• -20%
    (0)

    රෝජා – ROJA

    මිනිස්සු… දුබලයන්ව ඉපදෙන්නාහ. මිනිස්සු… ජීවිතයේ යම් යම් යුගවල විවිධ හේතු කාරණාවන් නිසාවෙන් දුබලයන්ව ජීවිතය රැකගන්නාහ. නමුත්… අප කිසිවෙකුටත් දුබලයන්ව මිය යන්නට අයිතියක් නැත. අපි නැඟිටිය යුතුය! අපි හිනැහිය යුතුමය!

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -10%
    silvabookshop_lk_ rosa_pata_heenasilvabookshop_lk_ rosa_pata_heena
    (0)

    රෝස පාට හීන

    ප්රේමය නම් ප්රේමයමයි. ඒක නියම්ද? අනියම්ද? කියන දේ අදාළ නෑ. මගේ දැක්ම අනුව මෙහෙම ප්රේමෙක පැටලෙන වුන් පව්. ඒකට හේතුව තමයි, හොයන දේ නොලැබීම, සතුට තාවකාලික බව දැන දැනත් දුක දෝතින් තුරුලු කර ගැනීම, ආදර රසයට ඇති වුණ කෑදරකම. ඒ නිසා ඒ අය පැටලෙනව මේ පඹ ගාලෙ. මෙහෙම දාර්ශනික වදන් දෙන අපිත් මේ ආදරයේ වින්දිතයො වෙන්න පුළුවන් කියල අමතක කරන්නත් හොඳ නෑ. ආදරය ඒ තරම්ම භයානකයි. ඒක කොතන, කොහොම, කා සමග ඇති වෙනවාද කියල කල් තියා සැලසුම් කරන්න බැ..

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.
  • -10%
    (0)

    රෝස මාලිගාවේ මනුසත්තු

    යළිත් වරක් සාමා වෙතින් ලබන්නා වූ විරහ වේදනාව සමනය කරන්නට කාලයට ඉඩ දෙන්නට නො හැකි ය. ජීවිතය කිසි දිනක දෙවන අවස්ථාවක් ලබා නො දෙයි. ජිවත්වනට ඇත්තේ තවත් කෙටි කාලයක් විය හැකි ය. ඒ කෙටි කාලයේ සාමා ලබා ගනිමින් ජීවත් වන්නේ ද , එසේත් නැතිනම් පෙර පරිදි ජීවිතයට අයාලේ යන්නට ඉඩ දෙන්නේදැයි තීරණය කිරීමේ බැරෑරුම් අවස්ථාව දැන් පැමිණ ඇති බව නිහාල් තේරුම් ගත්තේ ය. වසර ගණනාවකට පෙර තමා ව මුලා කළ ගැහැනිය නො දැක පැරීසියෙන් පිටත ගියා නම් මේ ව්යාධිය සිතට දැනෙන්නේ නැත. දැන් යළිත් ඇගෙන්, ඇගේ පරිසරයෙන් ගැලවෙන්නට නො හැකි ය. මේ වාරයේ කෙසේ හෝ සාමා ව අත්කර ගන්නෙමියි ඔහු සිතුවේ ය. ඇගෙන් පළිගැනීම ඉන් පසුව කළ හැකි ය.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 990.00.
  • -20%
    (0)

    ලක්ෂි – Lakshi

    මේ පිපෙන අලුත් සේපාලිකා මල් වගේම
    පරවුණ සේපාලිකාවන් සාක්ෂි දරයි
    මගේ මේ ආදරය…
    සමහර සේපාලිකා මල් කියනවා මට ඇහෙනවා
    ලක්ෂි මඳ හිනාවක් මවමින් මෙන්න මෙහෙම,
    “ඔයාගේ ආදරේ එයාට මේ අපි වගේ කියලා”
    මහා රෑ පිපිලා
    මහා පාන්දරම කඩා හැලෙනවා වගේලු
    මං මතක් කරා ලක්ෂි
    කඩා හැලෙන සේපාලිකා මල්
    කඩා හැලුණු පළියට පර වුණේ නෑ කියා…
    හරියට මගේ ආදරේ වගේ
    ඔයා ළඟ ප්‍රතික්ෂේප වීම් කොතරම් වුණත්
    ඒ ආදරේ කඩා හැලුනත් පර වී නෑ…

    මං ඔයාට අසීමාන්තිකව ආදරෙයි ආදරියේ…

    – වරුන් –

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -10%
    (0)

    ලන්තැරුම් එළිය – Lantherum Eliya

    වෙනදා හැමදාමත් විනාඩි පහෙන් ගෙදරට යන පාර අද කොච්චර දුර ද ? මහ පාර ළඟ ඉඳන් ගෙදරට කොච්චර වේගයෙන් දිව්වත් තව ගේ ළඟට ආවේ නෑ. දැන් නම් මට හොඳට ම හනි කෙළ ගිලගනත් බැරි තරමට ම. ” සයිමන් අයියගේ දුව නේද අර යන්නෙ?” ඩිංගිරි මා මගේ මිදුලට වෙලා කමලා නැන්දයි, සුමනා නැන්දයි කතා වෙනවා මට ඇහෙනවා. හැමදාමත් ගමේ කවුරු මුණට මුලිච්චි වුණත් හිනාවෙලා කතා කරන මං, අද නැවතීමක් නැතිව ම ගෙදරට දුවන්නේ මගේ සතුට අම්මට කියන තෙක් ඉවසිල්ලක් නැති නිසාවෙනි. ” පුතේ ඔයා මේ පාර විභාගේ ලිව්වා නේද?” ” කොහොමද ළමයෝ ප්‍රතිඵල ?” ” මම පාස් නැන්දේ.”

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.
  • -20%
    (0)

    ලුනා – Luna

    ගොඩක් අය කියන කතාවක් තමයි සෙක්ස් තියෙන්නෙ කරන්න’ මිස කතා කරන්න ‘ නෙමෙයි කියල. ඒත් මං වැඩියෙන් කැමති සෙක්ස් ගැන කතා කරන්න, ලියන්න, ඒ වටේ නටන්න. සෙක්ස් කියන්නෙ කරන්න’ තියෙන දේකට වඩා විඳින්න, දකින්න. කියවන්න. පරිකල්පනය කරන්න තියෙන දෙයක් විදිහටයි මං හිතන්නෙ. ඉතින් ඉරොතික පොතක් ලියනවා කියන්නෙම මට රමණයක් හා සමාන අත්දැකීමක්. තනියම ලියනවටත් වඩා තව කෙනෙක් එක්ක ශෘංගාර පරිච්ඡේද ලිවීම කියන්නෙ ස්වර්ගමය ආස්වාදයක්. අපි එකිනෙකාගේ හැඟීම්, ආශාවන්, කියන නොකියන කතාවන් ඇතුළෙන් කාලය හරහා ඉරොතික වියමනක් කරනවා. ඒක භාෂාවේ, සාහිත්‍යයේ හෝ ව්‍යාකරණයේ අභ්‍යාසයකට වඩා අපේ ජීවිත ඇතුළෙන් කැණීම් කරමින්, අපේ ආශාවන්, විපරීතයන් සොයා ගෙන යමින්, ඒවා එකිනෙකා සමග බෙදාගනිමින් කරන තාන්ත්‍රික ගවේෂණයක්. හොඳ, නරක සංස්කරණයන් වාරණයන් ඉක්මවා අපිට කොයි තරම් අපිව විනිශ්චයකින් තොරව බාරගන්න පුළුවන්ද කියන එක ගැන ආදරණීය අත්දැකීමක්. unapologetic කියන වචනෙ ජිවිතය සම්බන්දයෙන් යොදන්න මං ගොඩක් කැමති වචනයක්. විශේෂයෙන්ම ගැහැනියක් තමන්ගේ ජීවිතය දිහා අන්ඇපොලොජටික් විදිහට බලනවා කියන්නෙ මට ඒක ශුද්ධ වූ වායාමයක්. තමන්ගේ ජීවිතය, තමන්ගේ ආශාව වරදකාරිත්වයකින් හෝ පශ්චාත්තාපයකින් තොරව ආඩම්බරෙන් වැලඳ ගැනීම. ලංකාවේ ගැහැනු එහෙම පොත් ලියන්නෙම නැති තරම්. ඒ අය පිටත සිටින පිරිමියාගෙන් තමන්ගේ සිතීමට සීමා පනවා ගන්නවා. තමන්ගේ සුවිසල් වනාන්තර ආත්මය ක්ෂුද්‍ර කරගන්නවා. ඒ වෙනුවට සැබෑ ආත්මයේ සළු පිළි උනා දමමින් පිරුවත්ව වැළඳ ගැනීමට වචන අතර ඉඩදෙන ගැහැනුකම කියන්නෙ නිවර භාවයක්. ලූනා, එහෙම වියමනක්. ගැහැනු සිතක

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,280.00.
  • -10%
    (0)

    ලෝවීනා – loveena

    “මට උඹ ගැන කැක්කුමක් නැත්නම් තවත් වදවෙන් නැතුව උඹ කැමැති මිනිහෙක් එක්ක පලයං ….
    තම නැන්දම්මාගේ මුණ දිහා එක දිගට ටික වේලාවක් බලා සිටි කිරි අන්තිමට ඇයට කීවේ තව කල්පයක් කල් ගෙවුණත් සසිරා හැර වෙන කිසිම මිනිහෙකු සමඟ තමා නිදාගන්නට යන්නේ නැති බවය.
    කන්යාවියක් විදිහට මැරුණත් මං එයත් එක්කම ඉන්නවා…. මේ විදිහට ඇගේ කන්යා භාවයට කිසි හානියක් නොවී තවත් වසර කීපයක් ගත වුණේය. හිටි අඩියේ ඇය අසනීප වුණේ ඔය අතරය. සැබැවින්ම එය අරුම පුදුම අසනීපයක් විය.

    Original price was: Rs. 1,650.00.Current price is: Rs. 1,485.00.
  • -20%
    (0)

    වසන්තය නුඹම විය – Wasanthaya Nubama Viya

    බෙහෙත් දාගෙන ඇවිත් යෂ් ආයෙම කමිසෙ මගේ අතින් අරගෙන ඇඳගත්තේ මගේ දිහා අර අමුතු බැල්මෙන් බලාගෙනමයි. ඒ මොන දේ දරාගෙන හිටියත් මට දරාගෙන ඉත්තම බැරි වුණේ ඩොක්ටර් අතට සිරිංජර් එක ගන්නකොටයි. “සර්, මම එළියට යන්නද?” පුත්තලම් බුරුවො දෙන්නෙක්ගෙ වයසට ළං වෙලා හිටියත් එන්නත් වලට තියෙන බය නැති කරගන්න අදටත් මට බෑ. පොඩ්ඩක් එක තැනක ඉන්න බැරිද, ආ…? ඩොක්ටර් ඉන්නවා කියලා බලන්නෙත් නැතුව යෂ් ඒ පාර බණිනවා. “එහෙනම් සර් මම සර්ගේ අතින් අල්ලගන්නද?” මම ඇහුවෙ හිමින්, එන්නත් කටුව දකිද්දි මම මොන සෙල්ලමක් නටයිද කියලා මමම දන්නෙ නෑ. මිස්, බය වෙන්න එපා. මම එයාට රිදෙන්න විදින්නෙ නෑ”. ඒ පාර ඩොක්ටර් සමයං කියවනවා. ඒත් ඉතින් කටක් ඇරලා කියන්නෙ කොහොමද මගේ ඇත්ත තත්වේ.. ඒ වුණාට මට ඩොක්ටර්ව ෂුවර් නෑ මම සර්ව අල්ල ගන්නම්. තැනට සුදුසු විදියට වචනයක් දෙකක් එහෙන් මෙහෙන් දාලා අවසරේ ලැබෙන්නත් කලින්ම මම යෂ්ගෙ අතක එල්ලුණා. ඩොක්ටර් හිනාවෙලා එන්නත අතට ගත්තා නොබලනවාම කියලා හිතාගෙන හිටියත් මගේ ඇස් කෙළින්ම එල්ල වෙලා තිබ්බේ එන්නත දිහාවට බයටද මන්දා මාව ගැහෙනවත් එක්ක. ඒ කටුව ටිකින් ටික යෂ්ගෙ අත සිදුරු කරගෙන ඇතුළට යද්දි මගේ ඇඟම හිරිවැටෙන්න ගන්නා ඊටත් ටික වෙලාවකට පස්සෙ මුළු ලෝකම අඳුරු වෙලා පේන්නෙ නැතුවම ගියා.

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,440.00.
  • -20%
    (0)

    වස්සාන සිහිනය

    ප්‍රේමයේ නිදහස හෙවත්

    ස්වයංවරයට එරෙහි ව

    පවතින ආර්ථික කොන්දේසි

    ප්‍රශ්න කිරීමක් මෙන් ම

    ප්‍රේමයෙන් ආතුරවීම උදෙසා

    මිනිසා තුළ වන

    මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද

    ‘වස්සාන සිහිනය’ තුළ දැකිය හැකි ය.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    වාපි – Wapi

    මිනින්දෝරුවා හෙවත් රිචඩ් කුඩාරමේ එල්ලා තිබෙන ලන්තැරුමෙන් එහා සිට කඩා වදින්නට දඟලන අන්ධකාරයට දැස් දල්වා සිටී. කුඩාරමට වම් පසින් අඟුරු බැස ඇති ගිනිමැලයට දර කොටත් ළං කරමින් ගිනි බෝ කරන්නට කිරාල රෑ පුරා කරන සටන ඔහුට මැනවින් හුරුය. අඟුරු ගොඩ ඉහළින් එල්ලා ඇති දුම්බැඳි කළු ගැසුණු කේතලයේ හූ හඬට කන්දීගෙන කිරාල සිටින්නේ අඳුර දෙස බලාගත් වන මය. මිනුම් සටහන් තැබීමටත්, තම අගනා වාරිමාර්ග වාර්තා ලේඛනගත කිරීමටත් පාවිච්චි කරන අකුළා තැනින් තැන ගෙන යා හැකි කුඩා මේසය මත දෙපා විහිදුවමින් අකුළන පුටුවේ හාන්සි වී පයිප්පය උරන රිචඩ්ට දහවල් දවස පුරා ලයින් කැපීමටත්, තියඩෝලයිට්ටුව ඇතුළු මිනුම් උපකරණ ඔසවා ගෙන සැතපුම් ගණනාවක් දුර පා ගාටමින් හෙම්බත් වූ කම්කරුවන් නින්දෙන් කෙඳිරිගාන හඬ ඇසෙයි. මින්නේරි වැව් හිසින් මෝදු වී එන ළා හඳ යාන්තම් ලපයක් ලෙස අහසේ වැහි බිත්තර අතරින් වරින් වර මතු වෙයි. බිම එළාගත් ගෝනි පඩංගුව මත වකුටු වී කෙඳිරිගාන මිනින්දෝරු පාටියේ කෙසඟ මිනිසුන් දකින රිචඩ්ට අවරදිගුවන් විස්ම පත් කළ මහ සයුරුවන් මහ වාපින් ඉදිකළ විස්මිත වාරි රහස් සඟවා ගෙන මේ පොළොව තුළ සැඟවුණු යෝධ මිනිස් කැලකගේ වත්මන් ජාන සම්පත මේ දැයි මහත් කුතුහලයක් ඇති වෙයි.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 640.00.
  • -21%
    (0)

    වැලි කතරේ සංග්‍රාමය – Weli kathare sangramaya

    අහස පුරා විසිරුණු තාරකාවල දීප්තිය ක්‍රමයෙන් මැකී ගොස්, නැගෙනහිරින් විහිදෙන්ට වූ නව දිනයක අරුණැල්ලෙන් පුළුල් වැලි කතර නැහැවෙන්ට විය. නොබෝ වේලාවකින් පෙරදිග ආකාශය ලා රත් පැහැයටත් ඉනික්බිති රන් පැහැයටත් හැරුණේ ය. ඈතට විහිදුණු වැලි කඳුත්, මෑතින් පිහිටි කුඩා ක්ෂේම භූමියත් හැරුණු කොට අන් කිසිත් පෙනෙන්ට නොවී ය. පරිසරය වසාගත් ගුප්ත නිහැඩියාව බිඳළමින් අහස් යාත්‍රාවක හඬ ඈතින් ඇසෙන්නට වී නොබෝ වේලාවකින් ඉංග්‍රීසි V අකුරේ හැඩයට ගමන් ගන්නා ස්පිට්හයිර් ගුවන් යානා සයක් ඊසාන දිග ක්ෂිතිජයෙන් මතු වූයේය. පෙරටුව පැමිණි යානයේ නියමු කුටියෙහි හිඳ සිටි * ප්‍රබල තුවක්කු යුගලයකින් සමන්විත බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් සටන් යානයකි. දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී භාවිතා කරන ලදී.

    Original price was: Rs. 560.00.Current price is: Rs. 444.00.
  • -10%
    (0)

    වැහි පීල්ලක අතරමංව – Vehi Pillaka Ataramanwa

    අපි හිටියෙ තෙල් පෝලිමක.
    බයිසිකලේ පෝලිමේ නතර කරලා, මං හිටියෙ තාප්ප හෙවණැලි මුවාවක. බයිසිකල් පෝලිමේ අපිට ඉස්සරහින් බයිසිකලයක් සක්ක ගහන්න ආපු කලිසම් ඇඳ ගත්තු මහත්තයෙක් හූ හඬ මැද්දෙම බයිසිකලේ තල්ලු කරගෙන පිටිපස්සට ගියා. මිනිහ පිට ගමක කෙනෙක්. මේ ගමේම කෙනෙක් උනා නම් කුණුහරුප දෙකක් කියලා කොහොම හරි පෝලිමේ ඉස්සරහට බයිසිකලේ රිංගව ගන්නවා.
    ඒ වෙද්දි වෙලාව හවස දෙක විතර වෙන්න ඇති. ඉර බැහැගෙන යන්න පටන් අරගෙන තිබුණත් ගිනි කාෂ්ඨක අව්ව. පාරෙ තාරත් උණු වෙනවද මන්දා. ඒ අස්සෙ නැගෙනහිර අහසින් වැහි වලාකුළුත් අහසෙ මෝදු වෙන්න පටන් අරන්.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.
  • -10%
    (0)

    විලම්බීත – vilambeetha

    ” තිලක උඹ කැමති ද ඉංගිරිසි විද්‍යාලයකට යන්ව? අප්පච්චි මේ ප්‍රශ්නය මතු කළේ රෑ කෑමෙන් පසු පවුලේ සියල්ලන් ම ඉස්තෝප්පුවේ පැදුරු එළාගෙන වාඩි වී බුලත් සපමින් සිටින විටය. එදා කන්ද කපා හඳ පායා තිබුණි. කජු වැටට එහා වෙල්යායට හඳ එළිය වැටිලා හරියට දවල් වගෙයි. මඳ සුළගින් පිච්ච සුවඳ ගේ පුරා ” අනේ ඔව් කියන්ට මල්ලි ” අනුලක්කා නිශ්ශබ්දය බින්දාය. ” මට මොකට ද ඉංගිරිසි විද්‍යාල ? ” ” මදැ පෙරුම් පුරලා ඇහුවා !” අම්මා කට කොනකින් සිනාසුණාය. ” අනේ මල්ලී කොච්චර හොඳ ද ලොකු විද්‍යාලයක ඉගෙන ගන්න එක! ඒ කීවෙත් අනුලක්කාය. ” එතකොට අයියා කලිසං සපත්තු ඇඳලා ඉඳි මහත්තයා වගේ ” සෝමා නංගි කීවාය. ” ආය කලිසං සපත්තු!” ” එව්වා නැතුව පුළුවනැ ඉංගිරිසි විද්‍යාලයකට යන්ට! ‘ අප්පච්චි කීවේය. ” අප්පච්චි ඉතිං එව්වා මට ඇන්න දෙනවද?” “එහෙනම් මොකද? ”

    Original price was: Rs. 800.00.Current price is: Rs. 720.00.
  • -20%
    (0)

    විෂ් – Wish

    මූසල මීදුම මුළු පරිසරයම වෙළාගෙන තිබුණි. සුදු හා කළු වස්ත්ර හැඳගත් ගැහැනු හා පිරිමි මීදුම් කළුවර අතරින් සුවිසල් මැඳුරින් පිටතට පියමං කළේ දේහය රැගත් වාහනය පිටුපසිනි. මීදුම මැදින් ගලනා සීතල සුළං ධාරාව කියා පෑවේ සොඳුරු යෞවනයකුගේ වියෝව පරිසරයටද දරාගත නොහැකි බවය. වසර ගණනාවක් පුරා සිදු වූ සියලු හැලහැප්පීම් හා රහස් දරාගෙන සුවිසල් මන්දිරයටද නිසලව බලා සිටිනවා හැර කරන්නට වෙනත් යමක් නොතිබුණි. ඒ සුවිසල් මැඳුරේ බිත්තිවලට කතා කළ හැකි නම්, මෙතෙක් කාලයක් පුරාවට වූ මහා ඛේදවාචක නොබියව ලොවට පවසනු ඇත. එහෙත් ඒ වන විට සියල්ල සිදු වී හමාරය

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
  • -10%
    (0)

    විස්කම් යතුරු සහ අකුණු කන්ද – Viskam yathuru saha akunu kanda

    සමුද්‍ර දේශයෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් සමුගැනීමේදී සියුම් සංවේගයක් සිතට පාවී ආවද කලකට පසු දෙමව්පියන් සහ සොයුරිය හමුවීමේ සතුට තමාව වෙළාගෙන ඇතැයි සඳරුට සිතිණ. එදින උදෑසනම සිය නිවස කරා පැමිණි සඳරු මව්පියන්ගේ සහ සොයුරියගේ නිම නොවන ප්‍රශ්නාවලියට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටියේය. එහෙයින් සමුද්‍ර දේශයේ ගත කළ අවසන් දින සැඳෑව ඔහු ගත කළේ අද දිනයේ ඔහු ඉදිරියේ දිග හැරෙන ඕස්ට්‍රේලියාව පිළිබඳව සැකසුණු ප්‍රශ්න පත්තරයට දක්ෂ ලෙස පිළිතුරු සැපයීමට හැකි වන සේ සාක්ෂි එක්රැස් කරමිනි. සිධාර්තා සහ තේජන විසින් ගෙනෙන ලද ඕස්ට්‍රේලියානු තෑගි බෝග රාශියක් ඔහුගේ ගමන් මල්ලෙහි වූයේය. එමෙන්ම පරිගණක භාවිතයෙහි විශිෂ්ටතමයා වූ තරු ප්‍රභාගේ උපකාරයෙන් තමාගේ සහ අනෙකුත් මිතුරු මිතුරියන්ගේ ඡායාරූප, ඕස්ට්‍රේලියාවේ ඡායාරූප හා එකතු කර නිර්මාණය කරන ලද අලුත්ම ඡායාරූප පිරි කවරයක්ද ඔහු සතු විය. ඕස්ට්‍රේලියාව පිළිබඳ සොයාගත් තොරතුරු මෙතෙහි කරමින් ඔහු තම නැගණිය වූ සදෙනි සමඟ පිළිසඳර ආරම්භ කළේ ඡායාරූප සහිත කවරය ඇය අත තබන ගමන්ය. ඇය ඒවා එකිනෙක නරඹන අතරතුර පළමු පැනය සඳරු වෙත ඉදිරිපත් කළාය.

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,125.00.
  • -20%
    (0)

    ශ්වේත කළුවර – Shewatha kaluwara

    සරු..නැගිටින්න සරු … මට මෙහෙම කරන්න ඔයාට බෑ.

    දෙයියන්ගෙ නාමෙන් නැගිටින්න, සරු – සරු…

    නිදි යහනේ උඩුබැලි අතට හැරී සිටින සරෝජ් දෙනෙත් පියාගෙනම හඬ තළයි. ඔහුගේ නළල රැලි වී දෙපස තැනින් තැන ඩා බිඳු මතු වී ඇත. දෑත් දෙපා දරදඬු තරගනිමින් ඔහු කෑගසන්නේ උගුරෙනි. කෙතරම් කෑගැසුවද තම හඬ පිටතට නොයන බවක් සරෝජ හට දැනේ. මුව ගොළු වී ඇති සෙයති. හඬද දුර්වලය. මුවින් හඬක් පිට නොවන වග දැනගත් හේ වඩාත් හඬ නගා කෑගසන්නට උත්සාහ කළේය. සුදු පැහැති රෝහල් ඇඳ මත උඩුබැලිව නිදා සිටියේ ඔහු මුළු හදින්ම පෙම් කළ තරුණියයි. ඇගේ ගෙල පාමුල හරහට වූ කැපුම් තුවාලයකි. ඒ දෙනෙත් තදින් පියවී ඇති අතර ගෙල මුල වූ තුවාලයෙන් ගලා ආ රුධිරයෙන් කොට්ටය තෙතබරිත කරවා ඇත. සරෝජ් ඇය වැලඳ ගත්තේ ඇගේ සිරුර තම පුළුල් ළයට තදින් තෙරපා ගනිමිනි. නමුදු ඕදැය් නොහැරියාය.

    Original price was: Rs. 990.00.Current price is: Rs. 792.00.