-
(0)
“අරණකට පෙම් බැඳ”
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.මුකුත් නෑ. මේ මල් ඇට වගයක්.
මම පුදුමයට පත්වීමි. මොහු හිටවන්නේ කුමන මල් ඇට වර්ගයක්ද? -
(0)
“විස්මිත දොස්තර”
Rs. 1,250.00Original price was: Rs. 1,250.00.Rs. 1,125.00Current price is: Rs. 1,125.00.බලාපොරොත්තුවක් නොමැති සිතකට බලාපොරොත්තුවක් රැගෙන එමින් ස්නායු ශල්‍යකර්මයන් තුළ අපුරු හැකියාවන් පාන්නකු ලෙස වෛද්‍ය බෙන් කාර්සන් ලොව පුරා ප්‍රකටව සිටී. නගරයක දිළින්දකු ලෙස හැදී වැඩුණු ළමා කාලයේ සිට වයස අවුරුදු තිස් තුනේ දී ජෝන්ස් හොප්කින්ස් වෛදනයතනයට අයත් ළමා ස්නායු රෝග අංශයේ අධ්‍යක්ෂවරයා දක්වා පැමිණි අපූරු චාරිකාව, ‘ විස්මිත දොස්තර තුළින් ඔබ හමුවේ තබයි. අනේක වූ ජීවිත ගණනාවක් මරණයෙන් ගලවා ගත් ශලල්‍යාගාරයට ඔබ කැඳවාගෙන යන ඔහු, නොහැකි යැයි සිතෙන යමක් ජයගන්නට වෙර දරන ඕනෑම අයෙකුට පූර්වාදර්ශී චරිතයකි.
-
(0)By : ඩෑන් බ්‍රවුන්
“සම්භවය”
Rs. 2,900.00Original price was: Rs. 2,900.00.Rs. 2,320.00Current price is: Rs. 2,320.00.අප පැමිණියේ කොතැනක සිට ද ?
අප යන්නේ කොතැනකට ද ? -
(0)
11 / ELEVEN
Rs. 1,300.00Original price was: Rs. 1,300.00.Rs. 1,040.00Current price is: Rs. 1,040.00.මෙය අද්භූත, ඔබ කිසිසේත්ම විශ්වාස නොකරන කරුණුවලින් පිරි ඇත්තා වූත්, විශ්මයජනක කතන්දරයකි. දිනෙක ඔබ මෙය කියවද්දි මා ජීවතුන් අතර නොසිටියහොත්, මතක තබා ගන්න මේ ලියන්නා වූ සියලුම දැ මා විසින් මුහුණ දුන්නා වූත්, දැසින්ම දුටුවා වූත් සත්‍ය කරුණු ය.
මේ කරුණු සහ සිදුවීම්වල ඇති අතිශය ගුප්ත බව නිසා ඔබේ මනස විටින් විට මෙම ප්‍රශ්නය අසනු ඇත.
මේ සියල්ලම ඇත්තක්ද? එවිට මා යළිත් පවසමි.
“මේ සියල්ලම මා මුහුණ දුන්නා වුත් දැසින්ම දුටුවා වුත් සත්‍ය කරුණු ය.”
දෛවයේ කුමන හෝ අභාග්‍යකට මේවා ඒ ආකාරයෙන්ම සිදුවී ඇත.
-
(0)
12.12.12
Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00.ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන්නෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේය. ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේ ය. බැලූ බැල්මට එය පරිපූර්ණ මිනීමැරුමකි. කිසිඳු සැක සටහනක් නොමැත.
මිනී මරුවා පලපුරුදු අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයෙන් බැලූහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසඳා ගත යුතුය. එහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාවක ඔවුහු පැටලී සිටියහ. -
(0)
13 වැනි සිකුරාදා
Rs. 875.00Original price was: Rs. 875.00.Rs. 788.00Current price is: Rs. 788.00.මිනිස් මනස, අහසට වඩා විශාලය. මිනිස් මනස, මුහුදට වඩා ගැඹුරුය. එක් එක් මිනිසාට, ආවේණික වූ, විශේෂිත වූද මනස තුළ සැඟවී පවතින ලෝකයක් තිබේ. අදාළ ලෝකය අබිරහස්වලින් පිරී පවතින වන ලැහැබක් මෙන් පැටළිලි සහගතය, අඳුරුය. මේ ලෝකවල යථාර්ථය සහ මායාව අතර ඇත්තේ බොඳ වූ යමකි. ඇය ඒ තුළ සිට සැරිසරන්නීය.
ඇගේ ලෝකය පියා වටා නිර්මාණය වූවකි. එහෙත් ඇගේ පියා ඇගෙන් තොර වූ ලොවක් වෙනුවෙන් සියල්ල සිදු කළේය.
ඔව්හු ඔබට ලෝකය පෙන්වති, පසුව එය සතු කරගත නොහැකි දෙයක් බව පවසති. අප එලෙස දකින ලොව, අපගේ භීතිකා සහ ආශාවන්හි ප්‍රතිබිම්බයක් වෙයි. ්ඊශී හිදී සිදු කරන සියල්ල, ඔගිත්මාව සහ රිවිජයනව දැඩි කම්පනයකට ලක් කරයි. එහෙත් ඔවුන්ට ඒ වෙනුවෙන් කිසිවක් කළ නොහැකි වෙයි.
ආර්යන් සහ යොහාන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව දෙකක් හා ගැටෙමින් සියල්ල විසඳන්නට තැත් කරති. පැටලිලි සහගත, වැළලී ගිය දාම ඝා තනයේ සුලමුල හඳුනා ගත් විට, ඔව්හු ක්‍රියාත්මක වෙති.
ඇතැම් දේ අපට අත්හැරීමට සිදු වෙයි. එහෙත් ඇනා ලෙවී කිසිවිටෙක අත් නොහැරියාය. අත්හැරීමෙන් පමණක් සියල්ල අවසන් නොවන වග ඇය දැන සිටියාය. ජීවිතය යනු, සම්පූර්ණයෙන්ම තෝරා ගැනීමකි. -
(0)
7.1.90
Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00.එදා, ඔක්තෝබර් පළවෙනිදා, කවදාවත් නැතිව සමරගිරියේ පැවැති මේ බලවත් නිශ්ශබ්දය සිඳීගියේය. බන්දුල සමරජීවගේ බිරිඳ වූ රාධා විසින් යටිගිරියෙන් කළ භයානක කෑගැසීමක් හා විලාපයක් නිසා සමරගිරියේ සෙසු අය පමණක් නොව අවට ගෙවල්වල උදවියද, ඒ ඔක්තෝබර් පළවෙනිදා, යහනින් නැගිට්ටේ මහත් භීතියෙනි.
-
(0)
At Least we met
Rs. 750.00Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.ගෙනෙන්නට ස්වර්ගීය හැඟීමක් නිවා මහ දුක් කන්දක් ඔබේ කටහඬ විතරක්ම සෑහෙයි මවන්නට ඩොපමීන් උල්පත්
තනන්නට මල් පිපුණු උයනක් ගතින් දුර ඈතකම උන්නත් ප්‍රියේ, ඔබේ මතකයට පුළුවන් වගක් නැහැ මේ කිසි සෘතුවක්
-
(0)
Bio Karapu AL | බයෝ කරපු ඒලෙවල්
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)
D (ඩී)
Rs. 1,400.00Original price was: Rs. 1,400.00.Rs. 1,260.00Current price is: Rs. 1,260.00.එය ගිම්හානයේ තවත් එක සරු සැන්දෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවයෙන් වෙළීයමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග්‍රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතට යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ.
මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙව් පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක්‍රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්ගේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.
එය තවත් එක් විය. අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට සැකසුණු සංකීර්ණ කුළින්ත්‍රණයකි. ඇයව මරා දැමූ ඔවුහු, ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවුණු සංකීර්ණාතම අධිරහසකට පදනම දැමූහ.
මේ කියැවෙන්නේ ඩයනා කුමරියගේ මරණයේ කතාවයි. -
(0)
KMPH32 කොට කවි ශතකය – KMPH32 KOTA KAVI SHATAKAYA
Rs. 600.00Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.යං ගස්
අපේ ගෙදරත් කංසා ගස්වල
පල දරන මල් පිපෙනවා
දහස්පෙතියා අහිංසක ගස්
රැකවරණයත් තියෙනවා පොලීසිය ළඟ දූලි ගාලා යාළුවොත් මෙහෙ වඩිනවා
හිපොප් රැප්වල සුවඳ අරගෙන
පෑන කොපුවක නිදනවාචින්තිලා ෆිල්ටිලා තවමත්
මිදුලෙ සක්මන් කරනවා
අනු අටකට බිව්ව ගල් එක
තුන් දාහ දැන් පයිනවා
Voice වල නම් පුංචි කෙල්ලෝ
මගේ සින්දුත් කියනවා
ගෙදර ආ ගිය සෙලිබ්‍රිටිස් ලා
බැණුම් අහ අහ නහිනවා -
(0)
අදිසි නදිය
Rs. 1,100.00Original price was: Rs. 1,100.00.Rs. 880.00Current price is: Rs. 880.00.කලකට ඉහත පොළොව යට ඉදිකළ ‘රහසිගක නගරයෙහි විසි දහසක් පමණ ජනකායත් අප්රකටව විසූහ. එය ඔවුන්ධම, ආවේණික උප සංස්කෘතියක් ගොඩනැංවිය. එහි පුරෝගාමීන් වූයේ, නගර පාලනයට විරුද්ධව කැරැරැල්ලක් ගසා ඉන් පයයි පත් පිරිසකි. ඒ බොහෝ දුරාතීකයෙහිය. ඔවුන්ගෙන් පවතින්නන් කලින් කලට, නගරය මතුපිටත්, යටත් එවක් වූහ. හිරු එළියෙන් ඔවුහු විදුලිය නිපදවා ගහ අභ්යන්තර ගංගාධාරයෙහි ධmo 50 එළවළු වගා කළහ. මිරිදිය මත්ස්ය වර්ග ද ගණනාවක්ම ගංගාවෙහි විසූහ. එහෙත්, සියල්ල කොපිට පෙරළෙන්නට සටන් ගත්තේ, බිමල් වසංගතය ආරම්භ වීමත් සමගිනි. පසු කාලයක එය දියකිඳුයි වසංගතය බවට වර්ධනය.වී.සොළොව මතුපිටට ද පැතිරුණේය. පොළොව යට ජනගහනයෙන් තුනෙන් එකම ඉන් විය ගියහ. වර්තමානය වන විට ඉසිරිව සිටින්නේ සිය ගණනකි. ඔවුන්ගෙන් ද වැඩි දෙනා වසරේ වැඩි කලක් ගත කරන්නේ පොළොව මතුපිටමය. තවදුරටත් පොළොව යට ජීවිතයම තෝරා ගත්තෙකු වී නම් ඒ ආරක්ෂක හේතූන් නිසා හෝ නගරවාසී දිවියෙන් රිදී පරණ සංස්කෘතිය තුළම පැවැරීමට ඇති ඇල්ම නිසා හෝ විය හැකිය. නුත්යාගයකුට එය ගුප්ත ජීවන ක්රමයක් ලෙස ද පෙනී යාට ඉඩ ඇත.
-
(0)By : Enid Blyton
අපූරු ඉස්කෝලේ අවසන් වාරේ – Apooru Iskole Awasanware
Rs. 550.00Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00.මෙය ඔබ මෙතෙක් රසවිඳි “අපූරු ඉස්කෝලේ” කතා මාලාවේ අවසන් කතාව යි. st. clare’s නමැති පාසලේ හට ගැනෙන අපූරු සිද්ධීන් පාදක කොට ගනිමින් , ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛිකා Enid Blyton විසින් රචනා කොට, සුදත් රොහාන් විසින් ඔහුට ම ආවේනික අපූරු ශෛලියකින් පරිවර්තනය කරන ලද මේ කතා පෙළ පාඨකයින්ගේ ඉමහත් ආනන්දයට හේතු විය. එහෙයින් මෙවන් වූ තවත් අපූර්ව කතා පෙළක් ඉදිරියේ දී ඔබට තිළිණ කිරීම අපේ අපේක්ෂාවයි.
-
Rated 3.00 out of 5(1)By : Walter Lsaacson
අපූරු මිනිසෙක් – STEVE JOBS
Rs. 980.00Original price was: Rs. 980.00.Rs. 784.00Current price is: Rs. 784.00.ඒ මා මරණයට ඉතාමත් සමීප වූ අවස්ථාවයි. තවත් දශක කීපයක් ගත වන තෙක් එසේ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම අත්දැකීම ලත් මට මරණය ප්‍රයෝජනවත් එහෙත් හුදු බුද්ධිමය සංකල්පයක්ව තිබිය දී වඩාත් නිරවුල්ව මේ දේ කිව හැක. කිසිවෙකුට මරණය අවශ්‍ය නැත. දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. එය ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. ඉන් අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. දැන් අලුත් දේ ඔබයි. එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් විය පත්ව ඉවත් කරනු ඇත. එය නාට්‍යෝචිතව දැක්වීම ගැන සමාවන්න. එහෙත් එය සත්‍යයි.
-
(0)
අපේ කාලයේ වීරයෝ – Ape kalaye weerayo
Rs. 650.00Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00.යාල වන මැද සවාරිය ” පුතා ඉක්මනට ලෑස්ති වෙන්න. අපි ටිකක් කල් ඇතිව ස්වේෂන් එකට යන්න ඕනෑ ” “හරි… හරි… අප්පච්චි … මම රෙඩි” පියාගේ කටහඬ ඇසුන සුරංග කාමරයේ සිටම උස් හඬින් කෑ ගැසුවේ ය. ඔහුගේ ස්වරයේ අමුතුම උද්දාම ගතියක් රැඳී තිබිණ. ” අප්පේ මෙයාගේ හිතේ තියෙන සන්තෝසෙ ” මුවගට මඳ සිනාවක් නගා ගත් සුරංගගේ මව සේපාලි කීවේ දෑස් පොපියවමිනි. ” සන්තෝස නැද්ද අමම…. මේ වගේ ට්‍රිප් එකක් ගහන්න ලැබුණහම ” ” එක හරි පුතා… ඒත් ඔයා යන ගමන සැහැල්ලුවට ගන්න එපා. අනිත් එක ඔයාගෙ යාලුවා තුෂාර. එයත් ටිකක් දඟ කාරයා… කොයි වෙලාවකවත් ඔය දෙන්නා කැලේ තනියම එහෙම යන්ඩ එපා. අන්න ඒක හොඳට මතක තියා ගන්න ඕනෑ ” “හරි… හරි… අම්මා බය නොවී ඉන්නකො.” “මෙන්න ට්‍රේන් එකේ යනකොට ඔයාලට කන්න සැන්ඩ්විචසුයි.. කට්ලසුයි. ප්ලාස්ක් එකට කෝපි දාලා තියෙනන්වා “
-
(0)
අපොයියාව
Rs. 600.00Original price was: Rs. 600.00.Rs. 480.00Current price is: Rs. 480.00.අපේ ප්රහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිඳු වචන කලින් පැමිණෙයි. අපි වැනි දගකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරි අම්මා වැනි ගැහැනු වචන මග පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.
-
(0)
අබිරහස් කඳුවැටිය – Abhirahas Kanduwatiya
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 400.00Current price is: Rs. 400.00.ඒ දප්තිමත් උදෑසනකි. කුඩා ගුවන් තොටුපොළක නවතා තිබූ සුදු පැහැති ගුවන් යානයේ එංජිම මිනිස්සු දෙදෙනෙක් කඩිනමින් පිරික්සමින් සිටියහ. පසෙකට වී එදෙස වුවමනාවෙන් බලා සිටින ළමයින් සිව් දෙනෙකි.
අප්‍රිකාව බලා ගුවන් ගත වීමට නියමිත තම දෙමාපියන්ට සුබ පැතීම සඳහා මෙම ළමයි ගුවන් තොට වෙත පැමිණ සිටියහ. තාවකාලිකව හෝ තම දෙමාපියන් ගෙන් වෙන් වීමට සිදු වන නිසාදෝ දුක්මුසු මලානික බවක් ඔවුන් වෙතින් දිස් විය. “ ආශ්චර්යවත් ගුවන් ගමන් වික්‍රම ගණනාවක් ම කළ අමිමෙකුයි තාත්තෙකුයි ඉන්න එක නම් සතුටක්. ඒත් ඒ අය ඈත රටකට යන එක නම් සතුටක් නෙවෙයි.” ළමයින් සිව් දෙනාගෙන් එක් අයකු වු මයික් පැවසුවේ ය.
” ඒ වුණාට එයාලා ඉක්මනටම ආපසු ඒවි. ඕනෑ නම් තව සතියකින් විතර ආපසු අපට ඒ අය දැක ගන්නට ලැබේවි.” මයික්ගේ නිවුන් සොයුරිය තෝරා පැවසුවාය.
” කොහොම වුණත් මට නම් හිතෙනවා ඊට වඩා දිගු කාලයක් ගත වෙයි කියලා.” එවර මයික් පැවසුවේ දොම්නස් සහගත ස්වරයකිනි. -
(0)By : JACK HIGGINS
අබිරහස් සබ්මැරීනය – ABIRAHAS SBMERINAYA
Rs. 1,800.00Original price was: Rs. 1,800.00.Rs. 1,620.00Current price is: Rs. 1,620.00.සියල්ල ඇරඹුණේ, කැරීබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයා ගැනීමත් සමඟය.
ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැර්නය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයා ගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.
ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.
ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.
සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පොතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.
එබැවින්ම.
ඔහු ගෙන යන සටන ත්‍රාසජනකය;
ලොමුදැහැගන්වනසුලුය!
-
(0)
අම්මපයි,මං කඩුව දුන්නා
Rs. 550.00Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00.කඩුව දුන්නද උදුර ගත්තදතාම සැකයක් තියෙන හින්දාකවියො අදටත් වාද කරනවාලිය ලියා කවි දෙපිල බෙදිලාහොයාගෙන මං ආවේ ඒකයිඉතින් කිසිවක් නොකර සඟවාඑදා වනයෙදි වුණේ මොනවදකුමරියනි මට දෙන්න පහදා -
(0)
අම්මා – AMMA (උපුල් ශාන්ත සන්නස්ගලසන්නස්ගල)
Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,280.00Current price is: Rs. 1,280.00.අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුවඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලාඋපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේපිරිමි කළලයක් වෙලා උපදින්න ඕනඑතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්නමං අම්මා වගේ ගෑනියෙක් වෙලාඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්නඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්නරත්තරං අම්මේ!’ -
(0)
අයේෂා ආපසු එයි – ayesha apasu ei
Rs. 600.00Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.ඈ මා අසලින් සිටගෙන, මා දෙස බැලුවා ය. ඉක්බිති ව පිළිකුලෙන් නොවේ නම්, උදාසීන භාවයකින් ආපසු හැරී, ආරක්ෂකයා සමඟ පහත් හඬකින් යම් කිසිවක් කථා බස් කළාය. ඇය කී දෙයට පිළිතුරක් වශයෙන්, ලියෝ නිදාගෙන සිටි ඇඳට අත දිගු කරමින් ඔහු, හිස නවා ඇයට ආචාර කෙළේ ය. ඉක්බිති ව ඒ ස්ත්‍රීය සෙමෙන් සෙමෙන්, ප්‍රතාපවත් ලීලාවකින් ඇඳ ළඟට ගියාය. එසේ ඇඳ ළඟට ගිය ඇය, ඇඳට නැඹුරු වී, තුවාළ වී තිබුණු ඔහු ගේ හිස වැසෙන සේ බැඳ තිබුණු වෙළුමෙහි කොනක් ඔසවනු ද, ඊට පසු කියවෙන්නට ආ වචන කීපයක්, ශබ්ද නොනැඟෙන සේ මැඩ ගනුද, අනතුරුව තව දුරටත් ප්‍රශ්න කිරීමට මෙන් ආරක්ෂකයා වෙතට හැරෙනු ද මම දුටුවෙමි.
මේ වේලාවේ දී ඔහු ඒ තැනින් ඉවත්ව ගොස් සිටියේය. මෙහි දී මා සිටින්නේ සිහි මුච්ඡා වී යැයි සිතූ ඈ, තමා සිටින්නේ තනියම යැයි කල්පනා කරමින්, ඇඳ ළඟට රළු බංකුවක් ඇද ගෙන, එහි වාඩි වී, ඇඳෙහි වැතිර ගෙන සිටි ලියෝ දෙස බලා ගෙන සිටින්නට වූවා ය. ඇය ඔහු දෙස කෙ තරම් දැඩි උනන්දුවකින් බලාගෙන සිටියා ද කියතොත්, ඒ බැල්මෙහි යම් කිසි බිහි සුණු බවක් දක්නට ලැබිණ. -
(0)
අල්මන්සෝ : පුංචි ගොවියා – FARMER BOY- punchi goviya
Rs. 1,150.00Original price was: Rs. 1,150.00.Rs. 920.00Current price is: Rs. 920.00.විනෝදකාමී වෙලෙක් බඩු වෙළෙන් ප ගොවි පොළට එන දවස්, නගරයේ සල්පිල පැවැත්වෙන දවස්, අප්පට්ටි සමග මාළු බාන්නට යන දවස් අල්මන්සෝට මහත් සතුටක් ගෙන දෙයි. සිය සැමියා වූ අල්මන්සෝ, තමා ජීවත් වූ කුඩා නිවසින් බොහෝ ඈත දුරක, පුංචි ගොවියෙකු ලෙස හැදී වැඩුණු ආකාරය ගැන ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ලියූ මේ කතාව, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පොතු වූ සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ තුන් වැන්නයි.
-
(0)
අවසන් සෙබළා- AWASAN SEBALA
Rs. 1,300.00Original price was: Rs. 1,300.00.Rs. 1,105.00Current price is: Rs. 1,105.00.පුෂ්ප කුමාර නම් සැරයන්වරයා අණදෙන නිලධාරී හමුවේ කිසියම් ඉල්ලීමක් සිදු කළේය. ඔහු පසු දින ඇරඹීමට නියමිතක්‍රියා න්විතයේ මුලින්ම පස් බැම්ම තරණය කරන ඛණ්ඩයේ තීරණාත්මකම කාර්යභාරය සිදුකරන පුද්ගලයා විය.
“මට සර් එක්ක සිගරට් එකක් බොන්න ආසයි.”
සැරයන්වරයාගේ එම අනපේක්ෂිත ඉල්ලීම හමුවේ එහි සිටි සියලු දෙනා තුළ ඇති කළේ තිගැස්මකි. විශේෂයෙන්ම අණදෙන නිලධාරී ඉදිරිපිට දුම්වැටියක් පානය කිරීමට එහි සිටින නිලධාරීන් පවා ඉදිරිපත් නොවන තත්වයක් තුළ සැරයන්වරයාගේ එවැනි හැසිරීමක් ඔහුට තරම් නොවන බව සැමගේ අදහස විය. එසේම, එය අණදෙන නිලධාර්ගේ නිසැක උදහසට ද ලක්විය හැකි බැව් ඔවුහු සිතූහ. නමුත්, සිදුවූයේ අනෙකකි. සැරයන්වරයාගේ එම ඉල්ලීමට අණ දෙන නිලධාරී දැක්වූයේ නිහතමානී අනුකූලතාවයකි. හෙතෙම තමා සන්තකයේ වූ සිගරැට් පැකට්ටුව වහාම ඔහු වෙතදිගු කළේය. ඒ සමඟම එහි සිටි සෙසු පිරිසට ද සිගරැට්ටුව බැගින් ලබාදුන් ඔහු තමන් සතුව තිබූ ගිනිපෙට්ටියකින්ම සැරයන්වරයාගේ සිගරැට්ටුව දල්වා ලන්නට ද කටයුතු කළේය.
මෙවන් මොහොතක ඔහුගේ වම හැසිරීම පිළිබඳ අණදෙන නිලධාරී තුළ ඇති කළේ ව්‍යාකූලත්වයකි. ඉදිරි ක්‍රියාන්විතයේ පවතින නිසැක අවදානමේ තරම ඔහු හොඳින් දැන සිටියේය. සැරයන්වරයා තම ජීවිතය පිළිබඳ කිසියම් අවිනිශ්චිත පණිවුඩයක් ඒ හරහා ලබා දෙන්නේ දැයි ඔහුට සිතිණ. එබැවින් තවදුරටත් ඔහුව එම කටයුත්තට යොදවන්නට තරම් හිතක් අණදෙන නිළධාරී හට නොවීය. නමුත් ඒවන විට ක්‍රියාන්විතය සඳහා අවසන් නියෝග නිකුත්කර තිබූ පසුබිමක වම සැරයන්වරයා වෙනුවට වෙනත් අයකු ආදේශ කිරීමටද ඔහුට හැකියාවක් නොවීය.
එදින උදෑසන සිදුවූ ඉහත සිදුවීම පිළිබඳ මතක අණදෙන නිලධාරීන්ගේ සිත බලවත් සේ පෙළන්නට විය. ඒ වන විට ක් රියා න්විතය අවස න්ව ගතවී තිබුණේ හෝරාවකටත් අඩු කාලයකි. ස ට නෙහි ජයග්‍රහණය හ මුදා භ ට පිරිස වෙත හිමිව තිබුණ ද සමස්ථයක් ලෙස ඒ වෙනුවෙන් ගෙවූ වන්දිය සුළු පටු නොවීය. වෙ ඩි බෙ හෙත් සුවඳ මුසු වූ ගිනි ගැහුණු භූමියේ තැන තැන වැටී ඇති උණුසුම් රු ධි ර බිඳු ස ට නෙහි බිහිසුණු බව මැනවින් පෙන්නුම් කළේය. අණ දෙන නිලධාරී තම දෙපා අබිමුව වැහි කබායකින් එතු යමක් සෙමෙන් විවර කරන්නට වූයේය. සැරයන් පුෂ්ප කුමාරගේ අ ස ම්පූ ර්ණ සි රු රු කො ටස් එහි විය. පෙරදා තමා සමග ඔහු ඉරූ සිගරුට්ටුවේ සුවඳ ඒ මොහොතේ ද ඔහුගේ නැහැපුඩු අතරට දැනී නොදැනී යන්නට විය. -
(0)
අවි බිමක ගිනියම
Rs. 1,400.00Original price was: Rs. 1,400.00.Rs. 1,260.00Current price is: Rs. 1,260.00.තැන තැන බිම වැට ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝපුල් හීන්අප්පුගේ උත්සාහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය. කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප්රයත්නය ගස්ලබ ගසේ ඉහළ සිට පහළට රක්ත වර්ණයෙන් සටහන් වූයේය. භට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ. සහයට පැමිණි හෙලිකොප්ටරය ත්රස්තවාදී ප්රහාර හමුවේ ගොඩබැස්සවීමට නොහැකි වූයෙන් ගුවනේ නොපෙනී යන අයුරු කොකාවිල්ගි සෙබල බලා සිටියහ. ඒ වනවිටද ලුතිනන් අලදෙනිය හින්අප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය. මද්දහනේ අවි රශ්මිය භට නිවාසයේ වහලය විනිවිවද දැනෙන්නට විය. අවසානයේ සියල්ල ගිනියම් වූ මොහොතක කෝප්රල් හීනප්පු සිතල සිරුර පමණක් සහෝදර සගයන්ට ඉතිරි කළේය.
-
(0)
අවිකාරයන්ගේ කවිකාර ලියවිලි
Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00.සීගිරියේ කුරුටු ගී ගැන ඉතිහාසයේ පටන් කතාකරයි. එසේම සිපිරිගෙය තුළද නේවාසිකාගාර තුළද වෙනත් එවැනි වූ පොදු ස්ථානවල ද ඕනෑතරම කුරුටු ගී ලියවී ඇත. තමුත් ඒ සියල්ල අතරේ අව් ගැටුණු යුද බිම තුළ ද එවැහිම කුරුටු ගී විශේෂයක් ලියවී තිබුණු බව යුද බිමෙහි අත්දැකීම ලැබූවන් හැරෙන්නට සමාජයේ වැඩි දෙනෙකු නොදනිති.මරණය අහඹුවක් නොවූ රණබිම තුළ සෑම ක්රියාකාරකමක්ම සිදුවූයේ රණවිරුවන්ගේ දහඩිය, කඳුළු, රුධිරය පිරි සංවේදී මැදිහත් වීම් මතින්ය. රුවන්ගේ සුසුමක උණුසුමත්, සිනහවක දීප්තියත් මෙම කෘතිය හරහා අංශු මාත්රයකින් හෝ පාඨක ඔබට දැනේ නම් මේ පොත වෙනුවෙන් මා ගත් උත්සාහය සාර්ථකය. -
(0)By : Gowripal Sathiri
අවියෙන් ලියූ අකුරු – Awiyen Liyu Akuru
Rs. 1,500.00Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00.වසර ගණනාවක් අප රට වෙළාගෙන පැවති ජාතික ප්‍රශ්නය තේමා කර ගනිමින් උතුරේ ලේඛකයන් විසින් ලියන ලද ග්‍රන්ථ රැසක් මෑත කාලයේ ඉන්දියාවේ දී ප්‍රකාශයට පත්ව තිබේ. එම ග්‍රන්ථ අතර 2015 වසරේ දී ප්‍රකාශයට පත් වූ සාත්ත්‍රිගේ ‘ආයුද එළුත්තු’ නම් නවකතාව සුවිශේෂී ස්ථානයක් හිමි කර ගෙන ඇත. එය මේ වන විට ඉන්දියාව පමණක් නොව ලොව බොහෝ රටවල දමිළ පාඨක හා විචාරකයන්ගේ අවධානයට ලක් වු නවකතාවකි. මේ එහි සිංහල පරිවර්තනයයි.
ජාතික ප්‍රශ්නයේ ‘ආරම්භක ජවනිකාවල’ සිට අවසන් කාලය දක්වා සිදු වූ විවිධ සිදුවීම් ඔස්සේ විකාශනය වන මෙම නවකතාවේ විශේෂත්වයක් නම් අප අසා තිබෙන සහ දැක තිබෙන බොහෝ ප්‍රකට සිදුවීම්වල අප නො දන්නා ‛තිරය පසුපස’ සත්‍ය සිදුවීම් රැසක් නිරූපණය කිරීමට මෙමගින් කතුවරයා උත්සුක වී තිබීමයි. මෙය මෙරට ඓතිහාසික නවකතාවක් යැයි හැඳින්වුව ද වරදක් ද නොවන්නේ එබැවිනි.
වරෙක එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයකු වශයෙන් ද කටයුතු කර තිබෙන මෙහි කතුවරයා එහි දී තමන් ලද බොහෝ අත්දැකීම් නවකතාව ලිවීමේ දී උපයෝගී කර ගෙන තිබෙන අතර ඔහු මෙම කෘතිය තුළින් නවකතාවේ දෘෂ්ටි කෝණය පිළිබඳ කිසියම් අත්හදා බැලීමක් ද සිදුකරයි.
-
(0)By : ලොරන්ස් රීස්
අවුෂ්ව්ට්ස් ඝාතක කඳවුර – AUSCHWITZ GHATHAKA KANDAWURA
Rs. 1,450.00Original price was: Rs. 1,450.00.Rs. 1,305.00Current price is: Rs. 1,305.00.අපකීර්තිමතේ නට්සි වධකාගාරය පිළිබඳ ලෝරන්ස් රිස් ගේ මෙම කෘතිය, ඝාතනය, කෲරත්වය, වික්රමය, පලා යෑම සහ නොනැසී පැවැත්ම පිළිබඳ අනුස්මරණීය කතාන්තරයකි.‘බ්රිතාන්ය ජනගහනයෙන් අඩක් අවුෂ්ටිට්ස් ඝාතක කඳවුරක් ගැන කිසි දවසක අසා නැති පාට යි. ඉතිරි පිරිසෙන් සමහරෙක්, ඒ ගැන තවත් කීමට යමක් ඉතිරිව නැතැයි සිතත්. එහෙත්, තව සොයා ගැනීමට අනන්තවත් රහස් ඇති බව ලෝරන්ස් රිස් පෙන්වා දෙයි. ඉන් සමහරක්, ඊට සම්බන්ධ අපරාධකාරයන් සහ එම අපරාධයෙන් දිවි ගලවා ගත්තවුන් සොයා යමින් එකතු කරගත් අගනා තොරතුරු වලින් පොහොසත් වීම අතිශය වැදගත්…නිල් අවර්සන්, ඔබ්සර්වර් මිනිසාට එරෙහිව මිනිසාගේ අමනුෂ්යත්වයේ තරම වටහා ගැනීමේ යතුරක්හයන් තොම්සන්, ගාඩියන් -
(0)
අහම්බයකින් මිස අපි… හමු නොවෙමු කිසිදා යලී
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.මම ඇතුළුව අපි ගොඩ දෙනෙක්ගෙ ජිවිත වෙනස් වෙන්නෙ එක පාරටම නෙවෙයි. හැම පුංචි වෙනස්කමක්ම වෙන්නෙ බොහොම හිමීට. එතකොට අපිට ඒක දැනෙන්නෙ නෑ. අපේ ජීවිතේ නොහිතුවම විදිහට වෙනස් වෙලා!’ කියලා තේරෙද්දි වෙන්න ඕනෙ විලම් බැසිය වෙලා ඉවරයි.
-
(0)
ආකර්ෂණිය නීතිය – Akarshaniya Neethiya
Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 720.00Current price is: Rs. 720.00.ශ්‍රේෂ්ඨ රහස් ඔබ දෝත දරා හිඳී
යුග ගණනක් පුරා එය පැවත ආවකි. පරපුරෙන් පරපුරට තිළිණවූවකි. බොහොමයක් දැඩිව ආශා කළ දෙයකි. වරෙක සොරකම් වූවකි. නොමැති නම් සැඟවුණකි. ඇතැම් විට එය අතුරුදහන් විණි. එමෙන්ම එය විශාල මුදල් කන්දරාවක් ගෙනාවකි.
සියවස් ගණනක් ඉපැරණි එම ‘රහස‍් ලෝක ඉතිහාසයේ කීර්තිමත් හා කැපී පෙනෙන පුද්ගලයෝ අවබෝධ කරගෙන සිය ගැලීලියෝ, බිතෝවන්, තෝමස් අල්වා එඩිසන්, ඩේල් කාර්නෙගි හා ඇල්බර්ට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයන්, දේවධර්මවාදීන්, විද්‍යාඥයන් හා ශ්‍රේෂ්ඨ චින්තකයන් රැසක් සමඟිනි.දැන් එම ‘රහස’ ලොවට හෙළිවී තිබේ.
‘එම රහස හදාරණ විට අවශ්‍ය දේ ලැබීම, අවශ්‍ය පුද්ගලයා බවට පත්වීම හා අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැක්කේ කෙසේදැයි යන්න ඔබ හඳුනා ගනී. සැබෑ ඔබ කවුදැයි ඔබ හඳුනා ගනී. ජීවිතය තුළ ඔබ වෙනුවෙන් බලා හිඳින සැබෑ විශිෂ්ටත්වය කුමක්දැයි ඔබ හඳුනා ගනී
-
(0)
ආදරෙයි උතුරන්න – Aadarei Uthuranna
Rs. 750.00Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.මිහිරැතිම තැන් වලින් මිටක් ගෙන සරසන්න එත හැකි නම් නුඹට සවස්වල හමුවන්න මේ ගෙවෙන දවස් වුව කමක් නෑ විඳගන්න ආදරිය ආදරෙන් හෙටත් මා පුරවන්න
පපුවකට තියා හිස හැකි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න
-
(0)
ආමරිය සීල් – Amariya Seal
Rs. 1,500.00Original price was: Rs. 1,500.00.Rs. 1,350.00Current price is: Rs. 1,350.00.ආමරිය සීල්”
යුද්ධය තුළ ඇත්තේ අහිමි වීම් හා විනාශයන්ය. මෙරට පිටරට වුවද අතීතයේ හෝ වර්තමානයේ වුවද යුද්ධයේ හැටි එහෙමය. නිසාම යුද්දය යන වචනය ඇසූ සැනින් ඕනෑම අයෙකු තුළ මැවෙන්නේ එකම චිත්‍රයකි. එහෙත් අවියකින් වෙඩි උණ්ඩයක් පත්තු නොවී බෝම්බයක් පිපිරෙන්නේ නැතුවද යුද්ධ තිබුණි. අවි ගැටුමක් නොපැවතිය ද මරණය අතවනන භූමියක පාරිසරික දුෂ්කරතාවයන් ද මානසික පීඩනයද දරාගෙන කෙනකු රැඳී සිටීමම යුද්දයකි. සමාජය යුද්දය පිළිබඳ බලන සාම්ප්‍රදායික කෝණය මග හැර වෙනස් මානයකින් එදෙස බලන්නට මේ පොත හරහා මම ඔබට ඇරයුම් කරමි.
ලුතිනන් කර්නල්
සුජිත් චමින්ද එදිරිසිං -
(0)
ආර්යා
Rs. 1,400.00Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00.වේලාව පාන්දර හතරහමාරට ආසන්නය. ප්‍රභූ ආරක්ෂාව සපයන සුදු පැහැ ඩිෆෙන්ඩරයට පසුව එන කළු පැහැ බීඑම්ඩබ්ලිව් රථය දැන් පැහැදිලිව ගඩාෆිට පෙනෙයි. තව ඇත්තේ තත්පර ගණනකි. ගඩාෆි ඉණ රැඳි පිස්තෝලය සුරතට ගෙන පොරවාගෙන සිටි වැරහැල්ලට යටින් පපුතුරයට කර ගත්තේය. එපමණකි!
ගාල්ල පැත්තේ සිට කොළඹ දෙසට විදුලි වේගයෙන් ධාවනය වූ ටිපර් රථය දකුණු දෙසට කැපී හෙණ ගසන්නාක් බඳු හඬක් සමඟින් කළු පැහැ බීඑම්ඩබ්ලිව් රථයෙහි බඳේ වදිනු ගඩාෆි දුටුවේ සිහිනෙන් මෙනි. ඊළඟ තත්පරයේ දී බීඑම් ඩබ්ලිව් රථය පාලමේ ඇන්දද කඩාගෙන ගඟට වැටිණ.
-
අපේ කාලයේ වීරයෝ – Ape kalaye weerayo
Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00.යාල වන මැද සවාරිය ” පුතා ඉක්මනට ලෑස්ති වෙන්න. අපි ටිකක් කල් ඇතිව ස්වේෂන් එකට යන්න ඕනෑ ” “හරි… හරි… අප්පච්චි … මම රෙඩි” පියාගේ කටහඬ ඇසුන සුරංග කාමරයේ සිටම උස් හඬින් කෑ ගැසුවේ ය. ඔහුගේ ස්වරයේ අමුතුම උද්දාම ගතියක් රැඳී තිබිණ. ” අප්පේ මෙයාගේ හිතේ තියෙන සන්තෝසෙ ” මුවගට මඳ සිනාවක් නගා ගත් සුරංගගේ මව සේපාලි කීවේ දෑස් පොපියවමිනි. ” සන්තෝස නැද්ද අමම…. මේ වගේ ට්‍රිප් එකක් ගහන්න ලැබුණහම ” ” එක හරි පුතා… ඒත් ඔයා යන ගමන සැහැල්ලුවට ගන්න එපා. අනිත් එක ඔයාගෙ යාලුවා තුෂාර. එයත් ටිකක් දඟ කාරයා… කොයි වෙලාවකවත් ඔය දෙන්නා කැලේ තනියම එහෙම යන්ඩ එපා. අන්න ඒක හොඳට මතක තියා ගන්න ඕනෑ ” “හරි… හරි… අම්මා බය නොවී ඉන්නකො.” “මෙන්න ට්‍රේන් එකේ යනකොට ඔයාලට කන්න සැන්ඩ්විචසුයි.. කට්ලසුයි. ප්ලාස්ක් එකට කෝපි දාලා තියෙනන්වා “
-
අම්මපයි,මං කඩුව දුන්නා
Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00.කඩුව දුන්නද උදුර ගත්තදතාම සැකයක් තියෙන හින්දාකවියො අදටත් වාද කරනවාලිය ලියා කවි දෙපිල බෙදිලාහොයාගෙන මං ආවේ ඒකයිඉතින් කිසිවක් නොකර සඟවාඑදා වනයෙදි වුණේ මොනවදකුමරියනි මට දෙන්න පහදා -
අල්මන්සෝ : පුංචි ගොවියා – FARMER BOY- punchi goviya
Original price was: Rs. 1,150.00.Rs. 920.00Current price is: Rs. 920.00.විනෝදකාමී වෙලෙක් බඩු වෙළෙන් ප ගොවි පොළට එන දවස්, නගරයේ සල්පිල පැවැත්වෙන දවස්, අප්පට්ටි සමග මාළු බාන්නට යන දවස් අල්මන්සෝට මහත් සතුටක් ගෙන දෙයි. සිය සැමියා වූ අල්මන්සෝ, තමා ජීවත් වූ කුඩා නිවසින් බොහෝ ඈත දුරක, පුංචි ගොවියෙකු ලෙස හැදී වැඩුණු ආකාරය ගැන ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ලියූ මේ කතාව, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පොතු වූ සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ තුන් වැන්නයි.
-
ආකර්ෂණිය නීතිය – Akarshaniya Neethiya
Original price was: Rs. 900.00.Rs. 720.00Current price is: Rs. 720.00.ශ්‍රේෂ්ඨ රහස් ඔබ දෝත දරා හිඳී
යුග ගණනක් පුරා එය පැවත ආවකි. පරපුරෙන් පරපුරට තිළිණවූවකි. බොහොමයක් දැඩිව ආශා කළ දෙයකි. වරෙක සොරකම් වූවකි. නොමැති නම් සැඟවුණකි. ඇතැම් විට එය අතුරුදහන් විණි. එමෙන්ම එය විශාල මුදල් කන්දරාවක් ගෙනාවකි.
සියවස් ගණනක් ඉපැරණි එම ‘රහස‍් ලෝක ඉතිහාසයේ කීර්තිමත් හා කැපී පෙනෙන පුද්ගලයෝ අවබෝධ කරගෙන සිය ගැලීලියෝ, බිතෝවන්, තෝමස් අල්වා එඩිසන්, ඩේල් කාර්නෙගි හා ඇල්බර්ට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයන්, දේවධර්මවාදීන්, විද්‍යාඥයන් හා ශ්‍රේෂ්ඨ චින්තකයන් රැසක් සමඟිනි.දැන් එම ‘රහස’ ලොවට හෙළිවී තිබේ.
‘එම රහස හදාරණ විට අවශ්‍ය දේ ලැබීම, අවශ්‍ය පුද්ගලයා බවට පත්වීම හා අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැක්කේ කෙසේදැයි යන්න ඔබ හඳුනා ගනී. සැබෑ ඔබ කවුදැයි ඔබ හඳුනා ගනී. ජීවිතය තුළ ඔබ වෙනුවෙන් බලා හිඳින සැබෑ විශිෂ්ටත්වය කුමක්දැයි ඔබ හඳුනා ගනී