-
නැන්සි ඩ්‍රෝ කලු බළලාගේ ශාපය – Nancy drew kalu balalage shapaya
Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.ගැහැණු ළමයින් ගේ නේවාසික පාසලක් වු විවර්ලි ඇකඩමි විද්‍යාලයේ ප්‍රධාන ශාලාව අසලට නැන්සි ළං වූවාය. ප්‍රධාන ශාලාවේ දැවැන්ත දොරෙන් ඇතුළු වූවාට පසුව එක පෙළට විහිදී යන පංති කාමර පෙළක් ඇයට පෙනේ. මේ සෑම පංති කාමරයකින් ම ගැහැණු ළමයින් ගේ බියපත් කට හඬවල් ද ඇයට ඇසේ. ටික වෙලාවකට පසුව නැන්සි අංක හතර ලෙසට නම් කොට තිබූ පංති කාමරය අසල සුළු වෙලාවක් නතර වූවා ය. මේ ගැහැණු ළමයින් බියට පත්ව සිටින්නේ ඇයි ?. ඔවුන් ගේ බිය පලවා හැරීම සඳහා තමාට කළ හැක්කේ කුමක්ද ?. මෙවැනි සිතිවිලි අතර ටික වෙලාවක් ඈ කල්පනා කරන්නට වූවා ය. ගත වූයේ නිමේශයකි. නැන්සි ගේ සිතිවිලි ලෝකය සුනු විසුණු කරමින් පිටුපසින් තිබූ පංති කාමරය තුළින් බිහිසුණු විලාපයක් නැගුනේ ය. ඉනික්බිතිව පංති කාමරයේ සිටි සෑම ගැහැණු ළමයෙක් ම විලාප නගන්නට වූහ. තවත් මොහොතකින් දොර විවෘත විය. ඊළඟ නිමේශයේදී කළු පැහැති දැවැන්ත පුසෙක් නැන්සි ගේ දෙපා අතරින් රිංගා පංති කාමරයෙන් පිටතට පැන්නේ ය. උගේ දත් දෙපෙල සුදු පැහැයෙන් දිලිසෙයි. නැන්සි ගේ සිත තිගැස්සුනේ ය. කළු පැහැති දැවැන්ත පුසා මේ සුදානම් වන්නේ නැන් සිට පහර දෙන්නට ද ?… ඉනික්බිති සිදුවන්නේ කුමක්ද
-
නැන්සි ඩ්‍රෝ ෆින්ලේ මැදුරේ අබිරහසම – Nancy drew fenley madure abirahasa
Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.නිවසේ වූ නිහඬතාවය බිඳ හරිමින් කිසියම් බිහිසුණු විල්‍ය හඬක් පහත මාලය දෙසින් පැතිරෙන්නට විය. බිය, කම්පනය ඇග කිලිපොලා යන තරම් බිහිසුණු බවක් සහිත ඒ විලාපය ඇසුනු විගසම නැන්සි ගේ සිත පුරා කිසියම් සීතලක් ගලා ගියේ නිමේෂයකිනි. මේ වන විටත් ඇය තමන්ගේ කාමරයේ ඇඳය දිගාවී සඟරාවක් කියවමිනුයි හිටියේ.විලාපය ඇසෙනවාත් සමය ඇය කියවමින් සිටි සඟරාව පැත්තකට දමා හැකි තරම් වේගයෙන් පහත මාලයට දුවගෙන ගියේ ඒ විලාප හඬ කුමක්දැයි විපරම් කිරීමටයි විලාප හඬ නොනවත්වාම ඇසේ. කිසියම් කෙනෙකුට හදිසි විපතක් සිදු වී ඇති බවකුයි ඒ විලාප හඬෙන් ඇඟවෙන්නේ. ඒ ගැන කල්පනා කරමින්ම නැන්සි පහත මාලයට බසින පඩිපෙළ දිගේ වේගයෙන් පහතට දුවන්නට වූවාය. එහෙත් ඇය පහත මාලයට පැමිණෙද්දීම බිහිසුණු විලාප හඬත් එක් වරම නතර විය. නැන්සි මදක් වටපිට විපරම් කෙරුවේ විලාප හඬ කුමක්දැයි
-
නැන්සි ඩ්‍රෝ ටෙඩි බෙයාර් අබිරහස – Nancy drew teddy bear abirahasa
Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.හිම තලාවේ විලාපය ආයේමත් හිම වැටෙන්න ලැස්ති වෙනවා කියල නැ කියන්න හදන්න එපා නැන්සි… හොඳ ද? බෙයට් වොන්ඩර්පුල් සාප්පුවේ දොරින් පිටතට එබී බලන ගමන් බෙස්. තැන්සිට එසේ කීවා ය. එසේ වුවත් සිහින් හිම කැටිම ම් වනවිටත් පොළවට පතිත වෙමින් තිබිණි. ඔයා මොනව කිව්වත් තව ටිකකින් හොඳටම හිම වැටෙන්න පටන් ගනියි බෙස්… එසේ කියන ගමන්ම නැන්සි ත් සෙල්ලම් බඩු සාප්පුවට ඇතුළු වූවාය. පාසල් නිවාඩු කාලයේ බෙස් මේ සෙල්ලම් බඩු සාප්පුවේ අර්ධ කාලින සේවිකාවක් ලෙස සේවය කරන නිසා නැන්සි ද නිතර දෙවේලේ සාප්පුවට ගොඩ වන්නීය. අදත් එවැනි
-
නැන්සි ඩ්‍රෝ – සැගවුනු තරප්පුවේ අභිරහස Nancy drew sagawunu tharappuwe abhirahasa
Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.ගෙවත්තේ සිටි නැන්සි දුරකථනය නාද වෙන හඬ ඇසුණු විගස හිස ඔසවා නිවස දෙස බැලුවා. ඉනික්බිති ඇය අත් වැසුම් යුවල ගලවමින් නිවස වෙත දුවගෙන ගියේ පුදුමාකාර වේගයකින්, පෝටිපෝවේ පඩිපෙළ නැග සාලය කරා පිවිසුණු ඇය හති හලමින් දුරකථනය අතට ගෙන හලෝ කිව්වා. දුරකථනයේ අනිත් පසින් ඇසුණේ හුරු පුරුදු කටහඬක්. “හායි නැන්සි.. මම හෙලන්. ” ඇමතුම ඇගේ හොඳම මිතුරියක වන හෙලන් කෝර්නින්ග් ගෙනි. නැන්සි ට වඩා වසර තුනකින් වැඩිමහලු යුවතියක වුවද ඔවුන් ඉතා සමීප මිතුරියන්ය. ” නැන්සි… මේ දවස්වල ඔයා මොකක්හරි අබිරහසක් විසඳමින් ද ඉන්නේ ?.'” හෙලන් නැවතත් ඇසුවා.එවර නැන්සි ඇයට පිළිතුරු දුන්නේ නොඉවසිල්ලෙන්. ” නෑ හෙලන්. මොකක්ද කාරණය ?. අබිරහසක් ද ?.” ” ඔව්… හොල්මන් මන්දිරයක් ගැන විස්තරයක්.”
-
නැන්සි ඩ්‍රෝ – රන් නිධානයේ අභිරහස Nancy drew ran nidanaye abhirahasa
Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.සමහර විට පීනන්න බැරි තරම් වතුර සීතල ඇති බෙස් එසේ කිව්වේ සීතලෙන් උරහිස් හකුළුවා ගනිමිනි. ඇය අසලම සිටි ජෝර්ජ්ට නම් සීතල ගැන ගානක්වත් නෑ වගෙයි. අපෝ මට නම් ටිකක්වත් සීතල නෑ. අද තමයි පීනන්න හොඳම දවස එහෙම කියාගෙනම ජෝර්ජ් පිහිණුම් තටාකයේ පනින ලෑල්ල මතට ගියා. දැන් ජෝර්ජ් පිහිණුම් තටාකයට පනින්නයි සුදා නම් වෙන්නේ. එයා අත් දෙක හිසට උඩින් ඔසවා ගෙන වතුරට පනින්න සුදා නම් වෙනවාත් සමඟම අමුතු හඬක් අසල සිටි නැන්සි ට ඇසුනා. ඇය ඉක්මනින් අහස දිහා බැලුවේ ඒ හඬ කුමක් දැයි විපරම් කරන්නටයි. මුලින්ම නැන්සි ට කිසිම දෙයක් පෙනුනේ නෑ. හැබැයි ඊළඟට එයා දැක්කේ අහසේ සිට පොළව කරා වේගයෙන් වැටෙමින් තිබෙන කළු පැහැති දිගු රැහැණකි. එය අසල තිබූ සැටලයිට් රූපවාහිනි කුළුණෙන් ගැලවී වැටෙන විදුලි රැහැණක් බව හඳුනා ගන්නට නැන්සි ට අපහසු වුනේ නෑ. ඇගේ ගත බියෙන් හිරි වැටෙද්දී විදුලි රැහැණ පිහිණුම් තටාකයේ ජලය මතට වැටුනා. ඊළඟ නිමේශයේදී පිහිණුම් තටාකයේ ජලය දීප්තිමත් නිල් පැහැයකින් ආලෝක වෙන බවයි නැන්සි දැක්කේ. ඇය පිහිණුම් තටාකයට පනින්න සූදානම් වෙන ජෝර්ජ් අසලට දුවගෙන ගියේ මෙසේ බෙරිහන් දෙමින්. දෙයියනේ ජෝර්ජ්….. වතුරට පනින්න එපා… ඔයාට කරන්ට් වදියි.
-
නැන්සි ඩ්‍රෝ – අදුරු ගුහාවේ අබිරහස- Nancy drew anduru guhawe abhirahasa
Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.ගෙවත්තේ සිටි නැන්සි දුරකථනය නාද වෙන හඬ ඇසුණු විගස හිස ඔසවා නිවස දෙස බැලුවා. ඉනික්බිති ඇය අත් වැසුම් යුවල ගලවමින් නිවස වෙත දුවගෙන ගියේ පුදුමාකාර වේගයකින්. පෝටිපෝවේ පඬිපෙළ නැග සාලය කරා පිවිසුණු ඇය හති හලමින් දුරකථනය අතට ගෙන ‘හලෝ’ කිව්වා. දුරකථනයේ අනිත් පසින් ඇසුණේ හුරු පුරුදු කට හඬක්. “හායි නැන්සි.. මම හෙලන්.” ඇමතුම ඇගේ හොඳම මිතුරියක වන හෙලන් කෝර්නින්ග් ගෙනි. නැන්සිට වඩා වසර තුනකින් වැඩිමහලු යුවතියක වුවද ඔවුන් ඉතා සමීප මිතුරියන්ය. ” නැන්සි… මේ දවස්වල ඔයා මොකක්හරි අබිරහසක් විසඳමින් ද ඉන්නේ ?.” හෙලන් නැවතත් ඇසුවා. එවර නැන්සි ඇයට පිළිතුරු දුන්නේ නොඉවසිල්ලෙන්. “නෑ හෙලන්. මොකක්ද කාරණය ?. අබිරහසක් ද ?.” ‘ ඔව්… හොල්මන් මන්දිරයක් ගැන විස්තරයක්.’
-
වෘක අභය භූමියේ සැගවුනු රහස – නැන්සි ඩ්‍රෝ – Wurka abaya bhumiye sagawunu rahasa
Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.හායි හැමදෙනාම මේක දිහා බලන්න ජෝර්ජ් ෆෙයින් කීවාය ඇගේ දුඹුරු පාට දෑස උද්දාමයෙන් දිලිසෙයි එසේ කියන ගමන් ම ඈ පසෙක තිබූ මොන්රෝස් කුරියර්’ පුවත් පතේ කාලගුණ විස්තරය කියවන්නට වූවා ය. දැන් ඔවුන් සිටින්නේ මොරිස් පළාතේ තිබෙන කුඩා ගුවන්තොටු පොලකයි. ගමන් මළු පැමිණෙන තෙක් ඔවුන්ට තවත් ටික වෙලාවක් බලා සිටින්නට සිදු වෙයි. මොන්රෝස් වලට අද රෑට හිම වැටෙනවා කියලා පත්තරේ තියෙනවා.
-
නැන්සි ඩ්‍රෝ -අතුරුදහන් වූ සළුවේ අභිරහස Nancy Drew – athurudahan wuu saluwe abhirahasa
Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.ඔය විදිහට මම දිහා බලන්න එපා නැන්සි. මම මනමාලි ගේ වේල් එක ගත්තේ නෑ. මම හරිම හොඳ අමුත්තෙක් වගේ මෙතැන වාඩි වෙලා හිටියා විතරයි…. අනික දැනටමත් මඟුල් ගේ තියෙන්න ඕනෑ වෙලාවට වඩා පැය එක හමාරක් පරක්කුයි. කෙලින්ම බොස්ටන් වල ආපු හින්දා මනමාලි මොන වගේද කියලවත් මම දැක්කේ නෑ. මොනව වුනත් මම එක දෙයක් ගැන නම් බලාගෙන ඉන්නවා. මම දන්නවා…..මනමාලි ගේ මල් පොකුර අල්ල ගන්න නේද ?. නැන්සි බෙස්ගෙන් ඇසුවා ය. ඈ දුන්නේ මෙවැනි පිළිතුරකි. ඔව්… ඒක දිහා තමයි. මම බලාගෙන ඉන්නේ.. විනාඩි දහයක් තුළ දහ වැනි වරටත් නැන්සි ඔර්ලෝසුව දෙස බැලුවා ය. ඈ නැවතත් බෙස්ගෙන් මෙසේ ඇසුවාය. දැනටමත් මඟුල් ගේ හොඳටම පරක්කුයි. වේල් එක හොයාගන්න අපිත් උදව් කළොත් හොඳ නැද්ද ?. බෙස් හයියෙන් සිනාසුනා ය. ඉන්පසුව ඈ තැන් සිට කීවේ මෙවැන්නකි. කළබල වෙන්න එපා නැන්සි. අපි වේල් එක ගැන කළබල වෙන්නේ මොකටද ? අනික ඕනෑම මඟුල් ගෙයක් ටිකක් හරි පරක්කු වෙනවා කියලා මම අත් දැකීමෙන් ම දන්නවා. දේවස්ථානයේ ඕගනය වාදනය කරන්නා දැනටමත් එකම ගීතිකාව තුන් වරක් පමණ ගායනා කොට අවසන් ය. මඟුල් ගෙයට පැමිණි අමුත්තෝ නොඉවසිලිමත් ව කථා කරන්නටත්, ආසන මත එහාට මෙහාට පැද්දෙන්නටත් පටන්ගෙන හමාරය. මේ ප්‍රමාදය ඔවුන්ට දරා ගැනීමට අපහසු සෙයකි. කළ හැකි දෙයක්
-
සත්සර වියරුව – Sath viyaruwa
Original price was: Rs. 980.00.Rs. 784.00Current price is: Rs. 784.00.ඔයා මේවාට කැමැතිද ? ” ඒ ප්‍රණයේ සාක්කුවේ තිබූ ආහාර අල්ලා ගන්නා ලෝහ අඩුව සුරතට ගනිමින් මම ඇසුවෙමි. ඊට පසුව අසල වූ හුමාල බඳුන මත තැම්බෙමින් තිබූ විශාල වීනර් සොසේජස් කරලක් ලෝහ අඩුවෙන් අල්ලා පිටතට ගත්තේ ගණුදෙනුකරුවාට පිරිනමන්නටයි. අබ ක්‍රීම් ටිකකුයි කෙචෙප් ටිකකුයි දාන්න. ඒ වගේම ටිකක් ඉක්මන් කළොත් හොඳයි ළමයා.” මා ඉදිරියේ සිටින ව්‍යාපාරිකයා සිය අත බැඳී ඔර්ලෝසුව දෙස බලමින් කීවේය. මම දෙනෙන කරකවා වටපිට බැලුවෙමි. මේ වෙලාවේ මා සිටින්නේ ටයිම් චතුරස්‍රය මධ්‍යයේය.
-
නයගරා වික්‍රමාන්විතය – Nayagara wikramanvithya
Original price was: Rs. 680.00.Rs. 544.00Current price is: Rs. 544.00.මෝරෙක් මා සිටින දෙසට වේගයෙන් පිහිණා එයි. මෝරාගේ විවර වූ මුව තුළ සිය ගණනක් වූ තියුණු දත් විලිස්සී තිබේ. උගේ දෑස මලානිකය. එහි තැවරී ඇත්තේ බිහිසුණු බවකි. කිසිදු ආකාරයක සමාවක් ඒ දැවල නැත්තා සේය. පැහැදිලිවම මෝරා මා දෙසට හඹා එන්නේ කාලෙකින් ලැබුණු නැවුම් මිනිස් ආහාර වේලක් ගිල දැමීමේ දැඩි උනන්දුවකිනි. මගේ මරණය බලාපොරොත්තුවෙන් සිටින්නේ මේ බිහිසුණු මෝරා පමණක් නොවේ. පිහිණුම් ඇඳුම් කට්ටල වලින් සැරසී ඊතළ තුවක්කුවලින් සන්නද්ධ වූ නපුරු මිනිසුන් දෙදෙනෙකුද තමන්ට පැවරුණු රාජකාරිය නිමා =කිරීමේ අරමුණෙන් මා පසුපස ලුහු බඳිමින් සිටිති. මෝරාගේ තර්ජනයෙන් මා ගැළවුණොත් මිනිසුන් මා නසා දැමීමේ රාජකාරිය අවසන් කරනු නිසැකය.
-
ගඟ අද්දර කැලේ – Ganga addara kale
Original price was: Rs. 300.00.Rs. 270.00Current price is: Rs. 270.00.සේතන් අයියේ මේ සැරේ පහුරු යන කොට මාවත් කොහොම හරි එක්කන් යන්න ඕනෑ. ගං ඉවුරේ හිඳගත් මම කීවෙමි. එව්ව අපි දන්නේ නැ. අවසර ගන්න ඕනෑ කොරනේලිස් උන්නැහැගෙනුයි සේතන් අයියා ඇල්ඛසියා කඳක ගැටයක් අත් පොරවෙන් සසිමින් කීවේය. සේතන් අයියා කිව්වොත් බාප්පා ඉඩ දෙයි. අපොයි අපොයි මට බෑ. කොරනේලිස් උන්නැහැගෙන් කොහොම වෙතත් හාමිනේගෙන් නම් විසුමක් වෙන්නේ නෑ. ඛාප්පාගේ සහ පුංචි අම්මාගේ රූපකාය එකවර ම මගේ සිතට නැංගේ ය. මා කුඩා කල ම තාත්තාත් අම්මාත් මිය ගිය පසු මා හැදී වැඩුණේ බාප්පා සහ පුංචි අම්මා ළඟ ය. සේතත් අයියාත් ඔහුගේ සහායකයා වන ජයසේකරත් බඳින්නේ බාප්පාට අයිති පහුරු ය. බාප්පා පහුරු බලන්නට එන්නේ ඉඳ හිට දවසක ය. ඔහු කරන්නේ තැන තැන ඇවිද ඉඩම්වල ඇති ගස් මිළ දී ගැනීමයි. ඒ ගස් ගඟට ඇද දුන් පසු පහුරු බැඳ ගෙන කොළඹ ගෙන යන්නේ සේතන් අයියා සහ ජයසේකරය. පහුර කොළඹ තොටළඟට යන වෙලාවට බාප්පා බස් රියකින් නැගී තොටළඟට යයි. කොරනේලිස් උන්නැහැගෙන් කොහොම වෙතත් හාමිනේගෙන් නම් විමසුමක් නැතැ යි සේතන් අයියා කීවේ අපේ පුංචි අම්මාගේ සැරකම සලකාය. ඈ ඕනෑ දේව මෙන් ම එපා
-
යකාගෙ ඉස්කෝලෙ – Yakage iskole
Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00.සමාජය විෂමය. කුරීරුය. එහි ගොදුරු බවට පත්වන්නේ වැඩිහිටියන් පමණක්ම නොවේ. වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද විෂම සමාජ පරිසරය තුළ දරුවන්ගේ විසිතුරු ලොවද පීඩාවට පත් වේ. සඳළි, ක්‍රිෂ්ණ, නියාස් යනු එකී වව්‍යසනය හමුවේ පීඩාවට පත් ළමුන් තිදෙනෙකි. සියල් බාධක කම්කටොලු මැද අධ්‍යාපනය ලබන අතරම. සමාජයට පිළිලයක් වූ දරුණු අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර දීමටද ඔවුහු අරගල කරති. ඒ සෑම උත්සාහයක්ම බිහිසුණුය. ත්‍රාසජනකය. පාඨකයා තිගැස්මට ලක් කරන සුලුය. මේ ඔවුන්ගේ විරත්වයෙන්ද, උදෙත්ගයෙන්ද සුසැදි අපූර්ව කතාවයි.
-
ගෙදර යන අතරමග – Gedara yana atharagama
Original price was: Rs. 380.00.Rs. 304.00Current price is: Rs. 304.00.අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙනි. තැනිතලා දුවිලි ගොඩවල් බවට පත් වී තිබිණි. දවසින් දවස. ග්‍රීෂ්ම ඍතුවෙන් ග්‍රීෂ්ම ඍතුව අතිඌෂ්ණ සුළඟ දූවිලි පිඹිමින් හමා ගිය අතර, සූර්යයා කහ පැහැති අහස් තලයක පිත්තල පැහැයෙන් දිස් ස්විය. අස්වැන්නක් අස්වැන්නක් ගාණේ නිසරු වී ගියේය. බදු ගෙවීම සඳහා, ආහාර සහ ඊළඟ අවුරුද්දේ වචන බීජ මිල දී ගැනීම සඳහා මුඩු බිම යළි යළිත් උකස් තැබීමට සිදු විය. අස්වැන්න නොලැබුණු විට, තවත් ණය ගැනීමට නොහැකි වූ විට, පොලී සහ බදු ගෙවීමට මුදල් නැති වූ විට බලාපොරොත්තුවේ කටුක වේදනාව නිමා විය. බැංකු හිමියාට ඉඩම සින්න විය. ඊළඟට බැංකුව වස්තු භංග විය. හත්වැනි අවුරුද්දේ දී මහා ගුප්ත ව්‍යසනයක් මුළු ලොව පැතිර ගියේය. සියලු බැංකු වස්තු භංග විය. මුළු රට පුරා කම්හල් වැසී ගිය අතර, ව්‍යාපාර ඇනහිටිණි. මෙය මූල්‍ය භීතියක් විය. එය ආර්ථික අවපාතයක් නොවීය. ඒ 1893 අවුරුද්ද වූ අතර ඒ කාලයේ කිසිවකු ආර්ථික අවපාතය ගැන අසා තිබුණේ නැත. සෑම දෙනාම දැන සිටියේ මූල්‍ය භීතීන් ගැනය. 1797 දී, 1820 දී. 1835 දී, 1857 දී සහ 1873 දී මූල්‍ය භීතීන් ඇති වී තිබිණි. මුල්‍ය භීතියක් යනු සීයාට නම් අලුත් දෙයක් නොවීය. ඔහු මීට පෙර ඒවා දැක තිබුණේය; මෙයත් සාමාන්‍ය මූල්‍ය භීතියකට වඩා වැඩි දෙයක් නොවේ යැයිද, යුද්ධ කාලය තරම් නරක දෙයක් තවත් නැතැයිද ඔහු කීවේය. දැන් අප සියලු දෙනාට නිරුපද්‍රිතව නිදන්නට හැකි අතර, කෝක්සිගේ සේනාව හැරෙන්නට වෙනත් කිසිවකු වියරු වැටී ප්‍රචණ්ඩ ක්‍රියා කරමින් සිටියේ නැත.
-
පාලූ දුපත – Palu dupatha
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.පාළු දූපත සොහොයුරු සොහොයුරියන් හතර දෙනෙකු ගෙන් යුත් පවුලක බාලයා මමය. මගේ නම නන්දන ය. මා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ නව වැනි වසරේ උගනිමින් සිටියදීය ඒ තීරණාත්මක දිනය උදා වූයේ. එදා සඳුදා දිනයකි. සිරිත් පරිදි පාසැල් ගිය මම වෙනදා මෙන් පාසැල ඇරී ගෙදර යාම සඳහා අනුරාධපුර බස් නැවතුම් පොලට යමින් සිටියෙමි. මා ගමන් කළේ අනික් ළමුන්ට පසුව, තනිවමය. මා යන පැත්තටම ගමන් කරමින් සිටි මෝටර් රථයක් හදිසියේම මා අසල නතර කොට, පුතා නගින්න අපි ගෙදරට ඇරලන්නං අපි යන්නෙත් ඒ පැත්තටම තමා යි කියමින් රථයේ පිටු පස අසුනෙහි සිටි කාරුණික පෙනීමකින් යුතු තලතුනා පුද්ගලයෙක් දොර අරිමින් මට ඇරයුම් කළේය. ඔහු තාත්තාගේ යහළුවකු වන්නට ඇතැයි සිතූ මම ඉතා කැමැත්තෙන් රථයට නැගුණෙමි. ඔහුගේ සිත් අදනා පෙනුම හා මොළොක් වචන නිසා එවෙලේ මට කිසිම සැකයක් ඇති නොවීය.
-
සත් සුමිතුරන් සහ රුක් නිවසේ අබිරහස – Sath sumithuran saha ruk niwase abirahasa
Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.සත් සුමිතුරන් ගේ කථා මාලාවේ පස් වැනි පොත කියවන්නයි ඔයාලා මේ සුදානම් වෙන්නේ. පිටර්. ජැක්. කොලින්, ජෝර්ජ්. පැම්. ජැනට්. බාර්බරා යන සූර වීර ළමයින් හත් දෙනා සහ ස්කැම්පර් නමින් හැඳින් වෙන සුරතල් බල්ලෙක් ගේ දක්ෂකම් ගැන කියවෙන මේ කථා මාලාව දැනටමත් ඔයාලා ගොඩාක් ආසාවෙන් කියවනවා කියලා මම දන්නවා. එකිනෙකට වෙනස් තේමාවන් යටතේ ලියවුන පොත් පහලොවක් පමණ මේ කථා මාලාවට අයිති වෙනවා. ඉතිරි පොත් ටිකත් හනි හනික ඔයාලට කියවන්න ලැබෙයි. එතෙක් නොඉවසිලිමත්ව බලා සිටින්න.
-
වනේ ඇඳුනු පිය සටහන් – Wane andunu piya satahan
Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.රුකුල් අස්සෙ මොකට රූටනවා ද? සඳුදා මා අම්පාරේ බණ්ඩාරදුව විදුහලෙහි සේවයට යා යුතු විය. බණ්ඩාරදූව වන සතුන් ගේ පාරාදීසයක් බඳු මහ වන මැද පිහිටි අතිශයින් ම දුෂ්කර වූ ගම්මානයක් බැවින් කල් තබා එහි යා යුතු බව මම දැන සිටියෙමි. ඉරිදා උදේ හිතවතුන් දෙදෙනෙකු ද කැටුව ගල්ල්ඔය ව්‍යාපාරයේ අංක 28 ජනපදය (දැන් වැරැු කැටහොඬ) ඔස්සේ ගමන් ඇරඹිමි. උදේ පාන්දර මාර්ගයේ අලි, කොටි, වලස්. කුළු මී වැනි මෘගයින් ගැවසෙන නිසා මද්දහනය වන තෙක් ගමන පමා කළ යුතු බව කීප දෙනෙක් ම කීහ. බණ්ඩාර දූවට යාමට ඇත්තේ මහ කැළය මැදින් වැටී ඇති කරත්ත පාරකි. මේ මාර්ගයේ කිසිම වාහනයක් නො යන්නේ යැයි මම සිතුවෙමි. ඉඳහිට බණ්ඩාරදුව දෙසට යන ආණ්ඩුවේ ජිප් රථයක් හැරෙන්නට එහි ගමන් ගන්නා වාහයක් නැති බව මට පසුව දැන ගන්නට ලැබිණි. අපි රෝදපාර දිගේ වනය තුළට රිංගුවෙමු. තොරතාංචියක් නැතිව නැඟෙන කුරුලු ගීතයෙන් නිහැඬියාව මැකී යයි. මිනිස් කට හඬක් අසන්නට නැති බැවින් කුරුලු ගීතය වුව ද සිත සලිත කරවීමේ බලයක් ලබා ඇත. ගස් දෙකක් එකට ඇතිල්ලී නැඟෙන ………………. නාදය ගස් අතරින් රිංගා ඈතටම දිව යයි. අත්තෙන් අත්තට පනින රිළා වඳුරු සේනාව අප දෙස බලා සිටින්නේ අප බියගන්වන විලාසයකිනි. කන් බිහිරි කරවන රැහැයි නාදය වන ගැබේ පාළුවට තර්ජනයක් වුව ද සිත තුළ රජයන පාළුව බිය මුසු හැඟුම් ජනනය කරවයි.
















