යොවුන් නවකතා

  • -10%
    (0)

    මහ බැද්දේ සුදු වැද්දා – Maha badde sudu wedda

    මහ බැද්දේ සුදු වැද්ද’ නම් වු මෙම යොවුන් නවකතාවට පාදක වී ඇත්තේ මුහුදු බත් වුණු නැවකින් ශ්‍රී ලංකාවේ වෙරළකට පිනා අවුත් වන වැදුණු ඕලන්ද ජාතික නිර්භීත ගැටරයෙකු පිළිබඳ ත්‍රාසය, වීරත්වය හා කුතුහලය දනවන රසවත් කතා පුවතකි. වන සතුන් හීලෑකර ගැනීම සඳහා පුදුම දක්ෂ – තාවයක් තිබූ ‘ හෑන්ස් ‘ නම් වූ මෙම නිර්භීත යොවුන් ගැටවරයා රුදුරු වන සතුන්ගෙන් ගහණ මහ වන මැද ජීවිත් වීම සඳහා කරන අරගලය සැබැවින්ම ත්‍රාසය භීතිය හා වමත්කාරය පිරුණු එකකි. පසු කාලයේදී කන්ද උඩරට සිංහල රජුගේ හේවායින්ට හසු වෙන හෑන්ස් එහි සිරකරුවෙකු බවට පත්වෙයි. මේ අතර තුර රජුගේ බලවත් උදහසට ලක්වෙන මෙම ගැටවරයාට ඇතෙකු ලවා පාගා මරා පොඩි කර දමන්නට සැරසෙද්දී ඔහු ඒ මර උගුලෙන් ගැලවෙන්නේ හාස්කමකින් මෙනි. ඇතාගේ පිහිටෙන් යළිත් වන වදින හැන්ස් එහි වැදි පවුලකට එක්වී ජීවිතයේ නව මහකට ප්‍රවේශ වෙයි. සුදුහුරා නමින් වැද්දන්ගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වන මෙම ගැටවරයා මේ වන විට සිංහල රජතුමාගේ හිරකරුවන් බවට පත් වී සිටි පෘතුගීසි හා ලන්දේසි කපිතාන්වරු දෙදෙනෙකු ද උපායශීලිව නිදහස් කර ගැනීමට සමත් වෙයි. වනගත ජීවිතය හා වැද්දන් අතර බැඳුණු සිදුවීම් වලින් ගහන මෙම රසබර වෘත්තාන්තය පාඨක – යාගේ සිත මන මෝහනයෙන් හා ත්‍රාසයෙන් තුල්මත් කරවන සුළුය. ලංකාවේ වනාන්තරවල ඇවිද වැද්දන් සමඟ ජීවත්වී ඒ අත් දැකීම් හා ඉතිහාසගත සැබෑ තොරතුරු සමඟ ප්‍රතිනිර්මාණය කළ මෙම කෘතිය ආර්. එල්. ස්පිට්ල් නම් වූ ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයා අතින් රචිත නිර්මාණ වලින් වඩාත්ම මෙරට පාඨකයින් අතර ජනප්‍රිය වූ ප්‍රබන්ධය වෙයි.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -20%
    (0)

    මායා දූපත – Maya Dupatha

    ” මමත් ආවේ දිවුල් ඇඟිඳින්න. කෝ ඉතින් ආතා මට ඉස්සර වෙලා ඇවිත් දිවුල් ඇහිඳලනේ. ”
    ” මේ………….කොලුවෝ, පණ්ඩිත වැඩ නොකර ගෙදර පලයං. උඹට පුළුවන් ද මේ හිමේ කරක් ගහලා දිවුල් ඇහිඳින්ට? දැන් පොඩ්ඩකට කලිනුත් තනියා මේ ඉසව්වේ කරක් ගහල තියෙනවා.”
    ආතා කොහොම ද දන්නේ තනියා කරක් ගැහුව කියලා. ඔයාට තනියා සැලියුට් ගහල ද ගියේ? ”
    සුනිමල් අබරන්ගෙ කීම තුට්ටුවකටවත් මායිම් නොකර එසේ ඇසුවේ ඔලොක්කුවට මෙන් හිනා වෙන ගමන්ය.
    ” සැලියුට්?”
    අබරන් ආතාට කේන්ති ආවා.
    ” සැලියුට් නෙවෙයි ගොයියෝ. ආන් අර හරියෙ…….” යයි පැවසූ අබරන් දිවුල් මණ්ඩියේ කෙළවර දිහා අත දිගු කර පෙන්වමින්,
    ” මේ….. දැන් හලපු අලි බෙටි තියෙනවා. මම එතනට ගිය වෙලාවෙත් දුම් දමනව ” යැයි කීවේය.
    ” කමක් නැහැ ආතේ, මමත් ගිහින් දිවුල් ගෙඩියක් දෙකක් ඇහිඳ ගෙන එන්නම්.”
    සුනිමල් එසේ කීවේ අබරන් මග ඇරලා තමුන්ගේ ගමන යාමේ අදහසින්.
    ” කොලුවෝ, මම කියපු දේ අහලා මෙන්න මේ දිවුල් ගෙඩි ටිකත් අරන් ආපහු පලයං.”
    අබරන් තම උරපත්ත මත දමා ගෙන තිබුණු මල්ල බිම තියන ගමන් කීවේය.
    ඔහු මල්ලෙන් ගත් දිවුල් ගෙඩි තුන හතර සුනිමල් අතට දුන්නේය. අනතුරුව ඔහු මල්ල කරට ගෙන සුනිමල් පසු කර ඉදිරියට පියනගන්නට වූයේය.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 400.00.
  • -10%
    (0)

    මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 1- Malory towers balika viduhala

    ළමා කතා ලිවීම සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඉනිඩ් බලයිටින් නමැති කතුවරියයි. කතාන්තර කීමේ රැජින” යනුවෙන් හදුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා තෙත් සංඛ්‍යාව හත්සියය ද ඉක්මවා ඇත. මේවායින් බොහෝමයක් විවිධ භාෂාවට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය. ළමා මනස හා ළමා චරිත හරි හැටි හදුනා ගෙන. ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදි රසවත් කතා ලිවීමේ ඇගේ සහජ හැකියාව මනාව ප්‍රදර්ශනය කරනා එක් නිදර්ශනයකි. ” මැලෝර් ටවර්ස් බාලිකා විදුහල”. නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විස්තර කරන්නේ පාඨකයාගේ මන බඳනා සේ ඉතාමත් රසවත් අන්දමිනි. එම රසය එසේම සිංහල පාඨකයාට ලබා දීමට එම කතාවේ මෙම සම්පූර්ණ හා අසංක්‍ෂිප්ත පරිවර්තනය චන්ද්‍රා අනගිරත්න අතින් නිම වී ඇත.

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.
  • -10%
    (0)

    මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 2- Malory towers balika viduhala

    ලොව ඉතාමත් ජනප්‍රිය ළමා ලේඛිකාව වූ ඉනිඩ් බ්ලයිට්න් විසින් රචිත “මැලෝරි ටවර්ස් ” කතා පෙළේ දෙවැන්න වූ SECOND FORM AT MALORY TOWERS නමැති රසවත් නවකතාවේ සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය “මැලෝරි ටවර්ස් බාලිකා විදුහල – 2 යනුවෙන් මෙසේ එළි දැක්වෙන්නේ, මෙම කතා පෙළේ පළමුවැන්න සිංහල පාඨකයින් අතර ඉතාමත් ජනප්‍රිය වූ බැවිනි. එංගලන්තයේ නේවාසිකාගාර හතරකින් සමන්විත වූ උසස් බාලිකා විද්‍යාලයක ශිෂ්‍යාවන්ගේ පාසැල් ජීවිතයේ රසමුසු අත්දැකීම් මනෝවිද්‍යාත්මක අගයකින් යුතුව වර්ණවත් කෙරී ඇති මෙම කතා පෙළ ඉනිඩ් බ්ලයිට්න් විසින් රචිත හත් සියයක් පමණ වූ පොත් අතර කවදත් පෙරමුණේ සිටී.

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -10%
    (0)

    මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 3- Malory towers balika viduhala

    “මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 3 යනුවෙන් සම්පූර්ණ ව හා අසංක්‍ෂිප්ත ව සිංහලයට පරිවර්තනය වූ මෙම නවකතාව ලොව ඉතාමත් ජනප්‍රිය ළමා ලේඛිකාව වූ ඉතිඩ් බලයිටින් ගේ “මැලොරි ටවර්ස් ” කතා පෙළේ තුන් වැත්ත වන “THIRD YEAR AT MALORY TOWERS” නමැති රසවත් නව ප්‍රබන්ධයයි. මෙය ද, මෙම කතා පෙළේ මුල් කෘති දෙක මෙන්, ශිෂ්‍යාවන්ගේ ජිවිතයේ විවිධ විචිත්‍ර අත්දැකීම් ඉතා රසවත් ලෙස විදහා දක්වන්නකි. කතාන්දර කීමේ රැජන ” ලෙස හඳුන්වනු ලබන ඉඟිඩ් බ්ලයිට්න් ගේ “මැලෝරි ටවර්ස්” කතා පෙළ හැදී වැඩීගෙන එන බාල පරපුරට සාහිත්‍ය රසයත් මනෝවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ආදර්ශයත් නොමඳ ව ගෙන දෙන්නා වූ, ලොව වැඩියෙන් ම විවිධ භාෂාවන්ට පරිවර්තනය වූ ළමා පොත් පෙළ ලෙස ද හඳුන්වා දිය හැකි ය.

    Original price was: Rs. 400.00.Current price is: Rs. 360.00.
  • -10%
    (0)

    මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 4- Malory towers balika viduhala

    ලොව ඉතාමත් ජනප්‍රිය ළමා ලේඛිකාව වශයෙන් සැලකෙන ඉංග්‍රීසි ජාතික ඉනිඩ් බලයිට්න් (1897- 1968) විසින් රචිත මැලෝරි ටවර්ස් කතා පෙළට අයත් පොත් හයෙන් සිව් වැන්න වූ ”UPPER FOURTH AT MALORY TOWERS” නමැති රසවත් නවකතාව මැලෝරි ටවර්ස් – 4 යි. “කතාන්දර කීමේ රැජන ලෙස හඳුන්වනු ලබන ඉනිඩ් බ්ලයිටින්ගේ මැලෝරි ටවර්ස් කතා පෙළ හැදී වැඩීගෙන එන බාල පරපුරට සාහිත්‍ය රසයත්, මනෝ විද්‍යාත්මක වටිනාකමකින් යුත් ආදර්ශයත් නොමඳව ගෙන දෙන්නා වූ, ලොව වැඩියෙන්ම විවිධ භාෂාවන්ට පරිවර්තනය වූ ළමා පොත් පෙළ ලෙස ද හඳුන්වා දිය හැකිය.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 720.00.
  • -10%
    (0)

    මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 5- Malory towers balika viduhala

    ළමා කතා ලිවීම සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඉනිඩ් බ්ලයිටින් නමැති කතුවරියයි. කතාන්තර කීමේ රැපින’ යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ්‍යාව 700 ද ඉක්මවා ඇත. මේවායින් බොහොමයක් විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය. ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනාගෙන, ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදි රසවත් කතා ලිවීමේ ඇයගේ සහජ හැකියාව මනාව ප්‍රදර්ශනය කරනා එක් නිදර්ශනයකි ‘මැලෝරි ටවර්ස් බාලිකා විදුහල’ නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විස්තර කරන්නේ පාඨකයාගේ මන බඳනා සේ ඉතාමත් රසවත් අන්දමිනි. එම රසය එසේම සිංහල පාඨකයාට ලබා දීමට මෙම කතා මාලාවේ මුල් කොටස් සතර පරිවර්තනය කළ චන්ද්‍ර අනගිරත්න සූටින් සමත් විය. එසේම ඔහුගේ අභාවයෙන් පසු එහි ඉතිරි කොටස් දෙක In the Fifth at Malory Towers ໖໖ Last term at Malory Towers සම්පූර්ණව හා අසංක්‍ෂිප්තව එම්. ඩී. එච්. සෙනෙවිරත්න සූරින් සිංහලයට පරිවර්තනය කර ඇත. මේ එහි පස්වන නවකතාවයි.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 6- Malory towers balika viduhala

    ළමා කතා ලිව්ව සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඉනිඩ් බිලයිටින් නමැති කතුවරයයි. ‘ කතාන්දර කීමේ රැපින’ යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ්‍යාව 700 ද ඉක්මවා ඇත. මේවායින් බොහොමයක් විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය. ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනාගෙන. ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදි රසවත් කතා ලිවීමේ ඇයගේ සහජ හැකියාව මනාව ප්‍රදර්ශනය කරනා එක් නිදර්ශනයකි ‘මැලෝට් ටවර්ස් බාලිකා විදුහල ‘ නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විස්තර කරන්නේ පාඨකයාගේ මන බඳනා සේ ඉතාමත් රසවත් අන්දමිනි. එම රසය එසේම සිංහල පාඨකයාට ලබා දීමට මෙම කතා මාලාවේ මුල් කොටස් සතර පරිවර්තනය කළ චන්දු අනගිරත්න සූරින් සමත් විය. එසේම ඔහුගේ අභාවයෙන් පසු එහි ඉතිරි කොටස් දෙක In the Fifth at Malory Towers Last term at Malory Towers සම්පූර්ණව හා අසංක්ෂිප්තව එම්. ඩී. එච්. සෙනෙවිරත්න සූරින් සිංහලයට පරිවර්තනය කර ඇත. මේ එහි හය වැනි නවකතාවයි.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -21%
    (0)

    මිදි ඔය අසබඩ – Midi oya asabada

    යළිත් ආවරණය කළ ගැලේ නැඟී මෙවර ඔවුන් පිටත්ව යන්නේ මිනෙසොටාවටයි. එහිදී ඔවුහු සොඳුරු මිදි ඔය අසබඩ කණ්ඩියක් යට පිහිටි කුඩා නිවසක පදිංචි වෙති. වැඩි කල් යන්නට පෙර අප්පච්චි වීදුරු ජනේල සහ අසව් වලින් සවි කළ දොරක් ඇති අපුරු නිවසක් සාදයි. පාසල් යන්නට පටන් ගන්නා ලෝරා සහ ඇගේ සහෝදරය මේරි ගෙදර දොරේ වැඩපළට උදව් වෙති, ඔයේ මසුන් අල්ලති. පළගැටි උවදුරක සහ භයංකාර කුණාටුවක ස්වරූපයෙන් අවාසනාව ඔවුන් හඹා එන නමුත් ඔවුහු එකට එකතුව ඒ සියලු ප්‍රශ්න ඉදිරියේ නොසැලී නැගී සිටිති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හතර වැන්නයි.

    Original price was: Rs. 1,120.00.Current price is: Rs. 880.00.
  • -10%
    (0)

    මුහුද අද්දර ගෙදර ළමයි – Muhuda addara gedara lamai

    ආයෙමත් වසන්ත කාලය ” දෙවියන්ට ස්තූති වෙන්ට තවත් සති දෙකක් යනකම ඉස්කෝලේ නිවාඩුයි.” වසන්ත නිවාඩුව අරගෙන ගෙදර ආපු මයික් ගොඩාක් සතුටින් පොත් බෑග් එක මේසය උඩට විසි කෙරුවා. මේසය උඩ තිබුණු මල් පෝච්චිය බිමට නොවැටී බේරුණේ අනූ නමයෙන්. ” මයික් ………මොකද මේ කලබලේ………බෙලින්ඩත් ඔය විදිහටම කෙරුවා. තව ටිකෙන් මල් පෝච්චිය බිම.” අම්මා තරහ මූණක් මවාගෙන කියන කොට බෙලින්ඩා ඇය අසලට ඇවිත් බැගෑපත් වුණා. “අනේ මට සමාවෙන්න අම්මේ…. එහෙම කියපු බෙලින්ඩා මල් පෝච්චියට තිබුණු විදිහට සකස් කෙරුවා. පුංචි ඈන් දුවගෙන ඇවිත් බිමට වැටිලා තිබුණ මල් කිණිති නැවතත් පෝච්චියට දැම්මා.

    පාසල් නිවාඩුව සඳහා ළමයින් තිදෙනෙක් සහ ඔවුන්ගේ මවත් පියාත් එංගලන්තයේ මුහුද අද්දර ගම්මානයකට පැමිණෙති. ඔවුන් එහි ගත කරන ප්‍රීතිමත් ජීවිතය වටා මේ රසවත් කතාව ගෙතී ඇත.

    Original price was: Rs. 380.00.Current price is: Rs. 342.00.
  • -20%
    (0)

    මේ මිහිරැති සොඳුරු සමය – Me mihirathi sonduru samaya

    කුඩා නගරයේ ජීවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමු වැනි වතාවට නිවසින් පිට වී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චිත්, අම්මාත්, කෙතේ නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා මේරිගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරීමත් කරගෙන රැකියාව කරයි. ඈත්, අල්මන්සෝ වයිල්ඩර්ස් අතර පවතින මිතුරුදම ක්‍රමයෙන් වැඩි වර්ධනය වී ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වෙති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ අටවැන්නයි.

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -10%
    (0)

    යකාගෙ ඉස්කෝලෙ – Yakage iskole

    සමාජය විෂමය. කුරීරුය. එහි ගොදුරු බවට පත්වන්නේ වැඩිහිටියන් පමණක්ම නොවේ. වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද විෂම සමාජ පරිසරය තුළ දරුවන්ගේ විසිතුරු ලොවද පීඩාවට පත් වේ. සඳළි, ක්‍රිෂ්ණ, නියාස් යනු එකී වව්‍යසනය හමුවේ පීඩාවට පත් ළමුන් තිදෙනෙකි. සියල් බාධක කම්කටොලු මැද අධ්‍යාපනය ලබන අතරම. සමාජයට පිළිලයක් වූ දරුණු අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර දීමටද ඔවුහු අරගල කරති. ඒ සෑම උත්සාහයක්ම බිහිසුණුය. ත්‍රාසජනකය. පාඨකයා තිගැස්මට ලක් කරන සුලුය. මේ ඔවුන්ගේ විරත්වයෙන්ද, උදෙත්ගයෙන්ද සුසැදි අපූර්ව කතාවයි.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 720.00.
  • -10%
    (0)

    රන්ගිරි අරණ – Rangiri Arana

    කඩොලාන පඳුරු අතරේ සැඟව නද දෙන විහඟ රංවුන්ගේ හඬ හා මුසුව නැගෙන වෙරළේ හැපී බිෂන රළ පතර නඟන ප්‍රචණ්ඩ රටාව චාලිට ඇසේ. විටින් විට උස් පහත් වන දල රළ පෙළ නගන හඬ වෙනස් වෙමින් ඇදී එන ජලධාරාව කඩොලාන ගස්වල මුල් සිසාරා පොළොව සිප ගන්නේ තරමක ආදරයෙනි. එහෙත් මොහොතකින් ගොඩ බිම පසාරු කරගෙන කඩා වදින රළ පහර නිමේෂයකින් තරමක් සන්සුන්ව යළිත් සයුර දෙසට ඇදී යයි තද කොළ පැහ ගැන්වුණු කඩොලාන තුරු රටා අතරින් ගමන් කිරීමේ දී සිතට ලැබෙන්නේ අප්‍රමාණ වූ ප්‍රබෝධයකි: සතුටකි. කරදිය හා මඩදියර මුසු වි අවපැහැ ගැන්වුණු ජලය තුළින් නාසයට දැනෙන දුර්ගන්ධය මහත් අපුලකි.

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.
  • -20%
    (0)

    රිදී විල් තෙර – BY THE SHORES OF SILVER LAKE-Ridi wil thera

    මිදි ඔය අසබඩ කුඩා නිවස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩ කෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභියෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරීම් සඳහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි දුම්රිය මාර්ගයේ වැඩ කරයි. අප්පච්චි, අම්මා, මේර් සහ කෙරේ සමඟ රිදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි. මිනින්දෝරු නිවාසයේ ගත කළ පාළු සීත කාලයකින් පසුව, අප්පච්චි ශෝභන රිදී විල ඉවුරේ ඉක්මනින්ම ඉදෙවනු ඇති අලුත්ම අලුත් නගරයක පළමු වැනි ගොඩනැගිල්ල කදයි. ඉන්ගල්ස් පවුල ආවරණය කළ ගැලේ නැගී කළ සංචාරයන් අන්තිමේදී අවසන් වෙයි.

    Original price was: Rs. 1,150.00.Current price is: Rs. 920.00.
  • -10%
    (0)

    ලස්සන වසිලිස්සා – LASSANA WASILISSA

    එකෝමත් එක රටක, බොහොම ඉස්සර කාලේ, එක පුංචි ගෙදරක මහල්ලෙකුයි මැහැලියකුයි හිටියා. මේ දෙදෙනාට හිටියෙ එකම එක දුවක් විතරයි. එයාගෙ නම වසිලිස්සා. ඒ ගොල්ලො බොහොම හොඳට ජීවත් වුණා. හිටි හැටියේම ඒ ගොල්ලන්ට විපතක් සිදු වුණා. වසිලිස්සාගේ මහලු මව අසනීප වුණා. ඇගේ මරණය ළං වුණා. අම්මා වසිලීස්සාට කතා කරලා, ඈට බෝනික්කකු දීලා මෙහෙම කීවා.
    ” අනේ හොඳ දුවේ, මේ බෝනික්කාව කාටවත්ම පෙන්වන්නේ නැතිව පරිස්සම් කර ගනින්. නුඹට විපතක් සිදු වුණොත්, බෝනික්කාට කෑම ටිකක් දීලා උපදෙස් ලබා ගනින්. එයා නුඹට පිහිට වේවි. “
    අම්මා වසිලීස්සාව සිප ගත්තා. ඊට පස්සේ ඈ මළා.
    වසිලිස්සාගේ මහලු පියා ටික කලක් දුක් වුණා. පසුව ඔහු වෙනත් ගෑනියක විවාහ කර ගත්තා. තාත්තා හිතුවේ ඈ හොඳ කෙනෙකු හැටියටයි. එහෙත් ඈ නපුරුයි. වසිලිස්සාව කුඩම්මාට භාර දුන්නා.
    කුඩම්මාට දූවරු දෙදෙනෙක් හිටියා. මේ දෙදෙනා නපුරුයි. මෝඩයි, දඟකාරයි. කුඩම්මා ඇගේ දූවරුන්ට ආදරය කළා. උන්ව හුරතල් කළා. ඈ වසිලිස්සාට නිතරම බණින්නට වුණා. වසිලීස්සාගේ ජීවිතය දුකින් පිරුණා. කුඩම්මයි ඇගේ දූවරු දෙදෙනයි හැම තිස්සේම වසිලීස්සාට නපුරු හිතින් බණිනවා. වැඩ ගොඩක් භාර දෙනවා. එහෙම කළේ මොකටද කියලා දන්නවද? …
    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,260.00.
  • -20%
    (0)

    වන අරණක කුඩා නිවස – Wana aranaka kuda niwasa

    විස්කොන්සින් මහ වනය මායිමේ පිහිටි කුඩා ලෑලි නිවසකිනි. සිවු හැවිරිදි ලෝරා ඇගේ අප්පච්චි, අම්මා, සහෝදරියන් දෙදෙනා වන මේරි සහ කේරි, ඔවුන්ගේ විශ්වාසවන්ත බල්ලා ජැක් සමඟ ඒ කුඩා නිවසේ ජීවත් වෙයි. දරුණු සීත කාලයට සුදානම් වීම සඳහා ආහාර වගා කරන්නට හෝ ගබඩා කර තබන්නට සිදුවීම නිසා ඒ ඈත අතීතයක ජීවිතය ඇතැම් වේලාවට ඉතා දුෂ්කර වූ නමුත් නිවසේ සෑදූ සෙල්ලම් බඩු සහ තෑගි සමඟින් පවුලේ සියලු දෙනා සමඟ නත්තල සමරන්නට ලැබීම, වසන්ත සෘතුවේ පැළ වැවීම, අස්වනු කැපීම, පළමු වැනි වතාවට නගරයට යාම පුංචි ලෝරාට මහත් සතුටක් ගෙන දෙයි. සෑම රාත්‍රියකම අප්පච්චිගේ රවුකිංඤ්ඤයේ මිහිරි හඬට සවන් දෙමින් ලෝරාත්, ඇගේ සහෝදරියන් දෙදෙනාත් සුවබර නින්දකට වැටෙති. පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍යය ලිට්ල් හවුස් කතා මාලාවේ පළමුවැන්න මෙසේ ආරම්භ වෙයි.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 640.00.