන්කම් – Huckleberrige hapankam
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.ටොම් සෝයර් පොත කියවා නැත්නම් මය ගැන නොදන්නවා ඇත. එහෙත් ඊට කමක් නැත. එම පොත ලියන ලද්දේ මාක් වන් මහතා විසිනි. එහි සමහර කරුණු ටිකක් වැඩි පර දක්වා ඇතත්, ඔහු එහි ලියා ඇති දේ බොහෝ දුරට සත්‍යය එය එතරව දෙයක් නොවේ. කවුරුත් යම් යම් අවස්ථාවල සැහෙන්න බොරු සියකි. ටොම් හදා වඩා ගත් ආන්ට පොලි, ඇගේ දුව මෙරි සහ මට රැකවරණය දීමට ඉදිරිපත් වූ විසෝ වප්ලස් නම් බොරු කියන එකක් නැත. ඒ තුන් දෙනා ගැන ද එම පොතේ සදහන් වේ. එම පොතේ කතාව අවසන් වන්නේ මෙසේ ය. ටොම් සහ මම කොරුන් ගුහාවේ සඟවා තිබූ සල්ලි සොයා ගතිමු. අපි එයින් පොහොසත් වීමු. අප දෙදෙනාට ඩොලර් හය දාහ බැගින් ලැබිණ සියල්ලම රත්රන් කාසිය. එය මාර සල්ලි ගොඩකි. නැවර විනිසුරු එම සල්ලි බාර ගෙන සියයට හයේ පොලියට අප වෙනුවෙන් තැන්පත් කෙළේය. එයින් අපට දිනපතා වියදමට ඩොලරය බැගින් ලැබිණ. එය ඕනෑවටත් වැඩිය. විඩෝ ඩග්ලස් මා පුතකු මෙන් හදා වඩා ගැනීමට බාර ගත්තාය. ඇයට ඕනෑ වුයේ මා ශිෂ්ටාචාර භාවයට පත් කිරීමටය. එහෙත් මට එය වධයක් විය. එම තැන්පත් ශාන්ත දාන්ත විධිමත් ජිවිතය විනෝදයෙන් තොර වුයේය. මගේ සිතට එම ජීවිතය ඇල්ලුවේ නැත. බැරිම තැන මම ඇගේ නිවසින් පැන්නෙමි. මම යළිත් මට පුරුදු පරණ වැරහැලි ඇද අගු – පිල් මත ලගින්නට පටන් ගත්තෙමි. එය තෘප්තිමත් ජීවනයකි. එය නිදහස් ජිවිතයකි. එහෙත් මා සැඟවී උන් තැන සොයා ආ ටොම් සෝයර් තමා සොර කල්ලියක් සාදන බවත්, මා ආපසු විඩෝ ඩග්ලස් ළඟට ගොස් වැදගත් පුද්ගලයකු වුවොත් පමණක් එම සොර කල්ලියට බඳවා ගන්නා බවත් පැවසිය. ඉතින් මම ආපසු විඩෝ ඩග්ලස් ළඟට ආවෙමි.
-
සුදු ගෝනා – Sudu gona
Original price was: Rs. 1,480.00.Rs. 1,332.00Current price is: Rs. 1,332.00.A R. L. SPITTEL WHERE THE WHITE SAMBHUR ROAMS පර්වර්තනය ඒ. පී. ගුණරත්න එක් දිනක් හවස කෑම කා විවේක ව සිටින හෑන්ස් වැදි පිරිස අමතා, හෙට මම ගමනක් පිටත් වෙලා යනවා හුග දවසකට ආපහු එන්නෙ නෑ” යි කිය මෙයින් පුදුමයට පැමිණි බවක් පෙන්නු රන්දුනා, අර හාමුදුරුවන් ඉන්න ගල් ගෙට යනවා නෙවෙයි මම් හිතනවා. ඇයි එහෙ ආයෙමත් යන්නෙ නැහැ කීවා නේ. යි පැවසී ය. “නෑ. මම ගිගින් එන්ඩ ඕනෑ මා කලින් හිටපු වේල අද්දරට. එහෙ මගෙ යාළුවන් කීප දෙනෙක් ඉන්නවා. මම ගිහින් ඔවුන් දැකලා එන්නට ඕනෑ.” ” මොන යාළුවන් ද? අපි හිතාගෙන හිටියෙ මෙහාට එන්න ඉස්සර වෙලා කිසි ම යාළුවකු හිටියෙ නෑ කියාලායි. ” ඔව්, මිනිස් යාළුවන් මට හිටියෙ නැහැ. ඒත් මට එහෙදී කිරි දීපු මී දෙනක්, නයකුගෙන් මගෙ දිවි ගළවා දීපු මුගටියෙක්. ඒ ඔක්කොටම වඩා මිත්‍ර සුදු ගෝන නාම්බෙක් එහෙ ඉන්නවා. රනීගේ දෙනෙත් මහත් විය. අපි සේරම යමු. මාත් ආසයි ඒ විල් එළිය දකින්න. ‘
-
රන්ගිරි අරණ – Rangiri Arana
Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.කඩොලාන පඳුරු අතරේ සැඟව නද දෙන විහඟ රංවුන්ගේ හඬ හා මුසුව නැගෙන වෙරළේ හැපී බිෂන රළ පතර නඟන ප්‍රචණ්ඩ රටාව චාලිට ඇසේ. විටින් විට උස් පහත් වන දල රළ පෙළ නගන හඬ වෙනස් වෙමින් ඇදී එන ජලධාරාව කඩොලාන ගස්වල මුල් සිසාරා පොළොව සිප ගන්නේ තරමක ආදරයෙනි. එහෙත් මොහොතකින් ගොඩ බිම පසාරු කරගෙන කඩා වදින රළ පහර නිමේෂයකින් තරමක් සන්සුන්ව යළිත් සයුර දෙසට ඇදී යයි තද කොළ පැහ ගැන්වුණු කඩොලාන තුරු රටා අතරින් ගමන් කිරීමේ දී සිතට ලැබෙන්නේ අප්‍රමාණ වූ ප්‍රබෝධයකි: සතුටකි. කරදිය හා මඩදියර මුසු වි අවපැහැ ගැන්වුණු ජලය තුළින් නාසයට දැනෙන දුර්ගන්ධය මහත් අපුලකි.
-
වන රජදහන – Wana rajadahana
Original price was: Rs. 300.00.Rs. 270.00Current price is: Rs. 270.00.සමන්, වන ආවරණයෙන් සෙවන වු දිය දහරක් අසල නතර විය. ඔහු අනුකරණය කළ ප්‍රියන්ත හා සුනිල් ද ඒ අසලින් බිම ඇන තබා ගත්හ. සමන් අතින් සංඥා කොට මිතුරන්ට සද්ද නොකරන ලෙස දැන්වීය. මිතුරෝ ගස් වලට මුවා වූහ. මොකක්ද වෙන්නේ, ප්‍රියන්ත කුතුහලයෙන් කෑ ගැසීය. ” කෑ ගහන්න එපා. සද්දේ ඇහුනොත් අපි තුන්දෙනාම ඉවරයි. “ඒ ඇයි.” ” බලන්න අර වීර ගහේ කඳ දිහා . ” මගේ අම්මෝ ! කොටියෙක් නේද?” කොටියෙක් නෙවෙයි කළු දිවියෙක්.” වෙන්න බෑ. පුල්ලි තියෙන්නේ කොටින්ට විතරයි. ප්‍රියන්ත දිගට හරහට වාද කරන්නට වූයේ තමන් සිටි තැන පවා අමතක කරමිනි. කියන තැනකට වඳින්නම්. ටික වෙලාවකට සද්ද නොකර ඉන්න. එවිට ප්‍රියන්තට සමන් කීවේ තරමක අමනාප ස්වරයෙනි.
-
සුදු වැද්දා – Sudu wedda
Original price was: Rs. 1,380.00.Rs. 1,242.00Current price is: Rs. 1,242.00.හැන්ස් ඔබ මොකද කරන්නේ?” ඩේමියන් පූජකතුමා ඉතා බැරෑරුම් හඬන් විමසීය. ‘මට කැලේම තමා ඒ ගැන තර්ක විතර්කවලට ඉඩක් නැති බව ඔහුගේ වචන වල නිශ්චිතතාවෙන් තහවුරු විය. එවැනි උත්සාහයක් නොදැරීමට වගබලා ගත යුතු කරපිට ඔවුහු හැන්ස් ගැන මනා අවබෝධයක් ඇතිව ද සිටියහ. “අර අසරණ තරුණිය නාලනීට ඉන්න මීට වඩා හොඳ තැනක් ගැන මට හිතා ගන්න බැහැ. මෙහේ නවතින්න ඇය කැමැති කර ගන්න මම උත්සාහ කරන්නම්. මා ළඟ ඉන්න කට්ටියේම කෙනෙක් හැටියට මම් ඇය රැක බලා ගන්නම්.” මඳ වේලාවක් නිහඬව සිටි පියතුමා හැන්ස් ඇමතුවේය. “මගෙ පුතා හැන්ස්, කැලය ඔබේ ශරීරයත් ආත්මයත් අවනත කරගෙන, එය හැමි දාම ඔබගේ නිවහන වෙයි. ඒත්, කැළේ අද්දර ඉන්න අප බලන්න ඉඳහිටවත් නෑවිත් ඉන්න හේම ඒක හේතුවක් නෙමේ. අපි හැම විටම ඔබ ආදරයෙන් පිළිගන්නවා.” බොහෝම ස්තූතියි පියතුමනි. මම ඔබතුමා අමතක කරන්නේ නැහැ.” ඔවුන් නැගිට වැලි පිස දමා අඳුරු වන ගුල්මය මැදින් පූජකතුමාගේ පැල්පත කරා ගිය අතර හැන්ස් ඔවුන්ගෙන් වෙන්ව රන වෙත ගියේය. පොරොන්දු වූ පරිදි, පසු දා අලුයම් ඔවුහු සියලු දෙනාම හැන්ස් – රනී යුවළ අවසන් වරට දැක ගැනීමට ගියහ. ඔවුන් දෙදෙනා බල්ලාද කැටුව යනු ඔවුහු බලා සිටියහ. කැලයට ඇතුළු වත්ම හැන්ස් ආපසු හැර අත වනා ඔවුනට ආයුබෝවන් කීවේය.
-
නෙල්ලි කැලේ වීරයෝ – Nelli kale weerayo
Original price was: Rs. 400.00.Rs. 360.00Current price is: Rs. 360.00.1990 දී ප්‍රථම වරට පළ කරන ලදුව, අතිශය ජනප්‍රියත්වයට පත්වූ නෙල්ලි කැලේ වීරයෝ යොවුන් නවකතාවේ නව සංස්කරණය සූර්ය ප්‍රකාශකයක් ලෙස මෙසේ ඔබ අතට පත් වේ. තමා බාලදක්ෂයෙකු සේ ලැබූ අත්දැකීම් පාදක කොට ගෙන නිමල් බණ්ඩාරයන් මේ කෘතියේ මුල් පිටපත ලියා ඇත්තේ ඔහු 1983 වසරේ නව වන ශ්‍රේණියේ ලබන අවදියේදී ය. දරුවන්ට අර්ථාන්විත භාෂා හැසිරවීමට මහා පෙන්වනු වස්, ප්‍රස්තා පිරුළු හා විශේෂණ පද පිළිබඳ විවරණයක් මෙන්ම මුල් මුද්‍රණගේ ඇතුළත් නොවූ චිත්‍ර සටහන් සමුහයක් දැනව සංස්කරණයට ඇතුළත් කොට තිබේ. නෙල්ලි කැලේවීරයෝ’ කෘතිය 1996 දී ඉංග්‍රීසි භාෂාවට හා 1998 දී දෙමළ භාෂාවට ද පරිවර්තනය කර ඇත. මෙම නවකතාව හා බැඳුණු අනෙකුත් කෘතීන් වන ‘ගල්ගේ කන්ද වන රජ දහන හා ‘සමුදුරු මෙඛ්ලා’ යන කෘතීන්ගෙන් ‘ වන රජ දහන කෘතිය 2005 වසරේ දී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබේ. සමුදුරු මේඛලා කෘතිය ද දැහට ඉංග්‍රීසි භාෂාවට පර්වර්තනය කොට ඇති අතර ඉදිරියේ දී මුදුණයෙන් නිකුත් කිරීමට නියමිතය නෙල්ලි කැලේ වීරයෝ’ කෘතිය රචනා කළ නිමල් බණ්ඩාරයන් 2000 වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරියකු ලෙස සේවයට එක් විය. ඔහු රාජ්‍ය තාන්ත්‍රික නිලධාර්ථයකු ලෙස මහජන චීන සමුහාණ්ඩුව, නෙදර්ලන්තය හා සකිස්ථානය යන රටවල සේවය කළ අතර, දැනට විදේශ කටයුතු අමාත්‍යංශයේ මැද පෙරදිග අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරයි.
-
සමදුරු මේඛලා – Samaduru mekala
Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.ප්‍රියත්ත දගකාරයෙක් සේ සෑම අවස්ථාවකම් ක්‍රියා කළේය. මේ නිසා සුනිලට හා සමන්ට ඇති වූ ගැටළු නිමක් නොවන කරම් ය. ඒ හැම අවස්ථාවකදී ම ප්‍රියන්නට කොතෙක් උපදෙස් ලබා දුත්ත ද ඔහු තම දගකාරකම් අත්හළේ නැත. ඊයේ ඇති වූ ගැටුම පිළිබඳව සුනිල් යළිත් කල්පනා කළේ මෙය තව කොතෙක් දුරට ව්‍යාක වේ දැයි හදවතේ ඇති වූ බිය යටපත් කර ගනිමිනි. මීගමුව ප්‍රදේශයේ දින කීපයක වාරිකාවක් සඳහා ප්‍රියන්තට සුනිල්ට ආරාධනා කළේ සමන් විසිනි. සමන් හේ ලොකු තාත්තා මීගමු ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බැවින් ඔවුන් වාසය කළේ මීගමු වෙරළට ආසන්නව ය. සමන් බොහෝ නිවාඩු අවස්ථා වල මෙහි පැමිණ මුහුදේ අසිරිය බලමින් විවේකය ගත කිරීමට මහත් අභිරුචියක් දැක්වීය. මෙවර ඔහු තම මිතුරන් දෙදෙනාට ද මෙහි පැමිණීමට ආරාධනා කළේ ඒ සතුව තවත් වැඩි කර ගනු සඳහා ය.
-
ගල්ගේ කන්ද – Galge kanda
Original price was: Rs. 400.00.Rs. 360.00Current price is: Rs. 360.00.සුනිල් පාසල කරා එන විට තරමක් ප්‍රමාද විය. ප්‍රියන්තගේ හා සමන්ගේ මේසවල පොත් තිබෙනු දක්නට ලැබුණි. පංතියේ බොහෝ දෙනෙක් ද ඒ වන විට පැමිණ සිටි බව මේස මත තැබූ පොත් වලින් පැහැදිලි විය. එහෙත් කිසිම පිරිමි ළමයකු පංතියේ නොවීය. සුනිල්ගේ සිතට මහත් නොසන්සුන් ගතියක් ඇති විය. ” කෝ ප්‍රියන්ත එහෙම ” ඔහු චමරිගෙන් ඇසුවේ තරමක් කුතුහලයෙනි. අජිත්ලා එක්ක හයියෙන් හයියෙන් කථාවෙලා පංතියෙන් කොහෙටද ගියා.” චමරි කීවේ ද තරමක් වේගයෙනි. සුනිල්ට තමන් සිටින්නේ කොතැනක දැයි අමතක විය. විනාඩි කීපයකින් තාප්පයෙන් පැන්න සුනිල් ගොඩනැගිලි අවට හා පිට්ටනියේ තම මිතුරන් සොයන්නට පටන් ගත්තේ.. ටික වේලාවකින් පංතියේ සියළු දෙනාම එක තැනක සිටින බව දක්නට ලැබුණේ ක්‍රීඩාංගන මායිමට පැමිණීමෙන් පසුවයි. සුනිල් එතනට යන විට පහළොවක් තරම් සිසුන් පිරිසක් වට එකිනෙකා වචන වලින් හරඹ කරමින් සිටිනු දක්නට ලැබුණි.”
-
හයිඩි – Heidi
Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00.පැරැණි රම්‍ය මායන් ෆෙල්ඩ් නගරයේ සිට ඇල්ප්ස් කඳු වැටිය නිල් පාමුල පිහිටි ගම්මානය කරා තුරු සෙවණින් සිසිල් වූ තණ බිම් හරහා ඩි පාරක් වැටී ඇත. හිමෙන් වැසී ගත් ඇල්ප්ස් කඳු මුදුන පහත නිම්නය දෙස තේජාන්විත බැල්මක් හෙළා සිටී. අඩි පාර ටික ටික ඉහළට ඇදෙත්ම, අසල ලඳු වන රොද සැදි කෙටි තණ හා සවිමත් කඳු පැළෑටි වලින් නික්මෙන නැවුම් සුගන්ධය අවට වාතය හා මුසු වේ. මෙතැන් සිට ඇල්ප්ස් කඳුවැටිය කරා වැටී ඇති අඩි පාර කර්කශ වූද, බෑවුම් සහිත වූද දුෂ්කර ගමන් මගකි. ජුනි මාසයේ හොඳට හිරු පායා තුබූ පැහැබර උදෑසනක, මෙම කඳුකර ගම්මානයට අයත් උස සවිමත් පෙනුමක් ඇති තරුණියක් පස් හැවිරිදි වියේ පමණ පසු වූ දැරියක අතින් අල්ලාගෙන මෙම පටු අඩි පාර දිගේ ඉහළට නගිමින් සිටියාය. දැරියගේ කම්මුල් රතු වී තිබුණි. දුඹුරු පාට ගැසී තිබුණු සිරුරේ හමද හිරු එළිය නිසා පැහැපත් රක්ත වර්ණයට හැරී තිබිණි. මෙය පුදුමයට හේතුවක් නොවේ. දැවෙන අව්වේ වුවද දැරියගේ ශරීරය ඔතා ආවරණය කර තිබුණේ සීත හිමෙන් ආරක්ෂා කිරීමට සේය. ඈ ගවුම් දෙකක් නැත්නම් තුනක් එක පිට එක ඇඳගෙන සිටියාය. ඊට අමතරව, ලොකු රතු පාට සළුවක් ඇගේ සිරුර වටා දවටා තිබුණේ පස් හැවිරිදි ඇය කවුදැයි දැක ඇඳින ගත නොහැකි තරමටය.















































