පලායන්නා- Palayanna

Rs. 1,350.00 Original price was: Rs. 1,350.00.Rs. 1,215.00Current price is: Rs. 1,215.00.

ඔහු දොර විවෘත කරන විට ම ආරක්ෂක සීනුව නාද වන්නට විය. එය ආධුනිකයෙකුගෙන් බලාපොරොත්තු විය හැකි ආකාරයේ අත්වැරදිමක් වුවද, එය පුදුමයක් වූයේ. කොනර් ෆිස් ජෙරලඩ් ඔහුගේ සමකාලීනයන් විසින් සලකනු ලැබුවේ ගුරුන්ගේත් ගුරෙකු වශයෙන් වූ නිසාය. සැන් වික්ටෝරියා දිස්ත්‍රික්කයේ සොරකමක් සඳහා ප්‍රදේශයේ පොලිසිය ප්‍රතිචාර දැක්වීමට විනාඩි කිහිපයකට වඩා ගත වනු ඇතැයි ෆිස් ජෙරල්ඩ් කල් ල්තබා බලාපොරොත්තු වූයේය. බ්‍රසීලයට එරෙහිව පැවැත්වීමට නියමිත වාර්ෂික පාපන්දු තරගයේ පළමු පහර ආරම්භ වීමට තවමත් පැය දෙකක් පමණ තිබුණ ද කොලොම්බියාවේ සියලුම රූපවාහිනී යන්ත්‍ර වලින් අර්ධයක් මේ වන විට ක්‍රියාත්මකව තිබිණි. තරගය ආරම්භ වූවාට පසුව ෆිට්ස් ජෙරල්ඩ් උකස් සාප්පුවට ඇතුලු වුයේ නම් විනිසුරුවරයා අවසන් විසිල් නාදය පිඹින තෙක් පොලිසය එහි නොපැමිණෙනු ඇත. ස්වදේශික අපරාධකරුවෝ තරගය සලකනු ලැබුවේ විනාඩි අනුවක නිදහස් දීමනාවක් ලෙසට බව ප්‍රසිද්ධ කාරණයක් විය. නමුත් ඒ විනාඩි අනූවේ කාලයේ දී ඔහු යොදාගෙන තිබූ අනිත් කාරණය නිසා පොලීසිය දින ගණනක් වෙහෙසවනු ඇත. සමහර විට සති කිහිපයක්, එසේත් නැතිනම් මාස කිහිපයක් ගතවන්නට ඉඩ ඇත්තේ මෙම උකස් සාප්පුවට සොරෙන් ඇතුලු වීම සමග එහි සම්බන්ධතාවක් තිබේ දැයි දැනගැනීමටය.

Reviews

There are no reviews yet.

Be the first to review “පලායන්නා- Palayanna”

Your email address will not be published. Required fields are marked *