-
ජීවිතය වෙනස් කරන කතා 4 – Jiwithaya wenas karana katha 4
Original price was: Rs. 800.00.Rs. 640.00Current price is: Rs. 640.00.මේ ලෝකය පිරිලා තියෙන්නේ අපුරු කතාන්දර වලින් විටෙක ලෝකය වෙනස් කරන්නත්, තවත් විටෙක ලෝකය විනාශ කරන්නත්. ඒ වගේම විනාශ වුණ ලෝකය නැවත හදන්නත් මානව ඉතිහාසය තුළ කතාන්දර ලොකු මෙහෙයක් සිදු කළා. එය ඉදිරියටත් එලෙසම සිදු කරයි. සමහර තතාන්දර පසුකාලීනව මහා සංස්කෘති බවටත් පත් වුණා. තවත් සමහර නතාන්දර ආගම් බවටත් පත් වුණා. සංස්කෘති සහ ආගම් බවට පත් වුණ කතාන්දර ඒ විදියටම රැක ගන්න මිනිසුන් දිවි හිමියෙන් යුද්ධ කරපු අවස්ථාද ලෝක ඉතිහාසයේ එමටයි. මේ සියලු දේවල් දිහා සන්සුන් මනසින් බලද්දී අපව ජීවත් කරවන්න සියවස් ගණනාවක් තිස්සේ කතාන්දර කොයි තරම් බලපෑමක් කරලා තියෙනවාද යන්න ඔබට වැටහේවි. කතාන්දරයක් කියා ගන්න භාෂාවක් දන්නේ නැති කාලේ පවා මිනිස්සු ගස් ගල්වල කුරුටු බලි අඳිමින් මොකක්දෝ කතාන්දරයක් කියන්න උත්සාහ කළා. සැබැවින්ම මිනිසා කියන්නේ කතාන්දර කියන්න සහ කතාන්දර අහන්න කැමැති සත්ත්වයෙකු (Storytelling Animal). තවත් අයුරකින් කියනවා නම්. අපි නමයි ලෝකයේ කතාන්දර හදන සහ කතාන්දර අහන එකම ජීවියාත්. මම දන්නේ නැහැ අනෙක් සත්ත්වයන් ඔවුන්ගේම භාෂාවකින් කතාන්දර කියනවාද කියලා. කොහොම වුණත් කතාන්දර නම් කවදාවත් පරණ වෙන්නේ නැහැ. ඉතින් අන්න එහෙම පරණ නොවන කතාන්දර වලින් ජීවිතය වෙනස් කරන්න ඉදිරි පිටු වෙන් වෙනවා. ඔබ අහන, දකින සහ අත්විඳින සෑම කතාන්දරයකම කියන සහ පෙනෙන මතුපිට කතාන්දරයට වඩා නොකියන විශාල කතාන්දරයක් තියෙනවා. සැබැවින්ම කියන කතාන්දරයට වඩා නොකියන විශාල කතාන්දර සහිත කතා විශිෂ්ටයි.
-
ජීවිතය වෙනස් කරන කතා 3 – jiwithaya wenas karana katha 3
Original price was: Rs. 800.00.Rs. 640.00Current price is: Rs. 640.00.ඔහු ජීවිතය ගත කළේ හරිම සරලව, දෙවන ලෝක යුද්ධ සහ ජන මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළත්, තමන්ගේ වෘත්තීය තුළ සැලකිය යුතු යමක් කරන්න ඔහුට බැරි වුණා සියන හැඟීම නම් ඔහුගේ මනසේ විටින් විට සක්මන් කළා. තමාට ජන මාධ්‍යවේදියෙකු ලෙස ජනප්‍රිය වෙන්න බැරි වුණා, මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන සමත් ලියන්න හැරී වුණා කියන දුක ඔහුගේ හිතේ නැංගුරම් දාලා තිබුණා. “පරණ පත්තරකාරයෙක්දැ ඒත් මම නම් මය මනුස්සයාගේ නම කවදාවත් පත්තරේක දැකලා නැහැ. ඒත් ඉතිං හොඳ මිනිහා. කාටවත් කරදරයක් නැහැ. ඔහු ගැන දන්න කියන වටේ අය ඔහු ගැන කෙටියෙන්ම කියන්නේ ඔන්න ඔහොම දේවල් මෙන්න දවසක් මේ අප්‍රසිද්ධ පරණ පත්තරකාරයාට එංගලන්තයේ තිබෙන ප්‍රසිද්ධ රූපවාහිනි නාළිකාවකින් දුරකථන ඇමතුමක් ලැබෙනවා. සැබැවින්ම එය පුදුමයි. ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනකට ඔහුට ආරාධනාවක්. රූපවාහිනි නාළිකාවකින් වැඩසටහනකට ඔහුට ආරාධනා කළ ප්‍රථම අවස්ථාව. දැන් ඔහුගේ වයස අවුරුදු අසූවයි. ඉතිං ඔහු එම වැඩසටහනට ගියා. ඇත්තටම ඒක ඔහු හිතුවාට වඩා විශාල සහ ජනප්‍රිය වැඩසටහනක්. ඒත් මට ඇයි කතා කළේ? ඔහු නිහඬව ප්‍රශ්න කළා. විශිෂ්ට ලේඛකයන්, ජනප්‍රිය නළුනිළියන්, ප්‍රවීණ විද්වතුන් මීට කලින් සහභාගි වෙලා තිබුණ ඒ දැවැන්ත වැඩසටහනට මෙයාට කතා කළේ ඇයි කියන දේ එයාගේ බිරිඳටත් ප්‍රශ්නයක්.
-
ප්‍රමුදිත ජීවිතයක්
Original price was: Rs. 780.00.Rs. 702.00Current price is: Rs. 702.00.දළයි ලාමාත්, අගරදගුරුතුමනුත් අපේ යුගයෙහි අසහාය ආධ්යාත්මික නායකයන් මෙන් ම, ඔවුන්ගේ සම්ප්රදායයන් ඉක්මවා සමස්ත මානව වර්ගයා සඳහා වූ සදාචාරවත් සමාජයක් වෙනුවෙන් හඬ අවදි කරන්නවුන් දෙපළකි.පහසුවෙන් අප ව ගොදුරු කර ගැනෙන, නිෂ්ඵල දේ කතා කරමින් ජනප්රිය වීම පිළිකෙව් කරන මෙතුමන්ලා තුළ, මානව වර්ගයා කෙරෙහි පවත්නා දිරීමත් බව, ඉවසීම සහ අපේක්ෂා සහගත සන්සුන්කම ලක්ෂ සංඛ්යාත ජනතාවක් තුළ බලාපොරොත්තු දල්වයි. එතුමන්ලා අත්දකින ගැඹුරු සතුට පහසුවෙන් ඇති කරගත හැක්කක් නොවන්නේ, එය හිරිහැර, මර්දනය සහ අරගලය නමැති ගිනි මැද ගිනියම් ව සැකසුණක් බැවිනි. දළයි ලාමාත්, අගරදගුරු තුමනුත් සිහිපත් කරවන්නේ, සත්ය වශයෙන් ම සහජ අයිතියක් වන ප්රමෝදය සතුටු වීමට වඩා මූලික බව ය. -
ආකර්ෂණිය නීතිය – Akarshaniya Neethiya
Original price was: Rs. 900.00.Rs. 720.00Current price is: Rs. 720.00.ශ්‍රේෂ්ඨ රහස් ඔබ දෝත දරා හිඳී
යුග ගණනක් පුරා එය පැවත ආවකි. පරපුරෙන් පරපුරට තිළිණවූවකි. බොහොමයක් දැඩිව ආශා කළ දෙයකි. වරෙක සොරකම් වූවකි. නොමැති නම් සැඟවුණකි. ඇතැම් විට එය අතුරුදහන් විණි. එමෙන්ම එය විශාල මුදල් කන්දරාවක් ගෙනාවකි.
සියවස් ගණනක් ඉපැරණි එම ‘රහස‍් ලෝක ඉතිහාසයේ කීර්තිමත් හා කැපී පෙනෙන පුද්ගලයෝ අවබෝධ කරගෙන සිය ගැලීලියෝ, බිතෝවන්, තෝමස් අල්වා එඩිසන්, ඩේල් කාර්නෙගි හා ඇල්බර්ට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයන්, දේවධර්මවාදීන්, විද්‍යාඥයන් හා ශ්‍රේෂ්ඨ චින්තකයන් රැසක් සමඟිනි.දැන් එම ‘රහස’ ලොවට හෙළිවී තිබේ.
‘එම රහස හදාරණ විට අවශ්‍ය දේ ලැබීම, අවශ්‍ය පුද්ගලයා බවට පත්වීම හා අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැක්කේ කෙසේදැයි යන්න ඔබ හඳුනා ගනී. සැබෑ ඔබ කවුදැයි ඔබ හඳුනා ගනී. ජීවිතය තුළ ඔබ වෙනුවෙන් බලා හිඳින සැබෑ විශිෂ්ටත්වය කුමක්දැයි ඔබ හඳුනා ගනී
-
ලොවේ වැජඹෙන කලාව – Lowe Wajabena Kalawa
Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00.සාර්ථකත්වයට පත් නො වූවන් තුළ, පොදුවේ දක්නට ලැබෙන එක් ගති ලක්ෂණයක් වේ. එනම්, ඔවුහු අසාර්ථකත්වයට පත් වීමේ සියලු හේතු දනිති. එමෙන් ම ඔවුහු තම ජයග්‍රහණයන් වැළැක්වීමට බල පෑ නො හැකියාවන් හෝ නැතිවාදයන් හොඳින් දනිති.
මෙම නො හැකියාවන් ගෙන් සමහරක් පැහැදිලි ය. එයින් කිහිපයක් සත්‍යය මඟින් සාධාරණය කළ හැකි ය. නමුත් මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මෙම නො හැකියාවන් පැවසීම පලක් නොවේ. ලෝකයට දැන ගැනිමට අවශ්‍ය වන්නේ, එක් දෙයක් පමණි. ඒ ‘ඔබ සාර්ථකත්වයට පත් වූවා ද?’ යන්න ය. -
වසරේ CEO – Wasare CEO
Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00.සියල්ල සිද්ධ වෙන්න නම් ඔබ කොතැනකින් හෝ පටන්ගන්න ඕනේසමහර දවස් පහසු නැහැ. උදෑසන නාද වෙන එලාර්ම් එකේ ඉඳහා, හවසට පාරෙ හිරවෙලා ගෙදර යන තැන වෙනතල් මේ සටතේ බර දැනෙනවා සමහර දවස් සුවදායක නැහැ. මහන්සිවෙලා පළවෙනි රුපියල උපයන තැන ඉතුm හොඳින් උපයලා හැමදෙම ගොඩනගනවා කියන තැන වෙනකල් මේ සංග්රාමයේ කැපකීර්ම් තියෙනවා එත් අතහරින්න බැහැ සටන් විරාම නැඅපිට ලැබුනු දෙවල්වලට වඩා නොදැබුණු දෙවල් වැඩියි. අපි විඳුසු දේවල්වලට වඩා නොවිඳපු දෙවල් වැඩියි. ගමනේ අතරමැද කවුරුහරි කෙනෙක් වෙලා නැවතුණොත් විඳපු නැති ගොඩක් දෙවල් වඳින්න බැරි වෙනවා ලැබුණෙ නැති ගොඩක් දෙවල් හීනයක්ම වෙනවා. ඒ නිසා හඬ හඬා හෝ මේ සටන උඩම පුටුවකට යන්න. වැටී වැටී හෝ මේ සංග්රාමය මේ විධායක ඉමගේ කෙලවරටම බඩගාන්නලොකු වැටුපක් ගන්නම නෙමෙයි හොඳ තනතුරක් ගන්නම නෙමෙයි. හොඳ පුටුවක ඉඳ ගන්නමත් නෙමෙයි. ඔබ දවසක මේ වෘත්තීය යුද්ධය දිනලා තමන්ට වගෙම තව බොහෝ ජීවිත ගොඩදාපු වසරේ විධායකයෙක් විය යුත්තේ “මම එකට සුදුසුයි’ කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඬට සාධාරණයක් කරන්න මේ ජීවන අරගලය ඇතුළේ නිකන්ම නිකන් ආයතනික සේවකයෙක් නොවී ඔබ CEO කෙනෙක්ම විය යුතුව ඇත්තේ ඔබ ගත්තු සිය තිනෙන තීරණවලට, ඇද වැටුණු දවස්වලට ඉහළම මිලක් සහිත වටිනාකමක් දෙන්න
















