-
නිදුක්ඛා – nidukka
Original price was: Rs. 1,590.00.Rs. 1,431.00Current price is: Rs. 1,431.00.කොළඹට ඇද හැලෙන්නේ හදිසි වැසි ය. ඉක්මන් වැසි ය. කලබලකාරි වැසි ය. කල්තියා දැනුම් නොදෙන වැසි ය. ගිණිගහන අව්වේ කඩි මුඩියේ කොළඹ පුරා නොයෙක් දේ වල නියැලී ඉන්නා මිනිසුන්ට ඒ කඩිමුඩිය අඩියෙන් දෙකෙන් ඉවර කරවන හදිසියේම ඇද වැටෙන වැහි දියට සාප කරන්නෝ ද ආල කරන්නෝ ද අඩු නැතුව සිටිති. කලිසම් කමීස පිළිවෙළකට ඇඳි යෞවනයෙක් තම අතින් හිස ආවරණය කරගෙ සෙවණක් සොයනායුරු දැකි සදෙව්නාට ඉබේම සිනහවක් පහළ විය. සිනහවත් සමඟින්ම පිස්සෙක් කියා ද සිතුනි. නමුත් ඇයගේ සිනහවත් සිතුවිල්ලත් වියැකී යන්නට ගත වූයේ බෙරේ වැවට ඉහළ අහසේ ඇඳී මැකී ගිය අකුණු රේඛාවකටත් වඩා සැනෙකිනි. ඈ වෙත කොතැන සිට කී දෙනෙකුගේ ඇස් බැල්මන් යා වී ඇද්දැයි ඇය නොදත්තාය. හුස්මක් ගෙන තත්ත්පර තුනක් පමණ ළය මත නවත්වා ගෙන සිටි ඈ හුස්ම හඬක් පිට නොවන්නට සෙමින් පිට කළාය. සුඛෝපභෝගි සීතල නුවර – කොළඹ බස් රථයේ ටින්ටඩ් වීදුරුවකින් පිටත බලා උන් සදෙව්නා එක් දිනකටවත් මේ කලබලකාරී වටපිටාවෙන් මිදී යන්නට ලැබුණු සතුට සැහැල්ලුවක් කොට ගෙන අත්විඳ ගන්නටත් පැකිළුණාය.
-
මාගම් සෝලිය – Magam soliya
Original price was: Rs. 1,650.00.Rs. 1,402.00Current price is: Rs. 1,402.00.සැන්දෑ හිරු එළියෙන් පෑළ දිග අහස රක්ත වර්ණ වෙමින් තිබුණු ඒ සන්ධ්‍යා යාමයේ ඇබිත්ත කොලුවා ඇහිපිය නොහෙළා බලා සිටියේ ලොකු හාමුදුරුවන් දිහාය. හවසට හොඳ ආසන දෙකක් හරිගැස්සුවොත් හොඳයි…. මගේ ඇඳ ළඟ. උන්වහන්සේ මේ විධානය ඇබිත්ත කොලුවාට කර තිබුණේ එදා ඉරිදා උදයේ දෙමට කුරකින් දත් පිරිසිදු කරන ගමන්ය. ඌව වෙල්ලස්සේ කැළෑබදට වෙන්න ඇති මේ ගම් මණ්ඩියට තියෙන එකම පන්සල මේකය. ලොකු හාමුදුරුවන්ම ඇබිත්ත කොලුවාට කියා ඇති විදිහට මේ ආරාමය ශත වර්ෂ ගණනාවක් පැරණිය. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලයේ තිස්ස කුමරා මේ අඩවියට සැපත් වූ අවධියේ මේ ආරාමය පිළිසකර කරනට ඇති බවය, මුඛ පරම්පරාගතව පැමිණි විශ්වාසය වුණේ. ඒත් උන්වහන්සේ මීට දශක හතර පහකට ඉස්සර මෙහාට වඩින විට මෙතැන තිබුණේ පන්සලක් නොවේ. ගරා වැටුණු වරිච්චි බිත්ති කීපයක් සහ ගල් කණු කීපයක් පමණි.
-
සී+ C+
Original price was: Rs. 1,490.00.Rs. 1,341.00Current price is: Rs. 1,341.00.අද හවසට ලෙක්චර්ස් ඉවර වෙලා කලම්බු සිටි සෙන්ටර් යමුද? මට ඇඳුමක් ගන්න? ” දිල් බබළන දෙනෙතින් ප්‍රශ්න දෙකක් යොමු කළා. ” ඒ පාර මොකාටද එන්න හදන්නේ?” පිළිතුර විදියටත් මටත් තිබුණේ නාහා ඉන්න බැරි ප්‍රශ්නයක්. ඇගේ මුහුණේ දීප්තිය මොහොතකට අතුරුදහන් වී යළි දැල්වුණා. දිල්ට සුපිරිසාප්පු සංකීර්ණ ඇල්ජික්. මාක්ස් ආගම අබිං කිව්වේ කෙසේද, එලෙසම දිල්ට ඉහළ පන්තියේ අරුමෝසම් සාප්පු සවාරි අරහං. කොළඹ පැමිණි පසු ඇය විශ්ව විද්‍යාලයට අයත් කොළඹ හතේ ශිෂ්‍ය නේවාසිකාගාරයක නවාතැන් ගත් මුත්, ඇඳුම් ගත්තේ මහරගම පමුණුවේ තොග රෙදි මධ්‍යස්ථාන වලින්. අන්තිමට බොම්බෙ ස්වීට් කඩේකින් ෆලූඩා දෙකක් බොන්න සල්ලිත් ඉතිරි කරගන්නවා. අනතුරුව මහරගම මංගල මාවතේ පිහිටි අපගේ නිවසට දෙන්නත් එක්ක පයින්ම යනවා. ටුක් ටුක් එකක යෑම සඳහා මගේ මුදල් පවා වියදම් කිරීම පාප කර්මයක් කියලයි ඈ හිතු වේ. මුදල් යහමින් අතේ තිබුණොත් දිල් මා සමග බම්බලපිටියේ හවුස් ඔෆ් ෆැෂන් රෙදි සාප්පුවට ගාටනවා. එදාට ඈ ගාව මුදල් ඉතිරි නොවුණොත් මං ගානේ අරන් දෙනවා කෙටි කෑමක්. හැබැයි ඒකට දිග කතාවක් අහගන්න වෙනවා. ” අයියෝ ෆැබ් කඩේ හරි ගණන්. අපිට පෙරේරා ගාවට යන්න තිබුණේ ” ඈ කණගාටු වෙනවා.
-
තේ තවම උනුසුම් – Tea tawama unusum
Original price was: Rs. 1,600.00.Rs. 1,280.00Current price is: Rs. 1,280.00.භාර දේශයේ දකුණු කෙළවර පිහිටි තමිල්නාඩු ප්‍රාන්තයේ එක් කුඩා ගමක්, දීර්ඝ කාලීන නියඟයෙන් පීඩා විඳිමින්, වියළී ගිය ළපටි ගොයමින් ඊළඟ කන්නයේ වැපිරෙන බිත්තර වියට කාබනික පොහොරක් තැනීමේ නිරතව සිටියාය. ඉබාගාතේ යන දෙන්නු ඒ පිදුරු ලෑටිගාමින්, ගිනිගත් හිරු දෙසට හිස ඔසවා වැසි බිඳක් අයැද සිටියෝය. උසස් යයි සම්මත කුලයක උපදින්නට වාසනාව නොලද ඒ ජනතාව, තමන්ට යයි කියාගන්නා බිම් අඟලක අයිතියක් නොමැතිව, ඉඩම් හිමියාට බදු ගෙවමින්, දුකම අනුභව කරමින් අපාගත ජිවිත ගත කළෝය. කුඹුරු පුරන්ව ගොස්ය. ඒ දෙසින් ඇදී එන ගිනි සුළඟ සෙල්වරාජිනීගේ සියොළඟ රත් කරමින් කැරකෙන්නට විය. ඒ සුළඟට හසුව ඉහළ නගිමින් සුළි කැරකෙන ගිනිගත් දුවිල්ල ඇගේ කන්, නාසා පසාරු කරගෙන මොළය තෙක් දිවෙයි. හිස වැසෙන සේ සාරි පොට සකස් කරගත් ඇය නැගිට ගොමරිටි එකිනෙක ඉස්තෝප්පුවට විසිකරන්නට වුණාය. විසි වී යන ඒ හැම ගොම රිටකම මතු වී, දියාරු වී යන මුහුණක රත් පැහැගත් දෑස ඇය වෙත ගිනි පිඹින්නේ, ඉඩෝරය, ගිනි හුළඟ, ගංවතුර හා තමා සිවු නිවුන් සොහොයුරන්ය යන පණිවුඩය සෙල්විට සිහිකර දෙමින්ය. සෙල්විලා පාගාගෙන, උන් සූරා කමින්, සුන්නද්දූලි කිරීම තම එකම ප්‍රාර්ථනය කරගත් අසත් පුරුෂයෙකි ඔහු. ඔහු නමින් ඉලයරාජ්ය. උපතින් බ්‍රාහ්මණය. ඉඩම් හිමිකරුය.
-
අසමජ්ජාති ආදරය – Asamajjathi adaraya
Original price was: Rs. 1,400.00.Rs. 1,260.00Current price is: Rs. 1,260.00.පිටින් පිටින් ගොම්මන් කළුවර බිම වෙළා ගන්නට මාන බලමින් සිටියි. ගැහැනියක යහන් ගැබක් තුළ පෙරළා ගන්නට යත්න දරනා හැඩි දැඩි පිරිමියෙක් සේ. අර විටෙක ළං වෙමින් ද තවත් විටෙක දුරස් වෙමින් ද මේ නොනිමි අරගලය කරමින් සිටියේ ය. හැඩි දැඩි මිනිසා ස්ත්‍රියක වෙළා ගනිමින් යහන තුළ වතුරුවා මුළුමනින් ම පරාජය කළාක් සේ, මහ මුහුද විසින් අහිංසක ඉර ගිල ගනු ලැබුවේ ය. ඉනික්බිති කල බැගෑනි තත්ත්වය ක්‍රමයෙන් වියැකී ගියේ ය. වෙලාව, නවය හමාර ද පසු වී තිබුණ ද නගරයේ වීථි මතට උස ගොඩනැගිලිවලින් හා වාහන වලින් වැටෙන ආලෝක ධාරා මඟින් සොබා කළුවර යටපත් කරනු ලැබ ඇත. සෙනසුරාදා දවසක් වූයෙන් ද, නවය ද පසු වී තිබුණු හෙයින් ද වෙනදා තරම්වත් කඩිමුඩියක් නොතිබුණ ද සෑහෙන තරම් මිනිසුන් ද ගැහැනුන් ද නැතුවාම නොවේ. ” බස් නැති වුණොත් අපි කොහොම ද යන්නේ?” යි අපේක්ෂා විමසන්නී ය. “කරන්න දෙයක් නෑ. එහෙම වුණොත් එක්කෝ වෙන මොකක් හරි වාහනයක් එනකල් වාත වෙන්න වෙනවා. නැත්තං ඉතිං කොහේ හරි ඉන්න වෙනවා. නලින්දගේ ප්‍රතිචාරය විටෙක අවිනිශ්චිතතාවක් ද තවත් විටක සැකයක් ද පමණක් නොව, වැඩි වශයෙන් ම පෙන්නුම් කළේ, බියකරු බවකි.
-
මැකී ගිය දඩමං Maki giya dadaman
Original price was: Rs. 1,380.00.Rs. 1,242.00Current price is: Rs. 1,242.00.1902 වර්ෂයෙහි මෙම ලංකාද්වීපයෙහි ගල් ගෙවල ජීවත් වුණු පාරම්පරික වැද්දෝ සිටියහ. ලංකාවේ ආදිම මනුෂ්‍යයන්ගෙන් ඉතිරිව සිටි පවුල් භයකට වැඩි නොවන මේ වැද්දෝ නීලා නම් වැදි රාළගේ ආරක්ෂාව හා ආඥාව ද යටතේ විසුවෝ ය. වන දඩයමින් ජිවත් වූ මේ වැද්දෝ ගොවිතැන් කිරීම තබා ඒ පිළිබඳ ආදී ම දළ ක්‍රමය වූ වන බද ගම්වල මිනිසුන් කරන හේන් වැපිරීම පවා යම්තමින් වත් නොදැන සිටියෝ ය. එසේ ම ගම්වැද්දන් යම්තමින් අටවා ගන්නා ගස්පොතුවලින් ආවරණය කෙරෙන ගෙපැලක් තනා ගැනීමට හෝ මොවුහු නොදැන සිටියෝය. මොවුහු දඩයම සඳහා තැනින් තැන ඇවිදිමින් ජීවත් වන්නෝ වූහ. ඔවුන්ගේ ආහාර වනයෙන් ම සොයා ගත්තක් විය. ඔවුන්ගේ ආයුධ වූයේ ඊතල හා දුන්නත්, හදිසි අනතුරකදී අතට ගැනීමට කරේ ගන්නාගෙන හෝ ඉණේ රුවාගෙන යන කුඩා පොරවත් ය. ඔවුන්ගේ ඇඳුම තට්ටම වසා ගැනීමටත් ප්‍රමාණවත් නොවන ඉණේ ඔතාගත් රෙදි කඩක් හා අඹුද්ධයක් ද පමණි. විටට විකීමට ගන්නා දෙමට, ගල් කැරු වැනි පොතු හා හුණු දුම්කොළ දමා ඇති වඳුරු සමින් කළ බුලත්මල්ල ඉණකඩ අතරේ රුවා දවටාගත් මෙවැනි මිනිස්සු තිදෙනෙක් ඔවුන්ගේ බල්ලන් ද කැටුව ඔවුන් කියන හැටියට රඳන්ට දඩයමේ නික්මුණෝ ය. ඔවුහු එදාම ආපසු එද්ද, දෙතුන් දිනක් වනයේ රඳත් ද යනු තීරණය වන්නේ ලැබෙන දඩයම් අනුවය.
-
ප්‍රේමානිශංස – Premanishansa
Original price was: Rs. 1,350.00.Rs. 1,215.00Current price is: Rs. 1,215.00.අවලෝකිතේශ්වර බෝසතුන්ගේ අභය මුද්‍රාවෙන් පෙනී සිටින ලෝකඩ පිළිමය පොත් රාක්කයේ ඉහළ මාලයේ අවකාශයට යම් අරුතක් පුරවමින් එහි හරි මැද වැඩ සිටී. ඒ බරැති පිළිමය යට විභූති පැකට්ටුවකි. ඒ දෙකම දෙවාරයකට ඒවා පවත්නා තැන්හි තැන්පත් කළේ මා නො වේ. ශ්‍යාමිය. ශ්‍යාම් කුමාරස්වාමිය. මවිසින් මගේ කර ගැනීම සඳහා නැවත නාම ගැන්වුණු නිරූය. අවලෝකිතේශ්වර පිළිමය කෞතුක වස්තුවකි. නිරූ මා සමඟ ජීවත්වන තාක් කල් එහි කාල වකවානු නො වීම සන්න යැයි ඈ මට සොඳුරු නියෝගයක් කළාය. එය සිය භක්තිය නම් ප්‍රාණය කැවූ තමා සතු වටිනා ම අජීවී වස්තුව යයි ඇය පැවසූ බව මගේ මතකයේ ගලේ කෙටූ ඉරක් මෙන් රැඳී පවතී. පුරා වස්තු විකුණන කඩයක විකිණෙන්නට නියමිතව වැඩ සිටි උන්වහන්සේ ශත වර්ෂාධික කාලයක් පැරණි බව නම් කිව හැකිය. ඒ වන විටත් නීතියට අනුව පුරා වස්තු රටින් පිටමං කිරීම මිස, පුරා වස්තු මිලදී ගැනීම, විකිණීම හෝ තමා සන්තකයේ තබා ගැනීම ශ්‍රී ලංකාවේ බලපවත්නා නීතියට අනුව වරදක් නොවන බව ඇයත් මමත් දැන සිටියෙමු.
















