-
නොහදුනන ලින්කන් Nohadunana Lincoln – Lincoln the unknown
Original price was: Rs. 1,650.00.Rs. 1,320.00Current price is: Rs. 1,320.00.එදවස හැඩ්ස්බර්ග් හඳුන්වනු ලැබූවේ, හැරඩ්ෆෝට් යන නමිනි. ඈන් මැක්ගිනිටි එහි වාසය කළ කාන්තාවකි. පැරැණි ඉතිහාසඥයන්ගේ වාර්තා වලට අනුව පළමු වරට රෙදි විවීමේ යන්ත්‍රයක්, තාරාවුන් සහ ඌරන්, කෙන්ටකී ප්‍රාන්තයට ගෙන ආවේ ඈන් සහ ඇගේ සැමියා බව ය. අඳුරු රමණීය වනගත පෙදෙසක් වූ එහි බටර් සැදීමට දත් එක ම කාන්තාව ඈන් බව ඉතිහාසඥයෝ වැඩි දුරටත් පවසති. එහෙත් ඇත්ත වශයෙන් ම ඇය ආර්ථිකව ශක්තිමත් වූයේ, රෙදිවලින් ප්‍රාතිහාර්යයන් පෑම නිසා ය. ගුප්ත ඉන්දියානු රටවල්වල වැවෙන කපු එහි නොවැවෙන අතර, ගෙන්වීම ද නොකරයි. ලී ඉරන්නෝ, බැටළුවන් මරා දමති. මරා දමන ලද බැටළුවන්ගේ ලෝම වලට අමතර ව කිසිවක් ඇඳුම් මැසීම සඳහා සොයා ගැනීම අසීරු වේ. නිර්මාණාත්මක සුහුරු බවක් ඇති ඈන් මැගිනිටි, නූල් කටින්නට සොයාගත් අතර, එමඟින් මැගිනිටි රෙදි නිමැවුවා ය. මේ රෙදි නිපදවීම සඳහා යොදාගත් අමුද්‍රව්‍යයන් වන මිහරකුන්ගේ කෙඳි සහ ගසකින් ගනු ලැබූ තුනි කෙඳි බහුල සහ ලාබ විය. එය අපූරු සොයාගැනීමකි. සැතපුම් සිය ගණන් දුර බැහැර ගෙවා, ඇගේ දැව පැලට පැමිණි ගැහැනු මේ නව කලාව උගත්තෝ ය. රෙදි වියන අතරතුර, ආගිය තොරතුරු කථා කළෝ ය. ඔවුහු. නිතරම ගස් කෙඳි හෝ මීමුන්ගේ ලෝම ගැන කථා නොකළහ. නිරන්තරව ඔවුන්ගේ සංවාදන්, ඕපාදුපයන් බවට හැරුණි. ප්‍රජාවේ තොරතුරු සන්නිවේදනය වන ඕපාදූප පතුරුවන මධ්‍යස්ථානයක් බවට, ඈන් මැක්ගිනිටිගේ දැව ගෘහය පත් විය.
-
වසරේ CEO – Wasare CEO
Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00.සියල්ල සිද්ධ වෙන්න නම් ඔබ කොතැනකින් හෝ පටන්ගන්න ඕනේසමහර දවස් පහසු නැහැ. උදෑසන නාද වෙන එලාර්ම් එකේ ඉඳහා, හවසට පාරෙ හිරවෙලා ගෙදර යන තැන වෙනතල් මේ සටතේ බර දැනෙනවා සමහර දවස් සුවදායක නැහැ. මහන්සිවෙලා පළවෙනි රුපියල උපයන තැන ඉතුm හොඳින් උපයලා හැමදෙම ගොඩනගනවා කියන තැන වෙනකල් මේ සංග්රාමයේ කැපකීර්ම් තියෙනවා එත් අතහරින්න බැහැ සටන් විරාම නැඅපිට ලැබුනු දෙවල්වලට වඩා නොදැබුණු දෙවල් වැඩියි. අපි විඳුසු දේවල්වලට වඩා නොවිඳපු දෙවල් වැඩියි. ගමනේ අතරමැද කවුරුහරි කෙනෙක් වෙලා නැවතුණොත් විඳපු නැති ගොඩක් දෙවල් වඳින්න බැරි වෙනවා ලැබුණෙ නැති ගොඩක් දෙවල් හීනයක්ම වෙනවා. ඒ නිසා හඬ හඬා හෝ මේ සටන උඩම පුටුවකට යන්න. වැටී වැටී හෝ මේ සංග්රාමය මේ විධායක ඉමගේ කෙලවරටම බඩගාන්නලොකු වැටුපක් ගන්නම නෙමෙයි හොඳ තනතුරක් ගන්නම නෙමෙයි. හොඳ පුටුවක ඉඳ ගන්නමත් නෙමෙයි. ඔබ දවසක මේ වෘත්තීය යුද්ධය දිනලා තමන්ට වගෙම තව බොහෝ ජීවිත ගොඩදාපු වසරේ විධායකයෙක් විය යුත්තේ “මම එකට සුදුසුයි’ කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඬට සාධාරණයක් කරන්න මේ ජීවන අරගලය ඇතුළේ නිකන්ම නිකන් ආයතනික සේවකයෙක් නොවී ඔබ CEO කෙනෙක්ම විය යුතුව ඇත්තේ ඔබ ගත්තු සිය තිනෙන තීරණවලට, ඇද වැටුණු දවස්වලට ඉහළම මිලක් සහිත වටිනාකමක් දෙන්න















