-
කර්ම – Karma
Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00.අඹ ගහ පැත්තෙන් ගිරව් රූනක් කියෝ ගන්නවා ඇහුණා. උදේට රැට උන්නෙ කන් කරච්චලේ මහ පුදුමයක් නෙමේ. ඒත් ඉතිං දැන් ඔය කියන උදේවත් රැවත් නෙමේනෙ. මං පැද පැද උන්න ට සර්රෙක පිළිකන්නෙ දාල මිදුලට දිව්වා. අවුරුදු ගාණකින් ගෙඩියක් හැදුන් නැති නාකි අඹ ගහේ තිබ්බ බෙනේක ගිරා පවුලක් උන්නා. පවුලක් කිව්වට පැටවු දෙන්නෙක් රතු හොටවල් එළියට දික්කර කරා ඉන්නවා මං කීප දවසක්ම දැක්කා. අප්පච්චි ලැස්තිය තිවුණෙ නාකි ගහ දරට කපන්න. “බෙනේ ගිරා පැටවු ඉන්නවනේ දැම්ම කපන්න එපා..” අම්මා තමා එහෙම කිව්වේ. මගෙ පොල්පිති ගොනා ඉතර අලි ඔළුවක් තියෙන සුදු කළු වයිරං වැටිච්ච නයෙක් අඹ ගහ දිගේ බඩගානවා. ගිරා රෑන කෑකෝ ගහගෙන වටේට ඉගිළි ඉගිළි ඌට කොටනවා. අපේ ගේ තිබ්බේ වෙල් යායට මුණ දාල. ඔය කබර නයා ඇහැ පේනමානෙ ලියදිවල අව්ව තපිනවා මං අනන්තවත් දැකල තියෙනවා. මෙච්චර කාලෙකට අපි කාටවත් පෙනේ උස්සන තරමෙවත් චණ්ඩිකමක් කරල නෑ. අප්පච්චි කියන්නෙ අඹ ගහ තරමටම ඌටත් දැන් වයසයි කියල. අප්පච්චිත් දැන් මෙතන ඉන්නයි තිබ්බෙ. එහෙනම් බලා ගන්න තිබ්බා නාකියගෙ කෙරුවාව. ඔන්න ඒ ගමන කොහෙද උන්න දෙමළිත්තන් රෑනකුත් ගිරවුන්ට උදව්වට ආවා. කබරයට ඒ පාර නම් ලේසි වෙන්නෑ ඖ. මං හිතුව හරි. එකපාර දෙමළිත්තෙකු ගෙනුයි, ගිරවෙකුගෙනුයි හොටවල් පාර කාපු නාග රාජයා දොහ් ගාල බිමට පත බෑවුණා. “හොඳ වැඩේ උඹට..” මට කියවුණා. අඹ ගහට මෙහායින් නවසි ගහේ බැඳල උන්න කඩියත් හොඳ වැඩේ උඹට කියනවා වගේ දිගටම බුරන්න පටන් ගත්තා. පෙනේ අකුළගත්තු චණ්ඩියා හෙමිහිට ඇළ කණ්ඩිය දිගේ පල්ලම් බැස්සා. ඔය ගියාට මේ පාඩම මතක තියෙන්නෙ ටික වෙලාවයි. මුකුත්ම උනේ නෑ වගේ ලැජ්ජා නැතුව උන්දැ හෙටත් එනවා කියල මංනම් දන්නවා.
-
කැලණිවැලි Express – Kelaniweli express
Original price was: Rs. 850.00.Rs. 680.00Current price is: Rs. 680.00.කොළඹ කොටුව බලා ධාවනය වන සීඝ්රගාමී දුම්රිය තව ස්වල්ප වේලාවකින් පළවෙනි වේදිකාවට ළඟා වනවා ඇත. එම දුම්රිය නවත්වන්නේ කොට්ටාව, පන්නිපිටිය, මහරගම, උඩහමුල්ල නුගේගොඩ, නාරාහේන්පිට, කොටාරෝඩ්, බේස්ලයින්, මරදාන යන දුම්රිය ස්ථානවල පමණි.” කෝච්චි වලට පණ තියෙනවා. කෝච්චියේ එන්ජිමට, පෙට්ටිවලට හුස්ම ගන්න පුළුවන්. අපි හොඳට කන්දීගෙන හිටියොත් ඒ හුස්ම ගන්න සද්දය විතරක් නෙමෙයි නාඩි වැටෙනවත් ඇහෙනවා. ඒක ඒ තරම් සජීවී සහ සංවේදී දෙයක්. මේ කෝච්චියේ පෙට්ටි එකකට එකක් සම්බන්ධ වෙන්නේ නහර වැල්වලින්. ඒ නහර ඇතුළෙ තමයි ලේ දුවන්නේ. පෙට්ටිය උඩින් හම් තට්ටුවක් තියෙනවා. ඒ හම එක එක පාටයි. එතකොට ඒ හමට වැහිලා ඊට යටින් තියෙන මස්වලින් තමයි කෝච්චි පෙට්ටියක් සම්පූර්ණ වෙන්නේ. මස් වලට යටින් තව ඇටකටු එහෙමත් තියෙනවා. එහෙම බලනකොට කෝච්චියක් කියලා කියන්නේ සුවිසල් ජීවියෙකුටයි.
-
ගන්දර කළපුව- Gandara kalapuwa
Original price was: Rs. 1,300.00.Rs. 1,040.00Current price is: Rs. 1,040.00.වැහිබර සවසක, කළුතර ගාලු පාර අද්දර ගඟසිරි හෝටලයට අමුත්තෙකු ගොඩ වැදුණේය. හෝටලය තුළ වැහි අඳුරේ හිඳ සිටි කීප දෙනා මේ අමුත්තා ගැන කිසි වගක් නැතිව තම තමන්ගේ මේස මත වූ මාළු පාන්, පැටිස්. කලට, සීනි බනිස් හෝ කේක් කමින්, තේ බොමින් වල්පල් දෙඩූහ. එක් මේසයක් අසල තනිවම හිඳ සිටි උපසේන, යන්තම් හිස ඔසවා බලා අමුත්තා ගැන වගක් නැතිව තම කාරියේ යෙදුණේය. අමුත්තා උස මහත අයෙකු බවත්, තද පැහැ දිග කබායක් වැනි ඇඳුමක් ඇඳ සිටි බවත් පමණක් උපසේනගේ මනසේ යන්තම් සනිටුහන් විය. එහෙත් මොහොතකින් ඒ සේයාව මතකයේ මැවි මැකී ගොස්, උපසේන යළිත් තම කෙටි ලිපියට සිත යොමු කළේය. මගේ ෆෝන් එකේ චාජ් ඉවරයි. මේ හදිසියෙ කෙටියෙන් ලියන්නෙ. බොස් මාව නව ටිකකින් පික් කරනවා අපයින්මන්ට් එකට කතරගම යන්න.
-
ගෑනු දෙන්නෙක්- Genu dennek
Original price was: Rs. 1,100.00.Rs. 880.00Current price is: Rs. 880.00.මගෙ නම යසෝමා. මං මේ ඉන්නෙ වඳුරාගල රජයෙ ඉස්පිරිතාලෙ. මගෙ එහා ඉන්නවා. මගෙ කුලුඳුල් දරුවා. මීට මාස ගාණකට කලින් බඩ වී පැත්තේ මීට පැය කීපෙකට කලින් හම්බුණ මගෙ කෙල්ල නිදාගෙන දරුවෙක් ඇවිත් කියලා දැනගත්ත වෙලාවේ මට ඕන උනේ ඉපදෙන දරුවා කොල්ලෙක් වෙන්ට. මොකද, මේ ලෝකෙ පිරිමින්ට ජීවත් වෙන්ට පහසුයි කියලා මට හිතිලා තිබ්බා. සමහර විට මං සරි ඇති, සමහර විට වැරදි ඇති. මොක උනත් මට ඕන වෙලා තිබිලට කොල්ලෙක්. ඒත් හැමදාම වගේ මං ඉල්ලපු කිසි දෙයක් හරියට ඉෂ්ට වෙන්නෙ නෑ කියලා තව වතාවක් ඔප්පු කරලා පෙන්නන්ට විදේ මගෙ එහා පැත්තෙන් කහම කහ පාට කෙලි පැටික්කියෙක් පාඩුවේ නිදන් හිටියා. මම ඔළුව උස්සලා ඉස්පිරිතාලෙ කොට බිත්තියෙන් පේන කොරිඩෝව දිහා බැලුවෙ උප්පැන්න කොළේ පුරවන් එන්නත් කියලා එළියට ගිය හේරත් එනවද කියලා. හේරත් කියන්නෙ මගෙ කසාද මනුස්සයා. කසාද කීවට ඒවා කට වචනෙට වෙච්චා මිසක්, කොළවල ලියලා සාක්ෂිකාරයො ඉස්සරහ උන දේවල් නෙවෙයි. එකට ජීවත් වෙන්න කැමති නම් වෙන මිනිස්සුන්ගෙ සාක්ෂි මොකටද කියලයි මං නං හිතුවෙ. කොරිඩෝව දිහා බලන් ඉන්න කොට හේරත් කෙසේ වෙතත් පුංචි අම්මා එනවා නං පෙනුණා. කිරි මැණිකා කියන්නෙ මගෙ පුංචි අම්මා. පුංචි අම්මා කියන්නෙ අම්මගෙ නංගි. මගෙ අම්මගෙ නංගි නෙවෙයි. කිරි මැණිකාගෙ අක්කා වෙච්චි ලොකු මැණිකා ගාවට මාස් අරන් තිබ්බෙ මං මාස හතක වගේ කිරිදරුවෙක් වෙලා උන්නු කාලේ කියලා මට කීවෙත් කිරි මැණිකා පුංචි අම්මම තමා.
















