-
(0)
උමතු හස්තය – Umatu Hastaya
ගුවන් අනතුරකින් තුවාල ලබන ජෙරී බර්ටන් සිය නැගණිය සමග ලිස්ටොක් ගම්මානයට පැමිණෙන්නේ ලන්ඩන් නුවර කලබලකාරී බවින් මිදී සාමකාමී පරිසරයක මාස කිහිපයක් විවේකීව ගත කිරීමේ අරමුණෙනි. එහෙත් ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ අනපේක්ෂිත සිදුවීම් මාලාවකට ය. අතිශයින් අප්‍රසන්න නිර්නාමික ලිපි මාලාවක් නිසා ලිස්ටොක් වැසියන්ගේ ජීවිත උඩු යටිකුරු වේ. එහෙත් එය ආරම්භය පමණි. අදිසි හස්තය ජීවිත බිලි ගැනීම අරඹයි.
Rs. 900.00Rs. 810.00 -
(0)By : C.S. Lewis
සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය ( NARNIA)
මහාචාර්යතුමකුගේ පැරැණි නිවෙසක ඇඳුම් අල්මාරියක් විවෘත කරන ලූසි පිවෙන්සි අරුම පුදුම දේශයකට අහම්බෙන් පිය තබයි. එය වනාහි සදාතන සීත ඍතුවක් රඩ කරන සැමදාට ම හිමෙන් වැසී ගිය දේශයකි –
බලගතු මායාකාරියකගේ අණසකට යටපත් වුණු දේශයකි –
සුරංගනා කතාවලත් පුරාවෘත්තවලත් පමණක් සඳහන් වන විස්මය ජනක සත්ත්වයන් ජීවත් වන, මායාවෙන් හා ඉන්ද්රජාලවලින් පිරුණු දේශයකි.
එය හඳුන්වනු ලබනුයේ නානියාව යනුවෙනි.
එහි වසන සැමගේ ම බලාපොරොත්තුව ඇස්ලන් නමැති සිංහ රාජයා පැමිණ දුෂ්ට මායාකාරිය පරදවා, සදාතන සීත ඍතුවෙන් තම දේශය ගළවා ගනු ලබනු දැකීම ය. එහෙත් එය සිදුවීමට මෙ ලොවින් ළමයින් සිවු දෙනකු නානියාවට පය තැබිය යුතු ම ය!
ලෝකයේ මෙතෙක් ලියැවී ඇති විශිෂ්ටතම ළමා කෘතින් අතරින් ඉදිරියෙන් ම තිබෙන්නක් ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ‘සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය’ පොව කොතැනක ජීවත් වුව ද, කවර බසක් කතා කළ ද, ළමයින් හැමට ම කියවා රසවිඳිය හැකි නිර්මාණයකි
Rs. 1,050.00Rs. 840.00 -
(0)By : Robin Sherma’s
පියෙන් පියවර නැගෙන් මුදුනට
සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමට, ජීවිතයේ සතුට විනෝදය උදාකර ගැනීමට, දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව මුහුණදීමට මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුබලය ඉමහත්ය.මේ The Grnanois Guide (සිංහල පර්වර්තනය; නොගත් ගිරි හිස හෙතින් ඉවතටෝ පොතේ දෙවන පියවරයි, රොන් ෂර්මා වේහිදීත් සිය අපූර්ව අන්තඥානයන් හා ලොව විශිෂ්ටත්වයට, සාර්ථකත්වයට පත්කරලීමේ ක්‍රමවේදයන් ඔබ හා බෙදා හදා ගනියි. ජීවිතය ජය ගැනීමට, එය සාර්ථක කරගැනීමට මේ සිතුවිලි සහ උපක්‍රම ඔබට බොහෙවින් උපකාරී වනු ඇත. . වැඩ කිරීමේදී සහ පුද්ගලික දිවියේදී ලෝක මට්ටමට ළඟා වීමට
* මන බඳනා සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමේ හොඳම මග හදා ගැනීමට අසාමාන්යයකුවීමට අවැසි ආවේගය, ආශාව, උද්යෝගය මතුකර ගැනීමට
* දිවියේ සතුට සොයා යාමට හා වඩාත් විනෝදකාමීව ජීවිතය ගෙවීමට
* ජීවිතයේ දුෂ්කර අවස්ථාවන්ට දිර්මත්ව සහ නිහතමානීව මුහුණ දීමට
* ඔබේ පුද්ගලික දිවිය මෙන්ම වෘත්තියමය දිව්‍ය වඩාත් සරල කර ගැනීමට
මෙයින් ඔබට අසාමාන්‍ය උපදෙස් රැසක් ලැබෙනු ඇති, එළඹී ඇත්තේ ඖධී වාරයයි. ඉහළ මිනිස් දිවියක් නිමිකර ගැනීමට ඔබටත් පුළුවන්, අවැසි වන්නේ එයට නිසි මඟ පෙන්වීමක් සහ
නොසිඳෙන දිරියයි. වේ. එය ලබාදෙන, එය මතුකරලන පිළිණයක්Rs. 1,100.00Rs. 880.00 -
(0)By : James Niranjan-
දකින්න වෙනස්ව ජීවිතය – Atomic Habits
ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩනැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වන ජේම්ස් ක්ලියර් විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී.
ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.
Rs. 1,000.00Rs. 900.00 -
(0)
“අරණකට පෙම් බැඳ”
මුකුත් නෑ. මේ මල් ඇට වගයක්.
මම පුදුමයට පත්වීමි. මොහු හිටවන්නේ කුමන මල් ඇට වර්ගයක්ද?Rs. 1,200.00Rs. 960.00 -
(0)By : Jean Sasson
මයාඩා
1979 දී ඉරාකයේ බලයට පත් සදාම් හුසේන් මුල් වකවානුවේ දී ජනතා හිතවාදීව කටයුතු කළ ද, වැඩි කලක් යාමට පෙර සිය ඒකාධිපති පොලිස් හමුදා රාජ්‍යය ගොඩනැංවීමට කටයුතු කළේය.ඔහුට විරුද්ධ වී යැයි ඉතා සුළු හෝ සැකයක් යමෙකු කෙරෙහි ඇති වූයේ නම් ඔහුට හෝ ඇයට සිදුවූයේ සදාම්ගේ සිපිරි ගෙවල්වල පිහිටි වධකාගාරවල දී අප්‍රමාණ වධ බන්ධනවලට ලක්වී මියයාමටයි.මේ සත්‍ය කතාව කලක් සදාම්ගෙන් සම්මාන පවා ලබා, ඔහුගේ හිත දිනා සිටි ඉරාකයේ සම්මානනීය පවුලකට අයත්, මයාඩා අල් අස්තාර් නම් මාධ්‍යවේදිනිය සදාම්ගේ වධකාගාරයක ගතකළ ශෝචනීය කාල පරිච්ඡේදය පිළිබඳවයි. එහිදී ඇයට හා අනෙක්සිරකාරියන්ට නොකළ වරදවල් සඳහා විඳින්නට සිදු වූ අනේක වධබන්ධන හා ඔවුන්ගේ අහිංසක පසුබිම් කතන්දරය මෙයින් විස්තර කෙරේRs. 1,200.00Rs. 960.00 -
(0)By : jackie collins
මූ නං මහ….
සංගීතෙ…!
සුරාව…! සූදුව !!
පිරිමි… නිකම්ම පිරිමි නෙමෙයි,
ජවය උතුරන පිරිමි…!
නැටුම්…!
ගැයුම්…!
වැයුම්…! ඇයි රති කෙළි?
තරු හතේ හෝටල්…
සමාජ ශාලා…
දිව්‍යලෝකෙ වගේ…!
දෙවිවරු… දිව්‍යාංගනාවො වගේ!!
ඒත් ඉතින්,
පරසතු මලුත් පරවෙන්න පුළුවන්නෙ!
ඊට කලින්
රිංගලා බලමුද
ඒ ලෝකෙට ?
(“මූ” ගන්නවනං, “මේකි” ත් ගත්තොත් තමා සම්පූර්ණ!)
Rs. 1,200.00Rs. 960.00 -
(0)By : C.S. Lewis
කැස්පියන් කුමාරයා (NARNIA)
පිවෙන්සි සොයුරු සොයුරියෝ ඉපැරැණි ඉන්ද්‍රජාල භාණ්ඩයක මායා බලයෙන් යළිත් වරක් නානියා දේශය කරා පැමිණෙති. එහෙත් මෙහි දී ඔවුන්ට දැන ගැනීමට ලැබෙන්නේ, තව දුරටත් එය ඔවුන් දැන සිටි නානියා දේශය නො වන බව ය. දැන් නානියාව පාලනය කරනුයේ ටෙල්මර් නමැති දුර ඈත දේශයකින් පැමිණි දුෂ්ට මනුෂ්‍ය පිරිසකි. තමන් ආදරය කළ නානියා දේශය එහි පෙර පැවති ශ්‍රීවිභූතිය වෙත යළි එසැවීමට පිවෙන්සිලා කැස්පියන් නමැති ටෙල්මර් කුමාරයාට නානියාවේ සිහසුනෙහි හිඳ ගැනීමට උපකාර කළ යුතු ය!
සී. එස්. ලුවිස් නමැති අග්‍රගණ්‍ය ඉංග්‍රීසි ලේඛකයාගේ නානියා වංශ කතා මාලාවේ දෙ වැන්න වන ‘කැස්පියන් කුමාරයා’ ලෝක සාහිත්‍යයේ ෆැන්ටසි ශානරයට අයත් ළමා ප්‍රබන්ධ නිර්මාණ අතර ඉදිරියෙන් ම තිබෙන්නකි. පසු කාලයක දී සිනමාවට ද නැඟී තව තවත් ජනප්‍රියත්වයට පත් මේ රසවත් නව ප්‍රබන්ධය, ලොව පුරා දරු දැරියන්ගේ මෙන් ම වැඩිහිටි පාඨකයන්ගේ ද ආදරය නොමඳ ව දිනා ගත්තකි.
Rs. 1,200.00Rs. 960.00 -
(0)
සැඟවුණු උයන – Sangauna Uyana
ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති අවධියේ
එහි සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික යුවළකට දාව උපන් මේරි
ලෙනොක්ස් දැරීය ළපටි වියේදීම මෙලොව තනිවෙයි.
යෝක්ෂර් හි වෙසෙන ධනවත් ඥාතිවරයකු වෙත යවන
ලද මේරි ඔහුට අයත් අති විශාල ගෘහයෙහි ද, කෙළවරක්
නොදැකිය හැකි වතුපිටිවල ද නිතර සැරිසැරීමට පුරුදුව
සිටියාය. දිනෙක අහම්බෙන් මෙන් සියල්ලන්ගේම
මතකයෙන් ගිලිහී, සැඟව තිබූ උයනක් ඇයට හමුවෙයි. ඒ
වනතුරුම කිසිවෙකු හෝ කිසිවක් ගැන තැකීමක් නොකළ
දඩබ්බර චරිතයක් වූ මේරි මේ රහස් උයන කෙරෙහි
ඇල්ම උපදවා එය යථා තත්ත්වයට පැමිණවීමට දැඩි සේ
වෙහෙසෙයි. රහස් උයන මල් ඵල දරා වැඩෙත්ම ඇයගේ
චරිතය ද පරිවර්තනයකට ලක්වෙයි.Rs. 1,200.00Rs. 960.00 -
(0)By : ISAAC ASIMOV
නිරුවත් හිරුමඩල – NIRUWAT HIRUMADALA
එලිජා බේලි එකළ පෘථිවි පොලිසියේ සේවය කළ පොලිස් නිළධාරියෙකි. එක් දිනක් සොලේරියාව නම් අති දියුණු පිටසක්වළ ලෝකයේ සිදු වූ මි$නිමැ%රුමක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා බේලි ට කැඳවීමක් ලැබේ. ඝා#තනයට ලක්ව තිබුණේ සොලේරියාවේ විසූ අති දක්ෂ උපත් ඉංජිනේරුවරයෙකු වන රිකේන් ඩැල්මරී ය. ආලෝක වර්ෂ මිලියන ගණනක් දුර සොලේරියාව බලා යන බේලි ට ඩැනීල් ඔලිවව් නම් මානව රූප රොබෝවරයා ද ඝාත@ නයට ලක්වූ රිකේන් ඩැල්මරී ගේ වැන්දඹු බිරිද වන ග්ලැඩියා ඩැල්මරී නම් පිටසක්වළ රූමතිය ද හමුවෙයි. සොලේරියාවේදි සිදුවන්නේ කුමක්ද ? රිකේන් ඩැල්මරි ගේ ඝාත*කයා සොයාගැනීමට බේලි ට හැකිවෙයිද ?
Rs. 1,200.00Rs. 960.00 -
(0)By : H Rider Haggard
සොලමන් රජුගේ දියමන්ති ආකරය – Solaman Rajuge Diyamanthi Akara
” මං ජිමට කතා කරලා, ජිම්, මේ පාර කොහෙද යන්නෙ? ඇත් දඩයමේද?’ කියල ඇහුවා.
“” නෑ බොස්, ඇත් දත් වලට වැඩිය විටිනා දෙයක් හොයා ගෙනයි අපි යන්නේ, කියලා ජිමි කීවා.
”’ ඒ මොනවද? කියලා මං ඇහුවා. මට ඇති වුණු කුතුහලය හැටියට රත්රන්ද ? ” කියල මං ඇහුවා.
” නෑ බොස්, රත්තරන් වලට වැඩිය වටිනා දෙයක් ! ” කියලා මිනිහා නියවාගෙන හිටියා.Rs. 1,100.00Rs. 990.00 -
(0)By : Cathi Glass
බිඳුණු බිලින්දා
ඔබ විශ්වාස කරන්න. අකැමැති වුවත් විශ්වාස කරන්න. ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද කුඩා දැරියකගේ හද කම්පා කරවන අනුවේදනීය අමිහිරි සත්‍ය කතාවයි මේ.මේ ඇගේ කතාවයි. අට හැවිරිදි ජෝඩි බ්‍රවුන්ගේ කතාවයි.Rs. 1,350.00Rs. 1,080.00 -
(0)
නැතිවුණු කුමාරයා
මාර්කෝ ලොරිස්ටන් වයස අවුරුදු දහයක පමණ කොලූග ැටයෙකි. මව නොමැති ඔහුට පියා හා ලාසරස් සමග විවිධ රටවල සංචාරය කරන්නට සිදුවේ. ඒ, එක්තරා රහසිගත කාර්යයකට බව ඔහු නොදනී. පාසල් නොගියත් ඔහු තම අනාගත ජීවිතය ගොඩනගා ගැනීමට අවැසි සියලූ ගුණාංග පියාගෙන් උකහා ගන්නා හැටි පුදුම සහගතය. ස්ටෙෆන් ලොරිස්ටන් තම දේශය වූ සමාවියාව පිළිබඳව දැඩි ඇල්මක් ඇති, එය වෙනුවෙන්ම කැපවූ කෙනෙකි.අහම්බෙන් හමුවෙන මීයා හෙවත් ජෙම් රැුට්ක්ලිප් සමග මිතුරු වෙන මාර්කෝ අමුතු සෙල්ලමක් පටන් ගනියි. ඒ සෙල්ලමේ අවසානය සමාවියාවේ ඔටුන්න හිමිකරුවා හෙවත් නැතිවුණු කුමාරයා සොයා ගැනීම දක්වා දිවෙන ආකාරය අපූරුය. රසවත්ය. ඔවුන් සොයාගන්නා ඒ සැඟවුණු කුමාරයා කවුරුන්ද?Rs. 1,275.00Rs. 1,083.75 -
(0)
නිල් නිවුන්නු – Nil Niwunnu
තමන් මොන එකකට එක් නිවුන් දැරීයක් තියාගත්තාද?
දැන් එය විශාල ප්‍රශ්නයක් වී ඇත. එක් දැරියකගෙන් නම් නිදහස්ය. අනෙක් දැරීයගෙනුත් නිදහස්වීමට කාලය එළඹ ඇත.
ඇන්ජි වෑන් රථයේ පිටුපස කොටසේ බිම දැරියව හාන්සි කෙරුවාය. අනතුරුව වෑන් රථයට නැග එය පණ ගන්වාගෙන ජැටියට යන පටු මාවත දිගේ ඉදිරියට පැදවූවාය. චම පටු මාවත කෙළවර වන්නේ ජැටියෙනි. මේ කාලයට එය වසා ඇත. එය ආශීර්වාදයකි. එතැන මුහුද දැඩි සේ ගැඹුරුය. වෑන් රථය, මාවතේ කෙළවරට ආසන්න වෙත්ම තමන් රියදුරු අසුනෙන් පැන ගත යුතුය. එවිට වෑන් රථය, දැ රී යත් සම ගම මු හු දු ප ත්ල සිප ගන්නවා ඇත.වෑන් රථය වේගයෙන් මුහුද දෙසට ඇදී යයි.
ඉතිරිව ඇත්තේ තත්පර ගණනකි. ඇන්ජි වාහනයේ දොර විවර කරන්නට සැරසුණාය.Rs. 1,400.00Rs. 1,120.00 -
(0)
නත්තල් පුඩිමේ අභිරහස සහ තවත් කතා – Nattal Pudime Abirahasa
ඇත්තෙන්ම එම දර්ශනය දිස්වූයේ නාට්‍යයක කොටසක් මෙනි. යාර කීපයක් ඈතින් බ්‍රිජට් හිම මත වැතිර සිටියාය. ඇය තද රතු පැහැති රාත්‍රී ඇඳුමක් ඇඳ සිටි අතර සුදු පැහැති වූල් මෆ්ලරයක් උරහිස වටා ඔතා තිබිණි. සුදු මෆ්ලරය පුරා රතු පැහැති පැල්ලම් විය. පසෙකට හැරී තිබුණ මුහුණ තද කලු කෙස් කළඹෙන් වැසී තිබිණි. එක් අතක් සිරුරට යටව තිබූ අතර අනෙක් අත තිබුණේ මිට මෙලවූ ඉරියව්වෙනි. ඇඳුමේ තිබූ රත් පැහැති පැල්ලම මත කැටයම් කළ මිටක් සහිත පැරණි පිහියක් විය. කර්නල් වරයාට අයත් පෞරාණික වස්තුවක් වූ එම පිහිය අමුත්තන්ට පෙන්වූයේ පෙර දිනයේය.
Rs. 1,250.00Rs. 1,125.00 -
(0)By : Gowripal Sathiri
අවියෙන් ලියූ අකුරු – Awiyen Liyu Akuru
වසර ගණනාවක් අප රට වෙළාගෙන පැවති ජාතික ප්රශ්නය තේමා කර ගනිමින් උතුරේ ලේඛකයන් විසින් ලියන ලද ග්රන්ථ රැසක් මෑත කාලයේ ඉන්දියාවේ දී ප්‍රකාශයට පත්ව තිබේ. එම ග්රන්ථ අතර 2015 වසරේ දී ප්‍රකාශයට පත් වූ සාත්ත්‍රිගේ ‘ආයුද එළුත්තු’ නම් නවකතාව සුවිශේෂී ස්ථානයක් හිමි කර ගෙන ඇත. එය මේ වන විට ඉන්දියාව පමණක් නොව ලොව බොහෝ රටවල දමිළ පාඨක හා විචාරකයන්ගේ අවධානයට ලක් වු නවකතාවකි. මේ එහි සිංහල පරිවර්තනයයි.
ජාතික ප්රශ්නයේ ‘ආරම්භක ජවනිකාවල’ සිට අවසන් කාලය දක්වා සිදු වූ විවිධ සිදුවීම් ඔස්සේ විකාශනය වන මෙම නවකතාවේ විශේෂත්වයක් නම් අප අසා තිබෙන සහ දැක තිබෙන බොහෝ ප්‍රකට සිදුවීම්වල අප නො දන්නා ‛තිරය පසුපස’ සත්‍ය සිදුවීම් රැසක් නිරූපණය කිරීමට මෙමගින් කතුවරයා උත්සුක වී තිබීමයි. මෙය මෙරට ඓතිහාසික නවකතාවක් යැයි හැඳින්වුව ද වරදක් ද නොවන්නේ එබැවිනි.
වරෙක එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයකු වශයෙන් ද කටයුතු කර තිබෙන මෙහි කතුවරයා එහි දී තමන් ලද බොහෝ අත්දැකීම් නවකතාව ලිවීමේ දී උපයෝගී කර ගෙන තිබෙන අතර ඔහු මෙම කෘතිය තුළින් නවකතාවේ දෘෂ්ටි කෝණය පිළිබඳ කිසියම් අත්හදා බැලීමක් ද සිදුකරයි.
Rs. 1,500.00Rs. 1,200.00
-
නිල් නිවුන්නු – Nil Niwunnu
තමන් මොන එකකට එක් නිවුන් දැරීයක් තියාගත්තාද?
දැන් එය විශාල ප්‍රශ්නයක් වී ඇත. එක් දැරියකගෙන් නම් නිදහස්ය. අනෙක් දැරීයගෙනුත් නිදහස්වීමට කාලය එළඹ ඇත.
ඇන්ජි වෑන් රථයේ පිටුපස කොටසේ බිම දැරියව හාන්සි කෙරුවාය. අනතුරුව වෑන් රථයට නැග එය පණ ගන්වාගෙන ජැටියට යන පටු මාවත දිගේ ඉදිරියට පැදවූවාය. චම පටු මාවත කෙළවර වන්නේ ජැටියෙනි. මේ කාලයට එය වසා ඇත. එය ආශීර්වාදයකි. එතැන මුහුද දැඩි සේ ගැඹුරුය. වෑන් රථය, මාවතේ කෙළවරට ආසන්න වෙත්ම තමන් රියදුරු අසුනෙන් පැන ගත යුතුය. එවිට වෑන් රථය, දැ රී යත් සම ගම මු හු දු ප ත්ල සිප ගන්නවා ඇත.වෑන් රථය වේගයෙන් මුහුද දෙසට ඇදී යයි.
ඉතිරිව ඇත්තේ තත්පර ගණනකි. ඇන්ජි වාහනයේ දොර විවර කරන්නට සැරසුණාය.