-
(0)
හදවත්වරක්
Rs. 1,500.00Rs. 1,200.00ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්.අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් තියනවා.
මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනංකල්පිතයි. ඔබත් දන්නා,මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත් කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා.
හදවත්වරක්
ඔබේ, මගේ, අපේ කතා වලින් එකක්.
එන්න, අපි අපේ හිත් කියවමු. මොහොතකට හරි අනිත් කෙනා හිතන්නෙ කොහොමද කියලා විමසන්න නතර වෙමු. අපිට එතකොට පුලුවන් වෙයි අපේම මිනිස් පවුලට අදට වඩා බිඳක් හරි හෙට කාරුණික වෙන්න.
තවත් හදවතක් ගැහෙන රිද්මය තව වරක් කියවන්න
හදවත්වරක් දෙවන කොටසකුත් තියනවා.
-
(0)
කොළපාට ඇස්-May December Romance
Rs. 1,600.00Rs. 1,280.00ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.
-
(0)
තෙත්සූයා නම් දුනුවායා
Rs. 650.00Rs. 520.00“දුන්නෙන් ඉවතට යන හැම හීයක් ම හදවතේ මතකයක් ඉතිරි කරනවා.
එහෙම එකතු වුණු මතක ගොන්න ඔයාව වඩාත් ශූර දුනුවායෙක් කරාවි.”
-
(0)By : Jay Shetty
යතිවරයෙකු සේ සිතන්න – YATHIWARAYEKU SE SITHANNA
Rs. 1,580.00Rs. 1,264.00මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්රන්ථයකි.වෙළඳපොලට නිකුත් වූ සැනින්ම ලොව පුරා මිනිසුන් මිලියන ගණනකින් වැළඳගත් ජේ සෙත්ති විසින් රචිත මෙම ‘Think Like a Monk’ ග්‍රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්‍රන්ථය බවට පත්විය. බවට පත්විය.ජේ සෙත්ති තෙවසරක්ම භික්ෂුවක ලෙස මහනදම් පිරූවෙකි.සිතේ සාමකාමී බව වර්ධනය කිරීම හා ජීවිතයේ ඒදිනෙදා අරමුණ ජය ගැනීමට සිත පුහුණු කිරීමේ මග ජේ සෙත්ති විසින් ඔබට කියා දෙන්නේ තම යතිවර සමයේ හඳුනාගත් ජීවිතය වෙනස් කරන මූලධර්ම රැසකිනි.ඒහෙයින් මෙම ග්රන්ථයෙහි සඳහන් පුද්ගල වර්ධන මූලධර්ම ඔබේ ජීවිතයේ වෙනස් මගකට යොමු කරවන්නකි.
-
(0)
ප්‍රමුදිත ජීවිතයක්
Rs. 780.00Rs. 702.00දළයි ලාමාත්, අගරදගුරුතුමනුත් අපේ යුගයෙහි අසහාය ආධ්‍යාත්මික නායකයන් මෙන් ම, ඔවුන්ගේ සම්ප්රදායයන් ඉක්මවා සමස්ත මානව වර්ගයා සඳහා වූ සදාචාරවත් සමාජයක් වෙනුවෙන් හඬ අවදි කරන්නවුන් දෙපළකි.පහසුවෙන් අප ව ගොදුරු කර ගැනෙන, නිෂ්ඵල දේ කතා කරමින් ජනප්‍රිය වීම පිළිකෙව් කරන මෙතුමන්ලා තුළ, මානව වර්ගයා කෙරෙහි පවත්නා දිරීමත් බව, ඉවසීම සහ අපේක්ෂා සහගත සන්සුන්කම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තුළ බලාපොරොත්තු දල්වයි. එතුමන්ලා අත්දකින ගැඹුරු සතුට පහසුවෙන් ඇති කරගත හැක්කක් නොවන්නේ, එය හිරිහැර, මර්දනය සහ අරගලය නමැති ගිනි මැද ගිනියම් ව සැකසුණක් බැවිනි. දළයි ලාමාත්, අගරදගුරු තුමනුත් සිහිපත් කරවන්නේ, සත්‍ය වශයෙන් ම සහජ අයිතියක් වන ප්‍රමෝදය සතුටු වීමට වඩා මූලික බව ය. -
(0)
විශිෂ්ට පියවර
Rs. 600.00Rs. 510.00හැකියාව ලාභ භාණ්ඩයක්එපා වෙන්න කලින් නවත්වන්නකියවන්න එපා. ප්‍රතිඵලය පෙන්වන්නමෘදු වතුර ගලා යන්නේ රළු ගල් මතින්කුමාරයෙක් නොවී ග්ලැඩියේටර් කෙනෙක් වෙන්න -
(0)
ජීවිතයට ගරු කරන්න
Rs. 1,200.00Rs. 960.00ස්වාමි පුරුෂයෙකු හා බිරිඳක අතර ගෞරවය පෙන්නුම් කරන්නේ කෙසේද? බිරිඳ සැමියාට බියෙන් ජීවත් වීමක් අපේක්ෂා කරන්නේද?’ ඔය මිනිහා ගෑනිට බයයි’ මේ අදහසින් ගම්‍ය වන්නේ බිරිඳ සැමියාට යටත්ව, බියෙන් ජීවත්වීම අපේක්ෂා කළ බවද? බියෙන් හෝ යටත්ව ජීවත්වන තැන ගෞරවයක් පවතීද? ගෞරවය පවතින්නේ පුද්ගලයෙකුට අභිමානයක් හා ආත්ම සම්මානනයක් ඇතිව ජිවත් වීමට හැකි වූ විටය. ‘අභිමානය ‘ යනු මට තිබේ යැයි සිතීමය.’ ආත්ම සම්මානනය ‘ යනු මට පුළුවනැයි සිතීමය.
-
(0)
ආදරය දැනෙන්න ජීවත්වෙන්න
Rs. 880.00Rs. 704.00මේ The Grnanois Guide (සිංහල පර්වර්තනය; නොගත් ගිරි හිස හෙතින් ඉවතටෝ පොතේ දෙවන පියවරයි, රොන් ෂර්මා වේහිදීත් සිය අපූර්ව අන්තඥානයන් හා ලොව විශිෂ්ටත්වයට, සාර්ථකත්වයට පත්කරලීමේ ක්‍රමවේදයන් ඔබ හා බෙදා හදා ගනියි. ජීවිතය ජය ගැනීමට, එය සාර්ථක කරගැනීමට මේ සිතුවිලි සහ උපක්‍රම ඔබට බොහෙවින් උපකාරී වනු ඇත. . වැඩ කිරීමේදී සහ පුද්ගලික දිවියේදී ලෝක මට්ටමට ළඟා වීමට* මන බඳනා සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමේ හොඳම මග හදා ගැනීමට අසාමාන්යයකුවීමට අවැසි ආවේගය, ආශාව, උද්යෝගය මතුකර ගැනීමට* දිවියේ සතුට සොයා යාමට හා වඩාත් විනෝදකාමීව ජීවිතය ගෙවීමට* ජීවිතයේ දුෂ්කර අවස්ථාවන්ට දිර්මත්ව සහ නිහතමානීව මුහුණ දීමට* ඔබේ පුද්ගලික දිවිය මෙන්ම වෘත්තියමය දිව්‍ය වඩාත් සරල කර ගැනීමටමෙයින් ඔබට අසාමාන්‍ය උපදෙස් රැසක් ලැබෙනු ඇති, එළඹී ඇත්තේ ඖධී වාරයයි. ඉහළ මිනිස් දිවියක් නිමිකර ගැනීමට ඔබටත් පුළුවන්, අවැසි වන්නේ එයට නිසි මඟ පෙන්වීමක් සහනොසිඳෙන දිරියයි. වේ. එය ලබාදෙන, එය මතුකරලන පිළිණයක් -
(0)
නැතිවුණු කුමාරයා
Rs. 1,275.00Rs. 1,083.75මාර්කෝ ලොරිස්ටන් වයස අවුරුදු දහයක පමණ කොලූග ැටයෙකි. මව නොමැති ඔහුට පියා හා ලාසරස් සමග විවිධ රටවල සංචාරය කරන්නට සිදුවේ. ඒ, එක්තරා රහසිගත කාර්යයකට බව ඔහු නොදනී. පාසල් නොගියත් ඔහු තම අනාගත ජීවිතය ගොඩනගා ගැනීමට අවැසි සියලූ ගුණාංග පියාගෙන් උකහා ගන්නා හැටි පුදුම සහගතය. ස්ටෙෆන් ලොරිස්ටන් තම දේශය වූ සමාවියාව පිළිබඳව දැඩි ඇල්මක් ඇති, එය වෙනුවෙන්ම කැපවූ කෙනෙකි.අහම්බෙන් හමුවෙන මීයා හෙවත් ජෙම් රැුට්ක්ලිප් සමග මිතුරු වෙන මාර්කෝ අමුතු සෙල්ලමක් පටන් ගනියි. ඒ සෙල්ලමේ අවසානය සමාවියාවේ ඔටුන්න හිමිකරුවා හෙවත් නැතිවුණු කුමාරයා සොයා ගැනීම දක්වා දිවෙන ආකාරය අපූරුය. රසවත්ය. ඔවුන් සොයාගන්නා ඒ සැඟවුණු කුමාරයා කවුරුන්ද? -
(0)
අවිකාරයන්ගේ කවිකාර ලියවිලි
Rs. 1,000.00Rs. 900.00සීගිරියේ කුරුටු ගී ගැන ඉතිහාසයේ පටන් කතාකරයි. එසේම සිපිරිගෙය තුළද නේවාසිකාගාර තුළද වෙනත් එවැනි වූ පොදු ස්ථානවල ද ඕනෑතරම කුරුටු ගී ලියවී ඇත. තමුත් ඒ සියල්ල අතරේ අව් ගැටුණු යුද බිම තුළ ද එවැහිම කුරුටු ගී විශේෂයක් ලියවී තිබුණු බව යුද බිමෙහි අත්දැකීම ලැබූවන් හැරෙන්නට සමාජයේ වැඩි දෙනෙකු නොදනිති.මරණය අහඹුවක් නොවූ රණබිම තුළ සෑම ක්‍රියාකාරකමක්ම සිදුවූයේ රණවිරුවන්ගේ දහඩිය, කඳුළු, රුධිරය පිරි සංවේදී මැදිහත් වීම් මතින්ය. රුවන්ගේ සුසුමක උණුසුමත්, සිනහවක දීප්තියත් මෙම කෘතිය හරහා අංශු මාත්‍රයකින් හෝ පාඨක ඔබට දැනේ නම් මේ පොත වෙනුවෙන් මා ගත් උත්සාහය සාර්ථකය. -
(0)
මරණය මැදින් මුලතිව් සිට
Rs. 1,500.00Rs. 1,350.00මේ අතර, මුලතිව් ඉහළ අහසේ හමුදා සාමාජිකයින් සොයා හෙලිකොප්ටර් යානා කැරකැවෙන්නට විය. වතුර ටැංකියේ සිටි සෑම අයෙකුම ඒ දෙස බලා සිටින්නට වූයේ බලාපොරොත්තු සහගතවය කෑගසන්නට හෝ අත වනන්නට ඒ තුළ කිසිදු ඉඩක් නොවූ තැන කපිතාන් පලිහවඩන තමා සතුව තිබූ කොම්පාසුව ගෙන එහි ඇති කන්නාඩිය හිරු එළියට නිරාවරණය වන ලෙස අල්ලා එමගින් හෙලිකොප්ටර් යානයට යම් පණිවිඩයක් ලබා දීමට උත්සුක විය. සෙසු සියලු දෙනාද නොඉවසිල්ලෙන් ඒ දෙස බලා හිඳින්නට වූ නමුත් හෙලිකොප්ටර් යානා එම සීමාවෙන් ඉවතට ඇදුනා මිස අන් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වීය. ජීවත්වීමේ බලාපොරොත්තු යළිත් වරක් අතරමග කඩා වැටුණු සයක් ඔවුනට දැණින. අවාසනාව තවදුරටත් ඔවුන් අතැර නොගොස් තිබුණු සේයකි.මරුවා හඹා එද්දි ජිවිතය අත් නොහළ විරුවන් දස් දෙනෙකුගේ සත්‍ය කතාව -
(0)
අවි බිමක ගිනියම
Rs. 1,400.00Rs. 1,260.00තැන තැන බිම වැට ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝපුල් හීන්අප්පුගේ උත්සාහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය. කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප්රයත්නය ගස්ලබ ගසේ ඉහළ සිට පහළට රක්ත වර්ණයෙන් සටහන් වූයේය. භට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ. සහයට පැමිණි හෙලිකොප්ටරය ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ ගොඩබැස්සවීමට නොහැකි වූයෙන් ගුවනේ නොපෙනී යන අයුරු කොකාවිල්ගි සෙබල බලා සිටියහ. ඒ වනවිටද ලුතිනන් අලදෙනිය හින්අප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය. මද්දහනේ අවි රශ්මිය භට නිවාසයේ වහලය විනිවිවද දැනෙන්නට විය. අවසානයේ සියල්ල ගිනියම් වූ මොහොතක කෝප්රල් හීනප්පු සිතල සිරුර පමණක් සහෝදර සගයන්ට ඉතිරි කළේය.
-
(0)
මොසාඩ් – Mossad
Rs. 1,495.00Rs. 1,345.50“ඊශ්‍රායල බුද්ධිමය මෙහෙයුම් ඉතිහාසයේ, අති විශිෂ්ට වෘත්තාන්තරයන්ගේ, ලොමු දැහැගැන්වෙන ක්‍රියාකාරකම් සමහරක් එහි ඇතුළු තතු දන්නා දෙදෙනෙකු විසින් අනාවරණය කරන මෙම පොතෙහි අවධානය යොමුව ඇත්තේ කීර්තිමක් මාසාඩ් වංශකතාවේ එන අද්විතීය පැහැරගැනීම්, රහසිගත මෙහෙයුම්,කඩාකප්පල් කිරිම් හා ඝාතන පිටුපස වූ මෙහෙයුම් ක්‍රියාදාමයන් සහ පුද්ගලයන් කෙරෙහිය,
-
(0)
රෝස මාලිගාවේ මනුසත්තු
Rs. 1,100.00Rs. 990.00යළිත් වරක් සාමා වෙතින් ලබන්නා වූ විරහ වේදනාව සමනය කරන්නට කාලයට ඉඩ දෙන්නට නො හැකි ය. ජීවිතය කිසි දිනක දෙවන අවස්ථාවක් ලබා නො දෙයි. ජිවත්වනට ඇත්තේ තවත් කෙටි කාලයක් විය හැකි ය. ඒ කෙටි කාලයේ සාමා ලබා ගනිමින් ජීවත් වන්නේ ද , එසේත් නැතිනම් පෙර පරිදි ජීවිතයට අයාලේ යන්නට ඉඩ දෙන්නේදැයි තීරණය කිරීමේ බැරෑරුම් අවස්ථාව දැන් පැමිණ ඇති බව නිහාල් තේරුම් ගත්තේ ය. වසර ගණනාවකට පෙර තමා ව මුලා කළ ගැහැනිය නො දැක පැරීසියෙන් පිටත ගියා නම් මේ ව්‍යාධිය සිතට දැනෙන්නේ නැත. දැන් යළිත් ඇගෙන්, ඇගේ පරිසරයෙන් ගැලවෙන්නට නො හැකි ය. මේ වාරයේ කෙසේ හෝ සාමා ව අත්කර ගන්නෙමියි ඔහු සිතුවේ ය. ඇගෙන් පළිගැනීම ඉන් පසුව කළ හැකි ය.
-
(0)
බියුරෝ
Rs. 1,900.00Rs. 1,710.00ලොව බලවතුන් අප දෙස බලා සිටී.අපේ හැසිරීම්,කතාබහ,ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගැනීම ඔවුන්ගේ අරමුණයි.ඒවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. බලවතුන්ට විරුද්ධව සටන් කිරීම ඒකකි. ඒසේ නැතිනම් ඔවුන්ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යා යුතු ය.
මැරෙනවානම් අපි ඔක්කොම ඒකට මැරෙමු…ඒය අපේ තීරණයයි.
-
(0)
දෙවැනි ගැහැනිය
Rs. 1,500.00Rs. 1,350.00පැරිස් නගරය වසන්තයට සැරසෙන එක් මනරම් සැඳෑවක, සුමිත්‍රා නානායක්කාර තම නිවසට ඇතුළු වුණු විට, ජීවිතය විනාශ කර දමන්නට සමත් වදන් දෙකක් ඇයට ඇසුණි.
“මම යනවා.. ” ඇගේ සැමියා කීවේය.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ් අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි.ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධීරාජ්‍යයක සැරිසරයි; .ගමන් බිමන් යයි; දවස ගත කරයි; ඇයත් සමඟ නින්දට යයි.
ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.
තවත් අයුරකින් මේ ප්රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකියි.
අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.
මේ, ඒ කතාවයි…
-
ප්‍රමුදිත ජීවිතයක්
Rs. 702.00දළයි ලාමාත්, අගරදගුරුතුමනුත් අපේ යුගයෙහි අසහාය ආධ්‍යාත්මික නායකයන් මෙන් ම, ඔවුන්ගේ සම්ප්රදායයන් ඉක්මවා සමස්ත මානව වර්ගයා සඳහා වූ සදාචාරවත් සමාජයක් වෙනුවෙන් හඬ අවදි කරන්නවුන් දෙපළකි.පහසුවෙන් අප ව ගොදුරු කර ගැනෙන, නිෂ්ඵල දේ කතා කරමින් ජනප්‍රිය වීම පිළිකෙව් කරන මෙතුමන්ලා තුළ, මානව වර්ගයා කෙරෙහි පවත්නා දිරීමත් බව, ඉවසීම සහ අපේක්ෂා සහගත සන්සුන්කම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තුළ බලාපොරොත්තු දල්වයි. එතුමන්ලා අත්දකින ගැඹුරු සතුට පහසුවෙන් ඇති කරගත හැක්කක් නොවන්නේ, එය හිරිහැර, මර්දනය සහ අරගලය නමැති ගිනි මැද ගිනියම් ව සැකසුණක් බැවිනි. දළයි ලාමාත්, අගරදගුරු තුමනුත් සිහිපත් කරවන්නේ, සත්‍ය වශයෙන් ම සහජ අයිතියක් වන ප්‍රමෝදය සතුටු වීමට වඩා මූලික බව ය.