යොවුන් නවකතා

  • -10%
    (0)

    වන රජදහන – Wana rajadahana

    සමන්, වන ආවරණයෙන් සෙවන වු දිය දහරක් අසල නතර විය. ඔහු අනුකරණය කළ ප්‍රියන්ත හා සුනිල් ද ඒ අසලින් බිම ඇන තබා ගත්හ. සමන් අතින් සංඥා කොට මිතුරන්ට සද්ද නොකරන ලෙස දැන්වීය. මිතුරෝ ගස් වලට මුවා වූහ. මොකක්ද වෙන්නේ, ප්‍රියන්ත කුතුහලයෙන් කෑ ගැසීය. ” කෑ ගහන්න එපා. සද්දේ ඇහුනොත් අපි තුන්දෙනාම ඉවරයි. “ඒ ඇයි.” ” බලන්න අර වීර ගහේ කඳ දිහා . ” මගේ අම්මෝ ! කොටියෙක් නේද?” කොටියෙක් නෙවෙයි කළු දිවියෙක්.” වෙන්න බෑ. පුල්ලි තියෙන්නේ කොටින්ට විතරයි. ප්‍රියන්ත දිගට හරහට වාද කරන්නට වූයේ තමන් සිටි තැන පවා අමතක කරමිනි. කියන තැනකට වඳින්නම්. ටික වෙලාවකට සද්ද නොකර ඉන්න. එවිට ප්‍රියන්තට සමන් කීවේ තරමක අමනාප ස්වරයෙනි.

    Original price was: Rs. 300.00.Current price is: Rs. 270.00.
  • -10%
    (0)

    සුදු වැද්දා – Sudu wedda

    හැන්ස් ඔබ මොකද කරන්නේ?” ඩේමියන් පූජකතුමා ඉතා බැරෑරුම් හඬන් විමසීය. ‘මට කැලේම තමා ඒ ගැන තර්ක විතර්කවලට ඉඩක් නැති බව ඔහුගේ වචන වල නිශ්චිතතාවෙන් තහවුරු විය. එවැනි උත්සාහයක් නොදැරීමට වගබලා ගත යුතු කරපිට ඔවුහු හැන්ස් ගැන මනා අවබෝධයක් ඇතිව ද සිටියහ. “අර අසරණ තරුණිය නාලනීට ඉන්න මීට වඩා හොඳ තැනක් ගැන මට හිතා ගන්න බැහැ. මෙහේ නවතින්න ඇය කැමැති කර ගන්න මම උත්සාහ කරන්නම්. මා ළඟ ඉන්න කට්ටියේම කෙනෙක් හැටියට මම් ඇය රැක බලා ගන්නම්.” මඳ වේලාවක් නිහඬව සිටි පියතුමා හැන්ස් ඇමතුවේය. “මගෙ පුතා හැන්ස්, කැලය ඔබේ ශරීරයත් ආත්මයත් අවනත කරගෙන, එය හැමි දාම ඔබගේ නිවහන වෙයි. ඒත්, කැළේ අද්දර ඉන්න අප බලන්න ඉඳහිටවත් නෑවිත් ඉන්න හේම ඒක හේතුවක් නෙමේ. අපි හැම විටම ඔබ ආදරයෙන් පිළිගන්නවා.” බොහෝම ස්තූතියි පියතුමනි. මම ඔබතුමා අමතක කරන්නේ නැහැ.” ඔවුන් නැගිට වැලි පිස දමා අඳුරු වන ගුල්මය මැදින් පූජකතුමාගේ පැල්පත කරා ගිය අතර හැන්ස් ඔවුන්ගෙන් වෙන්ව රන වෙත ගියේය. පොරොන්දු වූ පරිදි, පසු දා අලුයම් ඔවුහු සියලු දෙනාම හැන්ස් – රනී යුවළ අවසන් වරට දැක ගැනීමට ගියහ. ඔවුන් දෙදෙනා බල්ලාද කැටුව යනු ඔවුහු බලා සිටියහ. කැලයට ඇතුළු වත්ම හැන්ස් ආපසු හැර අත වනා ඔවුනට ආයුබෝවන් කීවේය.

    Original price was: Rs. 1,380.00.Current price is: Rs. 1,242.00.
  • -10%
    (0)

    නෙල්ලි කැලේ වීරයෝ – Nelli kale weerayo

    1990 දී ප්‍රථම වරට පළ කරන ලදුව, අතිශය ජනප්‍රියත්වයට පත්වූ නෙල්ලි කැලේ වීරයෝ යොවුන් නවකතාවේ නව සංස්කරණය සූර්ය ප්‍රකාශකයක් ලෙස මෙසේ ඔබ අතට පත් වේ. තමා බාලදක්ෂයෙකු සේ ලැබූ අත්දැකීම් පාදක කොට ගෙන නිමල් බණ්ඩාරයන් මේ කෘතියේ මුල් පිටපත ලියා ඇත්තේ ඔහු 1983 වසරේ නව වන ශ්‍රේණියේ ලබන අවදියේදී ය. දරුවන්ට අර්ථාන්විත භාෂා හැසිරවීමට මහා පෙන්වනු වස්, ප්‍රස්තා පිරුළු හා විශේෂණ පද පිළිබඳ විවරණයක් මෙන්ම මුල් මුද්‍රණගේ ඇතුළත් නොවූ චිත්‍ර සටහන් සමුහයක් දැනව සංස්කරණයට ඇතුළත් කොට තිබේ. නෙල්ලි කැලේවීරයෝ’ කෘතිය 1996 දී ඉංග්‍රීසි භාෂාවට හා 1998 දී දෙමළ භාෂාවට ද පරිවර්තනය කර ඇත. මෙම නවකතාව හා බැඳුණු අනෙකුත් කෘතීන් වන ‘ගල්ගේ කන්ද වන රජ දහන හා ‘සමුදුරු මෙඛ්ලා’ යන කෘතීන්ගෙන් ‘ වන රජ දහන කෘතිය 2005 වසරේ දී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබේ. සමුදුරු මේඛලා කෘතිය ද දැහට ඉංග්‍රීසි භාෂාවට පර්වර්තනය කොට ඇති අතර ඉදිරියේ දී මුදුණයෙන් නිකුත් කිරීමට නියමිතය නෙල්ලි කැලේ වීරයෝ’ කෘතිය රචනා කළ නිමල් බණ්ඩාරයන් 2000 වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරියකු ලෙස සේවයට එක් විය. ඔහු රාජ්‍ය තාන්ත්‍රික නිලධාර්ථයකු ලෙස මහජන චීන සමුහාණ්ඩුව, නෙදර්ලන්තය හා සකිස්ථානය යන රටවල සේවය කළ අතර, දැනට විදේශ කටයුතු අමාත්‍යංශයේ මැද පෙරදිග අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරයි.

    Original price was: Rs. 400.00.Current price is: Rs. 360.00.
  • -10%
    (0)

    සමදුරු මේඛලා – Samaduru mekala

    ප්‍රියත්ත දගකාරයෙක් සේ සෑම අවස්ථාවකම් ක්‍රියා කළේය. මේ නිසා සුනිලට හා සමන්ට ඇති වූ ගැටළු නිමක් නොවන කරම් ය. ඒ හැම අවස්ථාවකදී ම ප්‍රියන්නට කොතෙක් උපදෙස් ලබා දුත්ත ද ඔහු තම දගකාරකම් අත්හළේ නැත. ඊයේ ඇති වූ ගැටුම පිළිබඳව සුනිල් යළිත් කල්පනා කළේ මෙය තව කොතෙක් දුරට ව්‍යාක වේ දැයි හදවතේ ඇති වූ බිය යටපත් කර ගනිමිනි. මීගමුව ප්‍රදේශයේ දින කීපයක වාරිකාවක් සඳහා ප්‍රියන්තට සුනිල්ට ආරාධනා කළේ සමන් විසිනි. සමන් හේ ලොකු තාත්තා මීගමු ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බැවින් ඔවුන් වාසය කළේ මීගමු වෙරළට ආසන්නව ය. සමන් බොහෝ නිවාඩු අවස්ථා වල මෙහි පැමිණ මුහුදේ අසිරිය බලමින් විවේකය ගත කිරීමට මහත් අභිරුචියක් දැක්වීය. මෙවර ඔහු තම මිතුරන් දෙදෙනාට ද මෙහි පැමිණීමට ආරාධනා කළේ ඒ සතුව තවත් වැඩි කර ගනු සඳහා ය.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    ගල්ගේ කන්ද – Galge kanda

    සුනිල් පාසල කරා එන විට තරමක් ප්‍රමාද විය. ප්‍රියන්තගේ හා සමන්ගේ මේසවල පොත් තිබෙනු දක්නට ලැබුණි. පංතියේ බොහෝ දෙනෙක් ද ඒ වන විට පැමිණ සිටි බව මේස මත තැබූ පොත් වලින් පැහැදිලි විය. එහෙත් කිසිම පිරිමි ළමයකු පංතියේ නොවීය. සුනිල්ගේ සිතට මහත් නොසන්සුන් ගතියක් ඇති විය. ” කෝ ප්‍රියන්ත එහෙම ” ඔහු චමරිගෙන් ඇසුවේ තරමක් කුතුහලයෙනි. අජිත්ලා එක්ක හයියෙන් හයියෙන් කථාවෙලා පංතියෙන් කොහෙටද ගියා.” චමරි කීවේ ද තරමක් වේගයෙනි. සුනිල්ට තමන් සිටින්නේ කොතැනක දැයි අමතක විය. විනාඩි කීපයකින් තාප්පයෙන් පැන්න සුනිල් ගොඩනැගිලි අවට හා පිට්ටනියේ තම මිතුරන් සොයන්නට පටන් ගත්තේ.. ටික වේලාවකින් පංතියේ සියළු දෙනාම එක තැනක සිටින බව දක්නට ලැබුණේ ක්‍රීඩාංගන මායිමට පැමිණීමෙන් පසුවයි. සුනිල් එතනට යන විට පහළොවක් තරම් සිසුන් පිරිසක් වට එකිනෙකා වචන වලින් හරඹ කරමින් සිටිනු දක්නට ලැබුණි.”

    Original price was: Rs. 400.00.Current price is: Rs. 360.00.
  • -10%
    (0)

    මුහුද අද්දර ගෙදර ළමයි – Muhuda addara gedara lamai

    ආයෙමත් වසන්ත කාලය ” දෙවියන්ට ස්තූති වෙන්ට තවත් සති දෙකක් යනකම ඉස්කෝලේ නිවාඩුයි.” වසන්ත නිවාඩුව අරගෙන ගෙදර ආපු මයික් ගොඩාක් සතුටින් පොත් බෑග් එක මේසය උඩට විසි කෙරුවා. මේසය උඩ තිබුණු මල් පෝච්චිය බිමට නොවැටී බේරුණේ අනූ නමයෙන්. ” මයික් ………මොකද මේ කලබලේ………බෙලින්ඩත් ඔය විදිහටම කෙරුවා. තව ටිකෙන් මල් පෝච්චිය බිම.” අම්මා තරහ මූණක් මවාගෙන කියන කොට බෙලින්ඩා ඇය අසලට ඇවිත් බැගෑපත් වුණා. “අනේ මට සමාවෙන්න අම්මේ…. එහෙම කියපු බෙලින්ඩා මල් පෝච්චියට තිබුණු විදිහට සකස් කෙරුවා. පුංචි ඈන් දුවගෙන ඇවිත් බිමට වැටිලා තිබුණ මල් කිණිති නැවතත් පෝච්චියට දැම්මා.

    පාසල් නිවාඩුව සඳහා ළමයින් තිදෙනෙක් සහ ඔවුන්ගේ මවත් පියාත් එංගලන්තයේ මුහුද අද්දර ගම්මානයකට පැමිණෙති. ඔවුන් එහි ගත කරන ප්‍රීතිමත් ජීවිතය වටා මේ රසවත් කතාව ගෙතී ඇත.

    Original price was: Rs. 380.00.Current price is: Rs. 342.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ අපූරු සොයුරියෝ – Apuru iskole apuru soyuriyo

    “මම හිතන්නේ මේවා රටට ඕනෑ නැති ට ඇති, ඔව්….. මේ පරණ සටහන් ගොඩක් නේ.” ටසේ සිතු ඇලිසන් මේසය උඩ තිබූ කඩදාසි ගොන්න අතට ගත්තා ය. ඉන් පසුව වහ වහා උදුන ළඟට ගිය ඇය කඩදාසි ගොන්න ලිපට ඔබා ගිණි දැල්වුවා ය. ඊටාගේ වේදනාත්මක බෙර්හන් දීම ඇයට ඇසුනේ ඒ වෙලාවේදී යි. ” මං හිතුවා…. මං හිතුවා ඔයා මගේ ප්‍රශ්න පත්‍ර ටික ගනියි කියලා. අනේ දෙවියනි! ඔයා ඒවට ගිනි තිබ්බද? මෝඩ කෙල්ල… ඔයා මගේ ප්‍රංශ සටහන් ටිකට ගිනි තිබබද?” රීටා බෙරිහන් දෙමින් ගිනි උදුන අසලට දුව එද්දි ඇලිසන් බියපත් ව පැත්තකට වූවා ය. ගිනි දළු වෙලෙන කඩදාසි ගොන්න ඉවතට අදින්නට උත්සාහ කළ ද ඒ උත්සාහය සාර්ථක වූයේ නැත. ගිනි දළු වලට තුරුලු වූ ඇගේ වටිනා සටහන් ගොන්න කලු පැහැති අළු ගොඩක් බවට හැරේ තිබුණි.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ දෙවැනි වාරය – Apuru iskole deweni waraya

    ගිම්හාන නිවාඩුවේ අන්තිම දවස් පියාඹමින් වගේ ගෙවිලා ගියා. පැට් හා ඉසබෙල් ඔසුලිවාන් නැති නම් නිවුන් සොයුරියන්ගේ දවසුත් ඉතාම කාර්ය බහුල වෙලා. අළුත් ඇඳුම් මිලදී ගන්න. ඒවා හැඳ හැඩ බලන්න, ලක්‍රොස් පිති මිලදී ගන්න. ලක්‍රොස් සපත්තු වල ඉරුණු තැන් සකස් කරන්න වගේ කරන්න මොන තරම් දේවල් නම් ඔවුන්ට තියෙනවද? පැටි හා ඉපබෙල් මේ හැම දෙයක් ම කළේ හරිම සතුටින්. “මගේ මැහුම් බෑග් එක කොර? ” අල්මාරියේ තිබූ සියලුම දේවල් අවුස්සමින් සිටි පැට් නොඉවසිල්ලෙන් කෑ ගෑවාය. “නිවාඩුවට ගෙදර එනකොට මම ඒක ගෙදර ගෙනාවා. ඔව්. මට හොඳට මතකයි.” “අනේ………මගේ ලක්‍රොස් සපත්තු වලින් එකයි තියෙන්නේ. අ………….. ඔයා මගේ අනිත් සපත්තුව දැක්ක ද? ” ඉසබෙලුත් වැළපෙන හඬකින් කීවාය. ” ඔව්……. ඔයාගේ සපත්තුව සපත්තු මහන්නා ළඟ තිබිලා ඊයේ උදෙයි ගෙනාවේ. කොහෙද ඔයා ඒක තිබ්බේ.?”

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ ගිම්හාන කාලේ – Apuru iskole gimhana kale

    පාසලට යන්නට පෙරුම් පුරමින්.

    සති හතරක නිවාඩුවක් ” පාස්කු නිවාඩුවේ පළමු උදෑසතම පිබිදුණු පැටි ඔසුලිවාන් ප්‍රීතියෙන් බෙරිහන් දුන්නාය. ඇගේ මුහුණ පුරා විසිරී තිබෙන්නේ ප්‍රිය මනාප හිනා දහරාවකි. ” දෙවියනි………..මොන තරම් අපුරු නිවාඩු කාලයක්ද? හොඳ කාලගුණයක් තිබුණොත් නම් අපිට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්.” ඇගේ නිවුන් සොයුරිය ඉසබෙල් ද නින්දෙන් පිබිදුණේ ඒ වෙලාවේදී ය. ඉසබෙල්ගේ කටහඩ ද ප්‍රීතියෙන් බර වෙලාය. ” ඉස්කෝලේදි සීනුව වැදෙනකොට ඇහැරෙන්න ඕනෑ. හැබැයි ගෙදරදි ඒ කරදරේ නැති එක කොච්චර අපූරුද? මම නම් තව ටිකක් නිදා ගන්නවා.” “අනේ මට නම් තවත් නිදා ගන්න බෑ.” පැට් ඇඳෙන් නැගිටින්නට සුදානම් වෙමින් කීවාය.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක් – Apuru iskole bihisunu reyak

    එදින රාත්‍රියේ දී සාදි නින්ද ගියේ නැත. සිර්ලෝසුවේ රාත්‍රී දහයයි හතලිස් පහ වඳින තෙප් ඔග්‍රා සිටි ඈ සෙමෙන් සෙමෙන් ඇඳෙන් නැගිට්ටා ය. වටපිටාවේ හිමෙන්නේ හිඳ අඳුරකි. හිදන ශාලාවේ සිටින සියල්ලන් ම තද නිද්දේ ය. ඉක්මන් කොට ගවුමස් හැදනේ යෙදී සෙමින් හෙමින් පඩිපෙළ බැස්සාය. තවත් විනාඩි කිහිපයකින් පසුපස දොර හැරගෙන පාසළේ ගෙවත්තට පිවිසෙන්නට සාදිට හැකි විය. තමාට පිටුපසින් අඳුරු ඡායාවක් ද පැමින බව සාදි දුටුවේ නැත. ඒ කවන්ස් ය. තෙවන්ස් සිතාගෙන සිටියේ තමා ලුහුබඳින්නේ කාලෝ පසු පස බවයි. ඒ ඇවිද යන්නේ සාදී බව ඈ නිකමටවත් සිතුවේ නැත.

    රාත්‍රී දහයයි කාළ වන විට පෲවන්ස් නින්දෙන් පිබිදුණා ය. කාටත් හොරා නිදන ශාළාවෙන් පිට වූ ඈ සාදි පැමිණෙන තෙක් නොඉවසිලිමත්ව බලා සිටියා ය. දැත් වේලාව රාත්‍රී එකොළහයි කාලට පමණ ඇත. උගුරේ කිසියම් වේදනාවක් නිසා ඇලියන් චක්වර ම නින්දෙන් පිබිදුණා ය. හයියෙන් කහින්නට අවශ්‍ය වුව ද එය නොකළ යුත්තකි. එමෙන් ම කැස්සට ගන්නා ලොසින්ජර සාදි ළඟ තිබේ. ඇලිසන්, සාදිගේ ඇඳ අසලට ගියේ ඒ ලොසින්ජරයක් ඉල්ලා ගැනීම සඳහා ය. කළුවරේ හි ඇඳට අත පෙවූ ඇලිසන් සොදි සොයන්නට උත්සාහ කළා ය. පුදුමයකි! කදී නැත. ඇඳ හිස් ය. ඇඳුම් හැදගෙන ඈ පිට ව ගොසිනි. ඇලිසන් දරාගත නොහැකි පුදුමයෙන් ඇඳ මත වාඩි වූවා ය.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    අපූරු සොයුරියන්ගේ අපූරු රහස් – Apuru soyuriyange apuru rahas

    ඒ සතිය අවසානයේදී වාරය මැද ලැබෙන විශේෂ නිවාඩුව ශාන්ත ක්ලෙයාර් පාසලේ ළමයින්ට ලැබිණි. තම දරුවන් දක බලා ගැනීම සඳහා බොහෝ දෙමාපියෝ දුම්රියෙන් පාසල කරා පැමිණියහ. තවත් දෙමාපියෝ මෝටර් රථ වලින් පැමිණියහ. මේ විශේෂ නිවාඩු දිනය දෙමාපියන් සමඟ ගත කිරීමට ලැබෙන නිසා පාසලේ ගැහැණු ළමයින්ගේ හිත්වල තිබුණේ ද අසීමිත ප්‍රීතියකි. ඒත් සමහර ගැහැණු ළමුන්ගේ දෙමාපියන් පැමිණෙන්නේ නැත. එවැනි ළමයි තම තමන්ගේ යෙහෙළියන් සමඟ ඈත නගරයක ඇති චිත්‍රපටියක් නැති නම් නාට්‍යයක් නැරඹීම සඳහා ගියහ. පැට් සහ ඉසබෙල්ගේ මව වූ ඔසුලිවාන් මහත්මිය පැමිණ සිටියේ කාරයෙනි. ඇය පැට් සහ ඉසබෙල් ද, ඇලිසන්ද රැගෙන ඈත නගරයක් බලා පිටත් ව යාමට තීරණය කොට තිබිණි. ඇලිසන්ගේ මව නොපැමිණි නිසා ඇයට ද ඒ ගමනට එකතු වන්නට සිදු විය. ජැනට් ඇගේ දෙමාපියන් සමග විනෝද සවාරියක් සඳහා නික්ම ගියේ ප්‍රීතියෙනි. හිලරිත් ඔවුන්ගේ විනෝද ගමන සඳහා එක්කර ගැනීමට ජැනට් අමතක

    Original price was: Rs. 520.00.Current price is: Rs. 468.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කොලේ අවසන් වාරේ – Apuru iskole awasan ware

    ගිනි අනතුරු සීනුව නාද කළේ කවුද ? මිරා බෙල් කෝපයෙන් වෙවුලමින් තමන්ගේ පාඩම් නාමරයට ගියාය. කාමරයේ ඇති කුඩා ගිනි උදුන සමීපයේ සිට ඇඟ උණුසුම් කර ගනිමින් සිටින ග්ලැඩිස්ව ඇයට දැක ගත හැකි වූයේ ඒ අවස්ථාවේ දී ය. සම ඈ. අපරාදේ. ඔයාගේ රැස්වීම අතර මග කඩාකප්පල් වුනේ. මීරා බෙල් දුටු විගස ග්ලැඩිස් කීවාය කෝපයෙන් වෙවුලමින් සිටින මිරා බෙල් ගේ හිතට කිසියම් සහනයක් ලබාදිය යුතු යැයි ඇයට සිතෙන්නට ඇත. ඇත්තමයි මිරා බෙල් ඔයා හරිම ලස්සන කථාවක් පැවැත්තුවා’ ග්ලැඩිස්. ගිනි අනතුරු සීනුව නාද කළේ කවුද? ඔයා කවුරු ගැනද සැක කරන්නේ ?’ මීරා බෙල් නිමා නොවන කෝපයෙන් යුතුව ග්ලැඩිස් ගෙන් ඇසුවාය. මේට්‍රන් වරිය විසින් සකස් කරන ලද උණුසුම් කොකෝවා බඳුනක් ද මේසය මත දුම් දමමින් තිබේ. ආ. මේ තියෙන්නේ කොකෝවා නේද ? මට නම් කොකෝවා බොන්න තරම් සීතලක් නෑ. ඒ වුනාට මගේ හිතේ ලොකු තරහක් නම් තියෙනවා බලන්න. මගේ වැදගත් රැස්වීම සම්පුර්ණයෙන්ම කඩා කප්පල් වුනානේ. ඒ වගේ මෝඩ විහිළුවක් කළේ කවුද දන්නේ නෑ

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    හරි අපූරු ඉස්කෝලේ – Hari apuru iskole

    ගැහැණු ළමුන් දෙදෙනාගේ හිසකෙස් දුඹුරු ය. දිලිසෙන සුළු දෙනෙත් නිල් පැහැති ය. දෙතොල් අයර්ලන්ත පෙනුමක් ඇති දැරියන් ගේ කටහඬ නැවත නැවත අසන්නට තරම් මිහිරිය. අපි ඉගෙන ගත්තේ රෙඩ්ට්රූෆ් ඉස්කෝලේ. ඒ වණාට අපිට වෙන ඉස්කෝලෙකට ” අම්මලා අපි ව වෙන ඉස්කෝලෙකට දාන්න තීරණය කරලා, මෙචිචර කාලයක් යන්න වෙලා. මෙචර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලේ අමතක කරලා. යාලුවෝ ටික පැත්තකට දමලා වෙන ඉස්කෝලෙකට යන්න වෙලා. මට නම් හිතා ගන්නවත් බෑ. ” කැප්ටත්, පැව් ගොකී ටීම් එකේ කැප්ටන්. අපි වෙන ඉස්කෝලෙකට ගියොත් මේ  ඉස්කෝලේ හිටියේ කොච්චර සන්තෝසෙන් ද? ගිය අවරුද්දේ මමයි පැටයි දෙන්න ම ශිෂ්‍ය නායිකාවෝ වුණා. ඒ විතරක් ද? මම හිස් රිම් එකේ ගමම නැති වෙනවා. ඒ කියන්නේ අපිට මුල ඉඳල ම පටන් ගන්න වෙනවා .

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ අපූරු මිතුරිය – Apuru iskole apuru mithuriya

    පාසැලේ කොරිඩෝරය දිගේ සෙමෙන් සෙමින් ඇවිද ආ පැට් හා ඉසබෙල් ඔ’ සුලිවාන් සොයුරියෝ පාසැලේ හතර වැනි වසරේ පංති කාමරයට ඇතුළු වූහග ඔවුන් වටපිට බැලුවේ දරාගත නොහැකි පුදුමයෙනි. ‘ හතරවැනි අවුරුද්ද ගගග දෙවියනි අපි මෙච්චර කාලයක් හිටියා කියලා කොහොම විශ්වාස කරන්නද? එහෙම නේද ඉසබෙල් ? මුලින්ම කථා කලේ පැට්ය. ‘ ඔව්හු මුල්ම අවුරුද්දේ ඉදලා හතර වැනි අවුරුද්ද වෙන කම් මොන තරම් කාලයක් ගියාද ? ග ඒත් සිද්ධ වුන හැම දෙයක්ම මට නම් අද වගේ මතකයි ‘ ඉසබෙල් ද කීවාය. ගොඩාක් කාලෙකට ඉස්සර වෙලා අපි මේ ඉස්කෝලෙට ආපු මුල්ම දවස ඔයාට මතකද? ඒ දවස්වල හැමෝම අපිට කිව්වේ කරදරකාර නිවුන්නු කියලයි. අපි ඒ දවස්වල සෙන්ට් ක්ලෙයාර් ඉස්කෝලෙට ටිකක්වත් කැමැති නෑ. පුළුවන් තරම් ඉක්මනට ගෙදර යන්නයි අපි ඒ දවස්වල හිතාගෙන හිටියේ ‘ පළමු වසරේ සිසුවියන් ලෙස ශාන්ත ක්ලෙයාර් පාසලට පැමිණි මුල්ම දවස් පිළිබඳව නිවුන් සොයුරියන්ට හොඳ හැටි මතකයග මුල් දවස් වල දී

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ අපූරු සාදය – Apuru iskole apuru sadaya

    “මම කියන්නේ මේකයි. ” විවේක කාමරයේ දොර විවෘත කරමින් ඇතුළු වුණු මිරා බෙල් ළමයින්ගේ අවධානය බිඳ දමුවා ය. ” ටික වෙලාවකට මට ඔයාලට කරදර කරන්න වෙනවා. ඒකට කමක් නැද්ද? ” ” කමක් නෑ. මොකක්ද වෙලා තියෙන්නේ ? ” මිරා බෙල්ට පිළිතුරු ලැබුණේ බොබිගෙනි. “මේක ග්ලැඩිස් ගැන පුංචි කථාවක්.” මිරාබෙල් දිගු කතාවකට මුල පුරමින් කීවා ය. පෙට්ටි කාමරයේ සිටි ග්ලැඩිස් තනිවම රග පෑ ආකාරය ගැන මිරාබෙල් කියූ විස්තරය ළමුන් අසා සිටියේ පුදුමයෙනි. තමා ග්ලැඩිස්ට උදව් කිරීමට උත්සාහ කළ ද ඈ කෝප වීම නිසා ඒ දේ කිරීමට නොහැකි වූ බව ද මිරාබෙල් තව දුරටත් කියා සිටියා ය.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    නැන්සි ඩ්‍රෝ පෞරාණික ඔරලෝසුවේ අබිරහස – Nancy drew pauranika oralosuwe abiraha

    දහ අට හැවිරිදි සුන්දර යුවතියකි. නීතිඥයෙකු වූ සිය පියාගේ නීතිමය ලියවිලි වගයක් ගෙනැවිත් භාර දුන් ඇය ගම්බද පාරක් ඔස්සේ සිය තද නිල් පැහැති කාරය පදවමින් සිටියාය. එය අළුත්ම කන්වර්ටබල් වර්ගයේ මෝටර් රථයකි. ” හොඳ වෙලාවට තාත්තා මගේ උපන්දිනයට මේ කාර් එක අරන් දුන්නේ. ඒ හින්දා මට දැන් එයාට උදව් කරන්න ලේසියෙන්ම පුළුවන්.” හුදකලාව කාරය පදවමින් සිටින නැන්සිගේ සිතට එවැනි සිතිවිල්ලක් නැගේ. ඇගේ පියා කාර්සන් ඩ්‍රෝය. ඔහු රිවර්හයිඩ් පළාතේ නම ගිය නීතිඥයෙකි. තමා වෙත පැමිණෙන ඉතා සංකීර්ණ නීතිමය කටයුතු පිළිබඳව ඔහු රන්වන් පැහැති හිස කෙස් සහ නිල් පැහැති දෑසක් හිමි තම එකම දියණිය වන නැන්සි සමඟ ද නිරන්තරයෙන්ම සාකච්ඡා කරයි. තාත්තාට ඉතින් මගේ උදව් නැතිවම බැහැනේ.” මද සිනාවක්ද සමඟ නැවතත්

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.