• -20%
    (0)

    ජීවිතය වෙනස් කරන කතා 3 – jiwithaya wenas karana katha 3

    ඔහු ජීවිතය ගත කළේ හරිම සරලව, දෙවන ලෝක යුද්ධ සහ ජන මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළත්, තමන්ගේ වෘත්තීය තුළ සැලකිය යුතු යමක් කරන්න ඔහුට බැරි වුණා සියන හැඟීම නම් ඔහුගේ මනසේ විටින් විට සක්මන් කළා. තමාට ජන මාධ්‍යවේදියෙකු ලෙස ජනප්‍රිය වෙන්න බැරි වුණා, මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන සමත් ලියන්න හැරී වුණා කියන දුක ඔහුගේ හිතේ නැංගුරම් දාලා තිබුණා. “පරණ පත්තරකාරයෙක්දැ ඒත් මම නම් මය මනුස්සයාගේ නම කවදාවත් පත්තරේක දැකලා නැහැ. ඒත් ඉතිං හොඳ මිනිහා. කාටවත් කරදරයක් නැහැ. ඔහු ගැන දන්න කියන වටේ අය ඔහු ගැන කෙටියෙන්ම කියන්නේ ඔන්න ඔහොම දේවල් මෙන්න දවසක් මේ අප්‍රසිද්ධ පරණ පත්තරකාරයාට එංගලන්තයේ තිබෙන ප්‍රසිද්ධ රූපවාහිනි නාළිකාවකින් දුරකථන ඇමතුමක් ලැබෙනවා. සැබැවින්ම එය පුදුමයි. ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනකට ඔහුට ආරාධනාවක්. රූපවාහිනි නාළිකාවකින් වැඩසටහනකට ඔහුට ආරාධනා කළ ප්‍රථම අවස්ථාව. දැන් ඔහුගේ වයස අවුරුදු අසූවයි. ඉතිං ඔහු එම වැඩසටහනට ගියා. ඇත්තටම ඒක ඔහු හිතුවාට වඩා විශාල සහ ජනප්‍රිය වැඩසටහනක්. ඒත් මට ඇයි කතා කළේ? ඔහු නිහඬව ප්‍රශ්න කළා. විශිෂ්ට ලේඛකයන්, ජනප්‍රිය නළුනිළියන්, ප්‍රවීණ විද්වතුන් මීට කලින් සහභාගි වෙලා තිබුණ ඒ දැවැන්ත වැඩසටහනට මෙයාට කතා කළේ ඇයි කියන දේ එයාගේ බිරිඳටත් ප්‍රශ්නයක්.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 640.00.
  • -20%
    (0)

    ජීවිතය වෙනස් කරන කතා 4 – Jiwithaya wenas karana katha 4

    මේ ලෝකය පිරිලා තියෙන්නේ අපුරු කතාන්දර වලින් විටෙක ලෝකය වෙනස් කරන්නත්, තවත් විටෙක ලෝකය විනාශ කරන්නත්. ඒ වගේම විනාශ වුණ ලෝකය නැවත හදන්නත් මානව ඉතිහාසය තුළ කතාන්දර ලොකු මෙහෙයක් සිදු කළා. එය ඉදිරියටත් එලෙසම සිදු කරයි. සමහර තතාන්දර පසුකාලීනව මහා සංස්කෘති බවටත් පත් වුණා. තවත් සමහර නතාන්දර ආගම් බවටත් පත් වුණා. සංස්කෘති සහ ආගම් බවට පත් වුණ කතාන්දර ඒ විදියටම රැක ගන්න මිනිසුන් දිවි හිමියෙන් යුද්ධ කරපු අවස්ථාද ලෝක ඉතිහාසයේ එමටයි. මේ සියලු දේවල් දිහා සන්සුන් මනසින් බලද්දී අපව ජීවත් කරවන්න සියවස් ගණනාවක් තිස්සේ කතාන්දර කොයි තරම් බලපෑමක් කරලා තියෙනවාද යන්න ඔබට වැටහේවි. කතාන්දරයක් කියා ගන්න භාෂාවක් දන්නේ නැති කාලේ පවා මිනිස්සු ගස් ගල්වල කුරුටු බලි අඳිමින් මොකක්දෝ කතාන්දරයක් කියන්න උත්සාහ කළා. සැබැවින්ම මිනිසා කියන්නේ කතාන්දර කියන්න සහ කතාන්දර අහන්න කැමැති සත්ත්වයෙකු (Storytelling Animal). තවත් අයුරකින් කියනවා නම්. අපි නමයි ලෝකයේ කතාන්දර හදන සහ කතාන්දර අහන එකම ජීවියාත්. මම දන්නේ නැහැ අනෙක් සත්ත්වයන් ඔවුන්ගේම භාෂාවකින් කතාන්දර කියනවාද කියලා. කොහොම වුණත් කතාන්දර නම් කවදාවත් පරණ වෙන්නේ නැහැ. ඉතින් අන්න එහෙම පරණ නොවන කතාන්දර වලින් ජීවිතය වෙනස් කරන්න ඉදිරි පිටු වෙන් වෙනවා. ඔබ අහන, දකින සහ අත්විඳින සෑම කතාන්දරයකම කියන සහ පෙනෙන මතුපිට කතාන්දරයට වඩා නොකියන විශාල කතාන්දරයක් තියෙනවා. සැබැවින්ම කියන කතාන්දරයට වඩා නොකියන විශාල කතාන්දර සහිත කතා විශිෂ්ටයි.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 640.00.
  • -10%
    (0)

    ටාර්සන් ආපසු එයි – Tarzen apasu ei

    මහා නගරවල ජිවිතයෙන් ඉක්මනින් කලකිරෙන ටාර්සන්, අපූර්වාකාරයකින් යළිත් අප්‍රිකානු මහා සහ වනාන්තරයට ම ඇදී යයි. එහි දී දරුණු ලේච්ඡයන් සමඟ ද ඇත් දළ වෙළෙඳාමේ යෙදෙන ක්‍රෑර වෙළෙඳුන් සමඟ ද ගැටෙන ටාර්සන්, සුපුරුදු බිහිසුණු වන ජීවිතයේ දී ත්‍රාස ජනක වූ ද, ප්‍රචණ්ඩ වූද අත් දැකීම් වලට මුහුණ දෙයි. එහි දී අප්‍රිකානු ඝන වන මධ්‍යයේ වැළලී ගිය ඉපැරණි රාජධානියකට අනපේක්‍ෂිත ව පා තබන ටාර්සන්, මහා ධන නිධානයක් සොයා ගනී. එ පමණක් නො වේ. ටාර්සන්ට තමා පෙම් කළ පෙම්වතිය ද එහි දී හමු වෙයි.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.
  • -10%
    No thumb
    (0)

    ටාර්සන් ගේ පුත්‍රයා – Tarzenge puthrya

    ත්‍රාසජනක වර ක්‍රියාවන්ට ඇති ඉමහත් ආශාවන් මහ වනයේ නිදහසට ඇති ලැදි කමත් නිසා, ටාර්සන් ගේ පුත්‍ර කොරැක් හෙවත් මරුව) ශිෂ්ට සමාජයෙන් ඉවත් වී මහා වනයට පලා යයි. එහි ද ප්‍රබලතම වානරයා වන අසුට ගෙන් වන ශිල්පය ඉගෙන ගන්නා කොරැක් සිය පියා සේ ම වනයේ අධිපතියා වෙයි. මෙහිදී අරාබි ගමක වසන සුන්දර සුදු තරුණයක හා පෙමි බඳින කොරැක් ඇය රැගෙන සිය වන ගත නිවෙසට යයි.

    Original price was: Rs. 400.00.Current price is: Rs. 360.00.
  • -10%
    (0)

    ටාර්සන් ගේ වන සිවුපාවෝ – Tarzenge wana siwpawo

    තමා ප්‍රිය කරන වනගත නිවෙසින් ඇත් ව ශිෂ්ටාචාරයේ අවුල් වියවුල්වලට මැදි වී සිටින ප්‍රබල ප්‍රචන්ඩ ටාර්සන්ට, මහා බිහිසුණු භයංකර ප්‍රවෘත්තියක් සැල වෙයි. එ නම් සුදු මිනිසුන් ගෙන් සැදී කොල්ලකාර සොර කණ්ඩායමක් විසින් තමා ගේ සූරතල් පුත්‍රයා ද ප්‍රිය බිරිඳ ද පැහැරගෙන යනු ලැබ ඇති බව ය. කෝපාවිෂ්ට වාර්සන් ඔවුන් ගළවා ගැනීමට වහා ක්‍රියාත්මක වෙයි. මෙහි දී භයංකර වන සිවුපාවුන් ගේ ආධාර ලබන ටාර්සන් වනය කම්පා කරමින් ප්‍රකම්පා කරමින් ඉතාම බිහිසුණු ත්‍රාස ජනක සිද්ධි මාලාවකට මුහුණ දෙයි.

    Original price was: Rs. 400.00.Current price is: Rs. 360.00.
  • -10%
    (0)

    ටාර්සන් සහ ඔපාරයේ මැනික් – tarzen saha oparayee manik

    ටාර්සන් වන මධ්‍යයෙහි අමතක වී ගිය හටබුන් නගරයක් වන ඔපාරයට මහා ධන නිධානයක් සොයා ගෙන යයි. එහි දී ඔපාරියානු වැසියන්ට අසු වන ටාර්සන්, සුර්ය දේවතාවාට බිලි දෙනු පිණිස, දැත් දෙපා බඳිනු ලැබ, බිලි තර්ම අල්තාරය මත නොවනු ලබයි. ඔපාරයේ ප්‍රධාන පූජකවරිය වන ලා. ටාර්සන්ට ආලය කරන්නී, ඔහු මරමි ද තො මරම් ද යන දෙගිඩියාවෙන් පසු වෙයි. මේ අතරතුර දී වාර්සන් ගේ බිරිඳ වන ජේන් ක්ලේටන් වහල් වෙළෙන්දන් වන තුර අරාබි ආක්‍රමණිකයන් පිරිසක් විසින් පැහැර ගනු ලබයි. ඔපාරයේ දී හිසට වැදුණ බලවත් පහරකින් අතීතය පිළිබඳ සියල්ල අමතක වී සිටින ටාර්සන්ට සිය බිරිඳ පිළිබඳ ව කිසි ම දෙයක් මතකයට නොඑයි. විවිධ ත්‍රාස ජනක සිද්ධි වලට හා අතුරු අත්තරා වලට මුහුණ පාන ටාර්සන්. අවසානයේ දී කෙසේ හෝ පියවි සිහිය ලබයි. එවිට වන මෘගයන් පිරිවරා ගෙන සටනට යන ටාර්සන්, ඔවුන්ගෙන් බියකරු අන්දමින් පළි ගනිමින්, ඔවුන් සමූල ඝාතනය කොට, සිය බිරිඳ වන ජේන් ක්ලේටන් බේරා ගනියි.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.
  • -10%
    (0)

    ටාර්සන් සහ කුහුඹු මිනිස්සු – Tarzen saha kuhumbu minissu

    අප්‍රිකාවේ මහා ඝන වනාන්තරයේ ඉතා ඇත අත්‍යන්තරයෙහි. පැරණි ශිලා යුගයට අයත් දැවැන්ත යෝධයන් වාසය කරන, ආදි කල්පික භූමි භාගයක් ඇත. ඔවුන්ගේ නිති, මහ වනයේ නීති වලට ද වඩා භයංකරය. බිහිසුණු ය. සිය ගුවන් යානය කඩා වැටීමෙන්, වානරයන් ගේ ටාර්සන්, මේ අද්භූත වු ද භීෂණාත්මක වුද දේශයට ඇතුළු වෙයි. ට විට මහා යෝධයන් විසින් සිර බාරයට ගනු ලබන ටාර්සන් භයංකර ඉරණමකට මුහුණ දෙයි. කෙසේ හෝ එම දේශයෙන් පැන ගන්නා ටාර්සන්, අනතුරු ව කුහුඹු මිනිසුන්ගේ සිර කරුවකු බවට පත් වෙයි. මේ කුහුඹු මිනිසුන් ගේ උස ප්‍රමාණය අඟල් දහ අටකට වැඩි නො වෙයි. මේ කුහුඹු මිනිස්සු තමන් ගේ විද්‍යාත්මක දැනුමෙන් ටාර්සන් ද තමන් ගේ ප්‍රමාණයට අඩු කොට, සිය ගල් – වළවල වැඩට යවති. මෙහි දී තමාට හිමි වන්නට තිබූ දරුණු ඉරණමෙන්; වානරයන්ගේ ටාර්සන් සිය උපාය ගිලිත් – වයෙන් හා බුද්ධි මහිමයෙන් ගැළවෙයි.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.
  • -10%
    (0)

    ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා – Tarzen saha swarnamaya sinhaya

    ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා -පැල්-උල්-දොන් නමැති අබිරහස් දේශයේ සිට සිය බිරිඳ වන ජේන් ද සොයා ගෙන ආපසු එන ප්‍රබල ටාර්සන්ට මහ වනයේ දී අනාථ වු සිංහ පැටවෙක් හමු වෙයි. ටාර්සන් මේ සිංහ පැටවා ගිලෑ කර හදා වඩා ගනියි. අත්ලන්තිසයන්ගේ නිධාන සොරකම් කර ගැනීමට කුමන්ත්‍රණය කරන සොර මුළකට ටාර්සන් මරා දැමීමට වුව මනා වෙයි. ඔවුහු රූපයෙන් ටාර්සන්ට අතිශයින් සමාන ව්‍යාජ ටාර්සන් කෙනකු තනති. ඔහු සැබෑ ටාර්සන්ට කෙ තරම් සමාන ද යත්. ටාර්සන් ගේ බිරිඳ වන ජේන් ක්ලේටන් පවා ඔහුට රැවටෙයි.

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.
  • -15%
    (0)

    ඩ වින්චි කේතය – Da Vinci Code

    ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.

    පැරීසියේ ලුවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සොනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?

    Original price was: Rs. 2,400.00.Current price is: Rs. 2,040.00.
  • -20%
    (0)

    තම්බි මුදියන්සේ – Thambi Mudiyanse

    තම්බි මුදියන්සේ නම් කුප්රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු 200කට ඈත අතීතයේ ශ්රී ලංකාවේ ජිවත් වූයේය.
    ඉංග්රීසීන් මෙරට ආක්රමණය කළ අවධියේ, ඔවුන්ගේ ඔත්තු සේවයට එක් වී සිටි ඒ ඔහු, නීච ඔත්තුකරුවකු ලෙස කටයුතු කරමිනි. මීමුනුබුරා, රටේ නායකයා ලෙස කටයුතු කරමිනි.
    ප්රමුඛම ස්වදේශික ඔත්තුකරුවා වූයේ තම්බි මුදියන්සේ යන කුප්රකට නාමයෙන් පසු කාලයක දී හැඳින්වුණු දොන් එඩ්රියන් විජේසිංහ ජයවර්ධනය.
    ඔහු ද, පසු කාලයක දී ඔහුගේ මී මුනුබුරාද ශ්රී ලංකාවේ දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස් කරන්නට දායක වෙමින් ක්රියා කළෝය.
    ශ්රී ලංකාවේ ප්රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යනු ඔහුගේ මී මුනුබුරාය. මේ ඔවුන්ගේ කතාවයි.
    ඉතිහාසය ප්රතිනිර්මාණය වෙයි.
    ඉතිහාසය නිවැරදි ව කියවා
    අනාගතය පුරෝකථනය කරන්නට නම් වර්තමානය සමග ගළපා ගත යුතු ය.
    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
  • -20%
    No thumb
    (0)

    තැනිතලාවේ පිහිටි කුඩා නගරය – Theni thalawe pihiti kuda nagaraya

    LITTLE TOWN ON THE PRAIRIE , තැනිතලාවේ පිහිටි කුඩා නගරය , මුහුණ දුන් කුඩා ජනපදය දැන් ක්‍රමයෙන් දියුණු වන නගරයක් බවට පත් වෙමින් තිබේ. ජීවිතය උදෙසීමත් සිදුවීම් වලින් පිරෙන්නට පටන් ගන්නා අතර, වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැදැ සාදයට සහභාහි වෙයි. මේරට අන්තිමේ දී අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සඳහා අල්මන්සෝ වයිල්ඩර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි. දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පොතු වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හත් වැන්නයි.

    Original price was: Rs. 1,450.00.Current price is: Rs. 1,160.00.
  • -20%
    No thumb
    (0)

    තැනිතලාවේ පිහිටි කුඩා නිවස – Thenithalawe pihiti kuda niwasa

    මහ වනයෙන් පිටවී කැන්සස් බලා යන ලෝරා ඉන්ගල්ස්ට සහ ඇගේ පවුලට තවත් අලුත්, ත්‍රාසජනක අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදුවෙයි. තැනිතලාවේ ඔවුන්ගේ කුඩා නිවස ඉදිකිරීම සඳහා හොඳම තැනක් සම්බ වන තුරු ඔවුහු දින ගණනාවක් පුරා ආවරණය කළ ගැලේ නැඟී ගමන් කරති. වැඩි කල් නොගොසින් ඔවුන්ගේ ජීවිත වගා කරමින්, සී සාමින්, වල් තාරාවුන් සහ කළු කුමන් දඩයම් කරමින්, එළදෙනුන්ට කෑම සඳහා තණ කොළ එක් රැස් කරමින් කාර්ය බහුල වෙයි. ඇතැම් වේලාවට ජීවිතය දුෂ්කර වුවද ලෝරාත්, අප්පච්චිත්, අම්මාත්, මේරි සහ කේත් ඔවුන්ගේ කුඩා නිවසේ ප්‍රීතිමත් කාලයක් ගත කරති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ දෙවැන්නයි.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -10%
    (0)

    තීරකයා ඔබයි – Thirakaya obai

    මම මගේ සිතේ තෙරපී තිබුණු දුක්ඛ දෝමනස්සයන් හර්බට් ඉදිරියේ දිග හැරියෙමි, මම කඳුළු මැදින් කතා කළෙමි. ” හර්බට් අපේ කාර්යාලයේ පාලන කටයුතු වලට අළුත් පාලන අධිකාරියක් පත්වෙලා, මම හිතන්නේ ඉස්සර තරමටවත් මට මේ නව පාලන අධිකාරිය සමඟ වැඩ කරන්න බැරිවෙයි. මං මේ ප්‍රශ්නයෙන් හොඳටම පීඩාවට පත්වෙලා ඉන්නේ.” ඒ මගේ පළමු දුක් ගැනවිල්ල විය. දෙවැන්න මම මීට වසර දෙකකට පෙර සිට අතගසා සිටි පර්යේෂණ කාර්යයයි. පැරීසිය පිළිබඳව ඓතිහාසික පර්යේෂණයක් වූ මෙය ඇසුරෙන් මා ලිවිය යුතු වූ කෘතිය මට ලියාගත නොහැකි විය. ඇත්තෙන්ම මට ඒ විෂය ඔරොත්තු නොදෙන තරම් බරපතල එකක් සේ හැඟිනි. මම මුහුණ දුන් තුන්වැනි ප්‍රශය වූයේ මිතුරන් මා නොසළකා හැරීමයි. ඔවුන් මගේ සිත රිදවීමයි. එසේම පවුල් සාමාජිකයින් පවා මාව විටෙක මායිම් නොකිරීමයි. ” කොටින්ම හර්බට්, ඔයා පවා සමහර විට මාව නොසළකා හරිනවා කියලා මට වැටහෙනවා.* මම සියල්ල එළෙස හර්බට් සමඟ කීවෙමි. හර්බට් සියල්ල සාවධානව අසා උන්නේය. ඉවසීමෙන් අසා උන්නේය. ඉන්පසු මෙසේ කීවේය. ” ජීන්. ඔබ ඔබගේ බලය තහවුරු කරගත යුතුයි. නමුත් ඔබගේ පාලනය ගිලිහී ගොසින්. ඔබ දැන් සිතිය යුත්තේ කොහෙද යා යුත්තේ කියා නොවෙයි. ඔබගේ අරමුණු වෙත නිශ්චිතව යා යුතු මාර්ගයේ ඔබ ගමන් කළ යුතුයි. ඔබ ඔබගේ ජිවිතයට

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.
  • -20%
    (0)

    තෙත්සූයා නම් දුනුවායා

    “දුන්නෙන් ඉවතට යන හැම හීයක් ම හදවතේ මතකයක් ඉතිරි කරනවා.

    එහෙම එකතු වුණු මතක ගොන්න ඔයාව වඩාත් ශූර දුනුවායෙක් කරාවි.”

    Original price was: Rs. 650.00.Current price is: Rs. 520.00.
  • -20%
    (0)

    තේ තවම උනුසුම් – Tea tawama unusum

    භාර දේශයේ දකුණු කෙළවර පිහිටි තමිල්නාඩු ප්‍රාන්තයේ එක් කුඩා ගමක්, දීර්ඝ කාලීන නියඟයෙන් පීඩා විඳිමින්, වියළී ගිය ළපටි ගොයමින් ඊළඟ කන්නයේ වැපිරෙන බිත්තර වියට කාබනික පොහොරක් තැනීමේ නිරතව සිටියාය. ඉබාගාතේ යන දෙන්නු ඒ පිදුරු ලෑටිගාමින්, ගිනිගත් හිරු දෙසට හිස ඔසවා වැසි බිඳක් අයැද සිටියෝය. උසස් යයි සම්මත කුලයක උපදින්නට වාසනාව නොලද ඒ ජනතාව, තමන්ට යයි කියාගන්නා බිම් අඟලක අයිතියක් නොමැතිව, ඉඩම් හිමියාට බදු ගෙවමින්, දුකම අනුභව කරමින් අපාගත ජිවිත ගත කළෝය. කුඹුරු පුරන්ව ගොස්ය. ඒ දෙසින් ඇදී එන ගිනි සුළඟ සෙල්වරාජිනීගේ සියොළඟ රත් කරමින් කැරකෙන්නට විය. ඒ සුළඟට හසුව ඉහළ නගිමින් සුළි කැරකෙන ගිනිගත් දුවිල්ල ඇගේ කන්, නාසා පසාරු කරගෙන මොළය තෙක් දිවෙයි. හිස වැසෙන සේ සාරි පොට සකස් කරගත් ඇය නැගිට ගොමරිටි එකිනෙක ඉස්තෝප්පුවට විසිකරන්නට වුණාය. විසි වී යන ඒ හැම ගොම රිටකම මතු වී, දියාරු වී යන මුහුණක රත් පැහැගත් දෑස ඇය වෙත ගිනි පිඹින්නේ, ඉඩෝරය, ගිනි හුළඟ, ගංවතුර හා තමා සිවු නිවුන් සොහොයුරන්ය යන පණිවුඩය සෙල්විට සිහිකර දෙමින්ය. සෙල්විලා පාගාගෙන, උන් සූරා කමින්, සුන්නද්දූලි කිරීම තම එකම ප්‍රාර්ථනය කරගත් අසත් පුරුෂයෙකි ඔහු. ඔහු නමින් ඉලයරාජ්ය. උපතින් බ්‍රාහ්මණය. ඉඩම් හිමිකරුය.

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,280.00.
  • -20%
    (0)

    ත්‍රිත්ව

    “ජීවිතය කියන්නේ රහස් ගොඩක් හංඟගෙන ජීවත් වෙලා මැරිලා යන එක නෙමේයි ලුසී. මගේ ජීවිතයේ රහස් නැහැ. තියෙන හැම රහසක්ම හෙළි කරන්න පුළුවන්. මම ලෙස්බියන්. මේ කතාව කියන්න කලින් මම ලුසීගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ එහෙම කාන්තාවකගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තවත් එවැනි ම කාන්තාවකට විතරක් නිසා”

     

    “මට ඒ ගැන හරියට ම පිළිතුරක් දෙන්න බැහැ මිස් යශෝධා.”

     

    ඇය එසේ කියත් ම යශෝධා එකපිට එක දමා සිටි ඇයගේ දෙපා වෙන් කර ගත්තා ය. ඒවා පොළොවට සමාන්තරව තබා මඳක් මෑත් කර ඉඳ ගත්තා ය. ඇයගේ දෙපා අතරින් පෙනෙන ඇය ඇඳ සිටි සුදු පැහැ පෑන්ටිය දෙස බැලු ලුසීගේ දෙනෙත් තුළ දිලිසීමක් ඇති විය. කොළ පැහැ දෙනෙතට සුර්ය කාන්තිය වැටීමේ දී ඇති වෙන දිලිසීම මෙන් ඒවා දිලිසුනෙන් යශෝධා ඒ දෙනෙත් දෙස එක එල්ලේ ම මොහොතක් බලා සිටියා ය. ඉන් පසු තම දෙපා යළිත් එකපිට එක දමා ගත් ඇය තවමත් සියුම් සිනහවකින් මෙසේ පැවසුවා ය.

     

    “මිසිස් ලුසී. මේක ටිකක් අමුතු කතාවක්.”

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -10%
    (0)

    දකින්න වෙනස්ව ජීවිතය – Atomic Habits

    ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩනැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වන ජේම්ස් ක්ලියර් විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී.

    ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.
  • -10%
    (0)

    දමරඣ – Damarajha

    ගලා යන දිය රළක මෙන් උස් පනත් වීම සහිත වූ රටාවකට  මුහුදු ලිහිණින් නෞකාවේ කුඹ ගස අන්තයේ ගෑවී නොගෑවී පියඹා ගොඩබිම දෙසින් හමා ආ සුළං ධාරා විඳ දරාගනිමින්, ඒවාට ප්‍රතිරෝධයට දක්වමිනි. ලිහිණින් රංචුවේ පුරෝගාමී ලිහිණියා රටාවේ ඊ හිසක් වන් තුඩ පියඹා ගියෙන් අන් පක්ෂීන්ට තිබුණේ ඌ ලුහුබැඳීම ම පමණකි. හිරු අතාංගගත වීමට හෝරා කීපයක් තිබුණෙන් ලිහිණින් ඇදෙන්නේ උන්ගේ කැදලි කරා විය නොහැක. සයුරු රළ අතරින් ඔබ මොබ හිස් ඔසවා තිබූ ගල් පර නොසැලකිය හැකි තරමේ වූ බැවින් මුහුදෙන් වෙන් වූ කදිම තටාකයක් වන කොටසකින් සුසැදි ගොඩබිම දෙසට ලිහිණින්ගේ පියා සැරිය යොමු වුයේ කුසට තවත් යමක් එකතු කර ගැනීමේ අභිලාෂය පෙරදැරිවය. ඒ ගෝකණ නතිත්ථය යි. ජම්බුද්වීපය ආශ්‍රිත සාගර කලාපයේ නාවුක වෙළහෙළඳාමේ ප්‍රබල කාරියක් ඉටු කරනා ගෝ කණ්නයේ චිරප්‍රසිද්ධ වරාය යි. මුදු ලිහිණින් රෑන පියඹා ගොස් දැවමය නෞකා තට්ටුවක් මත ගිමන් හරින්නට වූයේ තව මොහොතකින් වරායෙන් ඉවත දමන අබලි ද්‍රව්‍යයක හෝ ධීවරයන්ගේ අපද්‍රව්‍ය වල ඇති යමක් තම රාත්‍රී භෝජනයට ගෙන, වරාය ඉස්මත්තේ ඇති ගල් පරවල ඇති කැදලිවල සිටිනා තමන්ගේ පැටවුන්ට ද ඉන් කොටසක් රැගෙන යාමේ බලාපොරොත්තු ඇතිවය. සැලකිය යුතු තරමේ විශාල වරායේ නෞකා රාශියක් ගාල් කර තිබුණෙන් එහි පිරි ඇති කරදිය පරිමාව පිළිබඳ ඉහළ ප්‍රදීපාගාරයේ සිට බලනෙකුට සිතාගත නොහැකි ය. අ

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,620.00.
  • -10%
    (0)

    දිගාමඩුල්ලේ ආශ්චර්ය [මායාරංජන්] – Dhigamadulle achchrya

    සිරිමල් සහ මම, මඩකලපුවෙන් උදේ නවයට පිටත් වූ තැපැල් බස් රියේ නැඟුණෙමු. එය අප ද ගෙන මුහුදු වෙරළ ඔස්සේ දකුණු දිගට විහිදුණු මාවතේ ගමන් ගත්තේ ය. මුල් මයිල පසළොස තුළ දැත්ත හැකි මහත් ආශ්චර්යයෙක් නැති. තැනෙන මිටි පඳුරින් වැසුණු නිසරු වැලි බිම් ය. අතරතුර සරු පොල් වතු සහ කජු ඉඩම්ය. මානෙන් මාන, දෙමළ – මරක්කල සිරිත අනුව කටු පැළැලි. අතු පැළැලි ආදියෙන් ඇවුරුණු ගෙ මිදුලේ ඇති ගම් පිහිටියේ ය. පසළොස් වැනි මසිලංකණුව ‘කලුවංචිකුඩි’ නම් ගමැ විය. එතැන් සිට බසයේ සිටියකුට වම් පසින්, තැනින් තැන මුහුදත්. අතර තුර මඩකලපුවේ සිට කල්මුනේ අසලටම විහිදෙන කලපුවේ කොටසුත් පෙනේ. එහෙත් දකුණතින් පෙනෙනුයේ ගාස්තුවක් ගෙවා බලන්නට වටින දැකුමෙකි. එය නම් ගොවි – ඇසට මිහිරක් වන මනහර වෙල් එළියෙකි. මාවතේ කාණුවෙන් පටන් – ගන්නා කුඹුරුයාය ඇත – ඉතා ඇත. ඌවේ කඳුකරය පශ්චාද් භාග කොට – ගත් අඳුරු වන තිරය තෙක් ම එක එල්ලේ විහිද ගිය මනහර සමතලයෙකි. මඩකලපුවෙන් මයිල හැටහයක් දුර පිහිටි පොතුවිල තෙක් පමණක් මා දැක ඇති නමුත්, තොරතුරු අනුව දකුණු දිග වෙරළ දක්වාම ආදියෙහි පැතිර පැවැතියෙකි. එහෙයින් මෙය ම පැරැණි දිගාමඬුලු ජනපදයෙහි කීර්තියට දෙස් නොවේද? එපමණක් නොව මේ සිත්කලු දර්ශනය අවුරුද්දේ ඍතුවෙන් ඍතුව ඒ වෙස් ගෙන බැබැළෙන ඉඩමෙකි. වැසි කලට නිබඳ දියෙන් පිරි – ගත් කල කලපුවෙක සිරි ගන්නේය. ඊසාන මෝසම් වැස්ස අඩු වෙද්දී, පලාවන් ගොයමින් වැසී, හරිත වර්ණ සමුද්‍රයෙක ශෝභාව පාන්නේ ය. ගොයම වැඩෙද්දී දෙමළ – මරක්කල ගොවීන් ගේ පැල් පැන – නැගෙයි

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.
  • -20%
    (0)

    දියුණූවේ උපරිමයට 80/20 ක්‍රමවේදය – Diyunuwe uparimayata 80/20 kramawedaya

    පැරටෝ නීතිය (Parato Law) එනම් 80/20 මූලධර්මය ප්‍රත්‍යක්ෂ මූලික රීතියක් වන බැවින් එය ආර්ථිකය තුළ කලක් තිස්සේ පැවතුණේ පැහැදිලි කිරීමට මෙන්ම ක්‍රියාත්මක කිරීමට දුෂ්කර ආර්ථික න්‍යායයක් වශයෙනි. Josef Steindl 80/20 මූල ධර්මය තුළ ගැබ් වී ඇති 80/20 යනු කුමක්ද? *80/20 මූල ධර්මය යනු යම් කාර්යයක දී ඊට අවශ්‍යයෙන්ම යොදාගත යුතු හේතු කාරණා (causes), යෙදවුම් (inputs) හා යත්න දැරීම් (efforts) කුඩා ප්‍රමාණයක් එනම් 20% ක පමණ ප්‍රමාණයක් භාවිතයෙන් මුළු ප්‍රතිඵලයෙන් 80% ක් වැනි සුවිසාල කොටසක් අත්කර ගැනීමේ ක්‍රම වේදයක් වෙයි. * මෙම මූල ධර්මය උපයෝගි කර ගැනීමෙන් තොරව කරනු ලබන යම් කාර්යයක් වේ නම් ඊට යොදාගෙන ඇති උත්සාහයෙන් සහ අන්‍ය සම්පත් වලින් අතිබහුතර කොටසක් නාස්ති වීම නිසැකවම සිදු වෙයි.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -10%
    (0)

    දිස්පරයු – Disparue

    ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ නවතම කෘතිය #දිස්පර්යු  12. 12. 12 ට වසර පහකට පසුව නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම යළිත් පරීක්ෂණයක……

    2019 වසරේ ජුනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය.
    තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදහ්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය නොදී, ඒ අයුරින් අතුරුදන් විය.
    තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද? දින දෙකක් පුරාවට දිගහැරෙන,
    තාදී සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානි. නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම තාදි සමරසිංහ අබ‍්‍රහස කෙසේ විසඳහු ඇත්ද?

    Original price was: Rs. 1,750.00.Current price is: Rs. 1,575.00.
  • -10%
    (0)

    දුම් නැවකින් දුර ගමනක් – Dum Nawakin Dura Gamanak

    ආත්තම්මාගේ කදිම අදහස ලෝකේ ඉන්න වාසනාවන්ත ම ළමයින් තුන් දෙනා කවුද කියලා ඇහුවොත් මයික්, බෙලින්ඩා සහ ඈන් කියලා ඕනෑ ම කෙනෙක් කියයි. ළමයින්ගේ ජිවිතයේ ගොඩාක් කලාතුරකින් අත් දකින්න ලැබෙන හරි අපූරු සිදුවීම් ගොඩක් මැද ඒ අය ජිවත් වෙන හින්දයි හැමෝම එහෙම හිතන්නේ.

    Original price was: Rs. 380.00.Current price is: Rs. 342.00.
  • -10%
    (0)

    දුවකගේ කඳුළු – Duwakage Kandulu

    දුවකගේ කඳුළු ගැන…..
    ප්රේමකීර්ති ද අල්විස් නම් කලාකරුවා ගැන හෝ දයා ද අල්විස් නම් වු ප්රවීණ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදිකාව, නවකතාකාරිය, ගීත රචිකාවිය ගැන හෝ නොදන්නෝත් සාහිත්ය කලා ක්ෂේත්රයෙහි වෙත්ද? සුරංගී මේ සුප්රකට කලාකරුවන් දෙපොළගේ එකම දියණිය වුව එක වහලක් යටදී සිය මාපිය සෙනෙහස ලබන්ට තරම් වාසනාවන්තියක නොවූවාය. මන්දයත් සුරංගීගේ බාල කාලයෙහිම ප්රේම කීර්තිත් දයාත් නෛතිකව වෙන් වූ බැවිනි. මේ වෙන්වීම හෝ මෙබඳු වෙන්වීම් සංවේදී දැරියකගේ ජිවිතයට කවර නම් අයුරකින් බලපාතියි සිතිය හැකිද?

    “දුවකගේ කඳුළු’ නමින් මෙසේ එළිදකින්නේ ඒ සිතුවිලි සමුදායයි. සුරංගී මෙහිදී සමාජයට නොබියව හදවතට අවංකව අනුවේදනීය ස්වරයකින් සිය අත්දැකීම් ලොවට හඬගා කියන්නීය. එමගින් දෙදරා යන කුලගෙවල වසන යුවතිපතීන්ට ස්වකීය විවාහ සංස්ථාව ගැන යළි යළිත් සිතන්නට ඇරයුම් කර සිටින්නීය.
    මහාචාර්ය සුනිල් ආරියරත්න

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.
  • -10%
    silvabookshop.lk_Drushtimaanayata_Obbensilvabookshop.lk_Drushtimaanayata_Obben
    (0)

    දෘෂ්ටිමානයට ඔබ්බෙන් – Drushtimaanayata Obben

    යතුරු සාදන්නෙකුගේ දියණිය වූ මරි-ලෝ ලුබ්ලෝ සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවෙසට එන පාර සොයාගැනීම ඉගෙනගැනීම සඳහා ඇගේ පියා, පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩනඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය.

    වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙකි. තම පියා ජීවිතක්ෂයට පත්වූ ගල්-අඟුරු පතලේම ශ්‍රමය වැගිරීමට දෛවෝපගතවම ඔහුට නියම වී තිබේ. එහෙත් කැඩුණු රේඩියෝවක සුන්බුන් අහම්බෙන් සොයාගන්නා හේ, එය අලුත්වැඩියා කරන අතර, හදිසියේම ඔහුගේ දිවිය ශක්‍යතාවයකින් බැබළෙන්නට පටන්ගනියි. ඔහුගේ සහජ දක්ෂතාවයන් ඔහුට උසස් හමුදා ඇකඩමියකට ඇතුළුවීමේ වරම දිනා දෙයි.

    එහෙත් කෙතරම් කැපකිරීමක් කරනු ලැබුවද ඔහුට තම සිහිනය ලුහුබැඳ යාමට හැකිවේද?

    සැතපුම් සිය ගණනක් එපිට, මහා සාගරය අබියස පිහිටි, ප්‍රාකාරයෙන් වටවූ නගරයක, දීර්ඝ කාලයකට පෙර අහිමි වී ගිය කටහඬකට සවන්දෙන වයෝවෘද්ධ මිනිසෙක්, කිසිම දිනෙක සිය නිවෙසින් පිටතට අඩියක් හෝ නොතබමින් නවමු වචන හෙළිදරව් කරගනියි. තවමත් සිද්ධ නොවූ, එහෙත් සිදුවීමට ආසන්නව පවතින අනතුරක් විසින් ඔහුට සදාකාලිකවම නිවෙස තුළට වී ලෝකයෙන් සැඟවී සිටින්නට ඉඩදෙනු නොලැබෙයි.

    යුරෝපය දැඩි ලෙස යුද්ධය විසින් ගිලගනු ලැබුවා වූත්, එම අවාසනාවන්ත වාතාවරණය තුළ අනාවැකි පළකළ නොහැකි අන්දමට ජන ජීවිතය කඩා ඉහිරීගියා වූත් සමයක, නියමයක් නොමැති සියලුම විෂම දෑට එරෙහිව මිනිසුන් යහපත් දේ කිරීමට උත්සාහ කරනු ලබන්නේ කෙලෙසින්ද යන වග, ‘දෘෂ්ටිමානයට ඔබ්බෙන්’ නවකතාව ප්‍රදීපනය කරයි.

    එය ධෛර්යය, පරිත්‍යාගය හා කැපකිරීමෙහි චිත්තාකර්ෂණීය අන්දරයකි. එමෙන්ම නිර්දෝෂීභාවය වෙනුවෙන් ගැයෙනා අතිශය ප්‍රබල ශෝකාලාපයකි.

     

    Original price was: Rs. 2,600.00.Current price is: Rs. 2,340.00.
  • -20%
    (0)

    දෙයියො තමයි දන්නෙ..!

    සියා අරෝරා…

    අවුරුදු දොළහෙ පොඩි කෙල්ල…

    අම්මයි, තාත්තයි, නංගියි එක්ක

    සීයලගෙ මහ ගෙදරට යනව.

    නෑදෑ දරුවො එක්ක

    සෙල්ලම් කර කර ඉඳල

    රෑට නිදාගන්න යනව.

    පහුවදා උදේ සියා නෑ !

    අතුරුදහන්  !!

    සියාට මොකද වුණේ ?

    කැමැත්තෙන් යන්න ගියාද?

    හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද ?

    කා එක්ක හරි පැනලා ගියා ද?

    කවුරු හරි පැහැරගෙන ගියාද?

    විහිළුවට හැංගුණාද?

    ..ද ? ..ද ? ..ද ?

    දෙයියො තමයි දන්නෙ !

    Original price was: Rs. 1,700.00.Current price is: Rs. 1,360.00.
  • -10%
    (0)

    දෙවැනි ගැහැනිය

    පැරිස් නගරය වසන්තයට සැරසෙන එක් මනරම් සැඳෑවක, සුමිත්‍රා නානායක්කාර තම නිවසට ඇතුළු වුණු විට, ජීවිතය විනාශ කර දමන්නට සමත් වදන් දෙකක් ඇයට ඇසුණි.

    “මම යනවා.. ” ඇගේ සැමියා කීවේය.

    මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ් අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි.ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධීරාජ්‍යයක සැරිසරයි; .ගමන් බිමන් යයි; දවස ගත කරයි; ඇයත් සමඟ නින්දට යයි.

    ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.

    තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකියි.

    අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.

    මේ, ඒ කතාවයි…

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.
  • -10%
    (0)

    දෙහි – Dehi

    වැව් ඉහත්තෑවෙන් එන වැහි කුණාටුව දුටු සමන්මලී පය ඉක්මන් කළාය. හෝ හඬ නඟමින් ගසාගෙන පැමිණි මුරු ගසන් වරුසාව වැව් කණ්ඩිය පසු කළේ සමන්මලීට වඩා ඉස්සර වෙමිනි. බොරළු කැට වැනි වැහි බිඳු වැටීමෙන් ඉහළ නගින දූවිලි පුසුඹ ඉව කළ සමන්මලී හැල්මේ දුවන්නට වූවා ය. තෙමුණත් කමක් නැත. ඒත් තමන් අතේ වු කරදහි මල්ල නොතෙමි රැක ගන්න තිබුණොත් ඇතැයි සමන්මලී සිතුවාය. මොරසූරන වැසි දියෙන් තෙත බත් වූ සමන්මලී තුළ වැස්ස ගැන අබමල් රේණුවක තරම් වත් කෝපයක් ඇති නොවුණි. සමන් මලීට පමණක් නොව. ඒ මේ පළාතේ කවරෙකුට වුවද පොදු වූ හැඟුමෙකි. වැහි කාලය එළැඹෙන තෙක් අහසට නෙත් යොමා ගෙන සිටින, අඩියට දිය සිදී ගත් වැව් පතුළ, කරවී කේඩෑරි වී දුඹුරු පැහැය තවරා ගත් ගහකොළ තරමටම මේ ගම්වල මිනිස්සු වැස්ස අපේක්ෂා කළෝය. පැලට ගොඩ වෙන විට සමන්මලීගේ ඉහින් කනින් දිය බේරෙයි. අක්කේ මොනවයි මට කන්න ගෙනාවේ….?” බාලයා සමන්මලී අසල දැවටුණාය. සව් බොරෝ වගයක් ඇති…….නංගිටත් දීලා කන්න….” දිය බේරෙන ඇඳුම් උනා දැමු සමන්මලී සායම් දිය වී පැල්ලම් මතු වුණු පරණ චිත්ත ගවොම ඇඳ ගත්තාය.

    Original price was: Rs. 645.00.Current price is: Rs. 580.00.
  • -20%
    (0)

    ධනවත් පියා,දිළිඳු පියා

    Rich dad, Poor dad ග්‍රන්ථය රචනා කළ රොබට් ටී. කියෝසාකි සැලකෙන්නේ ලක්ෂපතියන්ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක්ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් , අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම, පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුමක්ම පමණක් වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලු වලට මුහුණ දෙන බවද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපිව අලුත් විධියට සිතන්නට පුරුදු කරන ග්‍රන්ථයක් බව ඔබට කීවේ එහෙයිනි. එමෙන්ම මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි. මන්ද මෙහි සෑම වදනකින්ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -10%
    No thumb
    (0)

    ධවල තල්මසාගේ කතාපුවත – story of the white whale

    මට ඉස්මසිල් කියන්න. මීට අවුරුදු කීපයකට පෙර අවුරුදු ගණන නිවැරදිව න නොගත්තාට කම් නැත. මා මුහුදු ගිය ගමනක් ගැන කතාවක් ඔබට කියනු කැමැත්තෙමි. අත මිට මිල මුදල් සිඟ වූ විට හෝ, ගොඩවීම කර දෙයක් නැති වූ විට හෝ, ජීවිතයේ කිසියම් වෙනසක් අවශ්‍ය වූ විට හෝ මුහුදු ගොස් ලෝකයේ ජලයෙන් වැසුණු ප්‍රදේශ දැක බලා ගැනීමට මම කැමැත්තෙමි. මෙය සිතේ ඇති වන කෝපය පලවා හැර රුධිර පීඩනය හසුරුවා ගැනීමට මා විසින් ඇති කර ගන්නා ලද එක්තරා උපක්‍රමයකි.

    Original price was: Rs. 450.00.Current price is: Rs. 405.00.
  • -20%
    (0)

    ධවල පිල්ලි – Dawala pilli

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවී සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර. ත්‍රිකුණාමලය හා පේදුරු තුඩුව අතරින් මුලතිව් වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළෙන් බදාදා රාත්‍රියේ දිවයිනට ඇතුළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සුළි කුණාටුව සමඟ සුළඟේ වේගය පැයට කිලෝමිටර අසූවත් අනුවත් පමණ වන අතර, විටින් විට එය පැයට කිලෝමිටර් 100 දක්වා වැඩි විය හැකි බවත් මෙය ක්‍රම ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කොට මන්නාරම් බොක්ක වෙත, බ්‍රහස්පතින්දා එනම් හෙට දින උදෑසන වන විට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔවුන් වැඩි දුරටත් පැවසූහ. සුළි කුණාටුව නැගෙනහිර වෙරළට ආසන්න වන අවස්ථාවේදී මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටර් එකක් පමණ ඉහළ යා හැකි බවද විශ්වාස කෙරේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මේ හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 80 – 100 ත් දක්වා ඉහළ යා හැකි බවයි.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -10%
    (0)

    නදීතෙර කුංචනාදය – Nadeethera kunchanadaya

    ශ්‍රී ලංකාවේ වන ගහනයේ සතා ගහකොළ ගැනත්, ගිරි කඳුරු ගැනත්, ඒවායින් ප්‍රාණ වායුව ලබන වනවාසී ගැමියා ගැනත් සිංහල පාඨකයාට කියවන්නට ලැබුණේ සුද්දන් විසින් ඉංගිරිසියෙන් ලියන ලදුව පසුව සිංහලයට පෙරළුණු පොත්වලිනි. ලෙනාඩ් වුල්ෆ්, ජෝන් ස්ටීල්, ආර්. එල්. ස්පිට්ල් ආදීන් දුටු වන අසිරිය පරිවර්තකයන්ගේ මැදිහත් වීමෙන් සිංහලයට පැමිණිය ද පාඨකයා ඒවා පිළිගත්තේ උණුසුම් ලෙසකිනි. එහෙත් ඊට වැඩි ආශ්චර්යයක් සිංහල පාඨකයාට ලබා දීමට සමත් වූයේ – වඩාත් ලෙන්ගතු පිළිගැනුමකට ලක් වූයේ සිංහලයේ ප්‍රථම වන විත්ති සාහිත්‍ය කානිය වූ “දිගාමඩුල්ලේ ආශ්චර්යය යයි කීම ඉහත ලේඛකයනට කරන මදිපුංචි කමක් නොවේ. ඉංගිරිසින්ගේ පමණක් අවධානයට ලක් වූ වනය හා වනවාසී ගැමියා ලේඛනයට මූලාශ්‍ර කරගෙන සිංහලයේ වනවිත්ති සාහිත්‍යයේ පුරෝගාමියා වීමේ භාග්‍ය හිමිකර ගත්තේ “මායා රංජන් නැමැත්තෙකි. 1948 දී දිගාමඬුල්ලේ පාසලක ගුරුවරයකු වශයෙන් සේවයට ගිය වේයන්ගොඩ මහානාම රාජපක්ෂ මහතා දිගාමඩුල්ලේ ගැමියන් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනයක යෙදුණේය. දස වසරක් පමණ දකුණු වැව්ගම් පත්තුවේ වාසය කළ හෙතෙම දිගාමඬුලු ගැමියකු තරමට ජනතාවට බද්ද වූයේය. ගැමි දරුවනට අකුරු කරවමින්. ගැමියන් සමග හේන් කරමින්, දඩයමේ යමින් ලැබූ අත්දැකීම් ඇසුරින් ඔහු ලියූ දිගාමඬුල්ලේ ආශ්චයය (1957) නම් අගනා ග්‍රන්ථය “මායා රංජන්’ නමින් සිංහල සාහිත්‍ය වංශ කථාවට එක් වූවේය. කැළෑබද ගැමියන් ගේ හෘදය ස්පන්දනයේ රිද්මය කැටි වී ඇත්තේ ඔවුන්ගේ සජීවී බස්වහර තුළය. ඔවුන්ගේ ගැමි සුවඳ වහනය වෙන්නේ පාරම්පරික සිරිත් විරිත් හා ඇවතුම් පැවතුම් තුළය. වනයට මෙන්ම සිංහල ගැමියනට ද ආගන්තුක වූ ඉංගිරිසි

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -20%
    (0)

    නයගරා වික්‍රමාන්විතය – Nayagara wikramanvithya

    මෝරෙක්  මා සිටින දෙසට වේගයෙන් පිහිණා එයි. මෝරාගේ විවර වූ මුව තුළ සිය ගණනක් වූ තියුණු දත් විලිස්සී තිබේ. උගේ දෑස මලානිකය. එහි තැවරී ඇත්තේ බිහිසුණු බවකි. කිසිදු ආකාරයක සමාවක් ඒ දැවල නැත්තා සේය. පැහැදිලිවම මෝරා මා දෙසට හඹා එන්නේ කාලෙකින් ලැබුණු නැවුම් මිනිස් ආහාර වේලක් ගිල දැමීමේ දැඩි උනන්දුවකිනි. මගේ මරණය බලාපොරොත්තුවෙන් සිටින්නේ මේ බිහිසුණු මෝරා පමණක් නොවේ. පිහිණුම් ඇඳුම් කට්ටල වලින් සැරසී ඊතළ තුවක්කුවලින් සන්නද්ධ වූ නපුරු මිනිසුන් දෙදෙනෙකුද තමන්ට පැවරුණු රාජකාරිය නිමා =කිරීමේ අරමුණෙන් මා පසුපස ලුහු බඳිමින් සිටිති. මෝරාගේ තර්ජනයෙන් මා ගැළවුණොත් මිනිසුන් මා නසා දැමීමේ රාජකාරිය අවසන් කරනු නිසැකය.

    Original price was: Rs. 680.00.Current price is: Rs. 544.00.