• -10%
    (0)

    KMPH32 කොට කවි ශතකය – KMPH32 KOTA KAVI SHATAKAYA

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.

    යං ගස්

    අපේ ගෙදරත් කංසා ගස්වල
    පල දරන මල් පිපෙනවා
    දහස්පෙතියා අහිංසක ගස්
    රැකවරණයත් තියෙනවා පොලීසිය ළඟ දූලි ගාලා යාළුවොත් මෙහෙ වඩිනවා
    හිපොප් රැප්වල සුවඳ අරගෙන
    පෑන කොපුවක නිදනවා

    චින්තිලා ෆිල්ටිලා තවමත්
    මිදුලෙ සක්මන් කරනවා
    අනු අටකට බිව්ව ගල් එක
    තුන් දාහ දැන් පයිනවා
    Voice වල නම් පුංචි කෙල්ලෝ
    මගේ සින්දුත් කියනවා
    ගෙදර ආ ගිය සෙලිබ්‍රිටිස් ලා
    බැණුම් අහ අහ නහිනවා

  • -20%
    (0)

    TOXIC ගර්භ විස (PRE ORDER)

    Original price was: Rs. 1,650.00.Current price is: Rs. 1,320.00.

    කහ කිරිල්ලි ලොකු හුස්මක් ගන්න හැටි මං දැක්කා. ඒ එක්කම ආයෙමත් මෙහෙම ප්‍රශ්න කළා.
    ‘ ඒ මිනිහට ආදරේ නම් මොකටද ඒ මිනිහව මරන්නෙ…?’
    ගැනියෙක්ට මිනිහෙක් මරන්න තියෙන්නෙ හේතු දෙකයි.
    පළවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට වෛර කරන එක…. දෙවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට ආදරේ කරන එක….
    කෙටි විරාමයකට පස්සෙ මං ආයෙමත් මෙහෙම කිව්වා.
    දරා ගන්න බැරි තරම් මං එයාට ආදරේ කරන නිසා මට එයාව මරන්ඩ ඕන. මොකද එයා අයිති වෙන්න ඕන මට විතරයි..’

  • -10%
    (0)

    අබිරහස් සබ්මැරීනය – ABIRAHAS SBMERINAYA

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,620.00.

    සියල්ල ඇරඹුණේ, කැරීබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයා ගැනීමත් සමඟය.

    ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැර්නය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයා ගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.

    ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.

    ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.

    සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පොතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.

    එබැවින්ම.

    ඔහු ගෙන යන සටන ත්‍රාසජනකය;

    ලොමුදැහැගන්වනසුලුය!

  • -10%
    (0)

    අබ්දුල් වෙන්න කලින් – Abdul Wenna Kalin

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.

    අපිට පස්සෙන් පියාඹන උං
    ආයෙ හිරවිය යුතුද කොටුවල
    තටු කපපු දුක අපි වගේ උං
    ආයෙමත් ලිය යුතුද පිටුවල
    ගොරව ගොරවා බලං ඉන්නවා
    තමයි වටේම අඳුරු කරුවල
    එහෙව් විටකදි ගින්දරක් මිස
    එලිය මදි දුර ඈත තරුවල

  • -20%
    (0)

    අමාවක හස – Amawaka hasa

    Original price was: Rs. 2,100.00.Current price is: Rs. 1,680.00.
    ඉතින් දකින්න ඕන කරපු දේ… මං ඇස් ඇරපු වෙලේ
    ඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේ
    ඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන
    හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈත
    බලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ….
    මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ
    ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ
    ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති
    වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට
    ආසාවෙන් හිර වෙලා.
    “මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද
    ඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට… මං අඬන්නද
    හිනාවෙන් පවිත්ර?”
    “ඒ දෙකම එපා”
    “එහෙනම්?”
    “මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ”
  • -10%
    (0)

    අවසන් සෙබළා- AWASAN SEBALA

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,170.00.

    පුෂ්ප කුමාර නම් සැරයන්වරයා අණදෙන නිලධාරී හමුවේ කිසියම් ඉල්ලීමක් සිදු කළේය. ඔහු පසු දින ඇරඹීමට නියමිතක්‍රියා න්විතයේ මුලින්ම පස් බැම්ම තරණය කරන ඛණ්ඩයේ තීරණාත්මකම කාර්යභාරය සිදුකරන පුද්ගලයා විය.
    “මට සර් එක්ක සිගරට් එකක් බොන්න ආසයි.”
    සැරයන්වරයාගේ එම අනපේක්ෂිත ඉල්ලීම හමුවේ එහි සිටි සියලු දෙනා තුළ ඇති කළේ තිගැස්මකි. විශේෂයෙන්ම අණදෙන නිලධාරී ඉදිරිපිට දුම්වැටියක් පානය කිරීමට එහි සිටින නිලධාරීන් පවා ඉදිරිපත් නොවන තත්වයක් තුළ සැරයන්වරයාගේ එවැනි හැසිරීමක් ඔහුට තරම් නොවන බව සැමගේ අදහස විය. එසේම, එය අණදෙන නිලධාර්ගේ නිසැක උදහසට ද ලක්විය හැකි බැව් ඔවුහු සිතූහ. නමුත්, සිදුවූයේ අනෙකකි. සැරයන්වරයාගේ එම ඉල්ලීමට අණ දෙන නිලධාරී දැක්වූයේ නිහතමානී අනුකූලතාවයකි. හෙතෙම තමා සන්තකයේ වූ සිගරැට් පැකට්ටුව වහාම ඔහු වෙතදිගු කළේය. ඒ සමඟම එහි සිටි සෙසු පිරිසට ද සිගරැට්ටුව බැගින් ලබාදුන් ඔහු තමන් සතුව තිබූ ගිනිපෙට්ටියකින්ම සැරයන්වරයාගේ සිගරැට්ටුව දල්වා ලන්නට ද කටයුතු කළේය.
    මෙවන් මොහොතක ඔහුගේ වම හැසිරීම පිළිබඳ අණදෙන නිලධාරී තුළ ඇති කළේ ව්‍යාකූලත්වයකි. ඉදිරි ක්‍රියාන්විතයේ පවතින නිසැක අවදානමේ තරම ඔහු හොඳින් දැන සිටියේය. සැරයන්වරයා තම ජීවිතය පිළිබඳ කිසියම් අවිනිශ්චිත පණිවුඩයක් ඒ හරහා ලබා දෙන්නේ දැයි ඔහුට සිතිණ. එබැවින් තවදුරටත් ඔහුව එම කටයුත්තට යොදවන්නට තරම් හිතක් අණදෙන නිළධාරී හට නොවීය. නමුත් ඒවන විට ක්‍රියාන්විතය සඳහා අවසන් නියෝග නිකුත්කර තිබූ පසුබිමක වම සැරයන්වරයා වෙනුවට වෙනත් අයකු ආදේශ කිරීමටද ඔහුට හැකියාවක් නොවීය.
    එදින උදෑසන සිදුවූ ඉහත සිදුවීම පිළිබඳ මතක අණදෙන නිලධාරීන්ගේ සිත බලවත් සේ පෙළන්නට විය. ඒ වන විට ක්‍ රියා න්විතය අවස න්ව ගතවී තිබුණේ හෝරාවකටත් අඩු කාලයකි. ස ට නෙහි ජයග්‍රහණය හ මුදා භ ට පිරිස වෙත හිමිව තිබුණ ද සමස්ථයක් ලෙස ඒ වෙනුවෙන් ගෙවූ වන්දිය සුළු පටු නොවීය. වෙ ඩි බෙ හෙත් සුවඳ මුසු වූ ගිනි ගැහුණු භූමියේ තැන තැන වැටී ඇති උණුසුම් රු ධි ර බිඳු ස ට නෙහි බිහිසුණු බව මැනවින් පෙන්නුම් කළේය. අණ දෙන නිලධාරී තම දෙපා අබිමුව වැහි කබායකින් එතු යමක් සෙමෙන් විවර කරන්නට වූයේය. සැරයන් පුෂ්ප කුමාරගේ අ ස ම්පූ ර්ණ සි රු රු කො ටස් එහි විය. පෙරදා තමා සමග ඔහු ඉරූ සිගරුට්ටුවේ සුවඳ ඒ මොහොතේ ද ඔහුගේ නැහැපුඩු අතරට දැනී නොදැනී යන්නට විය.

  • -20%
    (0)

    අහංකාර කුමරි – AHANKARA KUMARI

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.

    රජු නපුරුය. ප්‍රචණ්ඩය. ඒ නිසාම ඩබ්රොස්කාවේ රධාක් රැජින, තම එකම දූ කුමරියව රැගෙන පැර්සියට පලා යන්නීය. පැරිසිය වටලෑමෙන් රැජිනටත්, ඉලෝනා කුමරියටත් අනන්ත දුක් විඳින්නට සිදුවෙයි. රැජින දුක්විඳිමින්ම මිය ගිය පසුව, පියරජතුමා කුමරියව ආපසු රටට කැඳවයි.

    රජතුමාගේ අසාධාරණ පාලනය නිසා රටවැසියන් දෙපිල බෙදී සටන් කරන්නට සැරසී සිටින විටෙක, රුසියානුවන් රට යටත් කරගන්නට පැමිණෙයි. කළ හැක්කේ එකම දෙයකි… රජුගේ දූ කුමරියව සතුරු පාර්ශවයේ කුමාරයාට විවාහ කර දීමය…

    කවදාවත් දැක නැති, නාඳුනන සාරෝස් කුමාරයාගේ අත ගන්නා මේ අහංකාර කුමරියට කුමක් සිදුවෙනු ඇතිද?

  • -20%
    (0)

    ඇසග හීනය – ESAGA HEENAYA

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.

    පොලීසිය තුළට යන විට තම ජිප් රථය තුළ සිටිය සංජනා අතුරුදහන්වීම රන්තුෂ්ව පුදුමයට පත් කරවන්න හේතුකාරක විය. රන්තුෂ් වහා සංජනා ජිප් රථය තුළ වාඩිවී සිටි පැත්තේ පැති දොර විවෘත කළේය. සංජනාගේ ඇඳුමේ තැවරී තිබූ මඩ මෙන්ම සංජනාගේ ඇගෙන් බේරුණු වතුරෙන් එම අසුන තෙත බරිත වි තිබුණි. එයට අමතරව අසුන මත ලේ බිංදු කිහිපයක්ද විය.

    ” අකලංක මේ බලපන් මචං, මං බොරුවක් නෙවී කියන්නෙ. තාමත් මේ සිට් එක තෙතයි. ලේත් හැලිලා, මඩත් තැවරිලා…”

    ” උඹ බොරු කියන්නෙ නැති බව මම දන්නවනෙ මචං, මෙතන අපි නොදන්න ලොකු සිරියස් කේස් එකක් තියෙනවා…… බණ්ඩාර ටක් ගාලා සර්ච් ටිම් එකක් දාලා මේ අවට ඉක්මණටම සර්ච් කරන්න…”

  • -20%
    (0)

    ඉකිගායි – IKIGAI (සතුටින් දිගුකල් ජිවත්වීමේ ජපන් රහස්

    Original price was: Rs. 700.00.Current price is: Rs. 560.00.

    ජපන් භාෂාවෙන් ඉකිගායි’ වශයෙන් හඳුන්වනු ලබන ජිවිතයේ සතුට හා ජීවිතයේ අර්ථය ඔනො මැනවින් වටහා ගෙන ඇත. “ඉකි ” යන්නෙන් ජීවිතය ද “ගයි” යන්නෙන් හේතුකාරණය ද අදහස් කෙරේ. ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය හේතුකාරණය ඉකිගායි ” යන්නේ අර්ථය වෙයි. ජීවිතය පවත්නේ කුමකටද? ඒ කාරණා සියල්ලක්ම ඊට ඇතුළත් වෙයි. එය ජපන් සංස්කෘතියේ හරය වෙයි. එය ඔවුන්ගේ ජීවන පිළිවෙත

  • -10%
    (0)

    ඉතින් මට සමාවෙන්න – Ithin Mata Samawenna

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.

    බැරිම හින්දා කවමදාවත්
    ආයෙ ඔබ වෙත හැරෙන්න
    කිසිත් කියන්න බෑ ඉතිං මට,
    “සමා වෙනු මැන! ” ඇරෙන්න
    ජීවිතේ තව බොහෝ දුර ඇති
    අතරමග බෑ මැරෙන්න
    ඔබත් ඔහොමම මගදි හමුවන වංගුවක් ළග හැරෙන්න

  • -15%
    (0)

    උල්කාශ්මයේ අබිරහස – ULKASHMAYE ABIRAHASA

    Original price was: Rs. 2,400.00.Current price is: Rs. 2,040.00.

    ආක්ටික් අයිස් පරයක ගැඹුරේ වලලා තිබූ විස්මයජනක ලෙස දුර්ලභ වස්තුවක් නාසා චන්ද්‍රිකාවක් මගින් සොයාගත් අතර අදාළ අභ්‍යවකාශ ඒජන්සිය වැඩිදුර තහවුරු කරගැනීමකින් තොරව එය ඉතා වැදගත් ජයග්‍රහණයක් බව ප්‍රකාශ කරයි. හේතුව එය නාසා ප්‍රතිපත්තිවලට සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ගැඹුරු ඇඟවුම් සහිත එකක් වෙන නිසාය.
    එම සොයාගැනීමේ නිරවද්‍යතාවය සත්‍යාපනය කිරීම සඳහා ධවල මන්දිරය, බුද්ධි විශ්ලේෂක රේචල් සෙක්ස්ටන්ගෙන් සහය ඉල්ලා සිටී. විශාරද මයිකල් ටොලන්ඩ් ඇතුළු විශේෂඥයින් කණ්ඩායමක් සමග ආක්ටික් අයිස් පරය වෙත යන රේචල් සිතාගත නොහැකි සාධක හෙළිකර ගනී. එම විද්‍යාත්මක ප්‍රෝඩා පිළිබඳ සාක්ෂි ලෝකයා මතභේදයට තුඩුදෙන දැවැන්ත රැවටීමකි.
    නමුත් ඇය ඒ බව ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට පෙර රේචල්, මයිකල් සහ පිරිස ඝාතකයන් කණ්ඩායමක් විසින් සැඟවී සිට කරනු ලබන පහරදීමකට ගොදුරු වෙති. තම ජීවිත බේරා ගැනීම සඳහා පාළු හා බෙහෙවින් අනතුරුදායක භූමි ප්‍රදේශ ඔස්සේ පලායන ඔවුන්ගේ එකම අපේක්ෂාව වෙන්නේ මෙම දක්ෂ කුමන්ත්‍රණය, සියල්ලටම වඩා කම්පන සහගත රැවටිල්ල පසුපස සිටින්නේ කවුරුන්ද යන්න සොයා ගැනීමය.

  • -15%
    (0)

    ඒ දවස් හරි වෙනස් – E Dwas Hari Wenas

    Original price was: Rs. 2,000.00.Current price is: Rs. 1,700.00.
    ඉස්සෙල්ලා ම ඔහුට ඇයගෙ හීනි ඇගිලි තුඩු වල ස්පර්ශය දැනෙන්න ගත්තා. ඒත් එක්ක ම ඇඟිලි වලින් පටං ගත්තඋණුසුමක් මුලු ඇඟ පුරාම පැතිරෙන විදිහ ඔහුට දැණුනා. ඇගේ අත සිනිඳු වුණා වගේ ම උණුසුම් වුණා. ඒක ඔහුට ඇති කරේ ගුලිවෙලා නිදා ගැනීමේ වුවමනාවක්.
    මූට මේ මොකක් ද වුණේ වගේ ලුක් එකක් එක්ක ඇය ඔහු දිහාවට හැරුණා. මුකුත් නොකියම ඔහුත් ඇය දිහා බලාගෙන ඉඳලා තිබුණා. තත්පර දහයක් විතර ඔවුන් එකිනෙකා දිහා බලාගෙන ඉද්දි, ඔහුට ඇත්තට ම හැම දේම හොඳින් සිද්ධ වෙයි කියලා දැනෙන්න පටං ගත්තා. ඒ වගේ ම හැමදේම හොඳින් සිද්ධ වේවි කියලා ඔහු විශ්වාස කරන්න පටං අරගෙන තිබුණා.
    ඒත් එක්කම කඳවුරේ කෙළවරකින් කවුදෝ කෑගහනවා ඇහුණා.
    ” සිරිමල් අයියා වැටිලා…”
  • -20%
    (0)

    ඒතං මංගල මුත්තමං – Ethan mangala muththaman

    Original price was: Rs. 650.00.Current price is: Rs. 520.00.

    කවරක් වුවද මානවයාට සමහර ගති උරුමයෙන්ම ලැබුණ ඒවා කවර රටක ජීවත් වුව ද ජාති ආගම්, කුල හෝ සංස්කෘතීන් බව මගේ හැඟීමයි. කතන්දර ඇසීම සහ කතන්දර කීම ද එවැනි වූ ලොව පුරා මානවයා, මානව පැටවකුව සිටියදී සිටම ප්‍රිය කරන දෙයකි. ලොව කොයි දේ කෙසේ වෙතත් ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයෝ සංස්කෘතියක් ලෙස ම පුංචි දා පටන් කතන්දර ඇසීමට සහ කතන්දර කීමට ප්‍රිය වෙති. මුතුබෙල්ලාගේ දුක්බර ජිවිත කතන්දරය, අප අතරින් සියයට අනුනවයක්ම අසන්නට ඇත්තේ තම තමන්ගේ ජීවිතවල පළමු දශකය තුළයි. මුතුබෙල්ලාගේ කටුව තුළට යන වැලි කැටයක් දිනෙක මිල අධිකම මුතු ඇටයක් බවට පත් වන තෙක් එම සත්ත්වයාගේ වේදනාවන් ගැන ශෝක වන අප මුතුබෙල්ලා විසින් වේදනා විද නිපදවන මුතු ඇට අප සන්තක කර ගැනීමට වෙර දරයි. එම මුතු බෙල්ලාගේ සෝබර ජීවිත කතන්දරයත් තවත් සිය ගණනක් කතන්දරත් රස විඳ ඇති අප, එම දුක්බර කතන්දර තුළ ඇති මහා බරසාර ජීවිත පාඩම් උගෙනීමට දැඩිව අපොහොසත් වී ඇත්තෙමු. මුතු බෙල්ලා යනු සොබා දහමේ අද්විතීය නිර්මාණයකි. සත්ත්වයාගේ වේදනාකාරි ජීවිතය තුළ නිපදවෙන මුතු ඇටය ද සොබා දහමේ ම අධි මිල නිෂ්පාදනයකි. මිනිසා ද සොබාදහමේ ම එතෙක් මෙතෙක් බිහි වූ අද්විතීය ම නිර්මාණය සේ සැලකෙයි. මුතු බෙල්ලාගේ ජීවිතය දෙස නිරීක්ෂණියව බලන් සිටීමෙන් රසවත් කතන්දරයක් නිර්මාණය කළේ. එය රස කරමින් කීවේ සහ කුතුහලයෙන් යුතුව අසා සිටියේ ද මිනිසා මය.

  • -20%
    (0)

    කා – KA

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
    පෞරාණික ඊජිප්තු වාසීන්ගේ මිථ්යා ඇදහීම අතර මුල් තැනක් ගෙන තිබුණ දිව්යමය හාස්කම් සහ ඉන්ද්රජාලික බලය පිළිබඳ විශ්වාසය මෙම කෘතියේ තේමාව වෙයි.
    මෙහි දැක්වෙන චරිත අතර මුල් තැනක් ගන්නා පාරාවෝ කලක් පෞරාණික ඊජිප්තු දේශය පාලනය කළ අධිරාජයෙකි. දෙවියන්ගේ ආශීර්වාදයෙන් උපතලද පාරාවෝ අධිරාජයාගේ දූ කුමරිය නෙතර් තුවා (Neter Tua) නම් වූවාය. නෙතර් තුවා යන නාමය උදා තරුව (Morning Star) යන අරුත දෙයි.
    පුතුන් නොලද මහලු පාරාවෝගේ ඇවෑමෙන් ඊජිප්තු දේශය පාලනය කිරීමේ උරුමය ලද්දි නෙතර් තුවා දූ කුමරිය වූවාය. සුරූපී නෙතර් තුවා ඊට නොදෙවෙනි ව ප්රඥා සම්පන්න කුමරියක් ද වූවාය. පාරාවෝට සහ ඔහුගේ කිරුළ හිමි දූ කුමරියට ඔවුන්ගේ කිරුළ උදුරා ගැනීම සඳහා කුරිරු කුමන්ත්රණයක නිරත වෙමින් සිටි සතුරකුට මුහුණ දීමට සිදු වෙයි.
    පාරාවෝ පදවිය ලබා ගැනීම සඳහා එපරිද්දෙන් කටයුතු කරන ලද්දේ ඔවුන්ගේ ඥාතියකු ද වූ අබී (Abi) කුමරා විසිනි. ඔහු එවකට පාරාවෝ අධිරාජයා යටතේ ‘ මෙම පීස්’ පුරයේ පාලනය භාර ව කටයුතු කළේය. මෙම්පීස් පුරයෙන් සෑහිමට නොපත් අබී කුමරාගේ එක ම සිහිනය වූයේ පාරාවෝ ඇවෑමෙන් ඊජිප්තු සිහසුන මත හිඳ ගැනීමය. එම අභිප්රාය ඉටු කර ගැනීම සඳහා ඔහුට උපදෙස් සපයමින් ඔහුට පුරෝහිතකම් කරන ලද්දේ කකු (Kuku) නම් ඉන්ද්රජාලිකයා විසිනි.
    මේ අතර නෙතර් තුවා කුමරිය ඇය ළමා වියේ පටන් ඇසුරු කළ යොවුන් තරුණ සොල්දාදුවකු වන රමෙස් (Rames) සමඟ ප්රේමයෙන් බැඳුණාය. එහෙත් පාරාවෝගේ පැතුම වූයේ සිය දූ කුමරිය සොල්දාදුවකුට නොව රජ කුමරෙකුට විවාහ කර දීම ය.
    එම ගැටුම් පෙළ නිම වන්නේ කෙබඳු ඉරණමකින් ද යන්න මෙම ප්රබන්ධය තුළ දිග හැරෙන්නේ කියවන්න තුළ කුතූහලය වඩවමිනි. බොහෝ උදුරු වලට මුහුණ දෙමින් නෙතරේ තුවා කුමරිය අබී කුමරුට සහ කකු නම් ඉන්ද්රජාලිකයාට එරෙහි සටන ජය ගන්නා ආකාරය පෞරාණික ග්රීක හා මිසර දේව පුරාණයේ වෙනත් සමාන කතන්දර වෙතට ඔබ කැඳවාගෙන යයි.
  • -20%
    (0)

    කෙල්ල – Kella

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.

    අම්මෝ ඇති යාන්තම්… ගමේම ඕපේ හොයන රොසලින් නැන්දා දළදා මාළිගාවට ඇවිත්. මං ඇමේලියාගේ විස්තර කිව්වේ දැන් ගිහින් ගමටම කියනවා කියලා දන්න නිසාමයි. මන් කියන හැම දේටම ඇමේලියා හරි ලස්සනට හිනා වෙලා හිටියා. රොසලින් නැන්දා හිතුවේ මං මේ සුද්දි එක්ක පටළැවිලා කියලා……මී මැස්සෝ රොන් උරමින් සිටි ඕලු මල් පොකුරක් මන් එයාට අරන් දුන්නා. මල් පොකුරත් එක්ක මට එයාගේ පිංතූරයක් ගන්නම ඕන වුණා. හිතේ පොඩි බයකුත් තිබුණා හැබැයි මන් ඇහුවා.

  • -20%
    (0)

    ක්ලියෝපැට්රා එයා තමයි රැජින – Cleopatra Eya Thamai

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,280.00.

    ක්ලියෝපැට්රා භාෂා අංශයට ඇතුළු උනා.
    එයාට දැනුනා පැපයිරස් කොළවල සුවඳ, සීතල පොළොව. භාෂා තුනකින් කැටයම්කර තිබුණු විසල් ආරුක්කුව පාමුල එයා නැවතුනා.
    අහා මේන්න ඉන්නවා අපේ පාරාවෝගේ දූ කුමරිය.”
    ක්ලියෝපැට්රා පොඩි කාලෙ ඉදන්ම අකැමැති උනා එයාට පාරාවෝගේ දුව, එහෙමත් නැතිනම් දොළොස්වැනි ටොලමිගෙ දුව කියල කියනවට එයා කැමති උනේ එයාට ක්ලියෝපැට්රා කියල කියනවට.

  • -10%
    (0)

    ගණිත විනෝදය- Ganitha Vinodaya

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.

    ” අද උදේ මම ලේනෙක් එක්ක හැංගිමුත්තන් සෙල්ලම් කළා ” විවේකාගාරයේ උදේ තේ පානය සඳහා වාඩි වු විවේකාලාභීන්ගෙන් එකෙක් පැවසීය. ” මේ ළඟ කැලේ තියෙන රවුම් එළිමහත් පිට්ටනිය දන්නවද? ඒ පිට්ටනිය මැද එකම ගහයි තියෙන්නේ. ලේනා හැංගුනේ ඒ ගහ පිටිපස්සේ. කැලේ සිට පිට්ටනියට එනකොටම මම දැක්කා ලේනා ගහේ කඳ පිටිපස්සේ සිට උගේ දිලිසෙන ඇස් දෙකෙන් මා දිහා බලාගෙන ඉන්නවා. මම දැක්කේ උගේ මුහුණ විතරයි. ලේනා හොඳ හැටි බලාග. න්න මම ඌට කිට්ටු නොවී පිට්ටනිය අයින දිගේ ගහ වටේට ගියා. හතර වතාවක්ම මම ගහ වටේ ගියා. මම දැක්කේ ලේනාගේ මුහුණ විතරයි. කොහොමටත් මට ලේනා වටේ යන්ට බැරි වුණා.” ” එහෙත් ඔබ කීවා නේද ගහ වටේ හතර වතාවක් ගියා කියලා ” තේ මේසයට වාඩි වී සිටි එකෙක් විරුද්ධත්වය ප්‍රකාශ කළේය. ” ගහ වටේ මිස ලේනා වටේ නොවෙයි.” “ලේනා හිටියේ ඒ ගහේ? ” ” ඉතින් ?” ” ඒ කියන්නේ ඔබ ලේනා වටේත් කැරැකුණා.” ” හොඳයි කැරැකුණා ! ලේනාගේ පිට එකවතාවක්වත් දැක්කේ නැහැ.'” ” පිට මොනවටද? ලේනා හිටියේ මැද. ඔබ වටේට කැරැකුණා. ඒ කියන්නේ ඔබ ලේනා වටෙත් කැරැකුණා.” ” කොහොමටත් එහෙම නොවෙයි. මම ඔබ වටේ යනවා කියලා හිතන්න. ඔබත් හැම වේලාවේම මට මූණ පා ඉන්නවා. ඔබේ පිට මට පෙනෙන්නේ නැහැ. ඔබ හිතන්නේ මම ඔබ වටේ කැරැකුණා කියලද? ” ” ඇත්ත වශයෙන්ම එහෙම තමා. වෙන කොහොමද? ” ” එක වතාවක්වත් ඔබේ පිට පැත්තට යන්නේ නැති නම්, ඔබේ පිට දකින්නේ නැති නම්, මම ඔබ වටේ කරකැවෙනවාද? ” ” පිටේ තේරුමක් නැහැ ! ඔබ මා වටේ රවුමක් කරකැවිලා හිටපු තැන – ටම ආවා. ඒ නිසයි ඔබ මා වටේ කරකැවුණා කියන්නේ. මගේ පිට දැකීම නොවෙයි.” ” ඒ කොහොමද ? වස්තුවක් වටේ කරකැවෙනවා කීමේ තේරුම කුමක්ද? මා හිතන හැටියට එයට එකම තේරුමයි දෙන්න පුළුවන්: එනම් වස්තුව සෑම දිසාවකින්ම බලාගත හැකි වන සේ අනුක්‍රමයෙන් එය වටා යෑමයි. සත්‍යය එය නෙවද මහාචාර්ය තුමා ” වාද කරන්නා තේ මේසයට වාඩි වී සිටි මහල්ලෙකුගෙන් විතාළේය. ” වාදය කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් වචන පිළිබඳවයි ” විද්‍යාඥයා පිළිතුරු දුන්නේය. ” මේ වගේ අවස්ථා වලදී මුල සිටම පටන්ගත යුතුයි: අපි වචන වල අර්ථය ගැන එකඟත්වයකට පැමිණිය යුතුයි. ” වස්තුවක් 15

  • -20%
    (0)

    ගාසා තීරයේ ජන ඝානනය – Gasa Thiraye Jana Gathanaya

    Original price was: Rs. 960.00.Current price is: Rs. 768.00.

    ඊශ්‍රායෙල පලස්තීන ප්‍රතිපත්තියේ ගාමක බලය වන මතවාදය නිවැරදිව හඳුනා නොගන්නේ නම් පලස්තීනුවන් හෝ යුදෙව්වන් හෝ අන් සියළු දෙනාම ආරක්ෂා වන්නේ නැත. ඊශ්‍රායෙලයේ ප්‍රශ්නය එහි යුදෙව් ආගම නොවේ. යුදෙව් ආගමේ මුහුණුවර කීපයක්ම ඇති අතර ඒ බොහොමයක් සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට ශක්තිමත් පදනමක් සපයයි. යුදෙව් ආගමෙන් දැක්වෙන බහුත්ව අවකාශය විශේෂයෙන්ම පලස්තීනුවන්ට ලබා නොදෙන්නේ සයන්වාදයේ වාර්ගික ස්වරූපයයි. පලස්තීනුවන් කිසි විටෙකත් සයන්වාදී රාජ්‍යයේ සහ අවකාශයේ පාර්ශ්වයක් නොවනු ඇත. ඔවුන් දිගටම සටන් කොට අප පතන ආකාරයට බොහෝ විට සාමකාමීව, ජයගනු ඇත. එසේ නොවන්නේ නම් එය නිර්දය පළිගැනීමේ සුළි සුළඟක් මෙන් අරාබි සහ මුස්ලිම් ලෝකය පමණක් නොව මහ බලවතුන් වන එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ද ඇද බැඳ ගන්නා, අවසානයේ දී අප සියල්ලන්ම දවාලන මහා චණ්ඩ මාරුතයක් විය හැකිය.

  • -20%
    (0)

    ගිනි – GINI

    Original price was: Rs. 650.00.Current price is: Rs. 520.00.

    රෑට තාත්තාත් මාත් නිදා ගන්නේ ගුහාවේ දොරකඩය. ඒ, වන සතුන් ගුහාවට රිංගීම වැළැක්වීමටය. අම්මා නංගිලා සමග ඇතුළේ මුවහම මත නිදා ගත්තාය.
    ” මගෙත් ඇඟ ටිකක් සීත කරනවා වගේ හුළං වදින කොට අමාරුයි.” තාත්තා කීවේය.
    මම ඔහුගේ ඇඟට අත තබා බැලුවෙමි. ඔහුට ද උණ ගැනී තිබිණි. අව්වේ වෙහෙසීමෙන් පසුව ඔහු මාළු ඇල්ලීමට බොහෝ වේලා වතුරේ සිටියේය.
    ” තාත්තා ඇතුළට ගිහින් නිදාගන්න. මම මෙතන ඉන්නම් “

  • -20%
    (0)

    ගුප්ත දඩබිම – GUPTHA DADABIMA

    Original price was: Rs. 1,850.00.Current price is: Rs. 1,480.00.

    මෙනරදෙණිය ගමට උඩින් වැහි බන්ධනයක් දාලා තියෙනවා. ඔය වැහි බන්ධනයට ඉහළින් ආකහේ ඕන තරම් වැහි වලාකුළු තියෙනවා. කොච්චර ගැබ්බර වලාකුළු තිබ්බත් වැහි බන්ධනය හින්දා ආකයෙන් පොළොවට එක වැහි කඳුළක් වැටෙන්නේ නෑ. වැස්ස නැතුව ගියහම මිනිස්සුන්ට විතරක් නෙවෙයි, සතා සීපාවටත් ගම දාල යන්ඩ වෙනවා. සුන්නියට ඕන වුණේ ගම පාළු කරගන්ඩ. අග්නි යාගෙ කරන්ඩ පුළුවන් ඊට පස්සෙ. අග්නි යාගෙ හරියට කෙරුවොත් දැනට සුන්නියගෙ ශරීරය බාගයක් බුක්ති විඳින ඒ අමනුෂ්ය ආත්මය සම්පූර්ණයෙන් ඒ ශරීරය බුක්ති විඳින්න පටන් ගන්නවා… ඒ වැඩේ නතර කරන්න ඕන.. මේ විශ්වයේ යහපතට වගේම අයහපතටත් උදව් කරන ශක්තීන් ඉන්නවා.. මේ මහපොළව උඩ යහපත ආරක්ෂා කරන ශක්තීන් ඔය ගැටුමෙදි සුන්නියයි එයාගෙ අඳුරේ බලයයි පරාද කරන්න උදව් කරාවි.

  • -10%
    (0)

    ගේට්ටුව ළඟ නතර කළ රථය – GETTUWA LAGA NATARA KALA RATAYA

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.

    අප ජීවත් වන්නේ කෙටිකතාවලින් පිරුණු ලෝකයක යැයි, මෙහි කතුවරයා, තම පෙරවදනෙහි ලා සඳහන් කරයි. වසර දහයකට ආසන්න කාලයක් පුරා, ඒ අතරින් තෝරා ගත් කතා දහයකින් ඔහු අපට සංග්‍රහ කර ඇත. ඒ අතර විවිධ අධ්‍යයන රටා දක්නට ඇති අතර, ඇතැම් කතා තුළ, ඔහු මීට පෙර පළ කළ කෙටිකතා කෘති පහේදී මෙන්ම, අතිසත්වාදී ශෛලියද භාවිත වෙයි. සමකාලීන මනුෂ්‍යයා, පෙළෙන සාංකාව, හුදෙකලාව, අපේක්ෂා භංගත්වය. මෙම කතා පෙළෙහි සියුම් හුයක් සේ දිව යනු පෙනේ. කතුවරයා ඉන්, පාඨක සිත් සසල කරවන නමුදු, අවසානයේ උපදවනුයේ ජිවිතාවබෝධය හා මානව භක්තියයි.

  • -10%
    (0)

    ජාතිවාදය ඇවිස්සු ගර්භාෂ යුද්ධය- JATHIWADAYA EVISSU GARBHASHA YUDDHAYA

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.

    ඕනෑම බොරුවක සැබෑව කිනම් දවසක හෝ හෙළිදරව් වීම නොවැළැක්විය හැක්කකි. බොරුවක් නිරන්තරයෙන් රැක ගැනීමට කරනු ලබන උත්සාහයද, රබර් බෝලයක් අතින් දිය යට සඟවා තැබීමට කරනු ලබන උත්සාහයකට දෙවෙනි නොවේ.

    කුරුණෑගල රෝහලේ ප්‍රව හා නාරිවේද අංශයේ ජ්‍යේෂ්ට වෛද්‍යවරයෙකු වන වෛද්‍ය සේගු ෂියාදීන් ෂාෆි විසින් ‘ මව්වරුන්ට සිදු කරනු ලබන සිසේරියන් සැත්කම්වලදී, සැත්කමට බඳුන් වෙන කාන්තාවන් හොර රහසේ වන්ධ්‍යාකරණයට ලක් කරන්නේය’ යන චෝදනාව ආරම්භ වූයේ කුරුණෑගල රෝහලෙනි.

    පසුව මෙයට ශ්‍රී ලංකා පොලිසිය ද එක් වූයේය. දිනපතා ‘දිවයින’ පුවත්පත ඔස්සේ මේ ව්‍යාජ සිද්ධිය පළ කරන ලද්දේ මැනවින් පලිප්පු දමමිනි.

    මේ සමගම දේශපාලනඥයන් වන විමල් වීරවංශ මහතා හා අතුරලියේ රතන වැනි ආගම්වාදී භික්ෂූන්ද එකී ගින්නට පිදුරු දමමින්, එය ‘ගර්භාෂ යුද්ධයක්’ බව පැවසූහ. මෙම තොරතුරෙන් සිංහල ජාතිය කළඹවන්නට කැස කැවුවත්, කුමක් හෝ හේතුවක් නිසා එය ඔවුනට කර ගැනීමට නොහැකි විය.

    මෙම සිද්ධියේදී ඇතැම් පුවත්පත් සහ රූපවාහිනී මාධ්‍ය ඊට උඩගෙඩි දීම කනගාටුවට කරුණකි.
    (කර්තෘගේ සටහන)

  • -10%
    (0)

    දිස්පරයු – Disparue

    Original price was: Rs. 1,750.00.Current price is: Rs. 1,575.00.

    ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ නවතම කෘතිය #දිස්පර්යු  12. 12. 12 ට වසර පහකට පසුව නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම යළිත් පරීක්ෂණයක……

    2019 වසරේ ජුනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය.
    තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදහ්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය නොදී, ඒ අයුරින් අතුරුදන් විය.
    තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද? දින දෙකක් පුරාවට දිගහැරෙන,
    තාදී සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානි. නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම තාදි සමරසිංහ අබ‍්‍රහස කෙසේ විසඳහු ඇත්ද?

  • -20%
    (0)

    නිල් නිවුන්නු – Nil Niwunnu

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.

    තමන් මොන එකකට එක් නිවුන් දැරීයක් තියාගත්තාද?
    දැන් එය විශාල ප්‍රශ්නයක් වී ඇත. එක් දැරියකගෙන් නම් නිදහස්ය. අනෙක් දැරීයගෙනුත් නිදහස්වීමට කාලය එළඹ ඇත.
    ඇන්ජි වෑන් රථයේ පිටුපස කොටසේ බිම දැරියව හාන්සි කෙරුවාය. අනතුරුව වෑන් රථයට නැග එය පණ ගන්වාගෙන ජැටියට යන පටු මාවත දිගේ ඉදිරියට පැදවූවාය. චම පටු මාවත කෙළවර වන්නේ ජැටියෙනි. මේ කාලයට එය වසා ඇත. එය ආශීර්වාදයකි. එතැන මුහුද දැඩි සේ ගැඹුරුය. වෑන් රථය, මාවතේ කෙළවරට ආසන්න වෙත්ම තමන් රියදුරු අසුනෙන් පැන ගත යුතුය. එවිට වෑන් රථය, දැ රී යත් සම ගම මු හු දු ප ත්ල සිප ගන්නවා ඇත.වෑන් රථය වේගයෙන් මුහුද දෙසට ඇදී යයි.
    ඉතිරිව ඇත්තේ තත්පර ගණනකි. ඇන්ජි වාහනයේ දොර විවර කරන්නට සැරසුණාය.

  • -20%
    (0)

    නොහදුනන ලින්කන් Nohadunana Lincoln – Lincoln the unknown

    Original price was: Rs. 1,650.00.Current price is: Rs. 1,320.00.

    එදවස හැඩ්ස්බර්ග් හඳුන්වනු ලැබූවේ, හැරඩ්ෆෝට් යන නමිනි. ඈන් මැක්ගිනිටි එහි වාසය කළ කාන්තාවකි. පැරැණි ඉතිහාසඥයන්ගේ වාර්තා වලට අනුව පළමු වරට රෙදි විවීමේ යන්ත්‍රයක්, තාරාවුන් සහ ඌරන්, කෙන්ටකී ප්‍රාන්තයට ගෙන ආවේ ඈන් සහ ඇගේ සැමියා බව ය. අඳුරු රමණීය වනගත පෙදෙසක් වූ එහි බටර් සැදීමට දත් එක ම කාන්තාව ඈන් බව ඉතිහාසඥයෝ වැඩි දුරටත් පවසති. එහෙත් ඇත්ත වශයෙන් ම ඇය ආර්ථිකව ශක්තිමත් වූයේ, රෙදිවලින් ප්‍රාතිහාර්යයන් පෑම නිසා ය. ගුප්ත ඉන්දියානු රටවල්වල වැවෙන කපු එහි නොවැවෙන අතර, ගෙන්වීම ද නොකරයි. ලී ඉරන්නෝ, බැටළුවන් මරා දමති. මරා දමන ලද බැටළුවන්ගේ ලෝම වලට අමතර ව කිසිවක් ඇඳුම් මැසීම සඳහා සොයා ගැනීම අසීරු වේ. නිර්මාණාත්මක සුහුරු බවක් ඇති ඈන් මැගිනිටි, නූල් කටින්නට සොයාගත් අතර, එමඟින් මැගිනිටි රෙදි නිමැවුවා ය. මේ රෙදි නිපදවීම සඳහා යොදාගත් අමුද්‍රව්‍යයන් වන මිහරකුන්ගේ කෙඳි සහ ගසකින් ගනු ලැබූ තුනි කෙඳි බහුල සහ ලාබ විය. එය අපූරු සොයාගැනීමකි. සැතපුම් සිය ගණන් දුර බැහැර ගෙවා, ඇගේ දැව පැලට පැමිණි ගැහැනු මේ නව කලාව උගත්තෝ ය. රෙදි වියන අතරතුර, ආගිය තොරතුරු කථා කළෝ ය. ඔවුහු. නිතරම ගස් කෙඳි හෝ මීමුන්ගේ ලෝම ගැන කථා නොකළහ. නිරන්තරව ඔවුන්ගේ සංවාදන්, ඕපාදුපයන් බවට හැරුණි. ප්‍රජාවේ තොරතුරු සන්නිවේදනය වන ඕපාදූප පතුරුවන මධ්‍යස්ථානයක් බවට, ඈන් මැක්ගිනිටිගේ දැව ගෘහය පත් විය.

  • -20%
    (0)

    පටු මඟෙහි කුඩා නිවහන – PATU MAGEHI KUDA NIWAHAN

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.

    අම්මාත්. මමාත්, චාලට් හා ලිඩියාත් සාමාන්‍ය ගමනට බිමනට පලඳින හිස් වැසුම් සහ උණුසුම් ලොම් කබා ඇඳගෙන පිටත මඩුව හරහා එළි මහනට ඇවිද එන විට ටයිඩ්මිල් පටු මඟෙහි පිහිටි නිවහන කළුවර වෙලා ගනිමින් පැවතිණි. අම්මාගේ එක් අතක රැදුණු පයි බඳුනක් සහිත කුඩයකි. අළු පැහැ කබායක් ඇඟ වටා දවටනු ලැබූ බිලිඳිය, මෙරි, අම්මාගේ ඇකයෙහි උණුහුම්ව සිටියාය. වෙනදා මෙන් ඇය නලියමින් බිමට බසින්නට තැත් කළේ නැත. ඇගේ සිඟිති මුහුණ සැප පහසු ලොම් ඇඳුමෙහි නැමුම් අතරින් එබී බලමින් තිබිණි. චාලට් සහ ලිඩියා ගෙල ළඟට යනතුරු කබා තද කර ගත්හ. සීත සුළඟක් හැමුවේය. අහුමුළු වලින් රිංගා ආ. ඒකාකාරව හැමූ තුනී සුළං රැළි චාලට්ගේ කනට කොදුරන්නට විය. සරත් සමය ඇවිත් එය කීවේ ය. සිත කාලෙත් ළඟම ඒවි.

    තාත්තා සහ පිරිමි ළමයි එවිටම පිදුරු මඩුවේ සිට පිටතට ආහ. තාත්තා අත තිබූ ලත්තෑරුමේ එළියෙන් ඔවුන්ගේ රත් පැහැ ගැන්වුණු නැහැයවල් සහ කන් චාලට්ට පෙනිණ. ඇගේ සහෝදරයන් දෙදෙනා, ලුයිස් සහ ටොම් අත්වලට පිඹිමින් ඒවා එකිනෙක අතුල්ලමින් සිටිති.

  • -10%
    (0)

    පුංචි පහේ අම්මලාට – PUNCHI PAHE AMMALATA

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.

    1979 එක සීතල උදෑසනක, “ලොක්කේ…” අප්පච්චීගේ බර, මෘදු හඬින් මම අවදි වීමි.
    අම්මා පිසූ කිරිබතේ සුවඳින් ගේ පිරී තිබිණි.
    අලුත් සුදු කමිසයට, පරණ නිල් කලිසමට
    අලුත් කළු සපත්තු එක්ව තිබුණි.
    වෙනදා නැති ආඩම්බරයකින් මම අප්පච්චීත් එක්ක කුඹුරු යාය මැදින් විභාග මධ්‍යස්ථානයට ගියෙමි.
    ” හොඳට ලියන්ට ඈ…… ඔයාට පුළුවන්….”
    අප්පච්චී මගේ හිස අතගෑවේ, මා කෙරෙහි තිබූ විශ්වාසයෙනි. විභාගය ඇරඹිණි. මා කිසිදා දැක නැති තරම් ලොකු
    නැවුම් සුවඳැති ප්‍රශ්න පත්තරයක් ලැබිණි. ලිව්වෙමි.
    විභාගය අවසන් වී ආවත් කිසිවෙක් ලිව්වේ මොනවද කියා ඇසුවේ නැත.
    ප්‍රතිඵල එනතෙක් කුරුල්ලෙකු මෙන් නිදහසේ සිටියෙමි.
    ප්‍රතිඵල ඉස්කෝලෙට ලැබී තිබුණි!

  • -20%
    (0)

    බාලාංශේ 2 – ටික ටික වැඩිහිටි ( Pre Order)

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.

    පොඩ්ඩා හෙනම සීන් එක දානවා සහ මගේ නහය මිරිකන්න හදනවා.
    කනෙන් අල්ලන්න හදනවා, කෙල පිඹිනවා.
    “බෲශ්…” ගාලා
    නිකම් පාරේ යද්දි කෙසෙල් කැනක් දැක්ක
    අලියෙක් වගේ හැසිරීම, මමත් ඉතින් දරුවාට
    ආදරේ විදිහට පුළුවන් තරම් බේරිලා ඉන්නවා
    පොඩි මෑන්ගෙන්,

    බස් එකේ මිනිස්සුන්ටත් ඉතින් කරන්ඩ
    වැඩකුත් නෑනේ සීට් වල උඩට නමල තියෙන
    ඇළුමිනියම් පොල්ල අල්ලාගෙන සහ උඩ
    එල්ලිලා දරුවා සහ අසරණ තරුණයා ෆිල්ම් එක
    බල බලා හිනා වෙවී යනවා
    කොහොමහරි පොඩි එකා හොඳට හරිබැරි ගැහිලා

    “චාච්චා…”
    කියලා කෑගහපි බස් එකටම ඇහෙන්ඩ
    මුළ බස් එකම එක හිනා හඬයි සහ ඒ අක්කටත් හිනා
    ඒ අක්කට කරගන්ඩ දේකුත් නෑ
    මම ඒ දරුවාගේ තාත්තා වෙන්න තියා ජීවිතේට ඒ අක්කාව දැක්කෙත්
    එදා, මට එවෙලේ ජනේලෙන් පැනලා පයින් ඩිස්පැන්සරියකට ගිහිල්ලා
    ඒ පැන්න එකෙන් වුණ තුවාල වලට බේත් දාගෙන ආයෙ ක්ලාස් යන්න
    හිතුණා ප්‍රෙන්ස්…

  • -20%
    (0)

    භූතෝන්මාදය සහ තවත් අද්භූත කතා

    Original price was: Rs. 890.00.Current price is: Rs. 712.00.
    භූතෝන්මාදය
    හිස සුන් මළකඳු අතවනයි!
    මඟ පෙන්වන්නා
    අසුබ තෙර නිමිනි
    ගොළුමඩමේ අබිරහස
    සෙලවෙන මනස
    අන්හළ නොහැකි බැඳීම්
  • -10%
    (0)

    මගේ ආදර අවනඩුව – Mage aadara awanaduwa

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.

    මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප්‍රාකාර හෝරා යන්ත්‍රය සිත් නෙත් සිත් නෙත් සිත් නෙත් හඩ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි. දෙදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන් මෙතැන ගොළුය. පැමිණිලි කුඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය. එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ වීණාවක තත්වලිනි. මා මුව ද ගොළුව ඇත පෙනෙන්නතෙක් මානයෙහි දිය පොදක් නැත එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි, මක්නිසාදයත් අමපැන් ඉල්ලා හළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට තිබේ. මේ පූර්විකාව තවත් දීර්ඝ කො කරමි කිසිදා නොදුටු නාදුන ඔබ දැන් විනිසුරු අසුනට යා යුතුය. එක් ඉල්ලීමක් පමණක් කරමි. මා නිදොස් කොට නිදහස් නොකරන්න එසේ කළ ද සදාකාලික හෘද සිපිරිගෙයක මා සිර වෙමි මෙතැන් සිට මේ ප්‍රේමණිය උසාවිය ඔබට බාරය.

    මේ මගේ ආදර අවනඩුව !

  • -20%
    (0)

    යක්ෂයා අපාගත වෙයි – YAKSHAYA APAGATHA WEI

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.

    රසල් සහ ඩැල්රින් ඉන්ග්‍රම් අඹුසැමියන් දෙදෙනාම රැකියා විරහිතය. එසේම ඉඳුම් හිටුම් පවා අහිමි වී යන අවස්ථාවක මැතිව් පීරිස් නම් භාරකාරවරයා ව්සින් රැකියා ලබාදී, වාසය සඳහා නිවසද ලබා දෙයි. එහි මුලින් හැඟුනේ එය වෙත පැමිණි ආශිර්වාදයක් විලසිනි. යම් දෙයක් කලක් ගත වීමට පෙර රසල් මුහුණ දෙන්නේ, එසේම මාරාන්තික රෝගයකටය. ඔහු ප්‍රමාද වූවා වැඩිය. ඔහු ගොදුරක් බවට පත්වෙයි.

    පුරුද්දට මිණි මරන්නෝ එකකින් හෝ දෙකකින් එම පුරුද්ද නතර නොකරති. නියමිත මරණයට පත්වන්නේ භාරකරුගේම බිරිඳ. මේ සියල්ල පවතින ප්රසිද්ධ නිවසක් තුළ තිබේ. සමහර විට ප්‍රථම වතාවට මෙවැන්නක් මුළු ලෝකයෙන්ම සිදුවූයේ ශ්‍රී ලංකාවේ විය හැකිය. ඔවුන් මරණයට පත් කරන්නේ සූක්ෂම ආකාරයෙන්, සිතාගත නොහැකි වීම, යම් දෙයක් නොතිබූ අලුත් පන්නයකට නොවේද?

  • -10%
    (0)

    රන් දෝණි – Ran Doni

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.

    2019 දී බලහත්කාරයෙන් කාන්තාවන් වඳභාවයට පත් කළ බවට බොරු චෝදනා එල්ල වූ වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆිගේ දියණියගේ කතාව පවසන “රන් දෝනි” පොත අඟහරුවාදා (30) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එළිදැක්විණි.

    ප්‍රවීණ මාධ්‍යවේදී සුරංග සේනානායක විසින් රචිත මෙම පොත, එම දුෂ්කර කාලය තුළ සහ ඉන් පසුව වෛද්‍ය ෂාෆිගේ පවුල මුහුණ දුන් අභියෝග විස්තර කරයි.

  • -20%
    (0)

    රමණාවෙශය – Ramanaveshaya

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
    සැන් ප්රැන්සිස්කෝ නගරය ඉමහත් ආන්දෝලනයට පත්කළ, සුප්රකට රොක් ගායක ජොනී බස්ගේ අභිරහස් කු # රීරු ඝා ත නය පිළිබඳ විමර්ශන කටයුතු වල නියැලෙන රහස් පරීක්ෂක නික් කරන්, වංචා සහගත, රැවටිලිකාරී ව්යාකූල ලෝකයකට අවතීර්ණව සිටියේය.
    ජොනී බස්ගේ ඝා ත නය සුරූපී කෝටිපතිනියක් වන ජනප්රිය ලේඛිකා කැත්රින් ට්රෙමෙල් නම් වූ සරාගී කාමිනියගේ රමණා වේශයේ ප්රතිඵලයක්ද? එසේත් නැතිනම් අනුරාගී නාරිදේහිනී මනෝචිකිත්සක බෙත් ගානර්ගේ අදෘශ්යමාන රංගනයක පිළිබිඹුවක්ද?
    අනුරාගී රති සුව වින්දනයේ අන්තයට කිමිදෙමින් සැක, සංකාව, භීතිය, කුතුහලය සපිරි සංත්රාසයේ උපරිම ප්රවේශයන්ට පිවිසෙන මේ චරිත අත්විඳින ඛේදාන්තයේ බිහිසුණු ඉරණම කවරාකාරද?
  • -20%
    (0)

    රහස් පරික්ශක හාමුදුරුවෝ – RAHAS PARIKSHAKA HAMUDURUWO

    Original price was: Rs. 980.00.Current price is: Rs. 784.00.
    මට උන්වහන්සේව හමු වූවේ ඉතාමත් අහඹු ආකාරයෙනි. එසේ හමු නොවූවා නම් වසර තිහකට පසුවුව ද මේ කතා මාලාව ඔබ හමුවෙහි තැබීමට මා හට හැකියාවක් නොලැබෙනු ඇත. ඒ නිසාම උන්වහන්සේව මුණගැස් වූ මාගේ දෛවය. ඉරණම හෝ ඔබ පවසන්නා වූ ඒ ඕනෑම ජීවිතයේ අනපේක්ෂිත දායාදයකට’ මම බොහෝ සෙයින් කෘතඥ පූර්වක වෙමි.
    හරියට ම, මීට වසර තිස් හතරකට පෙරාතුව එනම් 1990 වර්ෂයේ දී මම අම්පාර නගරයේ පදියතලාව නමින් හැඳින් වූ කුඩා ගමක පිහිටි පොලිස් ස්ථානයකට පත්වීමක් ලැබුවෙමි. එය සිදු වූවේ මේ ආකාරයෙනි.
    මා පොලිස් වෘත්තියට ඇතුළත් වූයේ සැලකිය යුතු අධ්යාපන සුදුසුකමක් නොමැති තරුණ කොස්තාපල්වරයෙකු ලෙස යි. මගේ මුල් ම රැකියා ස්ථානය වූයේ මඩකලපුව දිස්ත්රික්කයේ පිහිටි එරාවුර් පොලිස් ස්ථානය යි. එය 80 දශකයේ අග කාල වකවානුව වූ බැවින් යාපනය නගරයේ එල්.ටී.ටී.ඊ. ක්රියාන්විත දරුණු වෙමින්, ත්රස්තවාදීන් යුධ සේනාංක සමග දරුණුවට සටන් ඇවිළෙමින් තිබුණු කාලවකවානුවක් විය.
    මට නිසි අධ්යාපන සුදුසුකමක් නොතිබුණත් මම නිර්භීත කෙනෙක් වූ වෙමි. පොලිස් වෘත්තියට ඇතුල් වෙද්දිත් මාගේ සම වයසේ අයවළුන්නට වඩා හැඩි දැඩි සිරුරකින් ද, ශක්තිමත් බාහු සහ උස ශරීරයකින් ද යුක්ත වූ මා එකල මඩකලපුව එරාවුර් පොලිස් ස්ථානයේ සේවය කළ ශක්තිමත් ම සහ නිර්භීත ම පොලිස් නිලධාරියා ලෙස හැඳින්වීමේ වරදක් නැත.
  • -20%
    (0)

    ලක්ෂි – Lakshi

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.

    මේ පිපෙන අලුත් සේපාලිකා මල් වගේම
    පරවුණ සේපාලිකාවන් සාක්ෂි දරයි
    මගේ මේ ආදරය…
    සමහර සේපාලිකා මල් කියනවා මට ඇහෙනවා
    ලක්ෂි මඳ හිනාවක් මවමින් මෙන්න මෙහෙම,
    “ඔයාගේ ආදරේ එයාට මේ අපි වගේ කියලා”
    මහා රෑ පිපිලා
    මහා පාන්දරම කඩා හැලෙනවා වගේලු
    මං මතක් කරා ලක්ෂි
    කඩා හැලෙන සේපාලිකා මල්
    කඩා හැලුණු පළියට පර වුණේ නෑ කියා…
    හරියට මගේ ආදරේ වගේ
    ඔයා ළඟ ප්‍රතික්ෂේප වීම් කොතරම් වුණත්
    ඒ ආදරේ කඩා හැලුනත් පර වී නෑ…

    මං ඔයාට අසීමාන්තිකව ආදරෙයි ආදරියේ…

    – වරුන් –

  • -20%
    (0)

    වසරේ CEO – Wasare CEO

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
    සියල්ල සිද්ධ වෙන්න නම් ඔබ කොතැනකින් හෝ පටන්ගන්න ඕනේ
    සමහර දවස් පහසු නැහැ. උදෑසන නාද වෙන එලාර්ම් එකේ ඉඳහා, හවසට පාරෙ හිරවෙලා ගෙදර යන තැන වෙනතල් මේ සටතේ බර දැනෙනවා සමහර දවස් සුවදායක නැහැ. මහන්සිවෙලා පළවෙනි රුපියල උපයන තැන ඉතුm හොඳින් උපයලා හැමදෙම ගොඩනගනවා කියන තැන වෙනකල් මේ සංග්රාමයේ කැපකීර්ම් තියෙනවා එත් අතහරින්න බැහැ සටන් විරාම නැ
    අපිට ලැබුනු දෙවල්වලට වඩා නොදැබුණු දෙවල් වැඩියි. අපි විඳුසු දේවල්වලට වඩා නොවිඳපු දෙවල් වැඩියි. ගමනේ අතරමැද කවුරුහරි කෙනෙක් වෙලා නැවතුණොත් විඳපු නැති ගොඩක් දෙවල් වඳින්න බැරි වෙනවා ලැබුණෙ නැති ගොඩක් දෙවල් හීනයක්ම වෙනවා. ඒ නිසා හඬ හඬා හෝ මේ සටන උඩම පුටුවකට යන්න. වැටී වැටී හෝ මේ සංග්රාමය මේ විධායක ඉමගේ කෙලවරටම බඩගාන්න
    ලොකු වැටුපක් ගන්නම නෙමෙයි හොඳ තනතුරක් ගන්නම නෙමෙයි. හොඳ පුටුවක ඉඳ ගන්නමත් නෙමෙයි. ඔබ දවසක මේ වෘත්තීය යුද්ධය දිනලා තමන්ට වගෙම තව බොහෝ ජීවිත ගොඩදාපු වසරේ විධායකයෙක් විය යුත්තේ “මම එකට සුදුසුයි’ කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඬට සාධාරණයක් කරන්න මේ ජීවන අරගලය ඇතුළේ නිකන්ම නිකන් ආයතනික සේවකයෙක් නොවී ඔබ CEO කෙනෙක්ම විය යුතුව ඇත්තේ ඔබ ගත්තු සිය තිනෙන තීරණවලට, ඇද වැටුණු දවස්වලට ඉහළම මිලක් සහිත වටිනාකමක් දෙන්න
  • -10%
    (0)

    වැහි පීල්ලක අතරමංව – Vehi Pillaka Ataramanwa

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.

    අපි හිටියෙ තෙල් පෝලිමක.
    බයිසිකලේ පෝලිමේ නතර කරලා, මං හිටියෙ තාප්ප හෙවණැලි මුවාවක. බයිසිකල් පෝලිමේ අපිට ඉස්සරහින් බයිසිකලයක් සක්ක ගහන්න ආපු කලිසම් ඇඳ ගත්තු මහත්තයෙක් හූ හඬ මැද්දෙම බයිසිකලේ තල්ලු කරගෙන පිටිපස්සට ගියා. මිනිහ පිට ගමක කෙනෙක්. මේ ගමේම කෙනෙක් උනා නම් කුණුහරුප දෙකක් කියලා කොහොම හරි පෝලිමේ ඉස්සරහට බයිසිකලේ රිංගව ගන්නවා.
    ඒ වෙද්දි වෙලාව හවස දෙක විතර වෙන්න ඇති. ඉර බැහැගෙන යන්න පටන් අරගෙන තිබුණත් ගිනි කාෂ්ඨක අව්ව. පාරෙ තාරත් උණු වෙනවද මන්දා. ඒ අස්සෙ නැගෙනහිර අහසින් වැහි වලාකුළුත් අහසෙ මෝදු වෙන්න පටන් අරන්.

  • -20%
    (0)

    විද්‍යාවේ සහ මිනිස් මොළයේ අබිරහස් – VIDYAWE SAHA MINIS MOLAYE ABIRAHAS

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.

    විශ්වයේ ඉතිරි කොටස් සැඟවුණේ කොහිද? මිනිසා සඳෙහි පදිංචියට යාවිද? සතුන්ටත් සංස්කෘතියක් තිබේද? ටිකක් කේන්ති ගැනීම සෞඛ්‍යයට හිතකරයි. ගැටළු විසඳීමට සිහින උදව් වෙයි. දවල්ට ටිකක් නිදා ගැනීම ඉගෙනීමට රුකුලකි. ආදරය කරනා විට නිර්මාණශීලිත්වය වැඩි වේ. පිරිමින්ට වඩා කාන්තාවන් සමාව ගන්නා බව කියන්නේ ඇත්තද?

  • -20%
    (0)

    විල මැද සටන – vila Mada Satana

    Original price was: Rs. 450.00.Current price is: Rs. 360.00.

    ඔහු සෙසු නාවිකයන් සමඟ කතාබහ කළේ අඩුවෙනි. අනෙක් නාවිකයෝ ද ඔහුට එතරම් කැමැත්තක් නොදැක්වූහ. ඔවුන් ඔහු ව හැඳින් වූයේ, ‘මගියා’ යන ආරූඩ නාමයෙනි.
    ” මිනිහා මෙහේට ඇවිල්ල තියෙන්නෙ ජේත්තුවට ඇඳ පැළඳගෙන ඉන්න විතරක් වගේ. යු ද්ධ කරන්න නෙවෙයි වගේ.” – මි ලි ටරි උඩු කබාය පිළිවෙලට පළඳින අතරතුර. ත්රේනර් තරමක කෝපයෙන් කීවේය. “උඩ තට්ටුවට නගින්න වෙලාව හරි. ගිහින් බලමුකො මිනිහට මොකද වෙලා තියෙන්නෙ කියල.’
    ” මිනිහ හොඳටම වෙව්ලනවා.” මුහුණ රතු කරගත් මර්තායිනන් කීවේය.
    ත්රේනර් මහත් සේ කෝපයට පත්වී බැණ වදින්නට විය. ඔහුගේ මුහුණ එක්වර ම කළු ගලක් මෙන් රළු විය. දෙනෙත් රතු විය. සාක්කුවට අත දමා හම් අත්වැසුම් එළියට ගත් ඔහු ඒවා පැළඳ
    ගත්තේය. මැග්නෝලියා ගස් ගැන වූ සිහිනය ත්රේනර් ටික කලකට සාක්කුව ඇතුළේ සිරකොට දැමූ බවක් මර්තායිනන්ට හැඟුණේය.

    “දැන්මම නැංගුරම් උස්සමු.” ත්‍රේනර් රළු හඬකින් කීවේය…

  • -20%
    (0)

    ශාපලත් පැපිරසය Shapalath Pepiras

    Original price was: Rs. 1,750.00.Current price is: Rs. 1,400.00.

    සමහර පුරාවිද්‍යාඥයින් විසින් ඇලඩින්ගේ ගුහාව ලෙස නම් කරන ලද කයිරෝ කෞතුකාගාරය තුළ ඇබොට් පැකෝමාස් අමුතු පණක් ලද්දකු සේ ඇවිදිනු පෙනුණි.
    එහි රැස්කොට තිබූ ඇදහිය නොහැකි තරම් ප්‍රමාණයක් වූ අතිශයින්ම වටිනා විශිෂ්ට කලා කෘති අසල, ඔහුට අළුත් ශක්තියක් ඉපදී තිබුණේය. හරියටම ඔහුට එම රාජ්‍යයේ අමරණීයත්වයට පත්වන ආත්මයන් සමග ස්වභාවිකව කතා කළ හැකි කලෙක මෙනි.
    ඇබොට්, ටූටන්කාමන් සොහොන් ගෙයින් ලබාගත් නොගිණිය හැකි තරම් වූ මිල කළ නොහැකි වස්තුව තැන්පත් කර තිබූ ස්ථානයට මාර්ක් රැගෙන ගියේය. මාර්ක් වෙවුලා ගියේය. තමා දුටු දෙයින් ගල් ගැසී, හුස්ම පවා නතර වුණ මාර්ක්; කුඩා රන්වන් දෙව් මැදුරු, රන් ආලේපිත ලීයෙන් කළ ඇඳන්, පිළිම. ලොකු පෙට්ටි, ඔටුනු සහ ආභරණ දෙස බලා සිටින්නට විය. ඇදහිය නොහැකි අන්දමේ ජීවී බවක් විද්‍යාමාන කෙරෙන රන්වන් වෙස් මුහුණ දෙස බලන ඔහුගේ ගත හිරිවැටී අප්‍රාණිකව ගියේය. දිව ගොළු වී උගුර සිර වූ ඔහු බිම ඇද නොවැටුණා පමණි.

  • -10%
    (0)

    සංචරණී – Sancharanee

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.

    දන්නවද, මේ ලෝකෙ තියෙන ලස්සනම අකුරු තුන ආදරේලු….

    ඒත්… ඔයා දන්නවද

    ඒ අකුරු තුනට වඩා ලස්සන දේවල් තව කොච්චර ලෝකෙ තියෙනවද කියලා?

    ඒවා දකින්න හැමෝටම බැහැ.

    හැබැයි දන්නවද,

    ඒ ලස්සන ගැවුණ ගෑවුණ හැම තැනකම ආදරෙත් මුහු වෙලා තියෙනවා.

    අන්න ඒකයි ආදරේ හරි ලස්සනයි කියන්නෙ.

    ලස්සන තැන්වල ආදරේ රැඳෙනවා…

    ආදරේ ඇතුළෙ ලස්සන දකිනවා…

    අන්න ඒකයි අකුරු තුනකට පණ දෙන රහස !

  • -10%
    (0)

    සදහස[දමරඣ 2] – Sandahasa

    Original price was: Rs. 2,200.00.Current price is: Rs. 1,980.00.

    බොහෝ මුරුණ්ඩ ‘ වාංශික මිනිසුන් නම් රජුගේ නුගුණ කියමින්, ඔහුට සාප කරමින් සිටි සමයකි මේ. තම වංශය නසා රජ බවට පත් වූ ක්ෂත්‍රිය ග්‍රාමණේය වාංශිකයෝ දැන් මේ දඹදිව වයඹදිග සත්‍ය පුත්‍ර මණ්ඩලය නම් වූ මේ දේශය සෑම තැනකම පැතිර සිටිති. උතුරු දිගින් පැමිණෙන්නා වූ පාර්සිවරුන්ගේ සේනාංකයන්ට මුහුණ දීමට තරම් පුණ්ඩු සේනා ශක්තිමත් නොවුවත්, සිංහල රජුගේ පාර්සි මිත්‍ර සබඳතා නිසා එහි යම් සහනදායක බවක් වෙතැයි මුරුණ්ඩ සහ ග්‍රාමණේය දෙවාංශිකයෝම සිතා සිටියහ. එමෙන්ම යවන දේශයේ මහා අලිසන්දර රාජයාට පවා සිංහල රජු හිතවත්කම් පෑවේය. එබැවිනි ඔහු තම පියාණන්ගෙන් උරුම වූ සින්ධු දේශය හැර දමා මුරුණ්ඩ වාංශික සක්කයින්ගේ මේ දේශය තම අණසකට යටත් කරගත්තේ. අසරුවා කෙමෙන් කෙමෙන් මේ ගමන් ගන්නේ වර්තමානයේ සිංහල රජුගේ මාළිගය වූත්, මීට කලකට ඉහත දී පණ්ඩු නම් සක්ක ගෝත්‍රයේ මුරුණ්ඩ වාංශික රජුට අයත්ව තිබූත් සුවිසල් ප්‍රාසාදය දෙසට දිවෙනා අගනුවර ප්‍රධාන වීදිය වෙතටය. අනෙකුත් පරිවාර වීදි තරමට ජනාකීර්ණ නොවූ මේ වීදියේ වැඩි වශයෙන් ගැවසුණේ රාජකීයයන් සහ සෙබළ ජනයාය. කඩපිල් සහ යාචකාදීන්ගෙන් තොර වූ මෙම මහා විදිය කළු ගලින් බැඳ නිමවා තිබුණේ නිතරම ඒ මේ අතට යනෙනා අශ්ව රථ, අසරුවන් ආදීන්ගේ පහසුව තකාය. මඟ දෙපස වැඩිමනත් පැවතියේද රාජකීයයන්ගේ කිසියම් රාජකාරි කටයුතු සඳහා යොදාගනු ලැබුණා වූ කාර්යාල වර්ගයේ ගොඩනැගිලීම පමණි. දළ පිළි පොරවාගත් අසරුවා රැගත් කාළ වර්ණ අසු මහා වීදියට අවතීර්ණ වූ පසුව ඌට ඒකාකාරි ගමනක යෙදීමට අවසර ලැබිණි. අසරුවා එතෙක් වේලා සිදු කළ ප්‍රවේශම් සහිත අසු හැසිරවීම අවසන් කර ඌට නිදහසේ ඉදිරියට ගමන් කිරීමට ඉඩ ලබා දී තිබිණි. ඒ වෙනුවට ඔහු සිදු කළේ පරීක්ෂාකාරී අන්දමින් වටපිටාවේ වූ ගොඩනැගිලි ආදිය දෙස බැලීමයි.

  • -20%
    (0)

    සඳුගෙ දියණිය- Sanduge Diyaniya

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
    සඳ මත සිදු වූ බිහිසුණු අභ්යවකාශ යුද්ධයෙන්නූ ලෙන් දිවි ගලවා ගත් ‘වසන්ත ලංකාතිලක…’
    ජීවිතයටත් වඩා සැමියාට ආදරය කළ, ජීවිත කාලයක් ඔහු වෙනුවෙන් බලා සිටි ආදරණීය ‘නේරංජනා…’
    කහ පැහැති සිරුරෙන් හා රන්වන් හිසකෙසින් යුතු, සුධා ධවල අසු අරා ගමන් කළ,
    සුරූපී වන රැජින ‘ෂර්මේන්…’
    ප්රතාපවත් සෙන්පතිනියක්, දක්ෂ ගුරුවරියක් හා කාරුණික උපස්ථායිකාවක් වූ සුන්දර, කළු කෙල්ල ‘ජින්…’ ජීවකයෙකු බඳු වූ ප්රතාපවත් මහලු මිනිසා ‘හෙලිගන්…’
    මේ සියලු දෙනාටම ඉහළින් ක්රියාකාරී වූ බලසම්පන්න ‘අයොනියන් දෙවියන්…’
    ඩොල්පිනයන්, ඩයිනෝසරයන්, ටෙරොඩැක්ටිලයන් හා බිම්රකුසන් සමඟ, ගැබ්බර සඳු සදාකාලිකවම සිය කුසයෙහි සඟවා ගෙන සිටින්නා වූද, කිසි කලෙකත් මෙලොවට බිහි නොකරන්නා වූද, සොඳුරු, දයාන්විත, විස්මිත ඒ ‘සඳුගෙ දියණිය…!’
  • -20%
    (0)

    හූ ඒට් මයි ඇපල් – Who ate my apple

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.

    අල්පොන්සු දවස් කීපයක පටන් ඔහුගේ ඇස අග්ගිස්සෙහි මතුව තිබූ ගෙඩියක් හේතුවෙන් හටගත් වේදනාව දැනෙමින් ඔහුගේ හිස කෙළින් අතට හරවා ගනිමින් වේදනාව මග හරවා ගැනීමට උත්සාහ කරමින්, වේදනාව දැනෙන කොටස අතින් අතගාමින් ගෙඩිය ලොකු වී ඇත්දැයි බලමින් සෙමින් සෙමින් නින්දෙන් අවදි විය. අවදි වී විනාඩි කීපයක් එලෙසම එකම ඉරියව්වෙන් ඉඳ පසුව ඇඳෙන් බැස බිත්ති ඔරලෝසුව දෙස බැලූ අල්පොන්සු, ඔහු වැඩට යාම සඳහා සාමාන්‍යයෙන් අවදි වන වෙලාව පසු වී විනාඩි විස්සක් පමණ ගත වී ඇති බව දැක කලබල වී තම දුරකථනයේ සීනුව නොඇසුණේ ඇයිදැයි පරික්ශා කිරීමට ඇඳ අසල වූ කුඩා පෝටිකෝව මත වූ දුරකථනය අතට ගත් විට එය ක්‍රියා විරහිත වී ඇති බව දැක වහාම චාජරය ගෙන මේසය අසල වූ ස්විචයට සම්බන්ධ කොට රාක්කයේ වූ තුවාය ගෙන කල බලයෙන් වැසිකිළිය දෙසට ගමන් කිරීම සඳහා සිය කාමරයේ දොර විවර කළේය. අල්පොන්සු වැසිකිළිය දෙසට ඇවිද යමින් වෙනදා කුස්සිය දෙසින් සාලයට වැටෙනා ආලෝකය නොවීම පිළිබඳව ආතතියෙන් සිය මවද අද තවම අවදී වී නැති බවත්,