-
(0)
අපොයියාව
අපේ ප්රහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිඳු වචන කලින් පැමිණෙයි. අපි වැනි දගකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරි අම්මා වැනි ගැහැනු වචන මග පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.
Rs. 600.00Rs. 480.00 -
(0)
සදාම් සමඟ මා පාරිසුලා
ජිනාගේ නිවසට මා කැඳවුයේ හරුට්ගේ පෙළඹවීමක් අනුව බව මා තේරුම් ගත්තේ පසුවය. හරුට්ගේ ගනුදෙනුකරුවන් වූයේ බැග්ඩෑඩ්හි ඉහළ පංතියට අයත් ප්රභූවරුන් ය. සදාම් හුසේන් සුඛෝපභෝගී ජීවිතය ප්රිය කළ, තරුණ කෙල්ලන් කෙරේ නොසන්සිඳෙන ආශාවකින් පෙළෙන අයෙකු බව හරුට් දැන සිටියේ ය. සමහර විට මා වැනි හුරුබුහුටි කෙල්ලන් ඔහුට සොයා දීම හරුට්ට පැවරී තිබුණා විය හැක. ඉරාකය ඉතා ඉක්මනින් යකඩ ග්රහණයකට මැදි කර ගන්නා බලගතු මිනිසා ඇසුරු කිරීමෙන් ලෝකයේ සියලු ප්රතිලාභ අයත් කරගත හැකි බව ඔහු දැන සිටියේ ය. එම රාත්රියේ හරුම්ගෙන් සදාම් හුසේන්ට ලැබුණු තෑග්ග මාය..
Rs. 550.00Rs. 468.00 -
(0)By : Enid Blyton
සත් සුමිතුරෝ – Sat Sumithuro
ඒ ශීත සෘතුවේ දවසක හිම වලින් වැසුණු උද්‍යානය කෙළවරේ තියෙන පාළු බංගලාව පැත්තෙන් මහා අත්භූත හඬක් ඇසෙන්න පටන් ගත්තා. කවුරුත් බංගලාව පැත්තට යන්න කැමති වුණේ නෑ. බංගලාව මුර කරන්නේ හරිම නපුරු මුර කාරයෙක්. මේ අත්භූත හඬ ගැන විමසිලිමත් වුණු සත් සුමිතුරන් පිරිස එක්තරා රාත්‍රියක දී බංගලාව ආක්‍රමණය කළා. එහි දී ඔවුන්ට බිං ගෙයක සඟවා සිටින හරි ම අපූරු හිරකාරයෙක් හමු වුණා. මේ හිරකාරයා කවුද ..?
Rs. 500.00Rs. 450.00 -
(0)
බයෝ කරපු ඒලෙවල් 2 | Bio Karapu AL 2
එක පැත්තකට සිද්ධවෙන ප්‍රතික‍්‍රියාවක සීමාකාරී ප‍්‍රතික‍්‍රියකය එක තැනකදි ඉවර වුණා එතනිං පතික‍්‍රියාවත් නැවතුණා!
“ආදරේ කියන්නෙ සමතුලිතතාවයක්! එහෙම නැත්තං ප්‍රතිවර්ත්‍ය පතික‍්‍රියාවක්!”
මම කොයිතරම් කිව්වත් ඔයාට ආදරේ කියන්නෙ.
එක පැත්තකට සිද්ධ වෙන ප්‍රතික‍්‍රියාවක් විතරක්ම වුණා!
Rs. 500.00Rs. 450.00 -
(0)
කඩාවැටෙනා තරුවක් – Kadawetena Tharuwak
හැර ගිය නමුත් බඹරුන් මල් පැණිද ගෙනමලකට සතුටු වන්නට හැක සුවඳ ගැනකවියෙකු උරන වන්නේ නැත කිසිම දිනකවියක තවර ගත්තා මිස අහිමි පෙමRs. 500.00Rs. 450.00 -
(0)
ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?
ප්‍රේමයක් කියන්නේ;
කටු ඇනෙන තැන්වලම
නතර වෙන්නැ’යි කියා
හදවතට බල කරන හැඟීමයපටු අඳුරු තනි මගක
හුදෙකලාවක පවා
උරහිසක මුදු පහස දැනීමයළඟ නැතද අත නෑර
හද සෙමෙන් පිරිමදින
සියුම් උණුසුම් සුසුම් විඳීමයනිති දවන තනිකමක
ගිනියමට ළං ළං ව
දැවී හළු වී; ඉන්ම නිවීමයRs. 450.00Rs. 405.00 -
(0)
මායා දූපත – Maya Dupatha
” මමත් ආවේ දිවුල් ඇඟිඳින්න. කෝ ඉතින් ආතා මට ඉස්සර වෙලා ඇවිත් දිවුල් ඇහිඳලනේ. ”
” මේ………….කොලුවෝ, පණ්ඩිත වැඩ නොකර ගෙදර පලයං. උඹට පුළුවන් ද මේ හිමේ කරක් ගහලා දිවුල් ඇහිඳින්ට? දැන් පොඩ්ඩකට කලිනුත් තනියා මේ ඉසව්වේ කරක් ගහල තියෙනවා.”
ආතා කොහොම ද දන්නේ තනියා කරක් ගැහුව කියලා. ඔයාට තනියා සැලියුට් ගහල ද ගියේ? ”
සුනිමල් අබරන්ගෙ කීම තුට්ටුවකටවත් මායිම් නොකර එසේ ඇසුවේ ඔලොක්කුවට මෙන් හිනා වෙන ගමන්ය.
” සැලියුට්?”
අබරන් ආතාට කේන්ති ආවා.
” සැලියුට් නෙවෙයි ගොයියෝ. ආන් අර හරියෙ…….” යයි පැවසූ අබරන් දිවුල් මණ්ඩියේ කෙළවර දිහා අත දිගු කර පෙන්වමින්,
” මේ….. දැන් හලපු අලි බෙටි තියෙනවා. මම එතනට ගිය වෙලාවෙත් දුම් දමනව ” යැයි කීවේය.
” කමක් නැහැ ආතේ, මමත් ගිහින් දිවුල් ගෙඩියක් දෙකක් ඇහිඳ ගෙන එන්නම්.”
සුනිමල් එසේ කීවේ අබරන් මග ඇරලා තමුන්ගේ ගමන යාමේ අදහසින්.
” කොලුවෝ, මම කියපු දේ අහලා මෙන්න මේ දිවුල් ගෙඩි ටිකත් අරන් ආපහු පලයං.”
අබරන් තම උරපත්ත මත දමා ගෙන තිබුණු මල්ල බිම තියන ගමන් කීවේය.
ඔහු මල්ලෙන් ගත් දිවුල් ගෙඩි තුන හතර සුනිමල් අතට දුන්නේය. අනතුරුව ඔහු මල්ල කරට ගෙන සුනිමල් පසු කර ඉදිරියට පියනගන්නට වූයේය.Rs. 500.00Rs. 400.00 -
(0)
භාරත යෝගීන් සහ ඉසිවරයන් සමඟ 2 – Bharatha Yogin Saha Isiwarayan Samaga 2
ඇතමකු යෝගීන් ලෙස ද, තවත් සමහරු සන්නාසීන් ලෙස
ද හඳුන්වනු ලබන ගුප්ත සමාජ තලයකට අයත් මෙම මිනිසුන් පිළිබඳ වූ විටින් විට අපට ආසන්නට ලැබෙන එකී වෘත්තාන්ත පිටු පස ඇති සත්යය කුමක්ද? අභ්යාසයේ යෙදෙන්නන්ට මානසික ශක්තීන්ගේ අති විශේෂ සංවර්ධනයක් සහතික කෙරෙන පෞරාණික ප්රඥාවක් භාරතයේ පවනින්නේ යයි දන්වමින් අප වෙත ලැබෙන සක්රීය ඉඟි පිටු පස ඇති සත්යය කුමක්ද? මා එය සොයා දීර්ඝ ගමනක යෙදුණු අතර…Rs. 400.00Rs. 360.00 -
(0)
දුම් නැවකින් දුර ගමනක් – Dum Nawakin Dura Gamanak
ආත්තම්මාගේ කදිම අදහස ලෝකේ ඉන්න වාසනාවන්ත ම ළමයින් තුන් දෙනා කවුද කියලා ඇහුවොත් මයික්, බෙලින්ඩා සහ ඈන් කියලා ඕනෑ ම කෙනෙක් කියයි. ළමයින්ගේ ජිවිතයේ ගොඩාක් කලාතුරකින් අත් දකින්න ලැබෙන හරි අපූරු සිදුවීම් ගොඩක් මැද ඒ අය ජිවත් වෙන හින්දයි හැමෝම එහෙම හිතන්නේ.
Rs. 380.00Rs. 342.00 -
(0)By : Enid Blyton
කැරවෑන් ගෙදර ළමයි – Karawan Gedara Lamai
කැරවෑනයට පිටතින් අමුතු එමෙන් ම බිහිසුණු ශබ්දයක් නැඟෙන බව බෙලින්ඩාට ඇසුණේ ය. අනතුරු ව කිසි දෙයක් බොල් හඬක් නඟමින් කැරවෑනයේ වැදිණ. මේ අද්භූත ශබ්දයෙන් බෙලින්ඩා කෙතරම් බියට පත් වීද යත් ඇය මයික්ගේ ඇඳ අසලට ගොස් ඔහු අවදි කරවන්නට උත්සාහ කළාය
Rs. 380.00Rs. 342.00 -
(0)
“මැණිකේ”
පෙර වැරදි අහකටයි දැං වැරදි පෝරකේටයි
මහත්තයෝ මං දෙකේ ඇල මහතුං
දුකා කිව්වමයි දන්නෙ මෙහෙ ගමේ උං
ඇතිය කතාවක් ඒකෙත් මහ ලොකුත්
රෙදිය ගැලවෙන්නෙ ඒවට ගියොත් මහතුං..Rs. 350.00Rs. 298.00 -
(0)
ගුරු ගීතය – Guru-Geethaya කෙහෙලි ප්‍රකාශන
එසේ වුණද ඇඳ අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමඟ කතා කිරිමට මා කැමතිය.ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී.මා අඳින චිත්රය පළමුවැනි ගුරුවරයාට,අපේ අයිලයේ පළමුවැනි කොමියුනිස්ට් වාදියාට දුයිෂෙන්ට කැප කරන බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි මම සිතමි. සටන් වලින් පිරී, ඒ අසීරු ජීවිතයත්, විවධ ඉරණම්වලට කැපවු මිනිස් හැගීම් සහ බලාපොරොත්තුත් තෙලි තුඩින් හා සායම්විලන් පිළිබිඹු කල හැකිදැයි මම නොදනිමි.සියල්ල කැටිකොට දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද මා ආසා කරන්නේ මගේ අදහස් ඔබට කියාපෑමට පමණක් නොවේ.ඔබ මා සමඟ එක්වි නිර්මාණාත්මක කලාවේ කොටස්කරුවෙකු විය යුතුය.
Rs. 350.00Rs. 280.00 -
(0)By : Enid Blyton
රාස්සගල කන්ද – Rassagala Kanda
නිහැඬියාවක් පැතිරුණ අතරේ ටින්කර් හඬ නැගීය. “මම දන්ත තැනක් තියෙනවා. අපේ ප්රදීපාගාරයේ කවුරුත් නැහැ. අපි එතැනට යමු.”‘ ප්රදීපාගාරයක් ” ජෝර්ජ් ඇදහිය නොහැකි ලෙස බැලීය. ” ඉතින් කොහේ ද ඒක තියෙන්නේ? ”” මේක විහිළු කරන වේලාවක් නොවෙයි ” ඩික් තදින් කීය.“විහිළුවක් නොවෙයි ” රවාගත් ටින්කර් කිය. “අපේ තාත්තගෙන් අහන්න. එතෙන්ට කවුරුත් එන්නේ නැති හින්දා තාත්තා එක ගත්තා.”” ඒත්, ඔයාට ප්රදීපාගාරයක් නැහැනේ? ඩික් කීය.” මේක පරණ එක. ඊට ටිකක් දුරින් අලුතින් එකක් හදලා තියෙනවා. පරණ එක තාත්තා ගත්තා. එයා වැඩ කරගන්න යන්නේ ඒකට මමත් යනවා. හුඟක් ඉඩ නැති වුණාට අපිට සෙල්ලමි කරන්න ඉඩ තියෙනවා. මගේ උපන් දිනේ දවසේ තාත්තා ඒක මට දුන්නා.”” ඒක අපූරු කතාවක්. ජෝර්ජ්ට තාත්තා දූපතක් දුන්නා. ටින්කර්ට එයාගේ තාත්තා ප්රදීපාගාරයක් දීලා. අපේ තාත්තා මට ගිනි කන්දක් දුන්නා නම් හොඳයි.”ජෝර්ජ්ගේ දෑස සතුටින් දිලිසුණි. ” එතැන හොඳයි ද? “” ඔව්. මුහුදු රැල්ලේ සද්දේ විතරයි ” ටින්කර් පැහැදිලි කළේය. ” මුහුදු ළිහිණි එනවා. තාත්තාට උන්ගේ සද්දේ කරදරයක් වුණත් හැමදාම උන්ට කෑම දෙනවා.’Rs. 300.00Rs. 240.00 -
(0)
පිටසක්වළින් ආ අද්භූත සත්ත්වයා – Pitasakwalin Aa Adbootha Sathwaya
” මම තව බැටෑලියන් එකක් යැව්ව. ඒ අය කැලේ ඇවිද්දෙ නැහැ උඩින් බැහැල ඉක්මනින් ආපහු ආව. ඒ අය තමයි ඔය මිනී ටික ගෙනාවෙ. ඉන් පස්සෙ මං බුද්ධි ඒකකයෙ 10ක් යැව්වා ඔත්තු බලන්න. දක්ෂම කොල්ලො ටිකක්. ඒ අය ආපහු ආවෙත් නැහැ.”
” කර්නල් අපි තවත් පමා වෙන එක හොඳ නැහැ. මම
දැන්මම පිටත් වෙන්නම්. මට දෙන්න කොල්ලො දෙතුන් දෙනෙකුයි හෙලිකොප්ටරයකුයි. ගෝත්‍රිකයෝ නෙමේ යක්කු වුණත් කුදලාගෙන එන්නම් මම. “Rs. 300.00Rs. 240.00 -
(0)
රාවණා මෙහෙයුම 2 – Rawana Meheyuma 2
බැලු බැලු අත කිසිම මනුස්සයෙකු, සිය කිමිදුම් සගයෙකු තියා මාළුවෙකුවත් පෙනෙන්නට නොමැති අඳුරු නීල වර්ණ සමුදුරු අගාධයේ තමන් තනි වූ බව පෙනෙන්නට තිබුයෙන් ඇය දැඩිසේ කම්පනයට පත් විය.
සන්නිවේදකය හරහා උදව් ඉල්ලා කෑ ගැසීමට ඈ හඬ නැඟුව ද මුවින් හඬක් පිට වුයේ නැත. අත පය සීතල වනු ඇයට හැඟුණි. ගතම සෙලවිය නොහැකි සේ ගල් වී ඇත. ත්‍රාසයෙන් අසරණව, අන්ධකාර සමුදුරු අගාධයෙහි තනි වී කරකියා ගත හැකි දෙයක් නොමැතිව, ඉහළ සාගර තලය දෙස ඇය හිස් බැල්මක් යොමු කළාය.
-
භාරත යෝගීන් සහ ඉසිවරයන් සමඟ 2 – Bharatha Yogin Saha Isiwarayan Samaga 2
ඇතමකු යෝගීන් ලෙස ද, තවත් සමහරු සන්නාසීන් ලෙස
ද හඳුන්වනු ලබන ගුප්ත සමාජ තලයකට අයත් මෙම මිනිසුන් පිළිබඳ වූ විටින් විට අපට ආසන්නට ලැබෙන එකී වෘත්තාන්ත පිටු පස ඇති සත්යය කුමක්ද? අභ්යාසයේ යෙදෙන්නන්ට මානසික ශක්තීන්ගේ අති විශේෂ සංවර්ධනයක් සහතික කෙරෙන පෞරාණික ප්රඥාවක් භාරතයේ පවනින්නේ යයි දන්වමින් අප වෙත ලැබෙන සක්රීය ඉඟි පිටු පස ඇති සත්යය කුමක්ද? මා එය සොයා දීර්ඝ ගමනක යෙදුණු අතර… -
“මැණිකේ”
පෙර වැරදි අහකටයි දැං වැරදි පෝරකේටයි
මහත්තයෝ මං දෙකේ ඇල මහතුං
දුකා කිව්වමයි දන්නෙ මෙහෙ ගමේ උං
ඇතිය කතාවක් ඒකෙත් මහ ලොකුත්
රෙදිය ගැලවෙන්නෙ ඒවට ගියොත් මහතුං..