-
විලියම් සහ රසකැවිලි සාප්පුව – William saha rasakewili sappuwa
Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00.රාක්ක වල තියෙන බෝතල් විවිධ වර්ගයේ රස කැවිලි වලින් පිරිලා ඇති හැටි විලියම්ට පෙනෙනවා. වැඩි වෙලාවක් යන්නට පෙර බටර් බෝල වර්ගයේ රස කැවිල්ලක් විලියම්ගේ මුවට ඇතුල් වුණා. ඊට පස්සෙ ඔහු අතට ගත්තෙ අන්නාසිවලින් සාදා ඇති ෆයිනැපල් ක්‍රිස් රස කැවිල්ලක්. ඉක්මණින්ම ඒ කැවිලි තොගයත් ඉවර වුණා.
-
හකල්බරිගේ හපන්කම් – Huckleberrige hapankam
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.ටොම් සෝයර් පොත කියවා නැත්නම් මය ගැන නොදන්නවා ඇත. එහෙත් ඊට කමක් නැත. එම පොත ලියන ලද්දේ මාක් වන් මහතා විසිනි. එහි සමහර කරුණු ටිකක් වැඩි පර දක්වා ඇතත්, ඔහු එහි ලියා ඇති දේ බොහෝ දුරට සත්‍යය එය එතරව දෙයක් නොවේ. කවුරුත් යම් යම් අවස්ථාවල සැහෙන්න බොරු සියකි. ටොම් හදා වඩා ගත් ආන්ට පොලි, ඇගේ දුව මෙරි සහ මට රැකවරණය දීමට ඉදිරිපත් වූ විසෝ වප්ලස් නම් බොරු කියන එකක් නැත. ඒ තුන් දෙනා ගැන ද එම පොතේ සදහන් වේ. එම පොතේ කතාව අවසන් වන්නේ මෙසේ ය. ටොම් සහ මම කොරුන් ගුහාවේ සඟවා තිබූ සල්ලි සොයා ගතිමු. අපි එයින් පොහොසත් වීමු. අප දෙදෙනාට ඩොලර් හය දාහ බැගින් ලැබිණ සියල්ලම රත්රන් කාසිය. එය මාර සල්ලි ගොඩකි. නැවර විනිසුරු එම සල්ලි බාර ගෙන සියයට හයේ පොලියට අප වෙනුවෙන් තැන්පත් කෙළේය. එයින් අපට දිනපතා වියදමට ඩොලරය බැගින් ලැබිණ. එය ඕනෑවටත් වැඩිය. විඩෝ ඩග්ලස් මා පුතකු මෙන් හදා වඩා ගැනීමට බාර ගත්තාය. ඇයට ඕනෑ වුයේ මා ශිෂ්ටාචාර භාවයට පත් කිරීමටය. එහෙත් මට එය වධයක් විය. එම තැන්පත් ශාන්ත දාන්ත විධිමත් ජිවිතය විනෝදයෙන් තොර වුයේය. මගේ සිතට එම ජීවිතය ඇල්ලුවේ නැත. බැරිම තැන මම ඇගේ නිවසින් පැන්නෙමි. මම යළිත් මට පුරුදු පරණ වැරහැලි ඇද අගු – පිල් මත ලගින්නට පටන් ගත්තෙමි. එය තෘප්තිමත් ජීවනයකි. එය නිදහස් ජිවිතයකි. එහෙත් මා සැඟවී උන් තැන සොයා ආ ටොම් සෝයර් තමා සොර කල්ලියක් සාදන බවත්, මා ආපසු විඩෝ ඩග්ලස් ළඟට ගොස් වැදගත් පුද්ගලයකු වුවොත් පමණක් එම සොර කල්ලියට බඳවා ගන්නා බවත් පැවසිය. ඉතින් මම ආපසු විඩෝ ඩග්ලස් ළඟට ආවෙමි.
-
සුදු ගෝනා – Sudu gona
Original price was: Rs. 1,480.00.Rs. 1,332.00Current price is: Rs. 1,332.00.A R. L. SPITTEL WHERE THE WHITE SAMBHUR ROAMS පර්වර්තනය ඒ. පී. ගුණරත්න එක් දිනක් හවස කෑම කා විවේක ව සිටින හෑන්ස් වැදි පිරිස අමතා, හෙට මම ගමනක් පිටත් වෙලා යනවා හුග දවසකට ආපහු එන්නෙ නෑ” යි කිය මෙයින් පුදුමයට පැමිණි බවක් පෙන්නු රන්දුනා, අර හාමුදුරුවන් ඉන්න ගල් ගෙට යනවා නෙවෙයි මම් හිතනවා. ඇයි එහෙ ආයෙමත් යන්නෙ නැහැ කීවා නේ. යි පැවසී ය. “නෑ. මම ගිගින් එන්ඩ ඕනෑ මා කලින් හිටපු වේල අද්දරට. එහෙ මගෙ යාළුවන් කීප දෙනෙක් ඉන්නවා. මම ගිහින් ඔවුන් දැකලා එන්නට ඕනෑ.” ” මොන යාළුවන් ද? අපි හිතාගෙන හිටියෙ මෙහාට එන්න ඉස්සර වෙලා කිසි ම යාළුවකු හිටියෙ නෑ කියාලායි. ” ඔව්, මිනිස් යාළුවන් මට හිටියෙ නැහැ. ඒත් මට එහෙදී කිරි දීපු මී දෙනක්, නයකුගෙන් මගෙ දිවි ගළවා දීපු මුගටියෙක්. ඒ ඔක්කොටම වඩා මිත්‍ර සුදු ගෝන නාම්බෙක් එහෙ ඉන්නවා. රනීගේ දෙනෙත් මහත් විය. අපි සේරම යමු. මාත් ආසයි ඒ විල් එළිය දකින්න. ‘
-
රන්ගිරි අරණ – Rangiri Arana
Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.කඩොලාන පඳුරු අතරේ සැඟව නද දෙන විහඟ රංවුන්ගේ හඬ හා මුසුව නැගෙන වෙරළේ හැපී බිෂන රළ පතර නඟන ප්රචණ්ඩ රටාව චාලිට ඇසේ. විටින් විට උස් පහත් වන දල රළ පෙළ නගන හඬ වෙනස් වෙමින් ඇදී එන ජලධාරාව කඩොලාන ගස්වල මුල් සිසාරා පොළොව සිප ගන්නේ තරමක ආදරයෙනි. එහෙත් මොහොතකින් ගොඩ බිම පසාරු කරගෙන කඩා වදින රළ පහර නිමේෂයකින් තරමක් සන්සුන්ව යළිත් සයුර දෙසට ඇදී යයි තද කොළ පැහ ගැන්වුණු කඩොලාන තුරු රටා අතරින් ගමන් කිරීමේ දී සිතට ලැබෙන්නේ අප්‍රමාණ වූ ප්‍රබෝධයකි: සතුටකි. කරදිය හා මඩදියර මුසු වි අවපැහැ ගැන්වුණු ජලය තුළින් නාසයට දැනෙන දුර්ගන්ධය මහත් අපුලකි.
-
වන රජදහන – Wana rajadahana
Original price was: Rs. 300.00.Rs. 270.00Current price is: Rs. 270.00.සමන්, වන ආවරණයෙන් සෙවන වු දිය දහරක් අසල නතර විය. ඔහු අනුකරණය කළ ප්‍රියන්ත හා සුනිල් ද ඒ අසලින් බිම ඇන තබා ගත්හ. සමන් අතින් සංඥා කොට මිතුරන්ට සද්ද නොකරන ලෙස දැන්වීය. මිතුරෝ ගස් වලට මුවා වූහ. මොකක්ද වෙන්නේ, ප්‍රියන්ත කුතුහලයෙන් කෑ ගැසීය. ” කෑ ගහන්න එපා. සද්දේ ඇහුනොත් අපි තුන්දෙනාම ඉවරයි. “ඒ ඇයි.” ” බලන්න අර වීර ගහේ කඳ දිහා . ” මගේ අම්මෝ ! කොටියෙක් නේද?” කොටියෙක් නෙවෙයි කළු දිවියෙක්.” වෙන්න බෑ. පුල්ලි තියෙන්නේ කොටින්ට විතරයි. ප්‍රියන්ත දිගට හරහට වාද කරන්නට වූයේ තමන් සිටි තැන පවා අමතක කරමිනි. කියන තැනකට වඳින්නම්. ටික වෙලාවකට සද්ද නොකර ඉන්න. එවිට ප්‍රියන්තට සමන් කීවේ තරමක අමනාප ස්වරයෙනි.
-
සුදු වැද්දා – Sudu wedda
Original price was: Rs. 1,380.00.Rs. 1,242.00Current price is: Rs. 1,242.00.හැන්ස් ඔබ මොකද කරන්නේ?” ඩේමියන් පූජකතුමා ඉතා බැරෑරුම් හඬන් විමසීය. ‘මට කැලේම තමා ඒ ගැන තර්ක විතර්කවලට ඉඩක් නැති බව ඔහුගේ වචන වල නිශ්චිතතාවෙන් තහවුරු විය. එවැනි උත්සාහයක් නොදැරීමට වගබලා ගත යුතු කරපිට ඔවුහු හැන්ස් ගැන මනා අවබෝධයක් ඇතිව ද සිටියහ. “අර අසරණ තරුණිය නාලනීට ඉන්න මීට වඩා හොඳ තැනක් ගැන මට හිතා ගන්න බැහැ. මෙහේ නවතින්න ඇය කැමැති කර ගන්න මම උත්සාහ කරන්නම්. මා ළඟ ඉන්න කට්ටියේම කෙනෙක් හැටියට මම් ඇය රැක බලා ගන්නම්.” මඳ වේලාවක් නිහඬව සිටි පියතුමා හැන්ස් ඇමතුවේය. “මගෙ පුතා හැන්ස්, කැලය ඔබේ ශරීරයත් ආත්මයත් අවනත කරගෙන, එය හැමි දාම ඔබගේ නිවහන වෙයි. ඒත්, කැළේ අද්දර ඉන්න අප බලන්න ඉඳහිටවත් නෑවිත් ඉන්න හේම ඒක හේතුවක් නෙමේ. අපි හැම විටම ඔබ ආදරයෙන් පිළිගන්නවා.” බොහෝම ස්තූතියි පියතුමනි. මම ඔබතුමා අමතක කරන්නේ නැහැ.” ඔවුන් නැගිට වැලි පිස දමා අඳුරු වන ගුල්මය මැදින් පූජකතුමාගේ පැල්පත කරා ගිය අතර හැන්ස් ඔවුන්ගෙන් වෙන්ව රන වෙත ගියේය. පොරොන්දු වූ පරිදි, පසු දා අලුයම් ඔවුහු සියලු දෙනාම හැන්ස් – රනී යුවළ අවසන් වරට දැක ගැනීමට ගියහ. ඔවුන් දෙදෙනා බල්ලාද කැටුව යනු ඔවුහු බලා සිටියහ. කැලයට ඇතුළු වත්ම හැන්ස් ආපසු හැර අත වනා ඔවුනට ආයුබෝවන් කීවේය.
-
නෙල්ලි කැලේ වීරයෝ – Nelli kale weerayo
Original price was: Rs. 400.00.Rs. 360.00Current price is: Rs. 360.00.1990 දී ප්‍රථම වරට පළ කරන ලදුව, අතිශය ජනප්‍රියත්වයට පත්වූ නෙල්ලි කැලේ වීරයෝ යොවුන් නවකතාවේ නව සංස්කරණය සූර්ය ප්රකාශකයක් ලෙස මෙසේ ඔබ අතට පත් වේ. තමා බාලදක්ෂයෙකු සේ ලැබූ අත්දැකීම් පාදක කොට ගෙන නිමල් බණ්ඩාරයන් මේ කෘතියේ මුල් පිටපත ලියා ඇත්තේ ඔහු 1983 වසරේ නව වන ශ්‍රේණියේ ලබන අවදියේදී ය. දරුවන්ට අර්ථාන්විත භාෂා හැසිරවීමට මහා පෙන්වනු වස්, ප්‍රස්තා පිරුළු හා විශේෂණ පද පිළිබඳ විවරණයක් මෙන්ම මුල් මුද්‍රණගේ ඇතුළත් නොවූ චිත්‍ර සටහන් සමුහයක් දැනව සංස්කරණයට ඇතුළත් කොට තිබේ. නෙල්ලි කැලේවීරයෝ’ කෘතිය 1996 දී ඉංග්‍රීසි භාෂාවට හා 1998 දී දෙමළ භාෂාවට ද පරිවර්තනය කර ඇත. මෙම නවකතාව හා බැඳුණු අනෙකුත් කෘතීන් වන ‘ගල්ගේ කන්ද වන රජ දහන හා ‘සමුදුරු මෙඛ්ලා’ යන කෘතීන්ගෙන් ‘ වන රජ දහන කෘතිය 2005 වසරේ දී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබේ. සමුදුරු මේඛලා කෘතිය ද දැහට ඉංග්‍රීසි භාෂාවට පර්වර්තනය කොට ඇති අතර ඉදිරියේ දී මුදුණයෙන් නිකුත් කිරීමට නියමිතය නෙල්ලි කැලේ වීරයෝ’ කෘතිය රචනා කළ නිමල් බණ්ඩාරයන් 2000 වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරියකු ලෙස සේවයට එක් විය. ඔහු රාජ්‍ය තාන්ත්‍රික නිලධාර්ථයකු ලෙස මහජන චීන සමුහාණ්ඩුව, නෙදර්ලන්තය හා සකිස්ථානය යන රටවල සේවය කළ අතර, දැනට විදේශ කටයුතු අමාත්‍යංශයේ මැද පෙරදිග අංශයේ අධ්යක්ෂවරයා ලෙස සේවය කරයි.
-
සමදුරු මේඛලා – Samaduru mekala
Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.ප්‍රියත්ත දගකාරයෙක් සේ සෑම අවස්ථාවකම් ක්‍රියා කළේය. මේ නිසා සුනිලට හා සමන්ට ඇති වූ ගැටළු නිමක් නොවන කරම් ය. ඒ හැම අවස්ථාවකදී ම ප්රියන්නට කොතෙක් උපදෙස් ලබා දුත්ත ද ඔහු තම දගකාරකම් අත්හළේ නැත. ඊයේ ඇති වූ ගැටුම පිළිබඳව සුනිල් යළිත් කල්පනා කළේ මෙය තව කොතෙක් දුරට ව්‍යාක වේ දැයි හදවතේ ඇති වූ බිය යටපත් කර ගනිමිනි. මීගමුව ප්‍රදේශයේ දින කීපයක වාරිකාවක් සඳහා ප්‍රියන්තට සුනිල්ට ආරාධනා කළේ සමන් විසිනි. සමන් හේ ලොකු තාත්තා මීගමු ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බැවින් ඔවුන් වාසය කළේ මීගමු වෙරළට ආසන්නව ය. සමන් බොහෝ නිවාඩු අවස්ථා වල මෙහි පැමිණ මුහුදේ අසිරිය බලමින් විවේකය ගත කිරීමට මහත් අභිරුචියක් දැක්වීය. මෙවර ඔහු තම මිතුරන් දෙදෙනාට ද මෙහි පැමිණීමට ආරාධනා කළේ ඒ සතුව තවත් වැඩි කර ගනු සඳහා ය.
-
ගල්ගේ කන්ද – Galge kanda
Original price was: Rs. 400.00.Rs. 360.00Current price is: Rs. 360.00.සුනිල් පාසල කරා එන විට තරමක් ප්‍රමාද විය. ප්‍රියන්තගේ හා සමන්ගේ මේසවල පොත් තිබෙනු දක්නට ලැබුණි. පංතියේ බොහෝ දෙනෙක් ද ඒ වන විට පැමිණ සිටි බව මේස මත තැබූ පොත් වලින් පැහැදිලි විය. එහෙත් කිසිම පිරිමි ළමයකු පංතියේ නොවීය. සුනිල්ගේ සිතට මහත් නොසන්සුන් ගතියක් ඇති විය. ” කෝ ප්‍රියන්ත එහෙම ” ඔහු චමරිගෙන් ඇසුවේ තරමක් කුතුහලයෙනි. අජිත්ලා එක්ක හයියෙන් හයියෙන් කථාවෙලා පංතියෙන් කොහෙටද ගියා.” චමරි කීවේ ද තරමක් වේගයෙනි. සුනිල්ට තමන් සිටින්නේ කොතැනක දැයි අමතක විය. විනාඩි කීපයකින් තාප්පයෙන් පැන්න සුනිල් ගොඩනැගිලි අවට හා පිට්ටනියේ තම මිතුරන් සොයන්නට පටන් ගත්තේ.. ටික වේලාවකින් පංතියේ සියළු දෙනාම එක තැනක සිටින බව දක්නට ලැබුණේ ක්‍රීඩාංගන මායිමට පැමිණීමෙන් පසුවයි. සුනිල් එතනට යන විට පහළොවක් තරම් සිසුන් පිරිසක් වට එකිනෙකා වචන වලින් හරඹ කරමින් සිටිනු දක්නට ලැබුණි.”
-
හයිඩි – Heidi
Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00.පැරැණි රම්‍ය මායන් ෆෙල්ඩ් නගරයේ සිට ඇල්ප්ස් කඳු වැටිය නිල් පාමුල පිහිටි ගම්මානය කරා තුරු සෙවණින් සිසිල් වූ තණ බිම් හරහා ඩි පාරක් වැටී ඇත. හිමෙන් වැසී ගත් ඇල්ප්ස් කඳු මුදුන පහත නිම්නය දෙස තේජාන්විත බැල්මක් හෙළා සිටී. අඩි පාර ටික ටික ඉහළට ඇදෙත්ම, අසල ලඳු වන රොද සැදි කෙටි තණ හා සවිමත් කඳු පැළෑටි වලින් නික්මෙන නැවුම් සුගන්ධය අවට වාතය හා මුසු වේ. මෙතැන් සිට ඇල්ප්ස් කඳුවැටිය කරා වැටී ඇති අඩි පාර කර්කශ වූද, බෑවුම් සහිත වූද දුෂ්කර ගමන් මගකි. ජුනි මාසයේ හොඳට හිරු පායා තුබූ පැහැබර උදෑසනක, මෙම කඳුකර ගම්මානයට අයත් උස සවිමත් පෙනුමක් ඇති තරුණියක් පස් හැවිරිදි වියේ පමණ පසු වූ දැරියක අතින් අල්ලාගෙන මෙම පටු අඩි පාර දිගේ ඉහළට නගිමින් සිටියාය. දැරියගේ කම්මුල් රතු වී තිබුණි. දුඹුරු පාට ගැසී තිබුණු සිරුරේ හමද හිරු එළිය නිසා පැහැපත් රක්ත වර්ණයට හැරී තිබිණි. මෙය පුදුමයට හේතුවක් නොවේ. දැවෙන අව්වේ වුවද දැරියගේ ශරීරය ඔතා ආවරණය කර තිබුණේ සීත හිමෙන් ආරක්ෂා කිරීමට සේය. ඈ ගවුම් දෙකක් නැත්නම් තුනක් එක පිට එක ඇඳගෙන සිටියාය. ඊට අමතරව, ලොකු රතු පාට සළුවක් ඇගේ සිරුර වටා දවටා තිබුණේ පස් හැවිරිදි ඇය කවුදැයි දැක ඇඳින ගත නොහැකි තරමටය.















