යොවුන් නවකතා

  • -10%
    (0)

    බටහිරට මුහුණ ලූ කුඩා නිවෙස – Batahirata muhuna lu kuda niwesa

    ඈන් හැමිල්ටන් දිනයේ අවසන් දුහුවිලි පොද ද දොරටුවෙන් පිටත බැස යන හිරු දෙසට අතුගා දැමුවා ය. විවර වූ දොරටුව තුළින් ගෙතුළට වැටුණු දිවා ආලෝකය විසින් නිර්මාණය කරන ලද පැතලි මංපෙත හරහා කොස්ස ඇදගෙන යන අතරේ ඇය ගෙපැල පවා මුහුණලා ඇත්තේ බටහිර දෙසට බව සිතුවා ය. දිවා ආලෝකයට ගෙතුළට පැමිණිය හැකිව තිබුණු එකම ස්ථානය වූයේ එයයි. ශක්තිමත් දැව කඳන් වලින් සැදුණු ගෙපැලෙහි වෙනත් කිසිදු ස්ථානයක විවරයක් තිබුණේ නැත. එහි පිටු පස නැගෙනහිර දෙසට සෘජුවම පිටුපා තිබුණේ තාත්තා නැගෙනහිරට පිටුපෑ ලෙසින් ම ය. ඇගේ වැඩිමහල් සහෝදරයන් වූ ඩේවිඩ් සහ ඩැනියෙල් නැගෙනහිරට පිටුපෑ ලෙසින් ම ය. ‘ අපිත් බටහිරට එකතු වුණා. ගෙපැල සාදා නිම කළ දිනයේ දොරකඩ සිටගෙන ඇගේ තාත්තා පැවසුවේ ය. ඒ වගේ ම අපි ආපහු හැරිලා බලන්නේ නැහැ.”

    Original price was: Rs. 300.00.Current price is: Rs. 270.00.
  • -20%
    (0)

    මංපෙතක අන්දරය – Manpethaka andaraya

    ගොම්මන් කළුවර වැටෙද්දී ටයිඩ් මිල් පටුමගෙහි නිවෙසට පිටතින් වූ හිමෙන් වැසුණු බිම් නිල් පැහැයට හැරෙමින් තිබුණු අතර, කොළ හැලුණු නිරුවත් තුරු මුදුන් කළු පාටට දිස් විය.දොරකඩ මේපල් ගසෙහි උඩ පහළ යමින් මුළු හැන්දෑ වරුවම ගත කළ රත් පැහැ උදරයක් ඇති කොට්ටෝරුවෙක් පාරෙන් එහා පැත්තේ වදුලට තටු ගසමින් පියාසර කළේය. චාලට් ජනේලය ළඟ හිටගෙන ඌ ඈතට පියඹා යනු බලා සිටියා ය. උගේ කැදැල්ල ඒ තුරු අරඹෙහි එක් ගසක හෑරූ බෙණයක, ලී පතුරු සහ තණ පත් ඇතිරූ උණුසුම් සුවපහසු කැදැල්ලක් විය හැකි බව ඇය සිතුවාය. කොතරම් සුවපහසු වුවද එය මුළුතැන්ගෙයි ළිපෙහි ගින්දර ඇවිළෙන, කකුල් තුනක් ඇති බදින තැටියෙහි අම්මාගේ හොඳම සොසේජස් පෙළක් සූ හඬ නගමින් බැදෙන, තම කුඩා නිවහන මෙන් කදිම තැනක් නොවනු ඇතැයි ඈ කල්පනා කළාය. ගොම්මන් කළුවර වෙලා ගත් එළිමහනෙහි හැම දෙයම හෙවණැලි – පැහැති, සෞම්‍ය සහ ශීතල ගතියෙන් යුතු විය.

    Original price was: Rs. 850.00.Current price is: Rs. 680.00.
  • -20%
    (0)

    වන්නි වනේ දඩ හදවත – Wanni wane dhada hadawatha

    තෙරක් නොපෙනෙන මහා සාගරයේ නිල්වන් ජල තලාව සේ පෙනෙන මහා වන වියනේ ඈත කෙළවරින් හිරු සැඟව ආකාශයේ තැවරී තිබූළා රන් පැහැය ද මැකී යන තෙක් දැහැනකට සමවැදුණාක් මෙන් හිටිපියේම සිටි තවුස් තෙම එදෙස බලා උන්නේය. ඔහුගේ හිතට කිසිදු දෝමනස්සයක් හෝ සාංකාකුල බවක් නොදැනිණ. අඳුර, රාත්‍රිය, හෙට නැවත ආලෝකය. තවත් උදෑසනක්. එදවස ද ගෙවී නැවතත් අන්ධකාරය. ස්වභාව ධර්මයේ නියමය එයයි. තවුසාණෝ ඉතා සෙමින් සේම පරිස්සමින් තමා බොහෝ වේලාවක් තිස්සේ රැඳී සිටි එම ගල් තැල්ල මතින් ඉවත් වෙන්නට වූහ. එය මේ මහා කළුගල් කන්දේ එක් පසෙකින් පිටතට නෙරා ගිය විශාල ගල් තැල්ලකි. දැවැන්ත ගසක කඳක කුරුල්ලන්ට වසා සිටිය හැකි ඉතා ගත ශක්තිමත් හත්තක් හැදුණා සේය. දහවල් කාලයේ දී භාවනා කිරීමට එය යෝග්‍ය තැනක් වුවත්, රාත්‍රී කාලයේ දී එහි රැඳී සිටිය නොහැකිය. මිනිසෙකු වුව පරඬලා පතක් මෙන් ගසාගෙන යා හැකි තරමට දැඩි වේගවත් සුළං ප්‍රවාහයක් එම ගල් තැල්ල හරහා හඬ දීගෙන හමායන බැවිනි. මිනිස් අතක රැඳි ගල් කටුවකින් හා මිටියකින් අනන්ත වූ වෙහෙසක් දරා එම මහා ගල් කන්දේ බඳ වටා ගල් තැල්ලට ළඟාවිය හැකි සේ මේ පටු අඩිපාර කැපුවා වැනිය.

    Original price was: Rs. 400.00.Current price is: Rs. 320.00.
  • -10%
    (0)

    අමරණීයයන්ගේ කුසලානය – Percy jackson and the olympians,the chalice of the gods

    දීප්තිමත් පැත්ත ගැන කිව්වොත්. එහි පිහිනුම් කණ්ඩායමක් වාගේම ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාකයකුත් තිබෙනවා. (ඇයි කියලා නම් කිසිම අදහසක් නෑ) ඉතිං මගේ සුළු පියා. පෝල් බලොෆිස් හිතුවේ ඒක මට හොඳටම ගැළපෙනවා කියලයි. මම උත්සාහ කරලා බලන බවට ඔහුට පොරොන්දු වුණා. ඒ වාගේම මම මගේ පෙම්වතිය, ඇනබෙත්ටත් පොරොන්දුවක් වුණා. සැලැසුම වුණේ මම නියම වේලාවට සමත්වෙන්න, එතකොට දෙන්නාටම එකට විශ්ව විද්‍යාලයට යන්න පුළුවන්. මට එයාගේ බලාපොරොත්තු සුන් කරන්න අවශ්‍ය නෑ. මං නැතුව ඇය තනිවම කැලිෆෝනියාවට යනවා කියන කාරණයම මාව රැ නින්දෙන් අවදි කරලා තිබ්බා… කලින් පාසලේ රෝහල පවත්වාගෙන ගියා යයි සිතිය හැකි තැනක තිබූ පරිපාලන කාර්යාලය මං හොයාගත්තා. මං ඒක නිගමනය කළේ බිත්තියේ තිබ්බ, උණකට්ටක් කටේ ගහගත්ත දම්පාට දුක්බර පෙනුමක් තිබ්බ ගෙම්බෙකුගේ චිත්‍රයකින්. ”ජැක්සන් මහත්මයා ! එන්න ඇතුළට! ” උපදේශකවරිය මේසය වටෙන් ආවේ මට අතට අත දෙන්න සුදාන මෙන්. එතකොට තමයි එයා තේරුම් ගත්තේ මගේ අත් දෙකේ රාත්තල් හයදායක විතර අච්චු පොත් තිබෙන බව. “අනේ. ඔය ටික ඔය කොහෙන් හරි තියන්න.” ඇය පැවසූ අතර, “කරුණාකරලා, වාඩි වෙන්න.” කීවා. ඇය මට අතින් සන් කරලා පෙන්නුවේ අඩියක් පමණ උස නිල් පාට පුටුවක්. ඒක මට සැහෙන්න පොඩියි. මං ඒකේ වාඩි වුණාම මං ඇයගේ ඩෙස්කුව උඩ තිබ්බ ජොලි රෑචර් බෝතලය ඇස් මට්ටමේ. ” ඉතිං!” උපදේශකවරිය ඇගේ සුවපහසු පෙනුමැති, වැඩිහිටි ප්‍රමාණයේ පුටුවේ ඉඳගෙන මා දිහාට දීප්තිමත් සිනාවක් පෑවා. ඇගේ බෝතල් අඩි කන්නාඩි අස්සෙන් එයාගේ ඇස් දෙක පීනනවා වාගේ පෙන්නුවා. ඇගේ අළු පැහැ හිසකේ පේළි පේළි ලෙස කැරලි කොට තිබුණ ආකාරය මට සිහිපත් කළේ බෙල්ලන් අභිනක්. ” කොහොමද? ඔයා මෙතනට හැඩ ගැසෙමින්ද ඉන්නේ?” 2. වෙළෙඳ සන්නාමයක් සෝඩා බීම, සීනි බෝල, ජෙලි ටොපි වැනි ළමයින් කැමති කැම බීම සන්නාමයක්,

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,215.00.
  • -10%
    (0)

    අතුරුදහන් යුවතියෝ – athurudahan yuwathiyo

    ඔහු තවදරටත් මංමුළා කිරීමටත්, ඔහු ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කළ තැනැත්තා ගැන මතකයෙන් තව තවත් ඈත් කරවීමටත් සමත් විය. තමා ඇමතුම් ලබාගන්නේ කවුරුන් වෙතදැයි ඔහු දැන සිටියත් අපි ඇමතුමට පිළිතුරු ලබා දෙන මොහොත වනවිට ඔහුගේ මතකයෙන් අප පිලිහී යයි. ඉන්පසු අපගේ හඬ ඔහුට නිදහස් වා තලයේ රැදුණු නොහඳුන හඬක් පමණත්ම වේ. මම ලිපිය දිග හැරියෙමි. සටහන් පොතසින් රළු ලෙස ඉරාගත් තනිරූල් කොළයක ඔහුගේ අත්අකුරු රුල් වලින් පිටකට යන පරිදි වම්පසට බරව ලියා තිබුණේ ලියා තැබීමට අවැසි වූ දැ සිය මතකයෙන් ගිලිහී යාමට මත්තෙන් කොළයේ සටහන් කිරීමට තරගයක යෙදුණාක් පරිද්දෙනි. එහි කිසිදු සුබ පැතුමක් නොවීය. ලිපියේ නිමාවක් පවා නොවීය. වෙවුලන අතක ලිපිය රඳවාගත් මම යළිත් ඩැනියෙල්ව ඇමතීමි. ඔයාගේ පණිවුඩය ලැබුණා.’ මම පැවසීමි. ‘මම ගෙදර එනවා. මට කියන්න මොකක්ද සිද්ධවෙන්නෙ කියලා.

    Original price was: Rs. 1,750.00.Current price is: Rs. 1,575.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ ගිනි මැල රාත්‍රිය – Sath sumithuran saha gini mala rathriya

    බොන් ෆයර් රාත්‍රිය යනුවෙන් හැඳින්වෙන්නේ එංගලන්තයේ ළමුන් අතර පැවැත්වෙන සුප්‍රකට උත්සවයක්. මේ උත්සවයේදී ළමෝ ෆේවික්ස් යනුවෙන් හැඳින්වෙන පඹයින් නිර්මාණය කොට විශාල ගිනි මැලයක තබා එම පඹයින් පුළුස්සති. සත් සුමිතුරන් පිරිස ද මේ අපූරු බොන් ෆයර් රාත්‍රිය සමරන්නට සූදානම් වෙති. ඒ අතරම වෙස් වලාගත් සොරෙකු අල්ලන්නට ද ඔවුන්ට හැකි වෙයි.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ බ්‍රැම්බ්ලි වනාන්තරයේ මංකොල්ලය – Sath sumithuran saha brambli wanantharaye mankollaya

    හැමෝම සැඟවුණාට පස්සේ පිටර් අතු අතරින් ඔලුව එළියට දමළා ඔවුන් ගැන විපරම් කෙරුවා. හැබැයි සත් සුමිතුරන් සැඟවෙලා ඉන්නේ කොහෙද කියලා යාන්තමින්වත් දැක ගන්න නම් ලැබුණේ නැ. ඒ නිසා පිටර්ගේ හිතට දැනුණේ පුදුමාකාර සතුටක්. මොකද මේ තරමි හොඳින් සැඟවෙළා ඉන්න නිසා ඔවුන් බලාපොරොත්තුවෙන් ඉත්ත අමුත්තාටවත් සත් සුමිතුරන් දැක ගන්න ලැබෙන්නේ නෑ.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ අබිරහස් ආගන්තුකයා – Sath sumithuran saha abirahas aganthukaya

    සඳළුතලයේ එක් කෙළවරක වූ කුටියක කවුළු තිර හොඳින් වසා නො තිබිණි. තිර අතර වු පටු විවරයක් තුළින් එබී බලන ඔහු දුටුවේ සියුම් ආලෝකයකි. එය ගිනි උදුනකින් නැගෙන්නක් බැව් ඔහුට වහා වැටහිණ. ඒ සමග ම ඔහුට ඇසුණේ විශාල ගස ඉහළට නගින මිනිසකුගේ හඬකි. ගසට නගින මිනිසා තවත් මොහොතකින් සඳළු තලයට පිවිසෙනු ඇත. ඔහුගේ සිතට දැනුනේ කිව නොහැකි තරම් වූ බියකි.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ අතුරුදහන් වූ යුවතිය – Sath sumithuran saha athurudahan wuu yuwathiya

    නුල් කැබලි ප්‍රවේශමෙන් ගලවා ඉවත් කළ පීටර් පෙට්ටිය විවෘත කළා. මොන පුදුමයක්ද! වී පෙට්ටිය ඇතුළෙ තිබුණේ නූල්වලින් මනාව ඔතන ලද තවත් කුඩා පෙට්ටියකි. පිටර් ඒ පෙට්ටියත් විවෘත කළා. ඒක ඇතුළෙ තිබුණේ ප්‍රමාණයෙන් ඊටත් කුඩා තවත් පෙට්ටියක් පමණකි.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ මුතුමාලයේ අභිරහස – Sath sumithuran saha muthumalaye abirahasa

    පීටර්ට බය වු මිනිසා පඳුරු අතරින් දුවගෙන යන ආකාරයත්, එසේ දුව යන මිනිසා තමා සැඟ ව සිටි ගස මුලට පැමිණෙන ආකාරයත් කොලින් බලා සිටියේ පුදුමයෙනි. තවත් ටික වෙලාවකින් කිසිවෙකු ගසට නගින හඬ කොලින්ට ඇසිණි. බිම බැලූ ඔහුගේ සියොළඟ භීතියෙන් වෙවුළා ගියේ ය. ආගන්තුක මිනිසා ඔහු සිටින ගසට නගිමින් සිටියි. ඔහු ද සැඟවෙන්නට අපුරු තැනක් හොයාගෙන ඇති සෙයකි. කොලින්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේ ය. දැන් සිදුවන්නේ ඔහු හීනෙකින්වත් නොසිතූ – දෙයකි. ගසට නගින මිනිසා තමා දුටුවහොත් කුමක් සිදුවෙයි ද? කොලින්ගේ සිතේ ඇත්තේ බිය මුසු දෙගිඩියාවකි. මොන තත්ත්වයක් යටතේ වුව ද ආගන්තුක මිනිසා – ඒ අදිසි සිදුවීමෙන් බියටත්, කෝපයටත් පත්වෙන බව නම් නිසැක ය. දැන් ආගන්තුක මිනිසා ටිකෙන් ටික ගසට නගියි. කොලින් වාඩි වී සිටින අත්ත අසලට ම ගොඩ වූ මිනිසා මදක් නතර වී ගිමන් හැරියේ ය. ඔහු තවත් ටිකක් උඩට ගොඩ වුවහොත් කොලින් අසුවෙනවා සිකුරු ය.

    Original price was: Rs. 400.00.Current price is: Rs. 360.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ ටෝර්ලීන් මැදුරේ අබිරහස – Sath sumithuran saha trolling madure abirahasa

    ජැන්ගේ ටොමි මාමා එයාට හරීම අපූරු නැග්මක් ගෙනත් දුක්කා. ඒ තැන්න තමයි අපූරු දුර දක්කයක්, සත් සුමිතුරන් පිරිසක් වත්ත මේ දුරදක්නය හවුල් කරගන්න හිතාගෙන ජැක් එකත් අරන් ආවා. පිටර් තමයි මුලින් ම දුරදක්නයෙන් ඇත බැලුවේ. දුරදක්නය තුළින් බලද්දි ඇත කන්දක් උඩ තියෙන ගරා වැටුණ, අබලන් ටොළින් මන්දිරය හරිම අපූරුවට පෙනෙනවා. අබලන් මාළිගාවේ ගරා වැටුණ ජනේලයක් ළඟ කවුදෝ අමුත්තෙක් ඉන්න බවයි පීටර් මුලින් ම දැක්කේ. ජරාජීර්ණ වෙලා තියෙන මන්දිරයක ජනේලයක් ළග අමුත්තෙන් ඉන්නේ ඇයි ? පීටර් ගොඩාක් වෙලාවක් ඒ ගැන කල්පනා කෙරුවා. ඇත්තටම දුරදක්නයෙන් දුටු අමුත්තා සැඟවුණ අබිරහසක ප්‍රධාන චරිතය සියළා වටහා ගන්නට සත් සුමිතුරන්ට එතරම් කාලයක් ගතවුණේ නැහැ.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ ගිනි පඹයාගේ අබිරහස – Sath sumithuran saha gini pabayage abirahasa

    පිදුරු මිටිය වෙලාගත් ගින්දර ඉන්පසුව අසල තිබූ කඩදාසි ගොඩ ගිල ගත්තේය. ළමුන් පිරිස ගින්දර නිවන්නට උත්සහ කළ ද ඔවුන්ට සිතාගැනීමට පවා නොහැකි තරම් වේගයෙන් ගින්දර පැතිරෙන්නට පටන්ගත්තේ ය. තවත් මොහොතකින් ගින්දර පරණ රෙදි තොගයද වැළඳගත්තේ ය. කළු පැහැති දුම් රොටුවලින් ගිම්හාන කුටිය පිරී යද්දී ළමුන් පිරිස හනිකට පිටතට පැන ගත්තෝ ය.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ පාලු තැනිතලාවේ අබිරහස – Sath sumithuran saha palu thenithalawe abirahasa

    නිවාඩු කාලය ඇවිත් ඔන්න.. පාස්කු නිවාඩුවත් පටන් ගත්තා, ඇත්තමයි… මම නම් හිතුවේ අපිට කවදාවත් නිවාඩුවක් නම් ලැබෙන්නේ නැති වෙයි කියලයි. ඔයාට එහෙම හිතුනේ නැද්ද ජැනට් ?. පාසල් නිවාඩු කාලය ලැබීමේ ප්‍රීතියෙන් හිත පිරි යද්දී තම සහෝදරිය දෙසට හැරුන පීටර් සතුටින් කීවේය. ඇයි නැත්තේ ?. මටත් එහෙම හිතුනා. මොකද පහු ගිය පාසල් වාරේ ගොඩාක් දිග එකක්. එක දිගටම ඉගෙන ගෙන මට නම් එපාවෙලයි හිටියේ. මොනව වුනත් දැන් නිවාඩුනේ. අද වගේ නිවාඩු දවසක ඔයාට සතුටු හිතෙන්නේ නැද්ද පීටර්?.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ බිම්ගෙයි අබිරහස – Sath sumithuran saha bimgei abirahasa

    ඔයාලා බිම් ගේ ඇතුළට බහිනවා මම දැක්කා. ඊට පස්සේ සැහෙන වෙලාවක් බලාගෙන හිටියත් ඔයාලා ආපහු ආවේ නෑ. ඔන්න එනකොට තමයි ස්කැම්පර් කෙඳිරි ගාන සද්දේ මට ඇහුනේ. එයාගේ සද්දේ හරියට උදව් ඉල්ලනවා වගේ. ඊට පස්සේ මම හැංගිලා හිටපු තැනින් නැගිටලා ලණු ඉනිමග දිගේ පල්ලෙහාට බැස්සා. ඉතින් ඇයි ඔයාලා මේ බලු කුඩුවක් අස්සේ හිරවෙලා ඉන්නේ ? එළියට එන්න බැරිද?

     

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -19%
    (0)

    සත් සුමිතුරන් සහ සුනඛ මංකොල්ලය – Sath sumithuran saha sunaka mankollaya

    තමාගේ සැකය නිවැරදි බැව් කොලින්ට වැටහිණ. මේ තරම් කාලයක් බල්ලන් සොරකම් කළේ මේ මිනිසා ම විය යුතු ය. ඔහු මේ මොහොතේ රැගෙන යන්නේ ද එසේ සොරකම් කළ බල්ලෙකු බව නිසැක ය. පෙනුමේ හැටියට නම් බල්ලා විශාල වටිනාකමකින් යුතු එකතු විය යුතු ය.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 445.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ පාලු මන්දිරයේ අබිරහස – Sath sumithuran saha palu mandiraye abirahasa

    එක දවසක් අම්මා, පිටිගෙන් මේ විදිහට ඇනුවා. පීටර් ඔයාලගේ සත් සුමිතුරන් ගේ රැස්වීම ආයේමත් තියෙන්නේ කවදද?. ඒක නම් හරියට කියන්න දන්නේ නෑ අම්මා, ඇයි ඔයා ඒ විදිහට ඇනුවේ. කියවමින් හිටපු පොතෙන් ඇස් දෙක උස්සලා බලන ගමන් පීටර්, අම්මාගෙන් ඒ විදිහට ඇනුවා. ඒ මොකද කියලා මම කියන්න නම් කෝ පීටර්. මේ දවස්වල එළිමහනේ හරිම සීතලයි. ඉතින් ඔයාලගේ රැස්වීම අර පරණ ගබඩා කාමරයේ පවත්වන එක නම් නුවණක්කාර වැඩක් නෙවෙයි. ඔයාලට සත් සුමිතුරන් ගේ රැස් වීම පවත්වන්න ඕනෑ නම් මේ ගේ ඇතුලේම පවත්වන්න. අම්මා ඒ විදිහට යෝජනා කරද්දී මෙතෙක් වෙලාවක් නිහඬව බලාගෙන හිටපු ජැනවුත් ඉක්මනින්ම කථාවට මැදිහත්

    සත් සුමිතුරන් සහ සුනඛ මංකොල්ලය සුදත් රොහාන් තමාගේ සැකය නිවැරදි බැව් කොලින්ට වැටහිණ. මේ තරම් කාලයක් බල්ලන් සොරකම් කළේ මේ මිනිසා ම විය යුතු ය. ඔහු මේ මොහොතේ රැගෙන යන්නේ ද එසේ සොරකම් කළ බල්ලෙකු බව නිසැක ය. පෙනුමේ හැටියට නම් බල්ලා විශාල වටිනාකමකින් යුතු එකතු විය යුතු ය.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.