-
පළමු සිවු වසර – Palamu siwu wasara
Original price was: Rs. 680.00.Rs. 544.00Current price is: Rs. 544.00.ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳෙක වන ලෝරා දකුණු ඩකෝටා තැනිතලාවේ ඔවුන්ගේ නිවස වටා පිහිටි භූමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමඟ වෙහෙස වී වැඩපළ කළ යුතුය. ඉක්මනින්ම ඔවුන්ගේ සිඟිති දියණිය රෝස් උපදින අතර බොහෝ මුල් කාලීන ඇමරිකානුවන්ට මුහුණ දෙන්නට සිදුවූ දුක් පීඩාවන්ට සහ ජයග්‍රහණයන්ට මුහුණ දෙමින් ජීවිතයේ නව අරමුණු කරා යන්නට මේ අලුත් පුංචි පවුලටද සිදුවෙයි. මේ පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ අවසාන කෘතියයි.
-
පාලූ දුපත – Palu dupatha
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.පාළු දූපත සොහොයුරු සොහොයුරියන් හතර දෙනෙකු ගෙන් යුත් පවුලක බාලයා මමය. මගේ නම නන්දන ය. මා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ නව වැනි වසරේ උගනිමින් සිටියදීය ඒ තීරණාත්මක දිනය උදා වූයේ. එදා සඳුදා දිනයකි. සිරිත් පරිදි පාසැල් ගිය මම වෙනදා මෙන් පාසැල ඇරී ගෙදර යාම සඳහා අනුරාධපුර බස් නැවතුම් පොලට යමින් සිටියෙමි. මා ගමන් කළේ අනික් ළමුන්ට පසුව, තනිවමය. මා යන පැත්තටම ගමන් කරමින් සිටි මෝටර් රථයක් හදිසියේම මා අසල නතර කොට, පුතා නගින්න අපි ගෙදරට ඇරලන්නං අපි යන්නෙත් ඒ පැත්තටම තමා යි කියමින් රථයේ පිටු පස අසුනෙහි සිටි කාරුණික පෙනීමකින් යුතු තලතුනා පුද්ගලයෙක් දොර අරිමින් මට ඇරයුම් කළේය. ඔහු තාත්තාගේ යහළුවකු වන්නට ඇතැයි සිතූ මම ඉතා කැමැත්තෙන් රථයට නැගුණෙමි. ඔහුගේ සිත් අදනා පෙනුම හා මොළොක් වචන නිසා එවෙලේ මට කිසිම සැකයක් ඇති නොවීය.
-
පුංචි වීරයෝ – Punchi weerayo
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.උපුල් සහ විපුල් දෙන්නා අයියා මලෝ. ඒත් දෙන්නම එ උසයි. එක මහතයි. එකම මුහුණුවරයි. වෙන් කරල හඳුනා ගන්න අමාරුයි. මේ උපුල්ය. මේ විපුල් ය, කියලා හඳුනා ගන්නට අම්මට තාත්තට වුණත් ලෙහෙසි නැහැ. මේ දෙන්නා නිවුන්නු. ඒ කියන්නේ නිවුන් සහෝදරයෝ. අයිය මල්ලිට වඩා වැඩිමහල් වෙන්නේ විනාඩි දෙක තුනකින් විතරයි. අයියගේ නම උපුල්. මල්ලිගේ නම විපුල්. දෙන්නම ඉගෙන ගන්න දක්ෂයි. ගුරු ගෙදර දී වැඩිය හපන්කම් පාන්නේ විපුල්. සෙල්ලම් පිටියෙදිත් හපනා. හේනේ කුඹුරේ වැඩවලදිත් අත් උදව්වට විපුල් කම්මැළි නෑ. අහල පහල උදවියට පුංචි පහේ උදව්වකට වුණත් ඉදිරිපත් වෙන්නේ විපුල්. ඒ නිසා කවුරුත් විපුල්ට ආදරය කළා. ඒත් කවුද විපුල්? කවුද උපුල්? විපුල්ගේ වැඩවලින් හොඳ නම ගන්න ඉදිරිපත් වුණේ උපුල්. ඉගෙනීමේ වැඩ හොඳට කළාට උපුල් කම්මැළියි. වැඩට පලට ශූර නෑ. ඒ වුණාට දෙන්නගෙ දඟකාරකමේ නම් අඩුවක් නෑ. අයියයි මල්ලියි අතර රණ්ඩු කෙළවරක් නෑ වෙලාවකට දෙන්නා හරි යාළුයි.
-
පොලියානා – Pollyanna
Original price was: Rs. 1,250.00.Rs. 1,000.00Current price is: Rs. 1,000.00.හෙළී මෙනෙවිය ජුනි මාසයේ එක් උදෑසනත් පොලි හැරින්ටන් මෙනෙවිය ඉතා කලබලයකින් ඇගේ මුළුතැන්ගෙට ඇතුළු වුණාය. සාමාන්‍යයෙන් මෙසේ කලබලයෙන් කිසිවක් කිරීම ඇගේ සිරිත නොවීය. හැම දෙයක්ම ආචාරශීලීව කරන කෙනෙකු හැටියට ඇය, ඇය ගැනම ආඩම්බරයකින් පසු වුණාය. එහෙත් අද නම් ඇය කඩිමුඩියකින්, ඇත්තෙන්ම විශාල කලබලයකින් සිටින්නීය. නැන්සි මුළුතැන්ගෙයි පිඟන් සෝදමින් සිටි අතර. එහි කලබලයෙන් ඇතුළු වන හැරින්ටන් මෙනෙවිය දෙස පුදුමයෙන් හැරි බැලුවාය. ඇය පොලි මෙනෙවියගේ මුළුතැන්ගෙයි වැඩ කටයුතු කර දෙන්නේ මාස දෙකක වේලේ පටන්ය. එහෙත් එදා මෙදා තුර කිසි දාක ඇය. ඇගේ නෝනා මහත්මිය මේ තරම් කලබලයකින් සිටිනු දැක නැත. “නැන්සි.” “ඇයි මැඩම්?” යි නැන්සි උද්‍යෝගයෙන් උත්තර දුන් නමුන් අතේ තිබුණු ජෝගුව සේදීම නැවැත්තුවේ නැත.
-
බෙරගල කන්දේ නිධානය 2 – Beragala Kande Nidhanaya 2
Original price was: Rs. 550.00.Rs. 440.00Current price is: Rs. 440.00.“උතුමාණෙනි, උරුමය කියල දෙක තුනක් නෑ. උරුමය කියල කියන්නේ එක දෙයක්.’ වැදි ගැහැනිය කළු පැහැ ගැසුණු දත් පෙන්නා සිනා සෙමින් කීවා. “ගොයියගෙන් උගෙ පුතාට ලැබෙන උරුමය ගොයිකම, වැද්දගෙන් උගෙ පුතාට ලැබෙන්නෙ දඩයම. ඒ විදියට රජාගෙන් පුතාට ලැබෙන්නෙ මොකක්ද? ‘ එසේ කියා නැවත මුව අයා සිනාසුණ ගැහැනිය අවසානයේ මෙසේ කීවාය. ” රජකම….. රජකම “
-
මරණයෙන් පිබිදුණු මිනිස්සු – Maranayen pibidunu minissu
Original price was: Rs. 500.00.Rs. 400.00Current price is: Rs. 400.00.මරා දැමුණු මිනිසා අතින් මිනීමරුවා ඝාතනය වේ. ලන්වන් නගරය අසල වූ එක් පෞද්ගලික පාසලක් පිහිටා තිබුණේ බෙහෙවින් පැරණි, විශාල නිවසක් තුළය. එල්ම ගසින් හා දේවදාර ගසින් සෙවණ වූ පාසල් භූමිය රමණිය තේමිස් නදිය අසබඩ සුන්දර පරිසරයක පිහිටා තිබිණ. 1870 වසරේ පළමු පාසල් වාරය ආරම්භ විය. පාසල් සිසුන් 130 දෙනාත්, ගුරුවරුන් කිහිපදෙනාත් ඇතුළු සියල්ලෝම පාසල පටන් ගත් දින පැමිණ සිටියහ. මේ වාරයේ දී පැරණි ගුරුවරුන්ට අමතරව සැම්ප්සන් නම් වූ අලුත් ගුරුවරයෙක් ද පැමිණ සිටියේය. මුහුණ පුරා වැවුණු ඝන රැවුලකින් ද, උස් සිරුරකින් ද යුතු වූ අලුත් ගුරුවරයා කල් යත්ම ශිෂ්‍යයන් අතර ජනප්‍රිය වන්නට සමත් විය. රට රටවල ඇවිද නොයෙකුත් තොරතුරු දැන සිටි ඔහු ඒ පිළිබඳව සිසුන්ට රසවත් කතා පැවසීමට සමත් වී සිටියේය. සැම්ප්සන්ගේ ගෙලෙහි නිරතුරුවම ඔහු පැලඳ සිටි මාලයක් විය. ඔහුගේ නමේ මුල් අකුරු තුන වන ජී. ඩබ්ලිව්. එස්. කොටා තිබූ රන් කාසියක් එහි අමුණා තිබිණ. සැමම්ප්සන් මහතා පාසලට පැමිණ නොබෝ දිනකින් අද්භූත සිදුවීම් මාලාවක් පාසල පුරා හමා යන්නට පටන් ගත්තේය. දිනක් ගුරුවරයා ශිෂ්‍යයන්ට ලතින් භාෂාව උගන්වමින් සිටියේය. ලතින් භාෂාවෙන් වාක්‍යය බැගින් ලිවීමට ශිෂ්‍යයන්ට නියම වී තිබිණ. මේ අතරේ පන්තියේ කොනක වාඩි වී සිටි මැක්ලොයිඩ්’ නමැති ශිෂ්‍යයා කිසිවක් නොලියා මේසයට බර වී නිදිමත ස්වභාවයෙන් පසු වනු තවත් ශිෂ්‍යයකුගේ නෙත ගැටිණ. ” මැක් ලොයිඩ්, ලියන්නේ නැද්ද?
-
මහ බැද්දේ සුදු වැද්දා – Maha badde sudu wedda
Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.මහ බැද්දේ සුදු වැද්ද’ නම් වු මෙම යොවුන් නවකතාවට පාදක වී ඇත්තේ මුහුදු බත් වුණු නැවකින් ශ්‍රී ලංකාවේ වෙරළකට පිනා අවුත් වන වැදුණු ඕලන්ද ජාතික නිර්භීත ගැටරයෙකු පිළිබඳ ත්‍රාසය, වීරත්වය හා කුතුහලය දනවන රසවත් කතා පුවතකි. වන සතුන් හීලෑකර ගැනීම සඳහා පුදුම දක්ෂ – තාවයක් තිබූ ‘ හෑන්ස් ‘ නම් වූ මෙම නිර්භීත යොවුන් ගැටවරයා රුදුරු වන සතුන්ගෙන් ගහණ මහ වන මැද ජීවිත් වීම සඳහා කරන අරගලය සැබැවින්ම ත්‍රාසය භීතිය හා වමත්කාරය පිරුණු එකකි. පසු කාලයේදී කන්ද උඩරට සිංහල රජුගේ හේවායින්ට හසු වෙන හෑන්ස් එහි සිරකරුවෙකු බවට පත්වෙයි. මේ අතර තුර රජුගේ බලවත් උදහසට ලක්වෙන මෙම ගැටවරයාට ඇතෙකු ලවා පාගා මරා පොඩි කර දමන්නට සැරසෙද්දී ඔහු ඒ මර උගුලෙන් ගැලවෙන්නේ හාස්කමකින් මෙනි. ඇතාගේ පිහිටෙන් යළිත් වන වදින හැන්ස් එහි වැදි පවුලකට එක්වී ජීවිතයේ නව මහකට ප්‍රවේශ වෙයි. සුදුහුරා නමින් වැද්දන්ගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වන මෙම ගැටවරයා මේ වන විට සිංහල රජතුමාගේ හිරකරුවන් බවට පත් වී සිටි පෘතුගීසි හා ලන්දේසි කපිතාන්වරු දෙදෙනෙකු ද උපායශීලිව නිදහස් කර ගැනීමට සමත් වෙයි. වනගත ජීවිතය හා වැද්දන් අතර බැඳුණු සිදුවීම් වලින් ගහන මෙම රසබර වෘත්තාන්තය පාඨක – යාගේ සිත මන මෝහනයෙන් හා ත්‍රාසයෙන් තුල්මත් කරවන සුළුය. ලංකාවේ වනාන්තරවල ඇවිද වැද්දන් සමඟ ජීවත්වී ඒ අත් දැකීම් හා ඉතිහාසගත සැබෑ තොරතුරු සමඟ ප්‍රතිනිර්මාණය කළ මෙම කෘතිය ආර්. එල්. ස්පිට්ල් නම් වූ ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයා අතින් රචිත නිර්මාණ වලින් වඩාත්ම මෙරට පාඨකයින් අතර ජනප්‍රිය වූ ප්‍රබන්ධය වෙයි.
-
මිදි ඔය අසබඩ – Midi oya asabada
Original price was: Rs. 1,120.00.Rs. 880.00Current price is: Rs. 880.00.යළිත් ආවරණය කළ ගැලේ නැඟී මෙවර ඔවුන් පිටත්ව යන්නේ මිනෙසොටාවටයි. එහිදී ඔවුහු සොඳුරු මිදි ඔය අසබඩ කණ්ඩියක් යට පිහිටි කුඩා නිවසක පදිංචි වෙති. වැඩි කල් යන්නට පෙර අප්පච්චි වීදුරු ජනේල සහ අසව් වලින් සවි කළ දොරක් ඇති අපුරු නිවසක් සාදයි. පාසල් යන්නට පටන් ගන්නා ලෝරා සහ ඇගේ සහෝදරය මේරි ගෙදර දොරේ වැඩපළට උදව් වෙති, ඔයේ මසුන් අල්ලති. පළගැටි උවදුරක සහ භයංකාර කුණාටුවක ස්වරූපයෙන් අවාසනාව ඔවුන් හඹා එන නමුත් ඔවුහු එකට එකතුව ඒ සියලු ප්‍රශ්න ඉදිරියේ නොසැලී නැගී සිටිති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හතර වැන්නයි.
-
මේ මිහිරැති සොඳුරු සමය – Me mihirathi sonduru samaya
Original price was: Rs. 1,300.00.Rs. 1,040.00Current price is: Rs. 1,040.00.කුඩා නගරයේ ජීවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමු වැනි වතාවට නිවසින් පිට වී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චිත්, අම්මාත්, කෙතේ නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා මේරිගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරීමත් කරගෙන රැකියාව කරයි. ඈත්, අල්මන්සෝ වයිල්ඩර්ස් අතර පවතින මිතුරුදම ක්‍රමයෙන් වැඩි වර්ධනය වී ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වෙති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ අටවැන්නයි.
-
යකාගෙ ඉස්කෝලෙ – Yakage iskole
Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00.සමාජය විෂමය. කුරීරුය. එහි ගොදුරු බවට පත්වන්නේ වැඩිහිටියන් පමණක්ම නොවේ. වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද විෂම සමාජ පරිසරය තුළ දරුවන්ගේ විසිතුරු ලොවද පීඩාවට පත් වේ. සඳළි, ක්‍රිෂ්ණ, නියාස් යනු එකී වව්‍යසනය හමුවේ පීඩාවට පත් ළමුන් තිදෙනෙකි. සියල් බාධක කම්කටොලු මැද අධ්‍යාපනය ලබන අතරම. සමාජයට පිළිලයක් වූ දරුණු අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර දීමටද ඔවුහු අරගල කරති. ඒ සෑම උත්සාහයක්ම බිහිසුණුය. ත්‍රාසජනකය. පාඨකයා තිගැස්මට ලක් කරන සුලුය. මේ ඔවුන්ගේ විරත්වයෙන්ද, උදෙත්ගයෙන්ද සුසැදි අපූර්ව කතාවයි.
-
රන්ගිරි අරණ – Rangiri Arana
Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.කඩොලාන පඳුරු අතරේ සැඟව නද දෙන විහඟ රංවුන්ගේ හඬ හා මුසුව නැගෙන වෙරළේ හැපී බිෂන රළ පතර නඟන ප්‍රචණ්ඩ රටාව චාලිට ඇසේ. විටින් විට උස් පහත් වන දල රළ පෙළ නගන හඬ වෙනස් වෙමින් ඇදී එන ජලධාරාව කඩොලාන ගස්වල මුල් සිසාරා පොළොව සිප ගන්නේ තරමක ආදරයෙනි. එහෙත් මොහොතකින් ගොඩ බිම පසාරු කරගෙන කඩා වදින රළ පහර නිමේෂයකින් තරමක් සන්සුන්ව යළිත් සයුර දෙසට ඇදී යයි තද කොළ පැහ ගැන්වුණු කඩොලාන තුරු රටා අතරින් ගමන් කිරීමේ දී සිතට ලැබෙන්නේ අප්‍රමාණ වූ ප්‍රබෝධයකි: සතුටකි. කරදිය හා මඩදියර මුසු වි අවපැහැ ගැන්වුණු ජලය තුළින් නාසයට දැනෙන දුර්ගන්ධය මහත් අපුලකි.
-
රිදී විල් තෙර – BY THE SHORES OF SILVER LAKE-Ridi wil thera
Original price was: Rs. 1,150.00.Rs. 920.00Current price is: Rs. 920.00.මිදි ඔය අසබඩ කුඩා නිවස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩ කෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභියෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරීම් සඳහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි දුම්රිය මාර්ගයේ වැඩ කරයි. අප්පච්චි, අම්මා, මේර් සහ කෙරේ සමඟ රිදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි. මිනින්දෝරු නිවාසයේ ගත කළ පාළු සීත කාලයකින් පසුව, අප්පච්චි ශෝභන රිදී විල ඉවුරේ ඉක්මනින්ම ඉදෙවනු ඇති අලුත්ම අලුත් නගරයක පළමු වැනි ගොඩනැගිල්ල කදයි. ඉන්ගල්ස් පවුල ආවරණය කළ ගැලේ නැගී කළ සංචාරයන් අන්තිමේදී අවසන් වෙයි.
-
ලස්සන වසිලිස්සා – LASSANA WASILISSA
Original price was: Rs. 1,400.00.Rs. 1,260.00Current price is: Rs. 1,260.00.එකෝමත් එක රටක, බොහොම ඉස්සර කාලේ, එක පුංචි ගෙදරක මහල්ලෙකුයි මැහැලියකුයි හිටියා. මේ දෙදෙනාට හිටියෙ එකම එක දුවක් විතරයි. එයාගෙ නම වසිලිස්සා. ඒ ගොල්ලො බොහොම හොඳට ජීවත් වුණා. හිටි හැටියේම ඒ ගොල්ලන්ට විපතක් සිදු වුණා. වසිලිස්සාගේ මහලු මව අසනීප වුණා. ඇගේ මරණය ළං වුණා. අම්මා වසිලීස්සාට කතා කරලා, ඈට බෝනික්කකු දීලා මෙහෙම කීවා.” අනේ හොඳ දුවේ, මේ බෝනික්කාව කාටවත්ම පෙන්වන්නේ නැතිව පරිස්සම් කර ගනින්. නුඹට විපතක් සිදු වුණොත්, බෝනික්කාට කෑම ටිකක් දීලා උපදෙස් ලබා ගනින්. එයා නුඹට පිහිට වේවි. “අම්මා වසිලීස්සාව සිප ගත්තා. ඊට පස්සේ ඈ මළා.වසිලිස්සාගේ මහලු පියා ටික කලක් දුක් වුණා. පසුව ඔහු වෙනත් ගෑනියක විවාහ කර ගත්තා. තාත්තා හිතුවේ ඈ හොඳ කෙනෙකු හැටියටයි. එහෙත් ඈ නපුරුයි. වසිලිස්සාව කුඩම්මාට භාර දුන්නා.කුඩම්මාට දූවරු දෙදෙනෙක් හිටියා. මේ දෙදෙනා නපුරුයි. මෝඩයි, දඟකාරයි. කුඩම්මා ඇගේ දූවරුන්ට ආදරය කළා. උන්ව හුරතල් කළා. ඈ වසිලිස්සාට නිතරම බණින්නට වුණා. වසිලීස්සාගේ ජීවිතය දුකින් පිරුණා. කුඩම්මයි ඇගේ දූවරු දෙදෙනයි හැම තිස්සේම වසිලීස්සාට නපුරු හිතින් බණිනවා. වැඩ ගොඩක් භාර දෙනවා. එහෙම කළේ මොකටද කියලා දන්නවද? … -
වන අරණක කුඩා නිවස – Wana aranaka kuda niwasa
Original price was: Rs. 800.00.Rs. 640.00Current price is: Rs. 640.00.විස්කොන්සින් මහ වනය මායිමේ පිහිටි කුඩා ලෑලි නිවසකිනි. සිවු හැවිරිදි ලෝරා ඇගේ අප්පච්චි, අම්මා, සහෝදරියන් දෙදෙනා වන මේරි සහ කේරි, ඔවුන්ගේ විශ්වාසවන්ත බල්ලා ජැක් සමඟ ඒ කුඩා නිවසේ ජීවත් වෙයි. දරුණු සීත කාලයට සුදානම් වීම සඳහා ආහාර වගා කරන්නට හෝ ගබඩා කර තබන්නට සිදුවීම නිසා ඒ ඈත අතීතයක ජීවිතය ඇතැම් වේලාවට ඉතා දුෂ්කර වූ නමුත් නිවසේ සෑදූ සෙල්ලම් බඩු සහ තෑගි සමඟින් පවුලේ සියලු දෙනා සමඟ නත්තල සමරන්නට ලැබීම, වසන්ත සෘතුවේ පැළ වැවීම, අස්වනු කැපීම, පළමු වැනි වතාවට නගරයට යාම පුංචි ලෝරාට මහත් සතුටක් ගෙන දෙයි. සෑම රාත්‍රියකම අප්පච්චිගේ රවුකිංඤ්ඤයේ මිහිරි හඬට සවන් දෙමින් ලෝරාත්, ඇගේ සහෝදරියන් දෙදෙනාත් සුවබර නින්දකට වැටෙති. පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍යය ලිට්ල් හවුස් කතා මාලාවේ පළමුවැන්න මෙසේ ආරම්භ වෙයි.































