මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3- Monte Cristo 3

Rs. 950.00 Original price was: Rs. 950.00.Rs. 855.00Current price is: Rs. 855.00.
Author: Alexandre Dumas

“ඔහු එන කන් බලාගෙන ඉඳ ලා තමයි මම මේ ආවේ.” යි (ප්‍රාන්ස් පිළිතුරු දුන්නේය. ” ඉතින් ඔබ දන්නවා ද ඔහු කොහේ ද ගියේ කියලා? ” ” හරියට ම දන්නෙ නෑ; මට හිතෙන විදියට කලින් නියම කර ගත් හමු වීමකට යි යන්න ඇත්තෙ.” ” යක්ෂ වැඩක් නෙ! ” යි ආදිපාද තුමා පැවසුවේ ය. ” රෑ වෙන කන් පාරෙ තොටේ ඉන්න අද හොඳ දවසක් නෙවෙයි; මං කියන්නෙ මේ රාත්‍රිය හොඳ රාත්‍රියක් නෙවෙයි. එහෙම නේද, සිටු දේවීය? ” මේ වචන පවසන ලද්දේ ඒ වේලේම වාගේ පැමිණ සිටි ග – සිටු දේවිය අමතමිනි. ඈ ආදිපාද තුමාගේ සොහොයුරු තොර්ලෝනියා මහතාගේ අතට වාරු වෙමින් සිටියාය. ” මට නම් හිතෙන්නේ ඒකෙ අනිත් පැත්ත: මට හිතෙන්නෙ අද හරි සුන්දර රාත්‍රියක් කියලා,” යි සිටු දේවිය පිළිතුරු දුන්නා ය. ” මෙතන ඉන්න උදවියට ඒකෙ එකම වැරැද්දකුයි පේන්න පුළුවන් – ඉක්මනට ගෙවිලා යන එක.” ”මං කථා කරන්නෙ මෙතෙන්ට රැස් වෙලා ඉන්න උදවිය ගැන නෙවෙයි,” යි මඳ හසක් නඟමින් ආදිපාද තුමා පැවසීය. ” මෙතන පිරිමින්ට තියෙන එක ම අන්තරාව නම් ඔබ සමඟ පෙමින් බැඳී යෑම: ගැහැනුන්ට තියෙන එක ම අන්තරාව ඔබේ ලස්සනට ඊර්ෂ්‍යා කරන්න සිද්ධ වීම. මම කලින් කිවුවේ රෝමයේ වීදිවල ඇවිදින අය ගැන. ” ” ආ ! ” යි මෙහි දී සිටු දේවිය රාවයක් නැඟුවාය. ” කවුද මේ වෙලාවෙ රෝමයේ වීදිවල ඇවිදින්න යන්නෙ? බාල් උත්සවයකට හේම යනවා නම් මිසක්.” ” අපේ යාළුවා, සිටු දේවිය, ඇල්බෙයා ද මොසර්fප්, අද රාත්‍රි හතට විතර නාඳුනන රූමතියක් පස්සේ මිනිහා යනවා මම දැක්කා, ‘” යි fප්‍රාන්ස් කීය. “එ වෙලේ ඉඳන් මේ වන තුරු මට ඔහු දකින්න ලැබුණෙ නෑ. ”

Reviews

There are no reviews yet.

Be the first to review “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3- Monte Cristo 3”

Your email address will not be published. Required fields are marked *

Rs. 950.00 Original price was: Rs. 950.00.Rs. 855.00Current price is: Rs. 855.00.