පරිවර්තන

  • -20%
    (0)

    “අරණකට පෙම් බැඳ”

    මුකුත් නෑ. මේ මල් ඇට වගයක්.
    මම පුදුමයට පත්වීමි. මොහු හිටවන්නේ කුමන මල් ඇට වර්ගයක්ද?

    Rs. 960.00
  • -20%
    (0)

    “සම්භවය”

    අප පැමිණියේ කොතැනක සිට ද ?
    අප යන්නේ කොතැනකට ද ?

    Rs. 2,320.00
  • -20%
    (0)

    අවියෙන් ලියූ අකුරු – Awiyen Liyu Akuru

    වසර ගණනාවක් අප රට වෙළාගෙන පැවති ජාතික ප්‍රශ්නය තේමා කර ගනිමින් උතුරේ ලේඛකයන් විසින් ලියන ලද ග්‍රන්ථ රැසක් මෑත කාලයේ ඉන්දියාවේ දී ප්‍රකාශයට පත්ව තිබේ. එම ග්‍රන්ථ අතර 2015 වසරේ දී ප්‍රකාශයට පත් වූ සාත්ත්‍රිගේ ‘ආයුද එළුත්තු’ නම් නවකතාව සුවිශේෂී ස්ථානයක් හිමි කර ගෙන ඇත. එය මේ වන විට ඉන්දියාව පමණක් නොව ලොව බොහෝ රටවල දමිළ පාඨක හා විචාරකයන්ගේ අවධානයට ලක් වු නවකතාවකි. මේ එහි සිංහල පරිවර්තනයයි.

    ජාතික ප්‍රශ්නයේ ‘ආරම්භක ජවනිකාවල’ සිට අවසන් කාලය දක්වා සිදු වූ විවිධ සිදුවීම් ඔස්සේ විකාශනය වන මෙම නවකතාවේ විශේෂත්වයක් නම් අප අසා තිබෙන සහ දැක තිබෙන බොහෝ ප්‍රකට සිදුවීම්වල අප නො දන්නා ‛තිරය පසුපස’ සත්‍ය සිදුවීම් රැසක් නිරූපණය කිරීමට මෙමගින් කතුවරයා උත්සුක වී තිබීමයි. මෙය මෙරට ඓතිහාසික නවකතාවක් යැයි හැඳින්වුව ද වරදක් ද නොවන්නේ එබැවිනි.

    වරෙක එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයකු වශයෙන් ද කටයුතු කර තිබෙන මෙහි කතුවරයා එහි දී තමන් ලද බොහෝ අත්දැකීම් නවකතාව ලිවීමේ දී උපයෝගී කර ගෙන තිබෙන අතර ඔහු මෙම කෘතිය තුළින් නවකතාවේ දෘෂ්ටි කෝණය පිළිබඳ කිසියම් අත්හදා බැලීමක් ද සිදුකරයි.

    Rs. 1,200.00
  • -10%
    (0)

    අවුෂ්ව්ට්ස් ඝාතක කඳවුර – AUSCHWITZ GHATHAKA KANDAWURA

    අපකීර්තිමතේ නට්සි වධකාගාරය පිළිබඳ ලෝරන්ස් රිස් ගේ මෙම කෘතිය, ඝාතනය, කෲරත්වය, වික්රමය, පලා යෑම සහ නොනැසී පැවැත්ම පිළිබඳ අනුස්මරණීය කතාන්තරයකි.
    ‘බ්රිතාන්ය ජනගහනයෙන් අඩක් අවුෂ්ටිට්ස් ඝාතක කඳවුරක් ගැන කිසි දවසක අසා නැති පාට යි. ඉතිරි පිරිසෙන් සමහරෙක්, ඒ ගැන තවත් කීමට යමක් ඉතිරිව නැතැයි සිතත්. එහෙත්, තව සොයා ගැනීමට අනන්තවත් රහස් ඇති බව ලෝරන්ස් රිස් පෙන්වා දෙයි. ඉන් සමහරක්, ඊට සම්බන්ධ අපරාධකාරයන් සහ එම අපරාධයෙන් දිවි ගලවා ගත්තවුන් සොයා යමින් එකතු කරගත් අගනා තොරතුරු වලින් පොහොසත් වීම අතිශය වැදගත්…
    නිල් අවර්සන්, ඔබ්සර්වර් මිනිසාට එරෙහිව මිනිසාගේ අමනුෂ්යත්වයේ තරම වටහා ගැනීමේ යතුරක්
    හයන් තොම්සන්, ගාඩියන්
    Rs. 1,305.00
  • -10%
    (0)

    උමතු හස්තය – Umatu Hastaya

    ගුවන් අනතුරකින් තුවාල ලබන ජෙරී බර්ටන් සිය නැගණිය සමග ලිස්ටොක් ගම්මානයට පැමිණෙන්නේ ලන්ඩන් නුවර කලබලකාරී බවින් මිදී සාමකාමී පරිසරයක මාස කිහිපයක් විවේකීව ගත කිරීමේ අරමුණෙනි. එහෙත් ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ අනපේක්ෂිත සිදුවීම් මාලාවකට ය. අතිශයින් අප්‍රසන්න නිර්නාමික ලිපි මාලාවක් නිසා ලිස්ටොක් වැසියන්ගේ ජීවිත උඩු යටිකුරු වේ. එහෙත් එය ආරම්භය පමණි. අදිසි හස්තය ජීවිත බිලි ගැනීම අරඹයි.

    Rs. 810.00
  • -15%
    (0)

    කැම්බයිසෙස් සේනාංකය – Cambyses Senankaya

    ක‍්‍රිස්තු පුර්ව 523දී පර්සියානු ඵාරාවෝ කෙනෙක් වූ කම්බයිසස් ඊජිප්තුවේ බටහිර කාන්තාරය වෙත පනස් දහසක රණශුරයින්ගෙන් යුතු සිය හමුදා ඛණ්ඩයක් යැව්වේ සිවා කාන්තාරයෙහි පිහිටි අමුන් නැමති දේවාලයක් විනාශ කිරීමේ අපේක්ෂාවෙනි. වංශකථාවලට අනුව හදිසියේ ඇතිවූ වැලි කුණාටුවකට හසුවී ඔහුගේ සම්පූර්ණ හමුදාව සහමුලින්ම විනාශයට පත්විය.
    ශහස‍්‍රවර්ෂ දෙකහමාරකට පසුව අංගෙ#ඡ්දනය වූ මි#නියක් ලූක්ෂෝර්වල නයිල් නදියේ ඉවුරට ගොඩ ගසනු ලැබීය. කයිරෝවේ විසූ පුරාවස්තු වෙළෙන්දෙක් ද සාහසික ලෙස ඝා#තනය කර තිබින. සඛ්කාරාවල පුරාතණ සුසාන භූමියක කැනීම් කටයුතු කළ බි‍්‍රතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයෙක් ද අබිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගන්නා ලදී.
    මෙම සිදුවීම්වල එකකට එකක සම්බන්ධතාවයක් පෙනුනේ නැත. එහෙත් ලූක්ෂෝර් පොලිසියේ රහස් පරීක්ෂක යුසුෆ් ඛලිෆා තුළ ඇතිවූයේ දැඩි සැකයකි. පුරාවිද්‍යාඥාගේ දියණිය වූ ටාරා මල්රේ පුරාණ රූපාක්ෂර ලේඛනයක කොටසක් සොයාගැනීමෙන් පසුව පරීක්ෂණ එකවරම අනතුරුදායක තත්ත්වයකට පත්වූයේ දැරිය නොහැකි උෂ්ණත්වයක් සහිත කාන්තාරයට පිවිසීමට සිදුවූ නිසාය.
    එහිදී ඔවුන්ට මුහුණ පාන්නට සිදුවුන විශ්වාස කළ නොහැකි සිදුවීම් මාලාවක් පෝල් සස්මන්ගේ ‘ද ලොස්ට් ආමි ඔෆ් කම්බයිසස්’ කෘතියේ ඇතුළත්ය.

    Rs. 1,530.00
  • -20%
    (0)

    කැස්පියන් කුමාරයා (NARNIA)

    පිවෙන්සි සොයුරු සොයුරියෝ ඉපැරැණි ඉන්ද්‍රජාල භාණ්ඩයක මායා බලයෙන් යළිත් වරක් නානියා දේශය කරා පැමිණෙති. එහෙත් මෙහි දී ඔවුන්ට දැන ගැනීමට ලැබෙන්නේ, තව දුරටත් එය ඔවුන් දැන සිටි නානියා දේශය නො වන බව ය. දැන් නානියාව පාලනය කරනුයේ ටෙල්මර් නමැති දුර ඈත දේශයකින් පැමිණි දුෂ්ට මනුෂ්‍ය පිරිසකි. තමන් ආදරය කළ නානියා දේශය එහි පෙර පැවති ශ්‍රීවිභූතිය වෙත යළි එසැවීමට පිවෙන්සිලා කැස්පියන් නමැති ටෙල්මර් කුමාරයාට නානියාවේ සිහසුනෙහි හිඳ ගැනීමට උපකාර කළ යුතු ය!

    සී. එස්. ලුවිස් නමැති අග්‍රගණ්‍ය ඉංග්‍රීසි ලේඛකයාගේ නානියා වංශ කතා මාලාවේ දෙ වැන්න වන ‘කැස්පියන් කුමාරයා’ ලෝක සාහිත්‍යයේ ෆැන්ටසි ශානරයට අයත් ළමා ප්‍රබන්ධ නිර්මාණ අතර ඉදිරියෙන් ම තිබෙන්නකි. පසු කාලයක දී සිනමාවට ද නැඟී තව තවත් ජනප්‍රියත්වයට පත් මේ රසවත් නව ප්‍රබන්ධය, ලොව පුරා දරු දැරියන්ගේ මෙන් ම වැඩිහිටි පාඨකයන්ගේ ද ආදරය නොමඳ ව දිනා ගත්තකි.

    Rs. 960.00
  • -20%
    (0)

    ගිකෝර්

    Rs. 360.00
  • -20%
    (0)

    ගිම්හාන ගීතය – Gimhana Geethaya

    එවකට පහළොස් වන වියේ පසු වු මයිකල් බර්ග්ට ඔහුට වඩා දෙගුණයක් වයසැති හනා ස්මිට්ස්ව මුණගැසුණේ අහඹු සිද්ධියක් මඟිනි. ඔවුන් දෙදෙනා අතර වූ සරාගී ප්රේම සම්බන්ධය ඒ ගිමිහානය හරහා යන්ත්රයක් නොමැති අහස් යානයක් මෙන් පාව ගියේය. දිනක් ඇය ඔහුටද නොදන්වා නගරය අතහැර ගියාය. ඉන් වසර කීපයකට පසු මයිකල් බර්ග් විශ්වවිද්යාලයේ නිති පීඨයේ නීතිය හදාරමින් සිටි අතර දෙවන ලෝක යුද්ධ සමයේ නාසි වධකාගාරයක යුදෙව් ජාතිකයන් ඝාතනයකර දැමීමට හවුල් වූ කාන්තාවන් කීපදෙනෙකුට විරුද්ධව ඇසුණු නඩුවක් බැලීමට යයි. එහිදී මයිකල්ට හනා ස්මිට්ස්ව නැවත මුණගැසෙයි. ඇය නඩුවේ විත්තිකාරිය බැව් දැනගැනීමට ලැබෙයි. සිය භද්ර යෞවනයේදී පළමුවෙන්ම ස්ත්රීපුරුෂ සම්භෝගයේ අ ආ යන්න ඔහුට කියාදුන් මේ යුවතිය දැකීමෙන් මයිකල් පුදුමයට පත් වෙයි. නඩුවෙන් වරදකාරිය බවට පත්වන ඇයට අධිකරණය වසර දහඅටක සිර දඩුවමක් නියම කරයි. ‘හැමදාම මගෙ හිතට වධ දීපු කාරණයක් තමයි.. ඔය කිසිම කෙනෙකුට මාව තේරුම් ගැනීමට බැරිවීම.. ඒ විතරක් නෙමෙයි මට ඒ දේවල් කරන්නට සිදු වුණේ මොකද කියලා කවුරුවත් දැනගෙන හිටියේ නෑ..එහෙම දැන හිටියා නම් මාව උසාවියකට කැඳවලා නඩු අහන්නේ නෑ.. ඒ ඇත්ත සිද්ධිය දැනගෙන හිටියෙ ඒ වධකාගාරයේදී මැරුණ අය විතරයි… මේ හිරගෙදර සිටි කාලය තුළ ඒ මැරිච්ච අය මාව සොයාගෙන ආවා.. මම කැමති වුණත් නැති වුණත් සෑම රාත්රියකම ඒ අය මාව සොයාගෙන ආවා.. නඩුවට ඉස්සෙල්ලා ඒ මැරිච්ච මිනිස්සු මා ළඟට ආව නම් අන්ව එළවලා දමන්නට මට හැකියාව තිබුණා. ඒත් දැන්

    Rs. 600.00
  • -20%
    silvabookshop.lk_ guru_geethaya
    (0)

    ගුරු ගීතය – Guru-Geethaya කෙහෙලි ප්‍රකාශන

    එසේ වුණද ඇඳ අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමඟ කතා කිරිමට මා කැමතිය.ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී.මා අඳින චිත්රය පළමුවැනි ගුරුවරයාට,අපේ අයිලයේ පළමුවැනි කොමියුනිස්ට් වාදියාට දුයිෂෙන්ට කැප කරන බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි මම සිතමි. සටන් වලින් පිරී, ඒ අසීරු ජීවිතයත්, විවධ ඉරණම්වලට කැපවු මිනිස් හැගීම් සහ බලාපොරොත්තුත් තෙලි තුඩින් හා සායම්විලන් පිළිබිඹු කල හැකිදැයි මම නොදනිමි.සියල්ල කැටිකොට දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද මා ආසා කරන්නේ මගේ අදහස් ඔබට කියාපෑමට පමණක් නොවේ.ඔබ මා සමඟ එක්වි නිර්මාණාත්මක කලාවේ කොටස්කරුවෙකු විය යුතුය.

    Rs. 280.00
  • -15%
    (0)

    චයිනමන්

    බූකර් සම්මාන ලාබි ශෙහාන් කරුණාත්ලකගේ ප්රථම නව කතාව මෙන්ම, වැඩිම ජාත්යන්තර සම්මාන ලාබි ශ්රී ලාංකික නවකථාව.

    Rs. 590.00
  • -15%
    (0)

    ඩ වින්චි කේතය – Da Vinci Code

    ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.

    පැරීසියේ ලුවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සොනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?

    Rs. 2,040.00
  • -10%
    (0)

    දකින්න වෙනස්ව ජීවිතය – Atomic Habits

    ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩනැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වන ජේම්ස් ක්ලියර් විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී.

    ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.

    Rs. 900.00
  • -10%
    silvabookshop.lk_Drushtimaanayata_Obbensilvabookshop.lk_Drushtimaanayata_Obben
    (0)

    දෘෂ්ටිමානයට ඔබ්බෙන් – Drushtimaanayata Obben

    යතුරු සාදන්නෙකුගේ දියණිය වූ මරි-ලෝ ලුබ්ලෝ සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවෙසට එන පාර සොයාගැනීම ඉගෙනගැනීම සඳහා ඇගේ පියා, පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩනඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය.

    වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙකි. තම පියා ජීවිතක්ෂයට පත්වූ ගල්-අඟුරු පතලේම ශ්‍රමය වැගිරීමට දෛවෝපගතවම ඔහුට නියම වී තිබේ. එහෙත් කැඩුණු රේඩියෝවක සුන්බුන් අහම්බෙන් සොයාගන්නා හේ, එය අලුත්වැඩියා කරන අතර, හදිසියේම ඔහුගේ දිවිය ශක්‍යතාවයකින් බැබළෙන්නට පටන්ගනියි. ඔහුගේ සහජ දක්ෂතාවයන් ඔහුට උසස් හමුදා ඇකඩමියකට ඇතුළුවීමේ වරම දිනා දෙයි.

    එහෙත් කෙතරම් කැපකිරීමක් කරනු ලැබුවද ඔහුට තම සිහිනය ලුහුබැඳ යාමට හැකිවේද?

    සැතපුම් සිය ගණනක් එපිට, මහා සාගරය අබියස පිහිටි, ප්‍රාකාරයෙන් වටවූ නගරයක, දීර්ඝ කාලයකට පෙර අහිමි වී ගිය කටහඬකට සවන්දෙන වයෝවෘද්ධ මිනිසෙක්, කිසිම දිනෙක සිය නිවෙසින් පිටතට අඩියක් හෝ නොතබමින් නවමු වචන හෙළිදරව් කරගනියි. තවමත් සිද්ධ නොවූ, එහෙත් සිදුවීමට ආසන්නව පවතින අනතුරක් විසින් ඔහුට සදාකාලිකවම නිවෙස තුළට වී ලෝකයෙන් සැඟවී සිටින්නට ඉඩදෙනු නොලැබෙයි.

    යුරෝපය දැඩි ලෙස යුද්ධය විසින් ගිලගනු ලැබුවා වූත්, එම අවාසනාවන්ත වාතාවරණය තුළ අනාවැකි පළකළ නොහැකි අන්දමට ජන ජීවිතය කඩා ඉහිරීගියා වූත් සමයක, නියමයක් නොමැති සියලුම විෂම දෑට එරෙහිව මිනිසුන් යහපත් දේ කිරීමට උත්සාහ කරනු ලබන්නේ කෙලෙසින්ද යන වග, ‘දෘෂ්ටිමානයට ඔබ්බෙන්’ නවකතාව ප්‍රදීපනය කරයි.

    එය ධෛර්යය, පරිත්‍යාගය හා කැපකිරීමෙහි චිත්තාකර්ෂණීය අන්දරයකි. එමෙන්ම නිර්දෝෂීභාවය වෙනුවෙන් ගැයෙනා අතිශය ප්‍රබල ශෝකාලාපයකි.

     

    Rs. 2,340.00
  • -20%
    (0)

    ධනවත් පියා,දිළිඳු පියා

    Rich dad, Poor dad ග්‍රන්ථය රචනා කළ රොබට් ටී. කියෝසාකි සැලකෙන්නේ ලක්ෂපතියන්ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක්ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් , අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම, පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුමක්ම පමණක් වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලු වලට මුහුණ දෙන බවද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපිව අලුත් විධියට සිතන්නට පුරුදු කරන ග්‍රන්ථයක් බව ඔබට කීවේ එහෙයිනි. එමෙන්ම මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි. මන්ද මෙහි සෑම වදනකින්ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.

    Rs. 736.00
  • -10%
    (0)

    නත්තල් පුඩිමේ අභිරහස සහ තවත් කතා – Nattal Pudime Abirahasa

    ඇත්තෙන්ම එම දර්ශනය දිස්වූයේ නාට්‍යයක කොටසක් මෙනි. යාර කීපයක් ඈතින් බ්‍රිජට් හිම මත වැතිර සිටියාය. ඇය තද රතු පැහැති රාත්‍රී ඇඳුමක් ඇඳ සිටි අතර සුදු පැහැති වූල් මෆ්ලරයක් උරහිස වටා ඔතා තිබිණි. සුදු මෆ්ලරය පුරා රතු පැහැති පැල්ලම් විය. පසෙකට හැරී තිබුණ මුහුණ තද කලු කෙස් කළඹෙන් වැසී තිබිණි. එක් අතක් සිරුරට යටව තිබූ අතර අනෙක් අත තිබුණේ මිට මෙලවූ ඉරියව්වෙනි. ඇඳුමේ තිබූ රත් පැහැති පැල්ලම මත කැටයම් කළ මිටක් සහිත පැරණි පිහියක් විය. කර්නල් වරයාට අයත් පෞරාණික වස්තුවක් වූ එම පිහිය අමුත්තන්ට පෙන්වූයේ පෙර දිනයේය.

    Rs. 1,125.00