-
නැන්සි ඩ්‍රෝ පෞරාණික ඔරලෝසුවේ අබිරහස – Nancy drew pauranika oralosuwe abiraha
Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.දහ අට හැවිරිදි සුන්දර යුවතියකි. නීතිඥයෙකු වූ සිය පියාගේ නීතිමය ලියවිලි වගයක් ගෙනැවිත් භාර දුන් ඇය ගම්බද පාරක් ඔස්සේ සිය තද නිල් පැහැති කාරය පදවමින් සිටියාය. එය අළුත්ම කන්වර්ටබල් වර්ගයේ මෝටර් රථයකි. ” හොඳ වෙලාවට තාත්තා මගේ උපන්දිනයට මේ කාර් එක අරන් දුන්නේ. ඒ හින්දා මට දැන් එයාට උදව් කරන්න ලේසියෙන්ම පුළුවන්.” හුදකලාව කාරය පදවමින් සිටින නැන්සිගේ සිතට එවැනි සිතිවිල්ලක් නැගේ. ඇගේ පියා කාර්සන් ඩ්‍රෝය. ඔහු රිවර්හයිඩ් පළාතේ නම ගිය නීතිඥයෙකි. තමා වෙත පැමිණෙන ඉතා සංකීර්ණ නීතිමය කටයුතු පිළිබඳව ඔහු රන්වන් පැහැති හිස කෙස් සහ නිල් පැහැති දෑසක් හිමි තම එකම දියණිය වන නැන්සි සමඟ ද නිරන්තරයෙන්ම සාකච්ඡා කරයි. තාත්තාට ඉතින් මගේ උදව් නැතිවම බැහැනේ.” මද සිනාවක්ද සමඟ නැවතත්
-
විලියම් සහ නිවුන් සහෝදරයෝ – William saha niwun sahodarayo
Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.අවුල් කරනවද කියලයි විලියම් මේ දවස්වල කල්පනා කරන්නේ. විශේෂයෙන්ම මිනිසුන්ට සෑදෙන පැපොල වගේ රෝග නිසා සිද්ධ වෙන කරදර ගැන එයා දිගින් දිගටම කල්පනා කරනවා. විලියම් ට නම් පැපොල රෝගය පෙනෙන්නේ ජෙලි, ක්‍රීම් සහ කුකුල් මස් වගේ කිසිම ගැලපීමක් නැති දෙයක් විදිහටයි. පැපොල රෝගය මුලින්ම හැදුණේ විලියම් ට. ඒ රෝගය සනිප වෙන්න මාසයක් විතර ගතවුණත් විලියම් ඒකට සෑහෙන කැමැත්තකින් තමයි හිටියේ. ඒ කාලය පුරාම ඉගෙන ගන්න දේවල් ගැන කාගෙන්වත් කරදරයක් ඇතිවුණේ නෑ. මාසයක් විතර ගතවෙලා විලියම් ට පැපොල රෝගය හොඳටම සුව වුණා. හැබැයි එයාට තවමත් මහන්සි පාටයි. ඒ නිසා පාසැලේ පොත් පත් පාඩම් වලින් ටිකක් විතර ඈත් වෙලා දවස් කිහිපයක් නිදහසේ ගත කිරීමේ අවස්ථාවක් විලියම් ට ලබා දෙන්නත් අම්මා කැමැත්ත පළ කෙරුවා. මේ වගේ අහම්බෙන් ලැබෙන විවේක කාලයකින් උපරිම ප්‍රයෝජනය ගන්න හැටි විලියම් හොඳට දන්නවා. කවුරු හරි කෙනෙක් ඒ වගේ දෙයක් වලක්වන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නෑ.
-
වන අරණක කුඩා නිවස – Wana aranaka kuda niwasa
Original price was: Rs. 800.00.Rs. 640.00Current price is: Rs. 640.00.විස්කොන්සින් මහ වනය මායිමේ පිහිටි කුඩා ලෑලි නිවසකිනි. සිවු හැවිරිදි ලෝරා ඇගේ අප්පච්චි, අම්මා, සහෝදරියන් දෙදෙනා වන මේරි සහ කේරි, ඔවුන්ගේ විශ්වාසවන්ත බල්ලා ජැක් සමඟ ඒ කුඩා නිවසේ ජීවත් වෙයි. දරුණු සීත කාලයට සුදානම් වීම සඳහා ආහාර වගා කරන්නට හෝ ගබඩා කර තබන්නට සිදුවීම නිසා ඒ ඈත අතීතයක ජීවිතය ඇතැම් වේලාවට ඉතා දුෂ්කර වූ නමුත් නිවසේ සෑදූ සෙල්ලම් බඩු සහ තෑගි සමඟින් පවුලේ සියලු දෙනා සමඟ නත්තල සමරන්නට ලැබීම, වසන්ත සෘතුවේ පැළ වැවීම, අස්වනු කැපීම, පළමු වැනි වතාවට නගරයට යාම පුංචි ලෝරාට මහත් සතුටක් ගෙන දෙයි. සෑම රාත්‍රියකම අප්පච්චිගේ රවුකිංඤ්ඤයේ මිහිරි හඬට සවන් දෙමින් ලෝරාත්, ඇගේ සහෝදරියන් දෙදෙනාත් සුවබර නින්දකට වැටෙති. පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍යය ලිට්ල් හවුස් කතා මාලාවේ පළමුවැන්න මෙසේ ආරම්භ වෙයි.
-
නැන්සි ඩ්‍රෝ – අදුරු ගුහාවේ අබිරහස- Nancy drew anduru guhawe abhirahasa
Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.ගෙවත්තේ සිටි නැන්සි දුරකථනය නාද වෙන හඬ ඇසුණු විගස හිස ඔසවා නිවස දෙස බැලුවා. ඉනික්බිති ඇය අත් වැසුම් යුවල ගලවමින් නිවස වෙත දුවගෙන ගියේ පුදුමාකාර වේගයකින්. පෝටිපෝවේ පඬිපෙළ නැග සාලය කරා පිවිසුණු ඇය හති හලමින් දුරකථනය අතට ගෙන ‘හලෝ’ කිව්වා. දුරකථනයේ අනිත් පසින් ඇසුණේ හුරු පුරුදු කට හඬක්. “හායි නැන්සි.. මම හෙලන්.” ඇමතුම ඇගේ හොඳම මිතුරියක වන හෙලන් කෝර්නින්ග් ගෙනි. නැන්සිට වඩා වසර තුනකින් වැඩිමහලු යුවතියක වුවද ඔවුන් ඉතා සමීප මිතුරියන්ය. ” නැන්සි… මේ දවස්වල ඔයා මොකක්හරි අබිරහසක් විසඳමින් ද ඉන්නේ ?.” හෙලන් නැවතත් ඇසුවා. එවර නැන්සි ඇයට පිළිතුරු දුන්නේ නොඉවසිල්ලෙන්. “නෑ හෙලන්. මොකක්ද කාරණය ?. අබිරහසක් ද ?.” ‘ ඔව්… හොල්මන් මන්දිරයක් ගැන විස්තරයක්.’
-
නැන්සි ඩ්‍රෝ – සැගවුනු තරප්පුවේ අභිරහස Nancy drew sagawunu tharappuwe abhirahasa
Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.ගෙවත්තේ සිටි නැන්සි දුරකථනය නාද වෙන හඬ ඇසුණු විගස හිස ඔසවා නිවස දෙස බැලුවා. ඉනික්බිති ඇය අත් වැසුම් යුවල ගලවමින් නිවස වෙත දුවගෙන ගියේ පුදුමාකාර වේගයකින්, පෝටිපෝවේ පඩිපෙළ නැග සාලය කරා පිවිසුණු ඇය හති හලමින් දුරකථනය අතට ගෙන හලෝ කිව්වා. දුරකථනයේ අනිත් පසින් ඇසුණේ හුරු පුරුදු කටහඬක්. “හායි නැන්සි.. මම හෙලන්. ” ඇමතුම ඇගේ හොඳම මිතුරියක වන හෙලන් කෝර්නින්ග් ගෙනි. නැන්සි ට වඩා වසර තුනකින් වැඩිමහලු යුවතියක වුවද ඔවුන් ඉතා සමීප මිතුරියන්ය. ” නැන්සි… මේ දවස්වල ඔයා මොකක්හරි අබිරහසක් විසඳමින් ද ඉන්නේ ?.'” හෙලන් නැවතත් ඇසුවා.එවර නැන්සි ඇයට පිළිතුරු දුන්නේ නොඉවසිල්ලෙන්. ” නෑ හෙලන්. මොකක්ද කාරණය ?. අබිරහසක් ද ?.” ” ඔව්… හොල්මන් මන්දිරයක් ගැන විස්තරයක්.”
-
නැන්සි ඩ්‍රෝ ටෙඩි බෙයාර් අබිරහස – Nancy drew teddy bear abirahasa
Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.හිම තලාවේ විලාපය ආයේමත් හිම වැටෙන්න ලැස්ති වෙනවා කියල නැ කියන්න හදන්න එපා නැන්සි… හොඳ ද? බෙයට් වොන්ඩර්පුල් සාප්පුවේ දොරින් පිටතට එබී බලන ගමන් බෙස්. තැන්සිට එසේ කීවා ය. එසේ වුවත් සිහින් හිම කැටිම ම් වනවිටත් පොළවට පතිත වෙමින් තිබිණි. ඔයා මොනව කිව්වත් තව ටිකකින් හොඳටම හිම වැටෙන්න පටන් ගනියි බෙස්… එසේ කියන ගමන්ම නැන්සි ත් සෙල්ලම් බඩු සාප්පුවට ඇතුළු වූවාය. පාසල් නිවාඩු කාලයේ බෙස් මේ සෙල්ලම් බඩු සාප්පුවේ අර්ධ කාලින සේවිකාවක් ලෙස සේවය කරන නිසා නැන්සි ද නිතර දෙවේලේ සාප්පුවට ගොඩ වන්නීය. අදත් එවැනි
-
නැන්සි ඩ්‍රෝ ෆින්ලේ මැදුරේ අබිරහසම – Nancy drew fenley madure abirahasa
Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.නිවසේ වූ නිහඬතාවය බිඳ හරිමින් කිසියම් බිහිසුණු විල්‍ය හඬක් පහත මාලය දෙසින් පැතිරෙන්නට විය. බිය, කම්පනය ඇග කිලිපොලා යන තරම් බිහිසුණු බවක් සහිත ඒ විලාපය ඇසුනු විගසම නැන්සි ගේ සිත පුරා කිසියම් සීතලක් ගලා ගියේ නිමේෂයකිනි. මේ වන විටත් ඇය තමන්ගේ කාමරයේ ඇඳය දිගාවී සඟරාවක් කියවමිනුයි හිටියේ.විලාපය ඇසෙනවාත් සමය ඇය කියවමින් සිටි සඟරාව පැත්තකට දමා හැකි තරම් වේගයෙන් පහත මාලයට දුවගෙන ගියේ ඒ විලාප හඬ කුමක්දැයි විපරම් කිරීමටයි විලාප හඬ නොනවත්වාම ඇසේ. කිසියම් කෙනෙකුට හදිසි විපතක් සිදු වී ඇති බවකුයි ඒ විලාප හඬෙන් ඇඟවෙන්නේ. ඒ ගැන කල්පනා කරමින්ම නැන්සි පහත මාලයට බසින පඩිපෙළ දිගේ වේගයෙන් පහතට දුවන්නට වූවාය. එහෙත් ඇය පහත මාලයට පැමිණෙද්දීම බිහිසුණු විලාප හඬත් එක් වරම නතර විය. නැන්සි මදක් වටපිට විපරම් කෙරුවේ විලාප හඬ කුමක්දැයි
-
රන්ගිරි අරණ – Rangiri Arana
Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.කඩොලාන පඳුරු අතරේ සැඟව නද දෙන විහඟ රංවුන්ගේ හඬ හා මුසුව නැගෙන වෙරළේ හැපී බිෂන රළ පතර නඟන ප්‍රචණ්ඩ රටාව චාලිට ඇසේ. විටින් විට උස් පහත් වන දල රළ පෙළ නගන හඬ වෙනස් වෙමින් ඇදී එන ජලධාරාව කඩොලාන ගස්වල මුල් සිසාරා පොළොව සිප ගන්නේ තරමක ආදරයෙනි. එහෙත් මොහොතකින් ගොඩ බිම පසාරු කරගෙන කඩා වදින රළ පහර නිමේෂයකින් තරමක් සන්සුන්ව යළිත් සයුර දෙසට ඇදී යයි තද කොළ පැහ ගැන්වුණු කඩොලාන තුරු රටා අතරින් ගමන් කිරීමේ දී සිතට ලැබෙන්නේ අප්‍රමාණ වූ ප්‍රබෝධයකි: සතුටකි. කරදිය හා මඩදියර මුසු වි අවපැහැ ගැන්වුණු ජලය තුළින් නාසයට දැනෙන දුර්ගන්ධය මහත් අපුලකි.
-
සතුට බෙදුන පොලියානා – Sathuta bedana pollyanna
Original price was: Rs. 850.00.Rs. 680.00Current price is: Rs. 680.00.ඩෙලා වෙදර්බයි ඇගේ සොයුරියගේ නිවෙසට යන පාර දිගේ ඉක්මන් ගමනින් ගොස්, ගෙයි ඉදිරිපස බිත්තියේ වූ විදුලි සීනුවේ බොත්තම තද කළාය. හිසේ ලා ගෙන උන් තොප්පියේ සිට, පයේ ලා ගෙන උන් සෙරෙප්පුව දක්වා දෑස යවන කෙනකුට ඇගේ නිරෝගී, කඩිසර, සුපරීක්ෂාකාරී විලාසය දැක ගන්නට පුළුවන. දොර විවෘත කළ සේවිකාවට කතා කළ ඇගේ කට හඬේ පවා ගැබ් වී තිබුණේ ප්‍රාණවත්, ප්‍රීතිමත් ස්වරූපයකි. ගුඩ් මෝනිං මේරි. කෝ – අපේ අක්කා ඉන්නවද?* ඔව් – ඔව් මැඩම්. කාරූ නෝනා නං ඉන්නවා… යි මඳක් පැකිලෙමින් කී තරුණිය. ඒත් එයා කිව්වා – අද කිසි කෙනෙක්ව මුණ ගැහෙන්න බෑ කියලා… “හැබෑට? ඒත් එයාට මං ආවම එහෙම කියන්න බැනේ…’ යි වෙදර්බයි මෙනෙවිය මදහසක් පෑවාය. මං ආවා කිව්වම එයා මොකුත් කියන එකක් නෑ. බය වෙන්න එපා. ඔයාට බැන්නොත්. මං ඒක බලා ගන්නංකො…” යි ඇය හිස සැලුවේ, තරුණියගේ දෑසේ රැඳුණු බියපත් බැල්මට පිළිතුරක් වශයෙනි.
-
හරි පුදුම ඉස්කෝලෙ – Hari puduma iskole
Original price was: Rs. 860.00.Rs. 688.00Current price is: Rs. 688.00.ටොමෝ නැමැති පාසල ගැනත්. එය අරඹා පවත්වා ගෙන ගිය පුද්ගලයා වූ, සොසාතු කොබයාෂි මහතා ගැනත් ලිවීම දිගු කලෙක සිටම වට අත්‍යවශ්‍ය ව පැවැති කරුණෙකි. මෙහි කිසි ම කරාංගයක් මවිසින් නිර්මාණය කරන ලද්දේ නොවේ. ඒ සියල්ල සත්‍ය වශයෙන් ම සිදු වූ ඒවා වන අතර, මට මතක් කර ගත හැකි වී ඇත්තේ ඉතාම ස්වල්පයක් පමණි. මේවා ලිවීමට මට අවශ්‍ය වූවාට අමතර ව, කඩ වූ පොරොන්දුවක් වෙනුවෙන් යමක් කිරීමට ද මම නොතිත් ව සිටියෙමි. මෙහි එක් පරිච්ජේදයක මා සඳහන් කළ පරිදි, වැඩුණු පසු මා ටොමෝවෙහි ඉගැන්වීමේ යෙදෙන බවට ළමතු වශයෙන් මම ගම්භීර ප්‍රතිඥාවක් දුන්නෙමි. කෙසේ වුවද එය මා ඉටු කිරීමට අවකාශ නොලත් ප්‍රතිඥාවෙකි. ඒ වෙනුවට කොබයාෂි මහතා කෙබඳු අයෙක්ද යන්න ගැන හා ළමයින් කෙරෙහි එතුමා ගේ අනුපම ආදරය සහ ඉගෙනුම සඳහා ඔවුන්ට අවකාශ සකස් කළ ආකාරය ගැන හැකි තරම් පිරිසක් දැනුවත් කිරීමට මම උත්සාහ කළෙමි. කොබයාෂි මහතා වර්ෂ 1963 දී අභාවයට පත් විය. අදත් ජීවත් වී නම් එතුමා තවත් බොහෝ දේ මට කියා දෙනු ඇත. ළමා වියේ මතක සටහන් ලෙස ම පෙනී ගිය බොහෝ දේ ඇත්ත වශයෙන්ම කිසියම් ප්‍රතිඵල සාධනය කර ගැනීම සඳහා ඉතා පරිස්සමින් සිතා මතා ගොඩ නඟන ලද, ක්‍රියාකාරකම් වූ බව මට පැහැදිලි වූයේ මෙය ලියා ගෙන යද්දී ය. මේවා ඇත්තට ම කොබයාෂි මහතාගේ සිතේ තිබූ දේ නේද? මෙසේ සිතීම කෙතරම් කදිම දැයි සිතෙන විට, එක් එක් කරුණ මගේ විස්මය සහ කෘතඥතාව වර්ධනය කළේය. මා ගැන ම සිතුව හොත් ” දන්නවද? ඔයා හරිම හොඳ ළමයෙක් !” කියමින් මා රඳවා ගත් සුවිශේෂ අකාරයෙහි අගය කෙසේවත් තක්සේරු කළ නො හැක්කේය. මම ටොමෝ වට ඇතුළු නොවූයෙම් නම්, කොබයාෂි මහතා හමු නො වුයෙම් නම්,
-
යකාගෙ ඉස්කෝලෙ – Yakage iskole
Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00.සමාජය විෂමය. කුරීරුය. එහි ගොදුරු බවට පත්වන්නේ වැඩිහිටියන් පමණක්ම නොවේ. වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද විෂම සමාජ පරිසරය තුළ දරුවන්ගේ විසිතුරු ලොවද පීඩාවට පත් වේ. සඳළි, ක්‍රිෂ්ණ, නියාස් යනු එකී වව්‍යසනය හමුවේ පීඩාවට පත් ළමුන් තිදෙනෙකි. සියල් බාධක කම්කටොලු මැද අධ්‍යාපනය ලබන අතරම. සමාජයට පිළිලයක් වූ දරුණු අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර දීමටද ඔවුහු අරගල කරති. ඒ සෑම උත්සාහයක්ම බිහිසුණුය. ත්‍රාසජනකය. පාඨකයා තිගැස්මට ලක් කරන සුලුය. මේ ඔවුන්ගේ විරත්වයෙන්ද, උදෙත්ගයෙන්ද සුසැදි අපූර්ව කතාවයි.















