” නිලංග දන්නවද? ඒ කාලෙ කිලිනොච්චි හිටිය අය මූමන්ට් එක යටතෙ හිටියෙ. මට තාමත් මතකයි ඉස්කෝලෙ ඉස්සරහ අඹ අච්චාරු විකුණන තැනට පේනවා ඒ අය කාණ්ඩ ගැහිලා ඇවිදිනවා. අපි බලාගෙන ඉන්නවා එයාලා අපිව පහු කරනකම්.” කතාව අතර උමා දේවී අතුරුපසට සෑදූ හකුරු පුඩිම මේසයට ගෙනාවාය. ” ඒ කාලෙ අපේ අම්මලා හයියෙන් හිනා වුණත් අපිට බැන්නා, ගස් නැග්ගත් බැන්නා. ගෑනු ළමයි බලාගෙන හිටියේ ගෙයින් එළියට පැනගන්න. ඊළමට බැඳුණු ගමේ කෙල්ලො කොන්ඩෙ කොටට කැපුවා, මෝටර්සයිකල් පැද්දා. එයාලා තුවක්කු පාවිච්චි කරන්න දැනං හිටියා, එයාලට වෝකි ටෝකි තිබ්බා කතා කරන්න. කසාද බැඳලා ගෙවල්වල වැඩකාරයො වෙච්ච කෙල්ලන්ට වඩා එයාලගෙ තත්වෙ නිකම්ම ඉහළට ඉස්සුණා.”
“අපේ ගෙදර අය ඕනෑවට වඩා එයාලගෙ අතීතෙ මතක තියාගත්ත අය. ඒකට මොනව කරන්නද?… මිනිස්සු වැඩියෙන්ම ඇබ්බැහි වෙන්නෙ තමන්ගෙ අතීතෙට කියනවනෙ,”
කාව්‍යා කීවාය.
‘ මං ඔයාලගෙ ගෙදර නැවතුණු එක ආපහු යුද්දෙ මතක අවුස්සන දෙයක් නේද?” ඔහු ඇසුවේය.
” ඒක තමයි ලස්සන කියන්නෙ,” කාලයක් තිස්සේ කළ යුද්ධ හා වද වේදනා දූවිලි අංශු බවට හැරවීමට සමත් නගරයක ඔවුන් දෙදෙනා මුණගැසී ඇතැයි ඕ කීවාය.
Reviews
There are no reviews yet.