යොවුන් නවකතා

  • -10%
    (0)

    නැන්සි ඩ්‍රෝ – අදුරු ගුහාවේ අබිරහස- Nancy drew anduru guhawe abhirahasa

    ගෙවත්තේ සිටි නැන්සි දුරකථනය නාද වෙන හඬ ඇසුණු විගස හිස ඔසවා නිවස දෙස බැලුවා. ඉනික්බිති ඇය අත් වැසුම් යුවල ගලවමින් නිවස වෙත දුවගෙන ගියේ පුදුමාකාර වේගයකින්. පෝටිපෝවේ පඬිපෙළ නැග සාලය කරා පිවිසුණු ඇය හති හලමින් දුරකථනය අතට ගෙන ‘හලෝ’ කිව්වා. දුරකථනයේ අනිත් පසින් ඇසුණේ හුරු පුරුදු කට හඬක්. “හායි නැන්සි.. මම හෙලන්.” ඇමතුම ඇගේ හොඳම මිතුරියක වන හෙලන් කෝර්නින්ග් ගෙනි. නැන්සිට වඩා වසර තුනකින් වැඩිමහලු යුවතියක වුවද ඔවුන් ඉතා සමීප මිතුරියන්ය. ” නැන්සි… මේ දවස්වල ඔයා මොකක්හරි අබිරහසක් විසඳමින් ද ඉන්නේ ?.” හෙලන් නැවතත් ඇසුවා. එවර නැන්සි ඇයට පිළිතුරු දුන්නේ නොඉවසිල්ලෙන්. “නෑ හෙලන්. මොකක්ද කාරණය ?. අබිරහසක් ද ?.” ‘ ඔව්… හොල්මන් මන්දිරයක් ගැන විස්තරයක්.’

    Original price was: Rs. 750.00.Current price is: Rs. 675.00.
  • -10%
    (0)

    වෘක අභය භූමියේ සැගවුනු රහස – නැන්සි ඩ්‍රෝ – Wurka abaya bhumiye sagawunu rahasa

    හායි හැමදෙනාම මේක දිහා බලන්න ජෝර්ජ් ෆෙයින් කීවාය ඇගේ දුඹුරු පාට දෑස උද්දාමයෙන් දිලිසෙයි එසේ කියන ගමන් ම ඈ පසෙක තිබූ මොන්රෝස් කුරියර්’ පුවත් පතේ කාලගුණ විස්තරය කියවන්නට වූවා ය. දැන් ඔවුන් සිටින්නේ මොරිස් පළාතේ තිබෙන කුඩා ගුවන්තොටු පොලකයි. ගමන් මළු පැමිණෙන තෙක් ඔවුන්ට තවත් ටික වෙලාවක් බලා සිටින්නට සිදු වෙයි. මොන්රෝස් වලට අද රෑට හිම වැටෙනවා කියලා පත්තරේ තියෙනවා.

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.
  • -10%
    (0)

    නැන්සි ඩ්‍රෝ -අතුරුදහන් වූ සළුවේ අභිරහස Nancy Drew – athurudahan wuu saluwe abhirahasa

    ඔය විදිහට මම දිහා බලන්න එපා නැන්සි. මම මනමාලි ගේ ‍වේල් එක ගත්තේ නෑ. මම හරිම හොඳ අමුත්තෙක් වගේ මෙතැන වාඩි වෙලා හිටියා විතරයි…. අනික දැනටමත් මඟුල් ගේ තියෙන්න ඕනෑ වෙලාවට වඩා පැය එක හමාරක් පරක්කුයි. කෙලින්ම බොස්ටන් වල ආපු හින්දා මනමාලි මොන වගේද කියලවත් මම දැක්කේ නෑ. මොනව වුනත් මම එක දෙයක් ගැන නම් බලාගෙන ඉන්නවා. මම දන්නවා…..මනමාලි ගේ මල් පොකුර අල්ල ගන්න නේද ?. නැන්සි බෙස්ගෙන් ඇසුවා ය. ඈ දුන්නේ මෙවැනි පිළිතුරකි. ඔව්… ඒක දිහා තමයි. මම බලාගෙන ඉන්නේ.. විනාඩි දහයක් තුළ දහ වැනි වරටත් නැන්සි ඔර්ලෝසුව දෙස බැලුවා ය. ඈ නැවතත් බෙස්ගෙන් මෙසේ ඇසුවාය. දැනටමත් මඟුල් ගේ හොඳටම පරක්කුයි. වේල් එක හොයාගන්න අපිත් උදව් කළොත් හොඳ නැද්ද ?. බෙස් හයියෙන් සිනාසුනා ය. ඉන්පසුව ඈ තැන් සිට කීවේ මෙවැන්නකි. කළබල වෙන්න එපා නැන්සි. අපි වේල් එක ගැන කළබල වෙන්නේ මොකටද ? අනික ඕනෑම මඟුල් ගෙයක් ටිකක් හරි පරක්කු වෙනවා කියලා මම අත් දැකීමෙන් ම දන්නවා. දේවස්ථානයේ ඕගනය වාදනය කරන්නා දැනටමත් එකම ගීතිකාව තුන් වරක් පමණ ගායනා කොට අවසන් ය. මඟුල් ගෙයට පැමිණි අමුත්තෝ නොඉවසිලිමත් ව කථා කරන්නටත්, ආසන මත එහාට මෙහාට පැද්දෙන්නටත් පටන්ගෙන හමාරය. මේ ප්‍රමාදය ඔවුන්ට දරා ගැනීමට අපහසු සෙයකි. කළ හැකි දෙයක්

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.
  • -20%
    (0)

    සත්සර වියරුව – Sath viyaruwa

    ඔයා මේවාට කැමැතිද ? ” ඒ ප්‍රණයේ සාක්කුවේ තිබූ ආහාර අල්ලා ගන්නා ලෝහ අඩුව සුරතට ගනිමින් මම ඇසුවෙමි. ඊට පසුව අසල වූ හුමාල බඳුන මත තැම්බෙමින් තිබූ විශාල වීනර් සොසේජස් කරලක් ලෝහ අඩුවෙන් අල්ලා පිටතට ගත්තේ ගණුදෙනුකරුවාට පිරිනමන්නටයි. අබ ක්‍රීම් ටිකකුයි කෙචෙප් ටිකකුයි දාන්න. ඒ වගේම ටිකක් ඉක්මන් කළොත් හොඳයි ළමයා.” මා ඉදිරියේ සිටින ව්‍යාපාරිකයා සිය අත බැඳී ඔර්ලෝසුව දෙස බලමින් කීවේය. මම දෙනෙන කරකවා වටපිට බැලුවෙමි. මේ වෙලාවේ මා සිටින්නේ ටයිම් චතුරස්‍රය මධ්‍යයේය.

    Original price was: Rs. 980.00.Current price is: Rs. 784.00.
  • -20%
    (0)

    නයගරා වික්‍රමාන්විතය – Nayagara wikramanvithya

    මෝරෙක්  මා සිටින දෙසට වේගයෙන් පිහිණා එයි. මෝරාගේ විවර වූ මුව තුළ සිය ගණනක් වූ තියුණු දත් විලිස්සී තිබේ. උගේ දෑස මලානිකය. එහි තැවරී ඇත්තේ බිහිසුණු බවකි. කිසිදු ආකාරයක සමාවක් ඒ දැවල නැත්තා සේය. පැහැදිලිවම මෝරා මා දෙසට හඹා එන්නේ කාලෙකින් ලැබුණු නැවුම් මිනිස් ආහාර වේලක් ගිල දැමීමේ දැඩි උනන්දුවකිනි. මගේ මරණය බලාපොරොත්තුවෙන් සිටින්නේ මේ බිහිසුණු මෝරා පමණක් නොවේ. පිහිණුම් ඇඳුම් කට්ටල වලින් සැරසී ඊතළ තුවක්කුවලින් සන්නද්ධ වූ නපුරු මිනිසුන් දෙදෙනෙකුද තමන්ට පැවරුණු රාජකාරිය නිමා =කිරීමේ අරමුණෙන් මා පසුපස ලුහු බඳිමින් සිටිති. මෝරාගේ තර්ජනයෙන් මා ගැළවුණොත් මිනිසුන් මා නසා දැමීමේ රාජකාරිය අවසන් කරනු නිසැකය.

    Original price was: Rs. 680.00.Current price is: Rs. 544.00.
  • -10%
    (0)

    ගඟ අද්දර කැලේ – Ganga addara kale

    සේතන් අයියේ මේ සැරේ පහුරු යන කොට මාවත් කොහොම හරි එක්කන් යන්න ඕනෑ. ගං ඉවුරේ හිඳගත් මම කීවෙමි. එව්ව අපි දන්නේ නැ. අවසර ගන්න ඕනෑ කොරනේලිස් උන්නැහැගෙනුයි සේතන් අයියා ඇල්ඛසියා කඳක ගැටයක් අත් පොරවෙන් සසිමින් කීවේය. සේතන් අයියා කිව්වොත් බාප්පා ඉඩ දෙයි. අපොයි අපොයි මට බෑ. කොරනේලිස් උන්නැහැගෙන් කොහොම වෙතත් හාමිනේගෙන් නම් විසුමක් වෙන්නේ නෑ. ඛාප්පාගේ සහ පුංචි අම්මාගේ රූපකාය එකවර ම මගේ සිතට නැංගේ ය. මා කුඩා කල ම තාත්තාත් අම්මාත් මිය ගිය පසු මා හැදී වැඩුණේ බාප්පා සහ පුංචි අම්මා ළඟ ය. සේතත් අයියාත් ඔහුගේ සහායකයා වන ජයසේකරත් බඳින්නේ බාප්පාට අයිති පහුරු ය. බාප්පා පහුරු බලන්නට එන්නේ ඉඳ හිට දවසක ය. ඔහු කරන්නේ තැන තැන ඇවිද ඉඩම්වල ඇති ගස් මිළ දී ගැනීමයි. ඒ ගස් ගඟට ඇද දුන් පසු පහුරු බැඳ ගෙන කොළඹ ගෙන යන්නේ සේතන් අයියා සහ ජයසේකරය. පහුර කොළඹ තොටළඟට යන වෙලාවට බාප්පා බස් රියකින් නැගී තොටළඟට යයි. කොරනේලිස් උන්නැහැගෙන් කොහොම වෙතත් හාමිනේගෙන් නම් විමසුමක් නැතැ යි සේතන් අයියා කීවේ අපේ පුංචි අම්මාගේ සැරකම සලකාය. ඈ ඕනෑ දේව මෙන් ම එපා

    Original price was: Rs. 300.00.Current price is: Rs. 270.00.
  • -20%
    (0)

    හරි පුදුම ඉස්කෝලෙ – Hari puduma iskole

    ටොමෝ නැමැති පාසල ගැනත්. එය අරඹා පවත්වා ගෙන ගිය පුද්ගලයා වූ, සොසාතු කොබයාෂි මහතා ගැනත් ලිවීම දිගු කලෙක සිටම වට අත්‍යවශ්‍ය ව පැවැති කරුණෙකි. මෙහි කිසි ම කරාංගයක් මවිසින් නිර්මාණය කරන ලද්දේ නොවේ. ඒ සියල්ල සත්‍ය වශයෙන් ම සිදු වූ ඒවා වන අතර, මට මතක් කර ගත හැකි වී ඇත්තේ ඉතාම ස්වල්පයක් පමණි. මේවා ලිවීමට මට අවශ්‍ය වූවාට අමතර ව, කඩ වූ පොරොන්දුවක් වෙනුවෙන් යමක් කිරීමට ද මම නොතිත් ව සිටියෙමි. මෙහි එක් පරිච්ජේදයක මා සඳහන් කළ පරිදි, වැඩුණු පසු මා ටොමෝවෙහි ඉගැන්වීමේ යෙදෙන බවට ළමතු වශයෙන් මම ගම්භීර ප්‍රතිඥාවක් දුන්නෙමි. කෙසේ වුවද එය මා ඉටු කිරීමට අවකාශ නොලත් ප්‍රතිඥාවෙකි. ඒ වෙනුවට කොබයාෂි මහතා කෙබඳු අයෙක්ද යන්න ගැන හා ළමයින් කෙරෙහි එතුමා ගේ අනුපම ආදරය සහ ඉගෙනුම සඳහා ඔවුන්ට අවකාශ සකස් කළ ආකාරය ගැන හැකි තරම් පිරිසක් දැනුවත් කිරීමට මම උත්සාහ කළෙමි. කොබයාෂි මහතා වර්ෂ 1963 දී අභාවයට පත් විය. අදත් ජීවත් වී නම් එතුමා තවත් බොහෝ දේ මට කියා දෙනු ඇත. ළමා වියේ මතක සටහන් ලෙස ම පෙනී ගිය බොහෝ දේ ඇත්ත වශයෙන්ම කිසියම් ප්‍රතිඵල සාධනය කර ගැනීම සඳහා ඉතා පරිස්සමින් සිතා මතා ගොඩ නඟන ලද, ක්‍රියාකාරකම් වූ බව මට පැහැදිලි වූයේ මෙය ලියා ගෙන යද්දී ය. මේවා ඇත්තට ම කොබයාෂි මහතාගේ සිතේ තිබූ දේ නේද? මෙසේ සිතීම කෙතරම් කදිම දැයි සිතෙන විට, එක් එක් කරුණ මගේ විස්මය සහ කෘතඥතාව වර්ධනය කළේය. මා ගැන ම සිතුව හොත් ” දන්නවද? ඔයා හරිම හොඳ ළමයෙක් !” කියමින් මා රඳවා ගත් සුවිශේෂ අකාරයෙහි අගය කෙසේවත් තක්සේරු කළ නො හැක්කේය. මම ටොමෝ වට ඇතුළු නොවූයෙම් නම්, කොබයාෂි මහතා හමු නො වුයෙම් නම්,

    Original price was: Rs. 860.00.Current price is: Rs. 688.00.
  • -10%
    (0)

    යකාගෙ ඉස්කෝලෙ – Yakage iskole

    සමාජය විෂමය. කුරීරුය. එහි ගොදුරු බවට පත්වන්නේ වැඩිහිටියන් පමණක්ම නොවේ. වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද විෂම සමාජ පරිසරය තුළ දරුවන්ගේ විසිතුරු ලොවද පීඩාවට පත් වේ. සඳළි, ක්‍රිෂ්ණ, නියාස් යනු එකී වව්‍යසනය හමුවේ පීඩාවට පත් ළමුන් තිදෙනෙකි. සියල් බාධක කම්කටොලු මැද අධ්‍යාපනය ලබන අතරම. සමාජයට පිළිලයක් වූ දරුණු අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර දීමටද ඔවුහු අරගල කරති. ඒ සෑම උත්සාහයක්ම බිහිසුණුය. ත්‍රාසජනකය. පාඨකයා තිගැස්මට ලක් කරන සුලුය. මේ ඔවුන්ගේ විරත්වයෙන්ද, උදෙත්ගයෙන්ද සුසැදි අපූර්ව කතාවයි.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 720.00.
  • -20%
    (0)

    ගෙදර යන අතරමග – Gedara yana atharagama

    අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙනි. තැනිතලා දුවිලි ගොඩවල් බවට පත් වී තිබිණි. දවසින් දවස. ග්‍රීෂ්ම ඍතුවෙන් ග්‍රීෂ්ම ඍතුව අතිඌෂ්ණ සුළඟ දූවිලි පිඹිමින් හමා ගිය අතර, සූර්යයා කහ පැහැති අහස් තලයක පිත්තල පැහැයෙන් දිස් ස්විය. අස්වැන්නක් අස්වැන්නක් ගාණේ නිසරු වී ගියේය. බදු ගෙවීම සඳහා, ආහාර සහ ඊළඟ අවුරුද්දේ වචන බීජ මිල දී ගැනීම සඳහා මුඩු බිම යළි යළිත් උකස් තැබීමට සිදු විය. අස්වැන්න නොලැබුණු විට, තවත් ණය ගැනීමට නොහැකි වූ විට, පොලී සහ බදු ගෙවීමට මුදල් නැති වූ විට බලාපොරොත්තුවේ කටුක වේදනාව නිමා විය. බැංකු හිමියාට ඉඩම සින්න විය. ඊළඟට බැංකුව වස්තු භංග විය. හත්වැනි අවුරුද්දේ දී මහා ගුප්ත ව්‍යසනයක් මුළු ලොව පැතිර ගියේය. සියලු බැංකු වස්තු භංග විය. මුළු රට පුරා කම්හල් වැසී ගිය අතර, ව්‍යාපාර ඇනහිටිණි. මෙය මූල්‍ය භීතියක් විය. එය ආර්ථික අවපාතයක් නොවීය. ඒ 1893 අවුරුද්ද වූ අතර ඒ කාලයේ කිසිවකු ආර්ථික අවපාතය ගැන අසා තිබුණේ නැත. සෑම දෙනාම දැන සිටියේ මූල්‍ය භීතීන් ගැනය. 1797 දී, 1820 දී. 1835 දී, 1857 දී සහ 1873 දී මූල්‍ය භීතීන් ඇති වී තිබිණි. මුල්‍ය භීතියක් යනු සීයාට නම් අලුත් දෙයක් නොවීය. ඔහු මීට පෙර ඒවා දැක තිබුණේය; මෙයත් සාමාන්‍ය මූල්‍ය භීතියකට වඩා වැඩි දෙයක් නොවේ යැයිද, යුද්ධ කාලය තරම් නරක දෙයක් තවත් නැතැයිද ඔහු කීවේය. දැන් අප සියලු දෙනාට නිරුපද්‍රිතව නිදන්නට හැකි අතර, කෝක්සිගේ සේනාව හැරෙන්නට වෙනත් කිසිවකු වියරු වැටී ප්‍රචණ්ඩ ක්‍රියා කරමින් සිටියේ නැත.

    Original price was: Rs. 380.00.Current price is: Rs. 304.00.
  • -10%
    (0)

    පාලූ දුපත – Palu dupatha

    පාළු දූපත සොහොයුරු සොහොයුරියන් හතර දෙනෙකු ගෙන් යුත් පවුලක බාලයා මමය. මගේ නම නන්දන ය. මා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ නව වැනි වසරේ උගනිමින් සිටියදීය ඒ තීරණාත්මක දිනය උදා වූයේ. එදා සඳුදා දිනයකි. සිරිත් පරිදි පාසැල් ගිය මම වෙනදා මෙන් පාසැල ඇරී ගෙදර යාම සඳහා අනුරාධපුර බස් නැවතුම් පොලට යමින් සිටියෙමි. මා ගමන් කළේ අනික් ළමුන්ට පසුව, තනිවමය. මා යන පැත්තටම ගමන් කරමින් සිටි මෝටර් රථයක් හදිසියේම මා අසල නතර කොට, පුතා නගින්න අපි ගෙදරට ඇරලන්නං අපි යන්නෙත් ඒ පැත්තටම තමා යි කියමින් රථයේ පිටු පස අසුනෙහි සිටි කාරුණික පෙනීමකින් යුතු තලතුනා පුද්ගලයෙක් දොර අරිමින් මට ඇරයුම් කළේය. ඔහු තාත්තාගේ යහළුවකු වන්නට ඇතැයි සිතූ මම ඉතා කැමැත්තෙන් රථයට නැගුණෙමි. ඔහුගේ සිත් අදනා පෙනුම හා මොළොක් වචන නිසා එවෙලේ මට කිසිම සැකයක් ඇති නොවීය.

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -10%
    (0)

    සත් සුමිතුරන් සහ රුක් නිවසේ අබිරහස – Sath sumithuran saha ruk niwase abirahasa

    සත් සුමිතුරන් ගේ කථා මාලාවේ පස් වැනි පොත කියවන්නයි ඔයාලා මේ සුදානම් වෙන්නේ. පිටර්. ජැක්. කොලින්, ජෝර්ජ්. පැම්. ජැනට්. බාර්බරා යන සූර වීර ළමයින් හත් දෙනා සහ ස්කැම්පර් නමින් හැඳින් වෙන සුරතල් බල්ලෙක් ගේ දක්ෂකම් ගැන කියවෙන මේ කථා මාලාව දැනටමත් ඔයාලා ගොඩාක් ආසාවෙන් කියවනවා කියලා මම දන්නවා. එකිනෙකට වෙනස් තේමාවන් යටතේ ලියවුන පොත් පහලොවක් පමණ මේ කථා මාලාවට අයිති වෙනවා. ඉතිරි පොත් ටිකත් හනි හනික ඔයාලට කියවන්න ලැබෙයි. එතෙක් නොඉවසිලිමත්ව බලා සිටින්න.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    වනේ ඇඳුනු පිය සටහන් – Wane andunu piya satahan

    රුකුල් අස්සෙ මොකට රූටනවා ද? සඳුදා මා අම්පාරේ බණ්ඩාරදුව විදුහලෙහි සේවයට යා යුතු විය. බණ්ඩාරදූව වන සතුන් ගේ පාරාදීසයක් බඳු මහ වන මැද පිහිටි අතිශයින් ම දුෂ්කර වූ ගම්මානයක් බැවින් කල් තබා එහි යා යුතු බව මම දැන සිටියෙමි. ඉරිදා උදේ හිතවතුන් දෙදෙනෙකු ද කැටුව ගල්ල්ඔය ව්‍යාපාරයේ අංක 28 ජනපදය (දැන් වැරැු කැටහොඬ) ඔස්සේ ගමන් ඇරඹිමි. උදේ පාන්දර මාර්ගයේ අලි, කොටි, වලස්. කුළු මී වැනි මෘගයින් ගැවසෙන නිසා මද්දහනය වන තෙක් ගමන පමා කළ යුතු බව කීප දෙනෙක් ම කීහ. බණ්ඩාර දූවට යාමට ඇත්තේ මහ කැළය මැදින් වැටී ඇති කරත්ත පාරකි. මේ මාර්ගයේ කිසිම වාහනයක් නො යන්නේ යැයි මම සිතුවෙමි. ඉඳහිට බණ්ඩාරදුව දෙසට යන ආණ්ඩුවේ ජිප් රථයක් හැරෙන්නට එහි ගමන් ගන්නා වාහයක් නැති බව මට පසුව දැන ගන්නට ලැබිණි. අපි රෝදපාර දිගේ වනය තුළට රිංගුවෙමු. තොරතාංචියක් නැතිව නැඟෙන කුරුලු ගීතයෙන් නිහැඬියාව මැකී යයි. මිනිස් කට හඬක් අසන්නට නැති බැවින් කුරුලු ගීතය වුව ද සිත සලිත කරවීමේ බලයක් ලබා ඇත. ගස් දෙකක් එකට ඇතිල්ලී නැඟෙන ………………. නාදය ගස් අතරින් රිංගා ඈතටම දිව යයි. අත්තෙන් අත්තට පනින රිළා වඳුරු සේනාව අප දෙස බලා සිටින්නේ අප බියගන්වන විලාසයකිනි. කන් බිහිරි කරවන රැහැයි නාදය වන ගැබේ පාළුවට තර්ජනයක් වුව ද සිත තුළ රජයන පාළුව බිය මුසු හැඟුම් ජනනය කරවයි.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    පුංචි වීරයෝ – Punchi weerayo

    උපුල් සහ විපුල් දෙන්නා අයියා මලෝ. ඒත් දෙන්නම එ උසයි. එක මහතයි. එකම මුහුණුවරයි. වෙන් කරල හඳුනා ගන්න අමාරුයි. මේ උපුල්ය. මේ විපුල් ය, කියලා හඳුනා ගන්නට අම්මට තාත්තට වුණත් ලෙහෙසි නැහැ. මේ දෙන්නා නිවුන්නු. ඒ කියන්නේ නිවුන් සහෝදරයෝ. අයිය මල්ලිට වඩා වැඩිමහල් වෙන්නේ විනාඩි දෙක තුනකින් විතරයි. අයියගේ නම උපුල්. මල්ලිගේ නම විපුල්. දෙන්නම ඉගෙන ගන්න දක්ෂයි. ගුරු ගෙදර දී වැඩිය හපන්කම් පාන්නේ විපුල්. සෙල්ලම් පිටියෙදිත් හපනා. හේනේ කුඹුරේ වැඩවලදිත් අත් උදව්වට විපුල් කම්මැළි නෑ. අහල පහල උදවියට පුංචි පහේ උදව්වකට වුණත් ඉදිරිපත් වෙන්නේ විපුල්. ඒ නිසා කවුරුත් විපුල්ට ආදරය කළා. ඒත් කවුද විපුල්? කවුද උපුල්? විපුල්ගේ වැඩවලින් හොඳ නම ගන්න ඉදිරිපත් වුණේ උපුල්. ඉගෙනීමේ වැඩ හොඳට කළාට උපුල් කම්මැළියි. වැඩට පලට ශූර නෑ. ඒ වුණාට දෙන්නගෙ දඟකාරකමේ නම් අඩුවක් නෑ. අයියයි මල්ලියි අතර රණ්ඩු කෙළවරක් නෑ වෙලාවකට දෙන්නා හරි යාළුයි.

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -10%
    (0)

    ගොවිගෙදර නිවාඩුවක් – Govi gedara niwaduwak

    බටර්කප් ගොවිපලේ සෑම දවසක් ම හරි ම අපූරුයි. විනෝදයි. මේ අපූරු දවස් එකින් එක ගෙවිල යනකොට ළමයි හරීයට දුක්වුණා. හැබැයි ඒ අය ගොඩක් දේවලුත් ඉගෙනගෙන තිබුණා.

    Original price was: Rs. 380.00.Current price is: Rs. 342.00.
  • -10%
    (0)

    සත් සුමිතූරන් සහ සොරාගත් වයලීනය – Sath sumithuran saha soragath wayaleenaya

    එක් දිනක් රාත්‍රියක නගරයේ පෞරාණික අළෙවි සලක තබා තිබෙන මිල කළ නොහැකි වයලීනයක් සොරාගන්නා ආකාරය ජෝර්ජ් සහ කොලින් දකිති. වයලීනය සොරා ගන්නා ආකාරය දුටුවද ඔවුන්ට සොරා අල්ලා ගැනීමට නොහැකි වෙයි. සත් සුමිතුරන් පිරිස මේ අබිරහස් හොරකම ගැන පරීක්ෂණ පවත්වන්නට පටන් ගන්නේ ඉන් පසුවයි. සොරා වයලීනය සොරකම් කොට ඇත්තේ පීටර්ගේ ගෙවත්තේ සිටින පඹයාගේ ඇඳුම් කට්ටලය ද සොරකම් කොට එය ඇදගෙන ගොස් බව සත් සුමිතුරෝ සොයා ගනිති. මේ සිදුවීම් දාමය ගැන පරීක්ෂණ පවත්වන සත් සුමිතුරන්ට සොරාගත් වයලීනය සොයාගත හැකිවෙයි. එහෙත් අවසානයේ ඉතාමත් ම සංවේදී අත්දැකීමකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවෙයි

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -20%
    (0)

    මරණයෙන් පිබිදුණු මිනිස්සු – Maranayen pibidunu minissu

    මරා දැමුණු මිනිසා අතින් මිනීමරුවා ඝාතනය වේ. ලන්වන් නගරය අසල වූ එක් පෞද්ගලික පාසලක් පිහිටා තිබුණේ බෙහෙවින් පැරණි, විශාල නිවසක් තුළය. එල්ම ගසින් හා දේවදාර ගසින් සෙවණ වූ පාසල් භූමිය රමණිය තේමිස් නදිය අසබඩ සුන්දර පරිසරයක පිහිටා තිබිණ. 1870 වසරේ පළමු පාසල් වාරය ආරම්භ විය. පාසල් සිසුන් 130 දෙනාත්, ගුරුවරුන් කිහිපදෙනාත් ඇතුළු සියල්ලෝම පාසල පටන් ගත් දින පැමිණ සිටියහ. මේ වාරයේ දී පැරණි ගුරුවරුන්ට අමතරව සැම්ප්සන් නම් වූ අලුත් ගුරුවරයෙක් ද පැමිණ සිටියේය. මුහුණ පුරා වැවුණු ඝන රැවුලකින් ද, උස් සිරුරකින් ද යුතු වූ අලුත් ගුරුවරයා කල් යත්ම ශිෂ්‍යයන් අතර ජනප්‍රිය වන්නට සමත් විය. රට රටවල ඇවිද නොයෙකුත් තොරතුරු දැන සිටි ඔහු ඒ පිළිබඳව සිසුන්ට රසවත් කතා පැවසීමට සමත් වී සිටියේය. සැම්ප්සන්ගේ ගෙලෙහි නිරතුරුවම ඔහු පැලඳ සිටි මාලයක් විය. ඔහුගේ නමේ මුල් අකුරු තුන වන ජී. ඩබ්ලිව්. එස්. කොටා තිබූ රන් කාසියක් එහි අමුණා තිබිණ. සැමම්ප්සන් මහතා පාසලට පැමිණ නොබෝ දිනකින් අද්භූත සිදුවීම් මාලාවක් පාසල පුරා හමා යන්නට පටන් ගත්තේය. දිනක් ගුරුවරයා ශිෂ්‍යයන්ට ලතින් භාෂාව උගන්වමින් සිටියේය. ලතින් භාෂාවෙන් වාක්‍යය බැගින් ලිවීමට ශිෂ්‍යයන්ට නියම වී තිබිණ. මේ අතරේ පන්තියේ කොනක වාඩි වී සිටි මැක්ලොයිඩ්’ නමැති ශිෂ්‍යයා කිසිවක් නොලියා මේසයට බර වී නිදිමත ස්වභාවයෙන් පසු වනු තවත් ශිෂ්‍යයකුගේ නෙත ගැටිණ. ” මැක් ලොයිඩ්, ලියන්නේ නැද්ද?

    Original price was: Rs. 500.00.Current price is: Rs. 400.00.