-
(0)By : Enid Blyton
හරි අපූරු ඉස්කෝලේ – Hari apuru iskole
ගැහැණු ළමුන් දෙදෙනාගේ හිසකෙස් දුඹුරු ය. දිලිසෙන සුළු දෙනෙත් නිල් පැහැති ය. දෙතොල් අයර්ලන්ත පෙනුමක් ඇති දැරියන් ගේ කටහඬ නැවත නැවත අසන්නට තරම් මිහිරිය. අපි ඉගෙන ගත්තේ රෙඩ්ට්රූෆ් ඉස්කෝලේ. ඒ වණාට අපිට වෙන ඉස්කෝලෙකට ” අම්මලා අපි ව වෙන ඉස්කෝලෙකට දාන්න තීරණය කරලා, මෙචිචර කාලයක් යන්න වෙලා. මෙචර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලේ අමතක කරලා. යාලුවෝ ටික පැත්තකට දමලා වෙන ඉස්කෝලෙකට යන්න වෙලා. මට නම් හිතා ගන්නවත් බෑ. ” කැප්ටත්, පැව් ගොකී ටීම් එකේ කැප්ටන්. අපි වෙන ඉස්කෝලෙකට ගියොත් මේ ඉස්කෝලේ හිටියේ කොච්චර සන්තෝසෙන් ද? ගිය අවරුද්දේ මමයි පැටයි දෙන්න ම ශිෂ්‍ය නායිකාවෝ වුණා. ඒ විතරක් ද? මම හිස් රිම් එකේ ගමම නැති වෙනවා. ඒ කියන්නේ අපිට මුල ඉඳල ම පටන් ගන්න වෙනවා .
Rs. 550.00Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00. -
(0)By : Enid Blyton
අපූරු ඉස්කෝලේ අපූරු සාදය – Apuru iskole apuru sadaya
“මම කියන්නේ මේකයි. ” විවේක කාමරයේ දොර විවෘත කරමින් ඇතුළු වුණු මිරා බෙල් ළමයින්ගේ අවධානය බිඳ දමුවා ය. ” ටික වෙලාවකට මට ඔයාලට කරදර කරන්න වෙනවා. ඒකට කමක් නැද්ද? ” ” කමක් නෑ. මොකක්ද වෙලා තියෙන්නේ ? ” මිරා බෙල්ට පිළිතුරු ලැබුණේ බොබිගෙනි. “මේක ග්ලැඩිස් ගැන පුංචි කථාවක්.” මිරාබෙල් දිගු කතාවකට මුල පුරමින් කීවා ය. පෙට්ටි කාමරයේ සිටි ග්ලැඩිස් තනිවම රග පෑ ආකාරය ගැන මිරාබෙල් කියූ විස්තරය ළමුන් අසා සිටියේ පුදුමයෙනි. තමා ග්ලැඩිස්ට උදව් කිරීමට උත්සාහ කළ ද ඈ කෝප වීම නිසා ඒ දේ කිරීමට නොහැකි වූ බව ද මිරාබෙල් තව දුරටත් කියා සිටියා ය.
Rs. 550.00Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00. -
(0)By : Enid Blyton
සත් සුමිතූරන් සහ සොරාගත් වයලීනය – Sath sumithuran saha soragath wayaleenaya
එක් දිනක් රාත්‍රියක නගරයේ පෞරාණික අළෙවි සලක තබා තිබෙන මිල කළ නොහැකි වයලීනයක් සොරාගන්නා ආකාරය ජෝර්ජ් සහ කොලින් දකිති. වයලීනය සොරා ගන්නා ආකාරය දුටුවද ඔවුන්ට සොරා අල්ලා ගැනීමට නොහැකි වෙයි. සත් සුමිතුරන් පිරිස මේ අබිරහස් හොරකම ගැන පරීක්ෂණ පවත්වන්නට පටන් ගන්නේ ඉන් පසුවයි. සොරා වයලීනය සොරකම් කොට ඇත්තේ පීටර්ගේ ගෙවත්තේ සිටින පඹයාගේ ඇඳුම් කට්ටලය ද සොරකම් කොට එය ඇදගෙන ගොස් බව සත් සුමිතුරෝ සොයා ගනිති. මේ සිදුවීම් දාමය ගැන පරීක්ෂණ පවත්වන සත් සුමිතුරන්ට සොරාගත් වයලීනය සොයාගත හැකිවෙයි. එහෙත් අවසානයේ ඉතාමත් ම සංවේදී අත්දැකීමකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවෙයි
Rs. 550.00Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00. -
(0)By : Enid Blyton
අපූරු ඉස්කෝලේ අවසන් වාරේ – Apooru Iskole Awasanware
මෙය ඔබ මෙතෙක් රසවිඳි “අපූරු ඉස්කෝලේ” කතා මාලාවේ අවසන් කතාව යි. st. clare’s නමැති පාසලේ හට ගැනෙන අපූරු සිද්ධීන් පාදක කොට ගනිමින් , ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛිකා Enid Blyton විසින් රචනා කොට, සුදත් රොහාන් විසින් ඔහුට ම ආවේනික අපූරු ශෛලියකින් පරිවර්තනය කරන ලද මේ කතා පෙළ පාඨකයින්ගේ ඉමහත් ආනන්දයට හේතු විය. එහෙයින් මෙවන් වූ තවත් අපූර්ව කතා පෙළක් ඉදිරියේ දී ඔබට තිළිණ කිරීම අපේ අපේක්ෂාවයි.
Rs. 550.00Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00. -
(0)By : Enid Blyton
අපූරු සොයුරියන්ගේ අපූරු රහස් – Apuru soyuriyange apuru rahas
ඒ සතිය අවසානයේදී වාරය මැද ලැබෙන විශේෂ නිවාඩුව ශාන්ත ක්ලෙයාර් පාසලේ ළමයින්ට ලැබිණි. තම දරුවන් දක බලා ගැනීම සඳහා බොහෝ දෙමාපියෝ දුම්රියෙන් පාසල කරා පැමිණියහ. තවත් දෙමාපියෝ මෝටර් රථ වලින් පැමිණියහ. මේ විශේෂ නිවාඩු දිනය දෙමාපියන් සමඟ ගත කිරීමට ලැබෙන නිසා පාසලේ ගැහැණු ළමයින්ගේ හිත්වල තිබුණේ ද අසීමිත ප්‍රීතියකි. ඒත් සමහර ගැහැණු ළමුන්ගේ දෙමාපියන් පැමිණෙන්නේ නැත. එවැනි ළමයි තම තමන්ගේ යෙහෙළියන් සමඟ ඈත නගරයක ඇති චිත්‍රපටියක් නැති නම් නාට්‍යයක් නැරඹීම සඳහා ගියහ. පැට් සහ ඉසබෙල්ගේ මව වූ ඔසුලිවාන් මහත්මිය පැමිණ සිටියේ කාරයෙනි. ඇය පැට් සහ ඉසබෙල් ද, ඇලිසන්ද රැගෙන ඈත නගරයක් බලා පිටත් ව යාමට තීරණය කොට තිබිණි. ඇලිසන්ගේ මව නොපැමිණි නිසා ඇයට ද ඒ ගමනට එකතු වන්නට සිදු විය. ජැනට් ඇගේ දෙමාපියන් සමග විනෝද සවාරියක් සඳහා නික්ම ගියේ ප්‍රීතියෙනි. හිලරිත් ඔවුන්ගේ විනෝද ගමන සඳහා එක්කර ගැනීමට ජැනට් අමතක
Rs. 520.00Original price was: Rs. 520.00.Rs. 468.00Current price is: Rs. 468.00. -
(0)By : Enid Blyton
සත් සුමිතුරන් සහ බ්‍රැම්බ්ලි වනාන්තරයේ මංකොල්ලය – Sath sumithuran saha brambli wanantharaye mankollaya
හැමෝම සැඟවුණාට පස්සේ පිටර් අතු අතරින් ඔලුව එළියට දමළා ඔවුන් ගැන විපරම් කෙරුවා. හැබැයි සත් සුමිතුරන් සැඟවෙලා ඉන්නේ කොහෙද කියලා යාන්තමින්වත් දැක ගන්න නම් ලැබුණේ නැ. ඒ නිසා පිටර්ගේ හිතට දැනුණේ පුදුමාකාර සතුටක්. මොකද මේ තරමි හොඳින් සැඟවෙළා ඉන්න නිසා ඔවුන් බලාපොරොත්තුවෙන් ඉත්ත අමුත්තාටවත් සත් සුමිතුරන් දැක ගන්න ලැබෙන්නේ නෑ.
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)By : Enid Blyton
සත් සුමිතුරන් සහ අබිරහස් ආගන්තුකයා – Sath sumithuran saha abirahas aganthukaya
සඳළුතලයේ එක් කෙළවරක වූ කුටියක කවුළු තිර හොඳින් වසා නො තිබිණි. තිර අතර වු පටු විවරයක් තුළින් එබී බලන ඔහු දුටුවේ සියුම් ආලෝකයකි. එය ගිනි උදුනකින් නැගෙන්නක් බැව් ඔහුට වහා වැටහිණ. ඒ සමග ම ඔහුට ඇසුණේ විශාල ගස ඉහළට නගින මිනිසකුගේ හඬකි. ගසට නගින මිනිසා තවත් මොහොතකින් සඳළු තලයට පිවිසෙනු ඇත. ඔහුගේ සිතට දැනුනේ කිව නොහැකි තරම් වූ බියකි.
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)By : Enid Blyton
සත් සුමිතුරන් සහ අතුරුදහන් වූ යුවතිය – Sath sumithuran saha athurudahan wuu yuwathiya
නුල් කැබලි ප්‍රවේශමෙන් ගලවා ඉවත් කළ පීටර් පෙට්ටිය විවෘත කළා. මොන පුදුමයක්ද! වී පෙට්ටිය ඇතුළෙ තිබුණේ නූල්වලින් මනාව ඔතන ලද තවත් කුඩා පෙට්ටියකි. පිටර් ඒ පෙට්ටියත් විවෘත කළා. ඒක ඇතුළෙ තිබුණේ ප්‍රමාණයෙන් ඊටත් කුඩා තවත් පෙට්ටියක් පමණකි.
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)By : Enid Blyton
සත් සුමිතුරන් සහ ටෝර්ලීන් මැදුරේ අබිරහස – Sath sumithuran saha trolling madure abirahasa
ජැන්ගේ ටොමි මාමා එයාට හරීම අපූරු නැග්මක් ගෙනත් දුක්කා. ඒ තැන්න තමයි අපූරු දුර දක්කයක්, සත් සුමිතුරන් පිරිසක් වත්ත මේ දුරදක්නය හවුල් කරගන්න හිතාගෙන ජැක් එකත් අරන් ආවා. පිටර් තමයි මුලින් ම දුරදක්නයෙන් ඇත බැලුවේ. දුරදක්නය තුළින් බලද්දි ඇත කන්දක් උඩ තියෙන ගරා වැටුණ, අබලන් ටොළින් මන්දිරය හරිම අපූරුවට පෙනෙනවා. අබලන් මාළිගාවේ ගරා වැටුණ ජනේලයක් ළඟ කවුදෝ අමුත්තෙක් ඉන්න බවයි පීටර් මුලින් ම දැක්කේ. ජරාජීර්ණ වෙලා තියෙන මන්දිරයක ජනේලයක් ළග අමුත්තෙන් ඉන්නේ ඇයි ? පීටර් ගොඩාක් වෙලාවක් ඒ ගැන කල්පනා කෙරුවා. ඇත්තටම දුරදක්නයෙන් දුටු අමුත්තා සැඟවුණ අබිරහසක ප්‍රධාන චරිතය සියළා වටහා ගන්නට සත් සුමිතුරන්ට එතරම් කාලයක් ගතවුණේ නැහැ.
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)By : Enid Blyton
සත් සුමිතුරන් සහ ගිනි පඹයාගේ අබිරහස – Sath sumithuran saha gini pabayage abirahasa
පිදුරු මිටිය වෙලාගත් ගින්දර ඉන්පසුව අසල තිබූ කඩදාසි ගොඩ ගිල ගත්තේය. ළමුන් පිරිස ගින්දර නිවන්නට උත්සහ කළ ද ඔවුන්ට සිතාගැනීමට පවා නොහැකි තරම් වේගයෙන් ගින්දර පැතිරෙන්නට පටන්ගත්තේ ය. තවත් මොහොතකින් ගින්දර පරණ රෙදි තොගයද වැළඳගත්තේ ය. කළු පැහැති දුම් රොටුවලින් ගිම්හාන කුටිය පිරී යද්දී ළමුන් පිරිස හනිකට පිටතට පැන ගත්තෝ ය.
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)By : Enid Blyton
සත් සුමිතුරන් සහ පාලු තැනිතලාවේ අබිරහස – Sath sumithuran saha palu thenithalawe abirahasa
නිවාඩු කාලය ඇවිත් ඔන්න.. පාස්කු නිවාඩුවත් පටන් ගත්තා, ඇත්තමයි… මම නම් හිතුවේ අපිට කවදාවත් නිවාඩුවක් නම් ලැබෙන්නේ නැති වෙයි කියලයි. ඔයාට එහෙම හිතුනේ නැද්ද ජැනට් ?. පාසල් නිවාඩු කාලය ලැබීමේ ප්‍රීතියෙන් හිත පිරි යද්දී තම සහෝදරිය දෙසට හැරුන පීටර් සතුටින් කීවේය. ඇයි නැත්තේ ?. මටත් එහෙම හිතුනා. මොකද පහු ගිය පාසල් වාරේ ගොඩාක් දිග එකක්. එක දිගටම ඉගෙන ගෙන මට නම් එපාවෙලයි හිටියේ. මොනව වුනත් දැන් නිවාඩුනේ. අද වගේ නිවාඩු දවසක ඔයාට සතුටු හිතෙන්නේ නැද්ද පීටර්?.
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)By : Enid Blyton
සත් සුමිතුරන් සහ බිම්ගෙයි අබිරහස – Sath sumithuran saha bimgei abirahasa
ඔයාලා බිම් ගේ ඇතුළට බහිනවා මම දැක්කා. ඊට පස්සේ සැහෙන වෙලාවක් බලාගෙන හිටියත් ඔයාලා ආපහු ආවේ නෑ. ඔන්න එනකොට තමයි ස්කැම්පර් කෙඳිරි ගාන සද්දේ මට ඇහුනේ. එයාගේ සද්දේ හරියට උදව් ඉල්ලනවා වගේ. ඊට පස්සේ මම හැංගිලා හිටපු තැනින් නැගිටලා ලණු ඉනිමග දිගේ පල්ලෙහාට බැස්සා. ඉතින් ඇයි ඔයාලා මේ බලු කුඩුවක් අස්සේ හිරවෙලා ඉන්නේ ? එළියට එන්න බැරිද?
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)By : Enid Blyton
සත් සුමිතුරන් සහ පාලු මන්දිරයේ අබිරහස – Sath sumithuran saha palu mandiraye abirahasa
එක දවසක් අම්මා, පිටිගෙන් මේ විදිහට ඇනුවා. පීටර් ඔයාලගේ සත් සුමිතුරන් ගේ රැස්වීම ආයේමත් තියෙන්නේ කවදද?. ඒක නම් හරියට කියන්න දන්නේ නෑ අම්මා, ඇයි ඔයා ඒ විදිහට ඇනුවේ. කියවමින් හිටපු පොතෙන් ඇස් දෙක උස්සලා බලන ගමන් පීටර්, අම්මාගෙන් ඒ විදිහට ඇනුවා. ඒ මොකද කියලා මම කියන්න නම් කෝ පීටර්. මේ දවස්වල එළිමහනේ හරිම සීතලයි. ඉතින් ඔයාලගේ රැස්වීම අර පරණ ගබඩා කාමරයේ පවත්වන එක නම් නුවණක්කාර වැඩක් නෙවෙයි. ඔයාලට සත් සුමිතුරන් ගේ රැස් වීම පවත්වන්න ඕනෑ නම් මේ ගේ ඇතුලේම පවත්වන්න. අම්මා ඒ විදිහට යෝජනා කරද්දී මෙතෙක් වෙලාවක් නිහඬව බලාගෙන හිටපු ජැනවුත් ඉක්මනින්ම කථාවට මැදිහත්
සත් සුමිතුරන් සහ සුනඛ මංකොල්ලය සුදත් රොහාන් තමාගේ සැකය නිවැරදි බැව් කොලින්ට වැටහිණ. මේ තරම් කාලයක් බල්ලන් සොරකම් කළේ මේ මිනිසා ම විය යුතු ය. ඔහු මේ මොහොතේ රැගෙන යන්නේ ද එසේ සොරකම් කළ බල්ලෙකු බව නිසැක ය. පෙනුමේ හැටියට නම් බල්ලා විශාල වටිනාකමකින් යුතු එකතු විය යුතු ය.
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)
සත් සුමිතුරන් සහ හිත හොද බ්‍ර්වුනි – Sath sumithuran saha hitha honda bruni
Fun For Secret Seven Enid Blyton – හිත හොඳ බවුනි -අඳුරු සෙවණැලි අතර සැඟවෙමින් ඇය ඉස්තාලය දෙසට ඇවිද ගියාය. මේ වන විට අශ්වයන් වෙතින් දිස් වූයේ මහත් කලබලකාරී බවකි. ඔවුන්ගේ බියපත් හඬ ඇගේ දෙසවන් අතර බියකරු ලෙස රැව් දුන්නේය. තවත් මොහොතකින් අශ්වයන්ගේ ඝෝෂාව අභිබවා කිසියම් දෙදෙනෙකු බහින් බස් වන හඬ ඇයට ඇසුණේ ය. ට්‍රොලීගේ කට හඬ ද විටින් විට ශ්‍රවණය විය.
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)By : Enid Blyton
මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 6- Malory towers balika viduhala
ළමා කතා ලිව්ව සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඉනිඩ් බිලයිටින් නමැති කතුවරයයි. ‘ කතාන්දර කීමේ රැපින’ යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ්‍යාව 700 ද ඉක්මවා ඇත. මේවායින් බොහොමයක් විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය. ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනාගෙන. ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදි රසවත් කතා ලිවීමේ ඇයගේ සහජ හැකියාව මනාව ප්‍රදර්ශනය කරනා එක් නිදර්ශනයකි ‘මැලෝට් ටවර්ස් බාලිකා විදුහල ‘ නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විස්තර කරන්නේ පාඨකයාගේ මන බඳනා සේ ඉතාමත් රසවත් අන්දමිනි. එම රසය එසේම සිංහල පාඨකයාට ලබා දීමට මෙම කතා මාලාවේ මුල් කොටස් සතර පරිවර්තනය කළ චන්දු අනගිරත්න සූරින් සමත් විය. එසේම ඔහුගේ අභාවයෙන් පසු එහි ඉතිරි කොටස් දෙක In the Fifth at Malory Towers Last term at Malory Towers සම්පූර්ණව හා අසංක්ෂිප්තව එම්. ඩී. එච්. සෙනෙවිරත්න සූරින් සිංහලයට පරිවර්තනය කර ඇත. මේ එහි හය වැනි නවකතාවයි.
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)
සමදුරු මේඛලා – Samaduru mekala
ප්‍රියත්ත දගකාරයෙක් සේ සෑම අවස්ථාවකම් ක්‍රියා කළේය. මේ නිසා සුනිලට හා සමන්ට ඇති වූ ගැටළු නිමක් නොවන කරම් ය. ඒ හැම අවස්ථාවකදී ම ප්‍රියන්නට කොතෙක් උපදෙස් ලබා දුත්ත ද ඔහු තම දගකාරකම් අත්හළේ නැත. ඊයේ ඇති වූ ගැටුම පිළිබඳව සුනිල් යළිත් කල්පනා කළේ මෙය තව කොතෙක් දුරට ව්‍යාක වේ දැයි හදවතේ ඇති වූ බිය යටපත් කර ගනිමිනි. මීගමුව ප්‍රදේශයේ දින කීපයක වාරිකාවක් සඳහා ප්‍රියන්තට සුනිල්ට ආරාධනා කළේ සමන් විසිනි. සමන් හේ ලොකු තාත්තා මීගමු ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බැවින් ඔවුන් වාසය කළේ මීගමු වෙරළට ආසන්නව ය. සමන් බොහෝ නිවාඩු අවස්ථා වල මෙහි පැමිණ මුහුදේ අසිරිය බලමින් විවේකය ගත කිරීමට මහත් අභිරුචියක් දැක්වීය. මෙවර ඔහු තම මිතුරන් දෙදෙනාට ද මෙහි පැමිණීමට ආරාධනා කළේ ඒ සතුව තවත් වැඩි කර ගනු සඳහා ය.
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.
-
සත් සුමිතුරන් සහ හිත හොද බ්‍ර්වුනි – Sath sumithuran saha hitha honda bruni
Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.Fun For Secret Seven Enid Blyton – හිත හොඳ බවුනි -අඳුරු සෙවණැලි අතර සැඟවෙමින් ඇය ඉස්තාලය දෙසට ඇවිද ගියාය. මේ වන විට අශ්වයන් වෙතින් දිස් වූයේ මහත් කලබලකාරී බවකි. ඔවුන්ගේ බියපත් හඬ ඇගේ දෙසවන් අතර බියකරු ලෙස රැව් දුන්නේය. තවත් මොහොතකින් අශ්වයන්ගේ ඝෝෂාව අභිබවා කිසියම් දෙදෙනෙකු බහින් බස් වන හඬ ඇයට ඇසුණේ ය. ට්‍රොලීගේ කට හඬ ද විටින් විට ශ්‍රවණය විය.
-
සමදුරු මේඛලා – Samaduru mekala
Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.ප්‍රියත්ත දගකාරයෙක් සේ සෑම අවස්ථාවකම් ක්‍රියා කළේය. මේ නිසා සුනිලට හා සමන්ට ඇති වූ ගැටළු නිමක් නොවන කරම් ය. ඒ හැම අවස්ථාවකදී ම ප්‍රියන්නට කොතෙක් උපදෙස් ලබා දුත්ත ද ඔහු තම දගකාරකම් අත්හළේ නැත. ඊයේ ඇති වූ ගැටුම පිළිබඳව සුනිල් යළිත් කල්පනා කළේ මෙය තව කොතෙක් දුරට ව්‍යාක වේ දැයි හදවතේ ඇති වූ බිය යටපත් කර ගනිමිනි. මීගමුව ප්‍රදේශයේ දින කීපයක වාරිකාවක් සඳහා ප්‍රියන්තට සුනිල්ට ආරාධනා කළේ සමන් විසිනි. සමන් හේ ලොකු තාත්තා මීගමු ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බැවින් ඔවුන් වාසය කළේ මීගමු වෙරළට ආසන්නව ය. සමන් බොහෝ නිවාඩු අවස්ථා වල මෙහි පැමිණ මුහුදේ අසිරිය බලමින් විවේකය ගත කිරීමට මහත් අභිරුචියක් දැක්වීය. මෙවර ඔහු තම මිතුරන් දෙදෙනාට ද මෙහි පැමිණීමට ආරාධනා කළේ ඒ සතුව තවත් වැඩි කර ගනු සඳහා ය.















