• (0)

    රාවණා මෙහෙයුම 2 – Rawana Meheyuma 2

    බැලු බැලු අත කිසිම මනුස්සයෙකු, සිය කිමිදුම් සගයෙකු තියා මාළුවෙකුවත් පෙනෙන්නට නොමැති අඳුරු නීල වර්ණ සමුදුරු අගාධයේ තමන් තනි වූ බව පෙනෙන්නට තිබුයෙන් ඇය දැඩිසේ කම්පනයට පත් විය.

    සන්නිවේදකය හරහා උදව් ඉල්ලා කෑ ගැසීමට ඈ හඬ නැඟුව ද මුවින් හඬක් පිට වුයේ නැත. අත පය සීතල වනු ඇයට හැඟුණි. ගතම සෙලවිය නොහැකි සේ ගල් වී ඇත. ත්‍රාසයෙන් අසරණව, අන්ධකාර සමුදුරු අගාධයෙහි තනි වී කරකියා ගත හැකි දෙයක් නොමැතිව, ඉහළ සාගර තලය දෙස ඇය හිස් බැල්මක් යොමු කළාය.

  • -20%
    (0)

    පිටසක්වළින් ආ අද්භූත සත්ත්වයා – Pitasakwalin Aa Adbootha Sathwaya

    ” මම තව බැටෑලියන් එකක් යැව්ව. ඒ අය කැලේ ඇවිද්දෙ නැහැ උඩින් බැහැල ඉක්මනින් ආපහු ආව. ඒ අය තමයි ඔය මිනී ටික ගෙනාවෙ. ඉන් පස්සෙ මං බුද්ධි ඒකකයෙ 10ක් යැව්වා ඔත්තු බලන්න. දක්ෂම කොල්ලො ටිකක්. ඒ අය ආපහු ආවෙත් නැහැ.”
    ” කර්නල් අපි තවත් පමා වෙන එක හොඳ නැහැ. මම
    දැන්මම පිටත් වෙන්නම්. මට දෙන්න කොල්ලො දෙතුන් දෙනෙකුයි හෙලිකොප්ටරයකුයි. ගෝත්‍රිකයෝ නෙමේ යක්කු වුණත් කුදලාගෙන එන්නම් මම. “

    Original price was: Rs. 300.00.Current price is: Rs. 240.00.
  • -10%
    (0)

    අපේ රාජ්‍යය [මායාරංජන්] Ape rajjaya

    සිතන්නට හැකි අප සැම දෙනාට ම රාජ්‍යයක් තිබේ. ඒ. අපේ රාජ්‍යයයි. එය අපේ සිහින නැතිනම් සිතුවිලි සමඟ බද්ධ වූවකි. “අපේ රාජ්‍යයේ පාලකයන්, පලිතයන් ද අපි මැ වෙමු. එනිසා කාටවත් අපේ රාජ්‍යයට හිමිකම් කීමට නොහැකි ය. යටත් කර ගැනීමට හෝ කොල්ලකෑමට නොහැකි ය. සැබැවින්ම අපේ රාජ්‍යය වූ කලී අපට ම අනන්‍ය වන ස්වාධීන සිහිනයකි.  මායාරංජන් ලේඛකයා මේ සිහිනය අප මෙන් දුටුවෙකි. එහෙත් ඔහුගේ රාජ්‍යයේ දිග පළල මතු නොව හිමිකම පාඨක ලෝකයට නිර්ලෝභීව දායාද කළේය. ඒ. අපේ රාජ්‍යය’ කෘතිය මඟිනි. වසර මිලියන ගණනක සිට අපි වන පෙත් අතර දිවි ගෙවමු. ගහකොළ සතා සිව්පාවා මෙන්ම දියකඳුරු යනු අපගේ ලේ නහර මෙන් බැඳුණු ජීවයකි. නූතනයේ නාගරික හෝ අර්ධ නාගරිකව දිවි ගෙවමු. එහෙත් වසර මිලියන ගණනක සිට අප රැස් කළ වනපෙත ආශ්‍රිත දිවිතතු මතක පොසිල ලෙස රැඳී තිබෙන වග ද අපි දනිමු. එහෙයින් මායාරංජන් පාඨක අපට අපේ රාජ්‍යයට අඬ ගසන විට කෙසේවත් මඟහැර යා නොහැකි ය. අප සියලු බැඳීම් අත්හැර මතක පොසිල ඔස්සේ අතීත වන පෙතට ඇදී යන්නේ නිරායාසයෙනි. දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන් කුල්මත් කළ සිතැතිව ඒ මතක මංපෙත් දිගේ වනපෙත පීරා එහි සැරි සැරීමට ද ගඩාගෙඩි කමින් සතුන් අතර නිදහස් – නිවහල් මිනිසකු ලෙස සැරි සැරීමට මහසේ ආශා කරමු. මායාරංජන් වනපෙත ඔසුවක් කොට අප සිතට පොවන්නේ අනේකවිධ අතවරයන් නිසා රෝගී වූ පාඨක සමාජයට ඇති ඇල්මෙනි. එහෙයින් පාඨකයින් වන අපට දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන් අපේ රාජ්‍යය’ නම් වනදිවි සැරියේ නිබඳව සැරිසැරීමේ භාග්‍ය අත්පත් කර ගත හැකිය. මේ ඒ වෑයමේ නවමු මුහුණුවරයි.

    Original price was: Rs. 300.00.Current price is: Rs. 270.00.
  • -20%
    (0)

    ගම්භාරේ -Gambare

    තම ඇඳුම් කැඩුම් ටික බහාලූ කොට්ට උරය අතට ගත් ඕ සෙමෙන් සෙමෙන් කාමරයේ ජනේලය වෙත පැමිණියාය. කවදත් මුළු ගෙදරම ජනෙල් දොරවල් අගුළුලන රූප සීලි එදා හිතාමතාම තම කාමරයේ ජනේලයේ අගුළු දැම්මේ නැත. ඒ මේ මැදියමේ විවෘත කර තම ඉරණම් ගමන යන්නට ඇය කල් තබා ම තීරණය කර සිටි නිසාය. සෙමෙන් ජනේලය විවෘත කර ඇය සීරුවෙන් ජනෙල් පඩියට නැඟ ගත්තාය. දෑතට බර දී බිමට රූරා වැටුන රූප සීලී හාත්පස විමසිල්ලෙන් බැලුවා ය. එහෙත් සන කළුවර විනා කිසිවක් ඇගේ ඇසට හමුවූයේ නැත. “සවරියෙල් අයියා ඇවිත් නැද්ද? ඇය තමාටම කියා ගත්තාය. මිදුලේ කොනක වූ ඇට්ටේරියා පඳුර ළඟ ඇන තබාගෙන සිටි සවරයෙල් නැඟී සිටියේ කළුවරෙන් මතු වූ යෝධයකු ලෙසිනි. අඩියට දෙකට රූප සීලී වෙත පැමිණි ඔහු ඇගේ අතින් අල්ලා ගත්තාය. හා හෝ බෑ නොකී රූපසීලී ඉබේම සවරියෙල් පසු පස ඇදුණාය.

    Original price was: Rs. 400.00.Current price is: Rs. 320.00.
  • -10%
    (0)

    සැතපෙන තොටුපළ – Sathapena thotupala

    කවදාවත් හිතුවේ නෑ, මම මැරුණ කෙනෙකුට මේ තරම් ආදරය කරයි කියලා. ඇත්තටම මගේ ජීවිතේ මට ආදරෙත් එක්කවක්, මරණයත් එක්කවත් ප්‍රශ්නයක් තිබුණේ නෑ. මට ප්‍රශ්නයක් තිබුණේ ජීවිතේ ගැන. මිනිස්සු ඇයි මැරෙන්නේ? මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. ඇත්තටම ඇයි මිනිස්සු ජීවත් වෙන්නේ? මගේ ප්‍රන්නේ තිබුණේ එතැන. ඒ වුණාට මට කවදාවත් මැරෙන්න හිත හදාගන්න බැරි වුණා. මිනිස්සු මැරුණාම හරිම සාමකාමියි. මට එයාව මුණගැහුණේ එයා මැරිලා ඉන්නකොට ඒත්; එයා මාත් එක්ක ජීවත් වුණා. දැන් එයා මැරිලා. ඒත් මම තාමත් එයාත් එක්ක ජීවත් වෙනවා. ඇත්තටම ඒක අහම්බයක්. මට ඕන වුණේ නෑ ගෑණු නාන දිහා හොරෙන් බලන් ඉන්න. මොකක් දෝ කරුමෙකට එදා මම දන්නෙත් නැතිව මම දැක්කා, උන් නානවා. ඒ වුණාට ඊට කලින් මම ගෑණු නානවා ඕන තරම් දැකලා තියෙනවා. ඒ මම උන් නාන දිහා හොරෙන් බලන් ඉඳලා නෙවෙයි. මම හිටියා කියලා ගාණක් නෑ උන් උන්ගේ පාඩුවේ නෑවා. මම මගේ පාඩුවේ බලන් හිටියා. එදා වෙනසකට වුණේ මම උන් නාන දිහා හොරෙන් බලන් ඉඳපු එක විතරයි. එදා මට දැනුණේ කුතුහලයක්ම විතරයි. වෙන කිසිම විදියේ හැඟීමක් මට දැනුණේ නෑ. එදා මම හොරෙන් බැලුවා කියලා රෙද්ද උස්සන් ආපු ගෑණු වෙනදාට රෙද්ද උස්සන් මම ඉන්න තැනම ඕන තරම් නාලා තියෙනවා.

    Original price was: Rs. 400.00.Current price is: Rs. 360.00.
  • -20%
    (0)

    අසූවේ දශකයේ ප්‍රේම කතාවක් – Asuwe dashakaye prema kathawak

    “මෙහෙට ආපු මුල් දවසෙම මට හිතුනා මීට කලින් සාලිය කෙහෙදි හරි දැකලා නියෙනවා කියලා.”

    මේ සංසාරේ කොහෙදි හරි අපි දෙන්නා මුණගැහිලා ඇති මාලා, සංසාර ගමනේදී අනන්ත අප්‍රමාණ වාරයක් මවක් ලෙසත්, බිරිඳක් ලෙසත් මිනිසුන්ට ගැහැණුන් හමුවෙනවා කියලා විශ්වාසයක් තියෙනවනෙ. ” “අනේ මං දන්නෙ නෑ, සමහර විට එහෙම වෙන්ඩ ඇති. ඒ කොහොම වුනත් හැන්දෑවට ගෙදර ගිය වෙලාවේ ඉඳලා මට ඔයාව මතක් වෙනවා සාලිය, හවස ගෙදර ගිය වෙලාවෙ ඉඳල පහුවදා කන්තෝරුවට එනකම්ම මං ඉන්නේ හරිම කම්මැලිකමෙන්, කතා කරන්ඩවත් කෙනෙක් අපේ බෝඩිමේ නෑනේ සාලිය, එහෙම පාළුවේ කාන්සියේ ඉන්නකොට මට නිතර නිතර ඔයාව මතක් වෙනවා.” ” ඔයාට කතා කරන්ඩවත් බෝඩිමේ කෙනෙක් නැත්නම් යමු අපේ බෝඩිමට “ඔයාට පිස්සු!” පිස්සු නොවෙයි. මං කියන්නෙ ඔයාට දැනෙන පාලුව මටත් දැනෙනව මාලා. මගෙ ජීවිතේටම කා ගැනවත් ඇති නොවුණු විදියෙ ආදරයක් මට ඔයා ගැන හිතෙනව. මං දන්නෙ නෑ ඒක ඇති වුනෙ කොහොමද කියල.” මා එසේ කියද්දී ඇගේ දෙනෙත කඳුලින් පිරී ගියේය. ඒවා සතුටු කඳුළු විය යුතු යැයි මට සිතුණි. කෙසේ නමුත් ඇය ඒ කඳුළු මගෙන් වසන් කරන්නට උත්සාහ කළාය. ඉස්සර නිතරම ප්‍රමාද වී කාර්යාලයට යන්නට පුරුදු වී සිටි මම මේ සුන්දර කාන්තාව නිසා දැන් නියමිත වේලාවටත් කලින් එහි යන්නෙමි. හවස ඇගෙන් වෙන්ව කාර්යාලයෙන් පිටව යන්නෙත් නොගොස් බැරි නිසාය. හදවතේ ගැඹුරුම තැනින් මතු වු ආදරයේ පණිවුඩය මගේ දෙනෙතින් ඇය වෙත යොමු වුණේය.

    Original price was: Rs. 450.00.Current price is: Rs. 360.00.
  • -20%
    (0)

    අනුහස් අදහස් – Anuhas adahas

    ඔයා ඔයාගේ දේ කරන්න. ඉස්කෝලේ හත වසරේදී තමයි මුලින්ම ආදරයක් ඇති වුණේ. ගෑණු ළමයෙක් ගැන. මෙලෝ දෙයක් නොතේරෙන පුංචි දරුවෝ එතකොට අපි. පුංචිම කාලේ ඉඳලා කාත් කවුරුවත් නැති, තනිවුණ ජීවිතයක් ගෙවන්න සිද්ධවුණු නිසාම පුන් පෝය දවසේ රෑට පායන පිරුණු හඳක් වගේ හැමදාකම උදේම එයාව දකින කොට හිතුණෙම එයා තමයි මගේ ලෝකේම කියලා. සුදුම සුදුයි. තොල් රෝස පාටයි. දිගම දිග කළු කොන්ඩෙට ආදරය කරපු තරම…… අපි නවය වසරට එනකොට එයාගේ ලස්සන වැඩි වෙන තරමටම එයාට තිබුණ ඉල්ලුමත් ඒ තරමටම වැඩිවුණා. දවසින් දවස අළුත් ආදර වන්තයින් එකතු වුණා. එයා නිසා මුලින්ම මට නැතිවුණේ බාලදක්ෂ කණ්ඩායමේ නායකත්වය. ඊට පස්සේ විනය පරීක්ෂණ වලට මුහුණ දෙන්න මං යන කොට එයා, එක එක දවසට එක එක කොලොත් එක්ක මාව නොදැක්ක ගානට, මාවත් පහුකරගෙන ගියා. එයා ආයිමත් මගේ ළඟට ආවේ එයාට මගෙන් මොනා හරි ඕන වුණු වෙලාවට විතරයි. එයා ටවුන් එකේ, මං ගමේ……. ඉස්කෝලේ ඇරුණම එයාගේ පස්සෙන් මගේ රංචුවත් එක්ක ටවුන් එකට යන එන එක පුරුද්දක් වුණා. එයා, එයාගේ දවසින් දවස අලුත් ත්වෙන පෙම්වතුන් එක්ක ඒ හැම දවසකම මට ඉදිරියෙන් ගියා. කිලෝමිටර් කීයක් නම් ඇවිදින්න ඇතිද, මේ කකුල් දෙකෙන් එයා වෙනුවෙන්.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 400.00.
  • -20%
    (0)

    හැටේ දශකයේ අපූරු මිනිස්සු – Hete dashakaye apuru minissu

    බැලුමත් බේරා ගෙන ජලයත් හිස් කළ යුතුයැයි මට සිතුණි. මා කාමිනී පිලිබදව කටයුතු කළ යුත්තේ ද එලෙසය. නොඑසේ වුවහොත් බැලුම පුපුරා ජලය ද විසිරි ගොස් හානියක් වන්නා සේ කොයි සමොහොතක හෝ මා ව්‍යසනයට පත් වන්නට පුළුවන. කාමනි පිළිබඳව මා තුළ ඇති අදහස පැවසිය හැකි එකම පුද්ගලයා චරිත සේනය. ඔහු මට හිතවත්ය. වාහනයක් ඉතා වේගයෙන් අප පසු කර ගෙන ගියේය. එයින් එක දිගටම නිකුත් වුණු නළා හඬත්, ඇවිස්සුණු දුවිල්ලත් අපට අපහසුවක් ගෙන දුන්නේය. මේ සැරේ යුනිව සිටි එක්සෑම් එකේ තත්වේ කොහොම සිටීද චරිතෙ ? “ඔයා අහන්නේ විභාගෙට කොයි විදිහෙ ප්‍රශ්න එයි කියලද ? ඔව්. ඔව්. අපි නම් දැන් සිලබස් සේරම කවර් කරලයි ඉන්නේ. ඒ වුණාට සිලබස් එකෙන් පිට ප්‍රශ්නත් අහයි ද දන්නෑ නේද? එහෙම කරන්ට බෑ සේකර. ඒවා විභාග ආචාර ධර්ම වලට පටහැනියි. නීති විරෝධීයි. එහෙම දෙයක් සිද්ධ වුණොත් විභාග දෙපාර්තමේන්තුවට විරුද්ධව නීති මඟින් කටයුතු කරන්ටත් පුළුවන්. ඒක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. ඔහුගේ පැහැදිලි කිරීමෙන් පසු මම සතුටට පත් වුණෙමි. එතෙක් මා හිතා සිටියේ අප විභාගයෙන් අසමත් කොට විශ්ව විද්‍යාලයට තෝරා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කර ගැනීමට විභාග දෙපාර්තමේන්තුව සටකපට වැඩ පිළිවෙලක් අනුගමනය කරනවා ඇතැයි කියාය.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 400.00.
  • -10%
    (0)

    මගේ රාජ්‍යය [ මායාරංජන්] Mage rajjaya

    ලංකාවේ නැගෙනහිර දිග බෑවුමේ මැද හරියේ – එනම්, නැගෙනහිරි පළාතේ බටහිර කෙළවරැ ඌව සීමා සන්නයේ පිහිටි එක්තරා පෙදෙසක් මගේ රාජ්‍යය පිළිබඳ මේ කතාවට පසුබිම් වන්නේ ය. ඈත අතීතයේ දිගාමඩුල්ල නමින් හැඳින්වුණු මේ භූමිය වර්තමානයේ ගල්ඔය’ ජනපද නමින් ප්‍රසිද්ධය. එහෙත් මින් දස වසරකට පමණ පෙර මා යන කාලයේ, එය සියවස් තුන හතරකටත් වැඩි කලක් තිස්සේ වැඩුණු ගන වනයෙකින් වැසී තිබිණි. අලි කොටි වලස් ආදී සියලු වනසත්තු එහි නො මඳ ව ගැවසුණාහ. මිනිස් සතුරා ගෙන් නිතර කරදරයක් නැති අලි රංචු. තමන් ම තනාගත් මහා මං ඔස්සේ ජලාශයන් සහ තලාවන් අතර ඔබ මොබ යමින් එමින් සිත් සේ විසූහ. කොටියා දිය මංකඩවල රැක සිටිමින් ගෝන මුව පැටවකු හෝ සාවකු වඳුරකු හෝ මරා කමින් ද, කලාතුරකින් අසල් ගමෙක හරක් පට්ටියකට කිට්ටු කොට වසු පැටවකු ඩැහැගනිමින් ද කල්ගෙවී ය. වලස් යුගලයෝ වේ තුඹස් මීබෙන උරමින් සැම තැනෙක සැරිසැරුවෝ ඇතැම් විට මිනිසුනට ද පහර දුන්හ. කුළුහරක් රංචු ගැසී බැදි මැද තලාවල වල්කමින් සිට දඩයමේ යන මිනිසුන් දුටු විට දඩි බිඩි හඬින් අංතට්ටු එකට පහමින්, හිස් ඔසොවා මොහොතක් බලා හිඳ, හදිසියේ ඉගිලි පා හඬින් වනය දෝංකාර නංවමින් පලා ගියහ. ගෝන්නු, මුවෝ සහ වල්ඌරෝ ද ගැමියන්ගේ හේන්වලට වැද බෝග හොරා කමින් ඊට දඬුවමට ගැමියන් විසින් මරා කනු ලැබූ හ. තවත් අතෙකින් කොටි රාළහාමිට ගොදුරු වූහ. හාවෝ ඉත්තෑවෝ, මිමින්නෝ, තලගොයි, කබරගොයි, ලේන්නු, මීයෝ ඒ අතර සැරිසැරූ හ. සර්පයෝ සහ පක්ෂීහු ද මැසි මදුරු, කඩි කුහුඹු ආදීහු ද වනයේ සියලු කොටස් අඩුවක් නැතිව පිරැවූහ. ‘ ගල්මය’ යි කියතත් පළාතේ ව්‍යවහාරය අනුව ගලඔය විය යුතු ය. මෑත අතීතයේ පටිපල් ආරු නමින් ද හැඳින් විණි.

    Original price was: Rs. 450.00.Current price is: Rs. 405.00.
  • -20%
    (0)

    ඈ – The SPA Women

    වසර දොළහකට අධික කාලයක් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙකු ලෙස ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය තුලත්, වසර අටක පමණ කාලයක් ජනමාධ්‍ය පාඨමාලා දේශකයකු ලෙස උපකාරක පෘති වලත්, වසර පහකට ආසන්න කාලයක් පුද්ගල සංවර්ධන දේශකයකු ලෙස පාසැල්, වැඩබිම්, ඇඟළුම් කම්හල්, නොවන සහ ක්‍රීඩා සමාජ වලත් ගැවසී ඇත්තෙමි. ඒ ඒ තැන් වලදී, ඒ ඒ කාල වලදී. මා වෙත මුණ ගැසුණු ගැහැණු පිරිමි සහ ළමුන්ගේ බොහෝ ජීවිත කතා, මා වෙත පවසා ඇතුවාසේම ඇතැම් කතා මගේ බලවත් ඉල්ලීම මත, ඔවුන් මා හා පවසා ඇත. පළමු වසර පහ පමණක් මා මගේම පවුල තුළ ආදරය විඳිමින් ජීවත් වුවද, ඉතිරි මුළු කාලයම මෙම සමාජය සමඟ ගැටෙමින් ගත කළ බැවින්, පෙර කී අස්වාභාවික මරණය ලොවෙහි සියලු දේ කෙරෙහි බලපවත්වමින් තිබෙන බව දිනෙන් දින තහවුරු වන විට, ඒ පිළිබඳව කම්පා නොවී සිටිය නොහැක. වගකිව යුතු මිනිසෙකු ලෙස, ඒවා දෙස, ඔහේ බලන් සිටීමේ හැකියාවක්ද නොමැත. දිවා රෑ වෙහෙසෙමින් පුද්ගල සංවර්ධන ක්ෂේත්‍රය තුළම නිරත වුවද, පසුදා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී සිදුවන්නේ හදවත පාරවන දේ කියවීමටයි. මෙම කෙටි නවකතාව තුළද කියැවෙන්නේ. අස්වාභාවික මරණයක් කරා යමින් සිටි ගැහැණියකගේ කතාවකි. මෙය නවකතාවක් වුවද, මෙහි කියැවෙන්නේ, ඔබ, මා. අප අවට සිදු වෙමින් පවතින අස්වාභාවික මරණයේ කතාවේ එක් පැති කඩකි. එබැවින් මෙම කෙටි නවකතාව කියවා. පොතේ ගුණ දොස් ගැන කියනවාටත් වඩා, ඔබ අවට සිදුවෙමින් පවතින දේ කෙරෙහි ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න ගැන සිතනවා නම්, එය මගේ මෙම ලියැවිල්ලේ අරමුණයි. මා වෘත්තීය මට්ටමේ

    Original price was: Rs. 550.00.Current price is: Rs. 440.00.
  • -20%
    (0)

    අවි- Avi

    ජීවිතය කියන්නෙත් හරියට පොතක් වගේ දවසෙන් දවස අපි ඒ පොත කියවනවා. අලුත් අත්දැකීම් ලබනව විතරක් නෙවෙයි හුඟක් දේවල් ඉගෙන ගන්නවා. සමහරු තමන්ගෙ ජීවිත පොත බොහොම කැමැත්තෙන් කියවනවා. ඒත්, තවත් අය මේ පොත කියවන්නේ බොහොම අකමැත්තෙන්. නොකියවා බැරිකමට. කැමැත්තෙන් කරන ඕනම දේක ඇති ශක්තියට වඩා අකමැත්තෙන් කරන දේවල්වල වේදනාව දහස් ගුණයකින් වැඩියි. ඒත්, එහෙමයි කියල ඒ දේවල් කාටවත් ඕන විදියට අතාරින්න පුළුවන් කමකුත් නෑ. හැබැයි. ඒ අකමැති දේවල් වෙනස්ම ආරකට හරවලා ඒවා අපි කැමතිම දේවල් බවට පත් කර ගන්නත් හැකියාව තියෙනව. ඊට පස්සෙ අපි කැමතිම දේවල් බවට පත්වෙන්නෙ කලින් අපි අකමැතියි කියල අතාරින්න හිතාගෙන හිටිය දේවල්. මේ කතාවත් අන්න ඒ වගේ එකක්. සර් ආවෙ මං වෙනුවෙන්මයි. ඒක මට විශ්වාසයි. ඇත්තමයි ඒක අහඹු සිදුවීමක් වෙන්න බෑ ‘ එතුමා මට මුණ ගැහුණ දවසෙ මම එහෙම කිවුවා. ඒක මම කිවුවේ අතිශයෝක්තියෙන් නෙවෙයි. අවංකවම මගේ හිතට දැනුණ නිසා. එදා ඉඳන් තමයි දවසෙන් දවසම මගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තෙ. ඉතින්, මට මතක් වුණා බුදුන් දවස බොහෝ පුද්ගලයන්ට නිවන් දකින්න තරම් පින් බලයක් තිබුණ කතා පුවත් ගැන. තමන්ට ගැළපෙන කර්මස්ථානයත් ඒ අය අවටම තිබුණ. උදාහරණයක් විදියට ගත්තොත්, චුල්ලපන්ථක කුමාරයාට සත්‍ය වටහා ගන්න

    Original price was: Rs. 550.00.Current price is: Rs. 440.00.
  • -21%
    (0)

    වැලි කතරේ සංග්‍රාමය – Weli kathare sangramaya

    අහස පුරා විසිරුණු තාරකාවල දීප්තිය ක්‍රමයෙන් මැකී ගොස්, නැගෙනහිරින් විහිදෙන්ට වූ නව දිනයක අරුණැල්ලෙන් පුළුල් වැලි කතර නැහැවෙන්ට විය. නොබෝ වේලාවකින් පෙරදිග ආකාශය ලා රත් පැහැයටත් ඉනික්බිති රන් පැහැයටත් හැරුණේ ය. ඈතට විහිදුණු වැලි කඳුත්, මෑතින් පිහිටි කුඩා ක්ෂේම භූමියත් හැරුණු කොට අන් කිසිත් පෙනෙන්ට නොවී ය. පරිසරය වසාගත් ගුප්ත නිහැඩියාව බිඳළමින් අහස් යාත්‍රාවක හඬ ඈතින් ඇසෙන්නට වී නොබෝ වේලාවකින් ඉංග්‍රීසි V අකුරේ හැඩයට ගමන් ගන්නා ස්පිට්හයිර් ගුවන් යානා සයක් ඊසාන දිග ක්ෂිතිජයෙන් මතු වූයේය. පෙරටුව පැමිණි යානයේ නියමු කුටියෙහි හිඳ සිටි * ප්‍රබල තුවක්කු යුගලයකින් සමන්විත බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් සටන් යානයකි. දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී භාවිතා කරන ලදී.

    Original price was: Rs. 560.00.Current price is: Rs. 444.00.
  • -15%
    (0)

    කොණ්ඩිත්තම්

    “සහෝදරයා… මම ඉගෙන ගන්නේ දායක සභාවේ මිනිස්සුන් දුක් විඳල දෙන දානමානවලින්… මට දඩ මුදලක් නෙමෙයි… අඩුම ගානේ නීතිඥ ගාස්තුවවත් ගෙවාගන්න විදිහක් නෑ… අනික මම හිරේ ගියොත්, මගේ පන්සලේ දායක සභාව ආයිත් මාව පන්සලට වද්දගන්න එකකුත් නෑ… මොකද මම විශ්වවිද්යාලෙට ආවේ ඉගෙනගෙන ආපහු පන්සලට ගිහින් පින් දහම් කටයුතු කරන්න මිසක විප්ලව කරන්න නෙමෙයි….” බුද්ධ චීවරය දරන හාමුදුරුවන්ගේ කතාව බෙහෙවින් ඍජුය. එහෙත් පක්ෂයේ නියෝජිතයා මාක්ස් ගැනත්, ලෙනින් ගැනත්, චේ ගුවේරා ගැනත් දීර්ඝ දේශනාවක් කරන ලද්දේය. චූදිතයන් සියලු දෙනාම පක්ෂ නියෝජිතයාට ස්වකීය දැඩි විරෝධය ප්රකාශ කළද ඔහු එයට මුහුණ දුන්නේ එඩිතර ලෙසිනි. එයට හේතුව සියලු දෙනාගේම නායකයා වූ ජනක නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමයි.

    Original price was: Rs. 575.00.Current price is: Rs. 488.00.
  • -10%
    (0)

    සතුරු කදවුර – Sathuru kandawura

    න්තමින් පමණක් දර්ශනය වූ නැගෙනහිර ක්ෂිතිජය මුළුමනින් මැකී ගොස් කළු පැහැති වලා රැසක් ඉහළ අහසේ රැස්වන්ට වූයේ ය. වියනක් මෙන් සැදුණු මෙකී වලා ගැබේ අඳුරු වර්ණය හා සම්මිශ්‍ර ව පහත මුහුදේ දිය මඩ පැහැයට හැරිණ. අන්ධකාරය ක්‍රමයෙන් අවට පරිසරය වසා පැතිරෙන්ට වීය. ස්වකීය වැන්ඩල් වර්ගයේ මුහුදු ගුවන් යානයේ සිට, පිටත හටගත් මේ විපර්යාසයන් කැළඹුණු දෙනෙතින් නිරීක්ෂණය කළ බිගල්ස් ඇස් ආවරණය ඔසවමින් යාබද අසුනේ හිඳ සිටි තම සගයා දෙස බැලුවේය. අහසේ පෙනුම ඒ තරම් හොඳ නැහැ” ” ඔව් ” යි ඇල්ගි ලේසි හෙවත් බිගල්ස්ගේ සගයා හිස සැළීය.

    Original price was: Rs. 560.00.Current price is: Rs. 504.00.
  • -10%
    (0)

    රහස් දූතයා – Rahas duthaya

    බිහිසුණු යෝජනාවක් හිඳ සිටි තැනින් නැගිටගත් ඇල්ගර්නන් ලේසි අලස ලෙස දැත කලිසම් සාක්කු තුළ රුවාගෙන ගිනි උදුනට පිටු පා සිට ගත්තේ ය. ඉක්බිති විඩාපත් මුහුණින් යුතු ව තරමක් ඈතින් හිඳ සිටි ජින්ජර් වෙත දැඩි බැල්මක් හෙළමින් ” මේ මිනිහ කොහේ ගිහින්ද? ” යි නුරුස්නා ස්වරයෙන් විචාළේ ය. ” ඔය ප්‍රශ්න ආයෙත් ඇහුවොත් අතට හසුවුණු දේකින් තමුසෙගෙ මූණට දමලා ගහනවා” යි ජින් ජර් කෝපයෙන් ගුගුළේ ය. ”මම කොහොමද ඒක දන්නෙ?” ” දවල් කෑමට එන්ට මිනිහ පොරොන්දු වුණා නොවැ. ” අර අළුත් චිත්‍රපටිය බලන්ට යන්ට එනවා ය කියලා මටත් සහතික වුණා. දැන් තුනත් පහුවෙලා. බැරි පොරොන්දු දෙන හාදයෙක් නොවෙයි ඔය බිගල්ස්. මොකකට හරි මැදි වෙන්ට ඇති.

    Original price was: Rs. 560.00.Current price is: Rs. 504.00.
  • -20%
    (0)

    ගිනි – GINI

    රෑට තාත්තාත් මාත් නිදා ගන්නේ ගුහාවේ දොරකඩය. ඒ, වන සතුන් ගුහාවට රිංගීම වැළැක්වීමටය. අම්මා නංගිලා සමග ඇතුළේ මුවහම මත නිදා ගත්තාය.
    ” මගෙත් ඇඟ ටිකක් සීත කරනවා වගේ හුළං වදින කොට අමාරුයි.” තාත්තා කීවේය.
    මම ඔහුගේ ඇඟට අත තබා බැලුවෙමි. ඔහුට ද උණ ගැනී තිබිණි. අව්වේ වෙහෙසීමෙන් පසුව ඔහු මාළු ඇල්ලීමට බොහෝ වේලා වතුරේ සිටියේය.
    ” තාත්තා ඇතුළට ගිහින් නිදාගන්න. මම මෙතන ඉන්නම් “

    Original price was: Rs. 650.00.Current price is: Rs. 520.00.
  • -20%
    (0)

    ජාතිවාදී සහෝදරයෙක් – jathiwadi sahodarayek

    අවලස්සන මිනිස්සු. එයාල අහිංසකයි.

    සීතා ගැන මට ඉමහත් දුකක් ඇති විය. ඇගේ ස්වරූපයේ මිනිසුන් වෙනුවෙන් ඇය දරන මතයට අනුකම්පා කළ යුතුය.

    ඒක ඇත්ත සීතා.” “ඒක ඇත්ත කියලා, මයා කියන්නෙ මං කියපු නිසානෙ. එහෙම නැතුව ඔයාට එහෙම දෙයක් හිතුනෙ නෑනෙ.” මම නිහඬ වුණෙමි. ඇය පැවසුවේ ඇත්තකි. මා ඇගේ අදහසට එකඟවූවා මිස කැත මුහුණක් ඇති ගැහැණු ලස්සන වැඩ කරන බව පිළිගන්නට මට උවමනාවක් නැත. මගේ පරමාර්ථය වූයේ අහිංසක ඇගේ හිත නොතැලීමය.

    ” සිරිදාස දන්නවද අත පය හොඳට තියෙන අයට වඩා අන්දයින්ටයි, ගොළුවන්ටයි පැහැදිලි ඉවක් තියෙනව කියලා.’ ” ඔව් මං අහල තියෙනවා.” ඇස් අන්ද කෙනෙක් එක්ක කතා කරපු කෙනෙක් නැවතත් දීර්ඝ කාලෙකට පස්සේ කතා කළොත් අන්ධය අහනව මේ අහවලා නේද කියලා. ඒ තරමට ඔහුට කටහඬ මතකයි.” “ඒ වගේම කලින් ගමන් කරපු තැනකින් නැවත යනකොට අහනව මේ අහවල් තැන නේද කියලා. ඒක ආශ්චර්යක්.” ඇත්තටම ආබාධිතයන් ගැන මෙතරම් විස්තරාත්මක කරුණු මා දැන නොසිටි අතර ඒ පිළිබඳ සීතාගේ දැනුම හා අවබෝධය ගැන පුදුම වුණෙමි. ඇය ආබාධිතයෙක් නොවන මුත් විරූපි මුහුණක් ඇත්තියකි. එහෙයින් ඒ පිළිබඳව ඇය සමඟ කතා කිරීම ඈට වේදනාවක් වනු ඇතැයි මට සිතුණි.

    Original price was: Rs. 650.00.Current price is: Rs. 520.00.
  • -20%
    (0)

    යලි උපන්නී – yali upanni

    “ඔයාලට දැන් ඉතින් කුරුණෑගලට මාරුවක් ලැබුණු හින්දා කොහේවත් යන්ට ඕනෑ නෑ. මල්පිටියේ පල්ලිය ළඟ මගේ අක්කර කාලක විතර ඉඩම් කෑල්ලක් තියෙනවා. ඒකේ ගෙයක් හදාගෙන පදිංචි වෙන්ට ” ඒ වුණාට මහම්මේ අපි නං කල්පනා කෙරුවේ. අලව්ව – නාරම්මල පාරේ ඔයාලා ළඟින්ම පදිංචි වුණොත් හොඳයි කියලයි. මොකද දන්නවද? අපේ මහත්තයා බැංකුවේ කරන රස්සාවේ හැටියට එයාට මුළු දිස්ත්‍රික්කය පුරාම ශාඛා වලට යන්ට වෙනවා. එහෙම වුණාම ළමයි දෙන්නටයි මටයි කරදරයක් නැතුව ඉන්ඩ පුළුවන් වෙන්ට එපායැ ” අනේ මන් දන්නෙ නෑ. ඔයාලට කැමැත්තක් කරගන්ට දුවේ. මට ඉතිං ඔය කොයි දේපළ තිබ්බත් වැඩක් නෑනේ. මං කාට කියලා ඕවා දෙන්නද? මං මැරිලා යනකොට අරගෙන යන්ටයැ ” ” පරම්පරාවක් පහව යයි. තවත් පරම්පරාවක් බිහි වෙයි. එහෙත් පොළොව සඳහටම පවතී ” කියා ජේසුස් වහන්සේ සොලමන් රජ්ජුරුවන්ට දෙවැනි සියවසේ දී පැවසුවේ ද මේ න්‍යාය ධර්මයට අනුව විය යුතුය. |

    Original price was: Rs. 650.00.Current price is: Rs. 520.00.
  • -10%
    (0)

    සුදු වැද්දා 3 – අපරාජිතයා – Sudu wedda 3

    වියරු මුහුද මැද මාරක සටනක … රුවල් නැවේ තුඹ ගසට පිට දී වාඩිවී සිටි හෑන්ස්ගේ ගෝ කාකූල මුහුණ දෙස එඩ්මන්ට වරින් වර හොරැහින් බැලුවේය. තම මිත්‍රයා ශෝක වන්නේ කුමක් අරභයාද යන්න වටහා ගන්නට තරම් හැකියාවක් එඩ්මන්ට් සතුවිය. බොහෝ කාලයක් ලක් දෙරණේ මහ වන මැද සතා සිව්පාවුන් හා වැදි ජනතාව සමග ජීවත් වූ හෑන්ස්ට ඒ සියල්ලන්ගෙන් වෙන්වී ආපසු සිය රටට යාමට සිදුවීම වාවාගත නොහැක්කක් බව එඩ්මන්ට් හොඳ හැටි දැන සිටියේය. ඒ නිසා ඔහු හැන්ස්ට බාධා නොකර යාත්‍රාවේ ඉදිරි පසට ගමන් කළේය. මුහුදේ ජලකඳ කපාගෙන යාත්‍රාව ඉදිරියට ඇදී ගියේ මන්දගාමීවය. එහෙත් ටිකින් ටික සුළං පහරේ වේගය වැඩි වෙත්ම යාත්‍රාවේ වේගයද වැඩිවන්නට විය. නැව් බඳේ හැපී විසිරුණු සුදු පැහැති රළ රැළි අව්රශ්මියට දිළිසුණේ මුතු කැට පරිද්දෙනි. කරදිය සිය හමා ආ ලුණු මිශ්‍ර සුළං රැළිවලට හෑගේ කෙහෙරැළි ඒ මේ අත නැටුවේය. මේ වන විට ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහමුලින්ම ඔවුන්ගේ දර්ශන පථයෙන් ඈත් වී තිබිණ. හෑන්ස් දිගු සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගත්තේ යළි කවදා මේ සුන්දර දිවයින දකින්නට ලැබේදැයි සිතමිනි. මහ බැද්දේ ගල් රුකුලක රති සමග ගත කළ ඒ ජීවිතය කෙතරම් සොඳුරු දැයි ඔහුට සිතෙන්නට විය.

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -10%
    (0)

    නදීතෙර කුංචනාදය – Nadeethera kunchanadaya

    ශ්‍රී ලංකාවේ වන ගහනයේ සතා ගහකොළ ගැනත්, ගිරි කඳුරු ගැනත්, ඒවායින් ප්‍රාණ වායුව ලබන වනවාසී ගැමියා ගැනත් සිංහල පාඨකයාට කියවන්නට ලැබුණේ සුද්දන් විසින් ඉංගිරිසියෙන් ලියන ලදුව පසුව සිංහලයට පෙරළුණු පොත්වලිනි. ලෙනාඩ් වුල්ෆ්, ජෝන් ස්ටීල්, ආර්. එල්. ස්පිට්ල් ආදීන් දුටු වන අසිරිය පරිවර්තකයන්ගේ මැදිහත් වීමෙන් සිංහලයට පැමිණිය ද පාඨකයා ඒවා පිළිගත්තේ උණුසුම් ලෙසකිනි. එහෙත් ඊට වැඩි ආශ්චර්යයක් සිංහල පාඨකයාට ලබා දීමට සමත් වූයේ – වඩාත් ලෙන්ගතු පිළිගැනුමකට ලක් වූයේ සිංහලයේ ප්‍රථම වන විත්ති සාහිත්‍ය කානිය වූ “දිගාමඩුල්ලේ ආශ්චර්යය යයි කීම ඉහත ලේඛකයනට කරන මදිපුංචි කමක් නොවේ. ඉංගිරිසින්ගේ පමණක් අවධානයට ලක් වූ වනය හා වනවාසී ගැමියා ලේඛනයට මූලාශ්‍ර කරගෙන සිංහලයේ වනවිත්ති සාහිත්‍යයේ පුරෝගාමියා වීමේ භාග්‍ය හිමිකර ගත්තේ “මායා රංජන් නැමැත්තෙකි. 1948 දී දිගාමඬුල්ලේ පාසලක ගුරුවරයකු වශයෙන් සේවයට ගිය වේයන්ගොඩ මහානාම රාජපක්ෂ මහතා දිගාමඩුල්ලේ ගැමියන් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනයක යෙදුණේය. දස වසරක් පමණ දකුණු වැව්ගම් පත්තුවේ වාසය කළ හෙතෙම දිගාමඬුලු ගැමියකු තරමට ජනතාවට බද්ද වූයේය. ගැමි දරුවනට අකුරු කරවමින්. ගැමියන් සමග හේන් කරමින්, දඩයමේ යමින් ලැබූ අත්දැකීම් ඇසුරින් ඔහු ලියූ දිගාමඬුල්ලේ ආශ්චයය (1957) නම් අගනා ග්‍රන්ථය “මායා රංජන්’ නමින් සිංහල සාහිත්‍ය වංශ කථාවට එක් වූවේය. කැළෑබද ගැමියන් ගේ හෘදය ස්පන්දනයේ රිද්මය කැටි වී ඇත්තේ ඔවුන්ගේ සජීවී බස්වහර තුළය. ඔවුන්ගේ ගැමි සුවඳ වහනය වෙන්නේ පාරම්පරික සිරිත් විරිත් හා ඇවතුම් පැවතුම් තුළය. වනයට මෙන්ම සිංහල ගැමියනට ද ආගන්තුක වූ ඉංගිරිසි

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -10%
    (0)

    මම ගමේ ගම මගේ – Mama game gama mage

    කොස් බෙනයේ සිටින දොළ පිදේනි දී යකා පන්නමු පොඩි නැන්දා තාත්තාගේ ඥාති සහෝදරියකි. පිලකින් සහ විශාල ඉස්තෝප්පුවකින් ඉදිරි පස ද, සාලය සහ කාමරය පසු පස කුස්සිය ද ඇති එම නිවෙස ගමෙහි පොදු නිවෙස්හි සැලැස්ම ගත්ත ද එම නිවෙසට තව එබඳුම නිවෙසක් ඈඳා ඇත. එම නිවෙස් දෙකෙහි අක්කා සහ නංගී ජිවත් වූ අතර ඒ දෙදෙනා ම විවාහ වී සිටියහ. පොඩි නැන්දාගේ සාලයෙහි බක්කි කරත්තය නිතරම විරාජමානව සිටිය ද එය වස්සකු බැඳ පාරේ ගිය දිනයක් මට මතක නැත. එම නිවෙස පසු පස විශාල කොස් ගසක් විය. පරම්පරා ගණනක් පරණ එම කොස් ගසෙහි වූ විශාල බෙනය කිසිසේත්ම අමතක කළ නොහැක. කොලු කෙල්ලන් කොපමණ සෙල්ලම් කළත් එම කොස් ගස අසලට නම් අහම්බෙන්වත් යාමට දැක්වූයේ බියකි. එම ගස අසලට කාන්තාවක් කොසයක් කැඩීමට ගියත් තනියෙන් ගියේ නැත. තවකකු සමග යාමට පුරුදු වී සිටි අතර කෙනෙකු නැතිනම් ඒ මොහොතෙහි පාරෙ යන කෙනෙකු හෝ සමග යාමට පුරුදු වී සිටියාය. එම ගස සහ බෙනය එතරම් ගුප්ත වුවකි. මාටින් මහප්පා දින දෙක තුනකට පෙර නැන්දලාගේ නිවෙසට පැමිණි විට අප නිවෙසට ද පැමිණියේ ය. එය ඔහුගේ සිරිතකි. නංගීට සනීප නැහැ. තොවිලයක් කරන්නයි හදන්නේ.

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -10%
    (0)

    යුවතියකගේ ප්‍රේමයක – Yuwathiyakage premaya

    වේලාව මධ්‍යම රාත්‍රී දොළහ පහුවෙන්න ඔන්න මෙත්ත කියලා. වෙනදා නම් දවස තිස්සෙම එක එක කන් කරවල්වලින් පිරිලා තියන නගරෙන් ඒ ඝෝෂාව ටිකක් තුනී වෙන වේලාව. ඒත් එදා ඒකට විවේක ගන්න ඉඩකඩක් තිබුණේ නැහැ. ඒ නිදහස් සමරු ප්‍රදර්ශන කුටි නරඹන්න දස දෙසින් ඇදී ආව යාන වාහන වලින් මිනිසුන්ගෙන් නගරේ පිරි තිබුණ හන්දා. නගරේ විතරක් නෙමේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙක් එදා තිබුණේ කාලෙකින් දකින්න නොලැඛෙන තරමේ ජනාකීර්ණ බවක්. මගී ජනයා එහාට යනවා මෙහාට යනවා ඉවරයක් නැහැ. යාන වාහන ඇති උදවිය ඒවයේ නැගලා අනිත් අයට පේන්ඩ බොහොම උජාරුවට ” රුස්” ගාලා ඉගිල්ලිලා ගියත් යාන්තම් එදාවේල පිරිමහගන්න සාමාන්‍ය ජනයාට ජනතා සන්තකේ පිහිට ඇර වෙන පිහිටක් තිබුණේ නැහැ. වැඩි දෙනෙක් දුර බැහැර ඉඳලා ඇවිත් තිබුණේ අතේ මිටේ යහමින් කාසි පනම් තිබුණ හන්දා නෙමේ. දරු මල්ලන්ගේ කන් කරවිට්ටලෙන් බේරෙන්න බැරිම හන්දයි. නගරේ තියෙන අනේකවත් අරුමෝසම් බඩු දැකලා ඒවා තමන් සන්තක කරාගන්න ළමා ළපටි වුන් කරපු කන් කෙදිරි ගැමි ඇහෙන නැහෙන ගානට වැඩිහිටියෝ හිටියේ එවුන්ට තිබුණ අනාදරය නිසා නම් නෙමේ.

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • (0)

    අදෘෂ්‍යමාන

    “අදවත් ඔයාට බෑනෙ ඕකෙන් ටිකක් අයින් වෙලා ඉන්න…

    මට නම් දැන් එපා වෙලා තියෙන්නෙ ……

    සිතට නැග ආ නොරිස්සුම වචන බවට පෙරලා, ජෙරාඩ්ට ඒ වචන වලින්ම දමා ගැසූ ඉනෝකා කාමරයෙන් පිට වෙන්නට දොර හැරියාය. ජෙරාඩ් කළේ ඇය දෙස බලා යන්තමින් සිනා සී නැවතත් ලැප්ටොප් පරිගණකය දෙසට නෙත් යොමා ගැනීමය. ජෙරාඩ්ගේ හැටි එහෙමය. ඉනෝකා විහිළුවකට කියන දෙයකත්, තරහවෙන් බණින බැණුමකත් ඔහුට ලොකු වෙනසක් නැත. ඒ කෝකටත් ඔහු දක්වන ප්‍රතිචාරය එකකි. ඒ. ඉනෝකා කියන සියල්ල සිනාවකින් බාරගෙන, නිහඬව සිටීම පමණකි. ඔහුගේ ඒ සන්සුන් ප්‍රතිචාරය, ඉනෝකාගේ කෝපය තවත් වැඩි කරවන්නකි. පෙරටත් වඩා කේන්තියෙන්, ඉනෝකා කාමරයෙන් පිටවූයේ මහ හඬක් නැගෙන සේ දොරත් වසාගෙනමය. එළිමහන සීතලය. ඉවසන්නට බැරි තරම් සීතලය. ඉනෝකාට මේ සීතල නුහුරුය.

    Rs. 550.00
  • -20%
    (0)

    මැයි මාර ප්‍රසංගය – Mai Maara Prasangaya

    මං අපේ ගමේ ගෙදර ඉස්තෝප්පුවේ බැම්ම උඩ තියාගෙන, සමිධ අයියා සහ ඔබ හිතේ තියාගෙන ගොඩනගපු කතාව ලියාගෙන ගියා. සති ගාණක් තිස්සේ කතාව ලියල ලියලා දවසක් රෑ කෑම කන්න ගෙයින් එළියෙ තිබුණු කුස්සියට ගියා. කුස්සියේ ඉඳගෙන බත් කකා ඉද්දි මිදුල පැත්තෙන් විශාල එළියක් දැක්කා. මං හිතුවා හුළු අත්තක් පත්තු කරගෙන කවුරු හරි ගෙදරට එනවා කියලා. ඒත් හීනෙකින් වගේ යටි හිත දෙබෑ කරගෙන ආපු සැකයක් හින්දා දුවගෙන ආවා බැම්ම ළඟට. වැඩේ හරි හුළඟට ලාම්පුව පෙර ලියපු කොළ ටික උඩට. සේරම පිච්චිලා තිබුණා. මං ඉතින් පහුවදා වෙනකම්ම ඇඬුවා. එතකොට ඉතින් මගෙ වයස දහනවයයිනේ.

    Original price was: Rs. 700.00.Current price is: Rs. 560.00.
  • -20%
    (0)

    කාන්තාරයේ දරුවෝ – kantharaye daruwo

    එකවර ම මම නින්දෙන් අවදි වුණෙමි. මගේ මුළු ගත ව දහඩියෙන් නැහැවී ගොස් ඇති බැව් මට දැනෙන්ට විය. තවමත් හරි හැටි එළිය වැටී නැත. පසුගිය රාත්‍රිය කෙටි රාත්‍රියක් වූවා මෙන් ම වෙහෙසකර විය. රාත්‍රියේ මා දුටු ඒ භයංකාර සිහිනයේ මතකය තුළින් ක්‍රම ක්‍රමයෙන් මම පියවි ලොවට එමින් සිටියෙමි. නැවතත් මා මගේ දෙනෙත් පියා ගත් විට පසුගිය රාත්‍රියේ මා දුටු සිහිනයේ රූප මා ඉදිරිපිට මැවෙන්නට පටන් ගත්තේය. කහපාට කොළ අලවා තිබු භ හෝටල් කාමරයේ වූ සයනය මන අවුරුදු දහයක තරම් සිගිති දැරියක් නිරුවත් ව වැතිර සිටියාය. ගැහැනුන් හතර දෙනකු විසින් දැරියට හෙළවෙන්නට හෝ ඉඩක් නො දී, ඇයව සයනයට තද කරගෙන සිටි අතර, ඇගේ සිහිසි දෙපා දෙපසට විහිදුවා තිබුණි. දෙපසට විහිදුවන ලද දෙපා මැද රුධිරය බේරෙන මස් කැබැල්ලක් අතින් ගත් තවත් ගැහැනියක්

    Original price was: Rs. 700.00.Current price is: Rs. 560.00.
  • -10%
    (0)

    නාදුනන ඇමතුම – Nadunana amathuma

    ඇය උදුරා ගත්තාය. ඇමැන්ඩා මෙන්ම නෙළි ද එය විසන්සි කිරීමට උත්සාහ කළද ඇයට ද එය කල නොහැකි විය. ඇමැන්ඩා පැවසූයේ සත්‍යයකි. එය විසන්ධි කිරීම කළ නොහැක.

    “අන්න සර් එනවා…”

    ඔවුන්ට ඉදිරි පේළියේ සිටි ඔවුන්ගේ තවත් එක් මිතුරියක් වූ රුබී කෑගැසුවේ අනතුරු ඇඟවීමටයි. දුරකථන භාවිතා කිරීම සපුරා තහනම් කර තිබෙනා පන්තියක් තුළ, තම නීතිගරුක මිතුරිය; ඇමැන්ඩා, ඇගේ දුරකථනය විසන්ධි නොකර තබාගෙන සිටීම රුබිට ද ගෙන ආවේ පුදුමයකි. නීරස ගණිත ගැටලුව පසෙකලා ඇය තම පූර්ණ අවධානය වේගයෙන් ඔවුන් දෙසට පැමිණෙන ගුරුවරයාටත්, දුරකථනය විසන්ධි කර ගැනීම සඳහා තවමත් ඔට්ටු වන තම යෙහෙළියන්ටත් යොමු කළාය. දීර්ඝ අඩි තබමින් ළඟාවෙන ගුරුවරයා දකිත්ම අද තම යෙහෙළියන්ගේ අවසානය බව රුබි තීරණය කළාය. ඇය මෙන්ම මුළු පන්තියම සිතුවේ එලෙසයි. තම ගුරුවරයා වන පාකර් මහතා මෙවැනි වරදකට කිසිවිටෙකත් සමාව නොදේ. අඩුම තරමේ ඔහුගේ දේශනාවක් අතරතුර කෙඳිරීම හෝ ඔහු නුරුස්සයි.

    Original price was: Rs. 625.00.Current price is: Rs. 562.50.
  • -10%
    (0)

    දෙහි – Dehi

    වැව් ඉහත්තෑවෙන් එන වැහි කුණාටුව දුටු සමන්මලී පය ඉක්මන් කළාය. හෝ හඬ නඟමින් ගසාගෙන පැමිණි මුරු ගසන් වරුසාව වැව් කණ්ඩිය පසු කළේ සමන්මලීට වඩා ඉස්සර වෙමිනි. බොරළු කැට වැනි වැහි බිඳු වැටීමෙන් ඉහළ නගින දූවිලි පුසුඹ ඉව කළ සමන්මලී හැල්මේ දුවන්නට වූවා ය. තෙමුණත් කමක් නැත. ඒත් තමන් අතේ වු කරදහි මල්ල නොතෙමි රැක ගන්න තිබුණොත් ඇතැයි සමන්මලී සිතුවාය. මොරසූරන වැසි දියෙන් තෙත බත් වූ සමන්මලී තුළ වැස්ස ගැන අබමල් රේණුවක තරම් වත් කෝපයක් ඇති නොවුණි. සමන් මලීට පමණක් නොව. ඒ මේ පළාතේ කවරෙකුට වුවද පොදු වූ හැඟුමෙකි. වැහි කාලය එළැඹෙන තෙක් අහසට නෙත් යොමා ගෙන සිටින, අඩියට දිය සිදී ගත් වැව් පතුළ, කරවී කේඩෑරි වී දුඹුරු පැහැය තවරා ගත් ගහකොළ තරමටම මේ ගම්වල මිනිස්සු වැස්ස අපේක්ෂා කළෝය. පැලට ගොඩ වෙන විට සමන්මලීගේ ඉහින් කනින් දිය බේරෙයි. අක්කේ මොනවයි මට කන්න ගෙනාවේ….?” බාලයා සමන්මලී අසල දැවටුණාය. සව් බොරෝ වගයක් ඇති…….නංගිටත් දීලා කන්න….” දිය බේරෙන ඇඳුම් උනා දැමු සමන්මලී සායම් දිය වී පැල්ලම් මතු වුණු පරණ චිත්ත ගවොම ඇඳ ගත්තාය.

    Original price was: Rs. 645.00.Current price is: Rs. 580.00.
  • -10%
    (0)

    මෞන – Mauna

    කිසි දිනෙක අසා නොතිබූ අමුතු වචන පෙළක් කාව්‍යා එකදිගට මිමිනුවාය. තිමිරද ඉතා කුතුහලයකින් යුතුව ඒ දෙස බලා සිටියේය. තමා මායාකරුවකු නොවේ නම් මේ කරන්නා වූ වංචාවට දඬුවම මරණය බවත් හොඳින් දැනගත් තිමිර, කාව්‍යා කියන්නා වූ සෑම දෙයම අකුරක් නෑරම සිදුකරන්නට වූයේය. එසේ කිරීමට හේතුව වූයේ මේ ප්‍රශ්නය තමන් ඇති කළ දෙයක් නිසාත් ඇය අද මෙතැන සිටින්නේද තමන් නිසාත් වීම යන හේතු මතය. තමන්ට මියැදෙන්නට සිදු වුවත් අවසන් හුස්ම තෙක් තමන්ගේ කාර්යයට කැපවෙන්නා වූ කාව්‍යාට ආරක්ෂාව සැලසීම ඔහුගේ යුතුකමක් බව ඔහු සිතීය. උරුමයක් පරම්පරාවෙන් ලැබුණද පරම්පරාවේ සියල්ලන්ම මායා කරුවන් වන්නේද නැත. එසේම වර්තමාන පිෆෙක්ස් නායක ක්‍රෙම්ස්ටන්ද මායාකරුවෙකු නොවේ. මරණය වෙත ඇති සම්භාවිතාවය වැඩිය. මේ සියල්ලම තිමිරගේ සිතෙහි රැව් පිලිරැව් දුන්නේය. නමුත් කාව්‍යා කියූ කාරණය එවිට තිමිරට සිහි විය. තමන්ගේ සිත පාලනයට ඉතා වෙහෙසක් දැරූ තිමිර මෞනය බේරාගැනීම යන කාරණය පිළිබඳම සිතමින් බලපාෂාණය මත තම සුරත තබා ගෙනම සිටියේය.

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.
  • -10%
    (0)

    අප්පච්චි ඇවිත් – Appachchi awith

    මගේ සම්පූර්ණ නම මේස්ත්‍රීගේ හිල්වා ගුණවර්ධන. වයස අවුරුදු 48 යි. මම විවාහකයි. විවාහ වෙලා ඉන්නෙ කිත්සිරි ගුණවර්ධන සමඟ. එයා හෙලීස් එකේ වැඩ පරික්ෂකවරයෙක්. ඔව්. අපට දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒ අය දැන් ලොකුයි. මිය ගොස් සිටින සුමාලි මගේ මිතුරියක්. නැහැ. එහෙම කුඩා කාලෙ ඉඳලා තියෙන මිතුරුකමක් නොවෙයි. ඒ අය අපේ අසල්වැසියෝ. ඒ අය ඔය ගෙදරට ඇවිත් දැන් අවුරුදු 12ක් විතර ඇති. ඒ කාලෙ ඉඳලාම අපි මිතුරුයි. සුමාලි වැඩ කළේ බැංකුවෙ. නිස්සංක සේනාධිර කියන්නෙ එයාගෙ ස්වාමි පුරුෂයා තමයි. ඔහු පරිපාලන සේවයේ විධායක නිලධාරියෙක් කියලා දන්නවා. සුමුදු තමයි ඔවුන්ගේ එකම දුව. ඇයට මම හිතන්නේ අවුරුදු 10ක් විතර ඇති. ඇය ඉගෙන ගන්නේ විශාකාවේ. නැහැ. එහෙම ඒ දෙන්න අතර ආරවුල් තිබුණේ නැහැ. සුමාලි කියන්නේ හරි අහිංසක ළමයෙක්. මම හිතන්නෙ නැහැ

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.
  • -20%
    (0)

    ඔකිගහරා – Okigahara

    .” මම සෙලීනා. සෙලීනා ගෝමස්. එතකොට මිස්ටර්?”
    ” හෙලෝ.. මිස්ටර්..”
    ඔහු සිටියේ වෙනත් කල්පනාවක ය. ඒ නිසා ඇය විමසූ දේ හරි හැටි ඇසුණේ නැත.
    ” අහ් සොරි.. සෙලී, සෙලීනා කිව්වා නේද? සෙලීනා මගෙන් මොකක් හරි ඇහුවද?”
    “මිස්ටර්ගේ නම මොකද්ද ? ” ඇය මුවග රැඳි අඩ සිනහවෙන්ම ප්‍රශ්නය ඇසුවා ය.
    “මම තිසල් හේවගේ. ඉතින් සෙලීනා ඔබව හමු වීම සතුටක්.
    ————————————-
    “මම ඔබට අනතුරු අඟවනවා. එහි ඇතුළු වෙන්න එපා!.” එම අනතුරු ඇඟවීම කුමක් ද?

    Original price was: Rs. 750.00.Current price is: Rs. 600.00.
  • -10%
    (0)

    මසායි දූතිකාව – Masai Duthikawa

    අප්‍රිකාවේ මහා වනාන්තරයක වෙසෙන, ශිෂ්ට සම්පන්න යයි සම්මත ලෝකයට ප්‍රවිෂ්ට නොවූ ගෝත්‍රික මිනිස් සමූහයක් වෙනුවෙන් වෙහෙසෙන තරුණියක ප්‍රධාන කොට ගනිමින් ලියැවෙන මේ සිදුවීම් දාමය පෙළගැසෙන්නේ, අපේ ඇසට නො පුරුදු පරිසරය පිළිබඳව කතුවරිය අපට දායාද කරන චමත්කාරය ඔස්සේ කියවන්නා විස්මයට පත් කරමිනි. අප්‍රිකානු වනගත පරිසරය, ආගන්තුක චරිත, ස්ථාන හා චරිත හඳුන්වා ඇති නාම, පුදුම සහගත හැසිරීම්, සිරිත් විරිත් පිළිබඳව නිරන්තරයෙන් ස්පර්ශ කරමින් එහිම වෙසෙන අප්‍රිකානු වැසියෙකුට ම මිස, බැහැර කෙනෙකුට නොහැක. නවකතාවක් යනු කතන්දරයක් කියාගෙන යාම වෙනුවට, ඒ කථාන්තරයේ එන චරිත තුළින් මනුෂ්‍යත්වයේ සැගවුණු පෙදෙස්වලට තියුණු ආලෝක ධාරාවක් යොමු කර, ඒ මෙසේ මෙසේ යයි දකින්නට සැලැස්වීමය යන අදහස කතුවරිය සිය නිර්මාණය තුළින් සනාථ කර තිබේ.

    Original price was: Rs. 675.00.Current price is: Rs. 607.50.
  • -10%
    (0)

    බැද්දේගම

    මහා මුහුදටත් කඳු වැටි වලටත් අතර පහත රට තැනිතලා ප්‍රදේශයක පිහිටි ගමකි බැද්දේගම. ඒ අවටින් වුයේ ඝන කැලෑවකි. මෙසේ, කැලෑවට- බැද්දට – මැදිවී සිටි හෙයින් ඒ ගමට බැද්දේගම යන නම ඉබේ ම ඇති වුවකි. මහ මුහුදක් සේ පෙනුණු ගම වටා පිහිටි වන රොද නිසා ඈත උතුරෙන් වූ කඳු වැටි උස් වූ පවුරු බිතක සිරිය ඉඳුරා පළ කෙළේ ය. උණුසුම් වාතය ද උතුරු, නැගෙනහිර, දූවිලි ද වියළී පොඩි වී ගිය දඬු පත් ද පිසගෙන ආ වන හඳ ගම පුරා පැතිර සිටියේ ය. හැම දෙසින් ම දකුණු, බස්නාහිර යන සිව් දෙසින්ම – ඈත නිල්වන් කඳු වැටිය දක්වා ද මෑත මහ මුහුද දක්වා ද පැතිර ගිය මහ වනයෙහි ම ය ගමෙහි මුල හා අග ද වූයේ. ගම වනයෙන්ම පටන් ගැනී වනයෙන් ම කෙළවර වූයේ ය. වනය, ගම වට කරගෙන. ගමට ඉහළින් ද වැඩෙමින් ගම තද බද කරගෙන සිටියේය. ගෙ මිදුල් හා එළි මහන් තැන් අකුල් කර ගෙන මැටි ගෙවල් මිරිකා ගෙන මං පෙත් අවුරා ගෙන වනය හාත්පසින් ම වැඩුණේ ය. ගම සම්පුර්ණයෙන් වනබත් වීම වළක්වා ගත හැකි වුයේ අවුරුදු පතා කැති පොරෝ වලින් පහර දී පහත් කර දැමීමෙනි. එය ගම වටා පිහිටි ජිවමාන ප්‍රාකාරයකි .

    Original price was: Rs. 675.00.Current price is: Rs. 607.50.
  • -10%
    (0)

    සාරි ඇඳපු පිරිමි – Sari Andapu Pirimi

    මා ගෙවන මේ විචිත්‍ර ජීවිතය අහසින් කඩා වැටුණු එකක් නෙවෙයි. මේ ආනන්දනීය තත්ත්වයට එසවෙන්නට මා විඳි දුක්ඛ දෝමනස්සයන් ලියන්නට මාගලක් තිබුණත් මදි. පුංචි කාලේ අපෝ දුක් විඳලා තියෙනවා. මැතිණිගේ ආණ්ඩුව කාලේ පාන් පෝලිම්වල ලගින කොට මට එකොළහයි. ගමේ පංසලට ගියේ නම්පොත, සකස්කඩ, බුද්ධගජ්ජේ වනපොත් කරන්ඩ. ඒ වුණාට ටික කලක් ගත වෙන කොටයි තේරුණේ, මම මෛථුන්‍ය විනය කර්මයක පැටලී ඇති වග. එතකොට මට දහතුනයි. ඒ චීවරධාරියාට හැට හතරයි.

    ඔය කියන හැත්තෑ ගණන්වල ඒක අකරතැබ්බයක්, අපචාරයක්, ළමා අයිතිවාසිකම් උල්ලංඝණයක් කියලා මං දැනං හිටියේ නැහැ. එහෙම දැනුම් තේරුම් තියෙන අය අපේ ගමේ හිටියෙත් නැහැ. අහල ගං හතක හිටියද කියලත් සැකයි. මං දැනං හිටිය එකම සත්‍ය ඒක රහසක් කියලා විතරයි. කෙළ හොල්ලලා තිබ්බොත් නහයෙන් කටිං ලේ දාලා, පපුව හත් කඩකට පැලිලා, එවේලේම පොළොව පලාගෙන නිරයට යන දිට්ඨ ධම්මවේදනීය පාපකර්මයක් කියලා විතරයි.

    අවුරුදු දහතුනක පොඩි කොල්ලෙක් කොහෙද එහෙම තීරණාත්මක රහසක් රකින්නේ. පවුලේ කවුරු හරි දැනගත්තා නං සහසුද්දෙන්ම වැරදිකාරයා වෙන්නේ මම. ඒ කාලේ එහෙම තමයි. දැන් කියලා වැඩි වෙනසක් ඇත්තෙත් නැහැනේ. ඉතිං මං අපේ වත්ත පහළින් ගලාගිය මහවැලි ගඟේ ගල්පර අතරේ. ගේ ඉස්සරහ ශාන්ත ජෝන් පල්ලියේ අල්තාරය පිටිපස්සේ, රේල් පාරට එපිටින් වහලවෙල කැරකෝප්පුවේ රූස්ස ගස් අතරේ තනිවී මගේ කථාව මට ම කියාගත්තා.

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.
  • -10%
    (0)

    පෙරදිග සටන – Peradiga satana

    දස දිනක නිවාඩුවක් ලැබ ප්‍රංශයේ සිට පෙරළා පැමිණි කපිතාන් ජේම්ස් බිගර්ඩ්ස්වර්ත් පහළ රීජන්ට් වීදිය අන්තයෙහි නතර වෙමින් ” වෙලාව එකට දහයයි ” යි තමාට ම මුමුණා ගති. ” දවල් කෑම වෙලාව කිට්ටු බව මට දැනුණා ‘ ඉක්බිති හැරී විවේකී පියවරින් කැප්රිස් ආපන ශාලාව දෙසට ගමන් කළ හෙතෙම හදිසි සිතිවිල්ලක් පහළ වූ කලෙක මෙන් මොහොතකට පසු බෑවේ ය. මේ ඔහු නිල ඇඳුමින් තොර ව සිටි දිනයකි. එහෙත් ඊට හේතු වූ කරුණු කාරණා අස්වාභාවික ද නොවේ.

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.
  • -10%
    (0)

    සංචරණී – Sancharanee

    දන්නවද, මේ ලෝකෙ තියෙන ලස්සනම අකුරු තුන ආදරේලු….

    ඒත්… ඔයා දන්නවද

    ඒ අකුරු තුනට වඩා ලස්සන දේවල් තව කොච්චර ලෝකෙ තියෙනවද කියලා?

    ඒවා දකින්න හැමෝටම බැහැ.

    හැබැයි දන්නවද,

    ඒ ලස්සන ගැවුණ ගෑවුණ හැම තැනකම ආදරෙත් මුහු වෙලා තියෙනවා.

    අන්න ඒකයි ආදරේ හරි ලස්සනයි කියන්නෙ.

    ලස්සන තැන්වල ආදරේ රැඳෙනවා…

    ආදරේ ඇතුළෙ ලස්සන දකිනවා…

    අන්න ඒකයි අකුරු තුනකට පණ දෙන රහස !

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.
  • -20%
    (0)

    වාපි – Wapi

    මිනින්දෝරුවා හෙවත් රිචඩ් කුඩාරමේ එල්ලා තිබෙන ලන්තැරුමෙන් එහා සිට කඩා වදින්නට දඟලන අන්ධකාරයට දැස් දල්වා සිටී. කුඩාරමට වම් පසින් අඟුරු බැස ඇති ගිනිමැලයට දර කොටත් ළං කරමින් ගිනි බෝ කරන්නට කිරාල රෑ පුරා කරන සටන ඔහුට මැනවින් හුරුය. අඟුරු ගොඩ ඉහළින් එල්ලා ඇති දුම්බැඳි කළු ගැසුණු කේතලයේ හූ හඬට කන්දීගෙන කිරාල සිටින්නේ අඳුර දෙස බලාගත් වන මය. මිනුම් සටහන් තැබීමටත්, තම අගනා වාරිමාර්ග වාර්තා ලේඛනගත කිරීමටත් පාවිච්චි කරන අකුළා තැනින් තැන ගෙන යා හැකි කුඩා මේසය මත දෙපා විහිදුවමින් අකුළන පුටුවේ හාන්සි වී පයිප්පය උරන රිචඩ්ට දහවල් දවස පුරා ලයින් කැපීමටත්, තියඩෝලයිට්ටුව ඇතුළු මිනුම් උපකරණ ඔසවා ගෙන සැතපුම් ගණනාවක් දුර පා ගාටමින් හෙම්බත් වූ කම්කරුවන් නින්දෙන් කෙඳිරිගාන හඬ ඇසෙයි. මින්නේරි වැව් හිසින් මෝදු වී එන ළා හඳ යාන්තම් ලපයක් ලෙස අහසේ වැහි බිත්තර අතරින් වරින් වර මතු වෙයි. බිම එළාගත් ගෝනි පඩංගුව මත වකුටු වී කෙඳිරිගාන මිනින්දෝරු පාටියේ කෙසඟ මිනිසුන් දකින රිචඩ්ට අවරදිගුවන් විස්ම පත් කළ මහ සයුරුවන් මහ වාපින් ඉදිකළ විස්මිත වාරි රහස් සඟවා ගෙන මේ පොළොව තුළ සැඟවුණු යෝධ මිනිස් කැලකගේ වත්මන් ජාන සම්පත මේ දැයි මහත් කුතුහලයක් ඇති වෙයි.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 640.00.
  • -10%
    silvabookshop_lk_ rosa_pata_heenasilvabookshop_lk_ rosa_pata_heena
    (0)

    රෝස පාට හීන

    ප්රේමය නම් ප්රේමයමයි. ඒක නියම්ද? අනියම්ද? කියන දේ අදාළ නෑ. මගේ දැක්ම අනුව මෙහෙම ප්රේමෙක පැටලෙන වුන් පව්. ඒකට හේතුව තමයි, හොයන දේ නොලැබීම, සතුට තාවකාලික බව දැන දැනත් දුක දෝතින් තුරුලු කර ගැනීම, ආදර රසයට ඇති වුණ කෑදරකම. ඒ නිසා ඒ අය පැටලෙනව මේ පඹ ගාලෙ. මෙහෙම දාර්ශනික වදන් දෙන අපිත් මේ ආදරයේ වින්දිතයො වෙන්න පුළුවන් කියල අමතක කරන්නත් හොඳ නෑ. ආදරය ඒ තරම්ම භයානකයි. ඒක කොතන, කොහොම, කා සමග ඇති වෙනවාද කියල කල් තියා සැලසුම් කරන්න බැ..

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.
  • -10%
    (0)

    පර්ලිනා – Perlina

    කලක පටන් දැඩි හිරු රශ්මියත් සමඟ පොර බැදූ පොළව, නිවා සනහන්නට තරම් වරුසාවක් නොලැබූ කර්කශ පොළොවට උදලු පහරවල් කිහිපයක් එක පෙළට වැඳිනි. උදලු තලයේ වැදී පස් කැටිති දසත විසිරුනා මිසක පොළව පසාරු වන බවක් නොවීය. මද්දහන් හිරුගෙන් උණුසුම් වන වියළි සුළඟ. එළි පෙහෙලි කර සැකසූ හේන් අතරින් උජාරුවට සැරිසැරුවේය. අග්ගහ කැලයෙන් නැගුණු ගෝනෙකුගේ පොළුහංදීමකට හේනේ කොනක දළුපත් සොයමින් සිටි සාවෙකු බියපත් වී ගොල්ලකට වැදී සැඟව සිටියේය. ගම්මානයේ විසූ හේන් ගොවියන් මහමුකලන් බැසීම ඇරඹියේ එදිනය. ඒ වන විටත් යාය රාළට අක්වැස්සක හීන් ඉවක් පහළව තිබිණි. සුභ නැකතට වල් කොටන්නේ යායෙ රාළය. වල් කොටන්නේ රුක් අත්තන, පෙතං, පලු, බෝමි, කහට, ලෝලු, කොබ්බෑ, කුරටි, දෙමට යන ගස් වලින් තෝරා ගත් ගසකිනි. යායෙ රාළ විසින් පළමු වල් අත්ත කපන්නේ මරු සිටින දිසාවට පිටුපාය. මිනිසාගේත්, පරිසරයේත් සබැදියාවට ඇත්තේ දිගු අතීතයකි. එය සිහිගැන්වුමට යාය රාළ පළමු ව අත්ත කපා දමනුයේ දේව කන්නලව්වක් සමඟය පොසොන්, ඇසළ, නිකිණි මාස් වලදි නුවර කලාවියේ ඇත්තන් හේන් වල වල් කොටා, වල් වියළා, ගිනිලෑම අරඹයි.

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.
  • -10%
    (0)

    ලන්තැරුම් එළිය – Lantherum Eliya

    වෙනදා හැමදාමත් විනාඩි පහෙන් ගෙදරට යන පාර අද කොච්චර දුර ද ? මහ පාර ළඟ ඉඳන් ගෙදරට කොච්චර වේගයෙන් දිව්වත් තව ගේ ළඟට ආවේ නෑ. දැන් නම් මට හොඳට ම හනි කෙළ ගිලගනත් බැරි තරමට ම. ” සයිමන් අයියගේ දුව නේද අර යන්නෙ?” ඩිංගිරි මා මගේ මිදුලට වෙලා කමලා නැන්දයි, සුමනා නැන්දයි කතා වෙනවා මට ඇහෙනවා. හැමදාමත් ගමේ කවුරු මුණට මුලිච්චි වුණත් හිනාවෙලා කතා කරන මං, අද නැවතීමක් නැතිව ම ගෙදරට දුවන්නේ මගේ සතුට අම්මට කියන තෙක් ඉවසිල්ලක් නැති නිසාවෙනි. ” පුතේ ඔයා මේ පාර විභාගේ ලිව්වා නේද?” ” කොහොමද ළමයෝ ප්‍රතිඵල ?” ” මම පාස් නැන්දේ.”

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.
  • -20%
    (0)

    සංගිලිපාලම – Sangilipalama

    අසනි වැස්සක් වැටිණ. දෙපත් කපාගෙන ඇද හැළුණු මහ වැස්ස, දෙරණ බිලිගන්නට එන්නා වූ රකුසෙකුගේ විලාසය ගනී. වැස්ස තුරල් වන පාටක් නැත. සඳුනි දෙපාරක් පාපිස්සේ  හප්පා ආපසු හැරී බැලුවාය. වැස්ස තමා පසුපස හඹා ආයේ සතුරෙකු පරිද්දෙනි. හිටි ගමන් ඇද හැළුණු වැස්සට ඈ බිය වූවා ය. ඈ කවදත් වැස්සට බිය ය. විළිරුදාවෙන් පෙළෙන ගැබ්බර අහස අකුණු ගසන විට ඈ තිගැස්සුණාය. වැස්සේ තෙත බරිත වෙමින් ටික දුරක් පැමිණි ඈ හිස ගස්සා ආපසු බැලුවා ය. ඇගේ දෙනෙතේ තිබුණේ බියකි. සතුරු සේනාවක් වෙඩි තබමින් කෑ මොර දී තමා පසුපස හඹා ආ කලෙක ඔවුන්ගෙන් බේරුණාක් වැනි හැඟීමක් ගෙට ගොඩ වූ සැණින් ඇයට දැනිණ. ඉස්තෝප්පුවේ කොට තාප්පයේ වාඩි වී සිටි රංග අයියා දෙසට ඈ හෙළුවේ ජයග්‍රාහී බැල්මකි. එහෙත් ඔහුගේ අවධානය ඇය වෙතට යොමු වුයේ නැත. ඇගේ ගෑවෙන සීමාවට රංග අයියා දෙසට කිට්ටු වූ සඳුනි, ඔහුගේ අවධානය උදුරා ගන්නට තැත් කළාය. එහෙත් රංග, නිනව්වක් නැති මහ වැස්ස දෙස අපේක්ෂා භරිතව බලා සිටියේ ය. කොට තාප්පය මත සඳුනි සටහන් මිටිය තැබුයේ කනස්සල්ලෙනි.

    Original price was: Rs. 850.00.Current price is: Rs. 680.00.
  • -20%
    (0)

    කැලණිවැලි Express – Kelaniweli express

    කොළඹ කොටුව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය තව ස්වල්ප වේලාවකින් පළවෙනි වේදිකාවට ළඟා වනවා ඇත. එම දුම්රිය නවත්වන්නේ කොට්ටාව, පන්නිපිටිය, මහරගම, උඩහමුල්ල නුගේගොඩ, නාරාහේන්පිට, කොටාරෝඩ්, බේස්ලයින්, මරදාන යන දුම්රිය ස්ථානවල පමණි.” කෝච්චි වලට පණ තියෙනවා. කෝච්චියේ එන්ජිමට, පෙට්ටිවලට හුස්ම ගන්න පුළුවන්. අපි හොඳට කන්දීගෙන හිටියොත් ඒ හුස්ම ගන්න සද්දය විතරක් නෙමෙයි නාඩි වැටෙනවත් ඇහෙනවා. ඒක ඒ තරම් සජීවී සහ සංවේදී දෙයක්. මේ කෝච්චියේ පෙට්ටි එකකට එකක් සම්බන්ධ වෙන්නේ නහර වැල්වලින්. ඒ නහර ඇතුළෙ තමයි ලේ දුවන්නේ. පෙට්ටිය උඩින් හම් තට්ටුවක් තියෙනවා. ඒ හම එක එක පාටයි. එතකොට ඒ හමට වැහිලා ඊට යටින් තියෙන මස්වලින් තමයි කෝච්චි පෙට්ටියක් සම්පූර්ණ වෙන්නේ. මස් වලට යටින් තව ඇටකටු එහෙමත් තියෙනවා. එහෙම බලනකොට කෝච්චියක් කියලා කියන්නේ සුවිසල් ජීවියෙකුටයි.

    Original price was: Rs. 850.00.Current price is: Rs. 680.00.
  • -20%
    (0)

    සෙංකොට්ටං

    තමාට තිබුණේ බබා හේනයා යැයි නොකියා බබා සිඤ්ඤෝ වැනි නමක් කියන්නට ය. එහෙත් මුසා පැවසීම නොහොබිනා කටයුත්තකැයි ඔහු බුදු බණේ අසා තිබුණේය. ඒ නමුත් නමෙන් බාගයක් හරි ය. එහෙත් නමෙන් අඩක් මුසාවක් බව තමාගේ සිත දනී: දැන දැන මුසාවක් කී විට එය සිතට වදයක් වනු ඇත. ඒ වදකාර සිති වල්ලට වඩා මේ කනගාටුව හොඳ ය. අර ආඩම්බරකාර මිනිසුන් කෙසේ ක්‍රියා කළ ද බුදු හාමුදුරුවන් ඇත්ත විස්තරය දන්නවා ඇත. – ඔහු කල්පනා කළේ ය. එසේ ම අඩු කුලවල මිනිසුන්ට, අඩු කුලවල අසරණ වූ දරුවන්ට බුදු හාමුදුරුවන් ඕනෑ තරම් උදව් පදව් කර තිබේ.
    ආතේ. සෙංකොට්ට ඉවරයි නේද?” කුඩා බබා හේනයා ඇසුවේ එකවර යමක් මතක් වීමෙනි.
    ” කඩ මණ්ඩිය පහු වුණා නේ පැවෝ… පරණ ඒවා ගෙදර ඇති නේ. ඒවා ගමු…”
    ඔවුහු යළිත් කරබාගෙන ම රිදීවිට දෙසට ගමන් කරන්නට වූහ.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -20%
    (0)

    මාණික්කාවත

    “උඹලගේ පඳුරු ගැනිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා… විසේසෙන් කෙල්ලේ උඹ බලවතියක්.ආසාවල් ඇති වෙනවා තමයි. ඒ් උණාට සිහි කල්පනාවට ගනිං,ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලාම ගොයම හොදට පැහෙන කල් ඉන්න ඔ්නි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ .ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු ඒක්කාසු කොරගන්නේ.ඊට කලියෙං කුඹුරට පැනලා දැඟලුවාම මොකෑවෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වෙළේ ඒබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒ්කෙන් පිහදාගෙන ගෙදර යන්න ඇහැකි.හැබැයි උක්කුං කෙල්ලේ,උඹට ඒ්ක ඒහෙම කොරන්න බෑ…

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -20%
    (0)

    සක්කරං – Sakkaran

    බය වෙන්ඩ කාරි නැතුවා. හිටින්ඩ කෝපි ඇබිත්තක් සප්පයාමි වුණාම ඔය කැරකැවිලි ගතිය යයි…”
    ගෙතුළට යන ඇය පිටුපස්සේ නිලමෙගේ දැස් එල්ලී යනු ඩිංගිරි බණ්ඩා බලාගෙන සිටියේය. මේ ගම් තුලානට රාජකාරියේ ආ පෙර දිනයක කිසිම ගෙදරකින් දිය පොදක් බීවා ඔහුට මතක නැත. හදිසියේ තිබහකට බීවොත් නවසි කුරුම්බාවක් පමණි. එහෙත්, පැහෙන රා ලබ්බක් ලැබුණොත් එයින් ඩිංගිත්තක් තොල ගා ගන්නට කිසිවකු මැළි වූයේ නැත.
    නුවර වාසලට නොලැබෙන පිරිසිදු කිතුල් රා වලට ගුරු දෙණිය නම් දරා ඇති බව ඩිංගිරි බණ්ඩා සිහිපත් කරන්නේ කලකින් තොල නොගෑ රා මුට්ටියක උතුරන පෙණ සිතින් ඉවත් කරමිනි.
    මැතුරුම් ගන්ඩ හොඳයි නම්, සිහිපතේ ඇදල දාන්න හොඳයි නම් ආයෙ නාක වෙනවද කෝපි ටිකක් බීවාම. අනික මේ ඇත්තිල අපිට වඩා රාජ ලේට කිට්ටු කියල නෙව කියන්නෙ. කෝපි හදන්නට ගිය ඇයගෙන් තමන් දෙසට හැරුණු නිලමෙහෙ දෑස් දෙස බලාගෙන ඩිංගිරි බණ්ඩා සිතුවේය.
    “අද මේ සංගත හංදා ආපු රාජකාරියත් පරක්කු වෙනවා. දැන් මොකද කොන්ද…”
    ” හිරි වැටිල වාගේ බණ්ඩේ… කකුල එහා මෙහා කරද්දි හිං රුදාවක් යනවා බෙල්ල පැත්තට…”

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -10%
    (0)

    විලම්බීත – vilambeetha

    ” තිලක උඹ කැමති ද ඉංගිරිසි විද්‍යාලයකට යන්ව? අප්පච්චි මේ ප්‍රශ්නය මතු කළේ රෑ කෑමෙන් පසු පවුලේ සියල්ලන් ම ඉස්තෝප්පුවේ පැදුරු එළාගෙන වාඩි වී බුලත් සපමින් සිටින විටය. එදා කන්ද කපා හඳ පායා තිබුණි. කජු වැටට එහා වෙල්යායට හඳ එළිය වැටිලා හරියට දවල් වගෙයි. මඳ සුළගින් පිච්ච සුවඳ ගේ පුරා ” අනේ ඔව් කියන්ට මල්ලි ” අනුලක්කා නිශ්ශබ්දය බින්දාය. ” මට මොකට ද ඉංගිරිසි විද්‍යාල ? ” ” මදැ පෙරුම් පුරලා ඇහුවා !” අම්මා කට කොනකින් සිනාසුණාය. ” අනේ මල්ලී කොච්චර හොඳ ද ලොකු විද්‍යාලයක ඉගෙන ගන්න එක! ඒ කීවෙත් අනුලක්කාය. ” එතකොට අයියා කලිසං සපත්තු ඇඳලා ඉඳි මහත්තයා වගේ ” සෝමා නංගි කීවාය. ” ආය කලිසං සපත්තු!” ” එව්වා නැතුව පුළුවනැ ඉංගිරිසි විද්‍යාලයකට යන්ට! ‘ අප්පච්චි කීවේය. ” අප්පච්චි ඉතිං එව්වා මට ඇන්න දෙනවද?” “එහෙනම් මොකද? ”

    Original price was: Rs. 800.00.Current price is: Rs. 720.00.
  • -20%
    (0)

    බිස්නස් උණ – Business una

    අනාගතයේ අභියෝගය ඕනෑම මොහොතක රැකියාවක් සඳහා මවිසින් සම්මුඛ පරීක්ෂණයකට ලක් කරන පුද්ගලයෙකුගෙන් මම අසන පොදු ප්‍රශ්නයක් තිබේ. ඇත්තටම මම මේ ප්‍රශ්නය ඇසීමට කැමතිම ප්‍රශ්නයක්. ” ඉලන්දාරියා, ඉතා සුළු පිරිසක් ඔබ සමග එකඟවන වැදගත් සත්‍යය කුමක්ද?” බැලු බැල්මට ප්‍රශ්නය සරලය. නමුත් පිළිතුරු එතරම් සරල නැහැ. එය මනෝ විද්‍යාත්මකවද දුෂ්කරයි. මෙම ප්‍රශ්නයට පිළිතුරු ලෙස බොහෝ අය පවසන පිළිතුරු මට ඇසේ. ” අපගේ අධ්‍යාපන ක්‍රමය බිඳ වැටිලා. වහා එය ප්‍රතිසංස්කරණය කළ යුතුයි.” ” ඇමරිකාව කියන්නේ පට්ට රටක්.” ” දෙවියන් වහන්සේ කියා කෙනෙක් නොමැත.’ මේ හැම පිළිතුරක් දෝෂ සහිතයි. ඒ කිසිදු පිළිතුරක් සාර්ථක පිළිතුරු නොවේ. පළමු හා දෙවන ප්‍රකාශ සත්‍ය විය හැකි නමුදු බොහෝ දෙනා දැනටමත් ඒවාට එකඟ වී හමාරය. තුන්වන ප්‍රකාශය. එය හුරු පුරුදු විවාදයක එක් අන්තයක්. හොඳ පිළිතුරක් පහත ස්වරූපය ගනී.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -20%
    (0)

    යකඩ සිල්පර – Yakada silpara

    පඬු පැහැ එළිය විහිදවමින් දිලිසෙයි. මහ මුකළානේ පලු,වීර,කෝන්, මොර, මී කොහොඹ කුඹුක් ගස් යෝධයින්ගේ අතු පතරට යටාවතින් වූ අඳුර පලවා හැරීමට හීන් අඩ සඳ පළුවට නොහැකිය. ගස් ගොම්මනේ වූ අඳුර අතර කුඩා දිය ඇල්ලක් වගේ සැරිසරනා කණාමැදිරියන් රෑන දෙස රුත් ඇලීසියා විලියම්සන් බලා සිටියාය. ඇය සිටියේ නවතා ඇති දුම්රිය මැදිරියකය. රැයින් අඩකටත් වඩා නිදිවරා සිටිය ද ඇගේ දැස් වලට අල්ප මාත්‍රයක හෝ නිදිබරක් නොදැනිණ. ඊට හේතුව තම ස්වාමි පුරුෂයා වූ ඩන්ස්ටන් මුලර්ගේ දිනපොතේ ලියා තිබූ කැලෑ මිනිසා පිළිබඳ වූ කුතුහලයයි. දසතින් දෝංකාර දෙන රෑහි හඬ ඉඳ හිට නැඟෙන කිරළුන්ගේ කැරැව්වෙන් මඳකට යටපත් වෙයි. තරමක් ඈතින් බකමුණු යුවළකගේ හීන් බුම්මන් හඬ ඇසෙයි. රූත් තමාගේ හිස වටා කැරකෙමින් සිටි මදුරුවන් කීපදෙනෙකු අතවනා පන්නා දැමුවාය. එහෙත්, මදුරුවන් මඳ වේලාවකින් යළිත් පැමිණ අමිහිරි හඬ නඟමින් ඇගේ හිස වටා කරකැවෙන්නට වූයෙන් ඇය දුම්රිය කවුළුවේ වීදුරු ජනේලය පහත් කර දැමුවාය. ඒ විසිවන සියවසේ මුලයි. ඒ අවධියේ ගමන් බිමන් යාම කළේ තිරික්ක වලින් වන අතර බඩු ගෙන ගියේ අඹරා කරත්ත වලිනි.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -10%
    (0)

    බිෂෝප් -Bishop

    දෙවනුව මම මගේ අම්මා, අප්පච්චි, අයියා සහ අක්කාට විශේෂයෙන් ස්තුති කළ යතුයි. ගෙදර අයගේ ශක්තිය සහ රැකවරණය මේ පොතට වගේම මගේ ජීවිතයටත් විශාල පිටුවහලක් වුණා. එසේම ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ සියලුම වසරවල මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට හදවතින්ම ස්තූති වන්ත වෙනවා. ඔවුන්ගේ අගය කිරීම්, ඔවුන් ලබා දුන් ධෛර්ය මා හට දැවැන්ත ශක්තියක් වුණා. එසේම මිලින්ද සාලිය, මහේෂ් නිලංග, හංසි කොමදී, හර්ෂණ නදීප යන මගේ ආදරණීය හිතවතුන් විශේෂයෙන් සිහිපත් කළ යුතුය. ඔවුන් සියලු දෙනාම මේ කතාව අවසාන අදියරට රැගෙන ඒමට විශාල උපකාරයක් සිදු කළ ආකාරය මා හට සැමදා සිහිපත් වනු ඇත. තවද මේ වෙනුවෙන් අලුත් අදහස් සහ තොරතුරු ලබා දුන් ප්‍රගීත් සුපුන් නාලින්ද, ලසන්ත ගිහාන් සහ හෂාන් චින්තක යන මගේ ප්‍රාණ සම මිතුරන් තිදෙනාටද මාගේ ගෞරවය සහ ස්තූතිය ලබාදීමට කැමතියි.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 720.00.