පරිවර්තන

  • -10%
    (0)

    භාරත යෝගීන් සහ ඉසිවරයන් සමඟ 2 – Bharatha Yogin Saha Isiwarayan Samaga 2

    ඇතමකු යෝගීන් ලෙස ද, තවත් සමහරු සන්නාසීන් ලෙස
    ද හඳුන්වනු ලබන ගුප්ත සමාජ තලයකට අයත් මෙම මිනිසුන් පිළිබඳ වූ විටින් විට අපට ආසන්නට ලැබෙන එකී වෘත්තාන්ත පිටු පස ඇති සත්යය කුමක්ද? අභ්යාසයේ යෙදෙන්නන්ට මානසික ශක්තීන්ගේ අති විශේෂ සංවර්ධනයක් සහතික කෙරෙන පෞරාණික ප්රඥාවක් භාරතයේ පවනින්නේ යයි දන්වමින් අප වෙත ලැබෙන සක්රීය ඉඟි පිටු පස ඇති සත්යය කුමක්ද? මා එය සොයා දීර්ඝ ගමනක යෙදුණු අතර…

    Rs. 360.00
  • -10%
    (0)

    භාරත යෝගීන් සහ ඉසිවරයන් සමඟ 1 – Bharatha Yogin Saha Isiwarayan Samaga 1

    ඇතමකු යෝගීන් ලෙස ද, තවත් සමහරු සන්නාසීන් ලෙස
    ද හඳුන්වනු ලබන ගුප්ත සමාජ තලයකට අයත් මෙම මිනිසුන් පිළිබඳ වූ විටින් විට අපට ආසන්නට ලැබෙන එකී වෘත්තාන්ත පිටු පස ඇති සත්යය කුමක්ද? අභ්යාසයේ යෙදෙන්නන්ට මානසික ශක්තීන්ගේ අති විශේෂ සංවර්ධනයක් සහතික කෙරෙන පෞරාණික ප්රඥාවක් භාරතයේ පවනින්නේ යයි දන්වමින් අප වෙත ලැබෙන සක්රීය ඉඟි පිටු පස ඇති සත්යය කුමක්ද? මා එය සොයා දීර්ඝ ගමනක යෙදුණු අතර…

    Rs. 765.00
  • -10%
    (0)

    සොලමන් රජුගේ දියමන්ති ආකරය – Solaman Rajuge Diyamanthi Akara

    ” මං ජිමට කතා කරලා, ජිම්, මේ පාර කොහෙද යන්නෙ? ඇත් දඩයමේද?’ කියල ඇහුවා.
    “” නෑ බොස්, ඇත් දත් වලට වැඩිය විටිනා දෙයක් හොයා ගෙනයි අපි යන්නේ, කියලා ජිමි කීවා.
    ”’ ඒ මොනවද? කියලා මං ඇහුවා. මට ඇති වුණු කුතුහලය හැටියට රත්රන්ද ? ” කියල මං ඇහුවා.
    ” නෑ බොස්, රත්තරන් වලට වැඩිය වටිනා දෙයක් ! ” කියලා මිනිහා නියවාගෙන හිටියා.

    Rs. 990.00
  • -15%
    (0)

    සත්දෙනෙක් නම් රහසක් – sathdenek nam rahasak

    ඛේදවාචකයක් හේතුවෙන් කුඩා ෆ්රෙඩරිකා හාපර්ස් ග්රීන් නමැති මනරම්, ශාන්ත කුඩා ගම්මානයේ පදිංචියට පැමිණියාය. එහිදී ඕ, සුන්දර සෝෆී ලොකු අම්මා, කරුණාවන්ත රේචල් ග්රේ, මුරණ්ඩු ටැමරිස්ක් සෙන්ට් ඕබින්, ටැමරිස්ක්ගේ ගුප්ත අයියා ක්රිස්පින් සහ ක්රිස්පින්ගේ ආයාවරුන් සේ සේවය කළ ලූසි ලේන් සහ ඇගේ පිස්සු සහෝදරිය ෆ්ලෝරා වැනි හාපර්ස් ග්රීන් වැසියන්ගේ ජීවිතවලට සියුම් ලෙසින් ආකර්ෂණය වූවාය.
    එසේ වූවද, ෆ්රෙඩරිකා දැරියකගේ සිට කාන්තාවක් බවට උස් මහත් වෙන අතර ඇගේ ශාන්ත වටපිටාව විමෝහනය, ගර්හාව, සි#ය දි#වි න#සා ගැනීම සහ මි#නීමැ# රුමක් හමුවේ විනාශ විය. ක්රිස්පින් කෙරෙහි හදෙහි ජනිත වෙන දැඩි ආශාව ඉදිරිපිට දුබල වෙයි.
    ඇය දන්නා සියල්ලන්ටම බලපාමින් මෙහි සිදුවූයේ කවර අචින්ත්ය ඛේදවාචකයක්ද? ප්රේමයට සහ සත්යයට ජය ගත හැකි වනු ඇත්ද? මුනිවතෙහි කුමන්ත්රණය බිඳ දැමීට අවස්ථාවක් ලැබෙයිද?

    Rs. 1,530.00
  • -15%
    (0)

    කැම්බයිසෙස් සේනාංකය – Cambyses Senankaya

    ක‍්‍රිස්තු පුර්ව 523දී පර්සියානු ඵාරාවෝ කෙනෙක් වූ කම්බයිසස් ඊජිප්තුවේ බටහිර කාන්තාරය වෙත පනස් දහසක රණශුරයින්ගෙන් යුතු සිය හමුදා ඛණ්ඩයක් යැව්වේ සිවා කාන්තාරයෙහි පිහිටි අමුන් නැමති දේවාලයක් විනාශ කිරීමේ අපේක්ෂාවෙනි. වංශකථාවලට අනුව හදිසියේ ඇතිවූ වැලි කුණාටුවකට හසුවී ඔහුගේ සම්පූර්ණ හමුදාව සහමුලින්ම විනාශයට පත්විය.
    ශහස‍්‍රවර්ෂ දෙකහමාරකට පසුව අංගෙ#ඡ්දනය වූ මි#නියක් ලූක්ෂෝර්වල නයිල් නදියේ ඉවුරට ගොඩ ගසනු ලැබීය. කයිරෝවේ විසූ පුරාවස්තු වෙළෙන්දෙක් ද සාහසික ලෙස ඝා#තනය කර තිබින. සඛ්කාරාවල පුරාතණ සුසාන භූමියක කැනීම් කටයුතු කළ බි‍්‍රතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයෙක් ද අබිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගන්නා ලදී.
    මෙම සිදුවීම්වල එකකට එකක සම්බන්ධතාවයක් පෙනුනේ නැත. එහෙත් ලූක්ෂෝර් පොලිසියේ රහස් පරීක්ෂක යුසුෆ් ඛලිෆා තුළ ඇතිවූයේ දැඩි සැකයකි. පුරාවිද්‍යාඥාගේ දියණිය වූ ටාරා මල්රේ පුරාණ රූපාක්ෂර ලේඛනයක කොටසක් සොයාගැනීමෙන් පසුව පරීක්ෂණ එකවරම අනතුරුදායක තත්ත්වයකට පත්වූයේ දැරිය නොහැකි උෂ්ණත්වයක් සහිත කාන්තාරයට පිවිසීමට සිදුවූ නිසාය.
    එහිදී ඔවුන්ට මුහුණ පාන්නට සිදුවුන විශ්වාස කළ නොහැකි සිදුවීම් මාලාවක් පෝල් සස්මන්ගේ ‘ද ලොස්ට් ආමි ඔෆ් කම්බයිසස්’ කෘතියේ ඇතුළත්ය.

    Rs. 1,530.00
  • -20%
    NIRUWAT HIRUMADANIRUWATH HIRUMADALA
    (0)

    නිරුවත් හිරුමඩල – NIRUWAT HIRUMADALA

    එලිජා බේලි එකළ පෘථිවි පොලිසියේ සේවය කළ පොලිස් නිළධාරියෙකි. එක් දිනක් සොලේරියාව නම් අති දියුණු පිටසක්වළ ලෝකයේ සිදු වූ මි$නිමැ%රුමක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා බේලි ට කැඳවීමක් ලැබේ. ඝා#තනයට ලක්ව තිබුණේ සොලේරියාවේ විසූ අති දක්ෂ උපත් ඉංජිනේරුවරයෙකු වන රිකේන් ඩැල්මරී ය. ආලෝක වර්ෂ මිලියන ගණනක් දුර සොලේරියාව බලා යන බේලි ට ඩැනීල් ඔලිවව් නම් මානව රූප රොබෝවරයා ද ඝාත@ නයට ලක්වූ රිකේන් ඩැල්මරී ගේ වැන්දඹු බිරිද වන ග්ලැඩියා ඩැල්මරී නම් පිටසක්වළ රූමතිය ද හමුවෙයි. සොලේරියාවේදි සිදුවන්නේ කුමක්ද ? රිකේන් ඩැල්මරි ගේ ඝාත*කයා සොයාගැනීමට බේලි ට හැකිවෙයිද ?

    Rs. 960.00
  • -10%
    (0)

    වලාකුළු දවස් – Walakulu Dawas

    1911 දී තාගෝර්තුමා ගීතාංජලී කෘතිය උදෙසා නොබෙල් සම්මානය ලද පසු, එවකට බෙංගාලයේ යොවුන් පාඨකයන් හා නව නිර්මාණකරුවන් සඳහා ගද්‍ය හා පද්‍ය අතර වූ නව නිර්මාණ අංගයක් හඳුන්වා දීමේ අරමුණින් කෙටි ගද්‍ය ලෙස නම් කළ හැකි නිර්මාණ ඇතුළත් කොට මෙම කෘතිය බිහි වී ඇත. මෙම නිර්මාණ විශේෂය තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය වී ඇත. මෙම නිර්මාණ එකතුව බෙංගාලි බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කළ අරොබින්දෝ බෝස් ලේඛකයා සිය සටහනෙහි සඳහන් කරන්නේ මෙම නිර්මාණ කවියත්, ගද්‍යයත්, මායාවත්, යථාර්ථයත්, මුසු වූ “මිණිමුතු” වැනි සටහන් විශේෂයක් බවය. යොවුන් පාඨකයන් තුළ යෞවනෝදයේ නැවුම් චමත්කාරය සමගම වඩාත් ගාම්භීර වූද සුන්දර වූද ආදරයේ අකාලික අපූර්වත්වය සිතුවම් කිරීමට මෙහිදී කවියා උත්සාහ කර ඇති බව ඔහු පවසයි.

    Rs. 855.00
  • -10%
    (0)

    නත්තල් පුඩිමේ අභිරහස සහ තවත් කතා – Nattal Pudime Abirahasa

    ඇත්තෙන්ම එම දර්ශනය දිස්වූයේ නාට්‍යයක කොටසක් මෙනි. යාර කීපයක් ඈතින් බ්‍රිජට් හිම මත වැතිර සිටියාය. ඇය තද රතු පැහැති රාත්‍රී ඇඳුමක් ඇඳ සිටි අතර සුදු පැහැති වූල් මෆ්ලරයක් උරහිස වටා ඔතා තිබිණි. සුදු මෆ්ලරය පුරා රතු පැහැති පැල්ලම් විය. පසෙකට හැරී තිබුණ මුහුණ තද කලු කෙස් කළඹෙන් වැසී තිබිණි. එක් අතක් සිරුරට යටව තිබූ අතර අනෙක් අත තිබුණේ මිට මෙලවූ ඉරියව්වෙනි. ඇඳුමේ තිබූ රත් පැහැති පැල්ලම මත කැටයම් කළ මිටක් සහිත පැරණි පිහියක් විය. කර්නල් වරයාට අයත් පෞරාණික වස්තුවක් වූ එම පිහිය අමුත්තන්ට පෙන්වූයේ පෙර දිනයේය.

    Rs. 1,125.00
  • -10%
    (0)

    උමතු හස්තය – Umatu Hastaya

    ගුවන් අනතුරකින් තුවාල ලබන ජෙරී බර්ටන් සිය නැගණිය සමග ලිස්ටොක් ගම්මානයට පැමිණෙන්නේ ලන්ඩන් නුවර කලබලකාරී බවින් මිදී සාමකාමී පරිසරයක මාස කිහිපයක් විවේකීව ගත කිරීමේ අරමුණෙනි. එහෙත් ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ අනපේක්ෂිත සිදුවීම් මාලාවකට ය. අතිශයින් අප්‍රසන්න නිර්නාමික ලිපි මාලාවක් නිසා ලිස්ටොක් වැසියන්ගේ ජීවිත උඩු යටිකුරු වේ. එහෙත් එය ආරම්භය පමණි. අදිසි හස්තය ජීවිත බිලි ගැනීම අරඹයි.

    Rs. 810.00
  • -20%
    (0)

    අවියෙන් ලියූ අකුරු – Awiyen Liyu Akuru

    වසර ගණනාවක් අප රට වෙළාගෙන පැවති ජාතික ප්‍රශ්නය තේමා කර ගනිමින් උතුරේ ලේඛකයන් විසින් ලියන ලද ග්‍රන්ථ රැසක් මෑත කාලයේ ඉන්දියාවේ දී ප්‍රකාශයට පත්ව තිබේ. එම ග්‍රන්ථ අතර 2015 වසරේ දී ප්‍රකාශයට පත් වූ සාත්ත්‍රිගේ ‘ආයුද එළුත්තු’ නම් නවකතාව සුවිශේෂී ස්ථානයක් හිමි කර ගෙන ඇත. එය මේ වන විට ඉන්දියාව පමණක් නොව ලොව බොහෝ රටවල දමිළ පාඨක හා විචාරකයන්ගේ අවධානයට ලක් වු නවකතාවකි. මේ එහි සිංහල පරිවර්තනයයි.

    ජාතික ප්‍රශ්නයේ ‘ආරම්භක ජවනිකාවල’ සිට අවසන් කාලය දක්වා සිදු වූ විවිධ සිදුවීම් ඔස්සේ විකාශනය වන මෙම නවකතාවේ විශේෂත්වයක් නම් අප අසා තිබෙන සහ දැක තිබෙන බොහෝ ප්‍රකට සිදුවීම්වල අප නො දන්නා ‛තිරය පසුපස’ සත්‍ය සිදුවීම් රැසක් නිරූපණය කිරීමට මෙමගින් කතුවරයා උත්සුක වී තිබීමයි. මෙය මෙරට ඓතිහාසික නවකතාවක් යැයි හැඳින්වුව ද වරදක් ද නොවන්නේ එබැවිනි.

    වරෙක එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයකු වශයෙන් ද කටයුතු කර තිබෙන මෙහි කතුවරයා එහි දී තමන් ලද බොහෝ අත්දැකීම් නවකතාව ලිවීමේ දී උපයෝගී කර ගෙන තිබෙන අතර ඔහු මෙම කෘතිය තුළින් නවකතාවේ දෘෂ්ටි කෝණය පිළිබඳ කිසියම් අත්හදා බැලීමක් ද සිදුකරයි.

    Rs. 1,200.00
  • -15%
    (0)

    ඩ වින්චි කේතය – Da Vinci Code

    ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.

    පැරීසියේ ලුවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සොනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?

    Rs. 2,040.00
  • -10%
    (0)

    මැරෙන්න තීරණේ කරයි – VERONIKA MARENNA THIRANAYA KARA

    සාමාන්‍යයෙන් ගැහැනියක අපේක්ෂා කරන සෑම දෙයක්ම පාහේ වෙරෝනිකා සතු බව පෙනේ. ඈ තරුණ ය. රූමත් ය. කඩවසම් පෙම්වතුන්ගෙන්ද ඈට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට ප්‍රිය ය. ස්ථිර රැකියාවක් ද ඇත. එහෙත්, ඈ තුළ සතුට නැත. ජීවිතයේ කිසියම් දෙයක අඩුවක් ඈට දැනේ.

    1997 නොවැම්බර් 11 වැනි දා ඈ සියදිවි නසාගන්නට තීරණය ‌කරන්නීය. නිදිපෙති අධික ප්‍රමාණයක් පානය කරන ඈ මියයාම වෙනුවට පිස්සන් කොටුවකදී සිහිය ලබයි. තවම ජීවතුන් අතර සිටියද ඈ පානය කළ බෙහෙත් සැරට මොළය සදාකාලික අවදානමකට ලක් වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජීවිතය තව දවස් කිහිපයකට පමණක් සීමා වී ඇති බව වෛද්‍ය විශේෂඥවරු ඈට පෙන්නා දෙති.

    Rs. 765.00
  • -10%
    (0)

    අවුෂ්ව්ට්ස් ඝාතක කඳවුර – AUSCHWITZ GHATHAKA KANDAWURA

    අපකීර්තිමතේ නට්සි වධකාගාරය පිළිබඳ ලෝරන්ස් රිස් ගේ මෙම කෘතිය, ඝාතනය, කෲරත්වය, වික්රමය, පලා යෑම සහ නොනැසී පැවැත්ම පිළිබඳ අනුස්මරණීය කතාන්තරයකි.
    ‘බ්රිතාන්ය ජනගහනයෙන් අඩක් අවුෂ්ටිට්ස් ඝාතක කඳවුරක් ගැන කිසි දවසක අසා නැති පාට යි. ඉතිරි පිරිසෙන් සමහරෙක්, ඒ ගැන තවත් කීමට යමක් ඉතිරිව නැතැයි සිතත්. එහෙත්, තව සොයා ගැනීමට අනන්තවත් රහස් ඇති බව ලෝරන්ස් රිස් පෙන්වා දෙයි. ඉන් සමහරක්, ඊට සම්බන්ධ අපරාධකාරයන් සහ එම අපරාධයෙන් දිවි ගලවා ගත්තවුන් සොයා යමින් එකතු කරගත් අගනා තොරතුරු වලින් පොහොසත් වීම අතිශය වැදගත්…
    නිල් අවර්සන්, ඔබ්සර්වර් මිනිසාට එරෙහිව මිනිසාගේ අමනුෂ්යත්වයේ තරම වටහා ගැනීමේ යතුරක්
    හයන් තොම්සන්, ගාඩියන්
    Rs. 1,305.00
  • -20%
    (0)

    හිට්ලර් ඊවා අමරනීය ආදරය – Hitler Eva Amaraneeya Adaraya

    නාසි ජර්මන් අධිරාජ්‍යයේ ඒකාධිපති පාලකයා ලෙස 1933 – 1945 අතර සමයේ සිය අණසක පතුරුවා සිටි ඇඩොල්ෆ් හිට්ලර් ඉතිහාසයට එක්ව ඇත්තේ මේතාක් ලොව පහළ වූ අතිශයින් කෲරතර ජන සංහාරකයන් අතුරින් කෙනෙකු ලෙසටය. ඔහු ගැන සඳහන් කරන හැම ලේඛකයෙකුම පාහේ ඔහුගේ ජීවිතයේ එම ප්‍රකට පැතිකඩ ඉස්මතු කර දැක්වීමට යත්න දරා තිබීම ස්වාභාවික ය. එහෙත් ඒ සැවොම වාගේ අමතක කර ඇති එක් කරුණක් වන්නේ ඔහු තුළ සැබෑ ආදරවන්තයෙකු මෙන්ම උසස් රසිකත්වයෙන් හෙබි කලාකාමියෙකු ද සැඟව සිට ඇති බව ය. ඊවා බ්‍රෝන්ට සිය පණ මෙන් ආදරය කළ ඔහුට සිය මරණය දක්වා ම ඇගෙන් තොර ලෝකයක් නොවීය. එසේම සංගීතය සහ සාහිත්‍යය යන කලාවන් පිළිබඳව ඔහු තුළ පැවති උසස් රුචිකත්වය කෙතරම් ද යන්න විදහා දැක්වෙන අවස්ථා ද ඔහුගේ චරිතයේ විරල නැත. රිචඩ් වාග්නර්ගේ සංගීතයට වශීව ඔහු ඊට ලොබ බැඳ සිට ඇත්තේ ඇදහිය නොහැකි ආකාරයට ය. එලෙසම සම්භාවනීය ජර්මන් ලේඛකයන් වූ වොෆ්ගන්ග් ගොන්තේ, ප්‍රීඩ්‍රිච් ෂිලර් වැන්නවුන් ඔහුගේ නිබඳ ඇගයුමට පාත්‍රවී තිබීමෙන් පෙනී යන්නේ ඔහු ඔවුන්ගේ කෘති ඇසුරු කර ඇති බවය. මෙම කෘතියෙන් කෙරෙන්නේ හිට්ලර්ගේ ජීවිතය පිළිබඳව සැඟව පවතින එකී පැතිකඩවල් නිරාවරණය කිරීමය.

    Rs. 720.00
  • -20%
    (0)

    සැඟවුණු උයන – Sangauna Uyana

    ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති අවධියේ
    එහි සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික යුවළකට දාව උපන් මේරි
    ලෙනොක්ස් දැරීය ළපටි වියේදීම මෙලොව තනිවෙයි.
    යෝක්ෂර් හි වෙසෙන ධනවත් ඥාතිවරයකු වෙත යවන
    ලද මේරි ඔහුට අයත් අති විශාල ගෘහයෙහි ද, කෙළවරක්
    නොදැකිය හැකි වතුපිටිවල ද නිතර සැරිසැරීමට පුරුදුව
    සිටියාය. දිනෙක අහම්බෙන් මෙන් සියල්ලන්ගේම
    මතකයෙන් ගිලිහී, සැඟව තිබූ උයනක් ඇයට හමුවෙයි. ඒ
    වනතුරුම කිසිවෙකු හෝ කිසිවක් ගැන තැකීමක් නොකළ
    දඩබ්බර චරිතයක් වූ මේරි මේ රහස් උයන කෙරෙහි
    ඇල්ම උපදවා එය යථා තත්ත්වයට පැමිණවීමට දැඩි සේ
    වෙහෙසෙයි. රහස් උයන මල් ඵල දරා වැඩෙත්ම ඇයගේ
    චරිතය ද පරිවර්තනයකට ලක්වෙයි.

    Rs. 960.00
  • -10%
    (0)

    පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි – Piyedra-Gangabada Hinda Mama Welapunemi

    පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි. මේ ගංදියට පතිත වන – තුරුපත්, කුරා කුහුඹුන්,කුරුලු පිහාටු – ඈ සියල්ලක්ම ගංපත්ල සුසැදි පාෂාණ බවටම පත්වන්නේ යැයි පුරා වෘත්තයක් වෙයි. මගේ හදවත මුලිනුදුරා මේ දිය වැලට වීසි කර දමන්නට මට හැකි වී නම්, එවිට මගේ වේදනාවන් සහ අධිකතර ලාලසාවන් නිමා වී අවසානයේදී සියල්ල අමතක කර දමන්නට මට හැකි වේවි.
    පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි. සිසිර සුළඟින් සීත මා කොපුල්තල මත වූ කඳුළු බිඳු මා අතැර යන දියවරට පතිත වේ. කොහේදී හෝ මේ ගඟ තවෙකක් හා එක් වී, ඉනිදු නොනැවතී මගේ හදවතින් සහ පේන මානයෙන් එපිට ඉසව්වකදී මුහුද හා මුසු වේ. යම් දිනෙක මා, මගේ පෙම්වතා වෙනුවෙන් හැඬු බව කිසි දිනෙක ඔහුට නොදැනෙන තරම් දුරකට මගේ කඳුළු බිඳු බොහෝ ඈතක ඇදී යාදෙන්. පියෙද්රා ගඟත්, ආශ්රමයත්, පිරනීස්හි දෙව් මැඳුරත්, මීදුම සහ අප එක්ව ඇවිද ගිය මංමාවත් සියල්ලත් මට අමතක කළ හැකි තරම් දුරකට මගේ කඳුළු බිඳු බොහෝ ඈතක ඇදී යාදෙන්.
    Rs. 810.00