• -20%
    (0)

    11 / ELEVEN

    Rs. 1,040.00

    මෙය අද්භූත, ඔබ කිසිසේත්ම විශ්වාස නොකරන කරුණුවලින් පිරි ඇත්තා වූත්, විශ්මයජනක කතන්දරයකි. දිනෙක ඔබ මෙය කියවද්දි මා ජීවතුන් අතර නොසිටියහොත්, මතක තබා ගන්න මේ ලියන්නා වූ සියලුම දැ මා විසින් මුහුණ දුන්නා වූත්, දැසින්ම දුටුවා වූත් සත්‍ය කරුණු ය.

    මේ කරුණු සහ සිදුවීම්වල ඇති අතිශය ගුප්ත බව නිසා ඔබේ මනස විටින් විට මෙම ප්‍රශ්නය අසනු ඇත.

    මේ සියල්ලම ඇත්තක්ද? එවිට මා යළිත් පවසමි.

    “මේ සියල්ලම මා මුහුණ දුන්නා වුත් දැසින්ම දුටුවා වුත් සත්‍ය කරුණු ය.”

    දෛවයේ කුමන හෝ අභාග්‍යකට මේවා ඒ ආකාරයෙන්ම සිදුවී ඇත.

  • -20%
    (0)

    LOVE SEX & JEALOUSY – ආදරය ලිංගිකත්වය සහ ඊර්ෂ්‍යාව

    Rs. 960.00

    රුපියල් 1460 ට කුලියට ගත්ත හොටෙල් රූම් එකක මම, (මම කාර්ති නායගම්, වයස විසිනවයයි, රැකියාව කතුවරයෙක්, උස අඩි 5 අඟල් 9යි, බර කිලෝ 76. කොන්ඩෙ කොටට කපල පැත්තට පීරල, වම් පැත්තෙන් කොණ්ඩෙ යන්න පටන් අරන් නළල පළල් වෙලා, රැවුල වවල) බානුගෙ (බානු මට ගර්ල් ෆ්‍රෙන්ඩ්, බානුගේ වයස විසිහයයි, බර 57. උස අඩි 5 අඟල් 3 යි, කොණ්ඩ බෙල්ල ළඟට වෙනකන් දිගයි. රැකියාව – ශිෂ්‍ය, ශ්‍රී පාලි විශ්ව විද්‍යාලය, අනාගත බලාපොරොත්තුව කතුවරියක වීම) කැම්පස් එකේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකට ෂෝට් ෆිල්ම් එකක් ෂූට් කරනව.

  • -20%
    (0)

    අදිසි නදිය

    Rs. 880.00

    කලකට ඉහත පොළොව යට ඉදිකළ ‘රහසිගක නගරයෙහි විසි දහසක් පමණ ජනකායත් අප්රකටව විසූහ. එය ඔවුන්ධම, ආවේණික උප සංස්කෘතියක් ගොඩනැංවිය. එහි පුරෝගාමීන් වූයේ, නගර පාලනයට විරුද්ධව කැරැරැල්ලක් ගසා ඉන් පයයි පත් පිරිසකි. ඒ බොහෝ දුරාතීකයෙහිය. ඔවුන්ගෙන් පවතින්නන් කලින් කලට, නගරය මතුපිටත්, යටත් එවක් වූහ. හිරු එළියෙන් ඔවුහු විදුලිය නිපදවා ගහ අභ්යන්තර ගංගාධාරයෙහි ධmo 50 එළවළු වගා කළහ. මිරිදිය මත්ස්ය වර්ග ද ගණනාවක්ම ගංගාවෙහි විසූහ. එහෙත්, සියල්ල කොපිට පෙරළෙන්නට සටන් ගත්තේ, බිමල් වසංගතය ආරම්භ වීමත් සමගිනි. පසු කාලයක එය දියකිඳුයි වසංගතය බවට වර්ධනය.වී.සොළොව මතුපිටට ද පැතිරුණේය. පොළොව යට ජනගහනයෙන් තුනෙන් එකම ඉන් විය ගියහ. වර්තමානය වන විට ඉසිරිව සිටින්නේ සිය ගණනකි. ඔවුන්ගෙන් ද වැඩි දෙනා වසරේ වැඩි කලක් ගත කරන්නේ පොළොව මතුපිටමය. තවදුරටත් පොළොව යට ජීවිතයම තෝරා ගත්තෙකු වී නම් ඒ ආරක්ෂක හේතූන් නිසා හෝ නගරවාසී දිවියෙන් රිදී පරණ සංස්කෘතිය තුළම පැවැරීමට ඇති ඇල්ම නිසා හෝ විය හැකිය. නුත්යාගයකුට එය ගුප්ත ජීවන ක්රමයක් ලෙස ද පෙනී යාට ඉඩ ඇත.

  • -20%
    (0)

    අපොයියාව

    Rs. 480.00

    අපේ ප්රහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිඳු වචන කලින් පැමිණෙයි. අපි වැනි දගකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරි අම්මා වැනි ගැහැනු වචන මග පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.

  • -20%
    (0)

    අවර්ණ වර්ණ – Awarna Warna

    Rs. 768.00
    ” සෙදෝරන් මොකක්වත් මට හංගන ප්රශ්නයක්ද?”
    නහර මතු වී රැළි ගැසුණු සේදෝරන්ගේ දෑත්, සීරුවට තණ පියස්ස මතින් වැඩුණු වල් පැළ අතරින් ගමන් කළේය.
    “ලස්සනට තියන මේ තණ බිස්ස විනාස කරන මේ වල් ගස් මුලින්ම උගුල්ල නොදැම්මොත් වැස්සට අයෙ දලු දානවා….”
    සෙදෝරන් වල් පැළෑටියක් වේගයෙන් උගුල්ලා ඉවතට ගත්තෙන් ඔහුගේ මුහුණට පස් කැටිති පවා විසි විය.
    ජාලිය සෙදෝරන්ගේ ආවේගශීලී හැසිරීම දෙස වික්ෂිප්තව බලා සිටියේ ඔහු කෙරෙන් වෙනසක් පෙන්නුම් කළ නිසාවෙනි.
    ” අම්ම ආවේ නෑ නේද දරුවො සෑහෙන දවසකින්…?”
    ” ඒක තමයි සෙදෝරන්… මම නිදහස් වෙන්ඩ ළඟ හන්ද මල්ලි යන්ඩ එපා කියන්න ඇති. එක අතකට මම නිදහස් වෙනකල් අම්ම මෙහෙ නොඑන එක හොඳයි… අවුරුදු විස්සක් පුරාවට අම්මගෙ මූණෙ තිබුණෙ වේළුණ කඳුළු පාරවල්. ඒව කවදාවත් මැකුණෙ නෑ. බොර පාට යට ගැහුණු ඇස් දිහා මම බලාගෙන හිටියෙ පව්කාරයෙක් වගේ…”
    ඔවුන් අතර පැතිර ගියේ දැඩි නිහැඬියාවකි. ඉන් පසුව ගත වූ කාලය තුළ ජාලියගේ සිත තුළ සැරිසැරුවේ මවගේ රැලි ගැසුණු කම්මුල්ය. අඳුරු වී ගිලී ගිය බොර පැහැ දෑස්ය. අවපැහැ වූ වතය. ඇය ඇගේ කෙසඟ සිරුරට යන්තමට හුස්ම පිඹිමින්, පුරා
  • -20%
    (0)

    අහම්බයකින් මිස අපි… හමු නොවෙමු කිසිදා යලී

    Rs. 960.00

    මම ඇතුළුව අපි ගොඩ දෙනෙක්ගෙ ජිවිත වෙනස් වෙන්නෙ එක පාරටම නෙවෙයි. හැම පුංචි වෙනස්කමක්ම වෙන්නෙ බොහොම හිමීට. එතකොට අපිට ඒක දැනෙන්නෙ නෑ. අපේ ජීවිතේ නොහිතුවම විදිහට වෙනස් වෙලා!’ කියලා තේරෙද්දි වෙන්න ඕනෙ විලම් බැසිය වෙලා ඉවරයි.

  • -15%
    (0)

    ආදරණීය වික්ටොරියා – Adaraneeya Victoria

    Rs. 1,360.00
    ” ඔනේ මේව කීය ගාණෙද විකුණන්න පොරොන්දු වෙලා තියෙන්නෙ.
    රාජකාරිය හමාර කළ දවසේ හැන්දෑවේ අන්දිරිස් සාමෙල් ගෙන් ඇසුවේය.
    සිලිමයි පැන්ස හයකට
    සාමෙල් පිළිතුරු දුන්නේය.
    අනික් උන් මේව කීයටද විකුණන්නේ?”
    අපොයි උන් විකුණන්නේ සිලිමයි පැන්ස හතරට එහෙනං මෙදා පාර සිළිමයි පැන්ස දෙක ගානේ මේව විකුණන්ඩ.’
    මක් කිව්වා?’ සාමෙල් ඇස් ලොකු කර අන්දිරිස් දිහා බැලුවේය. මට පාඩු වෙනවනෙ එහෙම කළාම. අනික ඌගේ දහදුරා පීප්ප වලට වැඩිය මගේ පීප්ප හරි සවි සත්තියයි.

    ඔහුගේ ලෝකයේ පරමාදර්ශය වුයේ ඇයය.එසේම නම කියු සැණින් දත් අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට ඔහු තුළ බලාපොරොත්තු දැල්වුයේද ඇයය.එපමණකුදු නොව තුංග පොල් ගසක් තරමට තරව මුල් දරා වැඩෙන්නට ඔහුගේ ‌හෙවනැල්ල වුයේ ඇයය.

  • -20%
    (0)

    ආසික්ලන්තය

    Rs. 1,120.00

    මා ඔබට කතාවක් පවසමි.

    ඔබ මෙය විශ්වාස නොකරනු ඇත.

    එය විශ්වාස කරන්නැ’යි

    මම බල කරන්නේ ද නැත.

    එහෙත් මෙය කියවන විට

    “ඔබේ මනස හැකිතාක් විවෘත ව

    තබා ගන්නැ’යි”

    පමණක් ඉල්ලා සිටිමින්,

    මම කතාව ආරම්භ කරමි

  • -20%
    (0)

    ඇබ්නුක්ටා – Abnukta

    Rs. 760.00

    ‘එහි සිටියේ, රළු සළුවකින් සිරුර වසාගත් කාන්තාවකි.සුළඟ ප්රචණ්ඩ වූ බැවින් අර්ධ නග්න නාරි දේහයේ සළු පිළි සුළගෙහි නටන්නට වූයේ ගොදුරකට පනින්නට සැරසෙන සර්පයින් රොත්තක් සේය.ඔහු ඇය දෙස බැලුවේය.ඇගේ නෙතු ඔහුගේ නෙතු හා ගැටුණ පළවෙනි මොහොතේම විදුලි සැරයක් වැදුනාක් මෙන් හැඟිමකින් ඔහුගේ හිත සලිත වී ගියේය.”

  • -10%
    (0)

    ඇහැළ මලට දම් පාටක්

    Rs. 1,080.00

    “පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”
    පුස්තකාල උද්යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක
    දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
    පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
    “The tree of Paramee…!”
    “මම පාරමී?”
    “ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා
    ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
    “ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
    මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”
    “කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු
    ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
    “ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.
    අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
    “ඇයි ඒ?”
    “දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”

  • -10%
    (0)

    උත්පත්ති – UTHPATHTHI

    Rs. 1,350.00

    ඒ රැය ගෙවී පසුදා අවදී වූ ඔහු, ජනේල තිරපට අතරින් පැති මිදුලත්, ඉන් එහා තෙමුණු ගහ කොළත් දෙස බලා සිටිනා බිසෝ දෙස නෙත් යොමු කොට සිටියේ, පළමු වරට දුටු ප්රතිමාවක් දෙස බලා ඉන්නා දරුවෙකුගේ විස්මයෙනි. ජනේල කූර අල්ලා ගන්නට එසවුණු ඇගේ අත් දණ්ඩ යටින් දුහුල් රෑ ඇඳුම විනිවිද ඈ කය ස්වප්නමය අයස්කාන්තියකින් ඔහු දෑස් වසග කළ ද, ඒ හා සමග ඇතුළාන්තය කලඹා එන දරුණු සුළි කුණාටුවක හෝ හඬින් ඔහු භයංකර ලෙස තැති ගත්තේ ය. සැමියා තමා දෙස බලා ඉන්නා බවක් ඕ නොදත්තා ය. ඔහුගේ හද ගැස්මේ වේගය ද, හතිය ද ඇයට නොදැනිණි. ඔහුගේ මුවින් කිසියම් වේදනාත්මක කෙඳිරියක් පිටවෙනු සමග තිගැස්සී හැරී බැලූ ඇගේ මුව ඈයිනි.

  • -10%
    (0)

    ඔයයි මමයි තව දෙන්නයි – Oyai mamai thawa dennai

    Rs. 1,170.00

    මේ වගේ වෙලාවක කෙල්ලෙක්ට ට්‍රයි කරනව නම් මධ්‍යස්ථ බවකින් කෙල්ලගේ හිතේ ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද නැත්නම් කෙල්ල දැන ගන්නවා කොල්ලා එන්නේ පොල් පැළේ කන්න කියලා වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කෙල්ල වුණත් ඒ වැරැද්ද අතිශය සාධාරණ මානුෂික කරුණක් බවට තර්ක ගොඩනගන්න ඕනේ. මේ අතරේ සෙක්ස් වගේ දේවල් ගැන ගොඩක් ගැඹුරින් ඒත් සරල ව ‘මට ඕවා ගාණක් නෑ කියන්න වගේ අදහසුත් එකතු කරගැනීමේ අනිවාර්යයි. තමන්ට ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවා කියලා කෙල්ලගේ හිතට එන්නත් කිරීමත් වැදගත් කවිකාර දඟකාර හිතුවක්කාරකම් ගෑවුණ වචන සාමාන්‍ය වචන දහයකට දෙකක්වත් යොදා ගැනීම අනාගතයට ප්‍රයෝජනවත්

  • -10%
    (0)

    කන්ද උඩ ගින්දර

    Rs. 1,575.00

    ළැම ගින්න දරාගන්න බැරුවාමයි මයෙ දෙයියෝ තුන් තිස් පැයේ ලැව් ගින්නේ පිච්චෙනවා ගං ඉවුරේ පියවර ලකුණු මැකී යන්නෙ නෑ ගල් බෙයඳේ සිරියහනේ පුසුඹ දැනෙනවා රළු පරළු යෝධ ගල් බෙයඳේ රජ බිසෝ සිරි යහන සසැඳේ ගඟ වැටුණු මලිනි ගෙල බැන්දේ පති පතිනි කුල දහම් වින්දේ හුන්නස්ගිරිය කන්දේ මහතලා මයෙ හුස්ම වින්දේ සෙංකඩගලට දුර වැඩිදෝ මයෙ පියවර දිග මදිදෝ හිමි සඳුනි මයෙ රජුනි පති කුලේ ගින්දරයි තනි යහනේ නින්ද නෑ මයෙ දෙයියෝ…….

  • -20%
    (0)

    කළු – Kalu

    Rs. 1,000.00

    ‘පුංචි නෝනා’ යනුවෙන් නිරන්තරයෙන් රැව් පිළිරැව් දෙන හඬට අවනත වූ කලෙක මෙන් මම තවත් වරක් හිස ඔසවා ඔහු දෙස බැලීමට තීරණය කළෙමි. යන්තමින් හිස ඔසවනවාත් සමඟ ම මා දකිනා දර්ශනය පිළිබඳව මට විශ්වාසයක් නොවූ තැන මම තවත් හොඳින් ම දැක ගැනීම සඳහා දෑස් ඒ වෙත නාභිගත කළෙමි. ඒත් සමඟ ම දුටු දසුන මාගේ මුළු සිරුර ම සලිත කරවමින්, රෝමෝද්ගමනය කිරීමට සමත්ව තිබුණි. මාගේ මුව දහඩියෙන් තෙමී යද්දී, කෙළ සිඳී යමින් මුළු සිරුර ම ගිනියම් සළුවක එතුණාක් වැනි හැඟීමක් දැනෙන්නට විය.

  • -20%
    කාල නදී ගලා බසිකාල නදී ගලා බසි
    (0)

    කාල නදී ගලා බසි

    Rs. 1,040.00
    හැන්දෑකරේයේ හල්වතුර කඩමන්ඩියේ එක් රොක්වූ ගැමියන්ගේ කතාබහට මාතෘකාව වුණේ සවුන්දිරිස් මහත්තයා අලියාට ගිනි බිඳීමය. කඩමණ්ඩියක්ය කීවාට හල්වතුර හන්දියටම තිබුණේ සිල්ලර කඩයකුත්, තේ කඩයකුත් විතරය. දුම්බර මිනිරන් පතල් සමඟ ගමට පැමිණි කඩමණ්ඩිය, බොහෝ ගම්වල සිදුවුණ ආකාරයටම ගමට ආරංචි සැපයූ තොරතුරු මධ්යස්ථානයද විය.
    කුඩා සාදිරිස් හාල් සේරුවක් ඇතුළු අඩුම කුඩුම කිහිපයක් ගන්නට රෙදි උරයක් ද කිහිලි ගන්නා ගෙන පිම්මේ දුව ආවේ කඩේ කතාබහට යම් දුරකට යමින් තිබුණු වෙලාවේය. එ නිසාම ඔහුට මුලින් මුලින් මේ කතාබන වල අගමුලක් තේරුම් ගියේ නැත.
    “සුද්දො ඇවිත්… කල්ප කාලාන්තරයක් තිස්සෙ තිබුණ වනන්තරේ එළිපෙහෙළි කොළාම ඒ අහිංසක සතා සීපාව කොහේ කියල යන්නද? පව් අහිංසක සතා. විස්සෝපයෙන් ඇලළුන කාන්තාවක් දුම්කොළ මිටියෙන් හොඳ දුම් කොළයක් තෝරමින් එසේ කීවාය.
    සවුන්දිරිස් මහත්තයා වෙඩි තියල තියෙන්නෙ සත මැරෙන්න නෙවි බය කරන්න විතරයි. හිස පිටුපසට වන්නට කුඩා කොණ්ඩ ගැටයක් ගසා සිටි පිටකන්දේ සේතුවා මාමා, සුද්දා වෙනුවෙන් වගඋත්තර බැන්දේය.
  • -15%
    (0)

    කොණ්ඩිත්තම්

    Rs. 488.00

    “සහෝදරයා… මම ඉගෙන ගන්නේ දායක සභාවේ මිනිස්සුන් දුක් විඳල දෙන දානමානවලින්… මට දඩ මුදලක් නෙමෙයි… අඩුම ගානේ නීතිඥ ගාස්තුවවත් ගෙවාගන්න විදිහක් නෑ… අනික මම හිරේ ගියොත්, මගේ පන්සලේ දායක සභාව ආයිත් මාව පන්සලට වද්දගන්න එකකුත් නෑ… මොකද මම විශ්වවිද්යාලෙට ආවේ ඉගෙනගෙන ආපහු පන්සලට ගිහින් පින් දහම් කටයුතු කරන්න මිසක විප්ලව කරන්න නෙමෙයි….” බුද්ධ චීවරය දරන හාමුදුරුවන්ගේ කතාව බෙහෙවින් ඍජුය. එහෙත් පක්ෂයේ නියෝජිතයා මාක්ස් ගැනත්, ලෙනින් ගැනත්, චේ ගුවේරා ගැනත් දීර්ඝ දේශනාවක් කරන ලද්දේය. චූදිතයන් සියලු දෙනාම පක්ෂ නියෝජිතයාට ස්වකීය දැඩි විරෝධය ප්රකාශ කළද ඔහු එයට මුහුණ දුන්නේ එඩිතර ලෙසිනි. එයට හේතුව සියලු දෙනාගේම නායකයා වූ ජනක නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමයි.

  • -10%
    silvabookshop_lk_cosmopolitan_jeewithasilvabookshop_lk_cosmopolitan_jeewitha
    (0)

    කොස්මොපොලිටන් ජීවිත

    Rs. 1,035.00

    නිව්යෝක් නුවර වාසය කරන ලාංකික ද්‍රවිඩ පවුලක් ළඟ නැවතීමට යන නිලංග සිය ශාස්ත්‍රපති උපාධිය පසෙකලා කෙල්ලන් හා පෙමින් බැඳේ, කොරියානු සිසුන් හා රස්තියාදුවේ වැටේ, එනුවර මිනිසුන්ගේ හෘදයාභ්‍යන්තරය කරා ඇදේ. අවසන ඔහු අවතැන් වූ හා උපන් රට හැර දා ආ මිනිස් සමාජයක අනන්ත වූ මතක රැගත් ජීවන පත්‍රිකාවක් ලිවීමට මුල පුරයි. විටෙක එය මනරම් ස්ත්‍රී ආදරයේ විවිධ පැති ගැන කියන්නකි. විටෙක එය ලොව සෑම දෙසින් පැමිණි මිනිසුන් වසන කොස්මොපොලිටන් නගරයක සමාජ සංස්කෘතික ජීවිතයේ අපූර්වත්වය විදහාපාන්නකි. සියල්ලටම වඩා එය මිනිසා පෙළෙන හුදකලාවේ ප්‍රහර්ෂය කියා දෙන කැටපතකි.

  • -20%
    (0)

    කොළඹ ප්‍රහාරය

    Rs. 1,040.00

    ඔවුන් එකෙකුටවත් බසයෙන් පිටහට අඩියක්වත් තැබිමට හැකිවූයේ නැත, අඩි හයක් පමණ උස වූ පකිස්ථානුවෙක් මෙන් පැහැපත් ශරීරයන් තිබුනු මෙම මුස්ලිම් ජාතිකයා ඔහුගේ ඉණෙහි තිබුණු ඩේටනේටරය අතට ගෙන එහි ස්විචයට ඇගිල්ල තබා එය ඉහළට එසවූයේය. එය තමන්ගේ අවසානය යැයි දැනගත් මගීනු එකා පිට එකා වැටී එතැනම ගල් ගැසී නතර වූහ. ඔහු ස්විචය සියල්ලන්ටම පෙනෙන සේ ඉහළට ඔසවමින් අවසන් වරටක් “අල්ලාහු අක්බර්” යැයි හ

  • -20%
    (0)

    ගෝහාර්

    Rs. 1,040.00

    කූඩා දරුවෙකුගේ ජීවිතය වටා ගෙතී ඇති අතිශයින් භයංකාර වූද කුතුහලාත්මක වූද මෙම වෘත්තාන්තය ඔබට ලිවීමට මත්තෙන් මේ කතාවට මා අරෝපණය වූ ආකාරය ගැන පාඨක ඔබ දැනගත යුතුය. දිනක් තම ළගම මිතුරියකව මුණ ගැසීමට ගොස් නිවසට ආ මාගේ බිරිද දැඩි වික්ෂිප්ත භාවයකින් යුක්තව ඇදෙහි වැතිර සිටියාය. ඇයගේ මුහුණ සුදුමැලි වී ඇත, ඇය කුමක් හෝ පසුතැවිල්ලකින් සිටිනු ඇතැයි සිතු මා ඇය වෙතට ළංව එයට හේතුව විමසා සිටියෙමි. ඇය තියුණු බැල්මකින් මා දෙස බැලූවාය. ඇයගේ එකදු බැල්මෙන් ඇය මට පවසන්නට යන්නේ විශිෂ්ටතම කතාවක් යැයි මා දැන ගත්තෙමි. මා මෙතෙක් ලියු සෑම කතාවක්ම මගේ බිරිද විසින්ම මා හට කියු අපූරුතම සිදුවීම් බැවින් මෙයත් එ ආකාරයෙම එකක් විය යුතුයැයි සිතු මා එය දැනගනු රිසියෙන් ඈ දෙස බලා සිටියෙමි. ඇය මා හට ගෝහා\ර් නමින් ඔබ විසින් කියවන මෙම කතාව පැවසුවේ එවිටය. ඇයගේ හොදම මිතුරියක වන රිප්සිමේ නමින් හදුන්වන තැනැත්තියගේ දරුවෙකුගේ ජීවිතයේ සිදුවුනු සහා තවමත් සිදුවෙමින් පවතින අතිශයින්ම අත්භූත, ජුගුප්සාජනක සහ කුතුහලාත්ම සිදුවීම් වලින් යුත් මේ කතාව ඔබේ කියවීම උදෙසා මා මෙසේ ලියා පලකරමි. පාඨක ඔබේ රසවින්දනය තරිව කරනු වස් මෙහි සමහර සිදුවීම් පරබන්ධයක් කොට මා නිර්මාණය කරමි. එහෙත් ඔබ මෙය දැන ගත යුතුය. මෙය සත්ය සිදුවීම් දාමයක් මූලාශර කොට ගෙන නිර්මාණය කල වෘත්තාන්තයකි. ගෝහා සේම ගෝර් ද තවමත් ඔහු නොවුන් අතර ජීවත්වෙයි. ගෝහාර් කතාවේ පසුතලයට රටවල් දෙකක් තේමා වී ඇත. එකක් නම් මෙහි පරධාන පසුතලය ලෙස සකැස්වී ඇති අර්මේනියාවයි. එය නැගෙනහිර යුරෝපයේ හිතාමත්ම කුඩා සහා සුන්දර රටකි. මෙහි ගුස්තා කතාවට පසුතලය වන්නේ අර්මේනියාවේ වැනඞ්සෝර් නමින් හදුන්වන අතීශයින්ම සුන්දරවූ කදුවලල්ලකින් වැසුනු විශාල නගරයකි. ශීත කාලයට මෙම කදු මුලූමනින්ම හිමෙන් වැසී යන අතර එය අති රමනීය චමත්කාරයක් උසුලයි. මෙහි තුන්වන පසුතලය වන්නේ ස්විස්ටර්ලන්තයයි.
    – මුතුමුදලිගේ නිශ්ශංක –

  • -20%
    (0)

    චිත්‍රාල් – Chitral

    Rs. 960.00

    හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුනු මිනිසුන් පවා
    ශාරීරිකව එතරම් නොගැලපෙන අවස්ථා බොහෝය.
    ශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත්
    හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත.
    ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පෑහෙන්නෝ
    හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව
    ඔවුන්ට වෙන් වන්නට සිදුවනා තෙක් ඔවුහුමවත් නොදන්නෝය.

  • -20%
    (0)

    නා ගස උඩ – Na Gasa Uda

    Rs. 880.00

    වැවේ අනිත් කෙළවරේ තවමත් මාළුන්ට මාන බලන කොකෙක් දිහා මම බලාගෙන හිටියා.
    ඌ එක එල්ලේම වැවේ මාළු දිහා බලාගෙන ඉන්නවා. තව තැනක දියකාවෙක් එකපාරටම වතුර යටට ගිහින් ඊට ටික දුරකින් මතු වෙලා අහසට පියාඹගෙන ගිය හැටි මට මහා පුදුමයක් වුණා. දියකාවට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න පුළුවන් වුණාට, අම්මට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න බැරිව ගියා. එකපාරටම අම්මා ජබු ගහන සද්දෙ වැඩි වුණා. ඒ සද්දෙට මාළුන්ට මාන බල බල හිටිය කොකත් කලබල වෙලා ඉගිල්ලිලා ගියා. තාත්තා අම්මව බේරගන්න වැවට පැන්නට, දෙන්නා තරගෙට වගේ මුළු වැවටම ඇහෙන්න ජබු ගැහුවා. ඒ ජබු සද්දෙත් ටිකෙන් ටික නැති වෙලා ගියා. ඒත් මගේ හිත ඇතුළෙ තවමත් ඒ සද්දෙ දෝංකාර දෙනවා.

    ආයෙ කවදාවත් තාත්තාවත් අම්මාවත් වැවෙන් ගොඩට ආවේ නැහැ. එයාලා වැව ඇතුළෙම
    මාව දාලා හැංගිලා ගියා. එයාලා එනකම් මං එදා හුඟක් වෙලා බලන් හිටියා. රෑ සීතල එන්න එන්නම වැඩි වෙනකොට, වැව දිහෑන් අමුතු අමුතු සද්ද ඇහෙනකොට එදා මම තට්ට තනියම ඉඳන් කෑගහලා ඇඬුවා. වැවේ එහාට මෙහාට පීනන මාළුන්ට ඇහෙන්න මම ඇඬුවා. වැව් දියේ හැංගිලා ගිය අම්මටයි තාත්තටයි ඇහෙන්නම මම කෑගහලා ඇඬුවා. ඒත් කවුරුවත් ආවෙ නැහැ… එදා මගේ ඇස්වලින් බිමට වැටුණු කඳුළු ඒ වැවේ වතුරට එකතු වෙලා මුළු වැවම මාත් එක්ක
    එකට අඬන්න ඇති කියලා මම අදටත් හිතනවා.

  • -15%
    (0)

    නිල් කට්රොල් – Nil Katarol

    Rs. 1,403.00

    මින් වසර එක්දහස් පන්සියයකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැගූ කාශ්‍යපගේ කතාව පමණක් නොවේ.
    එසේම උත්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලීගේ කතාව පමණක් ද නොවේ. මෙය ඔබ මා දන්නා වූ හා
    නොදන්නා වූ ගුප්ත සිත්තරෙකුගේ ද අද්භූත ආදර කතාවයි.

  • -20%
    (0)

    නිෂ්පත්ති – Nishpaththi

    Rs. 960.00

    “කීයක් හරි ඉතුරු කරගනිං… අත් දෙක වනවනා මිනිහෙක් එක්ක ගියදොට උඹටමයි අන්තිමේ කතන්දර අහන්න වෙන්නෙ..” ගෙදර සිටි දින දෙක තුළ අම්මා දහ දොළොස් වතාවකට වඩා මැතුරූ මන්තරය වූයේ එයයි. තිළිණි එය නොදැන සිටියා නොවේ. එහෙත් අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්නට නම් වර්තමානය තුළ ජීවත් විය යුතුය. ජීවිතය විඳිය යුතුය. තිළිණි විශ්වාස කළේ එයයි. එසේම ඇය පිරිමින් සම්බන්ධයෙන් දැක්වූයේ එතරම් යහපත් ආකල්පයක් නොවේ. විශේෂයෙන්ම තමුන් දන්නා ගමේ උදවිය, ඥාතීන්, පවුලේ හිතවතුන් ගත් කළ පිරිමින් යනු හුදු පීඩකයන් පමණකි.

  • -20%
    (0)

    පර්සෝනා – Parsona

    Rs. 1,000.00

    කාන්තා ව්යවසායකත්වය මුල් කරගත් අගනා නවකතාවකි
    —————————————————————————-
    සිහින දකින්න ධෛර්යයක් අවශ්‍ය නැහැ. නමුත් කිහින විශ්වාස කරන්න මහා ධෛර්යයක් අවශ්‍යයයි. ඒ වගේම

    හදවතින්ම විශ්වාස කරන සිහිනයක් නඹා යන්න බරපතළ අවදානමක් ගන්න ඔබ සුදානම්ද?

  • -20%
    (0)

    පෘථිවි – Pruthivi

    Rs. 1,200.00

    ඔවුහු තමා යක්ෂයා ලෙස හංවඩු ගැසුවෝය. ද්‍රෝහියෙකු ලෙස නම් කර පිටුවහල් කළෝය. ‘අයෙක් නොදන්නා දැනුමක් බෙදා දීම ඔහු යක්ෂයෙකු වීමට බලපායිද…’ හෙතෙම නැවතත් සිතුවේය. තමා කෙරෙන්ඈ ත් වන්නා වූ ස්වර්ගය දෙස අවසන් වරටත්
    බැලු‍වේය. ‘ද්‍රෝහි වූයේ මා ඔවුනට නොව, ඔවුන් මා
    හටය. දිනෙක එය සංසිඳෙනු ඇත. ස්වර්ගය බිඳ වැටෙනු ඇත!’
    තමාම එය සිදු කරනා වග, ඔහු තමාටම ශපථ කරගත්තේය.
    ඔහු ද්වාරය තුළ ගිලෙත්ම, ස්වර්ගය ඔහුගේ ඇස් මානයෙන්ගි ලිහිණි.

  • -20%
    (0)

    පෝ – PO

    Rs. 960.00
    තානායම අවුරුද්දකට කලින් සම්පුර්ණයෙන්ම වහලා දැම්මා,”
    “කවුද සිරිමෙවන්? “
    “ඕකේ අයිතිකාරයා. ඉස්සර හින්නළුවේ හිටිය කෙරුම්
    කාරයෙක්. මිනිහගේ තමයි ඔය තානායමත්”
    ” මොනවටද මිනිහව ඇල්ලුවේ ”
    “කැලෑවේ ජාවාරම් කරනවා කියලා”
    “මොන ජාවාරම්ද?”
    “කුඩු, ඒත් ඒක නෙමේ ඇත්ත කතාව. මිනිහා කුඩු ජාවාරම් කරන්න ඇති, ඒ එක්කම ඊට වඩා ලොකු ජාවාරමක් මිනිහා කළා “
  • -20%
    (0)

    ප්‍රේමසුත්‍ර

    Rs. 1,120.00

    ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි.

    එදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොඳුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කරගන්නට ඇය සෑමවිට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමඟ සහවාස ජීවිතය පිළිබඳ අතීතය විසින් ලබාදී තිබූ අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඬරු පිඩක් ව දියව ගියා ය.

    අතීත සහවාසයේ දී තමා ජීවිතය යැයි සිතා සිටියේ අර්ධයකට ය. එය ද ශාරීරිකව මෙන්ම මානසිකව අමිහිරි අත්දැකීම්වලින් පිරි පීඩාකාරී එකක් විය. සැබැවින්ම සිය ජීවිතයේ ප්‍රථම වතාවට පරිපූර්ණ ඇසුරක පහස වින්දේ අද ය. එය නැවත නැවත සිත ඉල්ලන තරම් ස්වර්ගාස්වාදයකි

  • -10%
    (0)

    බත්තලංගුණ්ඩුව – Baththalangunduwa

    Rs. 882.00

    කල්පිටි කළපු දියවර මත හිරු රැස් වෑස්සෙයි. ළා හිරු රැසින් තෙමී අවදි වී ඇඟමැළි කඩා ගත් කළපුව සරැලි නංවයි. සිහින් සරැලි එකෙකු පසුපස එකෙකු ලුහුබඳී. අඩුලුහුඬුකම් නැති රිද්මය චලනයකි. කෙළි දෙළෙනි.

    හිමි දිරියටත් නොදන්වා දවස අවදි වූවා වැන්න.

    වයඹදිග සතර දිග් භාගයට උදෑසන උදා වුව අහස මඳඳුරු ය.

  • -15%
    (0)

    බාබා X

    Rs. 552.50
    මේ මහා ලිංග දෙවියන් වහන්සේගේ උපදෙස්. මම කරන්නේ
    උන්වහන්සේ මට කියන දේ ඔබට පැවසීම පමණයි. ඔබට එය
    තේරුණාද මාඝ් ? “
    ප්රතිමාව දෙස බලාගෙනම ඔහු සිඟන්නාගෙන් ඇසුවෙන් සිඟන්නා ද ඔහුගේ අත් එක්කාසු කොට වැඳ ගනිමින්, “තේරුණා,, තේරුණා…”
    යනුවෙන් දෙවරක් පැවසුවේය.
    බාබා, මහා ලිංග දෙවියන් ඔබට අණ කරනවා. ඔබේ ලිගුවේ
    තිබෙන සීනුව ගලවා මෙම ප්රතිමා ලිඟුවෙහි ගැටගසන්න.
    තරුණයා එසේ කියම මු කරන්නට යන්නේ කුමක්දැයි සිතූ බාබා කුමක් හෝ වේවා යැයි සිතමින් සීනුව ගලවා ප්රතිමාවේ ඉදිරියට ඉලිප්පී පෙනෙන ලෙස අඹා තිබුණු ලිඟුවේ එල්ලුවේය. ඉන්පසු තරුණයා දෙස ඇස් පිය ගසා, ඔබ කරන්නේ කුමක්දැයි’ සංඥාවෙන් ඇසුවත් තරුණයා එයට කිසිවත් කීවේ නැත. ඒ තරුණයාගේ දෑස් තවමත් ප්රතිමාවට යා වී ඇත.
  • -10%
    (0)

    බියුරෝ

    Rs. 1,710.00

    ලොව බලවතුන් අප දෙස බලා සිටී.අපේ හැසිරීම්,කතාබහ,ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගැනීම ඔවුන්ගේ අරමුණයි.ඒවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. බලවතුන්ට විරුද්ධව සටන් කිරීම ඒකකි. ඒසේ නැතිනම් ඔවුන්ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යා යුතු ය.

    මැරෙනවානම් අපි ඔක්කොම ඒකට මැරෙමු…ඒය අපේ තීරණයයි.

  • -20%
    (0)

    බෙරගල කන්දේ නිධානය 1 – Beragala Kande Nidhanaya 1

    Rs. 440.00

    මේ ගමනට ගෙදරින් අවසර දේවිද?
    අපේ සිත් තුළ මතුවුණ ඉමහත් කුතුහලය නිසාම අපි මොහොතක් ගොළුවීමු. අනතුරුව වක්කඩ කඩා හැළුණාක් මෙන් අපි එකිනෙකා නිමල් අයියාගෙන් එක දිගට ප්‍රශ්න අසන්නට වීමු.
    ” බෙරගල කන්ද කොහෙද තියෙන්නේ? ”
    ” ඒක තියෙන්නෙ කුරුවිට පැත්තෙ ”
    ” ඒ කන්ද ගොඩාක් උසයිද? ”
    “ඔව්. සෑහෙන්න උසයි. ඒක කන්දක් කීවට සැතපුම් සිය ගණනක් ඈතට විහිදුණු කඳු වැටියක්. මේ බෙරගල කන්දත් ඒ කඳු වැටියේම කොටසක්. බෙරගල කන්ද වටා පැතිරුණ මහ වනය තමයි මේකෙ තිබෙන විශේෂත්වය.’
    ” මොකක්ද ඒකෙ තිබෙන විශේෂත්වය ? ‘
    ” ඒක වසර දස දහස් ගණනක් ඉපැරණි මහා වනාන්තරයක්.’ නිමල් අයියා විස්තර කරන්නට විය. ඒකෙ දුර්ලභ ගණයේ ඖෂධ පැළෑටි, දුර්ලභ ශාක වර්ග වගේම වෙනත් ප්‍රදේශ වල දක්නට නැති පාෂාණ වර්ගත් තිබෙනවා.”
    “එහෙම වෙන්නෙ කොහොමද? ඒ වනාන්තරයෙ පමණක් එහෙම විශේෂයක් මොකද?” කෝකටත් හොට දමන නාලිනී ඇසුවාය.
    “එවැනි විශේෂ භුමි ලක්ෂණ තිබෙන තැන් අපේ මේ මහ පොළොවේ විවිධ ස්ථානවල තියෙනවා.* නිමල් අයියා මඳක් කල්පනාකාරීව කීවේය. උතුරු ඇමෙරිකාවේ තියෙන පංච මහා විල් ප්‍රදේශ එවැනි එක් තැනක්.

  • -20%
    (0)

    භාවාත්ම

    Rs. 704.00
    විනාඩි කිහිපයක් තුල දෙදෙනාම අතේ තියං හිටපු මල් මාලේ…
    ” දෙවියනේ.. ඒක….. ඒක….. රතු පාට වෙලා….. දෙවියනේ ….. පායල්ට කෑ ගැසුනෙ මහ හඬින්… ඇයට තමන්ව පාලනය කර ගන්නවත් හයියක් තිබුනෙ නැ… සියල්ල දරාගෙන හිටිය පෘථිවිගෙ දෙනෙත් අග කඳුළු කැට බේරුනා.
    ” එහෙම දෙයක් වෙන්න එපා දෙවියනි…” අහිංසකී හඬා වැළපුනා….. පූසාරී තමන්ගෙ යාතිකාව නැවැත්තුවෙ නෑ.. දිගටම කරගෙන ගියා… යාතිකාව අවසන් වෙද්දි එකම එක සුදු මලක් ඉතිරි වෙලා සියලුම මල් රතු පැහැයට හැරිලා තිබුනා… පායල්ගෙ වගේම පෘථිවිගෙ හදවතත් මොහොතකට නතර උනා..
  • -10%
    (0)

    මගේ ආදර අවනඩුව – Mage aadara awanaduwa

    Rs. 1,080.00

    මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප්‍රාකාර හෝරා යන්ත්‍රය සිත් නෙත් සිත් නෙත් සිත් නෙත් හඩ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි. දෙදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන් මෙතැන ගොළුය. පැමිණිලි කුඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය. එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ වීණාවක තත්වලිනි. මා මුව ද ගොළුව ඇත පෙනෙන්නතෙක් මානයෙහි දිය පොදක් නැත එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි, මක්නිසාදයත් අමපැන් ඉල්ලා හළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට තිබේ. මේ පූර්විකාව තවත් දීර්ඝ කො කරමි කිසිදා නොදුටු නාදුන ඔබ දැන් විනිසුරු අසුනට යා යුතුය. එක් ඉල්ලීමක් පමණක් කරමි. මා නිදොස් කොට නිදහස් නොකරන්න එසේ කළ ද සදාකාලික හෘද සිපිරිගෙයක මා සිර වෙමි මෙතැන් සිට මේ ප්‍රේමණිය උසාවිය ඔබට බාරය.

    මේ මගේ ආදර අවනඩුව !

  • -20%
    මගේ කුලුඳුල් පෙම්වතිය
    (0)

    මගේ කුලුඳුල් පෙම්වතිය

    Rs. 1,200.00

    දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්‍රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප්‍රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප්‍රේමය – වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන

    – උපුල් ශාන්ත සන්නස්ගල

  • -20%
    (0)

    මගේ පස්සෙන් එන්න (Follow Me) – MAGE PASSEN ENNA

    Rs. 1,040.00

    ” ජීවක, තව කොච්චර දුර ද?”

    ඉද්ද ගැහුවාක් මෙන් එක්වර ම නැවතුණ තරුණයා පිටුපස හැරි මහා ගැඹුරු ඇස් දෙකෙන් නැවත වරක් තමන් පිටුපසින් ඇවිදගෙන එන තරුණ ගැහැනු ළමයි දෙන්නා දෙස බැලුවේ ය.

    ” ඇයි බය ද? ඉස්සරහ රවුන්ඩ් අබවුට් එකෙන් හැරිල පොඩ්ඩ දුරයි” කියූ ඔහු එසැනින් හැරී නැවතත් දිගු අඩි තබා ඔවුන්ගෙන් ඈත්ව ගමන් කරන්නට විය.

    “මං කිව්වනේ එන්න බෑ කියල. ඇයි මාවත් එක්කන් ආවේ? ” ඔහු පිටුපසින් ඇවිද එන තරුණියක් අනෙකාට කෙඳිරිය.

    “කවුද දන්නේ මෙච්චර ඇවිදින්න වෙයි කියල… කෝකටත් කලබල නොවී අපි බලමු මොකද වෙන්නේ කියල..’ අනෙක් තරුණිය ඇසෙන නැසෙන හඬින් කීවා ය.

    ” අපි මේ ආවේ වැරදි ගමනක්ද? ”

    දිගටි මුහුණක්. සිහින් ඇස් දෙකක්, තියුණු නාසයක් සහ බෙල්ල දක්වා කොට වෙන්නට කපා තිබුණු එතරම් ලකේට නොවැඩුණු කොණ්ඩයක් ද සහිත, තලෙළු සමකින් ද හිමිව තිබු සිත් ගන්නා සුළු පෙනුමකින් යුතු ආරණ්‍යා බාලසූරිය තමන්ගේ සිතෙන් විමසුවාය. “කමක් නෑ නාදුනන කෙනෙක් නෙමෙයිනේ. ගිහින් බලමි ” යි යළි සිතුවා ය.

  • -20%
    (0)

    මරුබිම

    Rs. 1,080.00
    සිංහල පත්තරේක වැඩ කළත්..
    දෙමළ පත්තරේක වැඩ කළත් පත්තරකාරයෙක් විදිහට මං කරන්නේ.. එක ම දේ සුරේෂ්. ඉස්සෙල්ල ම අන්න ඒක.. උඹ තේරුම් ගනිං. මොන පත්තරේ වැඩ කළත් අපි කරන්නේ.. මිනිසුන්ගේ දුක් වේදනා ගැනයි.. මිනිසුන්ට සිද්ධවෙන සමාජ අසාධාරණකම් ගැනයි.. බය නැතුව කතා කරන එක. ඒ දේ කරන්න දෙමළ ජාතිකයෙක් වෙච්චි මං.. දෙමළ පත්තරේක ම වැඩකරන්න ඕනි නෑ.ඒකට ඕනි කරන්නෙ ඒ භාෂා දැනුම විතරයි. නියම පුවත්පත් කලාවේදියෙක් ජාතිවාදියෙක් නෙවෙයි සුරේෂ්. හැම වෙලාවෙ ම එයා මානව හිතවාදියෙක්.
    ඒ වගේ ම.. ජාත්යන්තරවාදියෙක්. අනෙක එයා කාටවත් ඕන
  • -20%
    (0)

    මා

    Rs. 1,040.00

    ජීවිතය මහ පුදුමාකාර දෙයකි.සැලසුම් කාලසටහන් කිසිවක් එයට අදාළ නොවේ.සියල්ල තීරණය කරනු ලබන්නේ එ මොහොත විසිනි.අවසන ශේෂ වනුයේ කලකිරිම් හා පසුතැවීම් පමණි.ඒවාටද නිශ්චිත හේතු කාරණා නොමැත.හේතු සොයන්නට යෑම ද නිශ්ඵලය.ජීවිතය නිදහසේ ගලා යන්නට ඉඩ දිය යුතුය.එය කාන්තාර මෙන්ම කෙම්බිම් පසුකරමින් නන්නාදුනන අන්තයක් සොයා සෙමින් ගලා බසිනු ඇත.එ අන්තය සුඛාන්තයක් ද ඛේදාන්තයක් ද යන්න තීරණය කරනු ලබන්නේ ද එ මොහොත විසින්ය.

  • -20%
    (0)

    මාණික්කාවත

    Rs. 720.00

    “උඹලගේ පඳුරු ගැනිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා… විසේසෙන් කෙල්ලේ උඹ බලවතියක්.ආසාවල් ඇති වෙනවා තමයි. ඒ් උණාට සිහි කල්පනාවට ගනිං,ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලාම ගොයම හොදට පැහෙන කල් ඉන්න ඔ්නි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ .ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු ඒක්කාසු කොරගන්නේ.ඊට කලියෙං කුඹුරට පැනලා දැඟලුවාම මොකෑවෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වෙළේ ඒබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒ්කෙන් පිහදාගෙන ගෙදර යන්න ඇහැකි.හැබැයි උක්කුං කෙල්ලේ,උඹට ඒ්ක ඒහෙම කොරන්න බෑ…

  • -10%
    (0)

    මෞන – Mauna

    Rs. 585.00

    කිසි දිනෙක අසා නොතිබූ අමුතු වචන පෙළක් කාව්‍යා එකදිගට මිමිනුවාය. තිමිරද ඉතා කුතුහලයකින් යුතුව ඒ දෙස බලා සිටියේය. තමා මායාකරුවකු නොවේ නම් මේ කරන්නා වූ වංචාවට දඬුවම මරණය බවත් හොඳින් දැනගත් තිමිර, කාව්‍යා කියන්නා වූ සෑම දෙයම අකුරක් නෑරම සිදුකරන්නට වූයේය. එසේ කිරීමට හේතුව වූයේ මේ ප්‍රශ්නය තමන් ඇති කළ දෙයක් නිසාත් ඇය අද මෙතැන සිටින්නේද තමන් නිසාත් වීම යන හේතු මතය. තමන්ට මියැදෙන්නට සිදු වුවත් අවසන් හුස්ම තෙක් තමන්ගේ කාර්යයට කැපවෙන්නා වූ කාව්‍යාට ආරක්ෂාව සැලසීම ඔහුගේ යුතුකමක් බව ඔහු සිතීය. උරුමයක් පරම්පරාවෙන් ලැබුණද පරම්පරාවේ සියල්ලන්ම මායා කරුවන් වන්නේද නැත. එසේම වර්තමාන පිෆෙක්ස් නායක ක්‍රෙම්ස්ටන්ද මායාකරුවෙකු නොවේ. මරණය වෙත ඇති සම්භාවිතාවය වැඩිය. මේ සියල්ලම තිමිරගේ සිතෙහි රැව් පිලිරැව් දුන්නේය. නමුත් කාව්‍යා කියූ කාරණය එවිට තිමිරට සිහි විය. තමන්ගේ සිත පාලනයට ඉතා වෙහෙසක් දැරූ තිමිර මෞනය බේරාගැනීම යන කාරණය පිළිබඳම සිතමින් බලපාෂාණය මත තම සුරත තබා ගෙනම සිටියේය.

  • -10%
    silvabookshop_lk_ rosa_pata_heenasilvabookshop_lk_ rosa_pata_heena
    (0)

    රෝස පාට හීන

    Rs. 675.00

    ප්රේමය නම් ප්රේමයමයි. ඒක නියම්ද? අනියම්ද? කියන දේ අදාළ නෑ. මගේ දැක්ම අනුව මෙහෙම ප්රේමෙක පැටලෙන වුන් පව්. ඒකට හේතුව තමයි, හොයන දේ නොලැබීම, සතුට තාවකාලික බව දැන දැනත් දුක දෝතින් තුරුලු කර ගැනීම, ආදර රසයට ඇති වුණ කෑදරකම. ඒ නිසා ඒ අය පැටලෙනව මේ පඹ ගාලෙ. මෙහෙම දාර්ශනික වදන් දෙන අපිත් මේ ආදරයේ වින්දිතයො වෙන්න පුළුවන් කියල අමතක කරන්නත් හොඳ නෑ. ආදරය ඒ තරම්ම භයානකයි. ඒක කොතන, කොහොම, කා සමග ඇති වෙනවාද කියල කල් තියා සැලසුම් කරන්න බැ..

  • -20%
    (0)

    වසන්තය නුඹම විය – Wasanthaya Nubama Viya

    Rs. 1,440.00

    බෙහෙත් දාගෙන ඇවිත් යෂ් ආයෙම කමිසෙ මගේ අතින් අරගෙන ඇඳගත්තේ මගේ දිහා අර අමුතු බැල්මෙන් බලාගෙනමයි. ඒ මොන දේ දරාගෙන හිටියත් මට දරාගෙන ඉත්තම බැරි වුණේ ඩොක්ටර් අතට සිරිංජර් එක ගන්නකොටයි. “සර්, මම එළියට යන්නද?” පුත්තලම් බුරුවො දෙන්නෙක්ගෙ වයසට ළං වෙලා හිටියත් එන්නත් වලට තියෙන බය නැති කරගන්න අදටත් මට බෑ. පොඩ්ඩක් එක තැනක ඉන්න බැරිද, ආ…? ඩොක්ටර් ඉන්නවා කියලා බලන්නෙත් නැතුව යෂ් ඒ පාර බණිනවා. “එහෙනම් සර් මම සර්ගේ අතින් අල්ලගන්නද?” මම ඇහුවෙ හිමින්, එන්නත් කටුව දකිද්දි මම මොන සෙල්ලමක් නටයිද කියලා මමම දන්නෙ නෑ. මිස්, බය වෙන්න එපා. මම එයාට රිදෙන්න විදින්නෙ නෑ”. ඒ පාර ඩොක්ටර් සමයං කියවනවා. ඒත් ඉතින් කටක් ඇරලා කියන්නෙ කොහොමද මගේ ඇත්ත තත්වේ.. ඒ වුණාට මට ඩොක්ටර්ව ෂුවර් නෑ මම සර්ව අල්ල ගන්නම්. තැනට සුදුසු විදියට වචනයක් දෙකක් එහෙන් මෙහෙන් දාලා අවසරේ ලැබෙන්නත් කලින්ම මම යෂ්ගෙ අතක එල්ලුණා. ඩොක්ටර් හිනාවෙලා එන්නත අතට ගත්තා නොබලනවාම කියලා හිතාගෙන හිටියත් මගේ ඇස් කෙළින්ම එල්ල වෙලා තිබ්බේ එන්නත දිහාවට බයටද මන්දා මාව ගැහෙනවත් එක්ක. ඒ කටුව ටිකින් ටික යෂ්ගෙ අත සිදුරු කරගෙන ඇතුළට යද්දි මගේ ඇඟම හිරිවැටෙන්න ගන්නා ඊටත් ටික වෙලාවකට පස්සෙ මුළු ලෝකම අඳුරු වෙලා පේන්නෙ නැතුවම ගියා.

  • -10%
    (0)

    වැහි පීල්ලක අතරමංව – Vehi Pillaka Ataramanwa

    Rs. 810.00

    අපි හිටියෙ තෙල් පෝලිමක.
    බයිසිකලේ පෝලිමේ නතර කරලා, මං හිටියෙ තාප්ප හෙවණැලි මුවාවක. බයිසිකල් පෝලිමේ අපිට ඉස්සරහින් බයිසිකලයක් සක්ක ගහන්න ආපු කලිසම් ඇඳ ගත්තු මහත්තයෙක් හූ හඬ මැද්දෙම බයිසිකලේ තල්ලු කරගෙන පිටිපස්සට ගියා. මිනිහ පිට ගමක කෙනෙක්. මේ ගමේම කෙනෙක් උනා නම් කුණුහරුප දෙකක් කියලා කොහොම හරි පෝලිමේ ඉස්සරහට බයිසිකලේ රිංගව ගන්නවා.
    ඒ වෙද්දි වෙලාව හවස දෙක විතර වෙන්න ඇති. ඉර බැහැගෙන යන්න පටන් අරගෙන තිබුණත් ගිනි කාෂ්ඨක අව්ව. පාරෙ තාරත් උණු වෙනවද මන්දා. ඒ අස්සෙ නැගෙනහිර අහසින් වැහි වලාකුළුත් අහසෙ මෝදු වෙන්න පටන් අරන්.

  • -20%
    (0)

    විෂ් – Wish

    Rs. 880.00

    මූසල මීදුම මුළු පරිසරයම වෙළාගෙන තිබුණි. සුදු හා කළු වස්ත්ර හැඳගත් ගැහැනු හා පිරිමි මීදුම් කළුවර අතරින් සුවිසල් මැඳුරින් පිටතට පියමං කළේ දේහය රැගත් වාහනය පිටුපසිනි. මීදුම මැදින් ගලනා සීතල සුළං ධාරාව කියා පෑවේ සොඳුරු යෞවනයකුගේ වියෝව පරිසරයටද දරාගත නොහැකි බවය. වසර ගණනාවක් පුරා සිදු වූ සියලු හැලහැප්පීම් හා රහස් දරාගෙන සුවිසල් මන්දිරයටද නිසලව බලා සිටිනවා හැර කරන්නට වෙනත් යමක් නොතිබුණි. ඒ සුවිසල් මැඳුරේ බිත්තිවලට කතා කළ හැකි නම්, මෙතෙක් කාලයක් පුරාවට වූ මහා ඛේදවාචක නොබියව ලොවට පවසනු ඇත. එහෙත් ඒ වන විට සියල්ල සිදු වී හමාරය

  • -20%
    (0)

    වීනස්

    Rs. 1,040.00
    “මම උඹත් එක්ක විවාහ වෙනවා කෙල්ලේ, දවසක අපි අපිව පිළිගන්න දෙවි කෙනෙක් ළඟට ගිහින් සුදු පාට මගුල් ගවුමක් ඇඳලා විවාහ වෙමු. ඊට පස්සේ මේ වගේ ලස්සන පළාතක පුංචි ගෙයක් හදාගෙන ජීවත් වෙමු”
    මම සිප ගනිද්දී එයා එක දිගටම කියවන්න ගත්තා. හරියට ඒ සේරම එයා ගොඩක් කාලෙක ඉඳන් හිතාගෙන හිටියා වගේ.
    “ඊට පස්සේ”
    මම ඇහැව්වා.
    “ඊට පස්සේ, අපි දරුවෙක්ව හදාගන්න ගමු”
    “මම කළුයි. ඔයා සුදුයි. ඉතින් මොනවගේ දරුවෙක්වද අපි හදාගන්න ගන්නේ?” “ඔයාගේ පාට… මම කැමතියි උඹේ පාටට, මගේ සමන්තාගේ පාටට”
  • -20%
    (0)

    සජ්ඣායනා – Sajjayana

    Rs. 1,560.00

    ළා ඉරේ රැස් කදම්බය පොළොව
    සිප ගත්තේ හරි පරිස්සමට තමාගේ
    පෙම්වතියට සිපගන්න පෙම්වතෙක්
    වගේ. හමන සුළගේ පවා තැවරිලා
    තිබ්බේ අමුතුම සතුටක් නැවුම් බවක්.
    දෝරේ ගලනා ආදරය ඉවුරුතලා
    ඉහිරෙද්දී මින් පෙර කිසිදු දිනෙක
    නොවිඳි මිහිරියාවකින් සිත මන්මත්
    වෙද්දී සඳැසි නොඉවසිල්ලෙන් බලා
    සිටියේ උදෑසනින්ම ඒ අළු දුඹුරු දෑස
    දැක ගන්නයි.
    “මොකො උබේ මූණ වෙනදට
    නැති පාටක් වැටිලා?”

    “ඇයි, අද මගේ මූණ මොන පාටද?”

    ” ඒක තනිකරම ඉතිං පෙම් පාටක්
    වගේ තමයි මට පෙන්නේ”

    “අනේ මේ පලයං යන්න. එහෙම
    පාටක් මම පොඩි කාලේවත් දැකලා
    නෑනෙ. අඩුම ගාණෙ අපේ පාට
    පෙට්ටියකටත්.”

    ” ඔව් ඔව්… ඒවා මේ පොඩි කාලේ
    පේන පාට නෙමේයි නංගි, පොඩක්
    ලොකු වෙලා අළු ගක දාලා ආවට
    පස්සෙ වැටෙන පාටක්.

  • -10%
    (0)

    සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස

    Rs. 1,620.00

    ‘The Seven Moons Of Mooli Almeida කෘතිය විනිශ්චයකරුවන්ගේ විශේෂ අගැයුමට ලක්වූයේ එය ගවේෂණය කරන පරාසයත්, අමුතු, හාස්‍යමය ආඛ්‍යාන ක්‍රමවේදයත් නිසාය.’

    2022 BOOKER PRIZE සම්මානය

    සන්ත්‍රාස සමයක සිර වූ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් සෝපහාස සංග්‍රහයක්.

    1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය. සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි ඔහුට සිහිපත් නොවේ.

    කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ හොල්මන්, අවතාර පමණි.

    මරණින් මතුද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්,ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි සහිත ඡායාරූප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි.

    ජාත්‍යන්තර සම්මානලාභී Chinaman සමග ප්‍රමුඛ ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකු ලෙස පිළිගැනීමට ලක් වූ ශෙහාන් කරුණාතිලක නැවත එන්නේ දශකයකට පසුවය. ඒ අපහසුකාරි ඇත්තක්, මූසල මුඛරිකමක දැවටූ දෙදරා යන කෘතියක් කැටුවයි.

    මුල් පිටපත Chats with The Dead නමින් එළිදැක්විණ

  • -20%
    httpssilvabookshop.lkproductsapthasrayahttpssilvabookshop.lkproductsapthasraya
    (0)

    සප්තාස්‍රය – Sapthasraya

    Rs. 880.00

    තව මොනවහරි ඕනද?”
    පුද්ගලයා ආයෙමත් ඇහුවා.
    “ඕන නම් දෙන්න පුළුවන්ද?”
    “ඔව්…”
    “එහෙනම් යතුර දෙන්න.”
    “මොන යතුරද?”
    “මේ කාමරේ යතුර…
    “මොකටද?”
    “මට ගෙදර යන්න.”
    ඇතිවුණේ පොඩි නිහඬතාවයක්. ඊළඟට කවුළුව වැසි ගියා. අනූගෙ මූණට කවදාවත් නැතුව හිනාවක් ආවා. ඒ තමන් කියපු දේ නිසා මේ පුද්ගලයා අපහසුතාවට පත් වුණා වගේ දැනුණ නිසා වෙන්න ඇති.
    ඇයව නිදහස් කරන්න ඔවුන් සූදානම්
    වුණේ හතර වෙනි දවසෙ.
    එත් එදා යමක් සිදු වුණා
    ඒ සිදුවීම නොවුණා නම්…
    එහෙනම් තමන් එදාම නිදහස් වෙනවා.
    ඒත් තමන් දුටුවෙ ඇත්තක්මද?
    ඒක පිළිගන්න පුළුවන්ද?
    ඇගේ හිත ආයෙමත් නොසන්සුන් වුණා.