• -10%
    (0)

    එළියකන්ද වධ කඳවුර – Aliyakandha Wada Kadhaura

    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.
    1990 දී රට හැර දා ගියාට පසු මා නැවත මව් බිමට පැමිණියේ 2001 දී පුරා වසර 10 කට පසුවය. යම් අවිනිශ්චිත හැඟුම් සමුදායක් හදවතේ පොර කද්දී වුව මව්ව්බිමට ගිය වහාම මා යායුතු ගමන් දෙකක් ගැන මට සෑම තත්පරයක දීම සිහි විය. පළමුවැන්න අම්මා නිදන සොහොනට ගොස් මල් මිටක් පුදා දණ ගසා වැඳීමය. දෙවැන්න මා දරුණු ව ධ යට ලක්වූ එළියකන්ද ව ධ කඳවුර ‘ පිහිටි ප්රදේශය දැකබලා ගැනීමය.
    මව් බිමට ගිය දිනට පසුවදාම අම්මාගේ සොහොනට ගිය මම අවසන් වරට ඇයගේ දෙපා වැඳීමටවත් වරම් නොලද අවාසනාවන්ත පුතුට සමාව දෙන්නැයි ඉල්ලා සිටියෙමි. මගේ හොඳ අම්මා, පෙරදී කළාක් මෙන්ම ඇයගේ මුරණ්ඩු, හිතුවක්කාර පුතුට සමාව දෙන්නට ඇත.
    ඉන්පසුව මගේ ඉලක්කය වූයේ එළියකන්ද ව ධ කඳවුර සොයා යාමය. එහෙත් එළියකන්ද ව ධ කඳවුරෙහි මා රඳවා සිටි මුළු කාලයේදීම මගේ දෙනෙත වසා රෙදිකඩක් බැඳ තිබුණෙන් එය පිහිටි ස්ථානය ගැන මම කිසිත් දැන නොසිටියෙමි. දෛවයෝගයකින් මෙන් මට සුදු මල්ලී’ (ආරූඪ නමකි) හමු වූයේ මේ අතරය.
  • -20%
    (0)

    කොළඹ ගණිකාවෝ – Colaba Ganikawo

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.

    මෙය එදාවේල සොයා ගැනීමේ අභිලාෂයෙන් තම සිරුර සිල්ලරේ විකුණන අහිංසක ගැහැනුන් පාදක කර ගනිමින් ලියූවක් නොවේ.

    සත්‍යය සිදුවීම් පමණක් අන්තර්ගත කරමින් ලියැවුණු මේ කතා සමුච්ඡයෙන් පෙන්වා දීමට උත්සාහ ගන්නේ මේ රටේ මිනිසුන්ට පහසුවෙන් ඇස නොගැටෙන වරප්‍රසාද ලත් සුපිරි සමාජයේ මැඩම්ලාගේ ලිංගික කෙරුවාවයි. තම සුන්දර රූපකාය ලිංගික අල්ලස් වශයෙන් ලබා දී දහසකුත් එකක් වරදාන හා වරප්‍රසාද ලබා සමාජයේ ගෞරවනීය අයුරින් වැජඹෙන ඉහළ සමාජ තීරුවේ කතාවයි.

    තම සිරුර ලිංගික අල්ලසක් ලෙස ලබා දී පාර්ලිමේන්තුවේ, සංස්ථා සභාපති පුටුවේ, මහාචාර්ය තනතුරේ හා නීතිය හොබවන ඉහළ පුටුවලත්, තවත් කී නොකී ඉහළ තැන්වලටත්, පහසුවෙන් රිංගා ගත් ගණිකාවන් ලෙස ලේබල් නොවූ ගණිකාවන්ගේ කතාවයි. ඔවුනට කිසිවෙකු බඩුව, ගොනා, සතා හෝ වේසි කියා ආමන්ත්‍රණය නොකරති. කට පුරා “මැඩම්” කියාම කියති.

  • -10%
    (0)

    දුවකගේ කඳුළු – Duwakage Kandulu

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.

    දුවකගේ කඳුළු ගැන…..
    ප්රේමකීර්ති ද අල්විස් නම් කලාකරුවා ගැන හෝ දයා ද අල්විස් නම් වු ප්රවීණ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදිකාව, නවකතාකාරිය, ගීත රචිකාවිය ගැන හෝ නොදන්නෝත් සාහිත්ය කලා ක්ෂේත්රයෙහි වෙත්ද? සුරංගී මේ සුප්රකට කලාකරුවන් දෙපොළගේ එකම දියණිය වුව එක වහලක් යටදී සිය මාපිය සෙනෙහස ලබන්ට තරම් වාසනාවන්තියක නොවූවාය. මන්දයත් සුරංගීගේ බාල කාලයෙහිම ප්රේම කීර්තිත් දයාත් නෛතිකව වෙන් වූ බැවිනි. මේ වෙන්වීම හෝ මෙබඳු වෙන්වීම් සංවේදී දැරියකගේ ජිවිතයට කවර නම් අයුරකින් බලපාතියි සිතිය හැකිද?

    “දුවකගේ කඳුළු’ නමින් මෙසේ එළිදකින්නේ ඒ සිතුවිලි සමුදායයි. සුරංගී මෙහිදී සමාජයට නොබියව හදවතට අවංකව අනුවේදනීය ස්වරයකින් සිය අත්දැකීම් ලොවට හඬගා කියන්නීය. එමගින් දෙදරා යන කුලගෙවල වසන යුවතිපතීන්ට ස්වකීය විවාහ සංස්ථාව ගැන යළි යළිත් සිතන්නට ඇරයුම් කර සිටින්නීය.
    මහාචාර්ය සුනිල් ආරියරත්න

  • -10%
    (0)

    නිරුවත් ගැහැනිය – NIRUWATH GAEHAEIYA

    Original price was: Rs. 1,380.00.Current price is: Rs. 1,242.00.

    මනුෂ්‍ය ස්ත්‍රී රූපය විශ්මය ජනක යෝග්‍ය සකස්වීම්වලින් සහ සියුම් ඔපලීම් වලින් පිරි පරිණාමයේ අවුරුදු මිලියන ගණනක විශිෂ්ට ප්‍රතිඵලයකි. එය ග්‍රහලෝකය මත ඉතාම අපූර්ව පැවැත්ම වේ.

    විවිධ කාලයන්හි සහ විවිධ ස්ථානයන්හි මානව සමාජයන් විවිධ ආකාරයන් දහස් ගණනක් තුළ ස්ත්‍රී රූපය වෙනස් කරමින් සහ අලංකාර කරමින් සොබා දහම මත වැඩි දියුණු කිරීම්වලට වෑයම් කර තිබේ. මෙම අලුත් අධ්‍යයනය තුළ ඩෙස්මන්ඩ් මොරිස් ඔහුගේ නිපුණතාවය සහ අවධානය ස්ත්‍රී රූපය කෙරෙහි යොමු කරමින් ‘හිසේ සිට දෙපා තෙක් ‘ මඟපෙන්වීම් චාරිකාවක පාඨකයාව රැගෙන යයි. සියලු කාන්තාවන්ට පොදු ජීව විද්‍යාත්මක ලක්ෂණවල පරිණාමීය කාර්යයන් ඉස්මතු කරමින් ඩෙස්මන්ඩ් මොරිස් ස්ත්‍රී රූපයේ හැසිරවීම සහ පරිපූර්ණත්වය වෙනුවෙන් ගවේෂණය තුළ මානව සමාජයන් වර්ධනය කර ඇති වැඩි දියුණු කිරීම් සහ සීමා කිරීම් අනාවරණය කරයි.

    ‘නිරුවත් ගැහැනිය’ මානව සත්ත්වයා පිළිබඳ නිරීක්ෂකයෙකු ලෙස ඩෙස්මන්ඩ් මොරිස්ගේ අසමසම ප්‍රවීණත්වය මත පදනම් වෙමින් ජීව විද්‍යාඥයකුගේ පර්යාලෝකයකින් ලියැවුණු විද්‍යාත්මක සාධක වලින්, සිත් ගන්නා සුලු අන්දරයන්ගෙන් සහ පොළඹවන සුලු නිගමනයන්ගෙන් සමන්විත ග්‍රන්ථයකි.

  • -10%
    (0)

    පෙපර්මින්ට්-DAILY Love DOSE

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.

    මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන්ද ?”

    “හදවතින්…”

    “ඒ ගැන කියන්න.”

    ” හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියල කියන්න ගොඩක් අය දන්නෙ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නේ; හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැන ගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත් වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ. පෙපර්මින්ට්

  • -20%
    (0)

    මන්දෝදරී – Mandodari

    Original price was: Rs. 1,650.00.Current price is: Rs. 1,320.00.

    ඒ සමඟ ඇයට ඇති වූ කේන්තිය කෙතරම්ද යත් ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය. ගෑනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නෑ..’ ඇය එසේ කීවේ ඔහු ඇස් පියා ඒ වේදනාව විඳින අතරය.

    ඉන්පසුව යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා මෙසේද කීවාය.

    ඒ පළිගන්න මිනිස්සුන්ගේ පපුව උඩම තමා ගෑනු ඔලුව තියාගන්නත් කැමති.!’

    පෙර ඇණවුම් කළ හැක
    අගෝස්තු 15 වන දින නිකුත් වේ.
    නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක…

  • -10%
    silvabookshop_lk_malgudiye_meneekannasilvabookshop_lk_malgudiye_meneekanna
    (0)

    මල්ගුඩියේ මිනීකන්නා

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.

    ලොව බිහිවූ ශ්‍රේෂ්ඨ නවකථාකරුවකු වන අභාවප්‍රාප්ත, ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපැදුණු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග්‍රහකරයි. “මල්ගුඩියේ මිනීකන්නා” (මැන් ඊටර් ඉන් මල්ගුඩි Man Eater in Malgudi) නමින් සිංහලට නැගුණු මෙම නවකතාව තුළින් ප්‍රකට වන්නේද කතුවරයා තුළ පැවති එම අව්‍යාජත්වයයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණ ද, ඒවායින් එළි දැක්වෙන මිනිස් ගතිලක්ෂණ අපට ඒ ආකාරයෙන් ම නැතත් සුළු වශයෙන් හෝ අප සමාජයේ ද දක්නට ලැබේ. නිර්මාණකරුවකු වශයෙන් නාරායන් ලේඛකයාගේ සාර්ථකත්වය රැඳී ඇත්තේ සමාජය තුළට එබී බලමින් කරන චරිත විග්‍රය තුළය.

  • -15%
    (0)

    සම්භවය – Sambhawaya

    Original price was: Rs. 2,900.00.Current price is: Rs. 2,465.00.
    අප පැමිණියේ කොතැනක සිට ද ?
    අප යන්නේ කොතැනකට ද ?
    ආදියේ පටන් මානවයා නැඟූ පරශ්න දිවිත්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඞ්මන්ඞ් කියර්ෂ් ය.
    එ්වාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි.
    මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැුජන අම්බරා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය.
    කියර්ෂ් නිහ`ඩ කළ අයට එ් දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?