• -10%
    (0)

    නදීතෙර කුංචනාදය – Nadeethera kunchanadaya

    ශ්‍රී ලංකාවේ වන ගහනයේ සතා ගහකොළ ගැනත්, ගිරි කඳුරු ගැනත්, ඒවායින් ප්‍රාණ වායුව ලබන වනවාසී ගැමියා ගැනත් සිංහල පාඨකයාට කියවන්නට ලැබුණේ සුද්දන් විසින් ඉංගිරිසියෙන් ලියන ලදුව පසුව සිංහලයට පෙරළුණු පොත්වලිනි. ලෙනාඩ් වුල්ෆ්, ජෝන් ස්ටීල්, ආර්. එල්. ස්පිට්ල් ආදීන් දුටු වන අසිරිය පරිවර්තකයන්ගේ මැදිහත් වීමෙන් සිංහලයට පැමිණිය ද පාඨකයා ඒවා පිළිගත්තේ උණුසුම් ලෙසකිනි. එහෙත් ඊට වැඩි ආශ්චර්යයක් සිංහල පාඨකයාට ලබා දීමට සමත් වූයේ – වඩාත් ලෙන්ගතු පිළිගැනුමකට ලක් වූයේ සිංහලයේ ප්‍රථම වන විත්ති සාහිත්‍ය කානිය වූ “දිගාමඩුල්ලේ ආශ්චර්යය යයි කීම ඉහත ලේඛකයනට කරන මදිපුංචි කමක් නොවේ. ඉංගිරිසින්ගේ පමණක් අවධානයට ලක් වූ වනය හා වනවාසී ගැමියා ලේඛනයට මූලාශ්‍ර කරගෙන සිංහලයේ වනවිත්ති සාහිත්‍යයේ පුරෝගාමියා වීමේ භාග්‍ය හිමිකර ගත්තේ “මායා රංජන් නැමැත්තෙකි. 1948 දී දිගාමඬුල්ලේ පාසලක ගුරුවරයකු වශයෙන් සේවයට ගිය වේයන්ගොඩ මහානාම රාජපක්ෂ මහතා දිගාමඩුල්ලේ ගැමියන් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනයක යෙදුණේය. දස වසරක් පමණ දකුණු වැව්ගම් පත්තුවේ වාසය කළ හෙතෙම දිගාමඬුලු ගැමියකු තරමට ජනතාවට බද්ද වූයේය. ගැමි දරුවනට අකුරු කරවමින්. ගැමියන් සමග හේන් කරමින්, දඩයමේ යමින් ලැබූ අත්දැකීම් ඇසුරින් ඔහු ලියූ දිගාමඬුල්ලේ ආශ්චයය (1957) නම් අගනා ග්‍රන්ථය “මායා රංජන්’ නමින් සිංහල සාහිත්‍ය වංශ කථාවට එක් වූවේය. කැළෑබද ගැමියන් ගේ හෘදය ස්පන්දනයේ රිද්මය කැටි වී ඇත්තේ ඔවුන්ගේ සජීවී බස්වහර තුළය. ඔවුන්ගේ ගැමි සුවඳ වහනය වෙන්නේ පාරම්පරික සිරිත් විරිත් හා ඇවතුම් පැවතුම් තුළය. වනයට මෙන්ම සිංහල ගැමියනට ද ආගන්තුක වූ ඉංගිරිසි

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -20%
    (0)

    නා ගස උඩ – Na Gasa Uda

    වැවේ අනිත් කෙළවරේ තවමත් මාළුන්ට මාන බලන කොකෙක් දිහා මම බලාගෙන හිටියා.
    ඌ එක එල්ලේම වැවේ මාළු දිහා බලාගෙන ඉන්නවා. තව තැනක දියකාවෙක් එකපාරටම වතුර යටට ගිහින් ඊට ටික දුරකින් මතු වෙලා අහසට පියාඹගෙන ගිය හැටි මට මහා පුදුමයක් වුණා. දියකාවට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න පුළුවන් වුණාට, අම්මට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න බැරිව ගියා. එකපාරටම අම්මා ජබු ගහන සද්දෙ වැඩි වුණා. ඒ සද්දෙට මාළුන්ට මාන බල බල හිටිය කොකත් කලබල වෙලා ඉගිල්ලිලා ගියා. තාත්තා අම්මව බේරගන්න වැවට පැන්නට, දෙන්නා තරගෙට වගේ මුළු වැවටම ඇහෙන්න ජබු ගැහුවා. ඒ ජබු සද්දෙත් ටිකෙන් ටික නැති වෙලා ගියා. ඒත් මගේ හිත ඇතුළෙ තවමත් ඒ සද්දෙ දෝංකාර දෙනවා.

    ආයෙ කවදාවත් තාත්තාවත් අම්මාවත් වැවෙන් ගොඩට ආවේ නැහැ. එයාලා වැව ඇතුළෙම
    මාව දාලා හැංගිලා ගියා. එයාලා එනකම් මං එදා හුඟක් වෙලා බලන් හිටියා. රෑ සීතල එන්න එන්නම වැඩි වෙනකොට, වැව දිහෑන් අමුතු අමුතු සද්ද ඇහෙනකොට එදා මම තට්ට තනියම ඉඳන් කෑගහලා ඇඬුවා. වැවේ එහාට මෙහාට පීනන මාළුන්ට ඇහෙන්න මම ඇඬුවා. වැව් දියේ හැංගිලා ගිය අම්මටයි තාත්තටයි ඇහෙන්නම මම කෑගහලා ඇඬුවා. ඒත් කවුරුවත් ආවෙ නැහැ… එදා මගේ ඇස්වලින් බිමට වැටුණු කඳුළු ඒ වැවේ වතුරට එකතු වෙලා මුළු වැවම මාත් එක්ක
    එකට අඬන්න ඇති කියලා මම අදටත් හිතනවා.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -10%
    (0)

    නාදුනන ඇමතුම – Nadunana amathuma

    ඇය උදුරා ගත්තාය. ඇමැන්ඩා මෙන්ම නෙළි ද එය විසන්සි කිරීමට උත්සාහ කළද ඇයට ද එය කල නොහැකි විය. ඇමැන්ඩා පැවසූයේ සත්‍යයකි. එය විසන්ධි කිරීම කළ නොහැක.

    “අන්න සර් එනවා…”

    ඔවුන්ට ඉදිරි පේළියේ සිටි ඔවුන්ගේ තවත් එක් මිතුරියක් වූ රුබී කෑගැසුවේ අනතුරු ඇඟවීමටයි. දුරකථන භාවිතා කිරීම සපුරා තහනම් කර තිබෙනා පන්තියක් තුළ, තම නීතිගරුක මිතුරිය; ඇමැන්ඩා, ඇගේ දුරකථනය විසන්ධි නොකර තබාගෙන සිටීම රුබිට ද ගෙන ආවේ පුදුමයකි. නීරස ගණිත ගැටලුව පසෙකලා ඇය තම පූර්ණ අවධානය වේගයෙන් ඔවුන් දෙසට පැමිණෙන ගුරුවරයාටත්, දුරකථනය විසන්ධි කර ගැනීම සඳහා තවමත් ඔට්ටු වන තම යෙහෙළියන්ටත් යොමු කළාය. දීර්ඝ අඩි තබමින් ළඟාවෙන ගුරුවරයා දකිත්ම අද තම යෙහෙළියන්ගේ අවසානය බව රුබි තීරණය කළාය. ඇය මෙන්ම මුළු පන්තියම සිතුවේ එලෙසයි. තම ගුරුවරයා වන පාකර් මහතා මෙවැනි වරදකට කිසිවිටෙකත් සමාව නොදේ. අඩුම තරමේ ඔහුගේ දේශනාවක් අතරතුර කෙඳිරීම හෝ ඔහු නුරුස්සයි.

    Original price was: Rs. 625.00.Current price is: Rs. 562.50.
  • -10%
    (0)

    නිදුක්ඛා – nidukka

    කොළඹට ඇද හැලෙන්නේ හදිසි වැසි ය. ‍ඉක්මන් වැසි ය. කලබලකාරි වැසි ය. කල්තියා දැනුම් නොදෙන වැසි ය. ගිණිගහන අව්වේ කඩි මුඩියේ කොළඹ පුරා නොයෙක් දේ වල නියැලී ඉන්නා මිනිසුන්ට ඒ කඩිමුඩිය අඩියෙන් දෙකෙන් ඉවර කරවන හදිසියේම ඇද වැටෙන වැහි දියට සාප කරන්නෝ ද ආල කරන්නෝ ද අඩු නැතුව සිටිති. කලිසම් කමීස පිළිවෙළකට ඇඳි යෞවනයෙක් තම අතින් හිස ආවරණය කරගෙ සෙවණක් සොයනායුරු දැකි සදෙව්නාට ඉබේම සිනහවක් පහළ විය. සිනහවත් සමඟින්ම පිස්සෙක් කියා ද සිතුනි. නමුත් ඇයගේ සිනහවත් සිතුවිල්ලත් වියැකී යන්නට ගත වූයේ බෙරේ වැවට ඉහළ අහසේ ඇඳී මැකී ගිය අකුණු රේඛාවකටත් වඩා සැනෙකිනි. ඈ වෙත කොතැන සිට කී දෙනෙකුගේ ඇස් බැල්මන් යා වී ඇද්දැයි ඇය නොදත්තාය. හුස්මක් ගෙන තත්ත්පර තුනක් පමණ ළය මත නවත්වා ගෙන සිටි ඈ හුස්ම හඬක් පිට නොවන්නට සෙමින් පිට කළාය. සුඛෝපභෝගි සීතල නුවර – කොළඹ බස් රථයේ ටින්ටඩ් වීදුරුවකින් පිටත බලා උන් සදෙව්නා එක් දිනකටවත් මේ කලබලකාරී වටපිටාවෙන් මිදී යන්නට ලැබුණු සතුට සැහැල්ලුවක් කොට ගෙන අත්විඳ ගන්නටත් පැකිළුණාය.

    Original price was: Rs. 1,590.00.Current price is: Rs. 1,431.00.
  • -10%
    (0)

    නිල් කට්රොල් – Nil Katarol

    මින් වසර එක්දහස් පන්සියයකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැගූ කාශ්‍යපගේ කතාව පමණක් නොවේ.
    එසේම උත්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලීගේ කතාව පමණක් ද නොවේ. මෙය ඔබ මා දන්නා වූ හා
    නොදන්නා වූ ගුප්ත සිත්තරෙකුගේ ද අද්භූත ආදර කතාවයි.

    Original price was: Rs. 1,650.00.Current price is: Rs. 1,485.00.
  • -20%
    (0)

    නිෂ්පත්ති – Nishpaththi

    “කීයක් හරි ඉතුරු කරගනිං… අත් දෙක වනවනා මිනිහෙක් එක්ක ගියදොට උඹටමයි අන්තිමේ කතන්දර අහන්න වෙන්නෙ..” ගෙදර සිටි දින දෙක තුළ අම්මා දහ දොළොස් වතාවකට වඩා මැතුරූ මන්තරය වූයේ එයයි. තිළිණි එය නොදැන සිටියා නොවේ. එහෙත් අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්නට නම් වර්තමානය තුළ ජීවත් විය යුතුය. ජීවිතය විඳිය යුතුය. තිළිණි විශ්වාස කළේ එයයි. එසේම ඇය පිරිමින් සම්බන්ධයෙන් දැක්වූයේ එතරම් යහපත් ආකල්පයක් නොවේ. විශේෂයෙන්ම තමුන් දන්නා ගමේ උදවිය, ඥාතීන්, පවුලේ හිතවතුන් ගත් කළ පිරිමින් යනු හුදු පීඩකයන් පමණකි.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    නේත්‍රා- Nethra

    මං කියන හැම දෙයක්ම විශ්වාස කරන්න – නේත්‍රා. මං මහ පොළොව වගේ ඔයාගේ දුක දරා ගන්නම්. ඔයා දන්නවද? ඔය ඇස් දෙකෙන් ඉහිරෙන්නෙ මල් සුවඳ. ඔහොම බලද්දි මට දැනෙන්නේ තාරකා රංචුවක් නිලි වැස්සට පෙඟිලා මගේ ආත්මය ඇතුළෙ සැරිසරනවා වාගේ. ඔයා අහිංසකයි. සඳ වගේ අහිංසකයි. ඉස්කෝලේ යන කාලේ මට ඔයාව ලැබුණ නම්….. ඒත් මං පිං කරලා නෑ. එහෙම වුණා නම් මං කොළඹ අතෑරලා නුවරට එනවා. ඔයාලගේ ගෙවල් ළඟ තියෙන ඔලිඳ ඇළට පැනලා ඔය සඳ මුණට පැන් ඉහිනවා. දෙණියේ අන්දර දෙවටෙදි නැවතිලා සුදු ගවුමෙ තුත්තිරි ගලවනවා. ඔය පොඩි ටිකිරි පාවල බොරළු ඇනෙන්න නොදී මගේ ඇඟට වාරු කරගන්නවා. ආදරේ හැටි එහෙම තමයි… ඇයි මං විශ්වාස කරන්නෙ නැත්තේ? මගේ පපුව විවර කරන්න පුළුවන් නම්, මං එයාට පෙන්නනවා. ඔයා හින්ද මගේ පපුව ආදරෙන් පිරිලා තියෙන හැටි. එහෙනම් මං දන්නවා, ඔයා මාව සිප ගන්නවා දහස් වතාවක්… ඇයි මට පිස්සෙක් වගේ කියවන්න දිලා බිම බලාගෙන ඉන්නේ…. කියන්න.. එක වතාවක් කියන්න. මං ඔයාට ආදරෙයි විශ්ව කියලා… ඔහු එක දිගටම කියාගෙන යයි. බැහැ මම තරයේ කීවෙමි. මම බෙහෙවින් බිය වීමි. තිගැස්සුණෙමි. ජීවිතයට බලාපොරොත්තු දෙන්නේ කොහොමද? මම හඬා

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,440.00.
  • -10%
    (0)

    නෝබොඩි – Nobody

    වැව නිසසලය. එහෙත් ගල් තලාව මත අව්ව තපින කිඹුලාද
    දිය මතු පිට වේගයෙන් ඇදී යන දියකාවෝ ද එය එසේ නොවන බව පහදා දෙති. වැවට ඉහළ නිල්වන් අහස් ගැබ එකලාව සරන උකුස්සා මාංශ භක්ෂක පක්ෂියකුගේ උදාරම් බව විදහා පාමින් මේ අරුමැසි සිත්තම පූර්ණත්වයට පමුණුවයි.
    පැලේ පිල් කණ්ඩියට හේත්තු කළ බයිසිකලය මත රැඳුණු දෑස අඳුරුය.
    ” මං ආවට කැමති නෑ නේද?”
    ඇය එක එල්ලේ ඇසූ ප්‍රශ්නයෙන් ඔහු තිගැස්සුණේය.
    ඇයි එහෙම කියන්නෙ?”
    ” එහෙම තමා පේන්නෙ.”

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,125.00.
  • -10%
    (0)

    පර්ලිනා – Perlina

    කලක පටන් දැඩි හිරු රශ්මියත් සමඟ පොර බැදූ පොළව, නිවා සනහන්නට තරම් වරුසාවක් නොලැබූ කර්කශ පොළොවට උදලු පහරවල් කිහිපයක් එක පෙළට වැඳිනි. උදලු තලයේ වැදී පස් කැටිති දසත විසිරුනා මිසක පොළව පසාරු වන බවක් නොවීය. මද්දහන් හිරුගෙන් උණුසුම් වන වියළි සුළඟ. එළි පෙහෙලි කර සැකසූ හේන් අතරින් උජාරුවට සැරිසැරුවේය. අග්ගහ කැලයෙන් නැගුණු ගෝනෙකුගේ පොළුහංදීමකට හේනේ කොනක දළුපත් සොයමින් සිටි සාවෙකු බියපත් වී ගොල්ලකට වැදී සැඟව සිටියේය. ගම්මානයේ විසූ හේන් ගොවියන් මහමුකලන් බැසීම ඇරඹියේ එදිනය. ඒ වන විටත් යාය රාළට අක්වැස්සක හීන් ඉවක් පහළව තිබිණි. සුභ නැකතට වල් කොටන්නේ යායෙ රාළය. වල් කොටන්නේ රුක් අත්තන, පෙතං, පලු, බෝමි, කහට, ලෝලු, කොබ්බෑ, කුරටි, දෙමට යන ගස් වලින් තෝරා ගත් ගසකිනි. යායෙ රාළ විසින් පළමු වල් අත්ත කපන්නේ මරු සිටින දිසාවට පිටුපාය. මිනිසාගේත්, පරිසරයේත් සබැදියාවට ඇත්තේ දිගු අතීතයකි. එය සිහිගැන්වුමට යාය රාළ පළමු ව අත්ත කපා දමනුයේ දේව කන්නලව්වක් සමඟය පොසොන්, ඇසළ, නිකිණි මාස් වලදි නුවර කලාවියේ ඇත්තන් හේන් වල වල් කොටා, වල් වියළා, ගිනිලෑම අරඹයි.

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.
  • -20%
    (0)

    පර්සෝනා – Parsona

    කාන්තා ව්යවසායකත්වය මුල් කරගත් අගනා නවකතාවකි
    —————————————————————————-
    සිහින දකින්න ධෛර්යයක් අවශ්‍ය නැහැ. නමුත් කිහින විශ්වාස කරන්න මහා ධෛර්යයක් අවශ්‍යයයි. ඒ වගේම

    හදවතින්ම විශ්වාස කරන සිහිනයක් නඹා යන්න බරපතළ අවදානමක් ගන්න ඔබ සුදානම්ද?

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,000.00.
  • -10%
    (0)

    පැණී වළලු 3- Peni walalu 3

    විසාල පිට්ටනියේ අග්ගිස්සට වෙන්න පිට්ටනියට මූණ දාලා තියෙන පැවිලියන් එකේ වම් කෙළවරට වෙන්න උඩට නගින්න පඩි හත අටක් තියෙයි. පඩිපෙළ දිගේ උසටත් දිගටත් යකඩ බට ගහල තියෙයි. ටකරං වහලෙන් වැටෙන වතුර වැටෙන නොවැටෙන ගාණට තියෙන මේ බට උඩ පස්සට වෙන්න පස්ස බර කරලා සමබර කරගෙන අපිත් ඉතිං තෙමිච්ච කුකුළො වගේ ඔළුවෙනුත් තෙත බරි වෙච්ච ඇඳුම් වලිනුත් වතුර බේරි බේරි සට සට ගගා වෙවුල වෙවුලා වාඩි වෙලා වැස්ස දිහා බලාගෙන ඉන්නවා. එහෙම බලන් ඉන්න අතරේ එක එක්කෙනාට ඇඟිල්ල දික්කර කර හිනා වෙනවා. ඇයි හිනාවෙන්නෙ කියල කවුරුවත් දන්නෙ නෑ. මහ හයියෙන් හිනා වෙනවා. වැස්ස පෙනේරයකින් පිටි හලනව වගේ සැර කර කර බාල කර කර අහසෙන් වතුර වත් කරනවා. තණකොළ වැහිලා වතුර පිරිල ඒ වතුර වැවක වගේ රැලි නටවනවා. බටේ උඩින් පැනල කොට කලිසම ඇඳන් ඉන්න ගමන්ම උඩට උණ්ඩි කරල වතුර මිරිකපු කරුණාරත්න ටී ෂර්ට් එක ඔළුවෙන් ගලෝල ඒකෙන් වතුර මිරිකලා ආපහු අඳින්නෙ නැතුව ඔළුවෙ බැඳගත්තා. අපි හැමෝම එහෙම කරා. ඊට පස්සේ එයා “අපි සින්දුවක් කියමු. මොකද්ද කියන්නේ. මේක කියමු. මාගේ පැලෙ අඳුර මකන්න… හිතෙනවා මනාලියක් ගෙනෙන්න……’ කියලා එයාම කියලා එයාම සින්දුවකුත් පටන් ගත්තා. අපි හැමෝමත් ඒක කියන්න පටන් ගත්තා. මං ටොෆි කන්න සාක්කුවේ දාගෙන ආපු රුපියලේ කාසිය සාක්කුවට අත දාලා අමාරුවෙන් හොයාගෙන ඒකෙන් අර යකඩ බටේට තල තල සින්දුව කියන්න ගත්තා. යකඩ බටේට කාසි වලින් තලන සද්දෙන් වැස්සෙ සද්දෙත් ටකරං වහපු පැවිලියන් වහලට වතුර වැටෙන සද්දෙත් හින්දා සින්දුව ඇහෙන්නෙ නෑ, ඒ පාර හැමෝම අඩි හප්ප හප්ප යටි ගිරියෙන් අහසට ඇහෙන්න තරම් හයියෙන් සින්දුව කියනවා. මාගේ පැලෙ අඳුර මකන්න හිතෙනවා

    Original price was: Rs. 1,950.00.Current price is: Rs. 1,755.00.
  • -20%
    (0)

    පිටසක්වළින් ආ අද්භූත සත්ත්වයා – Pitasakwalin Aa Adbootha Sathwaya

    ” මම තව බැටෑලියන් එකක් යැව්ව. ඒ අය කැලේ ඇවිද්දෙ නැහැ උඩින් බැහැල ඉක්මනින් ආපහු ආව. ඒ අය තමයි ඔය මිනී ටික ගෙනාවෙ. ඉන් පස්සෙ මං බුද්ධි ඒකකයෙ 10ක් යැව්වා ඔත්තු බලන්න. දක්ෂම කොල්ලො ටිකක්. ඒ අය ආපහු ආවෙත් නැහැ.”
    ” කර්නල් අපි තවත් පමා වෙන එක හොඳ නැහැ. මම
    දැන්මම පිටත් වෙන්නම්. මට දෙන්න කොල්ලො දෙතුන් දෙනෙකුයි හෙලිකොප්ටරයකුයි. ගෝත්‍රිකයෝ නෙමේ යක්කු වුණත් කුදලාගෙන එන්නම් මම. “

    Original price was: Rs. 300.00.Current price is: Rs. 240.00.
  • -20%
    (0)

    පෘථිවි – Pruthivi

    ඔවුහු තමා යක්ෂයා ලෙස හංවඩු ගැසුවෝය. ද්‍රෝහියෙකු ලෙස නම් කර පිටුවහල් කළෝය. ‘අයෙක් නොදන්නා දැනුමක් බෙදා දීම ඔහු යක්ෂයෙකු වීමට බලපායිද…’ හෙතෙම නැවතත් සිතුවේය. තමා කෙරෙන්ඈ ත් වන්නා වූ ස්වර්ගය දෙස අවසන් වරටත්
    බැලු‍වේය. ‘ද්‍රෝහි වූයේ මා ඔවුනට නොව, ඔවුන් මා
    හටය. දිනෙක එය සංසිඳෙනු ඇත. ස්වර්ගය බිඳ වැටෙනු ඇත!’
    තමාම එය සිදු කරනා වග, ඔහු තමාටම ශපථ කරගත්තේය.
    ඔහු ද්වාරය තුළ ගිලෙත්ම, ස්වර්ගය ඔහුගේ ඇස් මානයෙන්ගි ලිහිණි.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -10%
    (0)

    පෙරදිග සටන – Peradiga satana

    දස දිනක නිවාඩුවක් ලැබ ප්‍රංශයේ සිට පෙරළා පැමිණි කපිතාන් ජේම්ස් බිගර්ඩ්ස්වර්ත් පහළ රීජන්ට් වීදිය අන්තයෙහි නතර වෙමින් ” වෙලාව එකට දහයයි ” යි තමාට ම මුමුණා ගති. ” දවල් කෑම වෙලාව කිට්ටු බව මට දැනුණා ‘ ඉක්බිති හැරී විවේකී පියවරින් කැප්රිස් ආපන ශාලාව දෙසට ගමන් කළ හෙතෙම හදිසි සිතිවිල්ලක් පහළ වූ කලෙක මෙන් මොහොතකට පසු බෑවේ ය. මේ ඔහු නිල ඇඳුමින් තොර ව සිටි දිනයකි. එහෙත් ඊට හේතු වූ කරුණු කාරණා අස්වාභාවික ද නොවේ.

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.
  • -20%
    (0)

    පෝ – PO

    තානායම අවුරුද්දකට කලින් සම්පුර්ණයෙන්ම වහලා දැම්මා,”
    “කවුද සිරිමෙවන්? “
    “ඕකේ අයිතිකාරයා. ඉස්සර හින්නළුවේ හිටිය කෙරුම්
    කාරයෙක්. මිනිහගේ තමයි ඔය තානායමත්”
    ” මොනවටද මිනිහව ඇල්ලුවේ ”
    “කැලෑවේ ජාවාරම් කරනවා කියලා”
    “මොන ජාවාරම්ද?”
    “කුඩු, ඒත් ඒක නෙමේ ඇත්ත කතාව. මිනිහා කුඩු ජාවාරම් කරන්න ඇති, ඒ එක්කම ඊට වඩා ලොකු ජාවාරමක් මිනිහා කළා “
    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -10%
    (0)

    ප්‍රේමානිශංස – Premanishansa

    අවලෝකිතේශ්වර බෝසතුන්ගේ අභය මුද්‍රාවෙන් පෙනී සිටින ලෝකඩ පිළිමය පොත් රාක්කයේ ඉහළ මාලයේ අවකාශයට යම් අරුතක් පුරවමින් එහි හරි මැද වැඩ සිටී. ඒ බරැති පිළිමය යට විභූති පැකට්ටුවකි. ඒ දෙකම දෙවාරයකට ඒවා පවත්නා තැන්හි තැන්පත් කළේ මා නො වේ. ශ්‍යාමිය. ශ්‍යාම් කුමාරස්වාමිය. මවිසින් මගේ කර ගැනීම සඳහා නැවත නාම ගැන්වුණු නිරූය. අවලෝකිතේශ්වර පිළිමය කෞතුක වස්තුවකි. නිරූ මා සමඟ ජීවත්වන තාක් කල් එහි කාල වකවානු නො වීම සන්න යැයි ඈ මට සොඳුරු නියෝගයක් කළාය. එය සිය භක්තිය නම් ප්‍රාණය කැවූ තමා සතු වටිනා ම අජීවී වස්තුව යයි ඇය පැවසූ බව මගේ මතකයේ ගලේ කෙටූ ඉරක් මෙන් රැඳී පවතී. පුරා වස්තු විකුණන කඩයක විකිණෙන්නට නියමිතව වැඩ සිටි උන්වහන්සේ ශත වර්ෂාධික කාලයක් පැරණි බව නම් කිව හැකිය. ඒ වන විටත් නීතියට අනුව පුරා වස්තු රටින් පිටමං කිරීම මිස, පුරා වස්තු මිලදී ගැනීම, විකිණීම හෝ තමා සන්තකයේ තබා ගැනීම ශ්‍රී ලංකාවේ බලපවත්නා නීතියට අනුව වරදක් නොවන බව ඇයත් මමත් දැන සිටියෙමු.

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,215.00.