-
(0)
KMPH32 කොට කවි ශතකය – KMPH32 KOTA KAVI SHATAKAYA
යං ගස්
අපේ ගෙදරත් කංසා ගස්වල
පල දරන මල් පිපෙනවා
දහස්පෙතියා අහිංසක ගස්
රැකවරණයත් තියෙනවා පොලීසිය ළඟ දූලි ගාලා යාළුවොත් මෙහෙ වඩිනවා
හිපොප් රැප්වල සුවඳ අරගෙන
පෑන කොපුවක නිදනවාචින්තිලා ෆිල්ටිලා තවමත්
මිදුලෙ සක්මන් කරනවා
අනු අටකට බිව්ව ගල් එක
තුන් දාහ දැන් පයිනවා
Voice වල නම් පුංචි කෙල්ලෝ
මගේ සින්දුත් කියනවා
ගෙදර ආ ගිය සෙලිබ්‍රිටිස් ලා
බැණුම් අහ අහ නහිනවාRs. 600.00Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00. -
(0)
TOXIC ගර්භ විස (PRE ORDER)
කහ කිරිල්ලි ලොකු හුස්මක් ගන්න හැටි මං දැක්කා. ඒ එක්කම ආයෙමත් මෙහෙම ප්‍රශ්න කළා.
‘ ඒ මිනිහට ආදරේ නම් මොකටද ඒ මිනිහව මරන්නෙ…?’
ගැනියෙක්ට මිනිහෙක් මරන්න තියෙන්නෙ හේතු දෙකයි.
පළවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට වෛර කරන එක…. දෙවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට ආදරේ කරන එක….
කෙටි විරාමයකට පස්සෙ මං ආයෙමත් මෙහෙම කිව්වා.
දරා ගන්න බැරි තරම් මං එයාට ආදරේ කරන නිසා මට එයාව මරන්ඩ ඕන. මොකද එයා අයිති වෙන්න ඕන මට විතරයි..’Rs. 1,650.00Original price was: Rs. 1,650.00.Rs. 1,320.00Current price is: Rs. 1,320.00. -
(0)By : JACK HIGGINS
අබිරහස් සබ්මැරීනය – ABIRAHAS SBMERINAYA
සියල්ල ඇරඹුණේ, කැරීබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයා ගැනීමත් සමඟය.
ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැර්නය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයා ගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.
ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.
ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.
සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පොතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.
එබැවින්ම.
ඔහු ගෙන යන සටන ත්‍රාසජනකය;
ලොමුදැහැගන්වනසුලුය!
Rs. 1,800.00Original price was: Rs. 1,800.00.Rs. 1,620.00Current price is: Rs. 1,620.00. -
(0)
අබ්දුල් වෙන්න කලින් – Abdul Wenna Kalin
අපිට පස්සෙන් පියාඹන උං
ආයෙ හිරවිය යුතුද කොටුවල
තටු කපපු දුක අපි වගේ උං
ආයෙමත් ලිය යුතුද පිටුවල
ගොරව ගොරවා බලං ඉන්නවා
තමයි වටේම අඳුරු කරුවල
එහෙව් විටකදි ගින්දරක් මිස
එලිය මදි දුර ඈත තරුවලRs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00. -
(0)
අමාවක හස – Amawaka hasa
ඉතින් දකින්න ඕන කරපු දේ… මං ඇස් ඇරපු වෙලේඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙනහඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈතබලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ….මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිතිවෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකටආසාවෙන් හිර වෙලා.“මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්දඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට… මං අඬන්නදහිනාවෙන් පවිත්ර?”“ඒ දෙකම එපා”“එහෙනම්?”“මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ”Rs. 2,100.00Original price was: Rs. 2,100.00.Rs. 1,680.00Current price is: Rs. 1,680.00. -
(0)
අවසන් සෙබළා- AWASAN SEBALA
පුෂ්ප කුමාර නම් සැරයන්වරයා අණදෙන නිලධාරී හමුවේ කිසියම් ඉල්ලීමක් සිදු කළේය. ඔහු පසු දින ඇරඹීමට නියමිතක්‍රියා න්විතයේ මුලින්ම පස් බැම්ම තරණය කරන ඛණ්ඩයේ තීරණාත්මකම කාර්යභාරය සිදුකරන පුද්ගලයා විය.
“මට සර් එක්ක සිගරට් එකක් බොන්න ආසයි.”
සැරයන්වරයාගේ එම අනපේක්ෂිත ඉල්ලීම හමුවේ එහි සිටි සියලු දෙනා තුළ ඇති කළේ තිගැස්මකි. විශේෂයෙන්ම අණදෙන නිලධාරී ඉදිරිපිට දුම්වැටියක් පානය කිරීමට එහි සිටින නිලධාරීන් පවා ඉදිරිපත් නොවන තත්වයක් තුළ සැරයන්වරයාගේ එවැනි හැසිරීමක් ඔහුට තරම් නොවන බව සැමගේ අදහස විය. එසේම, එය අණදෙන නිලධාර්ගේ නිසැක උදහසට ද ලක්විය හැකි බැව් ඔවුහු සිතූහ. නමුත්, සිදුවූයේ අනෙකකි. සැරයන්වරයාගේ එම ඉල්ලීමට අණ දෙන නිලධාරී දැක්වූයේ නිහතමානී අනුකූලතාවයකි. හෙතෙම තමා සන්තකයේ වූ සිගරැට් පැකට්ටුව වහාම ඔහු වෙතදිගු කළේය. ඒ සමඟම එහි සිටි සෙසු පිරිසට ද සිගරැට්ටුව බැගින් ලබාදුන් ඔහු තමන් සතුව තිබූ ගිනිපෙට්ටියකින්ම සැරයන්වරයාගේ සිගරැට්ටුව දල්වා ලන්නට ද කටයුතු කළේය.
මෙවන් මොහොතක ඔහුගේ වම හැසිරීම පිළිබඳ අණදෙන නිලධාරී තුළ ඇති කළේ ව්‍යාකූලත්වයකි. ඉදිරි ක්‍රියාන්විතයේ පවතින නිසැක අවදානමේ තරම ඔහු හොඳින් දැන සිටියේය. සැරයන්වරයා තම ජීවිතය පිළිබඳ කිසියම් අවිනිශ්චිත පණිවුඩයක් ඒ හරහා ලබා දෙන්නේ දැයි ඔහුට සිතිණ. එබැවින් තවදුරටත් ඔහුව එම කටයුත්තට යොදවන්නට තරම් හිතක් අණදෙන නිළධාරී හට නොවීය. නමුත් ඒවන විට ක්‍රියාන්විතය සඳහා අවසන් නියෝග නිකුත්කර තිබූ පසුබිමක වම සැරයන්වරයා වෙනුවට වෙනත් අයකු ආදේශ කිරීමටද ඔහුට හැකියාවක් නොවීය.
එදින උදෑසන සිදුවූ ඉහත සිදුවීම පිළිබඳ මතක අණදෙන නිලධාරීන්ගේ සිත බලවත් සේ පෙළන්නට විය. ඒ වන විට ක් රියා න්විතය අවස න්ව ගතවී තිබුණේ හෝරාවකටත් අඩු කාලයකි. ස ට නෙහි ජයග්‍රහණය හ මුදා භ ට පිරිස වෙත හිමිව තිබුණ ද සමස්ථයක් ලෙස ඒ වෙනුවෙන් ගෙවූ වන්දිය සුළු පටු නොවීය. වෙ ඩි බෙ හෙත් සුවඳ මුසු වූ ගිනි ගැහුණු භූමියේ තැන තැන වැටී ඇති උණුසුම් රු ධි ර බිඳු ස ට නෙහි බිහිසුණු බව මැනවින් පෙන්නුම් කළේය. අණ දෙන නිලධාරී තම දෙපා අබිමුව වැහි කබායකින් එතු යමක් සෙමෙන් විවර කරන්නට වූයේය. සැරයන් පුෂ්ප කුමාරගේ අ ස ම්පූ ර්ණ සි රු රු කො ටස් එහි විය. පෙරදා තමා සමග ඔහු ඉරූ සිගරුට්ටුවේ සුවඳ ඒ මොහොතේ ද ඔහුගේ නැහැපුඩු අතරට දැනී නොදැනී යන්නට විය.Rs. 1,300.00Original price was: Rs. 1,300.00.Rs. 1,170.00Current price is: Rs. 1,170.00. -
(0)
අහංකාර කුමරි – AHANKARA KUMARI
රජු නපුරුය. ප්‍රචණ්ඩය. ඒ නිසාම ඩබ්රොස්කාවේ රධාක් රැජින, තම එකම දූ කුමරියව රැගෙන පැර්සියට පලා යන්නීය. පැරිසිය වටලෑමෙන් රැජිනටත්, ඉලෝනා කුමරියටත් අනන්ත දුක් විඳින්නට සිදුවෙයි. රැජින දුක්විඳිමින්ම මිය ගිය පසුව, පියරජතුමා කුමරියව ආපසු රටට කැඳවයි.
රජතුමාගේ අසාධාරණ පාලනය නිසා රටවැසියන් දෙපිල බෙදී සටන් කරන්නට සැරසී සිටින විටෙක, රුසියානුවන් රට යටත් කරගන්නට පැමිණෙයි. කළ හැක්කේ එකම දෙයකි… රජුගේ දූ කුමරියව සතුරු පාර්ශවයේ කුමාරයාට විවාහ කර දීමය…
කවදාවත් දැක නැති, නාඳුනන සාරෝස් කුමාරයාගේ අත ගන්නා මේ අහංකාර කුමරියට කුමක් සිදුවෙනු ඇතිද?
Rs. 1,100.00Original price was: Rs. 1,100.00.Rs. 880.00Current price is: Rs. 880.00. -
(0)
ඇසග හීනය – ESAGA HEENAYA
පොලීසිය තුළට යන විට තම ජිප් රථය තුළ සිටිය සංජනා අතුරුදහන්වීම රන්තුෂ්ව පුදුමයට පත් කරවන්න හේතුකාරක විය. රන්තුෂ් වහා සංජනා ජිප් රථය තුළ වාඩිවී සිටි පැත්තේ පැති දොර විවෘත කළේය. සංජනාගේ ඇඳුමේ තැවරී තිබූ මඩ මෙන්ම සංජනාගේ ඇගෙන් බේරුණු වතුරෙන් එම අසුන තෙත බරිත වි තිබුණි. එයට අමතරව අසුන මත ලේ බිංදු කිහිපයක්ද විය.
” අකලංක මේ බලපන් මචං, මං බොරුවක් නෙවී කියන්නෙ. තාමත් මේ සිට් එක තෙතයි. ලේත් හැලිලා, මඩත් තැවරිලා…”
” උඹ බොරු කියන්නෙ නැති බව මම දන්නවනෙ මචං, මෙතන අපි නොදන්න ලොකු සිරියස් කේස් එකක් තියෙනවා…… බණ්ඩාර ටක් ගාලා සර්ච් ටිම් එකක් දාලා මේ අවට ඉක්මණටම සර්ච් කරන්න…”
Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 800.00Current price is: Rs. 800.00. -
(0)By : KEN MOGI - කෙන් මොගි
ඉකිගායි – IKIGAI (සතුටින් දිගුකල් ජිවත්වීමේ ජපන් රහස්
ජපන් භාෂාවෙන් ඉකිගායි’ වශයෙන් හඳුන්වනු ලබන ජිවිතයේ සතුට හා ජීවිතයේ අර්ථය ඔනො මැනවින් වටහා ගෙන ඇත. “ඉකි ” යන්නෙන් ජීවිතය ද “ගයි” යන්නෙන් හේතුකාරණය ද අදහස් කෙරේ. ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය හේතුකාරණය ඉකිගායි ” යන්නේ අර්ථය වෙයි. ජීවිතය පවත්නේ කුමකටද? ඒ කාරණා සියල්ලක්ම ඊට ඇතුළත් වෙයි. එය ජපන් සංස්කෘතියේ හරය වෙයි. එය ඔවුන්ගේ ජීවන පිළිවෙත
Rs. 700.00Original price was: Rs. 700.00.Rs. 560.00Current price is: Rs. 560.00. -
(0)
ඉතින් මට සමාවෙන්න – Ithin Mata Samawenna
බැරිම හින්දා කවමදාවත්
ආයෙ ඔබ වෙත හැරෙන්න
කිසිත් කියන්න බෑ ඉතිං මට,
“සමා වෙනු මැන! ” ඇරෙන්න
ජීවිතේ තව බොහෝ දුර ඇති
අතරමග බෑ මැරෙන්න
ඔබත් ඔහොමම මගදි හමුවන වංගුවක් ළග හැරෙන්නRs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00. -
(0)By : Dan Brown
උල්කාශ්මයේ අබිරහස – ULKASHMAYE ABIRAHASA
ආක්ටික් අයිස් පරයක ගැඹුරේ වලලා තිබූ විස්මයජනක ලෙස දුර්ලභ වස්තුවක් නාසා චන්ද්‍රිකාවක් මගින් සොයාගත් අතර අදාළ අභ්‍යවකාශ ඒජන්සිය වැඩිදුර තහවුරු කරගැනීමකින් තොරව එය ඉතා වැදගත් ජයග්‍රහණයක් බව ප්‍රකාශ කරයි. හේතුව එය නාසා ප්‍රතිපත්තිවලට සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ගැඹුරු ඇඟවුම් සහිත එකක් වෙන නිසාය.
එම සොයාගැනීමේ නිරවද්‍යතාවය සත්‍යාපනය කිරීම සඳහා ධවල මන්දිරය, බුද්ධි විශ්ලේෂක රේචල් සෙක්ස්ටන්ගෙන් සහය ඉල්ලා සිටී. විශාරද මයිකල් ටොලන්ඩ් ඇතුළු විශේෂඥයින් කණ්ඩායමක් සමග ආක්ටික් අයිස් පරය වෙත යන රේචල් සිතාගත නොහැකි සාධක හෙළිකර ගනී. එම විද්‍යාත්මක ප්‍රෝඩා පිළිබඳ සාක්ෂි ලෝකයා මතභේදයට තුඩුදෙන දැවැන්ත රැවටීමකි.
නමුත් ඇය ඒ බව ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට පෙර රේචල්, මයිකල් සහ පිරිස ඝාතකයන් කණ්ඩායමක් විසින් සැඟවී සිට කරනු ලබන පහරදීමකට ගොදුරු වෙති. තම ජීවිත බේරා ගැනීම සඳහා පාළු හා බෙහෙවින් අනතුරුදායක භූමි ප්‍රදේශ ඔස්සේ පලායන ඔවුන්ගේ එකම අපේක්ෂාව වෙන්නේ මෙම දක්ෂ කුමන්ත්‍රණය, සියල්ලටම වඩා කම්පන සහගත රැවටිල්ල පසුපස සිටින්නේ කවුරුන්ද යන්න සොයා ගැනීමය.Rs. 2,400.00Original price was: Rs. 2,400.00.Rs. 2,040.00Current price is: Rs. 2,040.00. -
(0)
ඒ දවස් හරි වෙනස් – E Dwas Hari Wenas
ඉස්සෙල්ලා ම ඔහුට ඇයගෙ හීනි ඇගිලි තුඩු වල ස්පර්ශය දැනෙන්න ගත්තා. ඒත් එක්ක ම ඇඟිලි වලින් පටං ගත්තඋණුසුමක් මුලු ඇඟ පුරාම පැතිරෙන විදිහ ඔහුට දැණුනා. ඇගේ අත සිනිඳු වුණා වගේ ම උණුසුම් වුණා. ඒක ඔහුට ඇති කරේ ගුලිවෙලා නිදා ගැනීමේ වුවමනාවක්.මූට මේ මොකක් ද වුණේ වගේ ලුක් එකක් එක්ක ඇය ඔහු දිහාවට හැරුණා. මුකුත් නොකියම ඔහුත් ඇය දිහා බලාගෙන ඉඳලා තිබුණා. තත්පර දහයක් විතර ඔවුන් එකිනෙකා දිහා බලාගෙන ඉද්දි, ඔහුට ඇත්තට ම හැම දේම හොඳින් සිද්ධ වෙයි කියලා දැනෙන්න පටං ගත්තා. ඒ වගේ ම හැමදේම හොඳින් සිද්ධ වේවි කියලා ඔහු විශ්වාස කරන්න පටං අරගෙන තිබුණා.ඒත් එක්කම කඳවුරේ කෙළවරකින් කවුදෝ කෑගහනවා ඇහුණා.” සිරිමල් අයියා වැටිලා…”Rs. 2,000.00Original price was: Rs. 2,000.00.Rs. 1,700.00Current price is: Rs. 1,700.00. -
(0)By : Anuhas Viduranga
ඒතං මංගල මුත්තමං – Ethan mangala muththaman
කවරක් වුවද මානවයාට සමහර ගති උරුමයෙන්ම ලැබුණ ඒවා කවර රටක ජීවත් වුව ද ජාති ආගම්, කුල හෝ සංස්කෘතීන් බව මගේ හැඟීමයි. කතන්දර ඇසීම සහ කතන්දර කීම ද එවැනි වූ ලොව පුරා මානවයා, මානව පැටවකුව සිටියදී සිටම ප්‍රිය කරන දෙයකි. ලොව කොයි දේ කෙසේ වෙතත් ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයෝ සංස්කෘතියක් ලෙස ම පුංචි දා පටන් කතන්දර ඇසීමට සහ කතන්දර කීමට ප්‍රිය වෙති. මුතුබෙල්ලාගේ දුක්බර ජිවිත කතන්දරය, අප අතරින් සියයට අනුනවයක්ම අසන්නට ඇත්තේ තම තමන්ගේ ජීවිතවල පළමු දශකය තුළයි. මුතුබෙල්ලාගේ කටුව තුළට යන වැලි කැටයක් දිනෙක මිල අධිකම මුතු ඇටයක් බවට පත් වන තෙක් එම සත්ත්වයාගේ වේදනාවන් ගැන ශෝක වන අප මුතුබෙල්ලා විසින් වේදනා විද නිපදවන මුතු ඇට අප සන්තක කර ගැනීමට වෙර දරයි. එම මුතු බෙල්ලාගේ සෝබර ජීවිත කතන්දරයත් තවත් සිය ගණනක් කතන්දරත් රස විඳ ඇති අප, එම දුක්බර කතන්දර තුළ ඇති මහා බරසාර ජීවිත පාඩම් උගෙනීමට දැඩිව අපොහොසත් වී ඇත්තෙමු. මුතු බෙල්ලා යනු සොබා දහමේ අද්විතීය නිර්මාණයකි. සත්ත්වයාගේ වේදනාකාරි ජීවිතය තුළ නිපදවෙන මුතු ඇටය ද සොබා දහමේ ම අධි මිල නිෂ්පාදනයකි. මිනිසා ද සොබාදහමේ ම එතෙක් මෙතෙක් බිහි වූ අද්විතීය ම නිර්මාණය සේ සැලකෙයි. මුතු බෙල්ලාගේ ජීවිතය දෙස නිරීක්ෂණියව බලන් සිටීමෙන් රසවත් කතන්දරයක් නිර්මාණය කළේ. එය රස කරමින් කීවේ සහ කුතුහලයෙන් යුතුව අසා සිටියේ ද මිනිසා මය.
Rs. 650.00Original price was: Rs. 650.00.Rs. 520.00Current price is: Rs. 520.00. -
(0)
කා – KA
පෞරාණික ඊජිප්තු වාසීන්ගේ මිථ්යා ඇදහීම අතර මුල් තැනක් ගෙන තිබුණ දිව්යමය හාස්කම් සහ ඉන්ද්රජාලික බලය පිළිබඳ විශ්වාසය මෙම කෘතියේ තේමාව වෙයි.මෙහි දැක්වෙන චරිත අතර මුල් තැනක් ගන්නා පාරාවෝ කලක් පෞරාණික ඊජිප්තු දේශය පාලනය කළ අධිරාජයෙකි. දෙවියන්ගේ ආශීර්වාදයෙන් උපතලද පාරාවෝ අධිරාජයාගේ දූ කුමරිය නෙතර් තුවා (Neter Tua) නම් වූවාය. නෙතර් තුවා යන නාමය උදා තරුව (Morning Star) යන අරුත දෙයි.පුතුන් නොලද මහලු පාරාවෝගේ ඇවෑමෙන් ඊජිප්තු දේශය පාලනය කිරීමේ උරුමය ලද්දි නෙතර් තුවා දූ කුමරිය වූවාය. සුරූපී නෙතර් තුවා ඊට නොදෙවෙනි ව ප්රඥා සම්පන්න කුමරියක් ද වූවාය. පාරාවෝට සහ ඔහුගේ කිරුළ හිමි දූ කුමරියට ඔවුන්ගේ කිරුළ උදුරා ගැනීම සඳහා කුරිරු කුමන්ත්රණයක නිරත වෙමින් සිටි සතුරකුට මුහුණ දීමට සිදු වෙයි.පාරාවෝ පදවිය ලබා ගැනීම සඳහා එපරිද්දෙන් කටයුතු කරන ලද්දේ ඔවුන්ගේ ඥාතියකු ද වූ අබී (Abi) කුමරා විසිනි. ඔහු එවකට පාරාවෝ අධිරාජයා යටතේ ‘ මෙම පීස්’ පුරයේ පාලනය භාර ව කටයුතු කළේය. මෙම්පීස් පුරයෙන් සෑහිමට නොපත් අබී කුමරාගේ එක ම සිහිනය වූයේ පාරාවෝ ඇවෑමෙන් ඊජිප්තු සිහසුන මත හිඳ ගැනීමය. එම අභිප්රාය ඉටු කර ගැනීම සඳහා ඔහුට උපදෙස් සපයමින් ඔහුට පුරෝහිතකම් කරන ලද්දේ කකු (Kuku) නම් ඉන්ද්රජාලිකයා විසිනි.මේ අතර නෙතර් තුවා කුමරිය ඇය ළමා වියේ පටන් ඇසුරු කළ යොවුන් තරුණ සොල්දාදුවකු වන රමෙස් (Rames) සමඟ ප්රේමයෙන් බැඳුණාය. එහෙත් පාරාවෝගේ පැතුම වූයේ සිය දූ කුමරිය සොල්දාදුවකුට නොව රජ කුමරෙකුට විවාහ කර දීම ය.එම ගැටුම් පෙළ නිම වන්නේ කෙබඳු ඉරණමකින් ද යන්න මෙම ප්රබන්ධය තුළ දිග හැරෙන්නේ කියවන්න තුළ කුතූහලය වඩවමිනි. බොහෝ උදුරු වලට මුහුණ දෙමින් නෙතරේ තුවා කුමරිය අබී කුමරුට සහ කකු නම් ඉන්ද්රජාලිකයාට එරෙහි සටන ජය ගන්නා ආකාරය පෞරාණික ග්රීක හා මිසර දේව පුරාණයේ වෙනත් සමාන කතන්දර වෙතට ඔබ කැඳවාගෙන යයි.Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 800.00Current price is: Rs. 800.00. -
(0)
කෙල්ල – Kella
අම්මෝ ඇති යාන්තම්… ගමේම ඕපේ හොයන රොසලින් නැන්දා දළදා මාළිගාවට ඇවිත්. මං ඇමේලියාගේ විස්තර කිව්වේ දැන් ගිහින් ගමටම කියනවා කියලා දන්න නිසාමයි. මන් කියන හැම දේටම ඇමේලියා හරි ලස්සනට හිනා වෙලා හිටියා. රොසලින් නැන්දා හිතුවේ මං මේ සුද්දි එක්ක පටළැවිලා කියලා……මී මැස්සෝ රොන් උරමින් සිටි ඕලු මල් පොකුරක් මන් එයාට අරන් දුන්නා. මල් පොකුරත් එක්ක මට එයාගේ පිංතූරයක් ගන්නම ඕන වුණා. හිතේ පොඩි බයකුත් තිබුණා හැබැයි මන් ඇහුවා.
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00. -
(0)
ක්ලියෝපැට්රා එයා තමයි රැජින – Cleopatra Eya Thamai
ක්ලියෝපැට්රා භාෂා අංශයට ඇතුළු උනා.
එයාට දැනුනා පැපයිරස් කොළවල සුවඳ, සීතල පොළොව. භාෂා තුනකින් කැටයම්කර තිබුණු විසල් ආරුක්කුව පාමුල එයා නැවතුනා.
අහා මේන්න ඉන්නවා අපේ පාරාවෝගේ දූ කුමරිය.”
ක්ලියෝපැට්රා පොඩි කාලෙ ඉදන්ම අකැමැති උනා එයාට පාරාවෝගේ දුව, එහෙමත් නැතිනම් දොළොස්වැනි ටොලමිගෙ දුව කියල කියනවට එයා කැමති උනේ එයාට ක්ලියෝපැට්රා කියල කියනවට.Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,280.00Current price is: Rs. 1,280.00. -
(0)By : Y Perelmaan
ගණිත විනෝදය- Ganitha Vinodaya
” අද උදේ මම ලේනෙක් එක්ක හැංගිමුත්තන් සෙල්ලම් කළා ” විවේකාගාරයේ උදේ තේ පානය සඳහා වාඩි වු විවේකාලාභීන්ගෙන් එකෙක් පැවසීය. ” මේ ළඟ කැලේ තියෙන රවුම් එළිමහත් පිට්ටනිය දන්නවද? ඒ පිට්ටනිය මැද එකම ගහයි තියෙන්නේ. ලේනා හැංගුනේ ඒ ගහ පිටිපස්සේ. කැලේ සිට පිට්ටනියට එනකොටම මම දැක්කා ලේනා ගහේ කඳ පිටිපස්සේ සිට උගේ දිලිසෙන ඇස් දෙකෙන් මා දිහා බලාගෙන ඉන්නවා. මම දැක්කේ උගේ මුහුණ විතරයි. ලේනා හොඳ හැටි බලාග. න්න මම ඌට කිට්ටු නොවී පිට්ටනිය අයින දිගේ ගහ වටේට ගියා. හතර වතාවක්ම මම ගහ වටේ ගියා. මම දැක්කේ ලේනාගේ මුහුණ විතරයි. කොහොමටත් මට ලේනා වටේ යන්ට බැරි වුණා.” ” එහෙත් ඔබ කීවා නේද ගහ වටේ හතර වතාවක් ගියා කියලා ” තේ මේසයට වාඩි වී සිටි එකෙක් විරුද්ධත්වය ප්‍රකාශ කළේය. ” ගහ වටේ මිස ලේනා වටේ නොවෙයි.” “ලේනා හිටියේ ඒ ගහේ? ” ” ඉතින් ?” ” ඒ කියන්නේ ඔබ ලේනා වටේත් කැරැකුණා.” ” හොඳයි කැරැකුණා ! ලේනාගේ පිට එකවතාවක්වත් දැක්කේ නැහැ.'” ” පිට මොනවටද? ලේනා හිටියේ මැද. ඔබ වටේට කැරැකුණා. ඒ කියන්නේ ඔබ ලේනා වටෙත් කැරැකුණා.” ” කොහොමටත් එහෙම නොවෙයි. මම ඔබ වටේ යනවා කියලා හිතන්න. ඔබත් හැම වේලාවේම මට මූණ පා ඉන්නවා. ඔබේ පිට මට පෙනෙන්නේ නැහැ. ඔබ හිතන්නේ මම ඔබ වටේ කැරැකුණා කියලද? ” ” ඇත්ත වශයෙන්ම එහෙම තමා. වෙන කොහොමද? ” ” එක වතාවක්වත් ඔබේ පිට පැත්තට යන්නේ නැති නම්, ඔබේ පිට දකින්නේ නැති නම්, මම ඔබ වටේ කරකැවෙනවාද? ” ” පිටේ තේරුමක් නැහැ ! ඔබ මා වටේ රවුමක් කරකැවිලා හිටපු තැන – ටම ආවා. ඒ නිසයි ඔබ මා වටේ කරකැවුණා කියන්නේ. මගේ පිට දැකීම නොවෙයි.” ” ඒ කොහොමද ? වස්තුවක් වටේ කරකැවෙනවා කීමේ තේරුම කුමක්ද? මා හිතන හැටියට එයට එකම තේරුමයි දෙන්න පුළුවන්: එනම් වස්තුව සෑම දිසාවකින්ම බලාගත හැකි වන සේ අනුක්‍රමයෙන් එය වටා යෑමයි. සත්‍යය එය නෙවද මහාචාර්ය තුමා ” වාද කරන්නා තේ මේසයට වාඩි වී සිටි මහල්ලෙකුගෙන් විතාළේය. ” වාදය කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් වචන පිළිබඳවයි ” විද්‍යාඥයා පිළිතුරු දුන්නේය. ” මේ වගේ අවස්ථා වලදී මුල සිටම පටන්ගත යුතුයි: අපි වචන වල අර්ථය ගැන එකඟත්වයකට පැමිණිය යුතුයි. ” වස්තුවක් 15
Rs. 650.00Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00. -
(0)
ගාසා තීරයේ ජන ඝානනය – Gasa Thiraye Jana Gathanaya
ඊශ්‍රායෙල පලස්තීන ප්‍රතිපත්තියේ ගාමක බලය වන මතවාදය නිවැරදිව හඳුනා නොගන්නේ නම් පලස්තීනුවන් හෝ යුදෙව්වන් හෝ අන් සියළු දෙනාම ආරක්ෂා වන්නේ නැත. ඊශ්‍රායෙලයේ ප්‍රශ්නය එහි යුදෙව් ආගම නොවේ. යුදෙව් ආගමේ මුහුණුවර කීපයක්ම ඇති අතර ඒ බොහොමයක් සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට ශක්තිමත් පදනමක් සපයයි. යුදෙව් ආගමෙන් දැක්වෙන බහුත්ව අවකාශය විශේෂයෙන්ම පලස්තීනුවන්ට ලබා නොදෙන්නේ සයන්වාදයේ වාර්ගික ස්වරූපයයි. පලස්තීනුවන් කිසි විටෙකත් සයන්වාදී රාජ්‍යයේ සහ අවකාශයේ පාර්ශ්වයක් නොවනු ඇත. ඔවුන් දිගටම සටන් කොට අප පතන ආකාරයට බොහෝ විට සාමකාමීව, ජයගනු ඇත. එසේ නොවන්නේ නම් එය නිර්දය පළිගැනීමේ සුළි සුළඟක් මෙන් අරාබි සහ මුස්ලිම් ලෝකය පමණක් නොව මහ බලවතුන් වන එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ද ඇද බැඳ ගන්නා, අවසානයේ දී අප සියල්ලන්ම දවාලන මහා චණ්ඩ මාරුතයක් විය හැකිය.
Rs. 960.00Original price was: Rs. 960.00.Rs. 768.00Current price is: Rs. 768.00. -
(0)
ගිනි – GINI
රෑට තාත්තාත් මාත් නිදා ගන්නේ ගුහාවේ දොරකඩය. ඒ, වන සතුන් ගුහාවට රිංගීම වැළැක්වීමටය. අම්මා නංගිලා සමග ඇතුළේ මුවහම මත නිදා ගත්තාය.
” මගෙත් ඇඟ ටිකක් සීත කරනවා වගේ හුළං වදින කොට අමාරුයි.” තාත්තා කීවේය.
මම ඔහුගේ ඇඟට අත තබා බැලුවෙමි. ඔහුට ද උණ ගැනී තිබිණි. අව්වේ වෙහෙසීමෙන් පසුව ඔහු මාළු ඇල්ලීමට බොහෝ වේලා වතුරේ සිටියේය.
” තාත්තා ඇතුළට ගිහින් නිදාගන්න. මම මෙතන ඉන්නම් “Rs. 650.00Original price was: Rs. 650.00.Rs. 520.00Current price is: Rs. 520.00. -
(0)
ගුප්ත දඩබිම – GUPTHA DADABIMA
මෙනරදෙණිය ගමට උඩින් වැහි බන්ධනයක් දාලා තියෙනවා. ඔය වැහි බන්ධනයට ඉහළින් ආකහේ ඕන තරම් වැහි වලාකුළු තියෙනවා. කොච්චර ගැබ්බර වලාකුළු තිබ්බත් වැහි බන්ධනය හින්දා ආකයෙන් පොළොවට එක වැහි කඳුළක් වැටෙන්නේ නෑ. වැස්ස නැතුව ගියහම මිනිස්සුන්ට විතරක් නෙවෙයි, සතා සීපාවටත් ගම දාල යන්ඩ වෙනවා. සුන්නියට ඕන වුණේ ගම පාළු කරගන්ඩ. අග්නි යාගෙ කරන්ඩ පුළුවන් ඊට පස්සෙ. අග්නි යාගෙ හරියට කෙරුවොත් දැනට සුන්නියගෙ ශරීරය බාගයක් බුක්ති විඳින ඒ අමනුෂ්ය ආත්මය සම්පූර්ණයෙන් ඒ ශරීරය බුක්ති විඳින්න පටන් ගන්නවා… ඒ වැඩේ නතර කරන්න ඕන.. මේ විශ්වයේ යහපතට වගේම අයහපතටත් උදව් කරන ශක්තීන් ඉන්නවා.. මේ මහපොළව උඩ යහපත ආරක්ෂා කරන ශක්තීන් ඔය ගැටුමෙදි සුන්නියයි එයාගෙ අඳුරේ බලයයි පරාද කරන්න උදව් කරාවි.
Rs. 1,850.00Original price was: Rs. 1,850.00.Rs. 1,480.00Current price is: Rs. 1,480.00. -
(0)
ගේට්ටුව ළඟ නතර කළ රථය – GETTUWA LAGA NATARA KALA RATAYA
අප ජීවත් වන්නේ කෙටිකතාවලින් පිරුණු ලෝකයක යැයි, මෙහි කතුවරයා, තම පෙරවදනෙහි ලා සඳහන් කරයි. වසර දහයකට ආසන්න කාලයක් පුරා, ඒ අතරින් තෝරා ගත් කතා දහයකින් ඔහු අපට සංග්‍රහ කර ඇත. ඒ අතර විවිධ අධ්‍යයන රටා දක්නට ඇති අතර, ඇතැම් කතා තුළ, ඔහු මීට පෙර පළ කළ කෙටිකතා කෘති පහේදී මෙන්ම, අතිසත්වාදී ශෛලියද භාවිත වෙයි. සමකාලීන මනුෂ්‍යයා, පෙළෙන සාංකාව, හුදෙකලාව, අපේක්ෂා භංගත්වය. මෙම කතා පෙළෙහි සියුම් හුයක් සේ දිව යනු පෙනේ. කතුවරයා ඉන්, පාඨක සිත් සසල කරවන නමුදු, අවසානයේ උපදවනුයේ ජිවිතාවබෝධය හා මානව භක්තියයි.
Rs. 650.00Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00. -
(0)
ජාතිවාදය ඇවිස්සු ගර්භාෂ යුද්ධය- JATHIWADAYA EVISSU GARBHASHA YUDDHAYA
ඕනෑම බොරුවක සැබෑව කිනම් දවසක හෝ හෙළිදරව් වීම නොවැළැක්විය හැක්කකි. බොරුවක් නිරන්තරයෙන් රැක ගැනීමට කරනු ලබන උත්සාහයද, රබර් බෝලයක් අතින් දිය යට සඟවා තැබීමට කරනු ලබන උත්සාහයකට දෙවෙනි නොවේ.
කුරුණෑගල රෝහලේ ප්‍රව හා නාරිවේද අංශයේ ජ්‍යේෂ්ට වෛද්‍යවරයෙකු වන වෛද්‍ය සේගු ෂියාදීන් ෂාෆි විසින් ‘ මව්වරුන්ට සිදු කරනු ලබන සිසේරියන් සැත්කම්වලදී, සැත්කමට බඳුන් වෙන කාන්තාවන් හොර රහසේ වන්ධ්‍යාකරණයට ලක් කරන්නේය’ යන චෝදනාව ආරම්භ වූයේ කුරුණෑගල රෝහලෙනි.
පසුව මෙයට ශ්‍රී ලංකා පොලිසිය ද එක් වූයේය. දිනපතා ‘දිවයින’ පුවත්පත ඔස්සේ මේ ව්‍යාජ සිද්ධිය පළ කරන ලද්දේ මැනවින් පලිප්පු දමමිනි.
මේ සමගම දේශපාලනඥයන් වන විමල් වීරවංශ මහතා හා අතුරලියේ රතන වැනි ආගම්වාදී භික්ෂූන්ද එකී ගින්නට පිදුරු දමමින්, එය ‘ගර්භාෂ යුද්ධයක්’ බව පැවසූහ. මෙම තොරතුරෙන් සිංහල ජාතිය කළඹවන්නට කැස කැවුවත්, කුමක් හෝ හේතුවක් නිසා එය ඔවුනට කර ගැනීමට නොහැකි විය.
මෙම සිද්ධියේදී ඇතැම් පුවත්පත් සහ රූපවාහිනී මාධ්‍ය ඊට උඩගෙඩි දීම කනගාටුවට කරුණකි.
(කර්තෘගේ සටහන)Rs. 700.00Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00. -
(0)
දිස්පරයු – Disparue
ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ නවතම කෘතිය #දිස්පර්යු 12. 12. 12 ට වසර පහකට පසුව නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම යළිත් පරීක්ෂණයක……
2019 වසරේ ජුනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය.
තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදහ්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය නොදී, ඒ අයුරින් අතුරුදන් විය.
තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද? දින දෙකක් පුරාවට දිගහැරෙන,
තාදී සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානි. නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම තාදි සමරසිංහ අබ‍්‍රහස කෙසේ විසඳහු ඇත්ද?Rs. 1,750.00Original price was: Rs. 1,750.00.Rs. 1,575.00Current price is: Rs. 1,575.00. -
(0)
නිල් නිවුන්නු – Nil Niwunnu
තමන් මොන එකකට එක් නිවුන් දැරීයක් තියාගත්තාද?
දැන් එය විශාල ප්‍රශ්නයක් වී ඇත. එක් දැරියකගෙන් නම් නිදහස්ය. අනෙක් දැරීයගෙනුත් නිදහස්වීමට කාලය එළඹ ඇත.
ඇන්ජි වෑන් රථයේ පිටුපස කොටසේ බිම දැරියව හාන්සි කෙරුවාය. අනතුරුව වෑන් රථයට නැග එය පණ ගන්වාගෙන ජැටියට යන පටු මාවත දිගේ ඉදිරියට පැදවූවාය. චම පටු මාවත කෙළවර වන්නේ ජැටියෙනි. මේ කාලයට එය වසා ඇත. එය ආශීර්වාදයකි. එතැන මුහුද දැඩි සේ ගැඹුරුය. වෑන් රථය, මාවතේ කෙළවරට ආසන්න වෙත්ම තමන් රියදුරු අසුනෙන් පැන ගත යුතුය. එවිට වෑන් රථය, දැ රී යත් සම ගම මු හු දු ප ත්ල සිප ගන්නවා ඇත.වෑන් රථය වේගයෙන් මුහුද දෙසට ඇදී යයි.
ඉතිරිව ඇත්තේ තත්පර ගණනකි. ඇන්ජි වාහනයේ දොර විවර කරන්නට සැරසුණාය.Rs. 1,400.00Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00. -
(0)
නොහදුනන ලින්කන් Nohadunana Lincoln – Lincoln the unknown
එදවස හැඩ්ස්බර්ග් හඳුන්වනු ලැබූවේ, හැරඩ්ෆෝට් යන නමිනි. ඈන් මැක්ගිනිටි එහි වාසය කළ කාන්තාවකි. පැරැණි ඉතිහාසඥයන්ගේ වාර්තා වලට අනුව පළමු වරට රෙදි විවීමේ යන්ත්‍රයක්, තාරාවුන් සහ ඌරන්, කෙන්ටකී ප්‍රාන්තයට ගෙන ආවේ ඈන් සහ ඇගේ සැමියා බව ය. අඳුරු රමණීය වනගත පෙදෙසක් වූ එහි බටර් සැදීමට දත් එක ම කාන්තාව ඈන් බව ඉතිහාසඥයෝ වැඩි දුරටත් පවසති. එහෙත් ඇත්ත වශයෙන් ම ඇය ආර්ථිකව ශක්තිමත් වූයේ, රෙදිවලින් ප්‍රාතිහාර්යයන් පෑම නිසා ය. ගුප්ත ඉන්දියානු රටවල්වල වැවෙන කපු එහි නොවැවෙන අතර, ගෙන්වීම ද නොකරයි. ලී ඉරන්නෝ, බැටළුවන් මරා දමති. මරා දමන ලද බැටළුවන්ගේ ලෝම වලට අමතර ව කිසිවක් ඇඳුම් මැසීම සඳහා සොයා ගැනීම අසීරු වේ. නිර්මාණාත්මක සුහුරු බවක් ඇති ඈන් මැගිනිටි, නූල් කටින්නට සොයාගත් අතර, එමඟින් මැගිනිටි රෙදි නිමැවුවා ය. මේ රෙදි නිපදවීම සඳහා යොදාගත් අමුද්‍රව්‍යයන් වන මිහරකුන්ගේ කෙඳි සහ ගසකින් ගනු ලැබූ තුනි කෙඳි බහුල සහ ලාබ විය. එය අපූරු සොයාගැනීමකි. සැතපුම් සිය ගණන් දුර බැහැර ගෙවා, ඇගේ දැව පැලට පැමිණි ගැහැනු මේ නව කලාව උගත්තෝ ය. රෙදි වියන අතරතුර, ආගිය තොරතුරු කථා කළෝ ය. ඔවුහු. නිතරම ගස් කෙඳි හෝ මීමුන්ගේ ලෝම ගැන කථා නොකළහ. නිරන්තරව ඔවුන්ගේ සංවාදන්, ඕපාදුපයන් බවට හැරුණි. ප්‍රජාවේ තොරතුරු සන්නිවේදනය වන ඕපාදූප පතුරුවන මධ්‍යස්ථානයක් බවට, ඈන් මැක්ගිනිටිගේ දැව ගෘහය පත් විය.
Rs. 1,650.00Original price was: Rs. 1,650.00.Rs. 1,320.00Current price is: Rs. 1,320.00. -
(0)By : Melissa Wiley
පටු මඟෙහි කුඩා නිවහන – PATU MAGEHI KUDA NIWAHAN
අම්මාත්. මමාත්, චාලට් හා ලිඩියාත් සාමාන්‍ය ගමනට බිමනට පලඳින හිස් වැසුම් සහ උණුසුම් ලොම් කබා ඇඳගෙන පිටත මඩුව හරහා එළි මහනට ඇවිද එන විට ටයිඩ්මිල් පටු මඟෙහි පිහිටි නිවහන කළුවර වෙලා ගනිමින් පැවතිණි. අම්මාගේ එක් අතක රැදුණු පයි බඳුනක් සහිත කුඩයකි. අළු පැහැ කබායක් ඇඟ වටා දවටනු ලැබූ බිලිඳිය, මෙරි, අම්මාගේ ඇකයෙහි උණුහුම්ව සිටියාය. වෙනදා මෙන් ඇය නලියමින් බිමට බසින්නට තැත් කළේ නැත. ඇගේ සිඟිති මුහුණ සැප පහසු ලොම් ඇඳුමෙහි නැමුම් අතරින් එබී බලමින් තිබිණි. චාලට් සහ ලිඩියා ගෙල ළඟට යනතුරු කබා තද කර ගත්හ. සීත සුළඟක් හැමුවේය. අහුමුළු වලින් රිංගා ආ. ඒකාකාරව හැමූ තුනී සුළං රැළි චාලට්ගේ කනට කොදුරන්නට විය. සරත් සමය ඇවිත් එය කීවේ ය. සිත කාලෙත් ළඟම ඒවි.
තාත්තා සහ පිරිමි ළමයි එවිටම පිදුරු මඩුවේ සිට පිටතට ආහ. තාත්තා අත තිබූ ලත්තෑරුමේ එළියෙන් ඔවුන්ගේ රත් පැහැ ගැන්වුණු නැහැයවල් සහ කන් චාලට්ට පෙනිණ. ඇගේ සහෝදරයන් දෙදෙනා, ලුයිස් සහ ටොම් අත්වලට පිඹිමින් ඒවා එකිනෙක අතුල්ලමින් සිටිති.
Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 720.00Current price is: Rs. 720.00. -
(0)
පුංචි පහේ අම්මලාට – PUNCHI PAHE AMMALATA
1979 එක සීතල උදෑසනක, “ලොක්කේ…” අප්පච්චීගේ බර, මෘදු හඬින් මම අවදි වීමි.
අම්මා පිසූ කිරිබතේ සුවඳින් ගේ පිරී තිබිණි.
අලුත් සුදු කමිසයට, පරණ නිල් කලිසමට
අලුත් කළු සපත්තු එක්ව තිබුණි.
වෙනදා නැති ආඩම්බරයකින් මම අප්පච්චීත් එක්ක කුඹුරු යාය මැදින් විභාග මධ්‍යස්ථානයට ගියෙමි.
” හොඳට ලියන්ට ඈ…… ඔයාට පුළුවන්….”
අප්පච්චී මගේ හිස අතගෑවේ, මා කෙරෙහි තිබූ විශ්වාසයෙනි. විභාගය ඇරඹිණි. මා කිසිදා දැක නැති තරම් ලොකු
නැවුම් සුවඳැති ප්‍රශ්න පත්තරයක් ලැබිණි. ලිව්වෙමි.
විභාගය අවසන් වී ආවත් කිසිවෙක් ලිව්වේ මොනවද කියා ඇසුවේ නැත.
ප්‍රතිඵල එනතෙක් කුරුල්ලෙකු මෙන් නිදහසේ සිටියෙමි.
ප්‍රතිඵල ඉස්කෝලෙට ලැබී තිබුණි!Rs. 650.00Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00. -
(0)
බාලාංශේ 2 – ටික ටික වැඩිහිටි ( Pre Order)
පොඩ්ඩා හෙනම සීන් එක දානවා සහ මගේ නහය මිරිකන්න හදනවා.
කනෙන් අල්ලන්න හදනවා, කෙල පිඹිනවා.
“බෲශ්…” ගාලා
නිකම් පාරේ යද්දි කෙසෙල් කැනක් දැක්ක
අලියෙක් වගේ හැසිරීම, මමත් ඉතින් දරුවාට
ආදරේ විදිහට පුළුවන් තරම් බේරිලා ඉන්නවා
පොඩි මෑන්ගෙන්,බස් එකේ මිනිස්සුන්ටත් ඉතින් කරන්ඩ
වැඩකුත් නෑනේ සීට් වල උඩට නමල තියෙන
ඇළුමිනියම් පොල්ල අල්ලාගෙන සහ උඩ
එල්ලිලා දරුවා සහ අසරණ තරුණයා ෆිල්ම් එක
බල බලා හිනා වෙවී යනවා
කොහොමහරි පොඩි එකා හොඳට හරිබැරි ගැහිලා“චාච්චා…”
කියලා කෑගහපි බස් එකටම ඇහෙන්ඩ
මුළ බස් එකම එක හිනා හඬයි සහ ඒ අක්කටත් හිනා
ඒ අක්කට කරගන්ඩ දේකුත් නෑ
මම ඒ දරුවාගේ තාත්තා වෙන්න තියා ජීවිතේට ඒ අක්කාව දැක්කෙත්
එදා, මට එවෙලේ ජනේලෙන් පැනලා පයින් ඩිස්පැන්සරියකට ගිහිල්ලා
ඒ පැන්න එකෙන් වුණ තුවාල වලට බේත් දාගෙන ආයෙ ක්ලාස් යන්න
හිතුණා ප්‍රෙන්ස්…Rs. 1,400.00Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00. -
(0)
භූතෝන්මාදය සහ තවත් අද්භූත කතා
භූතෝන්මාදයහිස සුන් මළකඳු අතවනයි!මඟ පෙන්වන්නාඅසුබ තෙර නිමිනිගොළුමඩමේ අබිරහසසෙලවෙන මනසඅන්හළ නොහැකි බැඳීම්Rs. 890.00Original price was: Rs. 890.00.Rs. 712.00Current price is: Rs. 712.00. -
(0)
මගේ ආදර අවනඩුව – Mage aadara awanaduwa
මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප්‍රාකාර හෝරා යන්ත්‍රය සිත් නෙත් සිත් නෙත් සිත් නෙත් හඩ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි. දෙදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන් මෙතැන ගොළුය. පැමිණිලි කුඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය. එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ වීණාවක තත්වලිනි. මා මුව ද ගොළුව ඇත පෙනෙන්නතෙක් මානයෙහි දිය පොදක් නැත එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි, මක්නිසාදයත් අමපැන් ඉල්ලා හළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට තිබේ. මේ පූර්විකාව තවත් දීර්ඝ කො කරමි කිසිදා නොදුටු නාදුන ඔබ දැන් විනිසුරු අසුනට යා යුතුය. එක් ඉල්ලීමක් පමණක් කරමි. මා නිදොස් කොට නිදහස් නොකරන්න එසේ කළ ද සදාකාලික හෘද සිපිරිගෙයක මා සිර වෙමි මෙතැන් සිට මේ ප්‍රේමණිය උසාවිය ඔබට බාරය.
මේ මගේ ආදර අවනඩුව !
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 1,080.00Current price is: Rs. 1,080.00. -
(0)
යක්ෂයා අපාගත වෙයි – YAKSHAYA APAGATHA WEI
රසල් සහ ඩැල්රින් ඉන්ග්‍රම් අඹුසැමියන් දෙදෙනාම රැකියා විරහිතය. එසේම ඉඳුම් හිටුම් පවා අහිමි වී යන අවස්ථාවක මැතිව් පීරිස් නම් භාරකාරවරයා ව්සින් රැකියා ලබාදී, වාසය සඳහා නිවසද ලබා දෙයි. එහි මුලින් හැඟුනේ එය වෙත පැමිණි ආශිර්වාදයක් විලසිනි. යම් දෙයක් කලක් ගත වීමට පෙර රසල් මුහුණ දෙන්නේ, එසේම මාරාන්තික රෝගයකටය. ඔහු ප්‍රමාද වූවා වැඩිය. ඔහු ගොදුරක් බවට පත්වෙයි.
පුරුද්දට මිණි මරන්නෝ එකකින් හෝ දෙකකින් එම පුරුද්ද නතර නොකරති. නියමිත මරණයට පත්වන්නේ භාරකරුගේම බිරිඳ. මේ සියල්ල පවතින ප්රසිද්ධ නිවසක් තුළ තිබේ. සමහර විට ප්‍රථම වතාවට මෙවැන්නක් මුළු ලෝකයෙන්ම සිදුවූයේ ශ්‍රී ලංකාවේ විය හැකිය. ඔවුන් මරණයට පත් කරන්නේ සූක්ෂම ආකාරයෙන්, සිතාගත නොහැකි වීම, යම් දෙයක් නොතිබූ අලුත් පන්නයකට නොවේද?
Rs. 1,400.00Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00. -
(0)
රන් දෝණි – Ran Doni
2019 දී බලහත්කාරයෙන් කාන්තාවන් වඳභාවයට පත් කළ බවට බොරු චෝදනා එල්ල වූ වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆිගේ දියණියගේ කතාව පවසන “රන් දෝනි” පොත අඟහරුවාදා (30) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එළිදැක්විණි.
ප්‍රවීණ මාධ්‍යවේදී සුරංග සේනානායක විසින් රචිත මෙම පොත, එම දුෂ්කර කාලය තුළ සහ ඉන් පසුව වෛද්‍ය ෂාෆිගේ පවුල මුහුණ දුන් අභියෝග විස්තර කරයි.
Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 810.00Current price is: Rs. 810.00.
-
අමාවක හස – Amawaka hasa
Original price was: Rs. 2,100.00.Rs. 1,680.00Current price is: Rs. 1,680.00.ඉතින් දකින්න ඕන කරපු දේ… මං ඇස් ඇරපු වෙලේඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙනහඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈතබලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ….මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිතිවෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකටආසාවෙන් හිර වෙලා.“මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්දඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට… මං අඬන්නදහිනාවෙන් පවිත්ර?”“ඒ දෙකම එපා”“එහෙනම්?”“මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ” -
නිල් නිවුන්නු – Nil Niwunnu
Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00.තමන් මොන එකකට එක් නිවුන් දැරීයක් තියාගත්තාද?
දැන් එය විශාල ප්‍රශ්නයක් වී ඇත. එක් දැරියකගෙන් නම් නිදහස්ය. අනෙක් දැරීයගෙනුත් නිදහස්වීමට කාලය එළඹ ඇත.
ඇන්ජි වෑන් රථයේ පිටුපස කොටසේ බිම දැරියව හාන්සි කෙරුවාය. අනතුරුව වෑන් රථයට නැග එය පණ ගන්වාගෙන ජැටියට යන පටු මාවත දිගේ ඉදිරියට පැදවූවාය. චම පටු මාවත කෙළවර වන්නේ ජැටියෙනි. මේ කාලයට එය වසා ඇත. එය ආශීර්වාදයකි. එතැන මුහුද දැඩි සේ ගැඹුරුය. වෑන් රථය, මාවතේ කෙළවරට ආසන්න වෙත්ම තමන් රියදුරු අසුනෙන් පැන ගත යුතුය. එවිට වෑන් රථය, දැ රී යත් සම ගම මු හු දු ප ත්ල සිප ගන්නවා ඇත.වෑන් රථය වේගයෙන් මුහුද දෙසට ඇදී යයි.
ඉතිරිව ඇත්තේ තත්පර ගණනකි. ඇන්ජි වාහනයේ දොර විවර කරන්නට සැරසුණාය. -
නොහදුනන ලින්කන් Nohadunana Lincoln – Lincoln the unknown
Original price was: Rs. 1,650.00.Rs. 1,320.00Current price is: Rs. 1,320.00.එදවස හැඩ්ස්බර්ග් හඳුන්වනු ලැබූවේ, හැරඩ්ෆෝට් යන නමිනි. ඈන් මැක්ගිනිටි එහි වාසය කළ කාන්තාවකි. පැරැණි ඉතිහාසඥයන්ගේ වාර්තා වලට අනුව පළමු වරට රෙදි විවීමේ යන්ත්‍රයක්, තාරාවුන් සහ ඌරන්, කෙන්ටකී ප්‍රාන්තයට ගෙන ආවේ ඈන් සහ ඇගේ සැමියා බව ය. අඳුරු රමණීය වනගත පෙදෙසක් වූ එහි බටර් සැදීමට දත් එක ම කාන්තාව ඈන් බව ඉතිහාසඥයෝ වැඩි දුරටත් පවසති. එහෙත් ඇත්ත වශයෙන් ම ඇය ආර්ථිකව ශක්තිමත් වූයේ, රෙදිවලින් ප්‍රාතිහාර්යයන් පෑම නිසා ය. ගුප්ත ඉන්දියානු රටවල්වල වැවෙන කපු එහි නොවැවෙන අතර, ගෙන්වීම ද නොකරයි. ලී ඉරන්නෝ, බැටළුවන් මරා දමති. මරා දමන ලද බැටළුවන්ගේ ලෝම වලට අමතර ව කිසිවක් ඇඳුම් මැසීම සඳහා සොයා ගැනීම අසීරු වේ. නිර්මාණාත්මක සුහුරු බවක් ඇති ඈන් මැගිනිටි, නූල් කටින්නට සොයාගත් අතර, එමඟින් මැගිනිටි රෙදි නිමැවුවා ය. මේ රෙදි නිපදවීම සඳහා යොදාගත් අමුද්‍රව්‍යයන් වන මිහරකුන්ගේ කෙඳි සහ ගසකින් ගනු ලැබූ තුනි කෙඳි බහුල සහ ලාබ විය. එය අපූරු සොයාගැනීමකි. සැතපුම් සිය ගණන් දුර බැහැර ගෙවා, ඇගේ දැව පැලට පැමිණි ගැහැනු මේ නව කලාව උගත්තෝ ය. රෙදි වියන අතරතුර, ආගිය තොරතුරු කථා කළෝ ය. ඔවුහු. නිතරම ගස් කෙඳි හෝ මීමුන්ගේ ලෝම ගැන කථා නොකළහ. නිරන්තරව ඔවුන්ගේ සංවාදන්, ඕපාදුපයන් බවට හැරුණි. ප්‍රජාවේ තොරතුරු සන්නිවේදනය වන ඕපාදූප පතුරුවන මධ්‍යස්ථානයක් බවට, ඈන් මැක්ගිනිටිගේ දැව ගෘහය පත් විය.
-
මගේ ආදර අවනඩුව – Mage aadara awanaduwa
Original price was: Rs. 1,200.00.Rs. 1,080.00Current price is: Rs. 1,080.00.මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප්‍රාකාර හෝරා යන්ත්‍රය සිත් නෙත් සිත් නෙත් සිත් නෙත් හඩ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි. දෙදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන් මෙතැන ගොළුය. පැමිණිලි කුඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය. එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ වීණාවක තත්වලිනි. මා මුව ද ගොළුව ඇත පෙනෙන්නතෙක් මානයෙහි දිය පොදක් නැත එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි, මක්නිසාදයත් අමපැන් ඉල්ලා හළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට තිබේ. මේ පූර්විකාව තවත් දීර්ඝ කො කරමි කිසිදා නොදුටු නාදුන ඔබ දැන් විනිසුරු අසුනට යා යුතුය. එක් ඉල්ලීමක් පමණක් කරමි. මා නිදොස් කොට නිදහස් නොකරන්න එසේ කළ ද සදාකාලික හෘද සිපිරිගෙයක මා සිර වෙමි මෙතැන් සිට මේ ප්‍රේමණිය උසාවිය ඔබට බාරය.
මේ මගේ ආදර අවනඩුව !
































