• -10%
    (0)

    “විස්මිත දොස්තර”

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,125.00.

    බලාපොරොත්තුවක් නොමැති සිතකට බලාපොරොත්තුවක් රැගෙන එමින් ස්නායු ශල්‍යකර්මයන් තුළ අපුරු හැකියාවන් පාන්නකු ලෙස වෛද්‍ය බෙන් කාර්සන් ලොව පුරා ප්‍රකටව සිටී. නගරයක දිළින්දකු ලෙස හැදී වැඩුණු ළමා කාලයේ සිට වයස අවුරුදු තිස් තුනේ දී ජෝන්ස් හොප්කින්ස් වෛදනයතනයට අයත් ළමා ස්නායු රෝග අංශයේ අධ්‍යක්ෂවරයා දක්වා පැමිණි අපූරු චාරිකාව, ‘ විස්මිත දොස්තර තුළින් ඔබ හමුවේ තබයි. අනේක වූ ජීවිත ගණනාවක් මරණයෙන් ගලවා ගත් ශලල්‍යාගාරයට ඔබ කැඳවාගෙන යන ඔහු, නොහැකි යැයි සිතෙන යමක් ජයගන්නට වෙර දරන ඕනෑම අයෙකුට පූර්වාදර්ශී චරිතයකි.

  • -20%
    (0)

    “සම්භවය”

    Original price was: Rs. 2,900.00.Current price is: Rs. 2,320.00.

    අප පැමිණියේ කොතැනක සිට ද ?
    අප යන්නේ කොතැනකට ද ?

  • -20%
    (0)

    11 / ELEVEN

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.

    මෙය අද්භූත, ඔබ කිසිසේත්ම විශ්වාස නොකරන කරුණුවලින් පිරි ඇත්තා වූත්, විශ්මයජනක කතන්දරයකි. දිනෙක ඔබ මෙය කියවද්දි මා ජීවතුන් අතර නොසිටියහොත්, මතක තබා ගන්න මේ ලියන්නා වූ සියලුම දැ මා විසින් මුහුණ දුන්නා වූත්, දැසින්ම දුටුවා වූත් සත්‍ය කරුණු ය.

    මේ කරුණු සහ සිදුවීම්වල ඇති අතිශය ගුප්ත බව නිසා ඔබේ මනස විටින් විට මෙම ප්‍රශ්නය අසනු ඇත.

    මේ සියල්ලම ඇත්තක්ද? එවිට මා යළිත් පවසමි.

    “මේ සියල්ලම මා මුහුණ දුන්නා වුත් දැසින්ම දුටුවා වුත් සත්‍ය කරුණු ය.”

    දෛවයේ කුමන හෝ අභාග්‍යකට මේවා ඒ ආකාරයෙන්ම සිදුවී ඇත.

  • -10%
    (0)

    12.12.12

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.

    ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන්නෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේය. ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේ ය. බැලූ බැල්මට එය පරිපූර්ණ මිනීමැරුමකි. කිසිඳු සැක සටහනක් නොමැත.
    මිනී මරුවා පලපුරුදු අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයෙන් බැලූහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසඳා ගත යුතුය. එහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාවක ඔවුහු පැටලී සිටියහ.

  • -10%
    (0)

    1932

    Original price was: Rs. 1,850.00.Current price is: Rs. 1,665.00.

    “මුදලාලි මට ලාම්පු තෙල් බෝතලයක් දෙන්න.” වෙළඳ සැලේ කවුන්ටරයට ඉහළින් සිමියොන් මුදලාලි දෙස බැලූ මැදිවියේ මිනිසා සිය කහට රැඳි දසන් පෙන්වා සිනාසුණේය. මෙන් බැලූ බැල්මට එම පළාතට ආගන්තුකයෙකු පෙනී ගිය හෙයින් සිමියොන් අප්පුහාමි මිනිසාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා හෙළුවේ විමසිලිමත් බැල්මකි. පිරිසිදු මේස් බැනියමකින් සහ ඉරි වැටුණු පලයකාට් සරමකින් සැරසී සිටි මිනිසා රබර් සෙරෙප්පු යුගලක් දෙපයේ ලා ගෙන හුන්නේය. තලප්පාවක් මෙන් හිස වටා ඔතාගෙන සිටි තුවාය සහ බාහිර පෙනුම අනුව ඔහු දමිළ මිනිසෙකු වන්නට ඇතැයි සිමියොන්ට සිතුණි. එහෙත් මිනිසාගේ උච්චාරණයේ තිබූ පිරිසිදු සිංහල ඌරුව ඔහුගේ එම නිගමනය තහවුරු කිරීමට ක්‍රියා කළේ නැත. වදනකුදු නොබිණිමින් අමුත්තා දිගු කළ හිස් මෙන්ඩිස් අරක්කු බෝතලය අතට ගත් සිමියොන් අඳුරු කඩයේ කෙළවරක තිබූ භුමිතෙල් බැරලය දෙසට ඇවිද ගියේ සිත තුළ නැඟී ආ කුතුහලයෙනි. සිමියොන් නොදන්නා කිසිවෙකු එම ඉසව්වේ වාසය කළේ නැත. එතරම් විශාල එකක් නොවූවද සිමියොන් අප්පුහාමිගේ වෙළඳසල බොහෝ කාර්ය බහුල ස්ථානයක් විය. සීත වතුකරයේ කඳු අතර පිහිටි හුදෙකලා ගම්මානය මධ්‍යයේ පිහිටා තිබූ කඩමණ්ඩියේ ඇති කුඩා වෙළඳසල් කිහිපයෙන් එකක් වූ එහි, අවට විසූ සිංහල සහ දමිළ ජනතාවට අත්‍යවශ්‍ය බොහෝ සිල්ලර බඩු විකිණීම සිදු කෙරිණි. වෙළඳ සලේ කොටසක් තේ කඩයක් ලෙසින් පවත්වා ගෙන ගිය බැවින් එහි ගැමියන් දෙතුන් දෙනෙකු රැඳී සිටිනු දක්නට නොලැබුණේ එහෙමත් වෙලාවකය.

  • -20%
    (0)

    5D මිරකල් – 5D miracle

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.

    2015 මැයි 23 වෙනි රාත්‍රිය සුන්දරත්වයේ කඩතිර වලට මුවා වී අසුන්දර ම දේ සිදුවිය හැකි එය වසරේ සුන්දර ම මාසය විය. දීප්තිමත් හිරු රශ්මිය පවා ඉඳ හිට වැටෙන වැහි පොදකින් සෞම්‍යවත් වූ දහවලකින් පසුව උදා වූ රාත්‍රියක් විය. දිනය පුරා පිපී, සුවඳ විහිද වූ වෙසක් මල් ක්‍රමයෙන් නිදි ගන්නා රාත්‍රියක් විය. වෙසක් පොහෝ දිනය පසු වී දින කිහිපයක් ඉකුත්ව තිබුණ ද තවමත් සඳ රැස් බිඳක් පතිත වෙමින් හාත්පස සෙවණැලි මැවී ය, වෙසක් සිරි නරඹන්නට මහ මගට බට ජනයාගේ රිය සක් හඬින් මෙන්ම, කෑකොස්සන් නගන හඬින් ද වරින් වර රාත්‍රියේ නිහඬතාවයට බාධා පැමිණුනෙන් එය නිස්කලංක රාත්‍රියක් ද නොවීය. කලබල මංමාවත් සන්සිඳුණේ රෑ මැදියම ද ආසන්න වෙමින් පැවතියේ දීය. මිනිසුන් විසින් ඇති කරන ලද නානාවිධ ශබ්ද ක්‍රමයෙන් යටපත් ව යද්දී පරිසරය විසින් ඇති කරන ශබ්ද වඩාත් උස් ව ඇසෙන්නට විය. වැටුණු මඳ වැස්සෙන් උදම් වූ නිශාචරයන්ගේ හඬට විටින් විට රෑහි හඬක් ද මුසු විය.

  • -10%
    (0)

    7.1.90

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.

    එදා, ඔක්තෝබර් පළවෙනිදා, කවදාවත් නැතිව සමරගිරියේ පැවැති මේ බලවත් නිශ්ශබ්දය සිඳීගියේය. බන්දුල සමරජීවගේ බිරිඳ වූ රාධා විසින් යටිගිරියෙන් කළ භයානක කෑගැසීමක් හා විලාපයක් නිසා සමරගිරියේ සෙසු අය පමණක් නොව අවට ගෙවල්වල උදවියද, ඒ ඔක්තෝබර් පළවෙනිදා, යහනින් නැගිට්ටේ මහත් භීතියෙනි.

  • -20%
    (0)

    8.45

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,080.00.

    මල් පෝච්චි, වීදුරු කෑලි එක එක දේවල් වලින් මුළු මිදුලම හැඩි වෙලා තිබුණේ. මං තවත් ඇතුළට ලං වුණා. දොරට අත තිබ්බ ගමන්ම ඒක ඇරුණේ අර හොල්මන් ෆිල්ම් වල වගේ සද්දයක් දාගෙන. ඒ වෙලාවෙ නම් මගේ මුළු ඇඟම හීතල වෙලා ගියා. මුළු ගෙදරම කළුවරයි. ඒත් වීදුරු බිඳිච්ච ජනෙල් වලින් ලාවට වගේ හිරු එළිය ඒ ගේ ඇතුළට වැටිලා තිබුණා. මකුණු දැල් පිරිලා ගෙදර බඩු තැන තැන විසිරිලා තිබුණා. මං තවත් ඇතුළට ගියා. එතකොටයි මට හමුවුණේ රාමු කරපු ෆොටෝ එකක්. ඒකෙ මඩ ගෑවිලා ජරා වෙලා තිබුණේ, ළඟ තිබුණ රෙදි කෑල්ලකින් ඒක පිහලා පිරිසිදු කළත් ඒකෙ මූණවල් අඳුර ගන්න බැරි විදියටම විකෘති වෙලා තිබුණා.

    බිඳුනු වීදුරු කවුළු වලින් හමාගෙන ආපු සුළඟට මිශ්‍ර වෙලා තිබුණේ හුරු පුරුදු සුවඳක්. මෙච්චර වෙලා පුලුටු ගඳකින් පිරිලා තිබුණ ඒ මුළු ගෙදරම එක කප්පරයකින් සුවඳින් පිරිලා ගියා. මං මට හුරු පුරුදු ඒ සුවඳ එන පැත්ත

  • -10%
    (0)

    At Least we met

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.

    ගෙනෙන්නට ස්වර්ගීය හැඟීමක් නිවා මහ දුක් කන්දක් ඔබේ කටහඬ විතරක්ම සෑහෙයි මවන්නට ඩොපමීන් උල්පත්

    තනන්නට මල් පිපුණු උයනක් ගතින් දුර ඈතකම උන්නත් ප්‍රියේ, ඔබේ මතකයට පුළුවන් වගක් නැහැ මේ කිසි සෘතුවක්

  • -10%
    (0)

    Chemistry of Love

    Original price was: Rs. 1,499.00.Current price is: Rs. 1,350.00.

    “මම හිතන විදිහට මේ ලෝකෙ ගැලපෙන මිනිස්සු කියලා වර්ගයක් නැහැ. මිනිස්සු දෙන්නෙක් කියන්නේ දෙන්නෙක්. ඒ දෙන්නා හිතන විදිහ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්. අපිට Relationship එකක් ඕන වෙන්නේ සතුටින් ඉන්න වෙලාවට සතුටු වෙන්න, S e x ඕනෙ වුනාම S e x කරන්න විතරක් ද? නැහැ…එහෙම නැහැ… මනුස්සයෙක්ට Relationship එකක් එහෙම නැත්නම් තමන්ව තේරුම් ගන්න පුලුවන් ගැඹුරු බැඳීමක් ඕන වෙන්නේ තමන් වැටෙන වෙලාවට නැගිට්ටවන්න, තරහා ගියපු වෙලාවට සනසවන්න, දුකක් දැනුනාම කියලා හිත නිදහස් කර ගන්න, Attention ඕනෙ වුනාම Attention ගන්න, හුරතල් වෙන්න ඕනෙ වුනාම හුරතල් වෙන්න, ප්රශ්නයක් වුනාම උත්තරයක් හොයා ගන්න, අඬන්න හිතුනොත් තුරුලු වෙලා අඬන්න. කෙටියෙන් කිව්වොත් මේ අමාරු ජීවිතේ ගැට ගහ ගන්න හයියක් වෙන්න. අපිට Relationship එකක් ඕන වෙන්නේ දුක, සතුට වගේම ජීවිතෙත් බෙදා ගන්න. අපිට එහෙම දෙයක් කරන්න පුලුවන් අපිට ආදරේ කරන ආදරේ කරන කෙනෙක් එක්ක Relationship එකක් පටන් ගත්තොත් විතරයි. ඒ වගේම Comfortable මනුස්සයෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න ලැබෙනවා කියන්නේ හරිම සනීප හැඟීමක්.”

  • -20%
    (0)

    Footprints in the dust

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.

    Buddhism teaches that each person comes into their present life from an earlier one and that most people will have another life when their present one ends. This process of being born, dying and being reborn is called samsara and only ceases when one attains a state called awakening, bodhi, more commonly known as Nirvana. Like everyone else, the Buddha had many lives before his final one as Gotarna, and the Buddhist tradition created fictional biographies of over five hundred of these former lives, recounted in a book called the Jätaka. What is unique about the Buddha is not that he had former incarnations, fictional or otherwise, but that in the centuries after he attained Nirvana devotees and admirers have continued to ‘reincarnate him in a sense, by creating new ‘lives’ for him, some of these more incredible than his former ones as recounted in the Jätaka. Although physically and in a number of other ways the Buddha was an ordinary human being, some participants at the Third Buddhist Council, which took place around the middle of the second century BCE, asserted that such was his purity that his faeces had a fragrant smell. There were, however, those who maintained a more realistic view of the Buddha and who gave a common sense rebuttal to this claim. If this were true, they argued, it would have required the Buddha to eat perfume,

  • -20%
    (0)

    Golden Era Goals – Rajitha Medungoda

    Original price was: Rs. 3,900.00.Current price is: Rs. 3,120.00.

    Chapter 1: Introduction 1.1. Introduction. Humanity stands at a global crossroads, entangled in cycles of war, uncertainty, and stress while human activity drives our planet towards ecological collapse. Although humanity has achieved remarkable advancements in technology and developed thriving economies, happiness still seems out of reach, while a growing sense of disconnection and unrest severely damage our peace of mind. The world expands materially, yet it feels spiritually empty, with no logical strategy for lasting happiness. This realization compelled me to write Golden Era Goals, a book that suggests transformational changes to restore peace in mind while ensuring sustainable human progress. It led me to a pivotal question: What if genuine progress is not about status or wealth, but about the flourishing of humanity? The answer is not merely external; it lies within us. The Golden Era Goals (GEG) and the Human Brilliance Paradigm (HBP) form the foundation of a new worldview, one I developed in response to the growing crisis of our time. This change emphasizes personal happiness, ethical leadership, and sustainable development over material wealth. Central to its mission are The Eight Dimensions of Human Brilliance, a guiding philosophy to unleash the untapped potential in all human beings to enable more innovation for a world of peace, purpose and prosperity. This book is not just an idea, it is a call to action, and it is the formula to restore our world with a systems approach crafted to protect both people and planet for future generations. A bl

  • -10%
    (0)

    Gulliver’s Travels

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.

    In a little time I felt something alive moving on my left leg. Advancing gently forward over my breast, it came almost up to my chin. Bending my eyes down ward as much as I could, I perceived it to be a human creature about six inches high, with a bow and arrow in his hands and a quiver on his back. In the mean time I felt at least forty more of the same kind fol lowing the first. I was in the utmost astonishment and roared so loud they all ran back in fright and some of them, I was told later, were hurt by leaping from my sides. However, they soon returned and one of them, who ventured so far as to get a full sight of my face, lifting up his hands and eyes by way of admiration, cried out in a shrill, clear voice, “Hekinah Degul!” The others repeated the same words several times, but I did not know then what they meant. I lay all this while in great uneasiness. Struggling to get loose, I broke the strings and wrenched out the pegs that fastened my left arm. At the same time, with a violent pull that gave me sharp pain, I loosened the strings that tied down my hair on the left side. Gulliver’s Travels – 11

  • -15%
    (0)

    I.D

    Original price was: Rs. 1,650.00.Current price is: Rs. 1,402.50.

    මුළු ගමම එය දැන ගත්තේ ඇසළ පසළොස්වක පෝය දා උදෑසන අටයි දහයටය. අස්සජි නායක ස්වාමීන් වහන්සේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් උපාසික උපාසිකාවන් පංච ශීලයේ පිහිටුවා එදින ධර්ම දේශනාවට නියමිත බණ පදය කියන්නට සූදානම් වුවා පමණි. පන්සලේ ඇබිත්ත කොලුවාගේ උස් හඬ ධර්ම ශාලාවේ ඈත කෙළවරින් උන්වහන්සේට ඇසුණේය. ‘විමලරත්න මහත්තය මරල දාල. මුල්ම බණ පදය කියන විට අස්සජි ස්වාමීන් වහන්සේට එය පැහැදිලිව ඇසුණේ නැත. ඒ නිසා උන්වහන්සේ අප්පමාදෝ අමත පදං’ යනුවෙන් වදාරා ඊළඟට පමාදෝ මච්චුනෝ පදං’ යැයි දේශනා කළේ සැකයෙන් යුතුවය. එහෙත් පන්සලේ ඇබිත්ත කොලුවා අර වචන කීපය ධර්ම ශාලාවේ ඈත සිටි කෙනෙකුට උස් හඬින් පවසන විට උන්වහන්සේ අප්පමත්තා නමීයන්ති’ වෙනුවට මොකද්ද සරත් කිව්වේ’ යැයි ප්‍රශ්න කළහ. එවිට තුන්වෙනි වරටත් ඇබිත්ත කොලුවා අර වචන කීපය කෑ ගසා පවසන හඬ ධර්ම ශාලාවේ කෙළවරින් ඇසිණි. ඒ සමඟ විමලරත්න මහත්තය මරල දාල ?’ යැයි මයික්‍රෆෝනය දෙදරවමින් උන්වහන්සේගේ හඬ රැව් පිළිරැව් නැඟුණේ යේ පමත්තා යථා මතා’ නම් හතරවන බණ පදයට පෙරය.

  • -10%
    (0)

    KMPH32 කොට කවි ශතකය – KMPH32 KOTA KAVI SHATAKAYA

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.

    යං ගස්

    අපේ ගෙදරත් කංසා ගස්වල
    පල දරන මල් පිපෙනවා
    දහස්පෙතියා අහිංසක ගස්
    රැකවරණයත් තියෙනවා පොලීසිය ළඟ දූලි ගාලා යාළුවොත් මෙහෙ වඩිනවා
    හිපොප් රැප්වල සුවඳ අරගෙන
    පෑන කොපුවක නිදනවා

    චින්තිලා ෆිල්ටිලා තවමත්
    මිදුලෙ සක්මන් කරනවා
    අනු අටකට බිව්ව ගල් එක
    තුන් දාහ දැන් පයිනවා
    Voice වල නම් පුංචි කෙල්ලෝ
    මගේ සින්දුත් කියනවා
    ගෙදර ආ ගිය සෙලිබ්‍රිටිස් ලා
    බැණුම් අහ අහ නහිනවා