යොවුන් නවකතා

  • -10%
    (0)

    නැන්සි ඩ්‍රෝ ෆින්ලේ මැදුරේ අබිරහසම – Nancy drew fenley madure abirahasa

    නිවසේ වූ නිහඬතාවය බිඳ හරිමින් කිසියම් බිහිසුණු විල්‍ය හඬක් පහත මාලය දෙසින් පැතිරෙන්නට විය. බිය, කම්පනය ඇග කිලිපොලා යන තරම් බිහිසුණු බවක් සහිත ඒ විලාපය ඇසුනු විගසම නැන්සි ගේ සිත පුරා කිසියම් සීතලක් ගලා ගියේ නිමේෂයකිනි. මේ වන විටත් ඇය තමන්ගේ කාමරයේ ඇඳය දිගාවී සඟරාවක් කියවමිනුයි හිටියේ.විලාපය ඇසෙනවාත් සමය ඇය කියවමින් සිටි සඟරාව පැත්තකට දමා හැකි තරම් වේගයෙන් පහත මාලයට දුවගෙන ගියේ ඒ විලාප හඬ කුමක්දැයි විපරම් කිරීමටයි විලාප හඬ නොනවත්වාම ඇසේ. කිසියම් කෙනෙකුට හදිසි විපතක් සිදු වී ඇති බවකුයි ඒ විලාප හඬෙන් ඇඟවෙන්නේ. ඒ ගැන කල්පනා කරමින්ම නැන්සි පහත මාලයට බසින පඩිපෙළ දිගේ වේගයෙන් පහතට දුවන්නට වූවාය. එහෙත් ඇය පහත මාලයට පැමිණෙද්දීම බිහිසුණු විලාප හඬත් එක් වරම නතර විය. නැන්සි මදක් වටපිට විපරම් කෙරුවේ විලාප හඬ කුමක්දැයි

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.
  • -10%
    (0)

    නැන්සි ඩ්‍රෝ ටෙඩි බෙයාර් අබිරහස – Nancy drew teddy bear abirahasa

    හිම තලාවේ විලාපය ආයේමත් හිම වැටෙන්න ලැස්ති වෙනවා කියල නැ කියන්න හදන්න එපා නැන්සි… හොඳ ද? බෙයට් වොන්ඩර්පුල් සාප්පුවේ දොරින් පිටතට එබී බලන ගමන් බෙස්. තැන්සිට එසේ කීවා ය. එසේ වුවත් සිහින් හිම කැටිම ම් වනවිටත් පොළවට පතිත වෙමින් තිබිණි. ඔයා මොනව කිව්වත් තව ටිකකින් හොඳටම හිම වැටෙන්න පටන් ගනියි බෙස්… එසේ කියන ගමන්ම නැන්සි ත් සෙල්ලම් බඩු සාප්පුවට ඇතුළු වූවාය. පාසල් නිවාඩු කාලයේ බෙස් මේ සෙල්ලම් බඩු සාප්පුවේ අර්ධ කාලින සේවිකාවක් ලෙස සේවය කරන නිසා නැන්සි ද නිතර දෙවේලේ සාප්පුවට ගොඩ වන්නීය. අදත් එවැනි

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.
  • -10%
    (0)

    නැන්සි ඩ්‍රෝ – සැගවුනු තරප්පුවේ අභිරහස Nancy drew sagawunu tharappuwe abhirahasa

    ගෙවත්තේ සිටි නැන්සි දුරකථනය නාද වෙන හඬ ඇසුණු විගස හිස ඔසවා නිවස දෙස බැලුවා. ඉනික්බිති ඇය අත් වැසුම් යුවල ගලවමින් නිවස වෙත දුවගෙන ගියේ පුදුමාකාර වේගයකින්, පෝටිපෝවේ පඩිපෙළ නැග සාලය කරා පිවිසුණු ඇය හති හලමින් දුරකථනය අතට ගෙන හලෝ කිව්වා. දුරකථනයේ අනිත් පසින් ඇසුණේ හුරු පුරුදු කටහඬක්. “හායි නැන්සි.. මම හෙලන්. ” ඇමතුම ඇගේ හොඳම මිතුරියක වන හෙලන් කෝර්නින්ග් ගෙනි. නැන්සි ට වඩා වසර තුනකින් වැඩිමහලු යුවතියක වුවද ඔවුන් ඉතා සමීප මිතුරියන්ය. ” නැන්සි… මේ දවස්වල ඔයා මොකක්හරි අබිරහසක් විසඳමින් ද ඉන්නේ ?.'” හෙලන් නැවතත් ඇසුවා.එවර නැන්සි ඇයට පිළිතුරු දුන්නේ නොඉවසිල්ලෙන්. ” නෑ හෙලන්. මොකක්ද කාරණය ?. අබිරහසක් ද ?.” ” ඔව්… හොල්මන් මන්දිරයක් ගැන විස්තරයක්.”

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.
  • -10%
    (0)

    නැන්සි ඩ්‍රෝ – අදුරු ගුහාවේ අබිරහස- Nancy drew anduru guhawe abhirahasa

    ගෙවත්තේ සිටි නැන්සි දුරකථනය නාද වෙන හඬ ඇසුණු විගස හිස ඔසවා නිවස දෙස බැලුවා. ඉනික්බිති ඇය අත් වැසුම් යුවල ගලවමින් නිවස වෙත දුවගෙන ගියේ පුදුමාකාර වේගයකින්. පෝටිපෝවේ පඬිපෙළ නැග සාලය කරා පිවිසුණු ඇය හති හලමින් දුරකථනය අතට ගෙන ‘හලෝ’ කිව්වා. දුරකථනයේ අනිත් පසින් ඇසුණේ හුරු පුරුදු කට හඬක්. “හායි නැන්සි.. මම හෙලන්.” ඇමතුම ඇගේ හොඳම මිතුරියක වන හෙලන් කෝර්නින්ග් ගෙනි. නැන්සිට වඩා වසර තුනකින් වැඩිමහලු යුවතියක වුවද ඔවුන් ඉතා සමීප මිතුරියන්ය. ” නැන්සි… මේ දවස්වල ඔයා මොකක්හරි අබිරහසක් විසඳමින් ද ඉන්නේ ?.” හෙලන් නැවතත් ඇසුවා. එවර නැන්සි ඇයට පිළිතුරු දුන්නේ නොඉවසිල්ලෙන්. “නෑ හෙලන්. මොකක්ද කාරණය ?. අබිරහසක් ද ?.” ‘ ඔව්… හොල්මන් මන්දිරයක් ගැන විස්තරයක්.’

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.
  • -20%
    (0)

    වන අරණක කුඩා නිවස – Wana aranaka kuda niwasa

    විස්කොන්සින් මහ වනය මායිමේ පිහිටි කුඩා ලෑලි නිවසකිනි. සිවු හැවිරිදි ලෝරා ඇගේ අප්පච්චි, අම්මා, සහෝදරියන් දෙදෙනා වන මේරි සහ කේරි, ඔවුන්ගේ විශ්වාසවන්ත බල්ලා ජැක් සමඟ ඒ කුඩා නිවසේ ජීවත් වෙයි. දරුණු සීත කාලයට සුදානම් වීම සඳහා ආහාර වගා කරන්නට හෝ ගබඩා කර තබන්නට සිදුවීම නිසා ඒ ඈත අතීතයක ජීවිතය ඇතැම් වේලාවට ඉතා දුෂ්කර වූ නමුත් නිවසේ සෑදූ සෙල්ලම් බඩු සහ තෑගි සමඟින් පවුලේ සියලු දෙනා සමඟ නත්තල සමරන්නට ලැබීම, වසන්ත සෘතුවේ පැළ වැවීම, අස්වනු කැපීම, පළමු වැනි වතාවට නගරයට යාම පුංචි ලෝරාට මහත් සතුටක් ගෙන දෙයි. සෑම රාත්‍රියකම අප්පච්චිගේ රවුකිංඤ්ඤයේ මිහිරි හඬට සවන් දෙමින් ලෝරාත්, ඇගේ සහෝදරියන් දෙදෙනාත් සුවබර නින්දකට වැටෙති. පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍යය ලිට්ල් හවුස් කතා මාලාවේ පළමුවැන්න මෙසේ ආරම්භ වෙයි.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 640.00.
  • -10%
    (0)

    ටොම් සොයර් – Tom sawyer

    උත්තරයක් නැත.  උත්තරයක් නැත. -!” ” මේ ළමයා කොහේ ගිහිල්ලද මන් දන් නෑ ? ටොම් – ම මහලු කාන්තාව කන්නාඩි කුට්ටම පහන් කර උඩින් බැලුවාය. ඉන්පසු එය ඉහළට ඔසවා යටින් බැලුවාය. ටොම් වැනි පොඩි ළමයකු සොයා බැලීම සඳහා කන්නාඩි කුට්ටමේ වීදුරු තුළින් බැලීමට ඈ පුරුදු නැත. එය ස්ටයිල්’ එකට මිස වැඩක් ගැනීමට පළඳින කන්නාඩි කුට්ටමක් නොවේ. එය ඇගේ ලොකුකම පෙන්නීමට පළඳින කන්නාඩි කුට්ටමකි. එය ඇයගේ උජාරුව විදහා දක්වන්නකි. ” උඹ මට අහු වෙන්නේ නැතෑ -” ඈ මඳක් කැළඹුණු ස්වභාවයෙන් ගෙයි ලී බඩු වලට පමණක් ඇහෙන තරමේ පහත් ස්වරයෙන් කිවාය. ” මං දන්නවා – කරන දේ – ” ඈ පහත් වී කොස්සෙන් ඇඳ යට පිරික්සුවාය.

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.
  • -10%
    (0)

    විලියම් සහ නිවුන් සහෝදරයෝ – William saha niwun sahodarayo

    අවුල් කරනවද කියලයි විලියම් මේ දවස්වල කල්පනා කරන්නේ. විශේෂයෙන්ම මිනිසුන්ට සෑදෙන පැපොල වගේ රෝග නිසා සිද්ධ වෙන කරදර ගැන එයා දිගින් දිගටම කල්පනා කරනවා. විලියම් ට නම් පැපොල රෝගය පෙනෙන්නේ ජෙලි, ක්‍රීම් සහ කුකුල් මස් වගේ කිසිම ගැලපීමක් නැති දෙයක් විදිහටයි. පැපොල රෝගය මුලින්ම හැදුණේ විලියම් ට. ඒ රෝගය සනිප වෙන්න මාසයක් විතර ගතවුණත් විලියම් ඒකට සෑහෙන කැමැත්තකින් තමයි හිටියේ. ඒ කාලය පුරාම ඉගෙන ගන්න දේවල් ගැන කාගෙන්වත් කරදරයක් ඇතිවුණේ නෑ. මාසයක් විතර ගතවෙලා විලියම් ට පැපොල රෝගය හොඳටම සුව වුණා. හැබැයි එයාට තවමත් මහන්සි පාටයි. ඒ නිසා පාසැලේ පොත් පත් පාඩම් වලින් ටිකක් විතර ඈත් වෙලා දවස් කිහිපයක් නිදහසේ ගත කිරීමේ අවස්ථාවක් විලියම් ට ලබා දෙන්නත් අම්මා කැමැත්ත පළ කෙරුවා. මේ වගේ අහම්බෙන් ලැබෙන විවේක කාලයකින් උපරිම ප්‍රයෝජනය ගන්න හැටි විලියම් හොඳට දන්නවා. කවුරු හරි කෙනෙක් ඒ වගේ දෙයක් වලක්වන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නෑ.

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.
  • -10%
    (0)

    නැන්සි ඩ්‍රෝ පෞරාණික ඔරලෝසුවේ අබිරහස – Nancy drew pauranika oralosuwe abiraha

    දහ අට හැවිරිදි සුන්දර යුවතියකි. නීතිඥයෙකු වූ සිය පියාගේ නීතිමය ලියවිලි වගයක් ගෙනැවිත් භාර දුන් ඇය ගම්බද පාරක් ඔස්සේ සිය තද නිල් පැහැති කාරය පදවමින් සිටියාය. එය අළුත්ම කන්වර්ටබල් වර්ගයේ මෝටර් රථයකි. ” හොඳ වෙලාවට තාත්තා මගේ උපන්දිනයට මේ කාර් එක අරන් දුන්නේ. ඒ හින්දා මට දැන් එයාට උදව් කරන්න ලේසියෙන්ම පුළුවන්.” හුදකලාව කාරය පදවමින් සිටින නැන්සිගේ සිතට එවැනි සිතිවිල්ලක් නැගේ. ඇගේ පියා කාර්සන් ඩ්‍රෝය. ඔහු රිවර්හයිඩ් පළාතේ නම ගිය නීතිඥයෙකි. තමා වෙත පැමිණෙන ඉතා සංකීර්ණ නීතිමය කටයුතු පිළිබඳව ඔහු රන්වන් පැහැති හිස කෙස් සහ නිල් පැහැති දෑසක් හිමි තම එකම දියණිය වන නැන්සි සමඟ ද නිරන්තරයෙන්ම සාකච්ඡා කරයි. තාත්තාට ඉතින් මගේ උදව් නැතිවම බැහැනේ.” මද සිනාවක්ද සමඟ නැවතත්

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.
  • -10%
    (0)

    නැන්සි ඩ්‍රෝ කලු බළලාගේ ශාපය – Nancy drew kalu balalage shapaya

    ගැහැණු ළමයින් ගේ නේවාසික පාසලක් වු විවර්ලි ඇකඩමි විද්‍යාලයේ ප්‍රධාන ශාලාව අසලට නැන්සි ළං වූවාය. ප්‍රධාන ශාලාවේ දැවැන්ත දොරෙන් ඇතුළු වූවාට පසුව එක පෙළට විහිදී යන පංති කාමර පෙළක් ඇයට පෙනේ. මේ සෑම පංති කාමරයකින් ම ගැහැණු ළමයින් ගේ බියපත් කට හඬවල් ද ඇයට ඇසේ. ටික වෙලාවකට පසුව නැන්සි අංක හතර ලෙසට නම් කොට තිබූ පංති කාමරය අසල සුළු වෙලාවක් නතර වූවා ය. මේ ගැහැණු ළමයින් බියට පත්ව සිටින්නේ ඇයි ?. ඔවුන් ගේ බිය පලවා හැරීම සඳහා තමාට කළ හැක්කේ කුමක්ද ?. මෙවැනි සිතිවිලි අතර ටික වෙලාවක් ඈ කල්පනා කරන්නට වූවා ය. ගත වූයේ නිමේශයකි. නැන්සි ගේ සිතිවිලි ලෝකය සුනු විසුණු කරමින් පිටුපසින් තිබූ පංති කාමරය තුළින් බිහිසුණු විලාපයක් නැගුනේ ය. ඉනික්බිතිව පංති කාමරයේ සිටි සෑම ගැහැණු ළමයෙක් ම විලාප නගන්නට වූහ. තවත් මොහොතකින් දොර විවෘත විය. ඊළඟ නිමේශයේදී කළු පැහැති දැවැන්ත පුසෙක් නැන්සි ගේ දෙපා අතරින් රිංගා පංති කාමරයෙන් පිටතට පැන්නේ ය. උගේ දත් දෙපෙල සුදු පැහැයෙන් දිලිසෙයි. නැන්සි ගේ සිත තිගැස්සුනේ ය. කළු පැහැති දැවැන්ත පුසා මේ සුදානම් වන්නේ නැන් සිට පහර දෙන්නට ද ?… ඉනික්බිති සිදුවන්නේ කුමක්ද

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.
  • -10%
    (0)

    නැන්සි ඩ්‍රෝ – රන් නිධානයේ අභිරහස Nancy drew ran nidanaye abhirahasa

    සමහර විට පීනන්න බැරි තරම් වතුර සීතල ඇති බෙස් එසේ කිව්වේ සීතලෙන් උරහිස් හකුළුවා ගනිමිනි. ඇය අසලම සිටි ජෝර්ජ්ට නම් සීතල ගැන ගානක්වත් නෑ වගෙයි. අපෝ මට නම් ටිකක්වත් සීතල නෑ. අද තමයි පීනන්න හොඳම දවස එහෙම කියාගෙනම ජෝර්ජ් පිහිණුම් තටාකයේ පනින ලෑල්ල මතට ගියා. දැන් ජෝර්ජ් පිහිණුම් තටාකයට පනින්නයි සුදා නම් වෙන්නේ. එයා අත් දෙක හිසට උඩින් ඔසවා ගෙන වතුරට පනින්න සුදා නම් වෙනවාත් සමඟම අමුතු හඬක් අසල සිටි නැන්සි ට ඇසුනා. ඇය ඉක්මනින් අහස දිහා බැලුවේ ඒ හඬ කුමක් දැයි විපරම් කරන්නටයි. මුලින්ම නැන්සි ට කිසිම දෙයක් පෙනුනේ නෑ. හැබැයි ඊළඟට එයා දැක්කේ අහසේ සිට පොළව කරා වේගයෙන් වැටෙමින් තිබෙන කළු පැහැති දිගු රැහැණකි. එය අසල තිබූ සැටලයිට් රූපවාහිනි කුළුණෙන් ගැලවී වැටෙන විදුලි රැහැණක් බව හඳුනා ගන්නට නැන්සි ට අපහසු වුනේ නෑ. ඇගේ ගත බියෙන් හිරි වැටෙද්දී විදුලි රැහැණ පිහිණුම් තටාකයේ ජලය මතට වැටුනා. ඊළඟ නිමේශයේදී පිහිණුම් තටාකයේ ජලය දීප්තිමත් නිල් පැහැයකින් ආලෝක වෙන බවයි නැන්සි දැක්කේ. ඇය පිහිණුම් තටාකයට පනින්න සූදානම් වෙන ජෝර්ජ් අසලට දුවගෙන ගියේ මෙසේ බෙරිහන් දෙමින්. දෙයියනේ ජෝර්ජ්….. වතුරට පනින්න එපා… ඔයාට කරන්ට් වදියි.

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.
  • -10%
    (0)

    වෘක අභය භූමියේ සැගවුනු රහස – නැන්සි ඩ්‍රෝ – Wurka abaya bhumiye sagawunu rahasa

    හායි හැමදෙනාම මේක දිහා බලන්න ජෝර්ජ් ෆෙයින් කීවාය ඇගේ දුඹුරු පාට දෑස උද්දාමයෙන් දිලිසෙයි එසේ කියන ගමන් ම ඈ පසෙක තිබූ මොන්රෝස් කුරියර්’ පුවත් පතේ කාලගුණ විස්තරය කියවන්නට වූවා ය. දැන් ඔවුන් සිටින්නේ මොරිස් පළාතේ තිබෙන කුඩා ගුවන්තොටු පොලකයි. ගමන් මළු පැමිණෙන තෙක් ඔවුන්ට තවත් ටික වෙලාවක් බලා සිටින්නට සිදු වෙයි. මොන්රෝස් වලට අද රෑට හිම වැටෙනවා කියලා පත්තරේ තියෙනවා.

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.
  • -10%
    (0)

    නැන්සි ඩ්‍රෝ -අතුරුදහන් වූ සළුවේ අභිරහස Nancy Drew – athurudahan wuu saluwe abhirahasa

    ඔය විදිහට මම දිහා බලන්න එපා නැන්සි. මම මනමාලි ගේ ‍වේල් එක ගත්තේ නෑ. මම හරිම හොඳ අමුත්තෙක් වගේ මෙතැන වාඩි වෙලා හිටියා විතරයි…. අනික දැනටමත් මඟුල් ගේ තියෙන්න ඕනෑ වෙලාවට වඩා පැය එක හමාරක් පරක්කුයි. කෙලින්ම බොස්ටන් වල ආපු හින්දා මනමාලි මොන වගේද කියලවත් මම දැක්කේ නෑ. මොනව වුනත් මම එක දෙයක් ගැන නම් බලාගෙන ඉන්නවා. මම දන්නවා…..මනමාලි ගේ මල් පොකුර අල්ල ගන්න නේද ?. නැන්සි බෙස්ගෙන් ඇසුවා ය. ඈ දුන්නේ මෙවැනි පිළිතුරකි. ඔව්… ඒක දිහා තමයි. මම බලාගෙන ඉන්නේ.. විනාඩි දහයක් තුළ දහ වැනි වරටත් නැන්සි ඔර්ලෝසුව දෙස බැලුවා ය. ඈ නැවතත් බෙස්ගෙන් මෙසේ ඇසුවාය. දැනටමත් මඟුල් ගේ හොඳටම පරක්කුයි. වේල් එක හොයාගන්න අපිත් උදව් කළොත් හොඳ නැද්ද ?. බෙස් හයියෙන් සිනාසුනා ය. ඉන්පසුව ඈ තැන් සිට කීවේ මෙවැන්නකි. කළබල වෙන්න එපා නැන්සි. අපි වේල් එක ගැන කළබල වෙන්නේ මොකටද ? අනික ඕනෑම මඟුල් ගෙයක් ටිකක් හරි පරක්කු වෙනවා කියලා මම අත් දැකීමෙන් ම දන්නවා. දේවස්ථානයේ ඕගනය වාදනය කරන්නා දැනටමත් එකම ගීතිකාව තුන් වරක් පමණ ගායනා කොට අවසන් ය. මඟුල් ගෙයට පැමිණි අමුත්තෝ නොඉවසිලිමත් ව කථා කරන්නටත්, ආසන මත එහාට මෙහාට පැද්දෙන්නටත් පටන්ගෙන හමාරය. මේ ප්‍රමාදය ඔවුන්ට දරා ගැනීමට අපහසු සෙයකි. කළ හැකි දෙයක්

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.
  • -10%
    (0)

    විලියම් සහ මැයි රජ්ජුරුවෝ – William saha mai rajjuruwo

    මැයි රජ්ජුරුවෝ මේ දවස් වල විලියම් ගේ හිතට දැනෙන්නේ පුදුමාකාර විදිනේ කම්මැලිකමක්. එයා ඉස්කෝලේ යන්නෙත් හරිම උදාසීන විදිහට. පාඩම් කරන්න, පාඩම් වලින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න වුණත් විලියම් ටිකක් වත් කැමැති නෑ. ඇත්තටම මේ වගේ උදාසීන කමක් විලියම් ට දනෙන්න පටන්ගත්තේ එයාව අළුත් පාසලකට යවන්න අම්මයි තාත්තයි තීරණය කරපු දවසේ ඉඳලයි. විලියම් මෙච්චර දවසක් ගියේ පිරිමි ළමයින් විතරක් ඉගෙන ගන්න ඉස්කෝලෙකට. හැබැයි ගැහැණු ළමයිනුයි. පිරිමි ළමයිනුයි එකට ඉගෙන ගන්න මිශ්‍ර ඉස්කෝලෙකට ගියොත් විලියම් ගේ මුරණ්ඩුකම් අඩු වෙයි කියලා හිතපු අම්මයි, තාත්තයි දෙන්නා එයාව මිශ්‍ර ඉස්කෝලෙකට ඇතුළු කෙරුවා. තමන්ට හුරු පුරුදු ඉස්කෝලේ නැතිව වෙන ඉස්කෝලෙකට ආපු නිසා විලියම් ගේ හිතට මහා පාළුවක් වගේම පුදුමාකාර විදිහේ උදාසීන කමකුත් දැනෙනවා. අදත් ඒ වගේ දවසක්. විලියම් පුටුවක් උඩ වාඩි වෙලා දවල් හීනයක් දැක දැක ඉන්න කොට පංති භාර ගුරුතුමිය වන ඩිහර්ස්ට් මෙන විය ඇවිත් පංතියේ ළමයින් ට කථා කෙරුවා. ඩිහර්ස්ට් මෙනවිය කථා කරන්නේ බොහෝම සාමාන්‍ය විදිහට ඒ නිසා විලියම් ඇයට පුංචි කැමැත්තක් දක්වනවා.

    Original price was: Rs. 680.00.Current price is: Rs. 612.00.
  • -20%
    (0)

    ජිමී සහ පොලියානා – Jimmy saha Pollyana

    ජිමී සහ පොලියානා පරිවර්තනය කත්‍යානා අමරසිංහ පොලියානාගේ ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය. යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාන් නිසි වර්ණ වලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහරය. කත්‍යානා අමරසිංහ පොලියානා අපට හඳුන්වා දෙන්නේ සාහිත්‍ය කෘතියක රසය මෙන්ම අගය නිසි සේ සුරකිමිනි.

    Original price was: Rs. 760.00.Current price is: Rs. 608.00.
  • -10%
    (0)

    විලියම් සහ කිරි සුදු පූසා – William saha kiri sudu poosa

    තමන්ට මොන තරම් දක්ෂකම් තියෙනව ද කියලා විලියම් දවසක් කල්පනා කෙරුවා. මේ දේවල් ගැන කල්පනා කරමින් සිටිද්දී තමයි එයාට නාට්‍යයක් කරන්න ඕනෑ කියන අදහස හිතට ආවේ. කවුරුවත් කරපු නැති විදිහේ නාට්‍ය පිටපතක් ලියලා නාට්‍යය රඟ දක්වන්නත් විලියම් වැඩි වෙලාවක් යන්න ඉස්සර වෙලා තීරණය කෙරුවා. ඇත්තම කියනවා නම් මේ අදහස විලියම් ගේ හිතට ඇවිල්ලා ගොඩාක් දවසක් වෙනවා. ගමේ ආධුනික නාට්‍ය වේදින්ගේ සංගමයේ සහභාගිත්වය ඇතිව මේ දවස් ස්වල අපූරු නාට්‍යයක් රඟ දැක් වෙනවා කියලා විලියම් දන්නවා. මේ නාට්‍යය මොන තරම් අපූරු ද කියනවා නම් ගමේ හැම දෙනාම ඒ ගැන නිතරම කථා කෙරුවා. විලියම්ට ඕනෑ වෙලා තියෙන්නේ මේ හැම එකකටම වඩා අපූරු නාට්‍යයක් නිපදවන්නයි. ගමේ තියෙන නාට්‍යයේ අන්තිම දවසේ එය බලන්න යන්නත් විලියම් අමතක කෙරුවේ නෑ. තමන් ගේ නාට්‍යයට ඇවැසි වස්තු බීජයක් ගැන හොයා බලන්නත් එක්කයි විලියම් ඒ ගමන ගියේ. එයා නාට්‍යය පෙන්වන වේදිකාව පිටු පස පැත්තේ විපරම් කරමින් බලාගෙන හිටියා. හැබැයි වැඩි වෙලාවක් යන්න

    Original price was: Rs. 670.00.Current price is: Rs. 603.00.
  • -10%
    (0)

    විලියම් කන් දෙක නැති අමුත්තා – William kan deka nathi amuththa

    විලියම් උදෙන්ම නැගිටලා ඇනුමක් ඇරියා. ඊට පස් – සේ ඇස් දෙක පොඩි කරන ගමන් වටපිට බැලුවා. අද නත්තල් දවස කියලා එයාට මතක් වුණේ ඒ වෙලාවෙදියි. අවුරුද්දේ මාස දොළහක් ගෙවිලා ගිහිං ප්‍රීතිමත් ම දවසක් උදාවෙලා, නත්තල් දවස එනකම් විලියම් බලාගෙන හිටියේ හරිම නොඉවසිල්ලෙන්. නත්තල් තෑගි ලැබෙන, නත්තල් කළුකුමා කෑම මේසෙට එන, රතිඤ්ඤා පත්තු කරන්නට ලැබෙන මේ වගේ ප්‍රීතිමත් දවසක් වත්තම් හැමදෙනාම ආසාවෙන් බලාගෙන ඉන්නවා. විලියමුත් එහෙමයි. හැබැයි විලියම් ට සතුටු හිතෙන්නේ ඒ නිසාම තෙමෙයි. නත්තල් නිවාඩුවට එයාගේ පවුලේ නෑදෑයෝ ගොඩාක් විලියම් ගේ ගෙදර එනවා. ඒ අයට ජීවිතේටම මතක හිටින විදිහේ විහිළුවක් කරන්න අවස්ථාවක් ලැබෙන නිසා තමයි විලියම් නම් නත්තල් දවසට වැඩියෙන්ම කැමැති. ඇඳෙන් නැගිට ගත්තු විලියම් නිදන කාමරය පුරාම වීම සිලිමත් විදිහට බැලුවා. නිදා ගන්න ඇඳට එහා පැත්තේ බිත්තියේ ලොකු පෝස්ටරයක් එල්ලල්ලා තියෙනවා. මීට ඉස්සර නම් කවදාවත් මේ වගේ පෝස්ටරයක් තමන්ගේ කාමරයේ තිබුණ බවක් විලියම් ට මතක නෑ. ඒ හින්දා විලියම් පුදුමයෙන් වගේ පෝස්ටරය දිහා බලාගෙන හිටියා අවිවේකි දවස තමයි සතුටුම දවස ‘ කියන වචන පෙළ පෝස්ටරයේ ලොකුවට ලියලා

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.