• -15%
    (0)

    මාගම් සෝලිය – Magam soliya

    සැන්දෑ හිරු එළියෙන් පෑළ දිග අහස රක්ත වර්ණ වෙමින් තිබුණු ඒ සන්ධ්‍යා යාමයේ ඇබිත්ත කොලුවා ඇහිපිය නොහෙළා බලා සිටියේ ලොකු හාමුදුරුවන් දිහාය. හවසට හොඳ ආසන දෙකක් හරිගැස්සුවොත් හොඳයි…. මගේ ඇඳ ළඟ. උන්වහන්සේ මේ විධානය ඇබිත්ත කොලුවාට කර තිබුණේ එදා ඉරිදා උදයේ දෙමට කුරකින් දත් පිරිසිදු කරන ගමන්ය. ඌව වෙල්ලස්සේ කැළෑබදට වෙන්න ඇති මේ ගම් මණ්ඩියට තියෙන එකම පන්සල මේකය. ලොකු හාමුදුරුවන්ම ඇබිත්ත කොලුවාට කියා ඇති විදිහට මේ ආරාමය ශත වර්ෂ ගණනාවක් පැරණිය. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලයේ තිස්ස කුමරා මේ අඩවියට සැපත් වූ අවධියේ මේ ආරාමය පිළිසකර කරනට ඇති බවය, මුඛ පරම්පරාගතව පැමිණි විශ්වාසය වුණේ. ඒත් උන්වහන්සේ මීට දශක හතර පහකට ඉස්සර මෙහාට වඩින විට මෙතැන තිබුණේ පන්සලක් නොවේ. ගරා වැටුණු වරිච්චි බිත්ති කීපයක් සහ ගල් කණු කීපයක් පමණි.

    Original price was: Rs. 1,650.00.Current price is: Rs. 1,402.00.
  • -20%
    (0)

    මාණික්කාවත

    “උඹලගේ පඳුරු ගැනිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා… විසේසෙන් කෙල්ලේ උඹ බලවතියක්.ආසාවල් ඇති වෙනවා තමයි. ඒ් උණාට සිහි කල්පනාවට ගනිං,ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලාම ගොයම හොදට පැහෙන කල් ඉන්න ඔ්නි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ .ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු ඒක්කාසු කොරගන්නේ.ඊට කලියෙං කුඹුරට පැනලා දැඟලුවාම මොකෑවෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වෙළේ ඒබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒ්කෙන් පිහදාගෙන ගෙදර යන්න ඇහැකි.හැබැයි උක්කුං කෙල්ලේ,උඹට ඒ්ක ඒහෙම කොරන්න බෑ…

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -20%
    (0)

    මාවතේ ගීතය Mawathe geethaya

    මාවතේ ගීතය බටහිර බෙංගාලයේ පිටිසර ගමක ජීවත් වූ දිළිඳු බ්‍රාහ්මණයෙකු වූ හරි හරගේ චරිතය ඔහුගේ දරු දෙදෙනාගේ චරිත – බිරිඳගේ හා ඥාති සොයුරියගේ චරිත – මේ නවකතාවෙන් නිරූපණය කර ඇත්තේ අසාමාන්‍ය ප්‍රතිභා ශක්තියක් විදහා දක්වමිනි. සත්‍යජිත් රායිගේ සිනමා කෘතියක් ලෙස රසිකයින්ගේ අවධානය දිනාගත් “පොටොප් පංචාලි” මේ නවකථාව ඇසුරින් නිර්මිතය.

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -10%
    (0)

    මැකී ගිය දඩමං Maki giya dadaman

    1902 වර්ෂයෙහි මෙම ලංකාද්වීපයෙහි ගල් ගෙවල ජීවත් වුණු පාරම්පරික වැද්දෝ සිටියහ. ලංකාවේ ආදිම මනුෂ්‍යයන්ගෙන් ඉතිරිව සිටි පවුල් භයකට වැඩි නොවන මේ වැද්දෝ නීලා නම් වැදි රාළගේ ආරක්ෂාව හා ආඥාව ද යටතේ විසුවෝ ය. වන දඩයමින් ජිවත් වූ මේ වැද්දෝ ගොවිතැන් කිරීම තබා ඒ පිළිබඳ ආදී ම දළ ක්‍රමය වූ වන බද ගම්වල මිනිසුන් කරන හේන් වැපිරීම පවා යම්තමින් වත් නොදැන සිටියෝ ය. එසේ ම ගම්වැද්දන් යම්තමින් අටවා ගන්නා ගස්පොතුවලින් ආවරණය කෙරෙන ගෙපැලක් තනා ගැනීමට හෝ මොවුහු නොදැන සිටියෝය. මොවුහු දඩයම සඳහා තැනින් තැන ඇවිදිමින් ජීවත් වන්නෝ වූහ. ඔවුන්ගේ ආහාර වනයෙන් ම සොයා ගත්තක් විය. ඔවුන්ගේ ආයුධ වූයේ ඊතල හා දුන්නත්, හදිසි අනතුරකදී අතට ගැනීමට කරේ ගන්නාගෙන හෝ ඉණේ රුවාගෙන යන කුඩා පොරවත් ය. ඔවුන්ගේ ඇඳුම තට්ටම වසා ගැනීමටත් ප්‍රමාණවත් නොවන ඉණේ ඔතාගත් රෙදි කඩක් හා අඹුද්ධයක් ද පමණි. විටට විකීමට ගන්නා දෙමට, ගල් කැරු වැනි පොතු හා හුණු දුම්කොළ දමා ඇති වඳුරු සමින් කළ බුලත්මල්ල ඉණකඩ අතරේ රුවා දවටාගත් මෙවැනි මිනිස්සු තිදෙනෙක් ඔවුන්ගේ බල්ලන් ද කැටුව ඔවුන් කියන හැටියට රඳන්ට දඩයමේ නික්මුණෝ ය. ඔවුහු එදාම ආපසු එද්ද, දෙතුන් දිනක් වනයේ රඳත් ද යනු තීරණය වන්නේ ලැබෙන දඩයම් අනුවය.

    Original price was: Rs. 1,380.00.Current price is: Rs. 1,242.00.
  • -20%
    (0)

    මැයි මාර ප්‍රසංගය – Mai Maara Prasangaya

    මං අපේ ගමේ ගෙදර ඉස්තෝප්පුවේ බැම්ම උඩ තියාගෙන, සමිධ අයියා සහ ඔබ හිතේ තියාගෙන ගොඩනගපු කතාව ලියාගෙන ගියා. සති ගාණක් තිස්සේ කතාව ලියල ලියලා දවසක් රෑ කෑම කන්න ගෙයින් එළියෙ තිබුණු කුස්සියට ගියා. කුස්සියේ ඉඳගෙන බත් කකා ඉද්දි මිදුල පැත්තෙන් විශාල එළියක් දැක්කා. මං හිතුවා හුළු අත්තක් පත්තු කරගෙන කවුරු හරි ගෙදරට එනවා කියලා. ඒත් හීනෙකින් වගේ යටි හිත දෙබෑ කරගෙන ආපු සැකයක් හින්දා දුවගෙන ආවා බැම්ම ළඟට. වැඩේ හරි හුළඟට ලාම්පුව පෙර ලියපු කොළ ටික උඩට. සේරම පිච්චිලා තිබුණා. මං ඉතින් පහුවදා වෙනකම්ම ඇඬුවා. එතකොට ඉතින් මගෙ වයස දහනවයයිනේ.

    Original price was: Rs. 700.00.Current price is: Rs. 560.00.
  • -10%
    (0)

    මිනිත්තු එකොළහේ කතන්දරේ

    මට ලෝකයට අනුව චූදිතයෙකු වෙන්නත් සතුට හොයාගෙන අවදානම් ගමනක යෙදෙන්නත් පුලුවන්.ඒ සියල්ල මම ජීවිතය දකින විදිය ගැන ගැටලුවක් විතරයි. මරියා බ්‍රසීලයේ ඇතුළු ගමක ඉපදුණු, නිළියක් වෙන්න ජීනීවාවලට ආපු රූමත්, බුද්ධිමත් තරුණ ගැහැනියක්. ආදරය හා ජීවිතයේ ගුප්ත ස්වාභාවයන් තුළින් අභ්‍යන්තරයෙන් පැන නැඟෙන ආලෝකය හොයාගෙන යන, අවදානම් සහගත ගමනේදි ආදරය වෙනුවට ලිංගිකත්වය මුණගැසුණොත් කුමක් වේවිද? ජීවිතය සොයා යෑමේදී, ආදරය ලිංගිකත්වය හා ආත්මීය අර්බුද හා ගැටෙමින් ඇය තුළින් ඇයවම මතු කර ගැනීමට කෙරෙන නිර්භීත ගවේෂයක කතාවයි. මිනිත්තු එකොළහේ කතාන්දරේ.’සන්තියාගෝ නම් සැරිසරන්නා’ කෘතියෙන් කෘතියෙන් කීර්තියට පත් පාවුලෝ කොයියෝගේ, ලිංගිකත්වය විෂයය කරගත් කතා පුවතක් සහිත අලංකාරමය භාෂා රීතියක් රැගත් නවකතාවයි.මිනිත්තු එකොළහේ කතාන්දරේ.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.
  • -20%
    (0)

    මීෂා

    අර්මේනියාවේ වැනර් ප්‍රදේශයේ සිදුවූ අමානුෂික ඝාතන දාමයෙන් සහා එමිලින්ගේ මරණයෙන් පසුව, “ගෝර්” ජීවත් ව සිටි නිවස මුළුමනින්ම ගිනිබත්ව විනාශ වි ගියේය. ගෝහා නම් වූ එම භයංකාර ආත්මය නිවසේ පිටුපස ඇති ඕක් ගසක් මත තනා තිබුණු “අට්ටාලමක්” තම වාසස්ථානය කොට ජීවත් වීමට පටන් ගත්තාය.

    ගෝහාගෙන්, නිවුන් සොහොයුරාගේ ජීවීතයට අනතුරක් වේ යැයි සිතූ ඇගේ මිත්තනිය ඇයගෙන් පොරොන්දුවක් ගත්තාය. ”ඇය කිසිම දිනෙක මෙම අට්ටාලය ඇති මායිමෙන් පිටතට නොපැමිණිය යුතුය.” කතාව පටන් ගන්නේ මෙතැන් සිටය. අතිශයින්ම භයංකාර වූත්, ගුප්ත, කුතුහලයෙන් පිරී ගිය මෙම වෘත්තාන්තය අර්මේනීයාවේ සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් මූලාශ්‍ර කොටගෙන ලියවී ඇත.

    මෙය ගෝහාර් පොතේ තවත් කොටසක් නොව “වෙනම” පොතකි.

    Original price was: Rs. 980.00.Current price is: Rs. 784.00.
  • -20%
    (0)

    මෙලඩි – Melody

    සිහළ සුළඟක් හමා ගියේය. ඔව්. ඒ දෙසැම්බර් මාසයේ තවත් එක් සීතල දවසකි. නමුත් වෙනදාට නැති උණුසුමකින් එය පිරි තිබුණේ නිමාවීමට යන වසරට ආශිර්වාද කිරීමට විය යුතුය. මේ මොහොතේ නගරයේ උණුසුම වැඩිම ස්ථානය වූයේ ශ්‍රවණාගාරයයි. එයට හේතුව වූයේ වසරේ දැවැන්තම ප්‍රසංගය ඇරඹීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණක් වීමයි. බොහෝ දෙනෙක් වසරක් පුරා බලා සිටියේ මේ වෙනුවෙය. නිවැරදිවම කිවහොත් වසර ගණනාවක්ම කුඩා දැරියන් දෙදෙනෙක්ද ඒ වෙනුවෙන් සැදී පැහැදි බලා සිටියේ ශ්‍රවණාගාරයේ සුවිසල් දොර කොයි මොහොතේ විවර කරයිද කියා ඇඟිලි ගනිමිනි. නමුත් තම ප්‍රවේශ පත්‍ර වල විශාල අකුරින් මුද්‍රණය කර තිබූ සරල අකුරු කිහිපය ඔවුන්ට සැබෑම අභිරහසක් විය. ” ඇයි මේකට මෙලඩ් කියලා නම දාල තියෙන්නේ?” එක් වරම සොෆී තම මිතුරියගෙන් ඇසුවාය. නමුත් ඇයට සාර්ථක පිළිතුරක් ලැබුණේ නැත. ඇගේ යෙහෙළිය දෙවුර සැලුවේ ඇයට ද ඒ පිළිබඳව හරි අවබෝධයක් නොමැති බව පැවසීමටයි. ඔවුන් මේ පැමිණ සිටියේ වසරේ දැවැන්තම වාද්‍ය ප්‍රසංගය නැරඹීම සඳහා බව පැවසීමට අටුවා ටීකා අවශ්‍ය නැත. හුදෙක්ම මෙය වසරේ දැවැන්තම ප්‍රසංගය පමණක් නොව ජනප්‍රියම ප්‍රසංග යද විය. සුප්‍රකට සංගීතඥයෙකුගේ සංගීත ජීවිතයේ දශකයේ කඩ ඉම සනිටුහන් කිරීම උදෙසා පවත්වනු ලබන මෙය ඉතා දුර්ලභ ප්‍රසංගයක් වූ නිසාමදෝ ටිකට් පත් විකිණී අවසන් වූයේ මීට මාස ගණනකටම පෙරාතුවයි. ඒ තරමටම සුවිශේෂී වූ මෙම ප්‍රසංගයට මෙලඹී වැනි සරල නාමයක් ලබා දීම තරමක් පැටලිලි සහගතය. අවුරුදු දාහතරක සොෆිට හා ඊවිට නම් එය කොහෙත්ම තේරුම් ගත නොහැකි විය.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -10%
    (0)

    මෞන – Mauna

    කිසි දිනෙක අසා නොතිබූ අමුතු වචන පෙළක් කාව්‍යා එකදිගට මිමිනුවාය. තිමිරද ඉතා කුතුහලයකින් යුතුව ඒ දෙස බලා සිටියේය. තමා මායාකරුවකු නොවේ නම් මේ කරන්නා වූ වංචාවට දඬුවම මරණය බවත් හොඳින් දැනගත් තිමිර, කාව්‍යා කියන්නා වූ සෑම දෙයම අකුරක් නෑරම සිදුකරන්නට වූයේය. එසේ කිරීමට හේතුව වූයේ මේ ප්‍රශ්නය තමන් ඇති කළ දෙයක් නිසාත් ඇය අද මෙතැන සිටින්නේද තමන් නිසාත් වීම යන හේතු මතය. තමන්ට මියැදෙන්නට සිදු වුවත් අවසන් හුස්ම තෙක් තමන්ගේ කාර්යයට කැපවෙන්නා වූ කාව්‍යාට ආරක්ෂාව සැලසීම ඔහුගේ යුතුකමක් බව ඔහු සිතීය. උරුමයක් පරම්පරාවෙන් ලැබුණද පරම්පරාවේ සියල්ලන්ම මායා කරුවන් වන්නේද නැත. එසේම වර්තමාන පිෆෙක්ස් නායක ක්‍රෙම්ස්ටන්ද මායාකරුවෙකු නොවේ. මරණය වෙත ඇති සම්භාවිතාවය වැඩිය. මේ සියල්ලම තිමිරගේ සිතෙහි රැව් පිලිරැව් දුන්නේය. නමුත් කාව්‍යා කියූ කාරණය එවිට තිමිරට සිහි විය. තමන්ගේ සිත පාලනයට ඉතා වෙහෙසක් දැරූ තිමිර මෞනය බේරාගැනීම යන කාරණය පිළිබඳම සිතමින් බලපාෂාණය මත තම සුරත තබා ගෙනම සිටියේය.

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.
  • -20%
    (0)

    යකඩ සිල්පර – Yakada silpara

    පඬු පැහැ එළිය විහිදවමින් දිලිසෙයි. මහ මුකළානේ පලු,වීර,කෝන්, මොර, මී කොහොඹ කුඹුක් ගස් යෝධයින්ගේ අතු පතරට යටාවතින් වූ අඳුර පලවා හැරීමට හීන් අඩ සඳ පළුවට නොහැකිය. ගස් ගොම්මනේ වූ අඳුර අතර කුඩා දිය ඇල්ලක් වගේ සැරිසරනා කණාමැදිරියන් රෑන දෙස රුත් ඇලීසියා විලියම්සන් බලා සිටියාය. ඇය සිටියේ නවතා ඇති දුම්රිය මැදිරියකය. රැයින් අඩකටත් වඩා නිදිවරා සිටිය ද ඇගේ දැස් වලට අල්ප මාත්‍රයක හෝ නිදිබරක් නොදැනිණ. ඊට හේතුව තම ස්වාමි පුරුෂයා වූ ඩන්ස්ටන් මුලර්ගේ දිනපොතේ ලියා තිබූ කැලෑ මිනිසා පිළිබඳ වූ කුතුහලයයි. දසතින් දෝංකාර දෙන රෑහි හඬ ඉඳ හිට නැඟෙන කිරළුන්ගේ කැරැව්වෙන් මඳකට යටපත් වෙයි. තරමක් ඈතින් බකමුණු යුවළකගේ හීන් බුම්මන් හඬ ඇසෙයි. රූත් තමාගේ හිස වටා කැරකෙමින් සිටි මදුරුවන් කීපදෙනෙකු අතවනා පන්නා දැමුවාය. එහෙත්, මදුරුවන් මඳ වේලාවකින් යළිත් පැමිණ අමිහිරි හඬ නඟමින් ඇගේ හිස වටා කරකැවෙන්නට වූයෙන් ඇය දුම්රිය කවුළුවේ වීදුරු ජනේලය පහත් කර දැමුවාය. ඒ විසිවන සියවසේ මුලයි. ඒ අවධියේ ගමන් බිමන් යාම කළේ තිරික්ක වලින් වන අතර බඩු ගෙන ගියේ අඹරා කරත්ත වලිනි.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -20%
    (0)

    යලි උපන්නී – yali upanni

    “ඔයාලට දැන් ඉතින් කුරුණෑගලට මාරුවක් ලැබුණු හින්දා කොහේවත් යන්ට ඕනෑ නෑ. මල්පිටියේ පල්ලිය ළඟ මගේ අක්කර කාලක විතර ඉඩම් කෑල්ලක් තියෙනවා. ඒකේ ගෙයක් හදාගෙන පදිංචි වෙන්ට ” ඒ වුණාට මහම්මේ අපි නං කල්පනා කෙරුවේ. අලව්ව – නාරම්මල පාරේ ඔයාලා ළඟින්ම පදිංචි වුණොත් හොඳයි කියලයි. මොකද දන්නවද? අපේ මහත්තයා බැංකුවේ කරන රස්සාවේ හැටියට එයාට මුළු දිස්ත්‍රික්කය පුරාම ශාඛා වලට යන්ට වෙනවා. එහෙම වුණාම ළමයි දෙන්නටයි මටයි කරදරයක් නැතුව ඉන්ඩ පුළුවන් වෙන්ට එපායැ ” අනේ මන් දන්නෙ නෑ. ඔයාලට කැමැත්තක් කරගන්ට දුවේ. මට ඉතිං ඔය කොයි දේපළ තිබ්බත් වැඩක් නෑනේ. මං කාට කියලා ඕවා දෙන්නද? මං මැරිලා යනකොට අරගෙන යන්ටයැ ” ” පරම්පරාවක් පහව යයි. තවත් පරම්පරාවක් බිහි වෙයි. එහෙත් පොළොව සඳහටම පවතී ” කියා ජේසුස් වහන්සේ සොලමන් රජ්ජුරුවන්ට දෙවැනි සියවසේ දී පැවසුවේ ද මේ න්‍යාය ධර්මයට අනුව විය යුතුය. |

    Original price was: Rs. 650.00.Current price is: Rs. 520.00.
  • -10%
    (0)

    යුවතියකගේ ප්‍රේමයක – Yuwathiyakage premaya

    වේලාව මධ්‍යම රාත්‍රී දොළහ පහුවෙන්න ඔන්න මෙත්ත කියලා. වෙනදා නම් දවස තිස්සෙම එක එක කන් කරවල්වලින් පිරිලා තියන නගරෙන් ඒ ඝෝෂාව ටිකක් තුනී වෙන වේලාව. ඒත් එදා ඒකට විවේක ගන්න ඉඩකඩක් තිබුණේ නැහැ. ඒ නිදහස් සමරු ප්‍රදර්ශන කුටි නරඹන්න දස දෙසින් ඇදී ආව යාන වාහන වලින් මිනිසුන්ගෙන් නගරේ පිරි තිබුණ හන්දා. නගරේ විතරක් නෙමේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙක් එදා තිබුණේ කාලෙකින් දකින්න නොලැඛෙන තරමේ ජනාකීර්ණ බවක්. මගී ජනයා එහාට යනවා මෙහාට යනවා ඉවරයක් නැහැ. යාන වාහන ඇති උදවිය ඒවයේ නැගලා අනිත් අයට පේන්ඩ බොහොම උජාරුවට ” රුස්” ගාලා ඉගිල්ලිලා ගියත් යාන්තම් එදාවේල පිරිමහගන්න සාමාන්‍ය ජනයාට ජනතා සන්තකේ පිහිට ඇර වෙන පිහිටක් තිබුණේ නැහැ. වැඩි දෙනෙක් දුර බැහැර ඉඳලා ඇවිත් තිබුණේ අතේ මිටේ යහමින් කාසි පනම් තිබුණ හන්දා නෙමේ. දරු මල්ලන්ගේ කන් කරවිට්ටලෙන් බේරෙන්න බැරිම හන්දයි. නගරේ තියෙන අනේකවත් අරුමෝසම් බඩු දැකලා ඒවා තමන් සන්තක කරාගන්න ළමා ළපටි වුන් කරපු කන් කෙදිරි ගැමි ඇහෙන නැහෙන ගානට වැඩිහිටියෝ හිටියේ එවුන්ට තිබුණ අනාදරය නිසා නම් නෙමේ.

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -10%
    (0)

    රහස් දූතයා – Rahas duthaya

    බිහිසුණු යෝජනාවක් හිඳ සිටි තැනින් නැගිටගත් ඇල්ගර්නන් ලේසි අලස ලෙස දැත කලිසම් සාක්කු තුළ රුවාගෙන ගිනි උදුනට පිටු පා සිට ගත්තේ ය. ඉක්බිති විඩාපත් මුහුණින් යුතු ව තරමක් ඈතින් හිඳ සිටි ජින්ජර් වෙත දැඩි බැල්මක් හෙළමින් ” මේ මිනිහ කොහේ ගිහින්ද? ” යි නුරුස්නා ස්වරයෙන් විචාළේ ය. ” ඔය ප්‍රශ්න ආයෙත් ඇහුවොත් අතට හසුවුණු දේකින් තමුසෙගෙ මූණට දමලා ගහනවා” යි ජින් ජර් කෝපයෙන් ගුගුළේ ය. ”මම කොහොමද ඒක දන්නෙ?” ” දවල් කෑමට එන්ට මිනිහ පොරොන්දු වුණා නොවැ. ” අර අළුත් චිත්‍රපටිය බලන්ට යන්ට එනවා ය කියලා මටත් සහතික වුණා. දැන් තුනත් පහුවෙලා. බැරි පොරොන්දු දෙන හාදයෙක් නොවෙයි ඔය බිගල්ස්. මොකකට හරි මැදි වෙන්ට ඇති.

    Original price was: Rs. 560.00.Current price is: Rs. 504.00.
  • -10%
    (0)

    රාවණා මෙහෙයුම – Rawana Meheyuma

    මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව, සත්‍ය තෛිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වු නිර්මාණාත්මක සාධනය කිරිමකි.සත්‍ය සෑම විටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු නොවනුමානය. හෙළදිව පුරාතන අභිමානය වර්තමාන සිංහල ජනතාව තුළට කාවද්දනු පිණිස,ඉතිහාසයේ වැළලි ගිය සටහන් හාරා අවුස්සමින් කළ ගවේශණවල ප්‍රතිඵලයක් ලෙස මෙම පොත බිහි විය.

    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.
  • (0)

    රාවණා මෙහෙයුම 2 – Rawana Meheyuma 2

    බැලු බැලු අත කිසිම මනුස්සයෙකු, සිය කිමිදුම් සගයෙකු තියා මාළුවෙකුවත් පෙනෙන්නට නොමැති අඳුරු නීල වර්ණ සමුදුරු අගාධයේ තමන් තනි වූ බව පෙනෙන්නට තිබුයෙන් ඇය දැඩිසේ කම්පනයට පත් විය.

    සන්නිවේදකය හරහා උදව් ඉල්ලා කෑ ගැසීමට ඈ හඬ නැඟුව ද මුවින් හඬක් පිට වුයේ නැත. අත පය සීතල වනු ඇයට හැඟුණි. ගතම සෙලවිය නොහැකි සේ ගල් වී ඇත. ත්‍රාසයෙන් අසරණව, අන්ධකාර සමුදුරු අගාධයෙහි තනි වී කරකියා ගත හැකි දෙයක් නොමැතිව, ඉහළ සාගර තලය දෙස ඇය හිස් බැල්මක් යොමු කළාය.

  • -10%
    (0)

    රාවණ් ලියෝ – Ravan Leo

    “රාවණ්” ප්‍රධානියාගේ තියුණු දෑස් එක එල්ලේම නවකයා වෙත එල්ල විය. ඒ හඬ ගොරෝසුය. බැල්ම නවකයාගේ සර්වාංගයම විනිවිද යන්නක් විය. ඔහු තත්පර කිහිපයක් තම ආධුනිකයාව අධ්‍යයනය කරමින් සිටියේය. ” තමුන්ගේ නම් රාවණ්. එහෙමද ? තමා ඉදිරියේ සිටින නවකයාගේ පෞද්ගලික ලිපි ගොනුවේ කවරය දෙස බලමින් ප්‍රධානියා නැවතත් විමසුවේය. රාවණ් ලියෝ.” නවකයා පිළිතුරු දුන්නේය. “උපන් ගම.. ? ” “ලග්ගල, සර්.” ලග්ගල. ප්‍රධානියා ප්‍රතිරාවය කළේය. එම හඬෙහි සියුම් උපහාසයක් ගැබ් වී තිබිණි. “ලංකාගල, ලක්ගල, යක්ගල, එහෙමත් නැත්නම් ලක්පුර, ලංකාපුර, යක්පුර…” ඔහුගේ වචන හිස් අවකාශයේ දෝංකාර දුන්නේය.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 990.00.