යොවුන් නවකතා

  • -10%
    (0)

    පර්සි ජැක්සන් සහ අවසන් ඔලිම්පියනුවා – Percy jackson saha awasan olympianuwa

    පුපුරන ද්‍රව්‍ය සමඟ ගිය නැවේ සවාරිය ලෝක විනාශය පටන් ගත්තේ පෙගසස් කෙනෙක් මගේ කාරයේ වහලය මතට ගොඩ බැවට පස්සෙයි. ඒ වෙන කල්ම මම හිටියේ වැදගත් හවස් වරුවක් ගත කරමිනුයි. අවුරුදු දහසය ලබන්න තවත් සතියක කාලයක් තිබුණු නිසා මට නීත්‍යානුකූලව වාහන පදවන්න අවසර තිබුණේ නැහැ. ඒත් මගේ අම්මා සහ බාප්පා, පෝල්, මාවයි මගේ යාළුවා රේවල්වයි දකුණු වෙරළේ තිබුණු පෞද්ගලික වෙරළ තීරයකට කැඳවාගෙන ගියාට පස්සේ පෝල් මට එයාගේ ප්‍රියස් කාරය කෙටි දුරක් පදවාගෙන යන්න ඉඩ දුන්නා. දැන්, ඔයා හිතන්නේ මොනවද කියලා මම දන්නවා. අයියෝ. එයා නම් කිසිම වගකීමක් නැති මනුස්සයෙක් නේ, බලාහ්, ලාහ්. බ්ලාහ්. ඒ වුණාට පෝල් මං ගැන සැහෙන හොඳින් දන්නවා. මම රාක්ෂයින්ව පෙති ගහන හැටි සහ පුපුරා යන පාසල් ගොඩනැගිලි වලින් එළියට පනින හැටි පවා එයා දැකලා තියෙනවා. ඉතින් මම ජීවිතේට කරලා තියෙන අනතුරුදායක ම වැඩේ කාරයක් යාර දෙතුන් සීයක් පදවාගෙන යන එක නෙවෙයි කියලා එයා තේරුම් අරන් ඉන්න ඇති. කොහොම හරි, රේචල් සහ මම ඉදිරියට පදවාගෙන යමින් සිටියා. එදා අගෝස්තු මාසයේ උණුසුම් දවසක්. රේචල් එයාගේ රතු කොණ්ඩය පිටුපසට කර පෝනි ටේලයකට ගැට ගසාගෙන,

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,620.00.
  • -10%
    (0)

    පර්සි ජැක්සන් සහ අකුණූ හොරා – Percy jackson saha akunu hora

    මෙහෙමයි. මට උප දෙවියෙක් වෙන්න කොහෙත්ම උවමනා වුණේ නෑ. ඔයා මේක කියවන්නේ ඔයත් එහෙම කෙනෙක් කියලා හිතන නිසා නම්, මගේ උපදේශය තමයි. දැන්මම මේ පොත පැත්තකින් තියන්න. ඔයාගේ අම්මා හරි තාත්තා හරි ඔයාගේ උපත ගැන කියන ඕනෑම බොරුවක් විශ්වාස කරගෙන සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න උත්සාහ කරන්න. උප දෙවියෙක් වීම හරිම අන්තරාදායක, භය උපදවන දෙයක්. හුඟක් වෙලාවට ඒක ඔයාව වේදනාකාරි සහ නිර්දය විදිහට මරණයට පත් කරවාවී. ඔයා සාමාන්‍ය ළමයෙක් නම්, මේ පොත ප්‍රබන්ධයක් කියලා හිතන නිසා කියවනවා නම්, හොඳයි. දිගටම කියවන්න. මේ දේවල් කවදාවත් සිද්ධ නොවූවා කියලා විශ්වාස කරන්න ඔයාලට පුළුවන් වීම ගැන මට ඉරිසියයි. ඒත් ඔයා මේ පිටු අතර ඔයාවම දකිනවා නම්, එහෙමත් නැත්නම් ඔයා තුළ යමක් කැලතෙනවා වගේ හැඟීමක් දැනෙනවා

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,620.00.
  • -10%
    (0)

    අතුරුදහන් යුවතියෝ – athurudahan yuwathiyo

    ඔහු තවදරටත් මංමුළා කිරීමටත්, ඔහු ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කළ තැනැත්තා ගැන මතකයෙන් තව තවත් ඈත් කරවීමටත් සමත් විය. තමා ඇමතුම් ලබාගන්නේ කවුරුන් වෙතදැයි ඔහු දැන සිටියත් අපි ඇමතුමට පිළිතුරු ලබා දෙන මොහොත වනවිට ඔහුගේ මතකයෙන් අප පිලිහී යයි. ඉන්පසු අපගේ හඬ ඔහුට නිදහස් වා තලයේ රැදුණු නොහඳුන හඬක් පමණත්ම වේ. මම ලිපිය දිග හැරියෙමි. සටහන් පොතසින් රළු ලෙස ඉරාගත් තනිරූල් කොළයක ඔහුගේ අත්අකුරු රුල් වලින් පිටකට යන පරිදි වම්පසට බරව ලියා තිබුණේ ලියා තැබීමට අවැසි වූ දැ සිය මතකයෙන් ගිලිහී යාමට මත්තෙන් කොළයේ සටහන් කිරීමට තරගයක යෙදුණාක් පරිද්දෙනි. එහි කිසිදු සුබ පැතුමක් නොවීය. ලිපියේ නිමාවක් පවා නොවීය. වෙවුලන අතක ලිපිය රඳවාගත් මම යළිත් ඩැනියෙල්ව ඇමතීමි. ඔයාගේ පණිවුඩය ලැබුණා.’ මම පැවසීමි. ‘මම ගෙදර එනවා. මට කියන්න මොකක්ද සිද්ධවෙන්නෙ කියලා.

    Original price was: Rs. 1,750.00.Current price is: Rs. 1,575.00.
  • -10%
    (0)

    පර්සි ජැක්සන් සහ වංගගිරියේ සටන – Percy jackson saha wangagiriye satana

    මේ හිම්හාන නිවාඩු කාලේ මීට කරන්න උවමනා වුණු අන්තිම දේ වුණේ තවත් ඉස්කෝලයක් පුපුරුවා දමන එකයි. ඒ කොහොම වුණත් ජුනි මාසේ පළවෙනි සතියේ. සඳුදා උදේ, මම අම්මාගේ කාරයේ වාඩි වී සිටියේ නැගෙනහිර 81 වෙනි වීදියේ පිහිටි ගුඩු උසස් පාසල ඉදිරිපිටයි. ඒක නැගෙන හිර ගඟට ඉහළින් සෑදු දුඹුරු පාට ලොකු ගොඩනැගිල්ලක්. එය ඉදිරිපිට බී.එම්.ඩබ්ලිව්. සහ ලින්කන් ටවුන් කාර් පොකුරක් ගාල් කර තිබුණා. එහි අරුමෝසම් ගල් ආරුක්කුව දිහා බලාගෙන මම කල්පනා කළේ මෙතැනින් මාව දොට්ට දාන්න කොයි තරම් වෙලාවක් යාවිද කියලයි. සැහැල්ලු වෙන්න. මගේ අම්මගේ හඬෙ නම් සැහැල්ලු ගතියක් ගෑවිලාවත් තිබුනේ නැහැ. මේක ඉස්කෝලෙ කොහොමද කියලා බලන්න යන ගමනක් විතරයි නේ. හැබැයි මතක තියාගන්න. වස්තු වේ. මේක පෝල්ගේ ඉස්කෝලේ. ඒ නිසා ඒක .. ඔයා දන්නවා නේ? විනාශ කරන්නැතුව ඉන්න බලන්න? *

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.
  • -10%
    (0)

    සුදු ගෝනා – Sudu gona

    A R. L. SPITTEL WHERE THE WHITE SAMBHUR ROAMS පර්වර්තනය ඒ. පී. ගුණරත්න එක් දිනක් හවස කෑම කා විවේක ව සිටින හෑන්ස් වැදි පිරිස අමතා, හෙට මම ගමනක් පිටත් වෙලා යනවා හුග දවසකට ආපහු එන්නෙ නෑ” යි කිය මෙයින් පුදුමයට පැමිණි බවක් පෙන්නු රන්දුනා, අර හාමුදුරුවන් ඉන්න ගල් ගෙට යනවා නෙවෙයි මම් හිතනවා. ඇයි එහෙ ආයෙමත් යන්නෙ නැහැ කීවා නේ. යි පැවසී ය. “නෑ. මම ගිගින් එන්ඩ ඕනෑ මා කලින් හිටපු වේල අද්දරට. එහෙ මගෙ යාළුවන් කීප දෙනෙක් ඉන්නවා. මම ගිහින් ඔවුන් දැකලා එන්නට ඕනෑ.” ” මොන යාළුවන් ද? අපි හිතාගෙන හිටියෙ මෙහාට එන්න ඉස්සර වෙලා කිසි ම යාළුවකු හිටියෙ නෑ කියාලායි. ” ඔව්, මිනිස් යාළුවන් මට හිටියෙ නැහැ. ඒත් මට එහෙදී කිරි දීපු මී දෙනක්, නයකුගෙන් මගෙ දිවි ගළවා දීපු මුගටියෙක්. ඒ ඔක්කොටම වඩා මිත්‍ර සුදු ගෝන නාම්බෙක් එහෙ ඉන්නවා. රනීගේ දෙනෙත් මහත් විය. අපි සේරම යමු. මාත් ආසයි ඒ විල් එළිය දකින්න. ‘

    Original price was: Rs. 1,480.00.Current price is: Rs. 1,332.00.
  • -10%
    (0)

    ලස්සන වසිලිස්සා – LASSANA WASILISSA

    එකෝමත් එක රටක, බොහොම ඉස්සර කාලේ, එක පුංචි ගෙදරක මහල්ලෙකුයි මැහැලියකුයි හිටියා. මේ දෙදෙනාට හිටියෙ එකම එක දුවක් විතරයි. එයාගෙ නම වසිලිස්සා. ඒ ගොල්ලො බොහොම හොඳට ජීවත් වුණා. හිටි හැටියේම ඒ ගොල්ලන්ට විපතක් සිදු වුණා. වසිලිස්සාගේ මහලු මව අසනීප වුණා. ඇගේ මරණය ළං වුණා. අම්මා වසිලීස්සාට කතා කරලා, ඈට බෝනික්කකු දීලා මෙහෙම කීවා.
    ” අනේ හොඳ දුවේ, මේ බෝනික්කාව කාටවත්ම පෙන්වන්නේ නැතිව පරිස්සම් කර ගනින්. නුඹට විපතක් සිදු වුණොත්, බෝනික්කාට කෑම ටිකක් දීලා උපදෙස් ලබා ගනින්. එයා නුඹට පිහිට වේවි. “
    අම්මා වසිලීස්සාව සිප ගත්තා. ඊට පස්සේ ඈ මළා.
    වසිලිස්සාගේ මහලු පියා ටික කලක් දුක් වුණා. පසුව ඔහු වෙනත් ගෑනියක විවාහ කර ගත්තා. තාත්තා හිතුවේ ඈ හොඳ කෙනෙකු හැටියටයි. එහෙත් ඈ නපුරුයි. වසිලිස්සාව කුඩම්මාට භාර දුන්නා.
    කුඩම්මාට දූවරු දෙදෙනෙක් හිටියා. මේ දෙදෙනා නපුරුයි. මෝඩයි, දඟකාරයි. කුඩම්මා ඇගේ දූවරුන්ට ආදරය කළා. උන්ව හුරතල් කළා. ඈ වසිලිස්සාට නිතරම බණින්නට වුණා. වසිලීස්සාගේ ජීවිතය දුකින් පිරුණා. කුඩම්මයි ඇගේ දූවරු දෙදෙනයි හැම තිස්සේම වසිලීස්සාට නපුරු හිතින් බණිනවා. වැඩ ගොඩක් භාර දෙනවා. එහෙම කළේ මොකටද කියලා දන්නවද? …
    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,260.00.
  • -10%
    (0)

    සුදු වැද්දා – Sudu wedda

    හැන්ස් ඔබ මොකද කරන්නේ?” ඩේමියන් පූජකතුමා ඉතා බැරෑරුම් හඬන් විමසීය. ‘මට කැලේම තමා ඒ ගැන තර්ක විතර්කවලට ඉඩක් නැති බව ඔහුගේ වචන වල නිශ්චිතතාවෙන් තහවුරු විය. එවැනි උත්සාහයක් නොදැරීමට වගබලා ගත යුතු කරපිට ඔවුහු හැන්ස් ගැන මනා අවබෝධයක් ඇතිව ද සිටියහ. “අර අසරණ තරුණිය නාලනීට ඉන්න මීට වඩා හොඳ තැනක් ගැන මට හිතා ගන්න බැහැ. මෙහේ නවතින්න ඇය කැමැති කර ගන්න මම උත්සාහ කරන්නම්. මා ළඟ ඉන්න කට්ටියේම කෙනෙක් හැටියට මම් ඇය රැක බලා ගන්නම්.” මඳ වේලාවක් නිහඬව සිටි පියතුමා හැන්ස් ඇමතුවේය. “මගෙ පුතා හැන්ස්, කැලය ඔබේ ශරීරයත් ආත්මයත් අවනත කරගෙන, එය හැමි දාම ඔබගේ නිවහන වෙයි. ඒත්, කැළේ අද්දර ඉන්න අප බලන්න ඉඳහිටවත් නෑවිත් ඉන්න හේම ඒක හේතුවක් නෙමේ. අපි හැම විටම ඔබ ආදරයෙන් පිළිගන්නවා.” බොහෝම ස්තූතියි පියතුමනි. මම ඔබතුමා අමතක කරන්නේ නැහැ.” ඔවුන් නැගිට වැලි පිස දමා අඳුරු වන ගුල්මය මැදින් පූජකතුමාගේ පැල්පත කරා ගිය අතර හැන්ස් ඔවුන්ගෙන් වෙන්ව රන වෙත ගියේය. පොරොන්දු වූ පරිදි, පසු දා අලුයම් ඔවුහු සියලු දෙනාම හැන්ස් – රනී යුවළ අවසන් වරට දැක ගැනීමට ගියහ. ඔවුන් දෙදෙනා බල්ලාද කැටුව යනු ඔවුහු බලා සිටියහ. කැලයට ඇතුළු වත්ම හැන්ස් ආපසු හැර අත වනා ඔවුනට ආයුබෝවන් කීවේය.

    Original price was: Rs. 1,380.00.Current price is: Rs. 1,242.00.
  • -10%
    (0)

    අමරණීයයන්ගේ කුසලානය – Percy jackson and the olympians,the chalice of the gods

    දීප්තිමත් පැත්ත ගැන කිව්වොත්. එහි පිහිනුම් කණ්ඩායමක් වාගේම ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාකයකුත් තිබෙනවා. (ඇයි කියලා නම් කිසිම අදහසක් නෑ) ඉතිං මගේ සුළු පියා. පෝල් බලොෆිස් හිතුවේ ඒක මට හොඳටම ගැළපෙනවා කියලයි. මම උත්සාහ කරලා බලන බවට ඔහුට පොරොන්දු වුණා. ඒ වාගේම මම මගේ පෙම්වතිය, ඇනබෙත්ටත් පොරොන්දුවක් වුණා. සැලැසුම වුණේ මම නියම වේලාවට සමත්වෙන්න, එතකොට දෙන්නාටම එකට විශ්ව විද්‍යාලයට යන්න පුළුවන්. මට එයාගේ බලාපොරොත්තු සුන් කරන්න අවශ්‍ය නෑ. මං නැතුව ඇය තනිවම කැලිෆෝනියාවට යනවා කියන කාරණයම මාව රැ නින්දෙන් අවදි කරලා තිබ්බා… කලින් පාසලේ රෝහල පවත්වාගෙන ගියා යයි සිතිය හැකි තැනක තිබූ පරිපාලන කාර්යාලය මං හොයාගත්තා. මං ඒක නිගමනය කළේ බිත්තියේ තිබ්බ, උණකට්ටක් කටේ ගහගත්ත දම්පාට දුක්බර පෙනුමක් තිබ්බ ගෙම්බෙකුගේ චිත්‍රයකින්. ”ජැක්සන් මහත්මයා ! එන්න ඇතුළට! ” උපදේශකවරිය මේසය වටෙන් ආවේ මට අතට අත දෙන්න සුදාන මෙන්. එතකොට තමයි එයා තේරුම් ගත්තේ මගේ අත් දෙකේ රාත්තල් හයදායක විතර අච්චු පොත් තිබෙන බව. “අනේ. ඔය ටික ඔය කොහෙන් හරි තියන්න.” ඇය පැවසූ අතර, “කරුණාකරලා, වාඩි වෙන්න.” කීවා. ඇය මට අතින් සන් කරලා පෙන්නුවේ අඩියක් පමණ උස නිල් පාට පුටුවක්. ඒක මට සැහෙන්න පොඩියි. මං ඒකේ වාඩි වුණාම මං ඇයගේ ඩෙස්කුව උඩ තිබ්බ ජොලි රෑචර් බෝතලය ඇස් මට්ටමේ. ” ඉතිං!” උපදේශකවරිය ඇගේ සුවපහසු පෙනුමැති, වැඩිහිටි ප්‍රමාණයේ පුටුවේ ඉඳගෙන මා දිහාට දීප්තිමත් සිනාවක් පෑවා. ඇගේ බෝතල් අඩි කන්නාඩි අස්සෙන් එයාගේ ඇස් දෙක පීනනවා වාගේ පෙන්නුවා. ඇගේ අළු පැහැ හිසකේ පේළි පේළි ලෙස කැරලි කොට තිබුණ ආකාරය මට සිහිපත් කළේ බෙල්ලන් අභිනක්. ” කොහොමද? ඔයා මෙතනට හැඩ ගැසෙමින්ද ඉන්නේ?” 2. වෙළෙඳ සන්නාමයක් සෝඩා බීම, සීනි බෝල, ජෙලි ටොපි වැනි ළමයින් කැමති කැම බීම සන්නාමයක්,

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,215.00.
  • -20%
    (0)

    සීතලෙන් සිත වුණු සීත සමය – THE LONG WINTER -seethalen seetha wuna seetha samaya

    හිම කුණාටු මුළු නගරය සම්පුර්ණයෙන්ම වසාගෙන, පිටතින් ආහාර ලැබෙන සියලු මං වසා දැමූ අතරේ ජීවත් වීම සඳහා උග්‍ර අරගලයක යෙදෙන්නට අප්පච්චිටත්, අම්මාටත්, ලෝරාටත්, මේරිට සහ කේරීටත් සිදුවෙයි. නගර වැසියන්ට ඉතා ඉක්මනින් දරුණු ආහාර හිඟයකට මුහුණ දෙන්නට සිදුවන අතර තරුණ අල්මන්සේ වයිල්ඩර් සහ ඔහුගේ මිතුරු කැප් ගාර්ලන්ඩ් තිරිඟු සොයා බිහිසුණු ගමනක යෙදෙති. අන්තිමේදී අසාමාන්‍ය එහෙත් අතිශයින් ප්‍රමුදිත නත්තලක් සමරන්නට ඔවුන්ට හැකි වෙයි. මේ පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හය වැන්නයි.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -20%
    (0)

    තැනිතලාවේ පිහිටි කුඩා නගරය – Theni thalawe pihiti kuda nagaraya

    LITTLE TOWN ON THE PRAIRIE , තැනිතලාවේ පිහිටි කුඩා නගරය , මුහුණ දුන් කුඩා ජනපදය දැන් ක්‍රමයෙන් දියුණු වන නගරයක් බවට පත් වෙමින් තිබේ. ජීවිතය උදෙසීමත් සිදුවීම් වලින් පිරෙන්නට පටන් ගන්නා අතර, වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැදැ සාදයට සහභාහි වෙයි. මේරට අන්තිමේ දී අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සඳහා අල්මන්සෝ වයිල්ඩර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි. දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පොතු වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හත් වැන්නයි.

    Original price was: Rs. 1,450.00.Current price is: Rs. 1,160.00.
  • -10%
    (0)

    පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය -Percy jackson saha titange shapaya සවින්දි ආරියතිලක

    ශීත ඍතුවේ නිවාඩුවට කලින් සිකුරාදා. රැයක් ගත කරන්න උවමනා දේවල් සහ මාරාන්තික ආයුධ ගමන් මල්ලකට ඇහිරූ මගේ අම්මා මාව අලුත් බෝඩිම් ඉස්කෝලෙකට රැගෙන ගියා. යන අතරමග දී අපි ඇනබෙත්ව සහ තාලියාව වාහනයට නංවා ගත්තා. නිව්යෝක්වල සිට මයින්වල බාර් හාබර් දක්වා යාමට පැය අටක් ගත වුණා. හිම වැස්සක් අධිවේගී පාරට පහර දෙමින් තිබුණා. ඇනබෙත්. තාලියා සහ මම මාස ගාණකින් මුණ ගැසී තිබුණේ නැහැ. ඒත් මේ හිම කුණාටුව සහ අපි කරන්න සූදානමින් සිටි දේ ගැන සිතුවිල්ල නිසා වැඩිදුර කතා කරන්න බැරි තරමට අපි කලබල වෙලයි හිටියේ. හැබැයි ඒ මගේ අම්මා ඇරෙන්න. කලබල වුණ වෙලාවට එයා වැඩිපුර කරන්නේ තොරතාංචියක් නැතිව කියවන එක. අන්තිමේ දී අපි වෙස්ටෝවර් හෝල් වෙත ළඟා වෙනකොට කළුවර වැටෙමින් තිබුණා, ඒ වගේම මම පුංචි කාලේ කරපු හැම ලැජ්ජා හිතෙන වැඩක් ගැනම එයා තාලියාටයි ඇනබෙත්ටයි කියලා තිබුණා. කාරයේ ජනෙල් වීදුරුව මත බැඳුණු මීදුම පිස දමු තාලියා පිටතට එබිකම් කළා. ඔහු, නියමයි. මේක නම් ජොලි වැඩක් වෙයි.

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,125.00.
  • -20%
    (0)

    මේ මිහිරැති සොඳුරු සමය – Me mihirathi sonduru samaya

    කුඩා නගරයේ ජීවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමු වැනි වතාවට නිවසින් පිට වී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චිත්, අම්මාත්, කෙතේ නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා මේරිගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරීමත් කරගෙන රැකියාව කරයි. ඈත්, අල්මන්සෝ වයිල්ඩර්ස් අතර පවතින මිතුරුදම ක්‍රමයෙන් වැඩි වර්ධනය වී ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වෙති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ අටවැන්නයි.

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -20%
    (0)

    පොලියානා – Pollyanna

    හෙළී මෙනෙවිය ජුනි මාසයේ එක් උදෑසනත් පොලි හැරින්ටන් මෙනෙවිය ඉතා කලබලයකින් ඇගේ මුළුතැන්ගෙට ඇතුළු වුණාය. සාමාන්‍යයෙන් මෙසේ කලබලයෙන් කිසිවක් කිරීම ඇගේ සිරිත නොවීය. හැම දෙයක්ම ආචාරශීලීව කරන කෙනෙකු හැටියට ඇය, ඇය ගැනම ආඩම්බරයකින් පසු වුණාය. එහෙත් අද නම් ඇය කඩිමුඩියකින්, ඇත්තෙන්ම විශාල කලබලයකින් සිටින්නීය. නැන්සි මුළුතැන්ගෙයි පිඟන් සෝදමින් සිටි අතර. එහි කලබලයෙන් ඇතුළු වන හැරින්ටන් මෙනෙවිය දෙස පුදුමයෙන් හැරි බැලුවාය. ඇය පොලි මෙනෙවියගේ මුළුතැන්ගෙයි වැඩ කටයුතු කර දෙන්නේ මාස දෙකක වේලේ පටන්ය. එහෙත් එදා මෙදා තුර කිසි දාක ඇය. ඇගේ නෝනා මහත්මිය මේ තරම් කලබලයකින් සිටිනු දැක නැත. “නැන්සි.” “ඇයි මැඩම්?” යි නැන්සි උද්‍යෝගයෙන් උත්තර දුන් නමුන් අතේ තිබුණු ජෝගුව සේදීම නැවැත්තුවේ නැත.

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,000.00.
  • -20%
    (0)

    තැනිතලාවේ පිහිටි කුඩා නිවස – Thenithalawe pihiti kuda niwasa

    මහ වනයෙන් පිටවී කැන්සස් බලා යන ලෝරා ඉන්ගල්ස්ට සහ ඇගේ පවුලට තවත් අලුත්, ත්‍රාසජනක අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදුවෙයි. තැනිතලාවේ ඔවුන්ගේ කුඩා නිවස ඉදිකිරීම සඳහා හොඳම තැනක් සම්බ වන තුරු ඔවුහු දින ගණනාවක් පුරා ආවරණය කළ ගැලේ නැඟී ගමන් කරති. වැඩි කල් නොගොසින් ඔවුන්ගේ ජීවිත වගා කරමින්, සී සාමින්, වල් තාරාවුන් සහ කළු කුමන් දඩයම් කරමින්, එළදෙනුන්ට කෑම සඳහා තණ කොළ එක් රැස් කරමින් කාර්ය බහුල වෙයි. ඇතැම් වේලාවට ජීවිතය දුෂ්කර වුවද ලෝරාත්, අප්පච්චිත්, අම්මාත්, මේරි සහ කේත් ඔවුන්ගේ කුඩා නිවසේ ප්‍රීතිමත් කාලයක් ගත කරති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ දෙවැන්නයි.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    අල්මන්සෝ : පුංචි ගොවියා – FARMER BOY- punchi goviya

    විනෝදකාමී වෙලෙක් බඩු වෙළෙන් ප ගොවි පොළට එන දවස්, නගරයේ සල්පිල පැවැත්වෙන දවස්, අප්පට්ටි සමග මාළු බාන්නට යන දවස් අල්මන්සෝට මහත් සතුටක් ගෙන දෙයි. සිය සැමියා වූ අල්මන්සෝ, තමා ජීවත් වූ කුඩා නිවසින් බොහෝ ඈත දුරක, පුංචි ගොවියෙකු ලෙස හැදී වැඩුණු ආකාරය ගැන ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ලියූ මේ කතාව, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පොතු වූ සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ තුන් වැන්නයි.

    Original price was: Rs. 1,150.00.Current price is: Rs. 920.00.
  • -20%
    (0)

    රිදී විල් තෙර – BY THE SHORES OF SILVER LAKE-Ridi wil thera

    මිදි ඔය අසබඩ කුඩා නිවස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩ කෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභියෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරීම් සඳහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි දුම්රිය මාර්ගයේ වැඩ කරයි. අප්පච්චි, අම්මා, මේර් සහ කෙරේ සමඟ රිදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි. මිනින්දෝරු නිවාසයේ ගත කළ පාළු සීත කාලයකින් පසුව, අප්පච්චි ශෝභන රිදී විල ඉවුරේ ඉක්මනින්ම ඉදෙවනු ඇති අලුත්ම අලුත් නගරයක පළමු වැනි ගොඩනැගිල්ල කදයි. ඉන්ගල්ස් පවුල ආවරණය කළ ගැලේ නැගී කළ සංචාරයන් අන්තිමේදී අවසන් වෙයි.

    Original price was: Rs. 1,150.00.Current price is: Rs. 920.00.
  • -10%
    (0)

    වානරයන්ගේ ටාර්සන් – warnarayange tarzen

    වානරයන්ගේ ටාර්සන් මහ වනයේ ප්‍රචණ්ඩ වන සතුන් හා දරුණු ම්ලේච්ඡයන් සමඟ ගැටෙන ටාර්සන් ගේ බිහිසුණු අත් දැකීම් හා බියකරු සටන්, ත්‍රාසයෙන් හා භීතියෙන් ලොමුදැහැගන්වයි. සිනමා චිත්‍රපට 40 කට වැඩි ගණනකට දැනටම වස්තු වී ඇති අතිශයින් ජනප්‍රිය මේ කෘතිය භාෂා 60 කට අධික ගණනකට පරිවර්තනය වී කෝටි ගණනින් අලෙවි වෙමින් පවතී.

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.
  • -21%
    (0)

    මිදි ඔය අසබඩ – Midi oya asabada

    යළිත් ආවරණය කළ ගැලේ නැඟී මෙවර ඔවුන් පිටත්ව යන්නේ මිනෙසොටාවටයි. එහිදී ඔවුහු සොඳුරු මිදි ඔය අසබඩ කණ්ඩියක් යට පිහිටි කුඩා නිවසක පදිංචි වෙති. වැඩි කල් යන්නට පෙර අප්පච්චි වීදුරු ජනේල සහ අසව් වලින් සවි කළ දොරක් ඇති අපුරු නිවසක් සාදයි. පාසල් යන්නට පටන් ගන්නා ලෝරා සහ ඇගේ සහෝදරය මේරි ගෙදර දොරේ වැඩපළට උදව් වෙති, ඔයේ මසුන් අල්ලති. පළගැටි උවදුරක සහ භයංකාර කුණාටුවක ස්වරූපයෙන් අවාසනාව ඔවුන් හඹා එන නමුත් ඔවුහු එකට එකතුව ඒ සියලු ප්‍රශ්න ඉදිරියේ නොසැලී නැගී සිටිති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හතර වැන්නයි.

    Original price was: Rs. 1,120.00.Current price is: Rs. 880.00.
  • -20%
    (0)

    සත්සර වියරුව – Sath viyaruwa

    ඔයා මේවාට කැමැතිද ? ” ඒ ප්‍රණයේ සාක්කුවේ තිබූ ආහාර අල්ලා ගන්නා ලෝහ අඩුව සුරතට ගනිමින් මම ඇසුවෙමි. ඊට පසුව අසල වූ හුමාල බඳුන මත තැම්බෙමින් තිබූ විශාල වීනර් සොසේජස් කරලක් ලෝහ අඩුවෙන් අල්ලා පිටතට ගත්තේ ගණුදෙනුකරුවාට පිරිනමන්නටයි. අබ ක්‍රීම් ටිකකුයි කෙචෙප් ටිකකුයි දාන්න. ඒ වගේම ටිකක් ඉක්මන් කළොත් හොඳයි ළමයා.” මා ඉදිරියේ සිටින ව්‍යාපාරිකයා සිය අත බැඳී ඔර්ලෝසුව දෙස බලමින් කීවේය. මම දෙනෙන කරකවා වටපිට බැලුවෙමි. මේ වෙලාවේ මා සිටින්නේ ටයිම් චතුරස්‍රය මධ්‍යයේය.

    Original price was: Rs. 980.00.Current price is: Rs. 784.00.
  • -10%
    (0)

    පලාගිය සිරකරුවාගේ අබිරහස – The Mystery of The Missing Man

    වෙස් මාරු කරගැනීමට ෆැටී හරිම දක්ෂයි. ඔහු නිතර නිතර වෙස් මාරු කරගෙන විවිධ අබිරහස් කීපයක්ම විසඳනවා. ඔහු හිතන්නේ ඔහු ඒ කටයුත්තට, ඒ කියන්නේ වෙස් මාරු කර ගැනීමට තමුන් අති දක්ෂයි කියලයි. ඒක සැබෑවක්. ඒත් ඒ ෆැන්ජියෝ මහත්මිය හමුවන තෙක් පමණයි. නමුත් ඇය මොන තරම් අපූරුවට වෙස්වලාගෙන සිටියත් එය විනිවිද දැකීමට ෆැටී සමත් වෙනවා. මෙතනදිත් ඇයව පාවා දෙන්නේ ඇගේ සුරතලා. ඒක නම් හරිම කනගාටුවට කාරණයක් නේද?

    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.
  • -20%
    (0)

    විලෙන් එහා ඈත ඉවුර – Wilen eha atha iwura

    ශ්‍රීත ඍතුවේ මුල දී මිනිසුන්ගෙන් පිරි ඝෝෂාකාරීව තිබූ පර්වත නිවස මේ වන විට සහමුලින්ම හිව, නිහඬතාවකට පත් ව තිබේ. මාර්තාගේ මවත්, සොහොයුරියත් මුළු දවස පුරා නිහඬ ව නූල් කටිමින්, ගොතමින්, මසමින් සිටින්නෝ ය. මවගේ ස්වභාවය සපුරා වෙනස් වී ඇත. පියාගෙන් ලිපියක් ලැබෙන තෙක් ඈ දින ගත කරන්නේ නොඉවසුම්ව ආතතියෙනි. තාත්තා ග්ලෙන් කරියාඩ් නිම්නය හැර ගොස් තුන් මාසයකට ආසන්න ය. පසුගිය දෙසැම්බර් මාසය පුරා ඔවුන්ගේ පර්වත නිවසේ ආගන්තුක සත්කාර ලද හැරි මාමාත්, ග්‍රිසිල්ලා නැන්දා සහ ඔවුන්ගේ දරුවනුත් සමඟයි තාත්තා නික්මුණේ. ඔවුන් සිටින විට නිවස බැටළු ගොවිපළ තරම් කලබලකාරී විය. නිවසේ කාමර හෝ වෙන කිසි ස්ථානයක පාළුවට ගිය මුල්ලක් දැක ගැනීමට නොහැකි තරම් ය. එක්කෝ යමෙක් නිදයි, නැත්නම් ගොතයි, පොත් කියවයි. ඒත් නැත්නම් ආහාර ගනිමින් හිඳියි. කෝකි නෝනා මාර්තාට පැමිණිලි හඬින් පැවසුවේ දැන් නිවස තුළ වාසය කිරීම කුණාටුවක් සමඟ පොර බැඳීමකට සමාන බව කියමිනි. නමුත් මාර්තා නම් ඒ කලබල, ඝෝෂාකාරී සැම මිනිත්තුවකටම ආදරය කළාය. ඉන්පසු තාත්තා, හැරී මාමා, නැන්දා සහ ඥාති සොයුරු සොයුරියෝ ගමන් මලු සූදානම් කරගෙන සමු ගත්හ. ඔවුන්ගෙන් හිස් වූ නිවස මහා කුණාටුව නිම වී අවසන් රැල්ලට සියල්ල ගසාගෙන ගිය කලක තරම් මූසල පෙනුමින් යුතුය.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -20%
    (0)

    විල්තෙර අසබඩ කුඩා නිවහන – Wilthera asabada kuda niwahana

    ලොහ්කරියාඩ් යනු ස්කොට්ලන්ත කඳු අතර නිම්නයක වැතිරුණ, නිල් කැටේට වතුර පිරුණ පුංචි විල් පොඩිත්තකි. විල්තෙර ඉදිවුණ නමක් සඳහන් නොවූ දුසිම් බාගයක පමණ ගෙවල් අතර එක් ගෙදරක් පමණක් කැපී පෙනුණි. ගාම්භීර පෙනුමින් යුත් ඒ ගෙදර පර්වත නිවස ලෙස නම්කර තිබුණි. බොහොම කාලෙකට ඉස්සර මාර්තා මොර්ස් නම් පුංචි දැරිවිය ඇගේ පවුලේ උදවියත් සමග ජීවත් වූ නිවස එයයි. මේ නිම්නය හැඳින් වූයේ ග්ලේන් කර්යඩ්’ යන නමින්. එහි තේරුම ‘ මිතුරු නිම්නය ‘ යන්නයි. එසේම ලොකරියඩ්’ යන්නෙහි තේරුම ‘මිතුල විල’ යි. ඒ නම් පටබැඳුණු විදිහ පිළිබඳ නිම්න වාසීන් සැවොම දන්නා ලස්සන කතා පුවතක් තිබුණි. පීට් තණ කොළ දැමූ උදුනින් සීතල මැකෙන එක් ගිම්හාන සැඳෑවක මාර්තා ඇගේ මවගෙන් එම කතා පුවත අසා දැන ගැනීමේ සූදානමින් බලා සිටියාය. ඒ මොහොතේ පහත මාලයේ මුළුතැන්ගෙය තුළ මාර්තාගේ සහෝදරයෝ තිදෙනාත්, එකම සොයුරියත් කෝකි නෝනාගෙන් ප්ලම්ස් පලතුරු ඉල්ලමින් පුංචි කලබලයක් මවලයි තිබුණේ. තාත්තා ඔහුගේ ලියන මේසෙට වාඩි වී බැරෑරුම් කටයුත්තක යෙදෙන බව පෙනෙයි. ග්ලෙන්කරියාඩ් වතුයායේ වත්මන් පාලකයා ඔහුය.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -10%
    (0)

    මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 4- Malory towers balika viduhala

    ලොව ඉතාමත් ජනප්‍රිය ළමා ලේඛිකාව වශයෙන් සැලකෙන ඉංග්‍රීසි ජාතික ඉනිඩ් බලයිට්න් (1897- 1968) විසින් රචිත මැලෝරි ටවර්ස් කතා පෙළට අයත් පොත් හයෙන් සිව් වැන්න වූ ”UPPER FOURTH AT MALORY TOWERS” නමැති රසවත් නවකතාව මැලෝරි ටවර්ස් – 4 යි. “කතාන්දර කීමේ රැජන ලෙස හඳුන්වනු ලබන ඉනිඩ් බ්ලයිටින්ගේ මැලෝරි ටවර්ස් කතා පෙළ හැදී වැඩීගෙන එන බාල පරපුරට සාහිත්‍ය රසයත්, මනෝ විද්‍යාත්මක වටිනාකමකින් යුත් ආදර්ශයත් නොමඳව ගෙන දෙන්නා වූ, ලොව වැඩියෙන්ම විවිධ භාෂාවන්ට පරිවර්තනය වූ ළමා පොත් පෙළ ලෙස ද හඳුන්වා දිය හැකිය.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 720.00.
  • -10%
    (0)

    හයිඩි – Heidi

    පැරැණි රම්‍ය මායන් ෆෙල්ඩ් නගරයේ සිට ඇල්ප්ස් කඳු වැටිය නිල් පාමුල පිහිටි ගම්මානය කරා තුරු සෙවණින් සිසිල් වූ තණ බිම් හරහා ඩි පාරක් වැටී ඇත. හිමෙන් වැසී ගත් ඇල්ප්ස් කඳු මුදුන පහත නිම්නය දෙස තේජාන්විත බැල්මක් හෙළා සිටී. අඩි පාර ටික ටික ඉහළට ඇදෙත්ම, අසල ලඳු වන රොද සැදි කෙටි තණ හා සවිමත් කඳු පැළෑටි වලින් නික්මෙන නැවුම් සුගන්ධය අවට වාතය හා මුසු වේ. මෙතැන් සිට ඇල්ප්ස් කඳුවැටිය කරා වැටී ඇති අඩි පාර කර්කශ වූද, බෑවුම් සහිත වූද දුෂ්කර ගමන් මගකි. ජුනි මාසයේ හොඳට හිරු පායා තුබූ පැහැබර උදෑසනක, මෙම කඳුකර ගම්මානයට අයත් උස සවිමත් පෙනුමක් ඇති තරුණියක් පස් හැවිරිදි වියේ පමණ පසු වූ දැරියක අතින් අල්ලාගෙන මෙම පටු අඩි පාර දිගේ ඉහළට නගිමින් සිටියාය. දැරියගේ කම්මුල් රතු වී තිබුණි. දුඹුරු පාට ගැසී තිබුණු සිරුරේ හමද හිරු එළිය නිසා පැහැපත් රක්ත වර්ණයට හැරී තිබිණි. මෙය පුදුමයට හේතුවක් නොවේ. දැවෙන අව්වේ වුවද දැරියගේ ශරීරය ඔතා ආවරණය කර තිබුණේ සීත හිමෙන් ආරක්ෂා කිරීමට සේය. ඈ ගවුම් දෙකක් නැත්නම් තුනක් එක පිට එක ඇඳගෙන සිටියාය. ඊට අමතරව, ලොකු රතු පාට සළුවක් ඇගේ සිරුර වටා දවටා තිබුණේ පස් හැවිරිදි ඇය කවුදැයි දැක ඇඳින ගත නොහැකි තරමටය.

     

    Original price was: Rs. 800.00.Current price is: Rs. 720.00.
  • -10%
    (0)

    යකාගෙ ඉස්කෝලෙ – Yakage iskole

    සමාජය විෂමය. කුරීරුය. එහි ගොදුරු බවට පත්වන්නේ වැඩිහිටියන් පමණක්ම නොවේ. වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද විෂම සමාජ පරිසරය තුළ දරුවන්ගේ විසිතුරු ලොවද පීඩාවට පත් වේ. සඳළි, ක්‍රිෂ්ණ, නියාස් යනු එකී වව්‍යසනය හමුවේ පීඩාවට පත් ළමුන් තිදෙනෙකි. සියල් බාධක කම්කටොලු මැද අධ්‍යාපනය ලබන අතරම. සමාජයට පිළිලයක් වූ දරුණු අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර දීමටද ඔවුහු අරගල කරති. ඒ සෑම උත්සාහයක්ම බිහිසුණුය. ත්‍රාසජනකය. පාඨකයා තිගැස්මට ලක් කරන සුලුය. මේ ඔවුන්ගේ විරත්වයෙන්ද, උදෙත්ගයෙන්ද සුසැදි අපූර්ව කතාවයි.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 720.00.
  • -20%
    (0)

    පටු මඟෙහි කුඩා නිවහන – PATU MAGEHI KUDA NIWAHAN

    අම්මාත්. මමාත්, චාලට් හා ලිඩියාත් සාමාන්‍ය ගමනට බිමනට පලඳින හිස් වැසුම් සහ උණුසුම් ලොම් කබා ඇඳගෙන පිටත මඩුව හරහා එළි මහනට ඇවිද එන විට ටයිඩ්මිල් පටු මඟෙහි පිහිටි නිවහන කළුවර වෙලා ගනිමින් පැවතිණි. අම්මාගේ එක් අතක රැදුණු පයි බඳුනක් සහිත කුඩයකි. අළු පැහැ කබායක් ඇඟ වටා දවටනු ලැබූ බිලිඳිය, මෙරි, අම්මාගේ ඇකයෙහි උණුහුම්ව සිටියාය. වෙනදා මෙන් ඇය නලියමින් බිමට බසින්නට තැත් කළේ නැත. ඇගේ සිඟිති මුහුණ සැප පහසු ලොම් ඇඳුමෙහි නැමුම් අතරින් එබී බලමින් තිබිණි. චාලට් සහ ලිඩියා ගෙල ළඟට යනතුරු කබා තද කර ගත්හ. සීත සුළඟක් හැමුවේය. අහුමුළු වලින් රිංගා ආ. ඒකාකාරව හැමූ තුනී සුළං රැළි චාලට්ගේ කනට කොදුරන්නට විය. සරත් සමය ඇවිත් එය කීවේ ය. සිත කාලෙත් ළඟම ඒවි.

    තාත්තා සහ පිරිමි ළමයි එවිටම පිදුරු මඩුවේ සිට පිටතට ආහ. තාත්තා අත තිබූ ලත්තෑරුමේ එළියෙන් ඔවුන්ගේ රත් පැහැ ගැන්වුණු නැහැයවල් සහ කන් චාලට්ට පෙනිණ. ඇගේ සහෝදරයන් දෙදෙනා, ලුයිස් සහ ටොම් අත්වලට පිඹිමින් ඒවා එකිනෙක අතුල්ලමින් සිටිති.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -20%
    (0)

    හරි පුදුම ඉස්කෝලෙ – Hari puduma iskole

    ටොමෝ නැමැති පාසල ගැනත්. එය අරඹා පවත්වා ගෙන ගිය පුද්ගලයා වූ, සොසාතු කොබයාෂි මහතා ගැනත් ලිවීම දිගු කලෙක සිටම වට අත්‍යවශ්‍ය ව පැවැති කරුණෙකි. මෙහි කිසි ම කරාංගයක් මවිසින් නිර්මාණය කරන ලද්දේ නොවේ. ඒ සියල්ල සත්‍ය වශයෙන් ම සිදු වූ ඒවා වන අතර, මට මතක් කර ගත හැකි වී ඇත්තේ ඉතාම ස්වල්පයක් පමණි. මේවා ලිවීමට මට අවශ්‍ය වූවාට අමතර ව, කඩ වූ පොරොන්දුවක් වෙනුවෙන් යමක් කිරීමට ද මම නොතිත් ව සිටියෙමි. මෙහි එක් පරිච්ජේදයක මා සඳහන් කළ පරිදි, වැඩුණු පසු මා ටොමෝවෙහි ඉගැන්වීමේ යෙදෙන බවට ළමතු වශයෙන් මම ගම්භීර ප්‍රතිඥාවක් දුන්නෙමි. කෙසේ වුවද එය මා ඉටු කිරීමට අවකාශ නොලත් ප්‍රතිඥාවෙකි. ඒ වෙනුවට කොබයාෂි මහතා කෙබඳු අයෙක්ද යන්න ගැන හා ළමයින් කෙරෙහි එතුමා ගේ අනුපම ආදරය සහ ඉගෙනුම සඳහා ඔවුන්ට අවකාශ සකස් කළ ආකාරය ගැන හැකි තරම් පිරිසක් දැනුවත් කිරීමට මම උත්සාහ කළෙමි. කොබයාෂි මහතා වර්ෂ 1963 දී අභාවයට පත් විය. අදත් ජීවත් වී නම් එතුමා තවත් බොහෝ දේ මට කියා දෙනු ඇත. ළමා වියේ මතක සටහන් ලෙස ම පෙනී ගිය බොහෝ දේ ඇත්ත වශයෙන්ම කිසියම් ප්‍රතිඵල සාධනය කර ගැනීම සඳහා ඉතා පරිස්සමින් සිතා මතා ගොඩ නඟන ලද, ක්‍රියාකාරකම් වූ බව මට පැහැදිලි වූයේ මෙය ලියා ගෙන යද්දී ය. මේවා ඇත්තට ම කොබයාෂි මහතාගේ සිතේ තිබූ දේ නේද? මෙසේ සිතීම කෙතරම් කදිම දැයි සිතෙන විට, එක් එක් කරුණ මගේ විස්මය සහ කෘතඥතාව වර්ධනය කළේය. මා ගැන ම සිතුව හොත් ” දන්නවද? ඔයා හරිම හොඳ ළමයෙක් !” කියමින් මා රඳවා ගත් සුවිශේෂ අකාරයෙහි අගය කෙසේවත් තක්සේරු කළ නො හැක්කේය. මම ටොමෝ වට ඇතුළු නොවූයෙම් නම්, කොබයාෂි මහතා හමු නො වුයෙම් නම්,

    Original price was: Rs. 860.00.Current price is: Rs. 688.00.
  • -20%
    (0)

    මංපෙතක අන්දරය – Manpethaka andaraya

    ගොම්මන් කළුවර වැටෙද්දී ටයිඩ් මිල් පටුමගෙහි නිවෙසට පිටතින් වූ හිමෙන් වැසුණු බිම් නිල් පැහැයට හැරෙමින් තිබුණු අතර, කොළ හැලුණු නිරුවත් තුරු මුදුන් කළු පාටට දිස් විය.දොරකඩ මේපල් ගසෙහි උඩ පහළ යමින් මුළු හැන්දෑ වරුවම ගත කළ රත් පැහැ උදරයක් ඇති කොට්ටෝරුවෙක් පාරෙන් එහා පැත්තේ වදුලට තටු ගසමින් පියාසර කළේය. චාලට් ජනේලය ළඟ හිටගෙන ඌ ඈතට පියඹා යනු බලා සිටියා ය. උගේ කැදැල්ල ඒ තුරු අරඹෙහි එක් ගසක හෑරූ බෙණයක, ලී පතුරු සහ තණ පත් ඇතිරූ උණුසුම් සුවපහසු කැදැල්ලක් විය හැකි බව ඇය සිතුවාය. කොතරම් සුවපහසු වුවද එය මුළුතැන්ගෙයි ළිපෙහි ගින්දර ඇවිළෙන, කකුල් තුනක් ඇති බදින තැටියෙහි අම්මාගේ හොඳම සොසේජස් පෙළක් සූ හඬ නගමින් බැදෙන, තම කුඩා නිවහන මෙන් කදිම තැනක් නොවනු ඇතැයි ඈ කල්පනා කළාය. ගොම්මන් කළුවර වෙලා ගත් එළිමහනෙහි හැම දෙයම හෙවණැලි – පැහැති, සෞම්‍ය සහ ශීතල ගතියෙන් යුතු විය.

    Original price was: Rs. 850.00.Current price is: Rs. 680.00.
  • -20%
    (0)

    සතුට බෙදුන පොලියානා – Sathuta bedana pollyanna

    ඩෙලා වෙදර්බයි ඇගේ සොයුරියගේ නිවෙසට යන පාර දිගේ ඉක්මන් ගමනින් ගොස්, ගෙයි ඉදිරිපස බිත්තියේ වූ විදුලි සීනුවේ බොත්තම තද කළාය. හිසේ ලා ගෙන උන් තොප්පියේ සිට, පයේ ලා ගෙන උන් සෙරෙප්පුව දක්වා දෑස යවන කෙනකුට ඇගේ නිරෝගී, කඩිසර, සුපරීක්ෂාකාරී විලාසය දැක ගන්නට පුළුවන. දොර විවෘත කළ සේවිකාවට කතා කළ ඇගේ කට හඬේ පවා ගැබ් වී තිබුණේ ප්‍රාණවත්, ප්‍රීතිමත් ස්වරූපයකි. ගුඩ් මෝනිං මේරි. කෝ – අපේ අක්කා ඉන්නවද?* ඔව් – ඔව් මැඩම්. කාරූ නෝනා නං ඉන්නවා… යි මඳක් පැකිලෙමින් කී තරුණිය. ඒත් එයා කිව්වා – අද කිසි කෙනෙක්ව මුණ ගැහෙන්න බෑ කියලා… “හැබෑට? ඒත් එයාට මං ආවම එහෙම කියන්න බැනේ…’ යි වෙදර්බයි මෙනෙවිය මදහසක් පෑවාය. මං ආවා කිව්වම එයා මොකුත් කියන එකක් නෑ. බය වෙන්න එපා. ඔයාට බැන්නොත්. මං ඒක බලා ගන්නංකො…” යි ඇය හිස සැලුවේ, තරුණියගේ දෑසේ රැඳුණු බියපත් බැල්මට පිළිතුරක් වශයෙනි.

    Original price was: Rs. 850.00.Current price is: Rs. 680.00.
  • -20%
    (0)

    වෙරළබඩ නගරයේ කුඩා නිවහන – Weralabada Nagaraye Kuda Niwahana

    අම්මා මුළුතැන්ගෙයි ජනේලයෙන් එබී පිටත බලා ” බීන්ස් ටික පිඟන්වලට බෙදන්ඩ වෙලාව හරි චාලට් ” යි කීවාය. එහි තේරුම චාලට් දැන සිටියාය. එදා සෙනසුරාදා රාත්රියකි. තාත්තාත් පිරිමි ළමයිනුත් දැනටමත් කම්මලේ සිට ගෙදරට එමින් සිටිනවා ඇති. සාමාන්යයෙන් තාත්තා පිටත මඩුව ළඟ නැවතී මුහුණ සහ අත් සෝදා ගත් පසු ලුයිස් සහ ටොම්ගේ වාරය එළඹේ. ඔවුන් කම්මලේ වැඩ කිරීමෙන් තවරා ගත් දුඹුටු සියල්ල සෝදා හැර අවසන් වන මොහොත වන විට අම්මා හැම පිඟානකටම දුම් දමන බේල්ඩ් බීන්ස් * පුරවා අවසන් කරන්නීය. සෙනසුරාදාට සාදනු ලබන විශේෂ රෑ කෑම වේලෙහි අනිවාර්ය අංගයක් වූයේ බේන්ඩ් බීන්ස්ය.
    මීට අවුරුද්දකට කලින් චාලට් සිව් හැවිරිදි වියට එළඹුණු දා සිට ඇයට පැවරුණු රාජකාරියක් වන්නේ මෙවැනි වේලාවට අල්මාරියේ රාක්කවල ඇති පියුටර පිගන් ළිප ළඟ සිටින
    Original price was: Rs. 850.00.Current price is: Rs. 680.00.
  • -10%
    (0)

    මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 1- Malory towers balika viduhala

    ළමා කතා ලිවීම සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඉනිඩ් බලයිටින් නමැති කතුවරියයි. කතාන්තර කීමේ රැජින” යනුවෙන් හදුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා තෙත් සංඛ්‍යාව හත්සියය ද ඉක්මවා ඇත. මේවායින් බොහෝමයක් විවිධ භාෂාවට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය. ළමා මනස හා ළමා චරිත හරි හැටි හදුනා ගෙන. ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදි රසවත් කතා ලිවීමේ ඇගේ සහජ හැකියාව මනාව ප්‍රදර්ශනය කරනා එක් නිදර්ශනයකි. ” මැලෝර් ටවර්ස් බාලිකා විදුහල”. නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විස්තර කරන්නේ පාඨකයාගේ මන බඳනා සේ ඉතාමත් රසවත් අන්දමිනි. එම රසය එසේම සිංහල පාඨකයාට ලබා දීමට එම කතාවේ මෙම සම්පූර්ණ හා අසංක්‍ෂිප්ත පරිවර්තනය චන්ද්‍රා අනගිරත්න අතින් නිම වී ඇත.

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.
  • -10%
    (0)

    රන්ගිරි අරණ – Rangiri Arana

    කඩොලාන පඳුරු අතරේ සැඟව නද දෙන විහඟ රංවුන්ගේ හඬ හා මුසුව නැගෙන වෙරළේ හැපී බිෂන රළ පතර නඟන ප්‍රචණ්ඩ රටාව චාලිට ඇසේ. විටින් විට උස් පහත් වන දල රළ පෙළ නගන හඬ වෙනස් වෙමින් ඇදී එන ජලධාරාව කඩොලාන ගස්වල මුල් සිසාරා පොළොව සිප ගන්නේ තරමක ආදරයෙනි. එහෙත් මොහොතකින් ගොඩ බිම පසාරු කරගෙන කඩා වදින රළ පහර නිමේෂයකින් තරමක් සන්සුන්ව යළිත් සයුර දෙසට ඇදී යයි තද කොළ පැහ ගැන්වුණු කඩොලාන තුරු රටා අතරින් ගමන් කිරීමේ දී සිතට ලැබෙන්නේ අප්‍රමාණ වූ ප්‍රබෝධයකි: සතුටකි. කරදිය හා මඩදියර මුසු වි අවපැහැ ගැන්වුණු ජලය තුළින් නාසයට දැනෙන දුර්ගන්ධය මහත් අපුලකි.

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.