-
හකල්බරිගේ හපන්කම් – Huckleberrige hapankam
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.ටොම් සෝයර් පොත කියවා නැත්නම් මය ගැන නොදන්නවා ඇත. එහෙත් ඊට කමක් නැත. එම පොත ලියන ලද්දේ මාක් වන් මහතා විසිනි. එහි සමහර කරුණු ටිකක් වැඩි පර දක්වා ඇතත්, ඔහු එහි ලියා ඇති දේ බොහෝ දුරට සත්‍යය එය එතරව දෙයක් නොවේ. කවුරුත් යම් යම් අවස්ථාවල සැහෙන්න බොරු සියකි. ටොම් හදා වඩා ගත් ආන්ට පොලි, ඇගේ දුව මෙරි සහ මට රැකවරණය දීමට ඉදිරිපත් වූ විසෝ වප්ලස් නම් බොරු කියන එකක් නැත. ඒ තුන් දෙනා ගැන ද එම පොතේ සදහන් වේ. එම පොතේ කතාව අවසන් වන්නේ මෙසේ ය. ටොම් සහ මම කොරුන් ගුහාවේ සඟවා තිබූ සල්ලි සොයා ගතිමු. අපි එයින් පොහොසත් වීමු. අප දෙදෙනාට ඩොලර් හය දාහ බැගින් ලැබිණ සියල්ලම රත්රන් කාසිය. එය මාර සල්ලි ගොඩකි. නැවර විනිසුරු එම සල්ලි බාර ගෙන සියයට හයේ පොලියට අප වෙනුවෙන් තැන්පත් කෙළේය. එයින් අපට දිනපතා වියදමට ඩොලරය බැගින් ලැබිණ. එය ඕනෑවටත් වැඩිය. විඩෝ ඩග්ලස් මා පුතකු මෙන් හදා වඩා ගැනීමට බාර ගත්තාය. ඇයට ඕනෑ වුයේ මා ශිෂ්ටාචාර භාවයට පත් කිරීමටය. එහෙත් මට එය වධයක් විය. එම තැන්පත් ශාන්ත දාන්ත විධිමත් ජිවිතය විනෝදයෙන් තොර වුයේය. මගේ සිතට එම ජීවිතය ඇල්ලුවේ නැත. බැරිම තැන මම ඇගේ නිවසින් පැන්නෙමි. මම යළිත් මට පුරුදු පරණ වැරහැලි ඇද අගු – පිල් මත ලගින්නට පටන් ගත්තෙමි. එය තෘප්තිමත් ජීවනයකි. එය නිදහස් ජිවිතයකි. එහෙත් මා සැඟවී උන් තැන සොයා ආ ටොම් සෝයර් තමා සොර කල්ලියක් සාදන බවත්, මා ආපසු විඩෝ ඩග්ලස් ළඟට ගොස් වැදගත් පුද්ගලයකු වුවොත් පමණක් එම සොර කල්ලියට බඳවා ගන්නා බවත් පැවසිය. ඉතින් මම ආපසු විඩෝ ඩග්ලස් ළඟට ආවෙමි.
-
පළමු සිවු වසර – Palamu siwu wasara
Original price was: Rs. 680.00.Rs. 544.00Current price is: Rs. 544.00.ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳෙක වන ලෝරා දකුණු ඩකෝටා තැනිතලාවේ ඔවුන්ගේ නිවස වටා පිහිටි භූමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමඟ වෙහෙස වී වැඩපළ කළ යුතුය. ඉක්මනින්ම ඔවුන්ගේ සිඟිති දියණිය රෝස් උපදින අතර බොහෝ මුල් කාලීන ඇමරිකානුවන්ට මුහුණ දෙන්නට සිදුවූ දුක් පීඩාවන්ට සහ ජයග්‍රහණයන්ට මුහුණ දෙමින් ජීවිතයේ නව අරමුණු කරා යන්නට මේ අලුත් පුංචි පවුලටද සිදුවෙයි. මේ පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ අවසාන කෘතියයි.
-
නයගරා වික්‍රමාන්විතය – Nayagara wikramanvithya
Original price was: Rs. 680.00.Rs. 544.00Current price is: Rs. 544.00.මෝරෙක් මා සිටින දෙසට වේගයෙන් පිහිණා එයි. මෝරාගේ විවර වූ මුව තුළ සිය ගණනක් වූ තියුණු දත් විලිස්සී තිබේ. උගේ දෑස මලානිකය. එහි තැවරී ඇත්තේ බිහිසුණු බවකි. කිසිදු ආකාරයක සමාවක් ඒ දැවල නැත්තා සේය. පැහැදිලිවම මෝරා මා දෙසට හඹා එන්නේ කාලෙකින් ලැබුණු නැවුම් මිනිස් ආහාර වේලක් ගිල දැමීමේ දැඩි උනන්දුවකිනි. මගේ මරණය බලාපොරොත්තුවෙන් සිටින්නේ මේ බිහිසුණු මෝරා පමණක් නොවේ. පිහිණුම් ඇඳුම් කට්ටල වලින් සැරසී ඊතළ තුවක්කුවලින් සන්නද්ධ වූ නපුරු මිනිසුන් දෙදෙනෙකුද තමන්ට පැවරුණු රාජකාරිය නිමා =කිරීමේ අරමුණෙන් මා පසුපස ලුහු බඳිමින් සිටිති. මෝරාගේ තර්ජනයෙන් මා ගැළවුණොත් මිනිසුන් මා නසා දැමීමේ රාජකාරිය අවසන් කරනු නිසැකය.
-
අපේ කාලයේ වීරයෝ – Ape kalaye weerayo
Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00.යාල වන මැද සවාරිය ” පුතා ඉක්මනට ලෑස්ති වෙන්න. අපි ටිකක් කල් ඇතිව ස්වේෂන් එකට යන්න ඕනෑ ” “හරි… හරි… අප්පච්චි … මම රෙඩි” පියාගේ කටහඬ ඇසුන සුරංග කාමරයේ සිටම උස් හඬින් කෑ ගැසුවේ ය. ඔහුගේ ස්වරයේ අමුතුම උද්දාම ගතියක් රැඳී තිබිණ. ” අප්පේ මෙයාගේ හිතේ තියෙන සන්තෝසෙ ” මුවගට මඳ සිනාවක් නගා ගත් සුරංගගේ මව සේපාලි කීවේ දෑස් පොපියවමිනි. ” සන්තෝස නැද්ද අමම…. මේ වගේ ට්‍රිප් එකක් ගහන්න ලැබුණහම ” ” එක හරි පුතා… ඒත් ඔයා යන ගමන සැහැල්ලුවට ගන්න එපා. අනිත් එක ඔයාගෙ යාලුවා තුෂාර. එයත් ටිකක් දඟ කාරයා… කොයි වෙලාවකවත් ඔය දෙන්නා කැලේ තනියම එහෙම යන්ඩ එපා. අන්න ඒක හොඳට මතක තියා ගන්න ඕනෑ ” “හරි… හරි… අම්මා බය නොවී ඉන්නකො.” “මෙන්න ට්‍රේන් එකේ යනකොට ඔයාලට කන්න සැන්ඩ්විචසුයි.. කට්ලසුයි. ප්ලාස්ක් එකට කෝපි දාලා තියෙනන්වා “
-
විලියම් සහ රසකැවිලි සාප්පුව – William saha rasakewili sappuwa
Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00.රාක්ක වල තියෙන බෝතල් විවිධ වර්ගයේ රස කැවිලි වලින් පිරිලා ඇති හැටි විලියම්ට පෙනෙනවා. වැඩි වෙලාවක් යන්නට පෙර බටර් බෝල වර්ගයේ රස කැවිල්ලක් විලියම්ගේ මුවට ඇතුල් වුණා. ඊට පස්සෙ ඔහු අතට ගත්තෙ අන්නාසිවලින් සාදා ඇති ෆයිනැපල් ක්‍රිස් රස කැවිල්ලක්. ඉක්මණින්ම ඒ කැවිලි තොගයත් ඉවර වුණා.
-
විලියම් – William
Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00.එදා උදෑසන විලියම් ගේ නැන්දා හිටියේ ගොඩාක් සතුටෙන් ලිපියත් තැපැල් කිරීම සහ කඩේට ගොස් පාර්සල් කිහිපයක් රැගෙන ඒම වෙනුවෙන් සිලිමක සන්තෝෂමෙකුත් නැන්දගෙන් විලියම් ට ලැබුනා විලියම්. ආ මෙන්න ඔයාට සිලිමත් මේකෙන් රස කැවිලි මොනව හරි ගන්න නැතිනම් ගිහිං චිත්‍ර පටියක් බලන්න සිලිමේ කාසිය විලියම් අතට දෙන ගමන් නැන්දා හිනා වෙමින්ම කීවා ඊට පස්සේ තමයි මේ හැම දෙයක්ම සිද්ධ විලියම් සෙමෙන් සෙමෙන් පාර දිගේ ඇවිදගෙන යන්න පටන් ගත්තා පිලිමේ කාසිය එයාගේ අතේ හිරවෙලා තිබුණා ඒ වගේම විවිධාකාර සිතිවිලි රැසකුත් ඔහුගේ හිත පුරා හොල්මන් කරනවා ඇත්ත වශයෙන්ම කුඩා ළමයෙකුට සිලිමක් කියන්නේ ගොවාත් ලොකු මුදලක් එය පැන්ස හයක් පමණ වටිනවා. ඒ වගේ මුදලකින් ගොඩාක් දේවල් කරන්න පුළුවන් මුලින්ම රස කැවිලි ටිකත් මිලදි ගන්න ඕනෑ කියලා විලියම් කල්පනා කළා නගරයේ තියෙන රස කැවිලි හල් ගැන ඔහුට තියෙන්නේ පුදුමාකාර දැනුමක් නිවසේ සිට සැතැපුම් දෙකක් දුර යනකම් තියෙන සැම රස කැවිලි අළෙවි සැලකින්ම විලියම් නිතර නිතර මිලදී ගන්නවා.
-
විලියම් කන් දෙක නැති අමුත්තා – William kan deka nathi amuththa
Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00.විලියම් උදෙන්ම නැගිටලා ඇනුමක් ඇරියා. ඊට පස් – සේ ඇස් දෙක පොඩි කරන ගමන් වටපිට බැලුවා. අද නත්තල් දවස කියලා එයාට මතක් වුණේ ඒ වෙලාවෙදියි. අවුරුද්දේ මාස දොළහක් ගෙවිලා ගිහිං ප්‍රීතිමත් ම දවසක් උදාවෙලා, නත්තල් දවස එනකම් විලියම් බලාගෙන හිටියේ හරිම නොඉවසිල්ලෙන්. නත්තල් තෑගි ලැබෙන, නත්තල් කළුකුමා කෑම මේසෙට එන, රතිඤ්ඤා පත්තු කරන්නට ලැබෙන මේ වගේ ප්‍රීතිමත් දවසක් වත්තම් හැමදෙනාම ආසාවෙන් බලාගෙන ඉන්නවා. විලියමුත් එහෙමයි. හැබැයි විලියම් ට සතුටු හිතෙන්නේ ඒ නිසාම තෙමෙයි. නත්තල් නිවාඩුවට එයාගේ පවුලේ නෑදෑයෝ ගොඩාක් විලියම් ගේ ගෙදර එනවා. ඒ අයට ජීවිතේටම මතක හිටින විදිහේ විහිළුවක් කරන්න අවස්ථාවක් ලැබෙන නිසා තමයි විලියම් නම් නත්තල් දවසට වැඩියෙන්ම කැමැති. ඇඳෙන් නැගිට ගත්තු විලියම් නිදන කාමරය පුරාම වීම සිලිමත් විදිහට බැලුවා. නිදා ගන්න ඇඳට එහා පැත්තේ බිත්තියේ ලොකු පෝස්ටරයක් එල්ලල්ලා තියෙනවා. මීට ඉස්සර නම් කවදාවත් මේ වගේ පෝස්ටරයක් තමන්ගේ කාමරයේ තිබුණ බවක් විලියම් ට මතක නෑ. ඒ හින්දා විලියම් පුදුමයෙන් වගේ පෝස්ටරය දිහා බලාගෙන හිටියා අවිවේකි දවස තමයි සතුටුම දවස ‘ කියන වචන පෙළ පෝස්ටරයේ ලොකුවට ලියලා
-
විලියම් සහ කිරි සුදු පූසා – William saha kiri sudu poosa
Original price was: Rs. 670.00.Rs. 603.00Current price is: Rs. 603.00.තමන්ට මොන තරම් දක්ෂකම් තියෙනව ද කියලා විලියම් දවසක් කල්පනා කෙරුවා. මේ දේවල් ගැන කල්පනා කරමින් සිටිද්දී තමයි එයාට නාට්‍යයක් කරන්න ඕනෑ කියන අදහස හිතට ආවේ. කවුරුවත් කරපු නැති විදිහේ නාට්‍ය පිටපතක් ලියලා නාට්‍යය රඟ දක්වන්නත් විලියම් වැඩි වෙලාවක් යන්න ඉස්සර වෙලා තීරණය කෙරුවා. ඇත්තම කියනවා නම් මේ අදහස විලියම් ගේ හිතට ඇවිල්ලා ගොඩාක් දවසක් වෙනවා. ගමේ ආධුනික නාට්‍ය වේදින්ගේ සංගමයේ සහභාගිත්වය ඇතිව මේ දවස් ස්වල අපූරු නාට්‍යයක් රඟ දැක් වෙනවා කියලා විලියම් දන්නවා. මේ නාට්‍යය මොන තරම් අපූරු ද කියනවා නම් ගමේ හැම දෙනාම ඒ ගැන නිතරම කථා කෙරුවා. විලියම්ට ඕනෑ වෙලා තියෙන්නේ මේ හැම එකකටම වඩා අපූරු නාට්‍යයක් නිපදවන්නයි. ගමේ තියෙන නාට්‍යයේ අන්තිම දවසේ එය බලන්න යන්නත් විලියම් අමතක කෙරුවේ නෑ. තමන් ගේ නාට්‍යයට ඇවැසි වස්තු බීජයක් ගැන හොයා බලන්නත් එක්කයි විලියම් ඒ ගමන ගියේ. එයා නාට්‍යය පෙන්වන වේදිකාව පිටු පස පැත්තේ විපරම් කරමින් බලාගෙන හිටියා. හැබැයි වැඩි වෙලාවක් යන්න
-
ජිමී සහ පොලියානා – Jimmy saha Pollyana
Original price was: Rs. 760.00.Rs. 608.00Current price is: Rs. 608.00.ජිමී සහ පොලියානා පරිවර්තනය කත්‍යානා අමරසිංහ පොලියානාගේ ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය. යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාන් නිසි වර්ණ වලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහරය. කත්‍යානා අමරසිංහ පොලියානා අපට හඳුන්වා දෙන්නේ සාහිත්‍ය කෘතියක රසය මෙන්ම අගය නිසි සේ සුරකිමිනි.
-
විලියම් සහ මැයි රජ්ජුරුවෝ – William saha mai rajjuruwo
Original price was: Rs. 680.00.Rs. 612.00Current price is: Rs. 612.00.මැයි රජ්ජුරුවෝ මේ දවස් වල විලියම් ගේ හිතට දැනෙන්නේ පුදුමාකාර විදිනේ කම්මැලිකමක්. එයා ඉස්කෝලේ යන්නෙත් හරිම උදාසීන විදිහට. පාඩම් කරන්න, පාඩම් වලින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න වුණත් විලියම් ටිකක් වත් කැමැති නෑ. ඇත්තටම මේ වගේ උදාසීන කමක් විලියම් ට දනෙන්න පටන්ගත්තේ එයාව අළුත් පාසලකට යවන්න අම්මයි තාත්තයි තීරණය කරපු දවසේ ඉඳලයි. විලියම් මෙච්චර දවසක් ගියේ පිරිමි ළමයින් විතරක් ඉගෙන ගන්න ඉස්කෝලෙකට. හැබැයි ගැහැණු ළමයිනුයි. පිරිමි ළමයිනුයි එකට ඉගෙන ගන්න මිශ්‍ර ඉස්කෝලෙකට ගියොත් විලියම් ගේ මුරණ්ඩුකම් අඩු වෙයි කියලා හිතපු අම්මයි, තාත්තයි දෙන්නා එයාව මිශ්‍ර ඉස්කෝලෙකට ඇතුළු කෙරුවා. තමන්ට හුරු පුරුදු ඉස්කෝලේ නැතිව වෙන ඉස්කෝලෙකට ආපු නිසා විලියම් ගේ හිතට මහා පාළුවක් වගේම පුදුමාකාර විදිහේ උදාසීන කමකුත් දැනෙනවා. අදත් ඒ වගේ දවසක්. විලියම් පුටුවක් උඩ වාඩි වෙලා දවල් හීනයක් දැක දැක ඉන්න කොට පංති භාර ගුරුතුමිය වන ඩිහර්ස්ට් මෙන විය ඇවිත් පංතියේ ළමයින් ට කථා කෙරුවා. ඩිහර්ස්ට් මෙනවිය කථා කරන්නේ බොහෝම සාමාන්‍ය විදිහට ඒ නිසා විලියම් ඇයට පුංචි කැමැත්තක් දක්වනවා.
-
නැන්සි ඩ්‍රෝ -අතුරුදහන් වූ සළුවේ අභිරහස Nancy Drew – athurudahan wuu saluwe abhirahasa
Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.ඔය විදිහට මම දිහා බලන්න එපා නැන්සි. මම මනමාලි ගේ වේල් එක ගත්තේ නෑ. මම හරිම හොඳ අමුත්තෙක් වගේ මෙතැන වාඩි වෙලා හිටියා විතරයි…. අනික දැනටමත් මඟුල් ගේ තියෙන්න ඕනෑ වෙලාවට වඩා පැය එක හමාරක් පරක්කුයි. කෙලින්ම බොස්ටන් වල ආපු හින්දා මනමාලි මොන වගේද කියලවත් මම දැක්කේ නෑ. මොනව වුනත් මම එක දෙයක් ගැන නම් බලාගෙන ඉන්නවා. මම දන්නවා…..මනමාලි ගේ මල් පොකුර අල්ල ගන්න නේද ?. නැන්සි බෙස්ගෙන් ඇසුවා ය. ඈ දුන්නේ මෙවැනි පිළිතුරකි. ඔව්… ඒක දිහා තමයි. මම බලාගෙන ඉන්නේ.. විනාඩි දහයක් තුළ දහ වැනි වරටත් නැන්සි ඔර්ලෝසුව දෙස බැලුවා ය. ඈ නැවතත් බෙස්ගෙන් මෙසේ ඇසුවාය. දැනටමත් මඟුල් ගේ හොඳටම පරක්කුයි. වේල් එක හොයාගන්න අපිත් උදව් කළොත් හොඳ නැද්ද ?. බෙස් හයියෙන් සිනාසුනා ය. ඉන්පසුව ඈ තැන් සිට කීවේ මෙවැන්නකි. කළබල වෙන්න එපා නැන්සි. අපි වේල් එක ගැන කළබල වෙන්නේ මොකටද ? අනික ඕනෑම මඟුල් ගෙයක් ටිකක් හරි පරක්කු වෙනවා කියලා මම අත් දැකීමෙන් ම දන්නවා. දේවස්ථානයේ ඕගනය වාදනය කරන්නා දැනටමත් එකම ගීතිකාව තුන් වරක් පමණ ගායනා කොට අවසන් ය. මඟුල් ගෙයට පැමිණි අමුත්තෝ නොඉවසිලිමත් ව කථා කරන්නටත්, ආසන මත එහාට මෙහාට පැද්දෙන්නටත් පටන්ගෙන හමාරය. මේ ප්‍රමාදය ඔවුන්ට දරා ගැනීමට අපහසු සෙයකි. කළ හැකි දෙයක්
-
වෘක අභය භූමියේ සැගවුනු රහස – නැන්සි ඩ්‍රෝ – Wurka abaya bhumiye sagawunu rahasa
Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.හායි හැමදෙනාම මේක දිහා බලන්න ජෝර්ජ් ෆෙයින් කීවාය ඇගේ දුඹුරු පාට දෑස උද්දාමයෙන් දිලිසෙයි එසේ කියන ගමන් ම ඈ පසෙක තිබූ මොන්රෝස් කුරියර්’ පුවත් පතේ කාලගුණ විස්තරය කියවන්නට වූවා ය. දැන් ඔවුන් සිටින්නේ මොරිස් පළාතේ තිබෙන කුඩා ගුවන්තොටු පොලකයි. ගමන් මළු පැමිණෙන තෙක් ඔවුන්ට තවත් ටික වෙලාවක් බලා සිටින්නට සිදු වෙයි. මොන්රෝස් වලට අද රෑට හිම වැටෙනවා කියලා පත්තරේ තියෙනවා.
-
නැන්සි ඩ්‍රෝ – රන් නිධානයේ අභිරහස Nancy drew ran nidanaye abhirahasa
Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.සමහර විට පීනන්න බැරි තරම් වතුර සීතල ඇති බෙස් එසේ කිව්වේ සීතලෙන් උරහිස් හකුළුවා ගනිමිනි. ඇය අසලම සිටි ජෝර්ජ්ට නම් සීතල ගැන ගානක්වත් නෑ වගෙයි. අපෝ මට නම් ටිකක්වත් සීතල නෑ. අද තමයි පීනන්න හොඳම දවස එහෙම කියාගෙනම ජෝර්ජ් පිහිණුම් තටාකයේ පනින ලෑල්ල මතට ගියා. දැන් ජෝර්ජ් පිහිණුම් තටාකයට පනින්නයි සුදා නම් වෙන්නේ. එයා අත් දෙක හිසට උඩින් ඔසවා ගෙන වතුරට පනින්න සුදා නම් වෙනවාත් සමඟම අමුතු හඬක් අසල සිටි නැන්සි ට ඇසුනා. ඇය ඉක්මනින් අහස දිහා බැලුවේ ඒ හඬ කුමක් දැයි විපරම් කරන්නටයි. මුලින්ම නැන්සි ට කිසිම දෙයක් පෙනුනේ නෑ. හැබැයි ඊළඟට එයා දැක්කේ අහසේ සිට පොළව කරා වේගයෙන් වැටෙමින් තිබෙන කළු පැහැති දිගු රැහැණකි. එය අසල තිබූ සැටලයිට් රූපවාහිනි කුළුණෙන් ගැලවී වැටෙන විදුලි රැහැණක් බව හඳුනා ගන්නට නැන්සි ට අපහසු වුනේ නෑ. ඇගේ ගත බියෙන් හිරි වැටෙද්දී විදුලි රැහැණ පිහිණුම් තටාකයේ ජලය මතට වැටුනා. ඊළඟ නිමේශයේදී පිහිණුම් තටාකයේ ජලය දීප්තිමත් නිල් පැහැයකින් ආලෝක වෙන බවයි නැන්සි දැක්කේ. ඇය පිහිණුම් තටාකයට පනින්න සූදානම් වෙන ජෝර්ජ් අසලට දුවගෙන ගියේ මෙසේ බෙරිහන් දෙමින්. දෙයියනේ ජෝර්ජ්….. වතුරට පනින්න එපා… ඔයාට කරන්ට් වදියි.
-
නැන්සි ඩ්‍රෝ කලු බළලාගේ ශාපය – Nancy drew kalu balalage shapaya
Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.ගැහැණු ළමයින් ගේ නේවාසික පාසලක් වු විවර්ලි ඇකඩමි විද්‍යාලයේ ප්‍රධාන ශාලාව අසලට නැන්සි ළං වූවාය. ප්‍රධාන ශාලාවේ දැවැන්ත දොරෙන් ඇතුළු වූවාට පසුව එක පෙළට විහිදී යන පංති කාමර පෙළක් ඇයට පෙනේ. මේ සෑම පංති කාමරයකින් ම ගැහැණු ළමයින් ගේ බියපත් කට හඬවල් ද ඇයට ඇසේ. ටික වෙලාවකට පසුව නැන්සි අංක හතර ලෙසට නම් කොට තිබූ පංති කාමරය අසල සුළු වෙලාවක් නතර වූවා ය. මේ ගැහැණු ළමයින් බියට පත්ව සිටින්නේ ඇයි ?. ඔවුන් ගේ බිය පලවා හැරීම සඳහා තමාට කළ හැක්කේ කුමක්ද ?. මෙවැනි සිතිවිලි අතර ටික වෙලාවක් ඈ කල්පනා කරන්නට වූවා ය. ගත වූයේ නිමේශයකි. නැන්සි ගේ සිතිවිලි ලෝකය සුනු විසුණු කරමින් පිටුපසින් තිබූ පංති කාමරය තුළින් බිහිසුණු විලාපයක් නැගුනේ ය. ඉනික්බිතිව පංති කාමරයේ සිටි සෑම ගැහැණු ළමයෙක් ම විලාප නගන්නට වූහ. තවත් මොහොතකින් දොර විවෘත විය. ඊළඟ නිමේශයේදී කළු පැහැති දැවැන්ත පුසෙක් නැන්සි ගේ දෙපා අතරින් රිංගා පංති කාමරයෙන් පිටතට පැන්නේ ය. උගේ දත් දෙපෙල සුදු පැහැයෙන් දිලිසෙයි. නැන්සි ගේ සිත තිගැස්සුනේ ය. කළු පැහැති දැවැන්ත පුසා මේ සුදානම් වන්නේ නැන් සිට පහර දෙන්නට ද ?… ඉනික්බිති සිදුවන්නේ කුමක්ද
















