උඩරට රාජධානියේ කෙටි ඉතිහාසය තුළ සිදු වූ වැදගත් ම සිදුවීම වූයේ 1815 දී III වන ජෝර්ජ් රජු ගේ හමුදාවන් විසින් එය ආක්‍රමණය කිරීම යි. 1815 වර්ෂය ලංකාවට බොහෝ පැතිවලින් හැරවුම් ලක්ෂයක් වූ අතර වඩාත් ම වැදගත් වන්නේ වැඩවසම් සමාජයක අවසානය සහ පසුකාලීන อ කෘෂිකර්මාන්තයත් වාණිජත්වය ත් මත පදනම් වූ නවීන ඒ කිය ලංකාවක් බිහිවීමට අවශ්‍ය වූ සමාජ ව්‍යූහයක ආරම්භය සිදුවීම . මෙම සංක්‍රාන්ති කාල පරිච්ඡේදය තුළ විවිධ ලේඛන ලියා ඇති ඉංග්‍රීසි ලේඛකයින් 19 වැනි සියවසේ බ්‍රිතාන්‍යයන් විසින් අත්පත් කරගත් නව සමාජයේ වටිනාකම් පිළිබදව කිසි විටෙකත් ප්‍රශ්න නොකළ අතර ඔවුන් ප්‍රතිස්ථාපනය කරමින් සිටි සමාජයේ වැදගැම්මකට නැති දේ ස්ථිර කිරීමට කටයුතු කළේය. කෙසේ වෙතත් ලේඛකයින් දෙදෙනෙකුට බරපතළ සැකයක් ඇති වූයේ පනවා ඇති නව සාරධර්ම ගැන නො ව උඩරට රාජධානිය අල්ලා ගැනීම සඳහා ඉංග්‍රීසින් අනුගමනය කරන ලද ක්‍රම පිළිබඳවයි.
ලංකාව – Ceylon
දිවයින පිළිබඳ සාමාන්‍ය විස්තරය (වැසියන් ගේ තත්ත්වය, ප්‍රමාණය හා භෞතික අංශය) ලංකාද්වීපය උතුරු අක්ෂාංශ 50 54 ත් 90 50 සහ නැගෙනහිර දේශාංශ 79° 50 ත් 82° 10 ත් අතර පිහිටා ඇත. එහි දිග උතුරේ සිට දකුණට සැතපුම් 270 ත් 280 ත් ලෙස දක්වා ඇත. එහි පළල නැගෙනහිර සිට බටහිරට සැතපුම් 140 ක් පමණ වේ. සයිමන් කාසි චෙට්ටිට අනුව මෙහි මතුපිට ප්‍රදේශය විශාලත්වය වර්ග සැතපුම් 24664 ක් ලෙස ගණනය කර දක්වා ඇත. දිවයිනේ වට ප්‍රමාණය සැතපුම් 763 ක් ෆර්ලෝන් 4 ක් සහ යාර 88 ක් බව සොයා ගන්නා ලදී. හිරු උදාව සහ හිරු බැසීම වසර පුරාවට ම මිනිත්තු නවයකට හෝ දහයකට වඩා සුළු වශයෙන් වෙනස් වේ. හිරු උදාව උදෑසන හයට මදක් පෙර වන අතර සවස හයට පසු විනාඩි කිහිපයකින් ඉර බැස යයි. සුළං හමායාමේ වෙනසක් හැර උෂ්ණත්වයේ අංශක කිහිපයක වෙනසක් හඳුනාගත හැකිය.
In stock
| Publisher | සූරිය ප්‍රකාශකයෝ Sooriya Publishe |
|---|---|
| පරිවර්තනය : | DM Anura bandara |
| පිටු ගණන | 370 |
In stock






Reviews
There are no reviews yet.