යොවුන් නවකතා

  • -20%
    (0)

    පටු මඟෙහි කුඩා නිවහන – PATU MAGEHI KUDA NIWAHAN

    අම්මාත්. මමාත්, චාලට් හා ලිඩියාත් සාමාන්‍ය ගමනට බිමනට පලඳින හිස් වැසුම් සහ උණුසුම් ලොම් කබා ඇඳගෙන පිටත මඩුව හරහා එළි මහනට ඇවිද එන විට ටයිඩ්මිල් පටු මඟෙහි පිහිටි නිවහන කළුවර වෙලා ගනිමින් පැවතිණි. අම්මාගේ එක් අතක රැදුණු පයි බඳුනක් සහිත කුඩයකි. අළු පැහැ කබායක් ඇඟ වටා දවටනු ලැබූ බිලිඳිය, මෙරි, අම්මාගේ ඇකයෙහි උණුහුම්ව සිටියාය. වෙනදා මෙන් ඇය නලියමින් බිමට බසින්නට තැත් කළේ නැත. ඇගේ සිඟිති මුහුණ සැප පහසු ලොම් ඇඳුමෙහි නැමුම් අතරින් එබී බලමින් තිබිණි. චාලට් සහ ලිඩියා ගෙල ළඟට යනතුරු කබා තද කර ගත්හ. සීත සුළඟක් හැමුවේය. අහුමුළු වලින් රිංගා ආ. ඒකාකාරව හැමූ තුනී සුළං රැළි චාලට්ගේ කනට කොදුරන්නට විය. සරත් සමය ඇවිත් එය කීවේ ය. සිත කාලෙත් ළඟම ඒවි.

    තාත්තා සහ පිරිමි ළමයි එවිටම පිදුරු මඩුවේ සිට පිටතට ආහ. තාත්තා අත තිබූ ලත්තෑරුමේ එළියෙන් ඔවුන්ගේ රත් පැහැ ගැන්වුණු නැහැයවල් සහ කන් චාලට්ට පෙනිණ. ඇගේ සහෝදරයන් දෙදෙනා, ලුයිස් සහ ටොම් අත්වලට පිඹිමින් ඒවා එකිනෙක අතුල්ලමින් සිටිති.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -10%
    (0)

    පර්සි ජැක්සන් සහ අකුණූ හොරා – Percy jackson saha akunu hora

    මෙහෙමයි. මට උප දෙවියෙක් වෙන්න කොහෙත්ම උවමනා වුණේ නෑ. ඔයා මේක කියවන්නේ ඔයත් එහෙම කෙනෙක් කියලා හිතන නිසා නම්, මගේ උපදේශය තමයි. දැන්මම මේ පොත පැත්තකින් තියන්න. ඔයාගේ අම්මා හරි තාත්තා හරි ඔයාගේ උපත ගැන කියන ඕනෑම බොරුවක් විශ්වාස කරගෙන සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න උත්සාහ කරන්න. උප දෙවියෙක් වීම හරිම අන්තරාදායක, භය උපදවන දෙයක්. හුඟක් වෙලාවට ඒක ඔයාව වේදනාකාරි සහ නිර්දය විදිහට මරණයට පත් කරවාවී. ඔයා සාමාන්‍ය ළමයෙක් නම්, මේ පොත ප්‍රබන්ධයක් කියලා හිතන නිසා කියවනවා නම්, හොඳයි. දිගටම කියවන්න. මේ දේවල් කවදාවත් සිද්ධ නොවූවා කියලා විශ්වාස කරන්න ඔයාලට පුළුවන් වීම ගැන මට ඉරිසියයි. ඒත් ඔයා මේ පිටු අතර ඔයාවම දකිනවා නම්, එහෙමත් නැත්නම් ඔයා තුළ යමක් කැලතෙනවා වගේ හැඟීමක් දැනෙනවා

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,620.00.
  • -10%
    (0)

    පර්සි ජැක්සන් සහ අවසන් ඔලිම්පියනුවා – Percy jackson saha awasan olympianuwa

    පුපුරන ද්‍රව්‍ය සමඟ ගිය නැවේ සවාරිය ලෝක විනාශය පටන් ගත්තේ පෙගසස් කෙනෙක් මගේ කාරයේ වහලය මතට ගොඩ බැවට පස්සෙයි. ඒ වෙන කල්ම මම හිටියේ වැදගත් හවස් වරුවක් ගත කරමිනුයි. අවුරුදු දහසය ලබන්න තවත් සතියක කාලයක් තිබුණු නිසා මට නීත්‍යානුකූලව වාහන පදවන්න අවසර තිබුණේ නැහැ. ඒත් මගේ අම්මා සහ බාප්පා, පෝල්, මාවයි මගේ යාළුවා රේවල්වයි දකුණු වෙරළේ තිබුණු පෞද්ගලික වෙරළ තීරයකට කැඳවාගෙන ගියාට පස්සේ පෝල් මට එයාගේ ප්‍රියස් කාරය කෙටි දුරක් පදවාගෙන යන්න ඉඩ දුන්නා. දැන්, ඔයා හිතන්නේ මොනවද කියලා මම දන්නවා. අයියෝ. එයා නම් කිසිම වගකීමක් නැති මනුස්සයෙක් නේ, බලාහ්, ලාහ්. බ්ලාහ්. ඒ වුණාට පෝල් මං ගැන සැහෙන හොඳින් දන්නවා. මම රාක්ෂයින්ව පෙති ගහන හැටි සහ පුපුරා යන පාසල් ගොඩනැගිලි වලින් එළියට පනින හැටි පවා එයා දැකලා තියෙනවා. ඉතින් මම ජීවිතේට කරලා තියෙන අනතුරුදායක ම වැඩේ කාරයක් යාර දෙතුන් සීයක් පදවාගෙන යන එක නෙවෙයි කියලා එයා තේරුම් අරන් ඉන්න ඇති. කොහොම හරි, රේචල් සහ මම ඉදිරියට පදවාගෙන යමින් සිටියා. එදා අගෝස්තු මාසයේ උණුසුම් දවසක්. රේචල් එයාගේ රතු කොණ්ඩය පිටුපසට කර පෝනි ටේලයකට ගැට ගසාගෙන,

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,620.00.
  • -10%
    (0)

    පර්සි ජැක්සන් සහ උපදෙවි ලිපිගොනු – Percy jackson saha upadevi lipigonu

    එක මකරෙකුට ඔයාගේ මුළු දවසම කාබාසිනියා කරන්න මං කියනවට විශ්වාස කරන්න, උප දෙවියෙක් විදිහට මට නරක අත්දැකීම් ගොඩක් ලැබිලා තියෙනවා. මාව හපාකාලා තියෙනවා. හූරලා තියෙනවා. පිච්චිලා වගේම විෂ කැවිලත් තියෙනවා. මම තනි- මළුවේ මකරු, ඔළු – දෙකේ එවුන්. ඔළු – අටේ එවුන්. ඔළු නමයේ එවුන් වගේම. ඔළු ගාන ගණන් කර කර හිටියොත් මැරුම් කන්න වෙන නිසා ගණන් කර ගන්න බැරි තරම් ඔළු ගොඩක් තිබුණු මකරු සමගත් මම සටන් කරලා තිබුණා. ඒත් ලෝකඩ මකරෙක් එක්ක? මං හිතුවෙම මාවයි මාගේ යාළුවන්වයි චූටි කෑලි ගොඩක් වෙලා නතර වෙයි කියලයි. *** ඒ සැඳෑ වරුවත් පටන් ගත්තේ සාමාන්‍ය විදියටමයි. ඒ ජුනි මාසයේ අග බාගයයි. මම මෑතකදී ම ගිය ගවේෂණයෙන් ආපසු ඇවිත් සති දෙකක් විතර ගත වී තිබුණා. දන් අර්ධ- ලෝහිත කඳවුරේ ජීවිතය නැවතත් යථා තත්ත්වයට හැරෙමින් තිබුණා. සැටර්ලා රුක් දෙවඟනන් පස්සේ පැන්නුවා. වනාන්තරයේ රාක්ෂයෝ උඩු බිරුවා. කඳවුරුකරුවෝ එකිනෙකාට

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -10%
    (0)

    පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය -Percy jackson saha titange shapaya සවින්දි ආරියතිලක

    ශීත ඍතුවේ නිවාඩුවට කලින් සිකුරාදා. රැයක් ගත කරන්න උවමනා දේවල් සහ මාරාන්තික ආයුධ ගමන් මල්ලකට ඇහිරූ මගේ අම්මා මාව අලුත් බෝඩිම් ඉස්කෝලෙකට රැගෙන ගියා. යන අතරමග දී අපි ඇනබෙත්ව සහ තාලියාව වාහනයට නංවා ගත්තා. නිව්යෝක්වල සිට මයින්වල බාර් හාබර් දක්වා යාමට පැය අටක් ගත වුණා. හිම වැස්සක් අධිවේගී පාරට පහර දෙමින් තිබුණා. ඇනබෙත්. තාලියා සහ මම මාස ගාණකින් මුණ ගැසී තිබුණේ නැහැ. ඒත් මේ හිම කුණාටුව සහ අපි කරන්න සූදානමින් සිටි දේ ගැන සිතුවිල්ල නිසා වැඩිදුර කතා කරන්න බැරි තරමට අපි කලබල වෙලයි හිටියේ. හැබැයි ඒ මගේ අම්මා ඇරෙන්න. කලබල වුණ වෙලාවට එයා වැඩිපුර කරන්නේ තොරතාංචියක් නැතිව කියවන එක. අන්තිමේ දී අපි වෙස්ටෝවර් හෝල් වෙත ළඟා වෙනකොට කළුවර වැටෙමින් තිබුණා, ඒ වගේම මම පුංචි කාලේ කරපු හැම ලැජ්ජා හිතෙන වැඩක් ගැනම එයා තාලියාටයි ඇනබෙත්ටයි කියලා තිබුණා. කාරයේ ජනෙල් වීදුරුව මත බැඳුණු මීදුම පිස දමු තාලියා පිටතට එබිකම් කළා. ඔහු, නියමයි. මේක නම් ජොලි වැඩක් වෙයි.

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,125.00.
  • -10%
    (0)

    පර්සි ජැක්සන් සහ වංගගිරියේ සටන – Percy jackson saha wangagiriye satana

    මේ හිම්හාන නිවාඩු කාලේ මීට කරන්න උවමනා වුණු අන්තිම දේ වුණේ තවත් ඉස්කෝලයක් පුපුරුවා දමන එකයි. ඒ කොහොම වුණත් ජුනි මාසේ පළවෙනි සතියේ. සඳුදා උදේ, මම අම්මාගේ කාරයේ වාඩි වී සිටියේ නැගෙනහිර 81 වෙනි වීදියේ පිහිටි ගුඩු උසස් පාසල ඉදිරිපිටයි. ඒක නැගෙන හිර ගඟට ඉහළින් සෑදු දුඹුරු පාට ලොකු ගොඩනැගිල්ලක්. එය ඉදිරිපිට බී.එම්.ඩබ්ලිව්. සහ ලින්කන් ටවුන් කාර් පොකුරක් ගාල් කර තිබුණා. එහි අරුමෝසම් ගල් ආරුක්කුව දිහා බලාගෙන මම කල්පනා කළේ මෙතැනින් මාව දොට්ට දාන්න කොයි තරම් වෙලාවක් යාවිද කියලයි. සැහැල්ලු වෙන්න. මගේ අම්මගේ හඬෙ නම් සැහැල්ලු ගතියක් ගෑවිලාවත් තිබුනේ නැහැ. මේක ඉස්කෝලෙ කොහොමද කියලා බලන්න යන ගමනක් විතරයි නේ. හැබැයි මතක තියාගන්න. වස්තු වේ. මේක පෝල්ගේ ඉස්කෝලේ. ඒ නිසා ඒක .. ඔයා දන්නවා නේ? විනාශ කරන්නැතුව ඉන්න බලන්න? *

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.
  • -10%
    (0)

    පලාගිය සිරකරුවාගේ අබිරහස – The Mystery of The Missing Man

    වෙස් මාරු කරගැනීමට ෆැටී හරිම දක්ෂයි. ඔහු නිතර නිතර වෙස් මාරු කරගෙන විවිධ අබිරහස් කීපයක්ම විසඳනවා. ඔහු හිතන්නේ ඔහු ඒ කටයුත්තට, ඒ කියන්නේ වෙස් මාරු කර ගැනීමට තමුන් අති දක්ෂයි කියලයි. ඒක සැබෑවක්. ඒත් ඒ ෆැන්ජියෝ මහත්මිය හමුවන තෙක් පමණයි. නමුත් ඇය මොන තරම් අපූරුවට වෙස්වලාගෙන සිටියත් එය විනිවිද දැකීමට ෆැටී සමත් වෙනවා. මෙතනදිත් ඇයව පාවා දෙන්නේ ඇගේ සුරතලා. ඒක නම් හරිම කනගාටුවට කාරණයක් නේද?

    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.
  • -20%
    (0)

    පළමු සිවු වසර – Palamu siwu wasara

    ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳෙක වන ලෝරා දකුණු ඩකෝටා තැනිතලාවේ ඔවුන්ගේ නිවස වටා පිහිටි භූමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමඟ වෙහෙස වී වැඩපළ කළ යුතුය. ඉක්මනින්ම ඔවුන්ගේ සිඟිති දියණිය රෝස් උපදින අතර බොහෝ මුල් කාලීන ඇමරිකානුවන්ට මුහුණ දෙන්නට සිදුවූ දුක් පීඩාවන්ට සහ ජයග්‍රහණයන්ට මුහුණ දෙමින් ජීවිතයේ නව අරමුණු කරා යන්නට මේ අලුත් පුංචි පවුලටද සිදුවෙයි. මේ පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ අවසාන කෘතියයි.

    Original price was: Rs. 680.00.Current price is: Rs. 544.00.
  • -10%
    (0)

    පාලූ දුපත – Palu dupatha

    පාළු දූපත සොහොයුරු සොහොයුරියන් හතර දෙනෙකු ගෙන් යුත් පවුලක බාලයා මමය. මගේ නම නන්දන ය. මා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ නව වැනි වසරේ උගනිමින් සිටියදීය ඒ තීරණාත්මක දිනය උදා වූයේ. එදා සඳුදා දිනයකි. සිරිත් පරිදි පාසැල් ගිය මම වෙනදා මෙන් පාසැල ඇරී ගෙදර යාම සඳහා අනුරාධපුර බස් නැවතුම් පොලට යමින් සිටියෙමි. මා ගමන් කළේ අනික් ළමුන්ට පසුව, තනිවමය. මා යන පැත්තටම ගමන් කරමින් සිටි මෝටර් රථයක් හදිසියේම මා අසල නතර කොට, පුතා නගින්න අපි ගෙදරට ඇරලන්නං අපි යන්නෙත් ඒ පැත්තටම තමා යි කියමින් රථයේ පිටු පස අසුනෙහි සිටි කාරුණික පෙනීමකින් යුතු තලතුනා පුද්ගලයෙක් දොර අරිමින් මට ඇරයුම් කළේය. ඔහු තාත්තාගේ යහළුවකු වන්නට ඇතැයි සිතූ මම ඉතා කැමැත්තෙන් රථයට නැගුණෙමි. ඔහුගේ සිත් අදනා පෙනුම හා මොළොක් වචන නිසා එවෙලේ මට කිසිම සැකයක් ඇති නොවීය.

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -10%
    (0)

    පුංචි වීරයෝ – Punchi weerayo

    උපුල් සහ විපුල් දෙන්නා අයියා මලෝ. ඒත් දෙන්නම එ උසයි. එක මහතයි. එකම මුහුණුවරයි. වෙන් කරල හඳුනා ගන්න අමාරුයි. මේ උපුල්ය. මේ විපුල් ය, කියලා හඳුනා ගන්නට අම්මට තාත්තට වුණත් ලෙහෙසි නැහැ. මේ දෙන්නා නිවුන්නු. ඒ කියන්නේ නිවුන් සහෝදරයෝ. අයිය මල්ලිට වඩා වැඩිමහල් වෙන්නේ විනාඩි දෙක තුනකින් විතරයි. අයියගේ නම උපුල්. මල්ලිගේ නම විපුල්. දෙන්නම ඉගෙන ගන්න දක්ෂයි. ගුරු ගෙදර දී වැඩිය හපන්කම් පාන්නේ විපුල්. සෙල්ලම් පිටියෙදිත් හපනා. හේනේ කුඹුරේ වැඩවලදිත් අත් උදව්වට විපුල් කම්මැළි නෑ. අහල පහල උදවියට පුංචි පහේ උදව්වකට වුණත් ඉදිරිපත් වෙන්නේ විපුල්. ඒ නිසා කවුරුත් විපුල්ට ආදරය කළා. ඒත් කවුද විපුල්? කවුද උපුල්? විපුල්ගේ වැඩවලින් හොඳ නම ගන්න ඉදිරිපත් වුණේ උපුල්. ඉගෙනීමේ වැඩ හොඳට කළාට උපුල් කම්මැළියි. වැඩට පලට ශූර නෑ. ඒ වුණාට දෙන්නගෙ දඟකාරකමේ නම් අඩුවක් නෑ. අයියයි මල්ලියි අතර රණ්ඩු කෙළවරක් නෑ වෙලාවකට දෙන්නා හරි යාළුයි.

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -20%
    (0)

    පොලියානා – Pollyanna

    හෙළී මෙනෙවිය ජුනි මාසයේ එක් උදෑසනත් පොලි හැරින්ටන් මෙනෙවිය ඉතා කලබලයකින් ඇගේ මුළුතැන්ගෙට ඇතුළු වුණාය. සාමාන්‍යයෙන් මෙසේ කලබලයෙන් කිසිවක් කිරීම ඇගේ සිරිත නොවීය. හැම දෙයක්ම ආචාරශීලීව කරන කෙනෙකු හැටියට ඇය, ඇය ගැනම ආඩම්බරයකින් පසු වුණාය. එහෙත් අද නම් ඇය කඩිමුඩියකින්, ඇත්තෙන්ම විශාල කලබලයකින් සිටින්නීය. නැන්සි මුළුතැන්ගෙයි පිඟන් සෝදමින් සිටි අතර. එහි කලබලයෙන් ඇතුළු වන හැරින්ටන් මෙනෙවිය දෙස පුදුමයෙන් හැරි බැලුවාය. ඇය පොලි මෙනෙවියගේ මුළුතැන්ගෙයි වැඩ කටයුතු කර දෙන්නේ මාස දෙකක වේලේ පටන්ය. එහෙත් එදා මෙදා තුර කිසි දාක ඇය. ඇගේ නෝනා මහත්මිය මේ තරම් කලබලයකින් සිටිනු දැක නැත. “නැන්සි.” “ඇයි මැඩම්?” යි නැන්සි උද්‍යෝගයෙන් උත්තර දුන් නමුන් අතේ තිබුණු ජෝගුව සේදීම නැවැත්තුවේ නැත.

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,000.00.
  • -10%
    (0)

    බටහිරට මුහුණ ලූ කුඩා නිවෙස – Batahirata muhuna lu kuda niwesa

    ඈන් හැමිල්ටන් දිනයේ අවසන් දුහුවිලි පොද ද දොරටුවෙන් පිටත බැස යන හිරු දෙසට අතුගා දැමුවා ය. විවර වූ දොරටුව තුළින් ගෙතුළට වැටුණු දිවා ආලෝකය විසින් නිර්මාණය කරන ලද පැතලි මංපෙත හරහා කොස්ස ඇදගෙන යන අතරේ ඇය ගෙපැල පවා මුහුණලා ඇත්තේ බටහිර දෙසට බව සිතුවා ය. දිවා ආලෝකයට ගෙතුළට පැමිණිය හැකිව තිබුණු එකම ස්ථානය වූයේ එයයි. ශක්තිමත් දැව කඳන් වලින් සැදුණු ගෙපැලෙහි වෙනත් කිසිදු ස්ථානයක විවරයක් තිබුණේ නැත. එහි පිටු පස නැගෙනහිර දෙසට සෘජුවම පිටුපා තිබුණේ තාත්තා නැගෙනහිරට පිටුපෑ ලෙසින් ම ය. ඇගේ වැඩිමහල් සහෝදරයන් වූ ඩේවිඩ් සහ ඩැනියෙල් නැගෙනහිරට පිටුපෑ ලෙසින් ම ය. ‘ අපිත් බටහිරට එකතු වුණා. ගෙපැල සාදා නිම කළ දිනයේ දොරකඩ සිටගෙන ඇගේ තාත්තා පැවසුවේ ය. ඒ වගේ ම අපි ආපහු හැරිලා බලන්නේ නැහැ.”

    Original price was: Rs. 300.00.Current price is: Rs. 270.00.
  • -20%
    (0)

    බෙරගල කන්දේ නිධානය 1 – Beragala Kande Nidhanaya 1

    මේ ගමනට ගෙදරින් අවසර දේවිද?
    අපේ සිත් තුළ මතුවුණ ඉමහත් කුතුහලය නිසාම අපි මොහොතක් ගොළුවීමු. අනතුරුව වක්කඩ කඩා හැළුණාක් මෙන් අපි එකිනෙකා නිමල් අයියාගෙන් එක දිගට ප්‍රශ්න අසන්නට වීමු.
    ” බෙරගල කන්ද කොහෙද තියෙන්නේ? ”
    ” ඒක තියෙන්නෙ කුරුවිට පැත්තෙ ”
    ” ඒ කන්ද ගොඩාක් උසයිද? ”
    “ඔව්. සෑහෙන්න උසයි. ඒක කන්දක් කීවට සැතපුම් සිය ගණනක් ඈතට විහිදුණු කඳු වැටියක්. මේ බෙරගල කන්දත් ඒ කඳු වැටියේම කොටසක්. බෙරගල කන්ද වටා පැතිරුණ මහ වනය තමයි මේකෙ තිබෙන විශේෂත්වය.’
    ” මොකක්ද ඒකෙ තිබෙන විශේෂත්වය ? ‘
    ” ඒක වසර දස දහස් ගණනක් ඉපැරණි මහා වනාන්තරයක්.’ නිමල් අයියා විස්තර කරන්නට විය. ඒකෙ දුර්ලභ ගණයේ ඖෂධ පැළෑටි, දුර්ලභ ශාක වර්ග වගේම වෙනත් ප්‍රදේශ වල දක්නට නැති පාෂාණ වර්ගත් තිබෙනවා.”
    “එහෙම වෙන්නෙ කොහොමද? ඒ වනාන්තරයෙ පමණක් එහෙම විශේෂයක් මොකද?” කෝකටත් හොට දමන නාලිනී ඇසුවාය.
    “එවැනි විශේෂ භුමි ලක්ෂණ තිබෙන තැන් අපේ මේ මහ පොළොවේ විවිධ ස්ථානවල තියෙනවා.* නිමල් අයියා මඳක් කල්පනාකාරීව කීවේය. උතුරු ඇමෙරිකාවේ තියෙන පංච මහා විල් ප්‍රදේශ එවැනි එක් තැනක්.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 440.00.
  • -20%
    (0)

    බෙරගල කන්දේ නිධානය 2 – Beragala Kande Nidhanaya 2

    “උතුමාණෙනි, උරුමය කියල දෙක තුනක් නෑ. උරුමය කියල කියන්නේ එක දෙයක්.’ වැදි ගැහැනිය කළු පැහැ ගැසුණු දත් පෙන්නා සිනා සෙමින් කීවා. “ගොයියගෙන් උගෙ පුතාට ලැබෙන උරුමය ගොයිකම, වැද්දගෙන් උගෙ පුතාට ලැබෙන්නෙ දඩයම. ඒ විදියට රජාගෙන් පුතාට ලැබෙන්නෙ මොකක්ද? ‘ එසේ කියා නැවත මුව අයා සිනාසුණ ගැහැනිය අවසානයේ මෙසේ කීවාය. ” රජකම….. රජකම “

    Original price was: Rs. 550.00.Current price is: Rs. 440.00.
  • -20%
    (0)

    මංපෙතක අන්දරය – Manpethaka andaraya

    ගොම්මන් කළුවර වැටෙද්දී ටයිඩ් මිල් පටුමගෙහි නිවෙසට පිටතින් වූ හිමෙන් වැසුණු බිම් නිල් පැහැයට හැරෙමින් තිබුණු අතර, කොළ හැලුණු නිරුවත් තුරු මුදුන් කළු පාටට දිස් විය.දොරකඩ මේපල් ගසෙහි උඩ පහළ යමින් මුළු හැන්දෑ වරුවම ගත කළ රත් පැහැ උදරයක් ඇති කොට්ටෝරුවෙක් පාරෙන් එහා පැත්තේ වදුලට තටු ගසමින් පියාසර කළේය. චාලට් ජනේලය ළඟ හිටගෙන ඌ ඈතට පියඹා යනු බලා සිටියා ය. උගේ කැදැල්ල ඒ තුරු අරඹෙහි එක් ගසක හෑරූ බෙණයක, ලී පතුරු සහ තණ පත් ඇතිරූ උණුසුම් සුවපහසු කැදැල්ලක් විය හැකි බව ඇය සිතුවාය. කොතරම් සුවපහසු වුවද එය මුළුතැන්ගෙයි ළිපෙහි ගින්දර ඇවිළෙන, කකුල් තුනක් ඇති බදින තැටියෙහි අම්මාගේ හොඳම සොසේජස් පෙළක් සූ හඬ නගමින් බැදෙන, තම කුඩා නිවහන මෙන් කදිම තැනක් නොවනු ඇතැයි ඈ කල්පනා කළාය. ගොම්මන් කළුවර වෙලා ගත් එළිමහනෙහි හැම දෙයම හෙවණැලි – පැහැති, සෞම්‍ය සහ ශීතල ගතියෙන් යුතු විය.

    Original price was: Rs. 850.00.Current price is: Rs. 680.00.
  • -20%
    (0)

    මරණයෙන් පිබිදුණු මිනිස්සු – Maranayen pibidunu minissu

    මරා දැමුණු මිනිසා අතින් මිනීමරුවා ඝාතනය වේ. ලන්වන් නගරය අසල වූ එක් පෞද්ගලික පාසලක් පිහිටා තිබුණේ බෙහෙවින් පැරණි, විශාල නිවසක් තුළය. එල්ම ගසින් හා දේවදාර ගසින් සෙවණ වූ පාසල් භූමිය රමණිය තේමිස් නදිය අසබඩ සුන්දර පරිසරයක පිහිටා තිබිණ. 1870 වසරේ පළමු පාසල් වාරය ආරම්භ විය. පාසල් සිසුන් 130 දෙනාත්, ගුරුවරුන් කිහිපදෙනාත් ඇතුළු සියල්ලෝම පාසල පටන් ගත් දින පැමිණ සිටියහ. මේ වාරයේ දී පැරණි ගුරුවරුන්ට අමතරව සැම්ප්සන් නම් වූ අලුත් ගුරුවරයෙක් ද පැමිණ සිටියේය. මුහුණ පුරා වැවුණු ඝන රැවුලකින් ද, උස් සිරුරකින් ද යුතු වූ අලුත් ගුරුවරයා කල් යත්ම ශිෂ්‍යයන් අතර ජනප්‍රිය වන්නට සමත් විය. රට රටවල ඇවිද නොයෙකුත් තොරතුරු දැන සිටි ඔහු ඒ පිළිබඳව සිසුන්ට රසවත් කතා පැවසීමට සමත් වී සිටියේය. සැම්ප්සන්ගේ ගෙලෙහි නිරතුරුවම ඔහු පැලඳ සිටි මාලයක් විය. ඔහුගේ නමේ මුල් අකුරු තුන වන ජී. ඩබ්ලිව්. එස්. කොටා තිබූ රන් කාසියක් එහි අමුණා තිබිණ. සැමම්ප්සන් මහතා පාසලට පැමිණ නොබෝ දිනකින් අද්භූත සිදුවීම් මාලාවක් පාසල පුරා හමා යන්නට පටන් ගත්තේය. දිනක් ගුරුවරයා ශිෂ්‍යයන්ට ලතින් භාෂාව උගන්වමින් සිටියේය. ලතින් භාෂාවෙන් වාක්‍යය බැගින් ලිවීමට ශිෂ්‍යයන්ට නියම වී තිබිණ. මේ අතරේ පන්තියේ කොනක වාඩි වී සිටි මැක්ලොයිඩ්’ නමැති ශිෂ්‍යයා කිසිවක් නොලියා මේසයට බර වී නිදිමත ස්වභාවයෙන් පසු වනු තවත් ශිෂ්‍යයකුගේ නෙත ගැටිණ. ” මැක් ලොයිඩ්, ලියන්නේ නැද්ද?

    Original price was: Rs. 500.00.Current price is: Rs. 400.00.