මනෝ විද්‍යාව

  • -20%
    (0)

    පොහොසතුන් නොකී කතා – POHOSATUN NOKI KATA

    මේ විශ්වයේ බොහෝ දෙනා දුකින් හෝ කළකිරීමෙන් ජිවත් වෙයි. ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා කාර්ය බහුල වූ විට සෙසු සෑම දෙයක්ම අමතක වෙන්න පුළුවන්. එවිට ඔබේ ජිවිතය සමබර වෙන්නේ නැහැ. බහුතරයක් දෙනා තමන්ට ප්‍රමාණවත් තරම් මුදල් සහ දේපළ නැතැයි සිතමින් කම්පාවට පත් වන්නන්. මේ අගහිඟ මානසිකත්වය ” නුසුදුසු තරම් දුක් විඳීම ” ලෙස හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් තමන් සාර්ථක නැතැයි කියා පසුතැවෙනවා. ඒ වගේම අන්‍යයන්ගේ ජීවිත හා සංසන්දනය කොට පසුතැවෙනවා. ඒත් එය සත්‍ය නොවේ. ඔබ සැබවින්ම අද්විතීයයි.

    මෙම පොත ඔබව සැබෑ මනුෂ්‍යත්වය කරා රැගෙන යන බව මාගේ විශ්වාසයයි. එසේම මෙය ඔබට ප්‍රීතිය සහ මායාව අත්විඳීමට මග පෙන්වනු ඇත. මම මගේ මනස, හදවත සහ ශරීරය මෙම කෘතිය උදෙසා කැප කළෙමි. සැබවින්ම එය ඔබේ ජයග්‍රහණයේ සෙවනැල්ල වී නම් එය මාගේ අසීමිතසතුටයි.

    රොබින් ෂර්මා

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,280.00.
  • -20%
    (0)

    යතිවරයෙකු සේ සිතන්න – YATHIWARAYEKU SE SITHANNA

    මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්රන්ථයකි.වෙළඳ‌පොලට නිකුත් වූ සැනින්ම ලොව පුරා මිනිසුන් මිලියන ගණනකින් වැළඳගත් ජේ සෙත්ති විසින් රචිත මෙම ‘Think Like a Monk’ ග්රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්රන්ථය බවට පත්විය. බවට පත්විය.ජේ සෙත්ති තෙවසරක්ම භික්ෂුවක ලෙස මහනදම් පිරූවෙකි.සිතේ සාමකාමී බව වර්ධනය කිරීම හා ජීවිතයේ ඒදිනෙදා අරමුණ ජය ගැනීමට සිත පුහුණු කිරීමේ මග ජේ සෙත්ති විසින් ඔබට කියා දෙන්නේ තම යතිවර සමයේ හඳුනාගත් ජීවිතය වෙනස් කරන මූලධර්ම රැසකිනි.ඒහෙයින් මෙම ග්රන්ථයෙහි සඳහන් පුද්ගල වර්ධන මූලධර්ම ඔබේ ජීවිතයේ වෙනස් මගකට යොමු කරවන්නකි.

    Original price was: Rs. 1,580.00.Current price is: Rs. 1,264.00.
  • -20%
    (0)

    වසරේ CEO – Wasare CEO

    සියල්ල සිද්ධ වෙන්න නම් ඔබ කොතැනකින් හෝ පටන්ගන්න ඕනේ
    සමහර දවස් පහසු නැහැ. උදෑසන නාද වෙන එලාර්ම් එකේ ඉඳහා, හවසට පාරෙ හිරවෙලා ගෙදර යන තැන වෙනතල් මේ සටතේ බර දැනෙනවා සමහර දවස් සුවදායක නැහැ. මහන්සිවෙලා පළවෙනි රුපියල උපයන තැන ඉතුm හොඳින් උපයලා හැමදෙම ගොඩනගනවා කියන තැන වෙනකල් මේ සංග්රාමයේ කැපකීර්ම් තියෙනවා එත් අතහරින්න බැහැ සටන් විරාම නැ
    අපිට ලැබුනු දෙවල්වලට වඩා නොදැබුණු දෙවල් වැඩියි. අපි විඳුසු දේවල්වලට වඩා නොවිඳපු දෙවල් වැඩියි. ගමනේ අතරමැද කවුරුහරි කෙනෙක් වෙලා නැවතුණොත් විඳපු නැති ගොඩක් දෙවල් වඳින්න බැරි වෙනවා ලැබුණෙ නැති ගොඩක් දෙවල් හීනයක්ම වෙනවා. ඒ නිසා හඬ හඬා හෝ මේ සටන උඩම පුටුවකට යන්න. වැටී වැටී හෝ මේ සංග්රාමය මේ විධායක ඉමගේ කෙලවරටම බඩගාන්න
    ලොකු වැටුපක් ගන්නම නෙමෙයි හොඳ තනතුරක් ගන්නම නෙමෙයි. හොඳ පුටුවක ඉඳ ගන්නමත් නෙමෙයි. ඔබ දවසක මේ වෘත්තීය යුද්ධය දිනලා තමන්ට වගෙම තව බොහෝ ජීවිත ගොඩදාපු වසරේ විධායකයෙක් විය යුත්තේ “මම එකට සුදුසුයි’ කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඬට සාධාරණයක් කරන්න මේ ජීවන අරගලය ඇතුළේ නිකන්ම නිකන් ආයතනික සේවකයෙක් නොවී ඔබ CEO කෙනෙක්ම විය යුතුව ඇත්තේ ඔබ ගත්තු සිය තිනෙන තීරණවලට, ඇද වැටුණු දවස්වලට ඉහළම මිලක් සහිත වටිනාකමක් දෙන්න
    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -20%
    (0)

    ස්වර්ණමය හෝරාව – SWARNAMAYA HORAWA

    ව්‍යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්‍යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂයෙන් ආ ආශිර්වාදාත්මක දේ බවය. එය ඇගේ ජීවිතය තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන වටිනා අවස්ථාවක් බව ඇය තවදුරටත් සිතුවාය.

    ව්‍යවසායිකාව ඉදිරියේ සිටින මේ අමුතු විචක්ෂණ ශීලී සහ අව්‍යාජ උපදේශකයා වන ස්ටෝන් රිලේ සිය හදවත ඔවුන් දෙදෙනා ඉදිරියේ විවර කළේය. තවදුරටත් ස්වර්ණමය හෝරාවේ හාස්කම් මගින් උදාකරගත නොහැකි සෞභාග්‍යය සහ එමගින් සිදු කළ හැකි වර්ධනීය ඵලදායිතාව ගැන කරුණු පැහැදිලි කරමින් සිටියේය.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.
  • -20%
    (0)

    ලොවේ වැජඹෙන කලාව – Lowe Wajabena Kalawa

    සාර්ථකත්වයට පත් නො වූවන් තුළ, පොදුවේ දක්නට ලැබෙන එක් ගති ලක්ෂණයක් වේ. එනම්, ඔවුහු අසාර්ථකත්වයට පත් වීමේ සියලු හේතු දනිති. එමෙන් ම ඔවුහු තම ජයග්‍රහණයන් වැළැක්වීමට බල පෑ නො හැකියාවන් හෝ නැතිවාදයන් හොඳින් දනිති.
    මෙම නො හැකියාවන් ගෙන් සමහරක් පැහැදිලි ය. එයින් කිහිපයක් සත්‍යය මඟින් සාධාරණය කළ හැකි ය. නමුත් මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මෙම නො හැකියාවන් පැවසීම පලක් නොවේ. ලෝකයට දැන ගැනිමට අවශ්‍ය වන්නේ, එක් දෙයක් පමණි. ඒ ‘ඔබ සාර්ථකත්වයට පත් වූවා ද?’ යන්න ය.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.
  • -20%
    (0)

    විශ්ව ආකර්ෂණ නීතිය – VISHWA AKARSHANA NEETHIYA

    ඔබේ යටි හිත විශ්වයේම කොටසකි. එයට අපිරිමිත බලයක් ඇත. මුලින්ම අප එය හඳුනාගත යුතුය. එය විශ්වාස කළ යුතුය. විශ්ව ආකර්ෂණ නීතිය යනු ඔබ, ඔබගේ යටි හිත මගින් ඔබේ අරමුණු සාක්ෂාත් කරගන්නා ප්‍රබල ක‍්‍රමවේදයකි. මේ තුළ යම් අදෘෂ්‍යමාන ස්වභාවයක් තිබෙන බව පෙනෙන නමුත්, මෙය විද්‍යාත්මක සංකල්පයක් සහ ක්‍රියාවලියකි.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -10%
    (0)

    දකින්න වෙනස්ව ජීවිතය – Atomic Habits

    ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩනැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වන ජේම්ස් ක්ලියර් විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී.

    ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.
  • -10%
    (0)

    කම්මැළි මොළේ – Kammeli Mole

    සෑම මොළයක්ම මූලික ව්‍යුහයෙන් එකම වුවද, සාර්ථක වන අය සහ අරගල කරන අය අතර ප්‍රධාන වෙනස මොළයේ නොව – අපි එය භාවිතා කරන ආකාරයයි. කම්මැළි මොළේ යන සංකල්පය මොළයේ ස්වාභාවික ප්‍රවණතාව වන සුවපහසුව සෙවීම, අභියෝග මඟහැරීම සහ කෙටි මාර්ග ගැනීම පිළිබඳ අවධානය යොමු කරයි. මෙය නිතර මැළිකමට සහ අහිමි වූ අවස්ථාවන්ට හේතු විය හැකිය. නමුත් මෙයින් අදහස් වන්නේ ඔබ ‘කම්මැළි මොළයක’ සිරවී සිටින බව නොවේ. මෙම පොත මානසික පුරුදු හඳුනා ගැනීම සහ ජය ගැනීම, ඔබේ මොළය පහසුම මාර්ගය සොයන එකක් සිට ඵලදායිතාව, වර්ධනය සහ සාර්ථකත්වය මත වැඩෙන එකක් බවට පරිවර්තනය කිරීම ගැන ගවේෂණය කරයි. ප්‍රායෝගික ක්‍රමවේද සහ අවබෝධයන් සමඟ, කම්මැළි මොළය ඔබගේ චින්තනය නැවත සකස් කිරීම, සීමාකාරී රටාවන්ගෙන් නිදහස් වීම සහ ඔබේ මනස තුළ රැඳී සිටින විශාල විභවය නිදහස් කර ගැනීම ගැන ඔබට උගන්වයි. උත්සාහ කරන්න! යළි යළිත් උත්සාහ කරන්න. ඔබ නොදැනීම දිනයි. ඒත් මතක් තියාගන්න. ඔබේ විභවය අනෙකාගේ විභවය නොවන බව මෙහි කතුවරයා කියයි.

    Original price was: Rs. 950.00.Current price is: Rs. 855.00.
  • -20%
    (0)

    ආකර්ෂණිය නීතිය – Akarshaniya Neethiya

    ශ්‍රේෂ්ඨ රහස් ඔබ දෝත දරා හිඳී
    යුග ගණනක් පුරා එය පැවත ආවකි. පරපුරෙන් පරපුරට තිළිණවූවකි. බොහොමයක් දැඩිව ආශා කළ දෙයකි. වරෙක සොරකම් වූවකි. නොමැති නම් සැඟවුණකි. ඇතැම් විට එය අතුරුදහන් විණි. එමෙන්ම එය විශාල මුදල් කන්දරාවක් ගෙනාවකි.
    සියවස් ගණනක් ඉපැරණි එම ‘රහස‍් ලෝක ඉතිහාසයේ කීර්තිමත් හා කැපී පෙනෙන පුද්ගලයෝ අවබෝධ කරගෙන සිය ගැලීලියෝ, බිතෝවන්, තෝමස් අල්වා එඩිසන්, ඩේල් කාර්නෙගි හා ඇල්බර්ට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයන්, දේවධර්මවාදීන්, විද්‍යාඥයන් හා ශ්‍රේෂ්ඨ චින්තකයන් රැසක් සමඟිනි.

    දැන් එම ‘රහස’ ලොවට හෙළිවී තිබේ.

    ‘එම රහස හදාරණ විට අවශ්‍ය දේ ලැබීම, අවශ්‍ය පුද්ගලයා බවට පත්වීම හා අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැක්කේ කෙසේදැයි යන්න ඔබ හඳුනා ගනී. සැබෑ ඔබ කවුදැයි ඔබ හඳුනා ගනී. ජීවිතය තුළ ඔබ වෙනුවෙන් බලා හිඳින සැබෑ විශිෂ්ටත්වය කුමක්දැයි ඔබ හඳුනා ගනී

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -20%
    (0)

    ධනවත් පියා,දිළිඳු පියා

    Rich dad, Poor dad ග්‍රන්ථය රචනා කළ රොබට් ටී. කියෝසාකි සැලකෙන්නේ ලක්ෂපතියන්ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක්ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් , අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම, පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුමක්ම පමණක් වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලු වලට මුහුණ දෙන බවද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපිව අලුත් විධියට සිතන්නට පුරුදු කරන ග්‍රන්ථයක් බව ඔබට කීවේ එහෙයිනි. එමෙන්ම මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි. මන්ද මෙහි සෑම වදනකින්ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -10%
    (0)

    ප්‍රමුදිත ජීවිතයක්

    දළයි ලාමාත්, අගරදගුරුතුමනුත් අපේ යුගයෙහි අසහාය ආධ්යාත්මික නායකයන් මෙන් ම, ඔවුන්ගේ සම්ප්රදායයන් ඉක්මවා සමස්ත මානව වර්ගයා සඳහා වූ සදාචාරවත් සමාජයක් වෙනුවෙන් හඬ අවදි කරන්නවුන් දෙපළකි.
    පහසුවෙන් අප ව ගොදුරු කර ගැනෙන, නිෂ්ඵල දේ කතා කරමින් ජනප්රිය වීම පිළිකෙව් කරන මෙතුමන්ලා තුළ, මානව වර්ගයා කෙරෙහි පවත්නා දිරීමත් බව, ඉවසීම සහ අපේක්ෂා සහගත සන්සුන්කම ලක්ෂ සංඛ්යාත ජනතාවක් තුළ බලාපොරොත්තු දල්වයි. එතුමන්ලා අත්දකින ගැඹුරු සතුට පහසුවෙන් ඇති කරගත හැක්කක් නොවන්නේ, එය හිරිහැර, මර්දනය සහ අරගලය නමැති ගිනි මැද ගිනියම් ව සැකසුණක් බැවිනි. දළයි ලාමාත්, අගරදගුරු තුමනුත් සිහිපත් කරවන්නේ, සත්ය වශයෙන් ම සහජ අයිතියක් වන ප්රමෝදය සතුටු වීමට වඩා මූලික බව ය.
    Original price was: Rs. 780.00.Current price is: Rs. 702.00.
  • -20%
    (0)

    ජීවිතය වෙනස් කරන කතා 3 – jiwithaya wenas karana katha 3

    ඔහු ජීවිතය ගත කළේ හරිම සරලව, දෙවන ලෝක යුද්ධ සහ ජන මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළත්, තමන්ගේ වෘත්තීය තුළ සැලකිය යුතු යමක් කරන්න ඔහුට බැරි වුණා සියන හැඟීම නම් ඔහුගේ මනසේ විටින් විට සක්මන් කළා. තමාට ජන මාධ්‍යවේදියෙකු ලෙස ජනප්‍රිය වෙන්න බැරි වුණා, මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන සමත් ලියන්න හැරී වුණා කියන දුක ඔහුගේ හිතේ නැංගුරම් දාලා තිබුණා. “පරණ පත්තරකාරයෙක්දැ ඒත් මම නම් මය මනුස්සයාගේ නම කවදාවත් පත්තරේක දැකලා නැහැ. ඒත් ඉතිං හොඳ මිනිහා. කාටවත් කරදරයක් නැහැ. ඔහු ගැන දන්න කියන වටේ අය ඔහු ගැන කෙටියෙන්ම කියන්නේ ඔන්න ඔහොම දේවල් මෙන්න දවසක් මේ අප්‍රසිද්ධ පරණ පත්තරකාරයාට එංගලන්තයේ තිබෙන ප්‍රසිද්ධ රූපවාහිනි නාළිකාවකින් දුරකථන ඇමතුමක් ලැබෙනවා. සැබැවින්ම එය පුදුමයි. ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනකට ඔහුට ආරාධනාවක්. රූපවාහිනි නාළිකාවකින් වැඩසටහනකට ඔහුට ආරාධනා කළ ප්‍රථම අවස්ථාව. දැන් ඔහුගේ වයස අවුරුදු අසූවයි. ඉතිං ඔහු එම වැඩසටහනට ගියා. ඇත්තටම ඒක ඔහු හිතුවාට වඩා විශාල සහ ජනප්‍රිය වැඩසටහනක්. ඒත් මට ඇයි කතා කළේ? ඔහු නිහඬව ප්‍රශ්න කළා. විශිෂ්ට ලේඛකයන්, ජනප්‍රිය නළුනිළියන්, ප්‍රවීණ විද්වතුන් මීට කලින් සහභාගි වෙලා තිබුණ ඒ දැවැන්ත වැඩසටහනට මෙයාට කතා කළේ ඇයි කියන දේ එයාගේ බිරිඳටත් ප්‍රශ්නයක්.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 640.00.
  • -20%
    (0)

    ජීවිතය වෙනස් කරන කතා 4 – Jiwithaya wenas karana katha 4

    මේ ලෝකය පිරිලා තියෙන්නේ අපුරු කතාන්දර වලින් විටෙක ලෝකය වෙනස් කරන්නත්, තවත් විටෙක ලෝකය විනාශ කරන්නත්. ඒ වගේම විනාශ වුණ ලෝකය නැවත හදන්නත් මානව ඉතිහාසය තුළ කතාන්දර ලොකු මෙහෙයක් සිදු කළා. එය ඉදිරියටත් එලෙසම සිදු කරයි. සමහර තතාන්දර පසුකාලීනව මහා සංස්කෘති බවටත් පත් වුණා. තවත් සමහර නතාන්දර ආගම් බවටත් පත් වුණා. සංස්කෘති සහ ආගම් බවට පත් වුණ කතාන්දර ඒ විදියටම රැක ගන්න මිනිසුන් දිවි හිමියෙන් යුද්ධ කරපු අවස්ථාද ලෝක ඉතිහාසයේ එමටයි. මේ සියලු දේවල් දිහා සන්සුන් මනසින් බලද්දී අපව ජීවත් කරවන්න සියවස් ගණනාවක් තිස්සේ කතාන්දර කොයි තරම් බලපෑමක් කරලා තියෙනවාද යන්න ඔබට වැටහේවි. කතාන්දරයක් කියා ගන්න භාෂාවක් දන්නේ නැති කාලේ පවා මිනිස්සු ගස් ගල්වල කුරුටු බලි අඳිමින් මොකක්දෝ කතාන්දරයක් කියන්න උත්සාහ කළා. සැබැවින්ම මිනිසා කියන්නේ කතාන්දර කියන්න සහ කතාන්දර අහන්න කැමැති සත්ත්වයෙකු (Storytelling Animal). තවත් අයුරකින් කියනවා නම්. අපි නමයි ලෝකයේ කතාන්දර හදන සහ කතාන්දර අහන එකම ජීවියාත්. මම දන්නේ නැහැ අනෙක් සත්ත්වයන් ඔවුන්ගේම භාෂාවකින් කතාන්දර කියනවාද කියලා. කොහොම වුණත් කතාන්දර නම් කවදාවත් පරණ වෙන්නේ නැහැ. ඉතින් අන්න එහෙම පරණ නොවන කතාන්දර වලින් ජීවිතය වෙනස් කරන්න ඉදිරි පිටු වෙන් වෙනවා. ඔබ අහන, දකින සහ අත්විඳින සෑම කතාන්දරයකම කියන සහ පෙනෙන මතුපිට කතාන්දරයට වඩා නොකියන විශාල කතාන්දරයක් තියෙනවා. සැබැවින්ම කියන කතාන්දරයට වඩා නොකියන විශාල කතාන්දර සහිත කතා විශිෂ්ටයි.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 640.00.
  • -10%
    (0)

    පුංචි පහේ අම්මලාට – PUNCHI PAHE AMMALATA

    1979 එක සීතල උදෑසනක, “ලොක්කේ…” අප්පච්චීගේ බර, මෘදු හඬින් මම අවදි වීමි.
    අම්මා පිසූ කිරිබතේ සුවඳින් ගේ පිරී තිබිණි.
    අලුත් සුදු කමිසයට, පරණ නිල් කලිසමට
    අලුත් කළු සපත්තු එක්ව තිබුණි.
    වෙනදා නැති ආඩම්බරයකින් මම අප්පච්චීත් එක්ක කුඹුරු යාය මැදින් විභාග මධ්‍යස්ථානයට ගියෙමි.
    ” හොඳට ලියන්ට ඈ…… ඔයාට පුළුවන්….”
    අප්පච්චී මගේ හිස අතගෑවේ, මා කෙරෙහි තිබූ විශ්වාසයෙනි. විභාගය ඇරඹිණි. මා කිසිදා දැක නැති තරම් ලොකු
    නැවුම් සුවඳැති ප්‍රශ්න පත්තරයක් ලැබිණි. ලිව්වෙමි.
    විභාගය අවසන් වී ආවත් කිසිවෙක් ලිව්වේ මොනවද කියා ඇසුවේ නැත.
    ප්‍රතිඵල එනතෙක් කුරුල්ලෙකු මෙන් නිදහසේ සිටියෙමි.
    ප්‍රතිඵල ඉස්කෝලෙට ලැබී තිබුණි!

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.
  • -20%
    (0)

    ඉකිගායි – IKIGAI (සතුටින් දිගුකල් ජිවත්වීමේ ජපන් රහස්

    ජපන් භාෂාවෙන් ඉකිගායි’ වශයෙන් හඳුන්වනු ලබන ජිවිතයේ සතුට හා ජීවිතයේ අර්ථය ඔනො මැනවින් වටහා ගෙන ඇත. “ඉකි ” යන්නෙන් ජීවිතය ද “ගයි” යන්නෙන් හේතුකාරණය ද අදහස් කෙරේ. ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය හේතුකාරණය ඉකිගායි ” යන්නේ අර්ථය වෙයි. ජීවිතය පවත්නේ කුමකටද? ඒ කාරණා සියල්ලක්ම ඊට ඇතුළත් වෙයි. එය ජපන් සංස්කෘතියේ හරය වෙයි. එය ඔවුන්ගේ ජීවන පිළිවෙත

    Original price was: Rs. 700.00.Current price is: Rs. 560.00.
  • -15%
    (0)

    විශිෂ්ට පියවර

    හැකියාව ලාභ භාණ්ඩයක්
    එපා වෙන්න කලින් නවත්වන්න
    කියවන්න එපා. ප්රතිඵලය පෙන්වන්න
    මෘදු වතුර ගලා යන්නේ රළු ගල් මතින්
    කුමාරයෙක් නොවී ග්ලැඩියේටර් කෙනෙක් වෙන්න
    Original price was: Rs. 600.00.Current price is: Rs. 510.00.