• -20%
    (0)

    “අරණකට පෙම් බැඳ”

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.

    මුකුත් නෑ. මේ මල් ඇට වගයක්.
    මම පුදුමයට පත්වීමි. මොහු හිටවන්නේ කුමන මල් ඇට වර්ගයක්ද?

  • -10%
    (0)

    “විස්මිත දොස්තර”

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,125.00.

    බලාපොරොත්තුවක් නොමැති සිතකට බලාපොරොත්තුවක් රැගෙන එමින් ස්නායු ශල්‍යකර්මයන් තුළ අපුරු හැකියාවන් පාන්නකු ලෙස වෛද්‍ය බෙන් කාර්සන් ලොව පුරා ප්‍රකටව සිටී. නගරයක දිළින්දකු ලෙස හැදී වැඩුණු ළමා කාලයේ සිට වයස අවුරුදු තිස් තුනේ දී ජෝන්ස් හොප්කින්ස් වෛදනයතනයට අයත් ළමා ස්නායු රෝග අංශයේ අධ්‍යක්ෂවරයා දක්වා පැමිණි අපූරු චාරිකාව, ‘ විස්මිත දොස්තර තුළින් ඔබ හමුවේ තබයි. අනේක වූ ජීවිත ගණනාවක් මරණයෙන් ගලවා ගත් ශලල්‍යාගාරයට ඔබ කැඳවාගෙන යන ඔහු, නොහැකි යැයි සිතෙන යමක් ජයගන්නට වෙර දරන ඕනෑම අයෙකුට පූර්වාදර්ශී චරිතයකි.

  • -20%
    (0)

    “සම්භවය”

    Original price was: Rs. 2,900.00.Current price is: Rs. 2,320.00.

    අප පැමිණියේ කොතැනක සිට ද ?
    අප යන්නේ කොතැනකට ද ?

  • -20%
    (0)

    11 / ELEVEN

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.

    මෙය අද්භූත, ඔබ කිසිසේත්ම විශ්වාස නොකරන කරුණුවලින් පිරි ඇත්තා වූත්, විශ්මයජනක කතන්දරයකි. දිනෙක ඔබ මෙය කියවද්දි මා ජීවතුන් අතර නොසිටියහොත්, මතක තබා ගන්න මේ ලියන්නා වූ සියලුම දැ මා විසින් මුහුණ දුන්නා වූත්, දැසින්ම දුටුවා වූත් සත්‍ය කරුණු ය.

    මේ කරුණු සහ සිදුවීම්වල ඇති අතිශය ගුප්ත බව නිසා ඔබේ මනස විටින් විට මෙම ප්‍රශ්නය අසනු ඇත.

    මේ සියල්ලම ඇත්තක්ද? එවිට මා යළිත් පවසමි.

    “මේ සියල්ලම මා මුහුණ දුන්නා වුත් දැසින්ම දුටුවා වුත් සත්‍ය කරුණු ය.”

    දෛවයේ කුමන හෝ අභාග්‍යකට මේවා ඒ ආකාරයෙන්ම සිදුවී ඇත.

  • -10%
    (0)

    12.12.12

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.

    ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන්නෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේය. ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේ ය. බැලූ බැල්මට එය පරිපූර්ණ මිනීමැරුමකි. කිසිඳු සැක සටහනක් නොමැත.
    මිනී මරුවා පලපුරුදු අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයෙන් බැලූහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසඳා ගත යුතුය. එහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාවක ඔවුහු පැටලී සිටියහ.

  • -10%
    (0)

    13 වැනි සිකුරාදා

    Original price was: Rs. 875.00.Current price is: Rs. 788.00.

    මිනිස් මනස, අහසට වඩා විශාලය. මිනිස් මනස, මුහුදට වඩා ගැඹුරුය. එක් එක් මිනිසාට, ආවේණික වූ, විශේෂිත වූද මනස තුළ සැඟවී පවතින ලෝකයක් තිබේ. අදාළ ලෝකය අබිරහස්වලින් පිරී පවතින වන ලැහැබක් මෙන් පැටළිලි සහගතය, අඳුරුය. මේ ලෝකවල යථාර්ථය සහ මායාව අතර ඇත්තේ බොඳ වූ යමකි. ඇය ඒ තුළ සිට සැරිසරන්නීය.
    ඇගේ ලෝකය පියා වටා නිර්මාණය වූවකි. එහෙත් ඇගේ පියා ඇගෙන් තොර වූ ලොවක් වෙනුවෙන් සියල්ල සිදු කළේය.
    ඔව්හු ඔබට ලෝකය පෙන්වති, පසුව එය සතු කරගත නොහැකි දෙයක් බව පවසති. අප එලෙස දකින ලොව, අපගේ භීතිකා සහ ආශාවන්හි ප්‍රතිබිම්බයක් වෙයි. ්ඊශී හිදී සිදු කරන සියල්ල, ඔගිත්මාව සහ රිවිජයනව දැඩි කම්පනයකට ලක් කරයි. එහෙත් ඔවුන්ට ඒ වෙනුවෙන් කිසිවක් කළ නොහැකි වෙයි.
    ආර්යන් සහ යොහාන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව දෙකක් හා ගැටෙමින් සියල්ල විසඳන්නට තැත් කරති. පැටලිලි සහගත, වැළලී ගිය දාම ඝා තනයේ සුලමුල හඳුනා ගත් විට, ඔව්හු ක්‍රියාත්මක වෙති.
    ඇතැම් දේ අපට අත්හැරීමට සිදු වෙයි. එහෙත් ඇනා ලෙවී කිසිවිටෙක අත් නොහැරියාය. අත්හැරීමෙන් පමණක් සියල්ල අවසන් නොවන වග ඇය දැන සිටියාය. ජීවිතය යනු, සම්පූර්ණයෙන්ම තෝරා ගැනීමකි.

  • -10%
    (0)

    7.1.90

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.

    එදා, ඔක්තෝබර් පළවෙනිදා, කවදාවත් නැතිව සමරගිරියේ පැවැති මේ බලවත් නිශ්ශබ්දය සිඳීගියේය. බන්දුල සමරජීවගේ බිරිඳ වූ රාධා විසින් යටිගිරියෙන් කළ භයානක කෑගැසීමක් හා විලාපයක් නිසා සමරගිරියේ සෙසු අය පමණක් නොව අවට ගෙවල්වල උදවියද, ඒ ඔක්තෝබර් පළවෙනිදා, යහනින් නැගිට්ටේ මහත් භීතියෙනි.

  • -10%
    (0)

    At Least we met

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.

    ගෙනෙන්නට ස්වර්ගීය හැඟීමක් නිවා මහ දුක් කන්දක් ඔබේ කටහඬ විතරක්ම සෑහෙයි මවන්නට ඩොපමීන් උල්පත්

    තනන්නට මල් පිපුණු උයනක් ගතින් දුර ඈතකම උන්නත් ප්‍රියේ, ඔබේ මතකයට පුළුවන් වගක් නැහැ මේ කිසි සෘතුවක්

  • -10%
    (0)

    D (ඩී)

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,260.00.

    එය ගිම්හානයේ තවත් එක සරු සැන්දෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවයෙන් වෙළීයමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග්‍රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතට යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ.
    මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙව් පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක්‍රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්ගේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.
    එය තවත් එක් විය. අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට සැකසුණු සංකීර්ණ කුළින්ත්‍රණයකි. ඇයව මරා දැමූ ඔවුහු, ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවුණු සංකීර්ණාතම අධිරහසකට පදනම දැමූහ.
    මේ කියැවෙන්නේ ඩයනා කුමරියගේ මරණයේ කතාවයි.

  • -10%
    (0)

    KMPH32 කොට කවි ශතකය – KMPH32 KOTA KAVI SHATAKAYA

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.

    යං ගස්

    අපේ ගෙදරත් කංසා ගස්වල
    පල දරන මල් පිපෙනවා
    දහස්පෙතියා අහිංසක ගස්
    රැකවරණයත් තියෙනවා පොලීසිය ළඟ දූලි ගාලා යාළුවොත් මෙහෙ වඩිනවා
    හිපොප් රැප්වල සුවඳ අරගෙන
    පෑන කොපුවක නිදනවා

    චින්තිලා ෆිල්ටිලා තවමත්
    මිදුලෙ සක්මන් කරනවා
    අනු අටකට බිව්ව ගල් එක
    තුන් දාහ දැන් පයිනවා
    Voice වල නම් පුංචි කෙල්ලෝ
    මගේ සින්දුත් කියනවා
    ගෙදර ආ ගිය සෙලිබ්‍රිටිස් ලා
    බැණුම් අහ අහ නහිනවා

  • -20%
    (0)

    අදිසි නදිය

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.

    කලකට ඉහත පොළොව යට ඉදිකළ ‘රහසිගක නගරයෙහි විසි දහසක් පමණ ජනකායත් අප්රකටව විසූහ. එය ඔවුන්ධම, ආවේණික උප සංස්කෘතියක් ගොඩනැංවිය. එහි පුරෝගාමීන් වූයේ, නගර පාලනයට විරුද්ධව කැරැරැල්ලක් ගසා ඉන් පයයි පත් පිරිසකි. ඒ බොහෝ දුරාතීකයෙහිය. ඔවුන්ගෙන් පවතින්නන් කලින් කලට, නගරය මතුපිටත්, යටත් එවක් වූහ. හිරු එළියෙන් ඔවුහු විදුලිය නිපදවා ගහ අභ්යන්තර ගංගාධාරයෙහි ධmo 50 එළවළු වගා කළහ. මිරිදිය මත්ස්ය වර්ග ද ගණනාවක්ම ගංගාවෙහි විසූහ. එහෙත්, සියල්ල කොපිට පෙරළෙන්නට සටන් ගත්තේ, බිමල් වසංගතය ආරම්භ වීමත් සමගිනි. පසු කාලයක එය දියකිඳුයි වසංගතය බවට වර්ධනය.වී.සොළොව මතුපිටට ද පැතිරුණේය. පොළොව යට ජනගහනයෙන් තුනෙන් එකම ඉන් විය ගියහ. වර්තමානය වන විට ඉසිරිව සිටින්නේ සිය ගණනකි. ඔවුන්ගෙන් ද වැඩි දෙනා වසරේ වැඩි කලක් ගත කරන්නේ පොළොව මතුපිටමය. තවදුරටත් පොළොව යට ජීවිතයම තෝරා ගත්තෙකු වී නම් ඒ ආරක්ෂක හේතූන් නිසා හෝ නගරවාසී දිවියෙන් රිදී පරණ සංස්කෘතිය තුළම පැවැරීමට ඇති ඇල්ම නිසා හෝ විය හැකිය. නුත්යාගයකුට එය ගුප්ත ජීවන ක්රමයක් ලෙස ද පෙනී යාට ඉඩ ඇත.

  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ අවසන් වාරේ – Apooru Iskole Awasanware

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.

    මෙය ඔබ මෙතෙක් රසවිඳි “අපූරු ඉස්කෝලේ” කතා මාලාවේ අවසන් කතාව යි. st. clare’s නමැති පාසලේ හට ගැනෙන අපූරු සිද්ධීන් පාදක කොට ගනිමින් , ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛිකා Enid Blyton විසින් රචනා කොට, සුදත් රොහාන් විසින් ඔහුට ම ආවේනික අපූරු ශෛලියකින් පරිවර්තනය කරන ලද මේ කතා පෙළ පාඨකයින්ගේ ඉමහත් ආනන්දයට හේතු විය. එහෙයින් මෙවන් වූ තවත් අපූර්ව කතා පෙළක් ඉදිරියේ දී ඔබට තිළිණ කිරීම අපේ අපේක්ෂාවයි.

  • -20%
    (1)

    අපූරු මිනිසෙක් – STEVE JOBS

    Original price was: Rs. 980.00.Current price is: Rs. 784.00.

    ඒ මා මරණයට ඉතාමත් සමීප වූ අවස්ථාවයි. තවත් දශක කීපයක් ගත වන තෙක් එසේ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම අත්දැකීම ලත් මට මරණය ප්‍රයෝජනවත් එහෙත් හුදු බුද්ධිමය සංකල්පයක්ව තිබිය දී වඩාත් නිරවුල්ව මේ දේ කිව හැක. කිසිවෙකුට මරණය අවශ්‍ය නැත. දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. එය ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. ඉන් අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. දැන් අලුත් දේ ඔබයි. එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් විය පත්ව ඉවත් කරනු ඇත. එය නාට්‍යෝචිතව දැක්වීම ගැන සමාවන්න. එහෙත් එය සත්‍යයි.

  • -10%
    (0)

    අපේ කාලයේ වීරයෝ – Ape kalaye weerayo

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.

    යාල වන මැද සවාරිය ” පුතා ඉක්මනට ලෑස්ති වෙන්න. අපි ටිකක් කල් ඇතිව ස්වේෂන් එකට යන්න ඕනෑ ” “හරි… හරි… අප්පච්චි … මම රෙඩි” පියාගේ කටහඬ ඇසුන සුරංග කාමරයේ සිටම උස් හඬින් කෑ ගැසුවේ ය. ඔහුගේ ස්වරයේ අමුතුම උද්දාම ගතියක් රැඳී තිබිණ. ” අප්පේ මෙයාගේ හිතේ තියෙන සන්තෝසෙ ” මුවගට මඳ සිනාවක් නගා ගත් සුරංගගේ මව සේපාලි කීවේ දෑස් පොපියවමිනි. ” සන්තෝස නැද්ද අමම…. මේ වගේ ට්‍රිප් එකක් ගහන්න ලැබුණහම ” ” එක හරි පුතා… ඒත් ඔයා යන ගමන සැහැල්ලුවට ගන්න එපා. අනිත් එක ඔයාගෙ යාලුවා තුෂාර. එයත් ටිකක් දඟ කාරයා… කොයි වෙලාවකවත් ඔය දෙන්නා කැලේ තනියම එහෙම යන්ඩ එපා. අන්න ඒක හොඳට මතක තියා ගන්න ඕනෑ ” “හරි… හරි… අම්මා බය නොවී ඉන්නකො.” “මෙන්න ට්‍රේන් එකේ යනකොට ඔයාලට කන්න සැන්ඩ්විචසුයි.. කට්ලසුයි. ප්ලාස්ක් එකට කෝපි දාලා තියෙනන්වා “

  • -20%
    (0)

    අපොයියාව

    Original price was: Rs. 600.00.Current price is: Rs. 480.00.

    අපේ ප්රහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිඳු වචන කලින් පැමිණෙයි. අපි වැනි දගකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරි අම්මා වැනි ගැහැනු වචන මග පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.