-
ආකර්ෂණිය නීතිය – Akarshaniya Neethiya
ශ්‍රේෂ්ඨ රහස් ඔබ දෝත දරා හිඳී
යුග ගණනක් පුරා එය පැවත ආවකි. පරපුරෙන් පරපුරට තිළිණවූවකි. බොහොමයක් දැඩිව ආශා කළ දෙයකි. වරෙක සොරකම් වූවකි. නොමැති නම් සැඟවුණකි. ඇතැම් විට එය අතුරුදහන් විණි. එමෙන්ම එය විශාල මුදල් කන්දරාවක් ගෙනාවකි.
සියවස් ගණනක් ඉපැරණි එම ‘රහස‍් ලෝක ඉතිහාසයේ කීර්තිමත් හා කැපී පෙනෙන පුද්ගලයෝ අවබෝධ කරගෙන සිය ගැලීලියෝ, බිතෝවන්, තෝමස් අල්වා එඩිසන්, ඩේල් කාර්නෙගි හා ඇල්බර්ට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයන්, දේවධර්මවාදීන්, විද්‍යාඥයන් හා ශ්‍රේෂ්ඨ චින්තකයන් රැසක් සමඟිනි.දැන් එම ‘රහස’ ලොවට හෙළිවී තිබේ.
‘එම රහස හදාරණ විට අවශ්‍ය දේ ලැබීම, අවශ්‍ය පුද්ගලයා බවට පත්වීම හා අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැක්කේ කෙසේදැයි යන්න ඔබ හඳුනා ගනී. සැබෑ ඔබ කවුදැයි ඔබ හඳුනා ගනී. ජීවිතය තුළ ඔබ වෙනුවෙන් බලා හිඳින සැබෑ විශිෂ්ටත්වය කුමක්දැයි ඔබ හඳුනා ගනී
-
ප්‍රමුදිත ජීවිතයක්
දළයි ලාමාත්, අගරදගුරුතුමනුත් අපේ යුගයෙහි අසහාය ආධ්යාත්මික නායකයන් මෙන් ම, ඔවුන්ගේ සම්ප්රදායයන් ඉක්මවා සමස්ත මානව වර්ගයා සඳහා වූ සදාචාරවත් සමාජයක් වෙනුවෙන් හඬ අවදි කරන්නවුන් දෙපළකි.පහසුවෙන් අප ව ගොදුරු කර ගැනෙන, නිෂ්ඵල දේ කතා කරමින් ජනප්රිය වීම පිළිකෙව් කරන මෙතුමන්ලා තුළ, මානව වර්ගයා කෙරෙහි පවත්නා දිරීමත් බව, ඉවසීම සහ අපේක්ෂා සහගත සන්සුන්කම ලක්ෂ සංඛ්යාත ජනතාවක් තුළ බලාපොරොත්තු දල්වයි. එතුමන්ලා අත්දකින ගැඹුරු සතුට පහසුවෙන් ඇති කරගත හැක්කක් නොවන්නේ, එය හිරිහැර, මර්දනය සහ අරගලය නමැති ගිනි මැද ගිනියම් ව සැකසුණක් බැවිනි. දළයි ලාමාත්, අගරදගුරු තුමනුත් සිහිපත් කරවන්නේ, සත්ය වශයෙන් ම සහජ අයිතියක් වන ප්රමෝදය සතුටු වීමට වඩා මූලික බව ය. -
ලොවේ වැජඹෙන කලාව – Lowe Wajabena Kalawa
සාර්ථකත්වයට පත් නො වූවන් තුළ, පොදුවේ දක්නට ලැබෙන එක් ගති ලක්ෂණයක් වේ. එනම්, ඔවුහු අසාර්ථකත්වයට පත් වීමේ සියලු හේතු දනිති. එමෙන් ම ඔවුහු තම ජයග්‍රහණයන් වැළැක්වීමට බල පෑ නො හැකියාවන් හෝ නැතිවාදයන් හොඳින් දනිති.
මෙම නො හැකියාවන් ගෙන් සමහරක් පැහැදිලි ය. එයින් කිහිපයක් සත්‍යය මඟින් සාධාරණය කළ හැකි ය. නමුත් මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මෙම නො හැකියාවන් පැවසීම පලක් නොවේ. ලෝකයට දැන ගැනිමට අවශ්‍ය වන්නේ, එක් දෙයක් පමණි. ඒ ‘ඔබ සාර්ථකත්වයට පත් වූවා ද?’ යන්න ය.