• -10%
    (0)

    ශ්වේත රථ – Shewtha ratha

    එහෙනම් පුතා ඇතුළට යන්න. මම එක්ක යන්න එන්නම්… මොකද බැරි…? හොඳ ළමයි ඉගෙන ගන්න ඕනි. “නැ… මට පැණි මුරුක්කු ඕනි… ඊයෙත් අරන් දුන්නේ…? “ඉතිං ඊයෙන් ඉගෙන ගත්තේ…? අම්මා ගේ මුවගට හිනාවක් නැගුණි. මෙහෙම කටකාර පුංචි දඩබ්බරයෙකු ගෙන් අම්මා කෙසේ නම් බේරෙන්නද? අදත් ඔහු පෙර පාසලේ හිඳ ඉගෙනුම ලබනු දැකීමට නම්, මේ අල්ලස ලබා දිය යුතුව ඇත. අයියේ….දෙන්නකෝ ඔය පැණි මුරුක්කුවක්. බේරුමක් නෑ නේ ද? මං ආයෙත් කඩේට පැණි මුරුක්කු ගේන්නෙ නෑ…” “සීයා කියන්නෙ බොරු….සීයා ඒම කරන්නෙ නෑ…. සීයා මට ආදරෙයි නේ…” මුරුක්කුව අතට ගත් පොඩි එකා කීවේ උඩ පනිමින්ය. ඔක් කොමලගේ හුරතලය නිසා තමයි මේ…..

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,620.00.
  • -20%
    (0)

    සක්කරං – Sakkaran

    බය වෙන්ඩ කාරි නැතුවා. හිටින්ඩ කෝපි ඇබිත්තක් සප්පයාමි වුණාම ඔය කැරකැවිලි ගතිය යයි…”
    ගෙතුළට යන ඇය පිටුපස්සේ නිලමෙගේ දැස් එල්ලී යනු ඩිංගිරි බණ්ඩා බලාගෙන සිටියේය. මේ ගම් තුලානට රාජකාරියේ ආ පෙර දිනයක කිසිම ගෙදරකින් දිය පොදක් බීවා ඔහුට මතක නැත. හදිසියේ තිබහකට බීවොත් නවසි කුරුම්බාවක් පමණි. එහෙත්, පැහෙන රා ලබ්බක් ලැබුණොත් එයින් ඩිංගිත්තක් තොල ගා ගන්නට කිසිවකු මැළි වූයේ නැත.
    නුවර වාසලට නොලැබෙන පිරිසිදු කිතුල් රා වලට ගුරු දෙණිය නම් දරා ඇති බව ඩිංගිරි බණ්ඩා සිහිපත් කරන්නේ කලකින් තොල නොගෑ රා මුට්ටියක උතුරන පෙණ සිතින් ඉවත් කරමිනි.
    මැතුරුම් ගන්ඩ හොඳයි නම්, සිහිපතේ ඇදල දාන්න හොඳයි නම් ආයෙ නාක වෙනවද කෝපි ටිකක් බීවාම. අනික මේ ඇත්තිල අපිට වඩා රාජ ලේට කිට්ටු කියල නෙව කියන්නෙ. කෝපි හදන්නට ගිය ඇයගෙන් තමන් දෙසට හැරුණු නිලමෙහෙ දෑස් දෙස බලාගෙන ඩිංගිරි බණ්ඩා සිතුවේය.
    “අද මේ සංගත හංදා ආපු රාජකාරියත් පරක්කු වෙනවා. දැන් මොකද කොන්ද…”
    ” හිරි වැටිල වාගේ බණ්ඩේ… කකුල එහා මෙහා කරද්දි හිං රුදාවක් යනවා බෙල්ල පැත්තට…”

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -20%
    (0)

    සඛී භාර්යා – Saki barya

    සිහින් සිලිටි මීදුම් පටලය සෙමින් තුනී වෙමින් තිබිණ. කැටයම් කවුළුවෙන් ගලා විත් දුහුල් සේද තිර රෙදි අතරින් පෙරී ආ උණුසුම් අව් රැල්ල විසින් යුගල යහන මත සිත්තම් කරන ලද රටාවේ කෙළවරක් ජයම්පතිගේ වම් කම්මුල මත වැටුණි. සියුම් කිතියක් සේ මුලින් දැනුණ උණුසුම කෙමෙන් දැඩිවත්ම නින්දත් නොනින්දත් අතර දෝලනය වෙමින් සිටි ඔහුට ගෙඋයනෙහි කෙළවර අඹ ගසෙහි හිඳ තොරතාංචියක් නැතිව කලබල කරන පොල්කිචි රංචුවේ කිවි බිචිය ඇසෙන්නට විය. සෙමින් දෑස් අරින්නට උත්සාහ කළද ඇසිපිය මත මහත් බරක් පටවා ඇති සෙයකි. කිසියම් කෙඩෙත්තුවකින් මුළු සිරුරම රිදුම් දෙයි. ඔහු දෑස ඇරියේ මහත් වෑයමකිනි. ඒ වන විටත් උදෑසන අරුණැල්ල කාමරය එළිය කර තිබිණි. තමා වැතිර සිටින්නේ තම නිදන කාමරයේ යුගල යහන මත උඩුබැලිව බව ඔහුට හැඟුණේ තත්පර කීපයකට පසුවය. පාවහන් තවමත් පාදවලය. පෙරදා උදෑසන කාර්යාලයට යන්නට හැඳ පැළඳ ගත් ඇඳුම් පැළඳුම් වලින් අඩුම ගණනේ ටයි පටිය වත් ගලවා නැත.

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -20%
    (0)

    සංගිලිපාලම – Sangilipalama

    අසනි වැස්සක් වැටිණ. දෙපත් කපාගෙන ඇද හැළුණු මහ වැස්ස, දෙරණ බිලිගන්නට එන්නා වූ රකුසෙකුගේ විලාසය ගනී. වැස්ස තුරල් වන පාටක් නැත. සඳුනි දෙපාරක් පාපිස්සේ  හප්පා ආපසු හැරී බැලුවාය. වැස්ස තමා පසුපස හඹා ආයේ සතුරෙකු පරිද්දෙනි. හිටි ගමන් ඇද හැළුණු වැස්සට ඈ බිය වූවා ය. ඈ කවදත් වැස්සට බිය ය. විළිරුදාවෙන් පෙළෙන ගැබ්බර අහස අකුණු ගසන විට ඈ තිගැස්සුණාය. වැස්සේ තෙත බරිත වෙමින් ටික දුරක් පැමිණි ඈ හිස ගස්සා ආපසු බැලුවා ය. ඇගේ දෙනෙතේ තිබුණේ බියකි. සතුරු සේනාවක් වෙඩි තබමින් කෑ මොර දී තමා පසුපස හඹා ආ කලෙක ඔවුන්ගෙන් බේරුණාක් වැනි හැඟීමක් ගෙට ගොඩ වූ සැණින් ඇයට දැනිණ. ඉස්තෝප්පුවේ කොට තාප්පයේ වාඩි වී සිටි රංග අයියා දෙසට ඈ හෙළුවේ ජයග්‍රාහී බැල්මකි. එහෙත් ඔහුගේ අවධානය ඇය වෙතට යොමු වුයේ නැත. ඇගේ ගෑවෙන සීමාවට රංග අයියා දෙසට කිට්ටු වූ සඳුනි, ඔහුගේ අවධානය උදුරා ගන්නට තැත් කළාය. එහෙත් රංග, නිනව්වක් නැති මහ වැස්ස දෙස අපේක්ෂා භරිතව බලා සිටියේ ය. කොට තාප්පය මත සඳුනි සටහන් මිටිය තැබුයේ කනස්සල්ලෙනි.

    Original price was: Rs. 850.00.Current price is: Rs. 680.00.
  • -10%
    (0)

    සංචරණී – Sancharanee

    දන්නවද, මේ ලෝකෙ තියෙන ලස්සනම අකුරු තුන ආදරේලු….

    ඒත්… ඔයා දන්නවද

    ඒ අකුරු තුනට වඩා ලස්සන දේවල් තව කොච්චර ලෝකෙ තියෙනවද කියලා?

    ඒවා දකින්න හැමෝටම බැහැ.

    හැබැයි දන්නවද,

    ඒ ලස්සන ගැවුණ ගෑවුණ හැම තැනකම ආදරෙත් මුහු වෙලා තියෙනවා.

    අන්න ඒකයි ආදරේ හරි ලස්සනයි කියන්නෙ.

    ලස්සන තැන්වල ආදරේ රැඳෙනවා…

    ආදරේ ඇතුළෙ ලස්සන දකිනවා…

    අන්න ඒකයි අකුරු තුනකට පණ දෙන රහස !

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.
  • -20%
    (0)

    සතුටු උයනේ මාරකය – Sathutu uyane marakaya

    එයා හැම වෙලාවෙම අපි ඉන්න පැත්තට එනවා. ඉතින් දැනුත් ඒකම සිද්ධ වෙයි.” රිෆ් මහා හයියෙන් බෙරිහන් දුන්නේය. උස් සංගීත රිද්මයක් වායුගෝලය කම්පනය කරමින් පැතිර ගියේ ඒ නිමේශයේදීය. වේදිකාව මත වෙස්ට් සයිඩ් ස්ටෝරි” නාට්‍යය රඟ දැක්වීමට ආසන්නය. මේ පැතිරෙන්නේ එහි ආරම්භක සංගීත රිද්මයයි. සංගීත භාණ්ඩ තොගයකින් නැගෙන හඬ පරිසරයේ ගිගුම් දෙන්නාක් මෙනි. වේදිකාව පිටු පස මගේ සහෝදරයා වන ෆ්‍රෑන්ක් පොළවේ වැතිර හිඳියි. ඔහුගේ උදරයට කිඳා බැස තිබෙන්නේ තියුණු පිහියකි.”ෆ්‍රෑන්ක්…” මම බෙරිහන් දුන්නෙමි. නමුත් කටහඬ හැකි තරම් පහත් ස්වරයක තබා ගැනීමට ද මම අමතක නොකළෙමි.

    Original price was: Rs. 920.00.Current price is: Rs. 736.00.
  • -10%
    (0)

    සතුරු කදවුර – Sathuru kandawura

    න්තමින් පමණක් දර්ශනය වූ නැගෙනහිර ක්ෂිතිජය මුළුමනින් මැකී ගොස් කළු පැහැති වලා රැසක් ඉහළ අහසේ රැස්වන්ට වූයේ ය. වියනක් මෙන් සැදුණු මෙකී වලා ගැබේ අඳුරු වර්ණය හා සම්මිශ්‍ර ව පහත මුහුදේ දිය මඩ පැහැයට හැරිණ. අන්ධකාරය ක්‍රමයෙන් අවට පරිසරය වසා පැතිරෙන්ට වීය. ස්වකීය වැන්ඩල් වර්ගයේ මුහුදු ගුවන් යානයේ සිට, පිටත හටගත් මේ විපර්යාසයන් කැළඹුණු දෙනෙතින් නිරීක්ෂණය කළ බිගල්ස් ඇස් ආවරණය ඔසවමින් යාබද අසුනේ හිඳ සිටි තම සගයා දෙස බැලුවේය. අහසේ පෙනුම ඒ තරම් හොඳ නැහැ” ” ඔව් ” යි ඇල්ගි ලේසි හෙවත් බිගල්ස්ගේ සගයා හිස සැළීය.

    Original price was: Rs. 560.00.Current price is: Rs. 504.00.
  • -10%
    (0)

    සදහස[දමරඣ 2] – Sandahasa

    බොහෝ මුරුණ්ඩ ‘ වාංශික මිනිසුන් නම් රජුගේ නුගුණ කියමින්, ඔහුට සාප කරමින් සිටි සමයකි මේ. තම වංශය නසා රජ බවට පත් වූ ක්ෂත්‍රිය ග්‍රාමණේය වාංශිකයෝ දැන් මේ දඹදිව වයඹදිග සත්‍ය පුත්‍ර මණ්ඩලය නම් වූ මේ දේශය සෑම තැනකම පැතිර සිටිති. උතුරු දිගින් පැමිණෙන්නා වූ පාර්සිවරුන්ගේ සේනාංකයන්ට මුහුණ දීමට තරම් පුණ්ඩු සේනා ශක්තිමත් නොවුවත්, සිංහල රජුගේ පාර්සි මිත්‍ර සබඳතා නිසා එහි යම් සහනදායක බවක් වෙතැයි මුරුණ්ඩ සහ ග්‍රාමණේය දෙවාංශිකයෝම සිතා සිටියහ. එමෙන්ම යවන දේශයේ මහා අලිසන්දර රාජයාට පවා සිංහල රජු හිතවත්කම් පෑවේය. එබැවිනි ඔහු තම පියාණන්ගෙන් උරුම වූ සින්ධු දේශය හැර දමා මුරුණ්ඩ වාංශික සක්කයින්ගේ මේ දේශය තම අණසකට යටත් කරගත්තේ. අසරුවා කෙමෙන් කෙමෙන් මේ ගමන් ගන්නේ වර්තමානයේ සිංහල රජුගේ මාළිගය වූත්, මීට කලකට ඉහත දී පණ්ඩු නම් සක්ක ගෝත්‍රයේ මුරුණ්ඩ වාංශික රජුට අයත්ව තිබූත් සුවිසල් ප්‍රාසාදය දෙසට දිවෙනා අගනුවර ප්‍රධාන වීදිය වෙතටය. අනෙකුත් පරිවාර වීදි තරමට ජනාකීර්ණ නොවූ මේ වීදියේ වැඩි වශයෙන් ගැවසුණේ රාජකීයයන් සහ සෙබළ ජනයාය. කඩපිල් සහ යාචකාදීන්ගෙන් තොර වූ මෙම මහා විදිය කළු ගලින් බැඳ නිමවා තිබුණේ නිතරම ඒ මේ අතට යනෙනා අශ්ව රථ, අසරුවන් ආදීන්ගේ පහසුව තකාය. මඟ දෙපස වැඩිමනත් පැවතියේද රාජකීයයන්ගේ කිසියම් රාජකාරි කටයුතු සඳහා යොදාගනු ලැබුණා වූ කාර්යාල වර්ගයේ ගොඩනැගිලීම පමණි. දළ පිළි පොරවාගත් අසරුවා රැගත් කාළ වර්ණ අසු මහා වීදියට අවතීර්ණ වූ පසුව ඌට ඒකාකාරි ගමනක යෙදීමට අවසර ලැබිණි. අසරුවා එතෙක් වේලා සිදු කළ ප්‍රවේශම් සහිත අසු හැසිරවීම අවසන් කර ඌට නිදහසේ ඉදිරියට ගමන් කිරීමට ඉඩ ලබා දී තිබිණි. ඒ වෙනුවට ඔහු සිදු කළේ පරීක්ෂාකාරී අන්දමින් වටපිටාවේ වූ ගොඩනැගිලි ආදිය දෙස බැලීමයි.

    Original price was: Rs. 2,200.00.Current price is: Rs. 1,980.00.
  • -20%
    (0)

    සඳුගෙ දියණිය- Sanduge Diyaniya

    සඳ මත සිදු වූ බිහිසුණු අභ්යවකාශ යුද්ධයෙන්නූ ලෙන් දිවි ගලවා ගත් ‘වසන්ත ලංකාතිලක…’
    ජීවිතයටත් වඩා සැමියාට ආදරය කළ, ජීවිත කාලයක් ඔහු වෙනුවෙන් බලා සිටි ආදරණීය ‘නේරංජනා…’
    කහ පැහැති සිරුරෙන් හා රන්වන් හිසකෙසින් යුතු, සුධා ධවල අසු අරා ගමන් කළ,
    සුරූපී වන රැජින ‘ෂර්මේන්…’
    ප්රතාපවත් සෙන්පතිනියක්, දක්ෂ ගුරුවරියක් හා කාරුණික උපස්ථායිකාවක් වූ සුන්දර, කළු කෙල්ල ‘ජින්…’ ජීවකයෙකු බඳු වූ ප්රතාපවත් මහලු මිනිසා ‘හෙලිගන්…’
    මේ සියලු දෙනාටම ඉහළින් ක්රියාකාරී වූ බලසම්පන්න ‘අයොනියන් දෙවියන්…’
    ඩොල්පිනයන්, ඩයිනෝසරයන්, ටෙරොඩැක්ටිලයන් හා බිම්රකුසන් සමඟ, ගැබ්බර සඳු සදාකාලිකවම සිය කුසයෙහි සඟවා ගෙන සිටින්නා වූද, කිසි කලෙකත් මෙලොවට බිහි නොකරන්නා වූද, සොඳුරු, දයාන්විත, විස්මිත ඒ ‘සඳුගෙ දියණිය…!’
    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    සංසාර සක්මන් – Sansara Sakman

    මේ ගෙවීයන්නේ මගේ දිවියේ

    තීරණාත්මක සංක්‍රාන්ති සමයයි. වරෙක,

    දිවියට තදින් පෙම් බැඳි, එහි රසය විඳි

    මගේ හැඟුමන් එකතැනක නතර වී ඇති

    හැඩක් මට දැනේ. නින්දත් නොනින්දත්

    අතර ගෙවී ගිය ඒ රාත්‍රියේ ඒ අමිහිරි

    මතකයන්, මිහිරි මතකයන් පළවාහරිමින්

    මතුව ආවේ මට තව තවත් රිදවමිනි.

    පාන්දරින්ම ඇරඹුණු මහා වරුසාවේ

    තවමත් අඩුවක් නැත. සුළඟද එසේමය.

    සුළඟේ සැරට අවට වූ ගස්වැල් කිරි

    කිරිස් හඬින් ඇඹරෙන හඬ අතරින්

    වැස්සේ හඬ මට පැහැදිලිවම

    ඇසෙන්නට විය. ඒ හඬට මම අසීමිතව

    පෙම් බැන්ඳේ පුංචි සන්දියේ සිටමය.

    වැස්සේ හඬ හා වැස්සක් පිළිබඳව මගේ

    ප්‍රථම මතකය සේතං නයිදෙගෙ

    කරත්තයේ නැඟී රොටවැවේ සිට

    අඹගහවෙළ හංදියට පැමිණි දා බැව් මම

    සිතමි. එහෙත්, ඒ මා පෙම් කළ වැස්සම

    වැටී පිරී ගිය රොට වැව මගේ ජීවිතයට

    මෙතරම් බලපෑමක් ඇතිකරාවි කියා නම්

    මම කිසිදාක නොසිතුවෙමි.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -10%
    (0)

    සාරි ඇඳපු පිරිමි – Sari Andapu Pirimi

    මා ගෙවන මේ විචිත්‍ර ජීවිතය අහසින් කඩා වැටුණු එකක් නෙවෙයි. මේ ආනන්දනීය තත්ත්වයට එසවෙන්නට මා විඳි දුක්ඛ දෝමනස්සයන් ලියන්නට මාගලක් තිබුණත් මදි. පුංචි කාලේ අපෝ දුක් විඳලා තියෙනවා. මැතිණිගේ ආණ්ඩුව කාලේ පාන් පෝලිම්වල ලගින කොට මට එකොළහයි. ගමේ පංසලට ගියේ නම්පොත, සකස්කඩ, බුද්ධගජ්ජේ වනපොත් කරන්ඩ. ඒ වුණාට ටික කලක් ගත වෙන කොටයි තේරුණේ, මම මෛථුන්‍ය විනය කර්මයක පැටලී ඇති වග. එතකොට මට දහතුනයි. ඒ චීවරධාරියාට හැට හතරයි.

    ඔය කියන හැත්තෑ ගණන්වල ඒක අකරතැබ්බයක්, අපචාරයක්, ළමා අයිතිවාසිකම් උල්ලංඝණයක් කියලා මං දැනං හිටියේ නැහැ. එහෙම දැනුම් තේරුම් තියෙන අය අපේ ගමේ හිටියෙත් නැහැ. අහල ගං හතක හිටියද කියලත් සැකයි. මං දැනං හිටිය එකම සත්‍ය ඒක රහසක් කියලා විතරයි. කෙළ හොල්ලලා තිබ්බොත් නහයෙන් කටිං ලේ දාලා, පපුව හත් කඩකට පැලිලා, එවේලේම පොළොව පලාගෙන නිරයට යන දිට්ඨ ධම්මවේදනීය පාපකර්මයක් කියලා විතරයි.

    අවුරුදු දහතුනක පොඩි කොල්ලෙක් කොහෙද එහෙම තීරණාත්මක රහසක් රකින්නේ. පවුලේ කවුරු හරි දැනගත්තා නං සහසුද්දෙන්ම වැරදිකාරයා වෙන්නේ මම. ඒ කාලේ එහෙම තමයි. දැන් කියලා වැඩි වෙනසක් ඇත්තෙත් නැහැනේ. ඉතිං මං අපේ වත්ත පහළින් ගලාගිය මහවැලි ගඟේ ගල්පර අතරේ. ගේ ඉස්සරහ ශාන්ත ජෝන් පල්ලියේ අල්තාරය පිටිපස්සේ, රේල් පාරට එපිටින් වහලවෙල කැරකෝප්පුවේ රූස්ස ගස් අතරේ තනිවී මගේ කථාව මට ම කියාගත්තා.

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.
  • -10%
    (0)

    සැතපෙන තොටුපළ – Sathapena thotupala

    කවදාවත් හිතුවේ නෑ, මම මැරුණ කෙනෙකුට මේ තරම් ආදරය කරයි කියලා. ඇත්තටම මගේ ජීවිතේ මට ආදරෙත් එක්කවක්, මරණයත් එක්කවත් ප්‍රශ්නයක් තිබුණේ නෑ. මට ප්‍රශ්නයක් තිබුණේ ජීවිතේ ගැන. මිනිස්සු ඇයි මැරෙන්නේ? මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. ඇත්තටම ඇයි මිනිස්සු ජීවත් වෙන්නේ? මගේ ප්‍රන්නේ තිබුණේ එතැන. ඒ වුණාට මට කවදාවත් මැරෙන්න හිත හදාගන්න බැරි වුණා. මිනිස්සු මැරුණාම හරිම සාමකාමියි. මට එයාව මුණගැහුණේ එයා මැරිලා ඉන්නකොට ඒත්; එයා මාත් එක්ක ජීවත් වුණා. දැන් එයා මැරිලා. ඒත් මම තාමත් එයාත් එක්ක ජීවත් වෙනවා. ඇත්තටම ඒක අහම්බයක්. මට ඕන වුණේ නෑ ගෑණු නාන දිහා හොරෙන් බලන් ඉන්න. මොකක් දෝ කරුමෙකට එදා මම දන්නෙත් නැතිව මම දැක්කා, උන් නානවා. ඒ වුණාට ඊට කලින් මම ගෑණු නානවා ඕන තරම් දැකලා තියෙනවා. ඒ මම උන් නාන දිහා හොරෙන් බලන් ඉඳලා නෙවෙයි. මම හිටියා කියලා ගාණක් නෑ උන් උන්ගේ පාඩුවේ නෑවා. මම මගේ පාඩුවේ බලන් හිටියා. එදා වෙනසකට වුණේ මම උන් නාන දිහා හොරෙන් බලන් ඉඳපු එක විතරයි. එදා මට දැනුණේ කුතුහලයක්ම විතරයි. වෙන කිසිම විදියේ හැඟීමක් මට දැනුණේ නෑ. එදා මම හොරෙන් බැලුවා කියලා රෙද්ද උස්සන් ආපු ගෑණු වෙනදාට රෙද්ද උස්සන් මම ඉන්න තැනම ඕන තරම් නාලා තියෙනවා.

    Original price was: Rs. 400.00.Current price is: Rs. 360.00.
  • -10%
    (0)

    සිකුරාජධී – Sikurajadhi

    ඉතින් මිස්ලා … කොහොමද ? වාඩිවෙන්ට වාඩි වෙන්නන්ට.. විදුහල්පතිතුමා තමන්ගේ මෙසෙ ඉස්සරහ තිබ්බ පුටු දෙක කෙල්ලො දෙන්නට පෙන්නුවා. තාරුකා මේසෙට ළං කරල තිබබ බර ලී පුටුව හෙමින් සැරේ අදින්න හදන කොටත් රේෂානි “බරා ස්!” ගාල තමන්ගේ පුටුව ඇදල ඉවරයි! ඒ සද්දෙට ප්‍රින්සිපල් විතරක් නෙවේ. ඇතුළට එන ගමන් හිටිය කාකාසත් ගැස්සිලා ගියා. “!” තාරුකාගෙ තරවටු කටහඩ රහසින් ඇහෙන කොට තමයි රේෂානිට සිද්ධිය තේරුණේ. හරිම අසරණ ගිනාවක් මුණට ගත්ත රේෂානි ප්‍රින්සිපල් දිහා බැලුවා. ප්‍රින් සිපලුත් අමුතුවට මුණ හදාගෙන ඊෂානි දිහා බලාගෙන හිටියා. අනේ සොරි සර්……..ෆ්ලෝ එකේ වැලිද කොහෙද….. පුටුව අදින කොට එකයි සද්දෙ ආවෙ. අතුගාල නැද්ද මන්දා… තාරුකා හෙමින් සැරේ මුණ බිමට නවාගෙන නළල අතගාගත්තා! ඒ ගමන්ම ආයෙම රහසින් වගේම ටිකක් තදින් “රේ…!” කියල කිව්වා. ප්‍රින්සිපල්ගේ ඇස් ලොකු වුණා. ඒ එක්කම ලොකු වුණ ඇස් දෙක ගියෙ කාකාසගේ පැත්තට. ඒ පාර නම් ඇස් ලොකු වුණේ කාකාසගේ ! ම – මම උදේ අතුගැවනෙ සර්. මම ආව ගමන් කරන්නෙ ඔෆිස් එක අස් කරන එකනේ…” ඒත් ඉතින් ප්‍රින්සිපල් නම් කළේ කාකාසගෙ දිහා බලාගෙන හිටපු එක ! *ඇයි? * විනාඩි යයි තප්පර පහකට විතර පස්සෙ ප්‍රින්සිපල් කාකාසගෙන් ඇහුවා. ඈ..! ඇයි අහන්නෙ සර්, ඉතින් ඔෆිස් එක අස්පස් කරල අතුගාන්ට එපායැ!”

    Original price was: Rs. 950.00.Current price is: Rs. 855.00.
  • -20%
    (0)

    සිතේ කෙටණූ දේවනගර – Sithe ketunu devanagara

    මතුපිට එකතු ව ඇති කඩිත්තක දිය නළියනවා සේ පෙනෙන තරමට දැඩි අව් රැසින් උණුහුම් වූ මාර්ගය ඔස්සේ ඈතින් ඇදි එන කුඩා වැන් රියෙකි. වනයේ දී නම් දිය නළියනවා සේ පෙනෙන හෙයින් මේ සැබෑ වතුර යැයි රැවැටී එහි වෙසෙන පිපාසිත මුවන් එය කරා දුව එතැයි පැවැසේ. එහෙත් මුවන් සමීප වන විට ඒ දිය තව තව ඈතට යේ. එහි ඇති මායාව එයයි. එය මායා – දියෙකි. වෑන් රියට ඉහළින් උස් අහස් කුස වටා රවුම් ගසන උකුස්සකු ඇයට පෙනේ. විහිදාගත් තම තටු නොසලා රවුමේ යන ඌ ඉහළට ඉහළට යයි. මායා දිය නොහොත් මිරිඟුව ඇති වනුයේත් උකුස්සාට පාවී ඉහළට යාමට වායු ප්‍රවාහය තනනුයේත් දහවල පොළොව රත් වී ඉහළට නැගෙන සංවහන වායු දහරායි. ඉහළට නැඟෙන වායු වැල් හඳුනාගෙන ඒ ආධාරයෙන් තටු නොගසා නොවෙහෙසී ඉහළට නැඟීමේ නුවණ උකුස්සා පරිණාමයෙන් ලත් වාසියෙකි. එහෙත් මුවා දිය මායාවට රැවැටී ඒ කරා යෑමෙන් මුදවා ගැනීමේ නුවණ ලබා දීමට පරිණාමයට නොහැකි විය. වෑන් රිය නතර කළ විට දරුවෙක් රියෙන් බැස්සේ ය. ඒ හාම බැසගත් කාන්තාවක – බස් රියදුරුගේ බිරින්දෑ – පාරෙන් මෙපිටට පුතු සමඟ විත් යුහු යුහු ව ආපසු ගියාය. දරුවා තම එක් අතක් පද්දමින් ගේට්ටුව කරා ඒ. ගේට්ටුවෙන් ඇතුළත නා නා තරමේ අනේක ගස් ගහන ගෙවත්තේ අඳුරු ගොම්මනේ ඇති උස් සොල්දර ගෙයක පහත මාලයේ ජනේලයෙන් ඇය බලාගෙන සිටින්නීය.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    සිම්පල් සයිමන්

    ඉපදුනේ හැට දෙකේ. පේරාදෙනියේ වළේ සිංහබාහු බලනකොට මට අටයි. හැත්තෑ එකේ කැරැල්ල ගැන ප්‍රවෘත්ති අහන්න, අපි අල්ලපු ගෙදර රේඩියෝව ළඟ ඇන තියා ගත්තේ, පන්සලේ බණ මඩුවට ගොඩවෙච්ච සැදැහැවත් පිරිසක් වාගේ. ඒක කටකාර අම්මණ්ඩි කෙනෙක් වාගේ විශාල වෑල්ව් රේඩියෝවක්.
    “ වේලාව සවස හයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති…” කියලා ඇහෙන කොටම අපි කට ඉස්සර කරලා නිවේදකයාගේ නම කියනවා. මගේ ප්‍රියතම ප්‍රවෘත්ති නිවේදකයා වුණේ සිරිල් රාජපක්ෂ මහත්තයා. ඒ කාලේ, අපි නොදන්න නිවේදකයෙක් ගුවන් විදුලියේ හිටියේ නැති ගානයි. අපි ඒ තරමටම ගුවන් විදුලියට සමීපයි. වැඩ සටහන් නිෂ්පාදකයින් අතරින් මගේ සිත් ගත්තේ එච්.එම්. ගුණසේකර, මඩවල එස්. රත්තනායක, අමරදාස ගුණවර්ධන, රවිලාල් විමලධර්ම වාගේ නිවිච්ච වැඩිහිටියෝ.
    සෑම අගෝස්තු මාසයකම, පළවෙනි කුඹල් පෙරහැරේ ඉඳලා අවසාන රන්දෝලිය වෙන කල් හැම පෙරහැරක්ම අතනෑර බැලුවා. මගේ මිතුරෝ පෙරහැරේ අලි ගණන් කරද්දි, මං හැකි සෑම බෙර පදයක්ම කටපාඩම් කරගත්තා.
    ————————————————————————–
    සිම්පල් සයිමන්
    කතෘ – විෂ්ණු වාසු

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
  • -10%
    (0)

    සිරසාලවන්‍යා – SIRASALAWANYA

    සිතුවමක්, නන්නාඳුනන මිනිසකුගේ සිත සසල කොට, ගත නිසල කරයි. කාලාන්තරයකට පෙර මේ සිතුවමේම සැඟවුන රහස්, අනුමානයෙන් කියවූ හිතැත්තියකගේ, ද්‍රෝෂාරෝපණයෙන්, තැළුණු හදක් ඇතිව සිටි එය ඇඳි සිත්තරා, …
    එයින්ම විප්‍රයෝගයට පත්ව විරහවේ දැවී හුදකලා වී සිටින්නෙකි. තව තැනක අප්‍රසන්නව විසිකොට දැමූ අතීතය ගැන තැවෙමින් සුරක්ෂිත සුදිලෙන වත්මනක ආත්මානුකම්පාවෙන් හඬන යුවතියකි. මතක මන්දිර බිඳින මායාකරුවන් සමග පැමිණ, අලුත්ම කරළියක, සුසුමින් පණපොවා විවර කළ තිරයකට පසුපසින් සිටගෙන ඇය ඔබට ජීවිතය පෙන්වයි.

    Original price was: Rs. 1,150.00.Current price is: Rs. 1,035.00.
  • -10%
    (0)

    සිල්වර් ටිප්ස් – Silver tips

    රාත්‍රියේ පූර්වභාගයේ වැසි වැටුණේ සෙමිනි. එය මංගල යුවළකට පිංතුර සැමරුමකට කදිම මෘදු වැස්සකි. මනා ආලෝකය පාලනයකින්, විශිෂ්ට ගණයේ පිංතූර නිර්මාණය කර ගත හැකි කුඩා බිඳු සහිත වැස්සකි. මනමාලිය කළඹ අහසට විසි කරනා විට මල් සිඹින දිය බිඳු පවා පැහැදිලිව ඡායා රූගත කළ හැකි වැස්සකි. කොටින් ම මල් වැස්සකි. එහෙත් මධ්‍යම රාත්‍රිය වන විටදී වැසි බිඳු ක්‍රමයෙන් ප්‍රසාරණය වී මල් කළඹකට ඔරොත්තු නොදෙනා තත්වයට පත්වෙමින් තිබිණ. අවට පරිසරයේ නැගී සිටි රූස්ස ගහ කොළට පවා ඒ දෙන රිදුම ඉවසිය නොහැකිව බොහෝ වේලාවක් මුගුරකින් තැළුම් කන්නා සේ වේදනාවෙන්, එහෙත් නොබිණූ මුවින් නිදි වර්ජිතව සිටින්නට හිත හදාගෙන සිටියේය. වරින් වර පිපුරුණු අකුණු, උස්ම තුරු හිස් මත පතිත වී, ගස් බඳ බිහිසුණු විදුලි වෙලීමකට ලක්කොට මුදුන් මුල ඔස්සේ දිය බරිත පොළොව පුපුරවා, කිමිදී, අතුරුදහන් වෙමින් තිබුණේය. හිරි වැටී ගිය තම සිරුර නිරුපද්‍රිතද යන්න රූස්ස ගහ කොළට සොයා බලන්නට උපකාරී වූයේ ක්ෂණයකින් ඇති වී නැති වී යන විදුලි එළියයි. ඔව්… එය මුරු ගසන් වර්ෂාවයි. රාත්‍රියේ පශ්චිම භාගය වන විට පුපුරා හැලුණු අහස, ක්‍රමයෙන් ශාන්ත වෙමින් සිටියේය. අකුණු හඬ ඈතින් ඈතට යමින් නුස් පොකුණු කන්දෙන් එපිට සිට දුර්වල අලෝක ධාරා එල්ල කරමින් සිටියි. හෙණ හඬ ඇසෙන්නේ ඇතින් දුම්රියක් කන්දක් නගින හඬ සිහිගන්වමිනි. පරිසරය සන්සුන් වුවද, නොකඩවා දිය උරා බිව් හෙයින්ද, අවශේෂ කුඩා ඇළ මාර්ග වලින් සහ කාණු වලින් සපැමිණි ජල ධාරාවන් නිසාද කුඩා වැල් ඔයට තම ඉවුරු වල උසත් සිරුරේ පළලත් පාලනය කර ගැනීමට දැඩි සටනක නියුක්ත වන්නට සිදුව තිබිණි. බොහෝ වැසි කාලවලදී ඔය, එවැනි හැලහැප්පීම්වලට මුහුණ දෙයි. එහෙත් ගඟකට කිසි දිනෙක ඉවුරක් කඩා බිඳ දමනවා මිස උස්ව නගාලන්නට නොහැකිය. ගොඩ කර ගන්නවා මිසක පතුල හාරා ගැඹුර වැඩි කර ගැනීමට නොහැකිය. උස්ව නැගුණු ජල කඳ නිසා ගම්මානයේ සියලුම බොක්කු, කුඩා පාලම් සහ ඒ දඬු ගෑවී නොගෑවී යන්නට තරම්

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.
  • -10%
    (0)

    සී+ C+

    අද හවසට ලෙක්චර්ස් ඉවර වෙලා කලම්බු සිටි සෙන්ටර් යමුද? මට ඇඳුමක් ගන්න? ” දිල් බබළන දෙනෙතින් ප්‍රශ්න දෙකක් යොමු කළා. ” ඒ පාර මොකාටද එන්න හදන්නේ?” පිළිතුර විදියටත් මටත් තිබුණේ නාහා ඉන්න බැරි ප්‍රශ්නයක්. ඇගේ මුහුණේ දීප්තිය මොහොතකට අතුරුදහන් වී යළි දැල්වුණා. දිල්ට සුපිරිසාප්පු සංකීර්ණ ඇල්ජික්. මාක්ස් ආගම අබිං කිව්වේ කෙසේද, එලෙසම දිල්ට ඉහළ පන්තියේ අරුමෝසම් සාප්පු සවාරි අරහං. කොළඹ පැමිණි පසු ඇය විශ්ව විද්‍යාලයට අයත් කොළඹ හතේ ශිෂ්‍ය නේවාසිකාගාරයක නවාතැන් ගත් මුත්, ඇඳුම් ගත්තේ මහරගම පමුණුවේ තොග රෙදි මධ්‍යස්ථාන වලින්. අන්තිමට බොම්බෙ ස්වීට් කඩේකින් ෆලූඩා දෙකක් බොන්න සල්ලිත් ඉතිරි කරගන්නවා. අනතුරුව මහරගම මංගල මාවතේ පිහිටි අපගේ නිවසට දෙන්නත් එක්ක පයින්ම යනවා. ටුක් ටුක් එකක යෑම සඳහා මගේ මුදල් පවා වියදම් කිරීම පාප කර්මයක් කියලයි ඈ හිතු වේ. මුදල් යහමින් අතේ තිබුණොත් දිල් මා සමග බම්බලපිටියේ හවුස් ඔෆ් ෆැෂන් රෙදි සාප්පුවට ගාටනවා. එදාට ඈ ගාව මුදල් ඉතිරි නොවුණොත් මං ගානේ අරන් දෙනවා කෙටි කෑමක්. හැබැයි ඒකට දිග කතාවක් අහගන්න වෙනවා. ” අයියෝ ෆැබ් කඩේ හරි ගණන්. අපිට පෙරේරා ගාවට යන්න තිබුණේ ” ඈ කණගාටු වෙනවා.

    Original price was: Rs. 1,490.00.Current price is: Rs. 1,341.00.
  • -10%
    (0)

    සුදු වැද්දා 3 – අපරාජිතයා – Sudu wedda 3

    වියරු මුහුද මැද මාරක සටනක … රුවල් නැවේ තුඹ ගසට පිට දී වාඩිවී සිටි හෑන්ස්ගේ ගෝ කාකූල මුහුණ දෙස එඩ්මන්ට වරින් වර හොරැහින් බැලුවේය. තම මිත්‍රයා ශෝක වන්නේ කුමක් අරභයාද යන්න වටහා ගන්නට තරම් හැකියාවක් එඩ්මන්ට් සතුවිය. බොහෝ කාලයක් ලක් දෙරණේ මහ වන මැද සතා සිව්පාවුන් හා වැදි ජනතාව සමග ජීවත් වූ හෑන්ස්ට ඒ සියල්ලන්ගෙන් වෙන්වී ආපසු සිය රටට යාමට සිදුවීම වාවාගත නොහැක්කක් බව එඩ්මන්ට් හොඳ හැටි දැන සිටියේය. ඒ නිසා ඔහු හැන්ස්ට බාධා නොකර යාත්‍රාවේ ඉදිරි පසට ගමන් කළේය. මුහුදේ ජලකඳ කපාගෙන යාත්‍රාව ඉදිරියට ඇදී ගියේ මන්දගාමීවය. එහෙත් ටිකින් ටික සුළං පහරේ වේගය වැඩි වෙත්ම යාත්‍රාවේ වේගයද වැඩිවන්නට විය. නැව් බඳේ හැපී විසිරුණු සුදු පැහැති රළ රැළි අව්රශ්මියට දිළිසුණේ මුතු කැට පරිද්දෙනි. කරදිය සිය හමා ආ ලුණු මිශ්‍ර සුළං රැළිවලට හෑගේ කෙහෙරැළි ඒ මේ අත නැටුවේය. මේ වන විට ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහමුලින්ම ඔවුන්ගේ දර්ශන පථයෙන් ඈත් වී තිබිණ. හෑන්ස් දිගු සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගත්තේ යළි කවදා මේ සුන්දර දිවයින දකින්නට ලැබේදැයි සිතමිනි. මහ බැද්දේ ගල් රුකුලක රති සමග ගත කළ ඒ ජීවිතය කෙතරම් සොඳුරු දැයි ඔහුට සිතෙන්නට විය.

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -20%
    (0)

    සුද්දීලාගේ කතාව

    රොමියෙල් අයියාර්සී කාරයෙකි. සුද්දි සිදාදියෙන් ගමට ආ ගැහැනියෙකි. සිරිමෙවන් මුදලාලි පහත රටින් පැමිණ වෙළඳ ව්‍යාපාරයක් අරඹයි. නිදන් රකිනා බහිරවයෙකු මෙන් අරච්චිල තම පරවේණි ආරක්ෂා කරගෙන සිටී. පාර්ලිමේන්තුවේ සිට අඳ ගොවි පනත සැඩ සුළඟක් මෙන් ගම දිහාට හමා ආ විට මේ දෙතුන් දෙනා මාරාන්තික කායික මානසික අරගලයකට පැටලෙති. ඔවුන්ට මද සහනයක් ලැබෙන්නේ උතුරා යන කාම තෘෂ්ණාවෙන් තෙත්වුණු සුද්දිගේ පහසින් පමණි. මෙය ආර්ථික සමාජ විවරණයකි. මානසික විග්‍රහයකි. රහස් පරීක්‍ෂක කතාවකි. නිරෝගී දැවැන්ත පුරුෂයින්ගේ හා ගැහැණුන්ගේ කාම අරගලය පිළිබඳ ලිංගික විද්‍යාත්මක රචනාවකි.

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,080.00.
  • -20%
    (0)

    සුර අසුර යාමය – sura asura yamaya

    අහසේ නැඟෙනහිර අන්තයෙන් නැඟි සඳ පාළුවට ගිය හොරණ – කළුතර පාරේ තම දුබල රැස් දහර අතුරා තිබුණේ අතරින් පතරය. පාර දෙසට නැමුණු අතු ඉති සඳ එළියට පාර මුවා කිරීමේ වරද ගැන වගේ වගක් නැතුව ඔහේ බලාගෙන සිටියේය. සිරිතක් ලෙසින් හැමදාම රෑට පාළු පාර සිය නිදි යහන බවට පත් කර ගන්නා වියපත් සුනඛයාටද ඒ ගැන හැඟීමක් තිබුණේ නැත. පාර අඩ අඳුරේ පැවැතීම ඔහුගේ නින්දට ඇප උපකාර කරන සත්කාර සේවාවක් බව මේ සුනඛ තෙමේ දැන සිටියේය. ස්වකීය පරපුරේ චිරාගත සම්ප්‍රදාය අනුව අපේක්ෂිත නිදියහන් සීමාව වටා තෙවරක් පැදකුණු කළ සුනඛයා අනතුරුව පාර මැද වකුටු සෙයියාවෙන් වැතිර ගත්තේය. තනිකම ශීතලය. තනිකමේ ශීතල අද වෙනදාටත් වඩා දැඩිව ඔහුට දැනේ. ඔහු සිත සංකාවෙන් බරය. ඇස අගින් ගිලිහුණු කඳුළු බිඳුවක් ඔහුගේ වියපත් කම්මුල මතින් ගලා හැලුණේය.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.
  • -20%
    (0)

    සුසුමක් අද්දර – Susumak Addara

    “මොකද
    තමුසෙ හොරගල් අහුලනවද?”
    ඇගෙන් උත්තරයක් තිබුණෙ නෑ. ඇය කලේ
    සුසුම් පිට කරපු එක.
    “ඇයි පාරට ආවෙ? මං ඉන්නවද බලන්නද…..?”
    ඒ ප්රශ්නයටවත් ඇගේ ළඟ උත්තරයක්
    නැති හැඩයි. ඔහු ඇයව තමන්ගෙ
    පැත්තට කේන්තියෙන් හරවගත්තා.
    “කතා කරනවා….”
    “ගේ…ට් එක ලොක් කර…..න්න”
    “ඇත්තට….? තමුසෙ වෙනදත් ගේට් එක
    ලොක් කරන්නේ මෙහෙමද? ගේට්ටුව
    ඇරලා, පාර දෙපැත්ත බලලා,කොණ්ඩෙ මේ
    රෝස පඳුරෙ පටලවගෙන….. එහෙමද?
    “අනේ…… යන්න දෙන්නකෝ…..”
    “බෑ…. යන්න දෙන් නෑ.. ආවා නම් එළිවෙනකම් මාත්
    එක්ක මෙහෙම ඉන්නවා අද.”
    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -20%
    (0)

    සූරිය කුසුම – Sooriya kusuma

    ගිම්හාන රාත්‍රියේ මහ මඟ දෙපස විසල් තුරු මුදුන් අතරින් ගලා ආ මලානික සඳ පළිය තාර පාර මත අක්‍රමවත් රටාවන් විසුරුවා දමා තිබිණි. හාත්පස පැතිර ගිය අඳුර සමඟ සිහින් මීදුම් දුමාරයක් ද මිශ්‍ර වී ඇත. දිවාකල සැව හිරු රැසින් උණුසුමට තිබූ පරිසරය බටහිර දෙසින් හමන සිහිළැල් වා රැලි දැවටීමෙන් සෙමෙන් නිවෙමින් පවතී. පාර දෙපස දුරින් තැනින් තැන පිහිටා තිබූ වීදි පහන් වලින් ද ආලෝකය විහිදුණෙ යාන්තමිනි. ඉඳ හිට අතරින් පතර නැඟෙන බල්ලන්ගේ බිරුම් හඬත්. නිශාචර පක්ෂීන්ගේ සහ රැහැයියන්ගේ හඬත් පාළු මුසල නැගීමත් ඇති කළා මිස, ඇගේ සිතට බියක් නම් ගෙන දුන්නේම නැත. ඇය අඳුර මැදින් ඉදිරියටම යමින් සිටින්නීය. ඒ වන විටත් ඇය කිලෝමීටරයක පමණ මඟ ගෙවා දමා තිබුණාය. අතර මඟදි කිසිවෙකු හෝ ඇයට මුණ ගැසුණේ ද නැත. මධ්‍යම රාත්‍රියට ආසන්න හෙයින් අසල්වැසියන් නින්දේ පසුවනවා විය යුතුය. ඉඳ හිට වාහනයක් දෙකක් හමුවුණ ද ඒ හැම මොහොතකම ඇයට මුවාවෙන්නට සුදුසු තැනක් ලැබිණි. සිය ගැහැනුකම යටපත් කරමින් සිතට නැඟුණ මහා ආත්ම ශක්තිය පිළිබඳව ඇයට ද ඇත්තේ පුදුමයකි. ඇ තුළ සිටි අඳුරට සහ තනිකමට බිය යුවතිය එකවරම එඩිතර එකියක වී සිටින්නීය. සියලු බාදක බැමි පවුරු සිඳ බිඳ දමමින් ඉදිරියටම යාහැකි අමුතු ජවයකින් මුළු සිරුරම උණුසුම් වී තිබේ.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    සෙංකොට්ටං

    තමාට තිබුණේ බබා හේනයා යැයි නොකියා බබා සිඤ්ඤෝ වැනි නමක් කියන්නට ය. එහෙත් මුසා පැවසීම නොහොබිනා කටයුත්තකැයි ඔහු බුදු බණේ අසා තිබුණේය. ඒ නමුත් නමෙන් බාගයක් හරි ය. එහෙත් නමෙන් අඩක් මුසාවක් බව තමාගේ සිත දනී: දැන දැන මුසාවක් කී විට එය සිතට වදයක් වනු ඇත. ඒ වදකාර සිති වල්ලට වඩා මේ කනගාටුව හොඳ ය. අර ආඩම්බරකාර මිනිසුන් කෙසේ ක්‍රියා කළ ද බුදු හාමුදුරුවන් ඇත්ත විස්තරය දන්නවා ඇත. – ඔහු කල්පනා කළේ ය. එසේ ම අඩු කුලවල මිනිසුන්ට, අඩු කුලවල අසරණ වූ දරුවන්ට බුදු හාමුදුරුවන් ඕනෑ තරම් උදව් පදව් කර තිබේ.
    ආතේ. සෙංකොට්ට ඉවරයි නේද?” කුඩා බබා හේනයා ඇසුවේ එකවර යමක් මතක් වීමෙනි.
    ” කඩ මණ්ඩිය පහු වුණා නේ පැවෝ… පරණ ඒවා ගෙදර ඇති නේ. ඒවා ගමු…”
    ඔවුහු යළිත් කරබාගෙන ම රිදීවිට දෙසට ගමන් කරන්නට වූහ.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -20%
    (0)

    ස්වප්නේෂ්වර – Swapneshwara

    සුන්දරමානගේ අඩි දික් විය. දිගු අඩි හෙමින් හෙමින් පින්න වැටුණු පඳුරු මත තැබූ පය එස වූ විට ඊට සමාන ව තැළී ගිය තණකොළ මත පාද සලකුණු, එක පේළියට දිස් වෙමින් තිබුණි. එය හෙමින් සේ ගිය ඉක්මන් ගමනක් විය. පාද මාරු වුණේ වේගයෙනි. උරහිසකින් රුරා හැලුණු රෙදි පොට ඔහු ගසා දමා යළිත් උර මත රඳවා ගත්තේය. තමන් එළි බැස්සේ කළු කහ එළිය වැටෙන ජාමයේ ය. තවමත් තමන් පසු කරන්නේ පෙරදා රැයේ සිහිනයෙන් කී මග විස්තරය යි. ඔහුට දියකව හමු විය. ඉන් එතෙර වෙද්දී තෙමුණු සරමේ වාටිය වියළී ගොසිනි. තවත් දුරක් යද්දී පොල් ඉරටු පෙනෙන යාමයේ ළා හිරු රැස් රුස්ස ගස් අතරින් ඔහු කරා ගලා ආවේ ය. රූස්ස නැගි ගස් අතරින් ඔහු අහස බැලි ය. හිරු ආලෝකයෙන් අලංකාර වෙමින් සිටී. දුර ඈතින් වැටෙන හිරු එළිය ගසක අතු අතර රැඳුණු පිනි බිඳුවලට දිලිසෙන හැටි කියා දෙමින් තිබුණේය. නැඩ දඬු ලේනෙක් අත්තකින් අත්තකට පැන්නේ පහළින් දිගු අඩි තබමින් යන සුන්දර මානයන්ට බියෙනි. අතු එකින් එක සෙලවී ගියේ ය. අතුවල රැඳුණු පිනි බිඳු මුතු වැස්සක් සේ පහළින් යන සුන්දරමානගේ හිස මතට වැටෙමින් තිබුණි. ඔහු හිස ගසා දැමුවේ ය. දිගු කෙස් වල්ල වටයක් කැරකැවිණි. කැරකුණු කෙස් මත රැඳුණු පිනි ඔහුට පෙරින් විසි වී ගියේ ය. ඔහු එය දුටුවේ පිනි මත පතිත හිරු එළියෙන් දිලිසී යද්දීය.

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -20%
    (0)

    ස්වර්ණරාගය – Swarnaragaya

    ඉහිරුණු සිතුවිලි කැබලි කාමරය පුරා එහේ මෙහේ සැරිසරයි. ඉන් බරැති සිතුවිලි කැබලි පපුවට ළංව තද කරමින් වේදනා ගෙන දෙයි. තාරකා මට හමුවුණු මුල්ම දින එවන් බරැති සිතුවිලි කැබැල්ලක් තිබී මට හමු විය. මා එම සිතුවිලි කැබැල්ල ගෙන එහි තියුණු තුඩ මාගේ පපුවට තබා තදකර ගතිමි. වසර ගණනාවක අතීතයක් දිගේ මම නුගේගොඩ පුස්තකාලය වෙත ඇවිද යන්නට වීමි. ඇය අහිංසක සුන්දර සිනාවකින් මුව සරසාගෙන බලා සිටිය දී මට හමු විය. බරැති සිතුවිලි කැබැල්ල හදවත සිදුරු කොට එහි පදාසයක් කඩා දැමීය. මාතලේ දිස්ත්‍රික්කයේ කඳු වලින් වටවුණු සුන්දර ගම්මානයක ගුරු දෙමව්පිය යුවළකගේ එකම දරුවා මෙන්ම, එකම බලාපොරොත්තුවද වූ ඈ වැනි අහිංසකාවියක් මා වැන්නෙකු ඇගේ පෙම්වතා, අනාගත සහකරුවා ලෙස තෝරා ගත්තේ මන්දැයි මට තවමත් සිතාගත නොහැකිය. එය ඇයගේ වැරැදි තේරීමක් බව මට මේ මොහොතේ හැඟෙන්නා සේම ඇයට ද හැඟෙනු ඇත. නමුත් ඇය කිසිදු මොහොතක බැල්මකින් හෝ මා හට එය දැනෙන්නට ඉඩ දී නැත. එය එසේ වූව ද ඇගේ අහිංසක මුහුණ දකින සෑම මොහොතක දීම මාගේ හෘද සාක්ෂිය තියුණු කටුවකින් හදවතට අනිමින් එය මට මතක් කර දෙයි.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -10%
    (0)

    හතුරු හිතක් – Hathuru hithak

    අම්මා මෙන් හැම කාන්තාවක් ම පතිවතත්ය. කුසුම් මෙන් හැම යුවතියක් ම කන්‍යාවක් ය. සියලු වනිතාවෝ සීතාවෝ ය. ඔව්හු පවිත්‍රය. නොකලැල් ය. නොකිලිටි ය. එක් වයසක දී පොදුවේ ගැහැනිය පිළිබඳ මාගේ දර්ශනය වූයේ එයයි. ලෝකය හා ජීවිතය ගැන සිතන්නටත් කිසියම් අවබෝධයක් ලබන්නටත් පටන් ගත් අවදියේ මා ඇය දෙස බලන්නට පුරුදු වුයේ එබඳු ඇසකිනි. මගේ මේ මතය සැකයට භාජනය වන ආකාරයකින් ස්ත්‍රිය ගැන සිතන්නට තුඩු දුන් සිද්ධියක දී හෝ ප්‍රවෘත්තියක දී හෝ මම අතිශයින් සසල විමි. එහි දී සැබෑ ජීවිතය ය ප්‍රබන්ධයක් යයි වෙනසක් නොවුණා තරමි. නව කතාවක් නාට්‍යයක් හෝ චිත්‍රපටියක් වැනි කලාත්මක නිර්මාණයක වුව ද ස්ත්‍රියක වරදක අසුවන්නට යන තැන දී මම දැඩි ලෙස නොසන්සුන් වීමි. ඇය අන්තිමට නිරුද්‍රිත වුණා නම් මට ඇති වූ සැනසීම ඉමහත්. ඉදින් යම් ලෙසකින් ඇය පාපයට ගොදුරු වුණු කල මම වේදනාවකට මෙන්ම කලකිරීමකට ද පත් වීමි. අතවරයකට පත් යුවතියක ගැන පොත පතකින් හෝ කියවන කල මා තුළ ලොකු බියක් – මේ විපත ම තවත් කෙනෙකුටත් වීමට ඉඩ ඇද්දැයි අනියත බියක් – පහළ විය. මා බිය වූයේ කවරකු සඳහා දසි මම නොදත්තෙමි. ඕ මා දැන සිටි කිසියම් තැනැත්තියක් නොවුවා ය. ආරක්ෂා කර ගත යුතු යැයි මා විසින් සිතන ලද අදෘශ්‍යමාන අජිවමාන යුවතිය මුළු ස්ත්‍රී වර්ගයාගේම සංකේතයක් සංකල්පයක් පමණි. ළමා වියේ සීමාවන් පසු කරන අපි එක් අවධියක දී ලෝකය හා ජීවිතය ගැන සිතන්නට මෙන් ම කතා කරන්නට ද පටන් ගනිමු. වැඩිහිටි ලෝකයේ අභ්‍යන්තරය පිළිබඳව ඉවක් විනා අවබෝධයක් නොවුණු ඒ නො මේරූ සිතින් අප ගැහැනිය දෙස බැලුවේ ඇය ගැන අප විසින් කලින් ඇති කර ගන්නා ලද ආකල්පයන් පදනම් කරගෙනය.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.
  • -20%
    (0)

    හදවත් වරක් 2 අහම්බයකින් මිස අපි… හමු නොවෙමු කිසිදා යලී

    මම ඇතුළුව අපි ගොඩ දෙනෙක්ගෙ ජිවිත වෙනස් වෙන්නෙ එක පාරටම නෙවෙයි. හැම පුංචි වෙනස්කමක්ම වෙන්නෙ බොහොම හිමීට. එතකොට අපිට ඒක දැනෙන්නෙ නෑ. අපේ ජීවිතේ නොහිතුවම විදිහට වෙනස් වෙලා!’ කියලා තේරෙද්දි වෙන්න ඕනෙ විලම් බැසිය වෙලා ඉවරයි.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    හදවත්වරක්

    ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්.අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් තියනවා.

    මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනංකල්පිතයි. ඔබත් දන්නා,මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත් කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා.

    හදවත්වරක්

    ඔබේ, මගේ, අපේ කතා වලින් එකක්.

    එන්න, අපි අපේ හිත් කියවමු. මොහොතකට හරි අනිත් කෙනා හිතන්නෙ කොහොමද කියලා විමසන්න නතර වෙමු. අපිට එතකොට පුලුවන් වෙයි අපේම මිනිස් පවුලට අදට වඩා බිඳක් හරි හෙට කාරුණික වෙන්න.

    තවත් හදවතක් ගැහෙන රිද්මය තව වරක් කියවන්න

    හදවත්වරක් දෙවන කොටසකුත් තියනවා.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -20%
    (0)

    හසරැල් ගංගා – Hasarel ganga

    ඒත් මගේ කටින් වචන ටික පිට වුණාට පස්සෙ ගංගා මගෙන් අඩු තරමේ ඇයි…?’ කියලාවත් ඇහුවේ නෑ. එතකොට ඊළඟට මම කියන්නෙ මොනවද, කරන්න ඕනෙ මොකක්ද කියලා මට හිතාගන්න බැරුව ගියා. මගේ වචන වලට පස්සේ මුළු ලෝකෙම නිහඬ වුණා වගේ මට දැනුණා. එළියේ හුළං හමන හඬ පවා ගොඩ කාලෙකට පස්සෙ මට ඇහුණා. සමහර විට ආපු කම්පනේට එයා මැරුණද දන්නේ නෑ.. කියලා නිහඬතාවය දරා ගන්න බැරි තැන මම හිතුවා. එතකොට නම් මට බය හිතුණා. ඒත් ඉතින් එහෙම මැරුණා නම් වැටෙන සද්දයක් හරි ඇහෙන්න එපෑ! හිට ගෙනම මැරුණ මිනිස්සු ගැන මම අහලා නෑ. තවත් ටික වෙලාවක් බිමම බලාගෙන හිටි මම එයා දිහා බලන්න හිත හදාගත්තේ එයාගෙන් කිසිම විදිහක ප්‍රතිචාරයක් නැති තැන. එහෙම බලද්දි ඇරලා තියෙන ජනේලයෙන් එපිට දුර ඈත බලන් ඉන්න ගංගාව මට පෙනුණා. ඒ දර්ශනේ චිත්‍රයක් වගේ කියලා මට හිතුණා. ඉස්සරම දවසක. පළවෙනි වතාවට කාසා ඇකඩමියෙදී ගංගා මගේ චිත්‍රයකට වාඩි වෙච්ච මුල්ම වතාවෙත් මට එයාව පෙනුණේ මේ විදිහටමයි. එදත් එයා ජනේලෙකින් එළිය බලාගෙන හිටියා. එදත් එයා ඇඳන් හිටියේ කහ පාට සැටින් නයිටියක්. එදත් එයාගෙ උරහිසේ තියෙන තුවාල කැළැල මගේ ඇස් පහුරු ගෑවා. එදායි මෙදායි අතර අපේ ජීවිත කොච්චර වෙනස් වෙලාද?” කියලා ගංගා දිහා බලාගෙනම මම කල්පනා කරා. කල්පනා කරද්දි මට හිතුණා අතීතයට දුවලා ගිහින් ජීවිතේ පරණ සිද්ධි මකලා දාලා එන්න. ඒත් එහෙම අතීතෙට දුවලා යනවා නම් කොච්චර නම් අතීතෙකට දුවලා යන්නද? (2020 මැයි 15 – සිකුරාදා) රෑ හරිම කළුවරයි. අමාවක වෙන්න ඇති, හඳ පළුවක්වත් අහසේ තිබුණේ නෑ. ඒක නිසාම වෙන කවදටත් වඩා තාරකා හොඳට පෙනුණා.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -20%
    (0)

    හැටේ දශකයේ අපූරු මිනිස්සු – Hete dashakaye apuru minissu

    බැලුමත් බේරා ගෙන ජලයත් හිස් කළ යුතුයැයි මට සිතුණි. මා කාමිනී පිලිබදව කටයුතු කළ යුත්තේ ද එලෙසය. නොඑසේ වුවහොත් බැලුම පුපුරා ජලය ද විසිරි ගොස් හානියක් වන්නා සේ කොයි සමොහොතක හෝ මා ව්‍යසනයට පත් වන්නට පුළුවන. කාමනි පිළිබඳව මා තුළ ඇති අදහස පැවසිය හැකි එකම පුද්ගලයා චරිත සේනය. ඔහු මට හිතවත්ය. වාහනයක් ඉතා වේගයෙන් අප පසු කර ගෙන ගියේය. එයින් එක දිගටම නිකුත් වුණු නළා හඬත්, ඇවිස්සුණු දුවිල්ලත් අපට අපහසුවක් ගෙන දුන්නේය. මේ සැරේ යුනිව සිටි එක්සෑම් එකේ තත්වේ කොහොම සිටීද චරිතෙ ? “ඔයා අහන්නේ විභාගෙට කොයි විදිහෙ ප්‍රශ්න එයි කියලද ? ඔව්. ඔව්. අපි නම් දැන් සිලබස් සේරම කවර් කරලයි ඉන්නේ. ඒ වුණාට සිලබස් එකෙන් පිට ප්‍රශ්නත් අහයි ද දන්නෑ නේද? එහෙම කරන්ට බෑ සේකර. ඒවා විභාග ආචාර ධර්ම වලට පටහැනියි. නීති විරෝධීයි. එහෙම දෙයක් සිද්ධ වුණොත් විභාග දෙපාර්තමේන්තුවට විරුද්ධව නීති මඟින් කටයුතු කරන්ටත් පුළුවන්. ඒක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. ඔහුගේ පැහැදිලි කිරීමෙන් පසු මම සතුටට පත් වුණෙමි. එතෙක් මා හිතා සිටියේ අප විභාගයෙන් අසමත් කොට විශ්ව විද්‍යාලයට තෝරා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කර ගැනීමට විභාග දෙපාර්තමේන්තුව සටකපට වැඩ පිළිවෙලක් අනුගමනය කරනවා ඇතැයි කියාය.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 400.00.
  • -20%
    (0)

    හියුෆන්ට් ප්‍රේමේ

    ෂයිලා නැගිට්ටා. නැගිටල පැත්තක තිබ්බ වානේ අඩිකෝදුව අරං එයා ඇඳල හිටිය බ්ලවුස් එකේ පහළ වාටියේ ඉඳන්, බාබර සන්සෝනි සරමෙ ගැටේ දක්වා නිරාවරණය වෙලා තිබ්බ බඩ මැන්නා!

    ”බලන්න…. බඩ අඟල් 9 යි පෙන්නේ… මගේ උස අඩි පහයි… එතකොට මගේ ඇඟෙන් අඩි හතරයි අඟල් තුනක්ම වැහිල… ප්‍රසන්ටේජ් එකක් හැටියට ගත්තොත්….” ගැනී ළඟ තිබ්බ කැල්කියුටරේට කෙටුව…

    ”…දළ වශයෙන් මගේ ඇඟෙන් සීයට අසූ හතරක් වැහිල… සීයට දාසයයි ඕපන්…!  එතකොට මොකක්ද ප්‍රශ්නෙ?”

    ”හරි… හරි… ඒක මගෙන් අහන්න එපා… මම කැමතියි ඔයා ඔහොම නෙවෙයි, ඔයිටත් අඩුවෙන් ඇඳං එනවනං…” ෂානා කිව්ව.

    ”ඌ විතරක් නෙවෙයි.. අපිත් කැමතියි… ” පැත්තක හිටිය යසිරුවා හොම්බ දැම්ම…!

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.