-
(0)By : Nick Vujicic
නැවතුම් නැති ජීවිතේ – Nawathum Nnathi Jeewithe
Rs. 1,250.00Rs. 1,125.00අතපය නැතිව ඉපැදුණු නික් සිය ජීවිතය ජය ගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත ‘සීමා නැති ජීවිතේ‘ ලොව පුරා අළෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘නැවතුම් නැති ජීවිතේ‘.
-
(0)By : Melanie Golding
ලිට්ල් ඩාලින්ස් – Little Darlings
Rs. 1,700.00Rs. 1,530.00ලෝරන් ට්‍රැන්ටර් කුලුඳුලේම නිවුන් දරුවන් ලද්දියකි. සෑම අයෙක්ම පවසන්නේ ඈ මානසික ව්‍යාධියකින් පෙළෙන බවයි. නමුත් ඇයට අවශ්‍ය ඇගේ දරුවන් ය. ඇගේම දරුවන් ය.
ජොආනා හාර්පර්… සියලුදෙනා දකිනු ඇත්තේ ඈ හිත්පිත් නැති පොලිස් නිලධාරිනියක ලෙසය. නමුත් ඇය දරු සෙනෙහස හිත පතුලේ සඟවාගෙන වේදනා විඳින්නීය. ඇයට අවශ්‍ය සිය කුසින් බිහි කළ දරුවාගේ මුවින් ‘අම්මා’ යැයි ඇසීමටය.
මවකගේ සහජ බුද්ධිය ගණනය කළ යුතු බලවේගයකි. එයට අඳුරුතම කුණාටු හරහා ඇයට මඟපෙන්විය හැකිය.
මේ ඒ අම්මාවරුන්ගේ කතාවයි.
-
(0)By : Anthony Doerr
දෘෂ්ටිමානයට ඔබ්බෙන් – Drushtimaanayata Obben
Rs. 2,600.00Rs. 2,340.00යතුරු සාදන්නෙකුගේ දියණිය වූ මරි-ලෝ ලුබ්ලෝ සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවෙසට එන පාර සොයාගැනීම ඉගෙනගැනීම සඳහා ඇගේ පියා, පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩනඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය.
වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙකි. තම පියා ජීවිතක්ෂයට පත්වූ ගල්-අඟුරු පතලේම ශ්‍රමය වැගිරීමට දෛවෝපගතවම ඔහුට නියම වී තිබේ. එහෙත් කැඩුණු රේඩියෝවක සුන්බුන් අහම්බෙන් සොයාගන්නා හේ, එය අලුත්වැඩියා කරන අතර, හදිසියේම ඔහුගේ දිවිය ශක්‍යතාවයකින් බැබළෙන්නට පටන්ගනියි. ඔහුගේ සහජ දක්ෂතාවයන් ඔහුට උසස් හමුදා ඇකඩමියකට ඇතුළුවීමේ වරම දිනා දෙයි.
එහෙත් කෙතරම් කැපකිරීමක් කරනු ලැබුවද ඔහුට තම සිහිනය ලුහුබැඳ යාමට හැකිවේද?
සැතපුම් සිය ගණනක් එපිට, මහා සාගරය අබියස පිහිටි, ප්‍රාකාරයෙන් වටවූ නගරයක, දීර්ඝ කාලයකට පෙර අහිමි වී ගිය කටහඬකට සවන්දෙන වයෝවෘද්ධ මිනිසෙක්, කිසිම දිනෙක සිය නිවෙසින් පිටතට අඩියක් හෝ නොතබමින් නවමු වචන හෙළිදරව් කරගනියි. තවමත් සිද්ධ නොවූ, එහෙත් සිදුවීමට ආසන්නව පවතින අනතුරක් විසින් ඔහුට සදාකාලිකවම නිවෙස තුළට වී ලෝකයෙන් සැඟවී සිටින්නට ඉඩදෙනු නොලැබෙයි.
යුරෝපය දැඩි ලෙස යුද්ධය විසින් ගිලගනු ලැබුවා වූත්, එම අවාසනාවන්ත වාතාවරණය තුළ අනාවැකි පළකළ නොහැකි අන්දමට ජන ජීවිතය කඩා ඉහිරීගියා වූත් සමයක, නියමයක් නොමැති සියලුම විෂම දෑට එරෙහිව මිනිසුන් යහපත් දේ කිරීමට උත්සාහ කරනු ලබන්නේ කෙලෙසින්ද යන වග, ‘දෘෂ්ටිමානයට ඔබ්බෙන්’ නවකතාව ප්‍රදීපනය කරයි.
එය ධෛර්යය, පරිත්‍යාගය හා කැපකිරීමෙහි චිත්තාකර්ෂණීය අන්දරයකි. එමෙන්ම නිර්දෝෂීභාවය වෙනුවෙන් ගැයෙනා අතිශය ප්‍රබල ශෝකාලාපයකි.
-
(0)
කන්ද උඩ ගින්දර
Rs. 1,750.00Rs. 1,575.00ළැම ගින්න දරාගන්න බැරුවාමයි මයෙ දෙයියෝ තුන් තිස් පැයේ ලැව් ගින්නේ පිච්චෙනවා ගං ඉවුරේ පියවර ලකුණු මැකී යන්නෙ නෑ ගල් බෙයඳේ සිරියහනේ පුසුඹ දැනෙනවා රළු පරළු යෝධ ගල් බෙයඳේ රජ බිසෝ සිරි යහන සසැඳේ ගඟ වැටුණු මලිනි ගෙල බැන්දේ පති පතිනි කුල දහම් වින්දේ හුන්නස්ගිරිය කන්දේ මහතලා මයෙ හුස්ම වින්දේ සෙංකඩගලට දුර වැඩිදෝ මයෙ පියවර දිග මදිදෝ හිමි සඳුනි මයෙ රජුනි පති කුලේ ගින්දරයි තනි යහනේ නින්ද නෑ මයෙ දෙයියෝ…….
-
(0)
වන අලින්ට කළ වෙදකම්
Rs. 780.00Rs. 702.00වනජීවී පශු වෛද්‍ය ප්‍රමුදිත, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පශු වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවයෙහි යෙදී සිටියදී විශේෂයෙන්ම වන අලින්ට කළ වෙදකම් අළලා ලියැවුණු මේ කෘතිය ‘වන සතුන්ට වෙදකම් කළ දහ තුන් වසරක්’ නම් ඔහුගේ ප්‍රථම කෘතියෙන් සාකච්ඡා නොවූ දෑ සවිස්තරව පහදා දෙයි. ඊට අමතරව ඔහුගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී අත්දැකීම් පිළිබඳ තොරතුරු ද මෙහි ඇතුළත් ‘රාජකාරි මතකය’ නම් පරිච්ඡේදයේ අඩංගු වෙයි. ප්‍රථම කෘතිය ලෙසින්ම මෙම පොතද, නිසැකවම සියලුම වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන්ට ද, සියලු වනජීවී ලෝලීන්ට හා පාසල් දරුවන්ටද මහත් ප්‍රයෝජනවත් කෘතියක් වනු නිසැක ය.
-
(0)
ප්‍රමුදිත ජීවිතයක්
Rs. 780.00Rs. 702.00දළයි ලාමාත්, අගරදගුරුතුමනුත් අපේ යුගයෙහි අසහාය ආධ්‍යාත්මික නායකයන් මෙන් ම, ඔවුන්ගේ සම්ප්රදායයන් ඉක්මවා සමස්ත මානව වර්ගයා සඳහා වූ සදාචාරවත් සමාජයක් වෙනුවෙන් හඬ අවදි කරන්නවුන් දෙපළකි.පහසුවෙන් අප ව ගොදුරු කර ගැනෙන, නිෂ්ඵල දේ කතා කරමින් ජනප්‍රිය වීම පිළිකෙව් කරන මෙතුමන්ලා තුළ, මානව වර්ගයා කෙරෙහි පවත්නා දිරීමත් බව, ඉවසීම සහ අපේක්ෂා සහගත සන්සුන්කම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තුළ බලාපොරොත්තු දල්වයි. එතුමන්ලා අත්දකින ගැඹුරු සතුට පහසුවෙන් ඇති කරගත හැක්කක් නොවන්නේ, එය හිරිහැර, මර්දනය සහ අරගලය නමැති ගිනි මැද ගිනියම් ව සැකසුණක් බැවිනි. දළයි ලාමාත්, අගරදගුරු තුමනුත් සිහිපත් කරවන්නේ, සත්‍ය වශයෙන් ම සහජ අයිතියක් වන ප්‍රමෝදය සතුටු වීමට වඩා මූලික බව ය. -
(0)
විශිෂ්ට පියවර
Rs. 600.00Rs. 510.00හැකියාව ලාභ භාණ්ඩයක්එපා වෙන්න කලින් නවත්වන්නකියවන්න එපා. ප්‍රතිඵලය පෙන්වන්නමෘදු වතුර ගලා යන්නේ රළු ගල් මතින්කුමාරයෙක් නොවී ග්ලැඩියේටර් කෙනෙක් වෙන්න -
(0)
ජීවිතයට ගරු කරන්න
Rs. 1,200.00Rs. 960.00ස්වාමි පුරුෂයෙකු හා බිරිඳක අතර ගෞරවය පෙන්නුම් කරන්නේ කෙසේද? බිරිඳ සැමියාට බියෙන් ජීවත් වීමක් අපේක්ෂා කරන්නේද?’ ඔය මිනිහා ගෑනිට බයයි’ මේ අදහසින් ගම්‍ය වන්නේ බිරිඳ සැමියාට යටත්ව, බියෙන් ජීවත්වීම අපේක්ෂා කළ බවද? බියෙන් හෝ යටත්ව ජීවත්වන තැන ගෞරවයක් පවතීද? ගෞරවය පවතින්නේ පුද්ගලයෙකුට අභිමානයක් හා ආත්ම සම්මානනයක් ඇතිව ජිවත් වීමට හැකි වූ විටය. ‘අභිමානය ‘ යනු මට තිබේ යැයි සිතීමය.’ ආත්ම සම්මානනය ‘ යනු මට පුළුවනැයි සිතීමය.
-
(0)
ආදරය දැනෙන්න ජීවත්වෙන්න
Rs. 880.00Rs. 704.00මේ The Grnanois Guide (සිංහල පර්වර්තනය; නොගත් ගිරි හිස හෙතින් ඉවතටෝ පොතේ දෙවන පියවරයි, රොන් ෂර්මා වේහිදීත් සිය අපූර්ව අන්තඥානයන් හා ලොව විශිෂ්ටත්වයට, සාර්ථකත්වයට පත්කරලීමේ ක්‍රමවේදයන් ඔබ හා බෙදා හදා ගනියි. ජීවිතය ජය ගැනීමට, එය සාර්ථක කරගැනීමට මේ සිතුවිලි සහ උපක්‍රම ඔබට බොහෙවින් උපකාරී වනු ඇත. . වැඩ කිරීමේදී සහ පුද්ගලික දිවියේදී ලෝක මට්ටමට ළඟා වීමට* මන බඳනා සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමේ හොඳම මග හදා ගැනීමට අසාමාන්යයකුවීමට අවැසි ආවේගය, ආශාව, උද්යෝගය මතුකර ගැනීමට* දිවියේ සතුට සොයා යාමට හා වඩාත් විනෝදකාමීව ජීවිතය ගෙවීමට* ජීවිතයේ දුෂ්කර අවස්ථාවන්ට දිර්මත්ව සහ නිහතමානීව මුහුණ දීමට* ඔබේ පුද්ගලික දිවිය මෙන්ම වෘත්තියමය දිව්‍ය වඩාත් සරල කර ගැනීමටමෙයින් ඔබට අසාමාන්‍ය උපදෙස් රැසක් ලැබෙනු ඇති, එළඹී ඇත්තේ ඖධී වාරයයි. ඉහළ මිනිස් දිවියක් නිමිකර ගැනීමට ඔබටත් පුළුවන්, අවැසි වන්නේ එයට නිසි මඟ පෙන්වීමක් සහනොසිඳෙන දිරියයි. වේ. එය ලබාදෙන, එය මතුකරලන පිළිණයක් -
(0)
නැතිවුණු කුමාරයා
Rs. 1,275.00Rs. 1,083.75මාර්කෝ ලොරිස්ටන් වයස අවුරුදු දහයක පමණ කොලූග ැටයෙකි. මව නොමැති ඔහුට පියා හා ලාසරස් සමග විවිධ රටවල සංචාරය කරන්නට සිදුවේ. ඒ, එක්තරා රහසිගත කාර්යයකට බව ඔහු නොදනී. පාසල් නොගියත් ඔහු තම අනාගත ජීවිතය ගොඩනගා ගැනීමට අවැසි සියලූ ගුණාංග පියාගෙන් උකහා ගන්නා හැටි පුදුම සහගතය. ස්ටෙෆන් ලොරිස්ටන් තම දේශය වූ සමාවියාව පිළිබඳව දැඩි ඇල්මක් ඇති, එය වෙනුවෙන්ම කැපවූ කෙනෙකි.අහම්බෙන් හමුවෙන මීයා හෙවත් ජෙම් රැුට්ක්ලිප් සමග මිතුරු වෙන මාර්කෝ අමුතු සෙල්ලමක් පටන් ගනියි. ඒ සෙල්ලමේ අවසානය සමාවියාවේ ඔටුන්න හිමිකරුවා හෙවත් නැතිවුණු කුමාරයා සොයා ගැනීම දක්වා දිවෙන ආකාරය අපූරුය. රසවත්ය. ඔවුන් සොයාගන්නා ඒ සැඟවුණු කුමාරයා කවුරුන්ද? -
(0)
අවිකාරයන්ගේ කවිකාර ලියවිලි
Rs. 1,000.00Rs. 900.00සීගිරියේ කුරුටු ගී ගැන ඉතිහාසයේ පටන් කතාකරයි. එසේම සිපිරිගෙය තුළද නේවාසිකාගාර තුළද වෙනත් එවැනි වූ පොදු ස්ථානවල ද ඕනෑතරම කුරුටු ගී ලියවී ඇත. තමුත් ඒ සියල්ල අතරේ අව් ගැටුණු යුද බිම තුළ ද එවැහිම කුරුටු ගී විශේෂයක් ලියවී තිබුණු බව යුද බිමෙහි අත්දැකීම ලැබූවන් හැරෙන්නට සමාජයේ වැඩි දෙනෙකු නොදනිති.මරණය අහඹුවක් නොවූ රණබිම තුළ සෑම ක්‍රියාකාරකමක්ම සිදුවූයේ රණවිරුවන්ගේ දහඩිය, කඳුළු, රුධිරය පිරි සංවේදී මැදිහත් වීම් මතින්ය. රුවන්ගේ සුසුමක උණුසුමත්, සිනහවක දීප්තියත් මෙම කෘතිය හරහා අංශු මාත්‍රයකින් හෝ පාඨක ඔබට දැනේ නම් මේ පොත වෙනුවෙන් මා ගත් උත්සාහය සාර්ථකය. -
(0)
අවි බිමක ගිනියම
Rs. 1,400.00Rs. 1,260.00තැන තැන බිම වැට ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝපුල් හීන්අප්පුගේ උත්සාහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය. කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප්රයත්නය ගස්ලබ ගසේ ඉහළ සිට පහළට රක්ත වර්ණයෙන් සටහන් වූයේය. භට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ. සහයට පැමිණි හෙලිකොප්ටරය ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ ගොඩබැස්සවීමට නොහැකි වූයෙන් ගුවනේ නොපෙනී යන අයුරු කොකාවිල්ගි සෙබල බලා සිටියහ. ඒ වනවිටද ලුතිනන් අලදෙනිය හින්අප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය. මද්දහනේ අවි රශ්මිය භට නිවාසයේ වහලය විනිවිවද දැනෙන්නට විය. අවසානයේ සියල්ල ගිනියම් වූ මොහොතක කෝප්රල් හීනප්පු සිතල සිරුර පමණක් සහෝදර සගයන්ට ඉතිරි කළේය.
-
(0)
රෝස මාලිගාවේ මනුසත්තු
Rs. 1,100.00Rs. 990.00යළිත් වරක් සාමා වෙතින් ලබන්නා වූ විරහ වේදනාව සමනය කරන්නට කාලයට ඉඩ දෙන්නට නො හැකි ය. ජීවිතය කිසි දිනක දෙවන අවස්ථාවක් ලබා නො දෙයි. ජිවත්වනට ඇත්තේ තවත් කෙටි කාලයක් විය හැකි ය. ඒ කෙටි කාලයේ සාමා ලබා ගනිමින් ජීවත් වන්නේ ද , එසේත් නැතිනම් පෙර පරිදි ජීවිතයට අයාලේ යන්නට ඉඩ දෙන්නේදැයි තීරණය කිරීමේ බැරෑරුම් අවස්ථාව දැන් පැමිණ ඇති බව නිහාල් තේරුම් ගත්තේ ය. වසර ගණනාවකට පෙර තමා ව මුලා කළ ගැහැනිය නො දැක පැරීසියෙන් පිටත ගියා නම් මේ ව්‍යාධිය සිතට දැනෙන්නේ නැත. දැන් යළිත් ඇගෙන්, ඇගේ පරිසරයෙන් ගැලවෙන්නට නො හැකි ය. මේ වාරයේ කෙසේ හෝ සාමා ව අත්කර ගන්නෙමියි ඔහු සිතුවේ ය. ඇගෙන් පළිගැනීම ඉන් පසුව කළ හැකි ය.
-
(0)
ආසික්ලන්තය
Rs. 1,400.00Rs. 1,120.00මා ඔබට කතාවක් පවසමි.
ඔබ මෙය විශ්වාස නොකරනු ඇත.
එය විශ්වාස කරන්නැ’යි
මම බල කරන්නේ ද නැත.
එහෙත් මෙය කියවන විට
“ඔබේ මනස හැකිතාක් විවෘත ව
තබා ගන්නැ’යි”
පමණක් ඉල්ලා සිටිමින්,
මම කතාව ආරම්භ කරමි
-
(0)
වීනස්
Rs. 1,300.00Rs. 1,040.00“මම උඹත් එක්ක විවාහ වෙනවා කෙල්ලේ, දවසක අපි අපිව පිළිගන්න දෙවි කෙනෙක් ළඟට ගිහින් සුදු පාට මගුල් ගවුමක් ඇඳලා විවාහ වෙමු. ඊට පස්සේ මේ වගේ ලස්සන පළාතක පුංචි ගෙයක් හදාගෙන ජීවත් වෙමු”මම සිප ගනිද්දී එයා එක දිගටම කියවන්න ගත්තා. හරියට ඒ සේරම එයා ගොඩක් කාලෙක ඉඳන් හිතාගෙන හිටියා වගේ.“ඊට පස්සේ”මම ඇහැව්වා.“ඊට පස්සේ, අපි දරුවෙක්ව හදාගන්න ගමු”“මම කළුයි. ඔයා සුදුයි. ඉතින් මොනවගේ දරුවෙක්වද අපි හදාගන්න ගන්නේ?” “ඔයාගේ පාට… මම කැමතියි උඹේ පාටට, මගේ සමන්තාගේ පාටට” -
(0)
මීෂා
Rs. 980.00Rs. 784.00අර්මේනියාවේ වැනර් ප්‍රදේශයේ සිදුවූ අමානුෂික ඝාතන දාමයෙන් සහා එමිලින්ගේ මරණයෙන් පසුව, “ගෝර්” ජීවත් ව සිටි නිවස මුළුමනින්ම ගිනිබත්ව විනාශ වි ගියේය. ගෝහා නම් වූ එම භයංකාර ආත්මය නිවසේ පිටුපස ඇති ඕක් ගසක් මත තනා තිබුණු “අට්ටාලමක්” තම වාසස්ථානය කොට ජීවත් වීමට පටන් ගත්තාය.
ගෝහාගෙන්, නිවුන් සොහොයුරාගේ ජීවීතයට අනතුරක් වේ යැයි සිතූ ඇගේ මිත්තනිය ඇයගෙන් පොරොන්දුවක් ගත්තාය. ”ඇය කිසිම දිනෙක මෙම අට්ටාලය ඇති මායිමෙන් පිටතට නොපැමිණිය යුතුය.” කතාව පටන් ගන්නේ මෙතැන් සිටය. අතිශයින්ම භයංකාර වූත්, ගුප්ත, කුතුහලයෙන් පිරී ගිය මෙම වෘත්තාන්තය අර්මේනීයාවේ සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් මූලාශ්‍ර කොටගෙන ලියවී ඇත.
මෙය ගෝහාර් පොතේ තවත් කොටසක් නොව “වෙනම” පොතකි.
-
ප්‍රමුදිත ජීවිතයක්
Rs. 702.00දළයි ලාමාත්, අගරදගුරුතුමනුත් අපේ යුගයෙහි අසහාය ආධ්‍යාත්මික නායකයන් මෙන් ම, ඔවුන්ගේ සම්ප්රදායයන් ඉක්මවා සමස්ත මානව වර්ගයා සඳහා වූ සදාචාරවත් සමාජයක් වෙනුවෙන් හඬ අවදි කරන්නවුන් දෙපළකි.පහසුවෙන් අප ව ගොදුරු කර ගැනෙන, නිෂ්ඵල දේ කතා කරමින් ජනප්‍රිය වීම පිළිකෙව් කරන මෙතුමන්ලා තුළ, මානව වර්ගයා කෙරෙහි පවත්නා දිරීමත් බව, ඉවසීම සහ අපේක්ෂා සහගත සන්සුන්කම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තුළ බලාපොරොත්තු දල්වයි. එතුමන්ලා අත්දකින ගැඹුරු සතුට පහසුවෙන් ඇති කරගත හැක්කක් නොවන්නේ, එය හිරිහැර, මර්දනය සහ අරගලය නමැති ගිනි මැද ගිනියම් ව සැකසුණක් බැවිනි. දළයි ලාමාත්, අගරදගුරු තුමනුත් සිහිපත් කරවන්නේ, සත්‍ය වශයෙන් ම සහජ අයිතියක් වන ප්‍රමෝදය සතුටු වීමට වඩා මූලික බව ය.